Thursday, August 25, 2011

භාරතය වසර 100 කට පෙර දී

භාරතය එහෙමත් නැත්නම් ඉන්දියාව ගැන කතා කරන්නට ගියොත් ඒ රට ගැන ඕනෑතරම් කරුණු කාරනා තිබෙන බව මම මෙන්ම ඔබද පිළිගනු ඇති. ලෝකයේ වැඩිම භාෂා, ආගමික, සංස්කෘතික, භූවිෂමතා හා වෙනත් ක්‍ෂෙත්‍රයන් ගණනාවක විවිදත්වයක් තිබෙන දේශයක් ලෙස ඉන්දියාව පෙන්විය හැකියි. ඒ වගේම "දිව්‍යලෝකය" හා "අපාය" යන ලෝක දෙකම ඇති රටක් ලෙසද ඉන්දියා‍ව පෙන්විය හැක්කේ ලෝකයේ ලොකුම ධනවතුන් මෙන්ම එදාවේලවත් සොයාගත‍ නොහැකි දිළින්දන් රැසක්ද ඉන්දියාවේ සිටින නිසාය. එසේම ලෝකයේ ලොකුම මුඩුක්කු ජනාවාසයද පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි නුවරයි. ඒ කොහොම වුනත් අද ඉන්දියාව ගැන සවිස්තරාත්මකව වචන බදින්නට අදහස් නොකරන අතර කතාකරන රූප තේමාව යටතේ ඉන්දියාවේ වසර 100 කට පෙර හැඩරුව ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙමි.

ඉන්දියාවේ මෙවැනි පැරණි සේයාරූ රැසක්ද ඔබ මීට පෙරද සුන්දර ටජ්මහලේ නොදත් තතු ලිපි පෙලින්ද දැක ගන්නට ඇති. මේ එයට වඩා ටිකක් වෙනස් පින්තූර කිහිපයකි.

















13 comments:

  1. හරි වටිනා පින්තුර ටිකක්. ලස්සනයි.

    ReplyDelete
  2. ලස්සන පිංතූර ටිකක්.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මේ පින්තූර ටික බෙදා හදා ගත්තාට!!!

    ReplyDelete
  4. හරිම ලස්සන වගේම දුර්ලබ පින්තූර ටිකක්. ස්තුතියි බෙදා ගත්තට.

    ReplyDelete
  5. තෑන්ක්ස් දිනේශ්. ෆොටෝ ටික උපරිමයි.

    ReplyDelete
  6. අනර්ගයි දිනේෂ්

    ReplyDelete
  7. නියමයි ... අති විශිෂ්ඨයි ......

    ReplyDelete
  8. ලස්සන ඡායාරෑප පෙලක් , ලංකාවෙත් මේ වගේම ලස්සන භූමි දර්ශන වල චායාරෑප විශාල ප්‍රරමාණයක් තියනවා නේද පුලුවන් උනොත් ඒවත් පොඩ්ඩක් දාන්න

    ReplyDelete
  9. තරහ වෙන්න එපා පසුගිය දවස් වල වැඩ ටිකක් වැඩිවුන නිසා බ්ලොග් එකට ඇවිල්ල බලන්නත් බැරිවුනා. මුලින්ම හැමෝටම ස්තූතිකරනවා පින්තූර රසවිදල ඒ ගැන අගය කිරීම ගැනත්. ලංකාවෙත් පරණ පින්තූර ටිකක් නම් තියෙනවා. හැබැයි ඒවා ඔබලා දැකපූ ඒවද දන්නෙත් නැහැ. ඉදිරියේ එවත් දමන්නම්...

    ReplyDelete
  10. Thilaka Randeni
    Buddhist beggar's praying machine ඇත්තටම බෞද්ධ හිගන්නෙක් කියලා තිබුණේ් ඇයි දන්නේ නෑ නේද? මට නම් ඒක තේරුම් ගන්න අමාරුයි.
    මාත් චූටි කාලේ රික්ෂෝ එකේ ගිහින් තියෙනවා. ඒ මනුස්සයා බිම තියෙන අත් ඇන්ද උස්සන කොට බයත් හිතුණා වැටෙයිද කියලා.
    හැබැයි හින්‍දි චිත‍්‍රපටියක දැක්කා බයිසිකල් රික්ෂෝ එකක්. අර සිංදුවකුත් තියෙන්නේ .මං රික්ෂෝකාරයා// කියා ජෝපාල ගායකයාගේ. ඒ ඒ චිත‍්‍රපටිය සිංහලෙන් දෙබස් කවලා.

    ReplyDelete
  11. @තිලකා රන්දෙනි මහත්මිය - මටත් එය තේරුම් ගැනීමට අපහසුයි. පෙනෙන හැටියට නම් ඔහු නේපාල ජාතිකයෙකු වගේ.රික්ෂෝව දැන් ඉන්දියාවේ නැහැ‍ නේද..

    ReplyDelete