මෙවරත් කියන්නට යන්නේ නීති ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ පොතක් පිළිබදවයි. මෙම පොතේ නම් තමයි. ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාව සහ එහි තේමාව ලෙස දක්වා තිබෙන්නේ ක්‍රි.පූ. රාවණා යුගයේ සිට විසිඑක්වැනි සියවස දක්වා... මෙම පොතේ කතුවර මහතා තමයි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ආරියසේන එදිරිවීර මහත්මයා.
පර්යේෂනාත්මක ග්‍රන්ථයක් වූ මෙහි ඒ මහතා රාවණා යුගයේ සිට මෑත කාලවකවානුවක් දක්වා අප රටේ බන්ධනාගාර ව්‍යුවහය හා සම්බන්ධව ඒ ඒ රජවරුන් යුක්තිය පසිදලීම පිණිස ගන්නා ලද විවිද ක්‍රියා මාර්ගයන් වගේම පසුකාලීනව බටහිර පාලනයට අප රට නතුවූ පසු අතීතයේ පැවති ක්‍රම වෙනස් වී රෝම-ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියට අනුව එය වෙනස් වූ ආකාරයත් කියා තිබෙනවා. එතරම් විශාල නොවන මෙම පොතේ විශේෂයෙන් දක්වා තිබෙන්නේ සිංහල රාජ්‍ය සමයන්හි සහ එළාර, කාලිංඝ මාඝ වැනි විජාතික රජවරුන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කල ආකාරයයි.
පොතේ අන්තර්ගතය සුළුවෙන් විස්තර කරන්නේ නම්, එතරම් කෲරත්වයක් නොතිබූ දඩුවම් ක්‍රමයක් තිබූ ලංකාවේ එම තත්වය කැළනි තිස්ස රජු සමයේ වෙනස් වූ බවත්, රහතන් වහන්සේ නමක් උණුතෙල් කටාරමක ගිල්වා මරාදැමීමට තරම් සැහැසි වූ බව මෙන්ම, මුගලන් හෙවත් කාශ්‍යප රජුගේ සොහොයුරා, කාශ්‍යප රජු පරාජය කිරීමෙන් පසු එතෙක් නොතිබූ පවුල් පිටින් දඩුවම් දී මරාදැමීමේ ක්‍රමයක් ඇරඹූ බවද මෙම පොතේ සදහන් කරුණු අතරින් කැපී පෙනෙන බවද කිවයුතුයි. එසේම එළාර රජු විසින් වරදක් කලේ කවෙරෙකු වුවත් දඩුවම් දීමේ ප්‍රතිපත්තිය තුල විචාරශීලී බවක් නොතිබූ බවද මෙහි සදහන් කර තිබේ. මෙම අවස්ථා භාරතීය ආභාශය අනුව සිදුකල දඩුවම් ක්‍රම බවද මෙහි සදහන් වේ.
තවද මෙම පොතෙන් අපගේ රටේ ඉතිහාසය තුල බහුලව කතා නොවෙන සැගවී ඇති කරුණු රැසක්ද තිබෙන බව කිව හැක. බටහිර ජාතීන්ට යටත්වීම කිසිසේත්ම අනුමත කල නොහැකි වූවක් මෙන්ම පෘතුගීසි පාලනය අප රටට ඉමහත් ලෙස අහිතකර බලපෑමක් ගෙන දුන්නක් වූ අතරම ලන්දේසි පාලනය තුල තිබූ ඇතැම් අංග මෙන්ම ඉංග්‍රීසි පාලනයෙන් පසු රටේ පාරම්පරික ප්‍රභූ පැලැන්තියට කෙසේවෙතත් සාමාන්‍ය ජනතාවට නම් යම් අස්වැසිල්ලක් ලැබී තිබෙන බවක් පෙනේ. මන්ද ඉංග්‍රීසි කිරීටයට නතුවීමේ ගිවිසුම වන 1815 ගිවිසුමට අනුව කෲර වදහිංසා පැමිණ වීම තහනම් කල බවද, එතෙක් පැවති අංගඡේදනය (අත් පා කැපීම) , නොමරා ශරීරයේ වෙනත් අවයව සිදලීම වැනි දඩුවම්ද තහනම් කොට තිබේ.
එසේම අතීතයේ පැවතී විද්‍යාත්මක සාක්‍ෂි විමසීමකින් තොර අහඹුලෙස නැතහොත් යම් සම්භාවිතාවයක් මත චූදිතයා නිර්ණය කිරීමේ ක්‍රියාපටිපාටියද අවලංගු වී ඇති බව මෙහි සදහන්ය. අතිතයේ චුදිතයා සෙවීමට නයෙකු සහ රිදී කාසි දැමු මල්ලකට හෝ පෙට්ටියකට අතදමා එහි කාසි ගන්නට සලස්වා නයා දෂ්ඨකර තිබේ නම් චූදිතයා ලෙසද නැත්නම් නිර්දෝශීවීමට යම් හේතුවක් ලෙසද එදා සලකා තිබේ. එසේම නටන උණූ තෙල් තාච්චියකට සුලැගිල්ල හෝ මාපට ඇගිල්ල තෙවරක් දැමීමට සලස්වා ඉන්පසු එම ඇගිල්ල ගොම දිය බදුනකට දමා එය පිළිස්සීම හෝ නොතිබීම මත චූදිතයා නිර්ණය කිරීමට සැලැස්වීම වැනි ක්‍රියා මාර්ග අතීත ශ්‍රී විභූතියේ සියළුම අංග නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට කැසකවන අයට දෙවරක් සිතීමට හොද කාරණයකි. එසේම එදා විශේෂයෙන් නුවර යුගය වන විට බලහත්කාරයෙන් පාපොච්ඡාරණ ලබා ගැනීම පිණිස ගිණියම් යකඩයක් පුළුස්සා රැයක් පුරා දඬුකදේ දමා සිටීම, සැකකරුගේ නිය අස්සෙන් යකඩ කූරු දමා පාපොච්ඡාරණ ලබා ගැනීමට උත්සහ දැරීම මෙන්ම පියවර හතක් ගිණියම් කල යකඩයක් අතින් ගෙන පියමැනීම වැනි ක්‍රමවේදයන් ගේ චිරස්චීනභාවය මෙන්ම මිනිසුන් කොතෙක් අතීතයට පෙම් බැද එහිම ජීවත්වූවත් එහි අදුරුපැත්තද නොදැකීමට හොද සාක්‍ෂියක් ලබා ගැනීමට මෙවැනි සැඟවුන කාරණා ඇතුලත් ඉතිහාස පොත් වටිනාකමකින් යුක්තය.
තවද අපේ දේ පහත් කොට කතා කිරීමක් මෙම ලිපියෙන් කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර මෙම පොතෙන් කතා කරන්නේ වෙනත් ක්‍ෂෙත්‍රයක් පිළිබදව වුවත් අප පිටස්තර ලෝකයට බැණ අඩගැසීම සෑම විටකම කරනවා වෙනුවට අපගේ මානුෂික ගුණාංගයන් වර්ධනය කර ගැනීමට මොන සංස්කෘතියෙන් වූවත් හොද දේ අපගේ සංස්කෘතියට හෝ සමාජ ව්‍යුවහයට ඇතුලත් කරගත යුතු බවද මෙවැනි පොත් කියවූ පසු හැගේ.
මෙම පොත කතෘ ප්‍රකාශනයක් වන අතර 2004 ප්‍රථම මුද්‍රණයට අනුව එහි මිල රු.350/= කි.
ISBN අංකය - ISBN 955-98985-0-X
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
දිනේශ්,
ReplyDeleteමට නම් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා ඔබ මෙය පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස හැඳින්වීම පිළිබඳව.....
රාවණා, ඒ වගේම කැළණිතිස්ස කියන්නෙ ජනප්‍රවාද පමණයි.
වඩා සුදුසු අපේ ජනප්‍රවාද වල සඳහන් දඬුවම් ක්‍රම සහ යුක්තිය පසිඳලීම වර්තමානය දක්වා වැනි මාතෘකාවක් කියලයි මට නම් හැඟෙන්නෙ,
@Ravi - පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස හැදින්‍වීමේ වරදක් නම් මට පෙනෙන්නේ නැහැ. මන්ද එක් කාරණයක් තමයි කතුවරයා විසින්ම සිය ග්‍රන්ථය පර්යේෂනාත්මක කෘතියක් ලෙස නම් කර තිබීම. එසේම මෙහි එන කරුණු ජනප්‍රවාදයේ පොදුවේ එන කරුණුම පමණක් නොවෙයි. කිසියම් වූ පර්යේෂණ කාර්යයක නියැලීමෙන් තමයි පොදුජන ඇසුරෙන් ගිලිහුන හෝ සැඟවී ඇති කරුණු සෙවිය යුත්තේ. එනිසා මෙය පර්යේෂනාත්මක කෘතියක් ලෙස හැදින්‍වීමේ වරදක් නැති බවයි මගේ නම් අදහස. කෙසේවෙතත් මගේ නිර්ණායකවල වරදක් වේ නම් ඒ ගැන ප්‍රවීණත්වය ඇති අයෙක් කරුණු දක්වන මෙන්ද ඉල්ලනවා. අනෙක තමයි රාවණා කතා පුවත නම් ඉන්දියාවේ විසූ වාල්මිකී විසින් රචිත බව රහසක් නොවෙයි. එනිසා එය ඇතැම් අය පුරාවෘත්තයක් ලෙස පමණක් නැත්නම් ජනප්‍රවාදයේ එන සංසිද්ධියක් ලෙස පමණක් හදුන්වද්දී තවත් පාර්ශ්වයක් එය ඓතිහාසික සත්‍ය සිදුවීමක් ලෙසද මෙම දෙකටම නැති පාර්ශවය මධ්‍යස්ථ තැනකද රැදී සිටියි. කෙසේවෙතත් ඉන්දියාව පැත්තෙන් නම් මෙය සලකන්නේ හුදෙක් කල්පිත සංසිද්ධියකට වඩා සත්‍ය සිදුවීමක් ලෙසයි. නමුත් කැළණිතිස්ස කතා පුවත මනංකල්පිත සිදුවීමක් නැතහොත් මහාවංශය වැනි ඉතිහාස කෘතිවල අතිශෝක්තියෙන් මැවූ කරුණක් පමණක් බවට ඔබසතුව සාක්‍ෂි තිබේද? කරුණාකර එවැන්නක් සොයාගත හැකි නම් මා වෙතද දන්වා සිටින මෙන් ඉල්ලා සිටින අතර එසේ වුවහොත් මා දරණ මතයේද යාවත්කාලීනබව ඇති කර ගත හැකි අතර පොතේ කතුවරයාට අනුව නම් කැළනිතිස්ස රජු සජීවී චරිතයක් වන අතර මෙවැනි දඩුවමක් පැනවූ බවද ඔහුගේ විශ්වාසයයි. කරුණාකර ඒ ගැන සත්‍ය ලෙසම දැන ගැනීමට මෙම පොතේ පිටු අංක 27-28 බලන්න...
ReplyDeleteස්තුතියි..පොත කියවන්න ඕන කියල අදහසක් ආව..
ReplyDeleteඒ කියන්නෙ ඔයාගෙ ලිපිය සාර්ථකයි!
ලොකු සයිස් ගජබින්න අලංකාරයක් වගේ පේන්නෙ...
ReplyDeleteරවී, කැලණිතිස්ස ජනප්‍රවාදයක් නම්, එයාගේ මුණුපුරා වෙච්ච දුටු ගැමුණුත් ජනප්‍රවාදයක් වෙන්ඩ ඕන.. ඔයාගේ අදහස එහෙමද ? මමනම් හිතන්නේ මහාවංශයේ සමහර කරුණු අතිශෝක්තියෙන් දක්වල තිබුනට.. රජ වරුන්ගේ විස්තර නම් ඇත්ත වෙන්ඩ ඕන..
ReplyDeleteරාවණා උනත් නිකම්ම ජනප්‍රවාදයක් කියල අහක දාන්ඩ බෑ මහේ හිතේ..
මේකත් කියවල බලන්ඩ... මමත් තාම ඕක කියවනවා මේ දවස්වල..
http://helayuhgaya.netau.net/index1.htm
හොයාගෙන කියවන්න තරම් වටින පොතක් වගෙයි.මෙය පර්යේෂණ ග්‍රන්ථයක් ද නැද්ද යන කාරණයටත් වචනයක් එකතු කරන්න කැමතියි. යම් සිදුවීමක් ඉතිහාසගත ජනප්‍රවාදයක් වුණත් අදාළ කරුණු කාරණාවන් පිළිබඳව ග්‍රන්ථයේ කතුවරයා නිවැරදි දත්ත තොරතුරු සොයා ගැනීමට නම් පර්යේෂණයක නියැලිය යුතු වේ. කතුවරයා තම කෘතිය පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා ඇත්තේ එබැවින් විය යුතුයි. කෙසේ වෙතත් අද වන විට සමහරුන් මෙම ලේබලය තම කෘතිය විකුණා ගැනීමේ උපායක් වශයෙන් ද යොදා ගනු ලබන බවක් දක්නට ලැබේ.
ReplyDeleteවැරැද්ද මගේ.....පොත ගැන අදහසක් පළකිරීමට පෙර එය අනිවාර්යයෙන් කියවිය යුතුයි....
ReplyDeleteඑහෙත් මගේ තර්කය තවම වලංගුයි....මෙය පර්යේෂණ ග්‍රන්ථයක් වීමට නම් කතුවරයා මුලින් රාවණ යුගය යනු ඓතිහාසික සංසිද්ධියක් බව කරුණු සහිතව සනාථ කල යුතුයි.
පොත නොකියවා තවදුරටත් අදහස් දැක්වීම වරදක් බැවින් ඉන් වැළකෙමි.
කියවන්න ඕන . ඔන්න බලන්න අපි අපේ ඉතිහාසය අමතක කරලා නැහැ . කව්ද කියන්නේ අපි අපේ දේවල් ගණන් ගන්නේ නැහැ කියල . නුවර යුගයේ තිබ්බ දඬුවම් ගැන දැක්කම මට වෙන යුගයක් පෙනී නොපෙනී ගියා .
ReplyDeleteමෙබඳු වටිනා දේ අපි ළඟටම ගෙනත් දෙන ඔබේ මේ උත්සාහය අගය කරමි
ReplyDeleteසැප්තැම්බර් 17 වන දින සිට ජ්‍යාත්යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මිලදී ගැනීමට හොඳ පොත් සොයමින් සිටින අපට ඔබගේ මේ මග පෙන්වීම ඉතා වටිනවා. හැකිනම් 17 වනදාට පෙර තව වටිනා පොත් කිහිපයක් මේලෙස පෙන්වා දිය හැකිනම් ඉතා අගේකොට සලකමු. ඔබගේ මේ සමාජ සේවයට බොහෝ ස්තුතියි.
ReplyDelete@indi - ගජබින්නය මොන කොටසදැයි පැවසුවහොත් එයට සාධාරණ පිළිතුරක් දිය හැකිය...
ReplyDelete@Senna - ඔබ කියන දේට මමත් එකඟවෙනවා. මෙම පැරණි සංසිද්ධීන් ගැන ගැඹුරින් හැදෑරීමක් නොකර එක් වරම මේවා බැහැර කිරීම කල නොහැකි බව තමයි මගෙත් මතය...
ReplyDelete@උදාර සහ රවී - මෙම සංවාදය ගොඩනැගීමට අවශ්‍ය සියළුම කාරණා උදාරගේ අදහස තුල තිබේ. රවී කරුණාකර උදාරගේ මෙම අදහස අධ්‍යයනය කරන්න. ඒවගේම රවී ඔබගේ නිහතමානී බව පිළිබදවද අගය කරමි...
ReplyDelete@Bindi - නුවර යුගය වන විට මෙම දඩුවම් ක්‍රම තවත් කුරිරු වුනා දැයි සිතෙනවා. මෙම පොතේ මේ පිළිබදව තවත් විස්තර අන්තර්ගතයි...
ReplyDelete@මහේෂ් නිශාන්ත සහ Nirmala - ස්තූතියි! ඔබලා නොකියවන ලද හොද පොත් ඇත්නම් ඒ ගැන දැනුවත් කිරීමත් මෙම ලිපි මාලාවේ අරමුණක්. Nirmala ඔබගේ ඉල්ලීම මම හැකි පමණින් ඉටුකරමි. ඉදිරි දින වලදී ඔබගේ පොත් ලබා ගැනීම පහසු කර ගැනීම පහසු කරන් පිණිස තවත් පොත් කිහිපයකම තොරතුරු ගෙන එන්නම්...
ReplyDeleteඋග්‍ර රාවනා වාදියෙකුවන ඔබ රආවනාගේ දඬුවම් ක්‍රම ගැනත් දන්නවාද?
ReplyDelete