ලිබියාව දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයට නතුවීමේ ආසන්න අවස්ථාවෙ පවතී. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට මෙසේ ලිබියාවට අතපෙවීමට අවස්ථාව ලැබීමේ ආසන්නතම හේතුන් වූයේ මුලින් ටියුනීසියාවත්, ඉන්ඉක්බිතිව මෙම සුඛිත මුධිත ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල ආශිර්වාදය හා අනුබලය ලැබූ ඊජිප්තුවේ ජනපති හොස්නි මුබාරක් මහතාටත් දැන් ඔහුගේ කල් ඉකුත්වී ඇති බව වටහා ගත් ඇමරිකාව ඔහුගේ නික්මයෑමට අවශ්‍ය පිඹුර පත් සැකසීමට දායක වීමත් සමගයි. එනම් ඒ රැල්ලට ගොස් මැදපෙරදිග කලාපයේ රටවල් ගණනාවක මෝදුවේගෙන පැමිනෙන අවස්ථාවේ 80 දශකයේ රොනල්ඩ් රේගන් පාලන සමයේ සිට ලිබියානු ජනපති මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi) මහතා පරසක්වල යැවීමේ සැලසුමේ හොදම අවස්ථාව මෙය බව, ඔහු බටහිර හා ඇමරිකාව සමග කිසියම් සංහිදියාවක් ඇතිවෙමින් පවතින මොහොතේවුවත් එම මිතුරකම් වලට වඩා ලිබියාව තුල තමන්ට හිතවාදී නායකත්වයක් මෙන්ම ලිබියානු භූමිය පතුලේ ඇති තෙල් සම්පත කෙසේ හෝ හූරා ගැනීමේ සද්කාර්යය ඉටුකර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් බව බලලෝභී පාලකයන්ට, කුරුස යුද්ධයේ නූතන කතාංගය පසුගිය වසර දහය තුල ආරම්භ කර ඇති වේලාවෙම සුදුසු බව වැටහුනි.
ඇමරිකානු-ලෝක ජනපති බැරක් ඔබාමා මහතා ජනපති අපේක්‍ෂකත්වය, හිලරි ක්ලින්ටන් මැතිනියගේ කපටි මෙන්ම මඩ ව්‍යාපාර වලින්ද යුතුවූ ජනපති අපේක්‍ෂක සටනින් දිනා ගැනීමට පෙරාතුවම, මෙම මහතා කළු ජාතික මිශ්‍රනයකින් යුතු වීමද සිය පියාගේ මුස්ලිම් සම්භව්‍යද නිසා වර්ණභේදවාදයෙන් අතීතයේ බහුලව බැටකෑ හා දැන් එළපිට නොවුනත් එයින් අනියමින් බැටකමින් සිටින ඇමරිකානු-අප්‍රිකා කළු ජාතික ජනතාව මෙන්ම ලෝකයේ අපගේ රටවල් වැනි අදුරු සමක් ඇති මිනිසුන්ද, ජෝර්ජ් ඩබ් බුෂ් පාලනය යටතේ කිලෝ ගණන් බර ගුවන් බෝම්බ වලට යටවීමෙන් සහ මෝසම් වැසි වසින්නාක් සේ විනාඩියකට මිසයිල බරගණනකින් මිය පරලොව ගිය ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් ජනතාව පෙරටුකරගත් මැදපෙරදිග හා ලෝකවාසී මුස්ලිම් ජනතාවද බලපොරොත්තුවූයේ ලෝකය පුරා සහජීවනය පැතිරුන සාමකාමී වටපිටාවකි. (මෙහි ඇමරිකානු-ලෝක ජනපති ලෙස හුවා දක්වා ඇත්තේ ඇමරිකානු ජනපතිවරයා ලෝකයටම ජනපතිවරයා ලෙස හැගීයන නිසාය. මන්ද ලෝකයේ රටවල් අතලොස්සක හැර අනෙක් රටවල සිදුවන දේවලට ඇමරිකාවේ අවසරය හා ආශිර්වාදය ලබා ගත යුතු අතරම ඔවුන් අප වෙනුවෙන්ම නියෝජිතයෙකුද පත්කරන බැවිනි. එයට උදාහරණයක් නම් දකුණු ආසියාව පිළිබදව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු පත්කරන නිසාය).
එහෙත් යුදවාදී රිපබ්ලිකන් ජනපතිවරයා වූ ජෝර්ජ් ඩබ් බුෂ් මහතා ගිය දුරටත් වඩා දුර යමින් ලෝක ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමේ ලේබලයද සහිතව බැරක් ඔබාමා මහතා නොනැවතී ඉදිරියට යන බවක් පෙනේ. මන්ද ඔහුට ජනපති පදවි ප්‍රාප්තියට එළඹුන වහාම සිය ධූරයේ කලින් සිටි ජෝර්ජ් ඩබ් බුෂ් මහතා ගෙන ගිය යුදවාදී වැඩ පිළිවල දුෂ්ඨ දෙයක් වූයේ නම් ලෝකයේ බොහෝරටවල් නිහඬව හෝ ආශිර්වාද කල ඇෆ්ගනිස්ථාන යුද්දයෙන් කෙසේවෙතත් සිය හිතමිතුරෙක් මෙන්ම අතීතයේ දෙවන ලෝක යුද්දයේදී බටහිර යුද පෙරමුණ ජර්මනියේ ඉදිරිගමන වැලකීමට ප්‍රවිශ්ඨ වූ ප්‍රංශයේ සහභාගිත්වයද තොරවූ ඉරාකයෙන් සියළු හමුදා ඉවත් කරගැනීමට තිබුනි. එහෙත් එය ඇල් මැරුණ ප්‍රතිපත්තියකින් යුතුවූවාසේම අසල්වැසි ඉරානයටද පහරදිය හැකි හේතු සොයා සොයා සිට පසුගිය කාලයේ එකවරම සිය දීර්ඝකාලීන දකුණු ආසියා මිතුරා වූ පකිස්ථානයටද නොදන්වා ඔවුන්ගේ රටට ඇතුළුව 90 දශකයේ සිට ඇමරිකානු ජනපතිවරුන් වැඩියෙන්ම සිහිනයෙන් පවා බය කලාවූ ඔසමා බින් ලාඩන් ඝාතනයට සියළු බරපැණ යෙදවූහ.
මෙම සාර්ථක ඝාතන ප්‍රයත්නයේදී අවසන් තප්පරයේදී හෝ සියළු මුරකාවල් යොදවා සිය ප්‍රධානම සතුරා හෙවත් පැරණි ඇෆ්ගනිස්ථාන යුද්ද සමයේදී සෝවියට් දේශයට පහර දීම පිණිස ඔවුන්ම නිපදවූ AK-47 අවි වක්‍රමාර්ගිකව අල්කයිඩාව වෙත ලබාදී පෝෂනය කලා වූ දැන් තමන්ගේ අරක්කු තමන්ටම ගහන්නා වැනි ක්‍රියාවක නිරත වන ඔසමා බින් ලාඩන් මරා දැමීමට පෙරාතුව පකිස්ථානය දැනුවත් කිරීමේ හැකියාව තිබුනත් එයට වඩා ඔසමා බින් ලාඩන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම වෙනුවට ඔහු මොනම තත්වය යටතේ හෝ මරාදැමීම සිත් සතුටු කරන්නක් බව ඔවුන් සිතා සිටියා විය යුතුය. තවද එය වඩාත් හොදින් පෙනුනේ එම සියළු ජවනිකා ඇමරිකාවේ ධවල මන්දීරයේ සිට ටෙලිනාට්‍යයක් නරඹන්නාක් වැනි සතුටකින් නරඹමින් සිටි ජනපති ඔබාමා, හිලරි ක්ලින්ටන් හා එරට ප්‍රධානීන් දැකීමෙනි.
කෙසේවෙතත් දැන් ඔබාමා පාලනය තමන්ට අතීතයේ සිට එරෙහි වූ සියළු රාජ්‍යයන්ට මදිනොකියන්නට බැට දෙන්නට සැරසෙන බවක් පෙනීයයි. 90 දශකයේදී බිල් ක්ලින්ටන් මහතාගේ රාජ්‍ය කාලය තුල කියුබාව කෙරේ එතරම් තද ප්‍රතිපත්තියක නොසිටි බවක් පෙනුන අතර වරක් ඔහුගේ දෙවන කාල සමයේදී කියුබාවේ සිට සංක්‍රමණය වූ දරුවෙකු නැවත කියුබාවේ සිට ඔහුගේ පියා ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට දරුවා ලබා දෙන්නට ක්‍රියාකිරීම වැනි දේවල් තුලින් යම් සංහිදයාවක් කෙසේවෙතත් තුවාලය පාරා නොසිටීමේ තත්වයක් වත් පෙනුනි. එසේම ඔහුගේ කාලසීමාවේදී සෝමාලියාවේ සිදුකල අසාර්ථක සාම සාධක මෙහෙයුම, හයිටියේ සිදුකල සාම සාධක මෙහෙයුම, හා වරින්වර ඉරාකයේ උතුරු හා දකුණු ගුවන් කලාප වලදී ඉරාකයට සුළු වශයෙන් එල්ල කල පහර දීම් හා කෝසෝවේ, ස්ලොබොඩාන් මෙලසොචික් ගෙන ගිය වාර්ගික සංහාරය මැඩලීම වෙනුවෙන් NATO ව මෙහෙයවීම හැරුන කොට වෙනත් දරුණු යුද තත්වයන් දක්නට නොලැබින. එහෙත් ඔහුට තමන්ගේම වෙනත් යුද්ද නම් තිබුන බවක් පෙනුන අතර කඩවසම් ක්ලින්ටන් ජනපතිවරයා හා සබදතාවයන් තිබූ කාන්තාවන් රැසක් ගැන ඒ කාලයේ මාධ්‍යවල රසකරමින් පැවති අතර එයින් මොනිකා ලෙවෙන්ස්කි සිද්ධියෙන් සිය පදවිය බේරා ගැනීමට ඔහුට හැකිවීමද විශේෂ වූ කරුණක් වූයේ අවශ්‍ය වූයේ නම් ඔහුගේ ප්‍රතිවාදීන්ට මෙම කරුණ මුල්කරගනිමින් ජනපති පුටුවෙන් ඉවත් කිරීමට හැකියාව තිබුනද එසේ නොකල බැවිනි.
මෙම ලිපියේ මාතෘකාවට අනුව NATO සංවීධානයේ මූලික පරමාර්ථය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපය පුරා සෝවියට දේශය ගෙනගිය සමාජවාදී නතුකර ගැනීම නිසා එයට විරුද්ධ බටහිර රටවලට මෙම සමාජවාදී කදවුරෙන් එල්ල විය හැකි සංග්‍රාමික ව්‍යවසනය එකමුතුව වලකා ගැනීමයි. නැතුව තම කලාපයෙන් පිටත සිදුවන තමන්ට අදාල නොවන සිදුවීම් වලට ඈදෙන්නට හෝ ලිබියානු ගැටළුව වැනි අභ්‍යන්තරයේ හට ගැනුන ගැටළුව ඔවුන්ටම හැකියාවක් ඇතොත් විසදා ගැනීමට ඉඩදී මනුශ්‍ය සංහාරයක් සිදුවීමට යන බව පෙනීයන්නේ නම් පමණක් එක්සත් ජාතින්ගේ සංවිධානය (මෙම සංවිධානය ගැන අපටද ඕනෑතරම් විවේචන ඇතත්, තවමත් අන්තර් ජාතික මට්ටමෙන් යම් පමණකට හෝ මෙවැනි ගැටළුවලට මැදිහත් වීය හැකි යාන්ත්‍රණයක් ඇති සංවිධානයක් ලෙස තිබෙන්නේ මෙපමනකි). ඔස්සේ සාධාරන ක්‍රමවේදයකට එම ගැටළු විසදනවා විනා යටි අරමුණුද පෙරදැරි කරගෙන එහි කැරලිකරුවන්ට අනවශ්‍ය ලෙස ගිණිබලය හෝ මූල්‍යමය සාධකයන් ලබාදී ලෝකයේ හැමෝටම බලපාන අර්බුද නිර්මාණය කිරීම නොවටිනා බව කිවයුතුය.
මීට පෙරද මෙම බ්ලොග් අඩවියේ ලිබියාව ගැන සවිස්තරාත්මක විස්තර කර තිබූ අතර එහිද දක්වා තිබූ ලෙස නූතන ලිබියාවේ එනම් විසිවන සියවසේ ලිබියාවේ මෙම දියුණුවට මුල් තැන ගත් තැනැත්තා අන්කවරෙක් නොව අද එරටින් එලවා දැමීමට හෝ මරාදැමීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආක්‍රමණිකයන් ගත හැකි සියළුම ප්‍රයත්නයන් ගන්නා මුවම්මර් අල් ගඩාෆි වේ. ඔහු ඒකාධිපතියෙකු ලෙස බොහෝ මාධ්‍ය වල කියන අතර ඔහු අන්තර්ජාතික ත්‍රස්තවාදයට අවශ්‍ය මූල්‍යමය සහය දුන් බවටද චෝදනා එල්ලවේ. තවද 1976 දී කොළඹදී පැවති නොබැදි ජාතීන්ගේ සමුළුවටද ගඩාෆි සහභාගී වූ අතර එහිදීද කැපීපෙනෙන චරිතයක් වූ බව පැවසේ.
SRI LANKA. Colombo. Non Aligned Summit. 1976. Libyan Colonel-President Muammar QADDAFI looks at a hostess during a session. |
SRI LANKA. Colombo. Non Aligned Summit. 1976. Libyan Colonel-President Muammar QADDAFI during a press conference. Behind him is his own portrait |
SRI LANKA. Colombo. Non Aligned Summit. 1976. Libyan Colonel-President Muammar QADDAFI, dressed in traditional burnous, makes his speech |
(1976 නොබැදි සමුළුවට අදාල ඡායාරූප http://www.magnumphotos.com/Catalogue/Abbas/1976/SRI-LANKA-Colombo-Non-Aligned-Summit-1976-NN145566.html අඩවියෙන් ලබා ගන්නා ලදි).
තවත් අවධානය යොමුකල යුතු කරුණක් වන්නේ පසුගිය කාලයේ ටියුනීසියාවේ බලය බිදවැටීමක් සිදුවිය දැන් ඒගැන කතාබහක් නොමැති අතර ඊජිප්තුවේ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වී එරට ජනතාවට යම් යහපත් කාලයක් බලාපොරොත්තුවුවත් තවමත් එහි අර්බුද සෑම අතින්ම විසදී නැති අතර එම අර්බුද උත්සන්නව පැවති කාලවකවානුවේ ඇතිවූ ගැටුම් හේතුවෙන් එරට තිබූ පෞරානික කෞතුකවස්තු රැසක්ද විනාශයට පත්විය. ලෝකයේ මෑත අතීතයේ සිදුවූ බලය බිදවැටීම් හෝ පැවති ක්‍රමය වෙනස් වීමෙන් ඒවායේ වෙසෙන ජනතාව බලාපොරොත්තුවූ සංහිදීයාව ඔවුන්ට සෑම විටකම ලැබුනිද යන්න විමසිය යුතු කරුණකි. විසිවන සියවසේ මුලසිටම ගතහොත් රුසියානු විප්ලවය තුලින් එරට ජනතාව සාර් පාලනය තුරන් වී සමානාත්මතාවයකින් යුතු සමාජවාදී පාලන රටාවක් බලාපොරොත්තුවූවත් විප්ලවය සිදූවී ටික කාලයක් යත්ම ඇතිවූ ප්‍රතිවිප්ලව ප්‍රයත්නයත් සමග සිවිල් යුද්ධයක් එරට ඇතිවීමත් 1918 වන විට මෙම විප්ලවයේ සතුරන් සිරගත කිරීමට ගුලාග් කදවුරු වල මුල් ආකෘතිය ඇති කදවුරු ක්‍රමයක් ලෙනින් පාලනය යටතේ බිහිවූ අතර පසුව 1930 පමණ වන විට නිල වශයෙන් ගුලාග් කදවුරු ස්ටාලින් නියමයෙන් ස්ථාපිත කරන ලදහ. මෙම කදවුරු වල සිරගත කල විවිද තරාතිරමේ පුද්ගලයන් බලහත්කාරයෙන් යොදවා විවිද ව්‍යාපෘති සිදුකල අතර එහිදී සිදුවන ජීවිත හානි හෝ ආබාධයන්ට ලක්වීම් කිසිදු තැකීමකට ලක් නොකලහ. මේ පිළිබදවද සවිස්තරාත්මක විස්තර ගුලාග් කදවුරු ලිපිපෙලේ තිබෙන අතර එසේ බලහත් කාරයෙන් මිනිසුන් යොදවා ගෙන සෝවියට් දේශයේ උන්නතිය උදෙසා වූ දැවැන්ත ව්‍යාපෘති සිදුකෙරින. ඉතින් ඒ ආකාරයෙන් ගත් කල සෝවියට් දේශයේ දියුණුවට සමාජ වාදය කෙසේවෙතත් එයට මුවාවී සිදුකල නින්දිත වහල් සේවයනම් ඉවහල් වූ බව කිව හැකිය.
චීනයේද විප්ලවය සිදුවීමෙන් පසු බලාපොරොත්තුවූ වෙනස අත්දැකිමට නොහැකි වූ නිසා 60 දශකයේ සිදුකල සංස්කාතික විප්ලවය හරහාද මෙවැනිම වූ ජනපීඩක තත්වයක් ඇතිවූ අතර වර්තමාන චීනයේ දියුණුවට හේතුව චින විප්ලවය කෙසේවෙතත් 70 දශකයේ අගභාගයේ එරට සුක්කානම අතට ගත් Deng xiaoping මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙල නිසා බව මේ ක්‍ෂෙත්‍රයන්ගේ ප්‍රවීණයන්ගේ මතයයි.
කියුබාවේද විප්ලවයෙන් පසු එරට සිටි ජනතාව බොහෝදෙනෙක් සිය මව්බිම හැරදා අවධානම් සහගත වූවත් ඇමරිකාවට පලාඒමට තැත්කරන්නේ බලාපොරොත්තුවූ සහජීවනය ඇති වී තිබෙන නිසාද යන පැනය මතුවේ.
එසේ වූවත් මෑතකාලයේ ඉන්දුනීසියාවේ ඇතිවූ ජනතා උද්ඝෝෂණ හමුවේ පීඩාකාරී Suharto පාලනය බිද දමා ඊට වඩා යහපත් පාලනයක් ඇති කර ගැනිමට සමත්වූ අතර ඒවාට වෙනත් පිටස්තර බලපෑමක් ඇතිනොවූ නිසා ලිබියාවේ වැනි අර්බුදකාරී තත්වයන් ඇතිනොවීය.
බටහිරි යුරෝපයේ රටවල් රැසක දියුණුව සැලකූ කල මධ්‍යතන යුගයේ අවසාන කාලයේ සිදුවූ කාර්මික විප්ලවයෙන් ලද ප්‍රගමණයත් නාවික බලය දියුණු කර ගැනීමෙන් දුර ඈත මහද්වීප කරා ගොස් ඒවායේ පැවති ඉපැරණි ශිෂ්ඨාචාර ගිණිබලය යොදා අනුකම්පාවිරහිත ලෙස විනාශ කර ඒවායේ තිබූ දුර්ලභ සම්පත් තම රටවලට ගෙනයාමෙන් බවත් කිව හැක්කේ එවැනි ආක්‍රමණිකයන් තිදෙනෙකුගේ පාලනයට 1505 සිට නතුව සිට ලැබූ අත්දැකීම් ඔස්සේය.
ඇමරිකා එක්සත් ජනපදයේ වසර 200 කට යන්තමින් වැඩි ඉතිහාසය තුල ඔවුන් මෙතරම් දියුණුවක් ලැබීමට එක් හේතුවක් වූයේ විවිද දක්‍ෂතා ඇති වෘත්තිකයන් සිය රටට ගෙන්වා ගැනීමට ඔවුන් දැක්වූ ආකර්ශනීය වැඩ පිළිවෙලයි. ඔවුන්ට වැදගත් පුද්ගලයෙකු නම් පෙර වැරදි අමතක කොට වූවත් එය සිදුකරගැනීමට පසුබවට නොවන බව ඔබ රොකට් තාක්‍ෂනය මුලින් සොයා ගත්තේ ඇමරිකානුවන් නොව ජර්මානුවෝයි. යුද්දයෙන් උපන් නිපැයුම් - තෙවන කොටස ලිපිය කියවන ලද්දේ නම් වටහා ගනු ඇත. එසේම සිය සංග්‍රාමික බලය වැඩි කරගැනීම වෙනුවෙන් ඔවුන් ඕනෑම අවධානමක් ගැනීමට සූදානම් බව සුපිරි යුද ශක්තිය උදෙසා දරුණු අත්හදා බැලීම් ලිපියේදී ඔබ දකින්නට ඇත.
හැබැයි ඇමරිකාවේ වැරදි ඇති බව ගතවූ වසර 60-70 තුල උදාහරණ රැසකින් පෙන්විය හැකි අතර ඔවුන් සතුව යහපත් ගුණාංගද නැතුවා නොවේ. ලෝකයේ විවිද ව්‍යාපෘති සදහාද ඔවුන් ආධාර ලබා දී ඇති අතර ඔවුන්ගේ අභ්‍යන්තරික නීති පද්දතියේ ඇති නීතිය පසිදලීමේ විධික්‍රමද විමර්ශනයට ලක් කිරීමට වටිනා අංශයකි.
ලිපියේ අවසාන කොටස කරා පැමිනෙන මෙම මොහොතවන විට පැවසීමට ඇත්තේ තව නොබෝදිනයකින් මෙම ඒකපාර්ශ්වික සටනේ අවසාන ප්‍රතිඵල දැක ගත හැකිවනු ඇත. පසුව නැවත තවත් දේ කතාකරමු.
පසුවදන :
මෙවැනි ලිපි සත් සමුදුරේ දැක ගැනීමට හැකිවන්නේ අඩුවෙන්ම වූවත් කලකට පෙර ලියන්නට සිතා සිටි ලිපියක් මෙම ලිබියානු සිද්ධියේ අවසන් අධියරට පැමිනෙත්ම ලියන්නට සිතුනේ එය ලියන්නට සුදුසු අවස්ථාව මෙය යයි හැගුන නිසාය. මෙවර එය කතුවර මත යන නව නාමය ලෙස ලියවුනත් එය පැරණි තේමාවක් ඔස්සේ ලියවූවක් බව කිවයුතුය. එනම් මීට පෙර ස්වාධීන මත ඇති ලිපි මතිමතාන්තර යන තේමාව යටතේ ලියවී තිබුනත් මින් ඉදිරියට එවැනි ලිපි කතුවර මත යන තේමාව ඔස්සේ ලිවීම වඩාත් කාලෝචිතබව පෙනේ. මෙවැනි ලිපියකින් කාහටවත් පහරදීමේ හෝ වෙනයම් ලාභ අපේක්‍ෂාවක් නොතිබූ අතර සැඟවීමට අනවශ්‍ය කරුණු මධ්‍යස්ථව ඉදිරිපත් කිරීමක් පමණක් බවද පැවසිය යුතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් පක්‍ෂපාතී, අපක්‍ෂපාතී, විරුද්ධ හෝ මධ්‍යස්ථ වැනි ඕනෑම අදහසක් ඔබ තුල ඇති බව දනිමි. ඉතින් එම වටිනා අදහස් හා මඟහැරුන යමක් වේ යයි ඔබට හැගෙන යමක් වේනම් එය කමෙන්ටු ලෙස ඉදිරිපත් කරන ලෙසද ඉල්ලමි. හැබැයි ඒවා පරුශ වචන හෝ අසැබි වදන් වලින් තොර ඒවා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නේ මෙය කියවීමට පාසල් යන වයසේ සොයුරු සොයුරියන් හා කාන්තා පාර්ශවයද සිටින නිසා ඔවුන් අපහසුතාවයට ලක් නොවීමට වගබලා ගතයුතු නිසා බවද මතක් කරමි...
ලිපියේ අවසාන කොටස කරා පැමිනෙන මෙම මොහොතවන විට පැවසීමට ඇත්තේ තව නොබෝදිනයකින් මෙම ඒකපාර්ශ්වික සටනේ අවසාන ප්‍රතිඵල දැක ගත හැකිවනු ඇත. පසුව නැවත තවත් දේ කතාකරමු.
පසුවදන :
මෙවැනි ලිපි සත් සමුදුරේ දැක ගැනීමට හැකිවන්නේ අඩුවෙන්ම වූවත් කලකට පෙර ලියන්නට සිතා සිටි ලිපියක් මෙම ලිබියානු සිද්ධියේ අවසන් අධියරට පැමිනෙත්ම ලියන්නට සිතුනේ එය ලියන්නට සුදුසු අවස්ථාව මෙය යයි හැගුන නිසාය. මෙවර එය කතුවර මත යන නව නාමය ලෙස ලියවුනත් එය පැරණි තේමාවක් ඔස්සේ ලියවූවක් බව කිවයුතුය. එනම් මීට පෙර ස්වාධීන මත ඇති ලිපි මතිමතාන්තර යන තේමාව යටතේ ලියවී තිබුනත් මින් ඉදිරියට එවැනි ලිපි කතුවර මත යන තේමාව ඔස්සේ ලිවීම වඩාත් කාලෝචිතබව පෙනේ. මෙවැනි ලිපියකින් කාහටවත් පහරදීමේ හෝ වෙනයම් ලාභ අපේක්‍ෂාවක් නොතිබූ අතර සැඟවීමට අනවශ්‍ය කරුණු මධ්‍යස්ථව ඉදිරිපත් කිරීමක් පමණක් බවද පැවසිය යුතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් පක්‍ෂපාතී, අපක්‍ෂපාතී, විරුද්ධ හෝ මධ්‍යස්ථ වැනි ඕනෑම අදහසක් ඔබ තුල ඇති බව දනිමි. ඉතින් එම වටිනා අදහස් හා මඟහැරුන යමක් වේ යයි ඔබට හැගෙන යමක් වේනම් එය කමෙන්ටු ලෙස ඉදිරිපත් කරන ලෙසද ඉල්ලමි. හැබැයි ඒවා පරුශ වචන හෝ අසැබි වදන් වලින් තොර ඒවා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නේ මෙය කියවීමට පාසල් යන වයසේ සොයුරු සොයුරියන් හා කාන්තා පාර්ශවයද සිටින නිසා ඔවුන් අපහසුතාවයට ලක් නොවීමට වගබලා ගතයුතු නිසා බවද මතක් කරමි...
වෙලාව අරගෙන කියවන්න ඕන ලිපියක්.... කියවලම කොමෙන්ට් එකක් දාන්නම්කො... සහෝදරයා කරන වැඩේ නම් බොහොම අගෙයි..... කොවුර් ගැනත් ලිව්ව එකේ පුළුවන් නම් කාලින අවශ්ෂතාවය සලකල මිත්‍යා විස්වාස මිත්‍යා ඇදහිලි ගැනත් ටිකක් ලියන්න....
ReplyDelete@Soda ගුනේ - ස්තූතියි! සහෝ, ඔයා මිත්‍යා විශ්වාස ගැන ලියන්න කිව්ව එක දැක්කත් එක්කම ඒකට ඕන කරුණු හිතට එනවා වගේ දැනෙනවා. එහෙනම් අපි ඒ ගැනත් ලියන්න බලමු...
ReplyDeleteකියලා වැඩක් නෑ , නඩුත් හාමුදුරුවොන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ......... හැබැයි මේ වතාවෙත් අර කලින් වතාවෙ මොහොමඩ් මොසාඩෙක් එල්ලලා ශා රජු ගෙනල්ල නෑවා වගේ කර ගනීද කියන්න ත් බෑ
ReplyDeleteසත්සමුදුර කියන්නෙ දැනුම් සම්භාරයක්....
ReplyDeleteඅවංකවවම ඔබේ බ්ලොග් එක නම් සිංහල බ්ලොග් වලට එක් කරන්නෙ පුදුම වටිනා කමක්. ඔබ අප වෙනුවෙන් වැය කරන කාලයට අපි සදා ණයගැතියි.
ඉතා අනර්ග ලිපියක් දිනේෂ් . ඇමරිකාවේ හොඳ වගේම මේවගේ පොලිස්කාර වැඩත් තියෙනවා . බල තුලනයක් නැතිකම . ඉස්සර රුසියාව බලවත් කාලේ දෙන්නට දෙන්න පොඩි කන්ට්‍රෝල් එකක් තිබුන .
ReplyDeleteනියම ලිපියක් සහෝදරයා .. හැමදාමත් වගේ අදත් ඔබේ ලිපිය කියෙවුවා .. මුද්‍රණය කරලා තියාගන්න වටින ලිපියක් මේක ..
ReplyDeleteආ .. ඔයාගේ කූලින් ෆෑන් එකේ සද්දේ නැති කරන හැටි ගැන තිබුනු පෝස්ට් එක නිසා මම අද මගේ පරිගණකයේ සඳ්දේ අඩු කරගත්තා ..
ස්තූතියි මේ තරම් වැදගත් ලිපි ලියනවාට ..
හරිම වැදගත් ලිපියක් , අපට පහසුවෙන් කියවන්නට මෙතරම් සරළව මෙවන් ලිපියක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙන්ම මේ ලිපිය වෙනුවෙන් කරුණු රැස් කරන්නට වූ වෙහෙස වෙනුවෙනුත් ස්තුතියි
ReplyDeleteඅර කතාවක් තියනවා 'ඔවුන් ඉහල ගෙඩර පිරිස මරා දමා ඇති බව මට දැන ගන්නට ලැබිනි...මා නිහඬව සිටියේ ඔවුන් අප හා එතරම් සුහද නොවු නිසා..ටික ඩිනකට පසු පහල ගෙඩර අයටද කරදරයක් වී ඇති බව ආර්ංචි විය..ඔවුන් කතෝලිකයින් වූ නිසා මා ඔලුවා දාන්නට ගියේ නැත...අල්ලපු ගෙදර අයටඩ ඊයේ කරදරයක් වී ටිබුන මුත් මා ඒ පැත්තටවත් නොගියේ ඔවුන්මුස්ලිම් වරු නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවේ යැයි බියෙන්...අද ඔවුන් මගේ දොරට ටට්‍ටු කරයි...මගේ උදවුවට කවුරුත් නැත...මන්ද ඔවුන් මට උදවු කරන්න සිටි සියලු දෙනා මරා දමා ඇති නිසා!
ReplyDeleteඕක තමා කවද හරි අපිටත් වෙන්නේ!බටහිර අධිරාජ්්‍යවාදීන්ට ස්වෛරී රටකට බය නැතුව අත තියන්න පුලුවන් උනේ කොහොමද???ඒ අපි හා අනෙක් රටවල නිහඬබවේ හයියෙන්!පැහැදිලිවම ඔවුන්ගේ ඒ බලය පෙරදිගට මාරු කිරීම කාලීන අවශ්්‍යතාවයක්!චීනය,ඉන්දියාව,ඉරානය යන රටවල් එකා බද්ද වීම ඉතා වැදගත්!
මේ විදිහේ ලිපි ලියන එක හුඟක් වැදගත්. ඉස්සරහටත් මේ විදිහේ ලිපි ටිකක් දාන්න.
ReplyDeletewadagath lipiyak bohoma satutui...........
ReplyDeleteහැමදාම වගේ වැදගත් වෙනස් මාතෘකා ඔස්සේ අදහස් හා දැනුම සරල බසින් සටහන් කරන ඔබට ස්තුතියි. මම මෙම ලිපිය අගය කරමි!
ReplyDelete@sameera,Luckey, Bindi, හිස් අහස, මහේෂ් නිශාන්ත,Sabith, උදාර, indika dissanayake, Hasi - ස්තූතියි! මේ ලිපිය නම් හදන්න වෙනදා තරම් මහන්සියක් වෙන්න සිදුවුනේ නැහැ. මොකද ලියන්න ඕන ඒවා හිතේ කාලයක් තිස්සේ තිබුන දේවල් නිසා අවශ්‍ය වුනේ ඒ සිදුවීම් සිදුවුන කාලසීමා නිවැරදිදැයි සෙවීමත්, අවශ්‍ය පින්තූර සොයාගැනීමත් පමණයි. ඇත්තෙන්ම මේ වගේ කරුණු කාරණා සිතේ ඇතිවීමට මුල්වූ සමුදුර හා ඉරිදා ලක්බිම පුවත්පතටත්, කාලෙකට පෙර නොවරවාහ කියවූ මනහර, මුතුහර හා සිව්දෙස වැනි සඟරාවලටත් Discovery හා History වැනි රූපවාහිනී නාලිකාවල වැඩසටහන් වලටත් ස්තූතිවන්ත විය යුතුයයි සිතමි...
ReplyDeleteචේ ගුවේරා,ලෙනින්,මා ඕ සේතුන්,හෝ චි මින්.. නැවත පැමිනිය යුතු කාලයක් මේක..
ReplyDeleteහොඳ ලිපියක්
ReplyDeleteගඩාපි ඈරුනාම අප්‍රිකානු හා මෑදපෙරදිග රටවලබලයෙන් පහකෙරුනු අනික් දෙදෙනාම හොඳ ඈමරිකන් රූකඩ දෙකක්.(බෙන් අලී හා මුබාරක්
)ඊට අමතරව තාමත් ගෑටුම් පවතින සිරියාවේ නයකයත් ඈමරිකන් ගෑත්තෙක්.කොටින්ම පොර තාම බලය අල්ලන් ඉන්නේ උග්‍ර ඈමරිකන් අතකොලුවක් වෙන සව්දියේ හමුදාවේ පිහිටෙන්.
ඵ් අනුව බලනකොට මේ සටන් සියල්ල ඈමරුකන් රූකඩ කියන්න බෑ.ඈත්තෙන්ම මේවා අදිරාජ්ය විරෝදී සටන්.ලිබියවෙදි ඈමරිකව සූක්ශමව වෑඩේ කනපිට ගෑහෑව්වා.
I like your blogs. I found this unexpectedly. Now I am reading every time and I read old lattes also.
ReplyDeleteYou are doing best service to all of us. If you can pls.open a page in FB. Then most of wevers getting advantage.
Cheers you hard work my bro... keep it up.