Friday, August 5, 2011

විවාහ වූ අය තමන්ගේ මංගල උත්සවයට මේ ආරාධනා පත්‍ර භාවිතා කරන්න නොලැබුන එකට දුක්වූනා - The Wedding Invitation cards for younger Generation - 2

මේ විවාහ ආරාධනා පත්‍ර පෙර ලිපියේ දැකපු සමහර අයට (බින්දිට) හිතත් නරක් වුනා. මොකද ඒ කාලේ මැලිබන් වීදියේදී මේවා සොයාගන්න නොලැබුන නිසා. මොකක් කරන්නද ඒ කාලේ මම බ්ලොග් ලියුවා නම් මේවා මීට ඉස්සරනේ බ්ලොග් එකෙන් ඔබට ලබාදෙන්නේ. කමක් නැහැ, ඔන්න හෙට අනිද්දට කවුරු හරි සිය කැමැත්තෙන් අත්අඩංගුවට පත්වෙන්න (පිරිමි පාර්ශවය විවාහවෙනවා කියන්නේ හරියටම බැළුවොත් තමන්ගේ කැමැත්තෙන් සිරභාරයට පත්වෙනවා වගේ තමයි, නැද්ද?) අදහස් කරගෙන ඉන්නවා නම් ‍මෙන්න හොද ලස්සන wedding cards ගොඩක්. ඔන්න ගැහැණු ළමයි එහෙමත් මෙයින් හොද හොද ඒවා තෝරගෙන මතක තියාගන්න එක වරදක් නැහැ. මොකද තමන්ගේ මිතුරියන්ගේ මගුල් කාඩ් වලට වඩා වෙනස් වගේම ලස්සන ඒවා නිසා ඒ අයට ඉරිසියා හිතෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න කාඩ් ටික...

























15 comments:

  1. මම මෙතනින් වැඩියෙන්ම කැමති mr & mis smith එකට.මොකද ‍ෆිල්ම් එකේ උන් දෙන්නා මරා ගන්නව නේ.ෆට්ටයි හොදේ කාඩ් ටික නම්....ලොල්

    ReplyDelete
  2. අර රිබන් එක තියන එක ලස්සනයි.

    ReplyDelete
  3. කාඩ් ටික දැක්කහම මතක් උනේ දවසක් පිටකොටුවේ කාපු කට්ටක්... කාඩ් තෝරන්න ගිහින්.... (මට එහෙම නෙවෙයි ඕන්)

    ReplyDelete
  4. දෙකත් බැලුව. තව තියෙනව නම් ඒවත් දාන්න.

    ReplyDelete
  5. හ්ම්ම්ම් ප්ට්ට කාඩ් ටික මොකක් තෝර ගන්නද මන්ද

    ReplyDelete
  6. ලිපි දෙකේම තියන කාඩ් ටික මරු ඇ ....... මිස්ට් ඇන්ඩ් මිසිස් ස්මිත් එක දාගෙන තියෙන්නේ බැන්දට පස්සේ ගුටි ඇනගන්න බලාපොරොත්තුවෙනද දන්නේ නැ :D

    ReplyDelete
  7. හා හා නෝනා මේක බලන්නේ නැද්ද . නිකන්ම හිරේ ගිය එක බරපතල වැඩ ඇතිව කියන කැටගරියට මාරු වෙන්න ඉඩ තියෙනවා . ඉඳහිට ළමයි බලන්න ලැබෙනවා නම් අන්න බරපතල වැඩ එක්ක හිර දඬුවම් . මට මැලිබන් විදිය කියද්දී මතක් වුනේ . අපි කඩ ගානේ යද්දී අපිට ඉස්සරහින් අතිනත පටලන් සනයි Sandra නෝනයි කාඩ් බල බල ඇවිද්දා .

    ReplyDelete
  8. very nice thank you.

    ReplyDelete
  9. mr & mis smith එක නං පට්ටයි තමා

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කොහෙන්ද මේවා හොයාගත්තෙ?කොහොම වුනත් හොද පින්තූර ටිකක්.
    සැමදෙයක්ම බ්ලොග් සයිට්

    ReplyDelete
  12. @පිස්සු පුසා,නදී,නදුන් උයන,උදාර,sameera,buwa,Anony,Charmi & Ranul Hashika Gomas - ඉස්සරහදිත් හොද අළුත් අදහස් ඇති නිර්මාණ ලැබුනොත් පල කරන්නම්...

    ReplyDelete
  13. @Bindi - නෝනා පරිගණක ගැන ඒ හැටි මනාපයක් නැහැ.සමහර වෙලාවට බරපතලෙනුත් බරපතල වැඩ සහිත සිර දඩුවම් විදින්න වෙනවා තමයි. අර සනත් ඒ කාලේ ‍ඔහොම සැහැල්ලුවෙන් වෙඩින් කාඩ් හොය හොය ගියාට දැන් වුනානාම් වටේම ආරක්‍ෂ‍කයෝ සහිතව යාවි නේද???

    ReplyDelete
  14. මට නම් දැන් අපේ ආරධනා පත‍්‍රය පෙන්නන්ත් ලැජ්ජයි වගේ.
    අර Daisy and Jude කාඩ් එක හුගක් වැදගත් පාටයි. හැබැයි කෙවින් සහ මිකාසෝ හොඳ පැනලා ගිය දෙන්නෙකුට වගෙයි.
    ශුභ පැතුම්
    තිලකා රන්දෙනි
    www.thilakarandeni.lk

    ReplyDelete
  15. @තිලකා රන්දෙනි මහත්මිය - ස්තූතියි! මගේ නම් විවාහ මංගල්‍යය කිව්වේ පවුලේ අයට හා ලඟම හිතමිතුරන්ට නිසා මංගල ආරාධනා පත්‍රයක් ඒ සදහා යොදා ගත්තෙත් නැහැ. හැබැයි තවම ලංකාවේ නම් ආරාධනා පත්‍රයේ පිටත හැඩරුව තරමක වෙනස් ආකාරයකින් භාවිතා කලත් මෙතරම් පැහැදිලි වෙනසක් දැකගන්නට ලැබිලා නැහැ. අනිත් එක වෙලදපොලේ සකස් කල ආරාධනා පත්‍ර අතරින් එකක් තෝරා ගන්නා ප්‍රවණතාවයක් මිස මේ වගේ එක් අයෙකු වෙනුවෙන්ම තැනූ මෝස්තරයක කාඩ් පත් දැනට අප ‍රටේ භාවිතා නොවුනත් ඉදිරියේදී එයත් වෙනස් වේවි...

    ReplyDelete