Tuesday, August 23, 2011

සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත - පෝරකය ඉවකල මිනිස්සු

අද කියන්නට යන්නේ පසුගිය දිනෙක කියවූ වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයට අදාල පොතක් පිළිබදවයි මෙය ලියා තිබෙන්නේ ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහතායි. ඔහු මෙම ක්‍ෂෙත්‍රය සමග සක්‍රීයව සම්බන්ධවුන කෙනෙක්. ඒවගේම පුවත් පත් ගණනාවකට ඒ සම්බන්ධයෙන් ලිපිද ලියා ඇති ඔහු විසින් රචිත පොතක් තමයි මේ පෝරකය ඉවකල මිනිස්සු කියන පොත. සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත තමයි එහි තේමාව විදියට දක්වලා තියෙන්නේ. මෙහි වැඩිපුරම ලංකාවේ සිදුවුන සාහසික මිනී මැරුම් රැසක් පිළිබදව වගේම විදේශ රටවල සිදුවූ මිනී මැරුම් ආදිය ගැනත් පොතේ සදහන්. කෙටි වුවත් එවැනි සිදුවීම් තිස් ගණනක් මෙහි තිබෙන අතරම උපග්‍රන්ථයේ මෙම ක්‍ෂෙත්‍රයට අදාල ක්‍රමවේදයන් හා තාක්‍ෂනික පැති රැසක් ගැනද සදහන් වෙලා තිබීම ගැනත් ඔබට දැන්විය යුතුමයි. ඉතින් ඔබ මේ අංශයට සම්බන්ධ කෙනෙක් නම් හෝ එවැනි දේ ගැන කියවන්න කැමති කෙනෙක් නම් කියවුවාට වරදක් නැති හොද පොතක් කියල මෙය කියන්න පුළුවන් මෙම පොත ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය කරුණු පහත දක්වා තියෙනවා.

ප්‍රකාශකයෝ - වාසනා ප්‍රකාශකයෝ
ISBN අංකය - ISBN 955-655-087-9
පොතේ මිල - රු.350/=

(මෙම පොතේ කිසිදු කොටසක් කතෘවරයාගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් ලෙස දක්වා තිබුන අතර පොත පිළිබදව වඩාත් පැහැදිලිව දැක්වීම සදහා එහි තේමාව වන "සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත" යන්න යොදා ගැනුනි).

23 comments:

  1. තව මේ වගේම පොත් 2ක් තියෙනවා. ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ 1,2 කියල. සර් සිඩ්නි ස්මිත් ගේ පොත් 2ක්. පරිවර්තකයාගේ නම මතක නැත

    ReplyDelete
  2. @Chanaka Aruna Munasinghe - ඒ පොතත් මා සතුව තියෙනවා. මුලින් මම ගත්තේ එම පොතේ දෙවන කොටසයි. දැන් එම කොටස් දෙකම එක්කර තැනූ තනි පොතක් ලෙසයි එය තිබෙන්නේ. පරිවර්තකයා මට මතක හැටියට අභය හේවාවසම් මහතා විය යුතුයි. එය සදොස් වේ නම් පසුව නිවැරදි කරන්නෙමි...

    ReplyDelete
  3. අරුණ කියපු විදිහේ පොත් කීපයක් කියවල තිබුනත් මේක තවම කියවන්න ලැබුනෙ නැහැ. ඔබේ විස්තරය අනුව නම් කියවිය යුතු පොතක් වගේ.

    ReplyDelete
  4. @මහෝදර - ඔව් කියවලා බලන්න. කුඩා කතා ලෙස වුවත් හොදින් විස්තර කර තිබෙනවා...

    ReplyDelete
  5. මේ පොතින් තමයි මා ප්‍රකට සතාසිවම් ඝාතනය ගැන හරි විස්තරය කියෙව්වේ.

    ReplyDelete
  6. @Asanga - සතාසිවම් මහත්මිය ඝාතන සිද්ධිය ගැන සර් සිඩ්නි ස්මිත් ගේ ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පොතෙත් තිබෙනවා. සර් සිඩ්නි ස්මිත් තමයි එම නඩුවේ වෝහාරික වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේත්...

    ReplyDelete
  7. ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් මමත් කියවල තියෙනවා . මේ පොත ගැන කිව්වට ස්තුතියි

    ReplyDelete
  8. @Bindi - තව පොත් කිහිපයක් මේ පිළිබදව තියෙනවා. ඒවා ඉදිරියේදී බලමු...

    ReplyDelete
  9. අපිට කැත නැතුව කියන්න පුලුවන් මේ කතෘවරයාගේ ලොකු පුතා අපිත් එක්ක එකට ඉගෙන ගත්ත එකෙක් කියල. හැබැයි ඌට අපි ගැන එහෙම කැත නැතුව කියන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.

    මේකෙම දෙවෙනි පොත මළ ගිය ඇත්තෝ සාක්ෂි දෙති.

    ReplyDelete
  10. නැසීගිය මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ලගේ මහතා විසින් රචනා කල නිහඩ සාක්ෂි නම් පොතද ඔහු විසින් සිදුකල පස්චාත් මරණ පරීක්ෂණ සම්බන්දයෙන් ලියවුණකි.

    ReplyDelete
  11. ඔය පොත මගේ ලඟත් තියෙනවා. සිඩ්නි ස්මිත්ගේ පොතත් මම කියවල තියෙනවා. එකේ පරිවර්තකයා අභය හේවාවසම් මහතාම තමයි.

    ReplyDelete
  12. @Anonymous - මේ පොතත් මා කියවූ හොද පොතක් ඒ ගැනත් ඉදිරියේදී කතාකරමු...

    ReplyDelete
  13. @පිටස්තරයා - මළ ගිය ඇත්තෝ සාක්ෂි දෙති පොත නම් කියවපු බවක් මතක නැහැ. ඒ ගැන දැනුවත් කිරීම ගැන ස්තූතියි!

    ReplyDelete
  14. @උදාර - ‍හොද පොත් කියවන්නෙකු ලෙස ඔබ බොහෝවිට මෙය කියවා ඇති යයි සිතුනා. ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතාගේ පොත ගැනත් ඉදිරියේදී කතා කරමු...

    ReplyDelete
  15. මම නම් ඕක කියෙවුවා...පට්ටම පට්ට

    ReplyDelete
  16. ඔබටත් මෙම ගුරෑපිය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි
    අප හා දැනුම බෙදා ගමු
    http://www.facebook.com/groups/233127916724701/

    ReplyDelete
  17. @Uvindu - ස්තූතියි! එයට මමද එක්වීමට අදහස් කරමි...

    ReplyDelete
  18. ශ්‍රීමාල්September 11, 2011 at 11:51 AM

    මමත් ඔය පොත බැලුව. එක හුස්මට කියවල ඉවරකලා. කොහොමත් මිනිස්සුන්ගෙ තියෙනවනෙ ලොකු කුතුහලයක් ඔය මැරිච්ච මිනිස්සු ගැන.

    ReplyDelete
  19. මම කියෙව්වා පට්ට පොතක්

    ReplyDelete
  20. මේ පොත් තුනේම තියෙන්නෙ එකම කරුණු ද

    ReplyDelete
  21. කොහෙන්ද මේ පොත ගන්න පුලුවන්

    ReplyDelete
  22. මෙි පොත ගන්න විදිහක් නැද්ද

    ReplyDelete
  23. මට මේ පොත ගන්න පුලුවන් කොහෙන්ද

    ReplyDelete