Monday, August 8, 2011

පොත් කියවන්න කැමති අයට වගේම සමාජ විද්‍යාත්මක දේවල් හොයන අයට මෙන්න පොතක් - ජන විවිදත්වය

පොත් ගුල්ලන් ගැන සිතා අළුත් තේමාවත් ආරම්භ කරන්න සිතුනා (හැබැයි මමත් මේ කියන ‍පොත් ගුල්ලෙක් තමයි). මමනම් හිතට අල්ලන ඕනම දෙයක් කියවන කෙනෙක්. මේ දේ කියවනවා කියවනවා හෝ නොකියවනවා කියා සීමා මායිම් නම් නැහැ. ‍පසුගිය දිනක මා පුස්තකාලයෙන් අරගෙන කියවපු පොතක් තමයි. ජන විවිදත්වය කියන පොත. මේක ඇත්තටම ඊට පෙර රාවය පුවත්පතේ ලිපි ලෙස පල කරල පසුව පොතක් ලෙස සියල්ල එක් කරන ලද බව තමයි මතක හැටියට පොතේ සදහන් වෙලා තිබුනේ. මේ පොත ලියන ලද ලේඛක මහත්වරු මේ ජනකොට්ඨාශ ගැන ගවේෂනය කරල තමයි ලියල තියෙන්නේ. ඉතින් මේ පොතේ තේමාව විදියට කියන ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම් වල සම්භව්‍ය, පරිනාමය හා වත්මන් දිවිසැරිය පිළිබද පැතිකඩක් ආකාරයටම අපේ රටේ අපි නොදන්නා ජනවර්ග ගැන මෙන්ම දන්නා ජනවර්ගවල සැඟවුන තොරතුරු රාශියක්ම මේ පොතෙන් මම නම් දැනගත්තා කියල නොසඟවාම කියන්න පුළුවන්. ඉතින් මේ නොමි‍ලයේ වෙළද ප්‍රචාරණයක් එහෙම දෙනවා කියල හිතන්න එපා. පොත හොදයි කියල හිතුන නිසා ඔබත් මේ වනතෙක් ඒ පොත කියවලා නැත්නම් හා මේ විශය ගැන කැමැත්තක් තියෙන කෙනෙක් නම් කියෙව්වට වරදක් නැහැ.

තව දෙයක් කියන්න ඕන. ඒ තමයි විවිද ආයතන වල වාර්ශික වාර්තාවල අපේ ‍රටේ මේ මේ සංවර්ධනය ඉලක්කම් වලින් පෙන්නුවට මේ වගේ පොතක් කියෙව්වා නම් තෙරේයි අපේ රටේ මිනිස්සු බොහෝමයක් තමන්ගේ ජීවිතය ගෙනියන්න ගෙනියන සටන වගේම රටේ තවමත් තියෙන් හනමිටි අදහස් නිසා ඒ මිනිස්සු කොච්චර සමාජයෙන් බැටකනවද කියන එකත් ගැන.

10 comments:

  1. ස්තුතියි ඔත්තුවට . පොත් ලබාගැනීමේ අපහසුව තමයි ඉතින්. පත්තර වල විටින් විට කියවල තිබුනට පොතක් ලෙස පිළිවෙලක ට තියෙනවා නම් හොඳ තමයි

    ReplyDelete
  2. ස්තුතියි...
    සහෝ පුලුවන්නම් පොතේ ISBN එක දානවද? එතකොට library එකේ තියෙනවද කියලා පට ගාලා search කරන්න පුලුවන්........

    ReplyDelete
  3. ස්තූතියි,දිනේශ්........පොත හොයාගන්න ඕන, රාවයෙ මම බොහොම ආසාවෙන් කියවපු ලිපි පෙලක්.......

    ReplyDelete
  4. @Bindi,හරී සහ Ravi - තව පොත් රැසකම විස්තර ඉදිරියේදී දාන්නම්. ඒ එක්කම හැකි සෑම විටකම පොතේ ISBN එකත් දාන්නම්. මා ලග දැනටනම් මේ පොතේ ISBN එක නම් නැහැ. ඒකත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මෙතන සටහන් කරන්නම්...

    ReplyDelete
  5. මං වගේ පොත් ගුල්ලෙකුට නම් මේක කියාපු විශේෂාංගෙ. ඔය පොතත් කියවල නැතත් මාත් දන්නවා. මේ වැඩේ දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  6. නියමයි.. ඔන්න අපිත් අද ඉඳන් මේ ලිපි පෙල පන්නනවා. මම හොයපු ජාතියෙ පොතක්. කරුනාකරලා මිලට ගත් තෑන, ප්‍රකාශකයා, ලේඛකයා , මිල වගෙ දත්ත දානවද?

    ReplyDelete
  7. @උදාර සහ ජීවිතේ මල් - තව ගොඩක් පොත් ගැන විස්තර තියෙනවා. ඒවත් ඉදිරියේදී පලකරන්නම්. මේ පොත නම් මම කියවන්න ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයෙන්. ලේඛකයෝ නම් කිහිපදෙනෙකුම සිටියා. ප්‍රකාශකයා රාවය පුවත්පත් ප්‍රකාශකයන්. මිල නම් මම එතරම් අවධානය යොමුකරේ නැහැ. පසුව මම මිල සහ ISBN අංකය අනිවාර්යයෙනම් මෙතන පල කරන්නම්...

    ReplyDelete
  8. //මේ නොමි‍ලයේ වෙළද ප්‍රචාරණයක් එහෙම දෙනවා කියල හිතන්න එපා.

    හොඳ පොත් ගැන හෝඩුවාවක් දීම මිතුරන්ට වගේම සමාජයටත් කරන සේවයක්. ඔබට ස්තූතියි.

    ReplyDelete
  9. @මහෝදර - ස්තූතියි! හොද පොත පත හා තවම කියවන්නට නොලැබුන පොත පත පිළිබදව අප පාඨක මිතුරන් දැනුවත් කිරීම මෙන්ම එවැ ලියන ලේඛකයන් පිළිබදව දැනුවත් කිරීමද යුතුකමක් ලෙස සිතමි...

    ReplyDelete
  10. පොත් කියවන්න කැමති යාළුවන්ට මෙතනින් පොත් බාගන්න පුළුවන්-
    http://www.elakiri.com/forum/showthread.php?t=789918

    ReplyDelete