Tuesday, August 2, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? අනාවැකි හා ගැලවීමේ මාර්ග - අවසාන කොටස

මේ ලිපි මාලාව හිතුවටත් වඩා දීර්ඝ වුන බව නැවත නැවත ඔබට කියන්න අවශ්‍ය නැතිබව ඔබම පිළිගන්නවා ඇති. කොහොම වුනත් ලෝක විනාශය වූවා හෝ නොවූවා, හැකි පමණින් මේ ගැන ලියවී ඇති දේවල් ගැන මෙන්ම මෙම සංසිද්ධියට පරිභාහිර පුද්ගලයන්, ඒ කියන්නේ මායාවරුන්ට සබදතාවයක් නැතත් ලෝකයේ යම් කාලවකවානුවල ප්‍රසිද්ධියට පත්වෙලා සිටි පුද්ගලයන් ලෝක විනාශය ලෙස හැදින්වූයේ නැතත් මෙම 2012 සිද්ධිදාමයට යම් වශයෙන් ඉඟි සපයා ඇති ආකාරය ගැනත් සුළුවෙන් හෝ සොයා බැලී නොකලහොත් එය සෑහෙන පමණ අඩුපාඩුවක් බවත් පැවසිය යුතුවේ.

Michel de Nostredame
ඉතින් ඒ නිසා මේ ගැනත් ලිවීමේදී අපිට අමතක කරන්නම නොහැකි චරිතයක් තමයි ප්‍රංශයේ සිටි Michel de Nostredame (1503 -1566) එහෙමත් නැත්නම් ඔබ බොහෝවිට දන්නා Nostradamus. මොහුගේ සිය වෘතිය ලෙස මුලින්ම තෝරාගත්තේ වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ භෞත චිකිත්සක වෘතියයි. කෙසේවෙතත් පසුකාලීනව ඔහු අනාගතය ගැන අනාවැකි කීමටත් නැඹුරුවී තිබේ. ඔහුගේ අනාවැකි ඉදිරිපත් කිරීම පද්‍ය‍ක්‍ (verses or Quatrains) ලෙස සිදුකල අතර ඒවායෙන් ව්‍යංගයෙන් කියා ඇති බොහෝ අනාවැකි සත්‍ය ඒවා බව මේ පිළිබද විශේෂඥයන්ගේ මතයයි. එයින් එක් අවස්ථාවක් වන්නේ 2001 සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නුවර ලෝක වෙලද මධ්‍යස්ථානයට එල්ල වූ ගුවන් යානා ඝට්ඨන ප්‍රහාරයයි. මේ එය Nostradamus විසින් සටහන් කල අයුරුයි.
72
The year 1999, seventh month, (end of the 7th cycle, 9/11)
From the sky will come a great King of Terror: (airplanes)
To bring back to life the great King of the Mongols, (bin Laden)
Before and after Mars to reign by good luck.

මෙවැනි සත්‍ය වූ අනාවැකි රැසක් තිබෙන අතරම ඔහු විසින් තබන ‍ලද කාව්‍ය වැනි අනාවැකි ඇති ලේඛණයන්ට අමතරව සිතුවම් පමණක් රැගත් පොතක්ද ඇති බව ඇතැම් ඉතිහාසඥයන් පවසන අතර එය Lost Book of Nostradamus ලෙස හැදින්වේ. 1994 දී ‍සොයාගන්නා ලද මෙම පොතේ අප කතා කරන 2012 සිදුවීමටද අදාල තොරතුරක් තිබෙන බව 2012 ලෝක විනාශය සිදුවීමට පක්‍ෂපාතී කණ්ඩායම පවසයි. ඔවුන් පවසන ආකරයට මෙහි ඇති සූර්යයා මහපොලවට කඩා වැටෙන්නා වැනි රූපය මෙම ලෝක විනාශය සනිටුහන් කරන බව පවසයි(the sun is turned upside to suggest that Nostradamus drew it falling to Earth).

Lost Book of Nostradamus 

කෙසේවෙතත් මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් දරන පාර්ශවයේ චෝදනාව වන්නේ මෙය අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපත්වී ඇති අසත්‍යයක් බවයි. මන්ද Nostradamus මෙම සිතුවම් වල අහලකවත් 2012 ගැන හෝ ‍ඊට අසන්න කාලයක් පිළිබදව සටහන් කර ‍නොමැතිබවයි. අනෙක් කරුණු වන්නේ මෙම අනාගතවාක්‍ය කියන්නා විසූ කාල‍යේ යුරෝපය පුරා පැතිර ගොස් ඇති මහාමාරියා හා වෙනත් බොවෙන ලෙඩ රෝග හෙවත් ඒ කාලය හැදින්වූ “The Black Death” වැනි තත්වයන් නිසා ඒවා නිරතුරුවම ඇසුරු කිරීමෙන් Nostradamus  ගේ චින්තනයද එයට සමගාමීව කම්පනයට ලක්වී ඇති නිසා අදින ලද රූප සමුදායක් නිසා එයින් මෙවැනි සංසිද්ධියක් පිළිබව යථා තත්වයේ පිළිතුරක් බලාපොරොත්තුවිය නොහැකිබවයි. එහිද යම් සත්‍යතාවයක් තිබෙන්නේ Nostradamus පළමු විවාහයේ බිරිද හා දරුවන්ද මියගොස් ඇත්තේ එම කාලයේ යුරෝපය පැතිර තිබූ උණ හෝ වෙනත් බොවෙන රෝගයක් නිසාය. ඉතින් මෙබදු කාරණයක් නිසා Nostradamus  අනාවැකි පල කර ඇති සියළුම සංසිද්ධීන් සිදුවෙතැයි අවිශ්වාස සහගත බවට මත පල කරන්‍නන්ගේ අඩුවක්ද ‍නොමැත.

Nostradamus ගැන වගේම විසිවන සියවසේ මුල් භාගයේ ජීවත්වූ තවත් අනාගත වාක්‍ය පැවසූ අයෙක් ගැන සදහන් නොකර බැහැ. ඔහු තමයි ඇමරිකාවේ සිටි Edgar Cayce (March 18, 1877 – January 3, 1945)‍‍‍. Nostradamus  ට පසුව ලෝකයේ වඩාත්ම අවධානය දිනාගත් අනාගතය ගැන පවසන්නා Edgar Cayce යි. ඔහුට සිද්ධි සම්බන්ධයෙන් මෙන්ම යම් රෝගියෙකුගේ සිරුර ඇතුලේ ඇති අපහසුතාවයන් පවා X-ray යන්ත්‍රයක් මෙන් කීමේ හැකියාවද තිබූ බවට ප්‍රකාශ වේ. එසේම ඔහු පැවසූ I ලෝක යුද්ධය ගැන මෙන්ම ඇමරිකානු ජනපති John F. Kennedy මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට වසර ගණනාවකට පෙර පල කල අනාවැකි සත්‍ය වූ බවද පැවසේ. කෙසේවෙතත් Nostradamus  මෙන්ම Cayce ද පැවසූ සියළුම අනාවැකි සත්‍ය නොවූවත් යම් දිනයක ලෝ‍කයේ බොහෝරටවලට උදාවිය හැකි අභාග්‍යසම්පන්න තත්වයක් සම්බන්ධයෙන්නම් ඔහු පල කල අනාවැකි 2012 ලෝක විනාශයට යම් සබඳතාවයක් තිබේද යන සැකයද මතුවීමද යම් පමණකට සාධාරන වී ඇත.
Edgar Cayce 
ඔහු පල කල අනාවැකි වලට අනුව ලෝකයේ බොහො ප්‍රදේශ වල වෙරල තීරය මුහුදු මට්ටමට සමාන වනවා පමණක් නොව ඒවා බොහෝමයක් මුහුදට ය‍ටවේ. ඒ අතරට ඇමරිකාවේ නැගෙනහිර හා බටහිර වෙරල තීරයද නොපෙනී යන අතර   Los Angeles, San Francisco, New York වැනි නගරද තිබූ තැනක් සොයාගැනීමට නොහැකිවන බව පවසා ඇත. එසේම Nevada ප්‍රදේශය මුහුදුබඩ ප්‍රදේශයක් බවට පත්වන අතර රොකී කදුවැටියද එක් අන්තයක මුහුදට ආසන්නම කදුවැටිය බවට පත්වේ. තවද මිසිසිපි විල තවත් පළල් වන අතර පංචමහා විල් වල ජලය මෙක්සිකෝ බොක්කට ගලා යාමද සිදුවේ. ඊට අමතරව ඇමරිකානු භූමියේ තවත් ප්‍රදේශ ගණනාවක් ජලයට යටවී ඒවා ඉතිහාස පොතේ හෝ පැරණි සිතියම් පොත්වල පමණක් තිබූ නගර හෝ ජනපද බවට පත්වන බවට ඔහු ඉඟි පල කරයි.

සෑම දෙනාම දොස්පවරන ඇමරිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රාජ්‍යයන් ගණනාවකට අනාගතයේ යම්  දිනයක තම රටේ සිතියම නැවත අදින්නට සිදුවන බවට Edgar Cayce පල කර ඇති අනාවැකිය අනුව කීමට සිදුවේ. මන්ද කැනඩාවේ බටහිර වෙරල තීරයද, සමස්ථ යුරෝපයට හා ජපානය වැනි රටවලට මෙන්ම ලෝකයේ බොහෝ රටවල වෙරළබඩ ප්‍රදේශ මුහුදට යටවන බව මෙම ආකර්ශනීය අනාගත වාක්‍ය පවසන්නා කියා තිබේ. තවද ලෝකයේ භූමිකම්පා හා යමහල් විදාරණයන්ගේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවන බවත් යමහල් විදාරණය මුහුදේ සිදුවීමෙන් නව දූපත් බිහිවන බවත් ඔහු කියා තිබේ. මෙහි යම් සත්‍යතාවයක් තිබෙන්නේ ගතවූ වසර 50 තුල විශේෂයෙන් උත්රාද්‍රගෝලයේ භූමිකම්පා හා යමහල් විදාරණයන්ගේ වැඩිවීමක් ඇතිබව ඒ පිළිබදව විශේෂඥබව දක්වන විද්‍යාඥයන්ගේද මතයයි.

මෙම ලිපියේ තව සදහන් කල යුතු කරුණක් වන්නේ සත්‍ය අසත්‍යතාවය කෙසේවෙතත් අන්තර්ජාලයේ සමහර ලිපිවල දැක්වෙන පරිදි රුසියාව මෙවැනි ලෝක විනාශයක් සිදුවුවහොත් ගැලවීමට YAMANTAU Mt Complex නම් පොළව යට අතිවිශාල නගරයක් තනන ඇති බවයි. මෙහි මිනිසුන් 60,000 කට සිටිය හැකි යයි පවසයි. එසේම නෝර්වේ රටේද මෙවැනි තම ආරක්‍ෂාව සලසා ගැනීමේ පොළව යට ඉදිකිරීම් සිදුකර ඇති බව පැවසෙන අතර ස්වීඩනය NATO සංවිධානය සමග එක්ව පොළව යට බීජ බැංකුවක් (seed bank) තනා ඇත්තේ යම් හෙයකින් ලෝක විනාශය සිදුවුවහොත් ලෝකයෙන් තුරන්ව යන බෝග නැවත වගා කර ගැනීමට විය යුතුය.


තවත් කරුණක් වන්නේ 2012 ගැන කලකට පෙර පලවූ ලිපියක එවකට ඇමරිකාවේ ජනපති George Bush හා ඔහුගේ පවුලේ අය විසින් පැරගුවේ රාජ්‍යයේ විශාල ඉඩමක් මිලයට ගෙන එහි තමන්ගේ අයගේ ආරක්‍ෂාව සලසා ගැනීමට ආරක්‍ෂක නිවස්නයක් තනාගෙන ඇතිබවයි.

කෙසේවෙතත් එම කරුණුවල ඇත්තනැත්ත මොකක් වුවත් අප කලින් ලෝක විනාශයනට සැලසුම් සැදුවත් මිනිසා නොදැනුවත්වම ලෝක විනාශය හා සමාන අවස්ථාවලට ලෝකය මුහුන දී ඇතිබවයි. දෙවන ලෝක යුද්දය එයට හොදම උදාහරණයකි. එය නිසා ලෝකයේ කෝටි ගණනාවක මිනිසුන්ට සිය ජීවිතය අහිමිවූ අතර දේපල හානියද අතිමහත්ය. එසේම එයින් පසු නව රාජ්‍ය බිහිවූ අතර තිබූ රාජ්‍ය සමහරක් ලෝක සිතියමේ වෙනස් කම්වලටද බදුන්විය. එනිසා මෙම 2012 ලෝක විනාශය ගැන අප කිසිවකුටවත් නිශ්චිත පිළිතුරක් සැපයීමට නොහැකි බව මගේ මතය වන අතර මෙම ලිපි පෙලේ පසුකාලීන ලිපිවල කියවුන විවිද කරුණු අරඹයා ලෝක විනාශය සිදුවිය හැකි බව ඔබ හමුවේ ගෙනහැර දැක්වුයේ ඔබගේ දැනුම වර්ධනය කරලීම පිණිස මිස ඔබ අනිසි ලෙස කලබලයට පත්කිරීමට නොවන බවද තරයේ කියා සිටිමි.

‍එසේනම් දැන් මෙම ලිපි මාලාවේ අවසානය දකින මොහොතයි. සත් සමුදු‍රේ පලවූ දීර්ඝතම ලිපි මාලව වූ මෙය අවසාන කිරීමට සිතා සිටියේ කොටස් 5 කින් හෝ 6 කිනි. නමුත් මෙය සම්පාදනය කර ගෙන යන විට ලැබෙන සැඟවුන තොරතුරු ඔබට ලබානොදෙන්නේ නම් එය අඩුවක් මෙන්ම අසාධාරණයක් ලෙසද හැගුන නිසා ඒවා එක් කිරීමටත්, එක් කිරීමට පෙර කිහිපවිටක්ම ඒවායේ හරය හා විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමට කාලය වැය කිරීමටද සිදුවූ බව මේ මොහොතේ සදහන් කිරීමට කැමැත්තෙමි. ඉතින් දැන් එහෙනම් මෙම ලිපි මාලාව නිමවන අතර තවත් මාතෘකාවක් ගැන ලියවුන ලිපියකින් ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් දැන් නවතිමි.

මේ ලිපි මාලාවේ සියළුම ලිපි වලට ප්‍රවිශ්ඨ විය හැකි link සමග නාමාවලිය මෙසේ සටහන් කරමි...


2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස
2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස
2012 දී සිදුවන්නේ කුමක්ද? මායාවරුන්ගේ අවසාන යුගයට පිවිසීම - 5 කොටස
2012 දී සිදුවන්නේ කුමක්ද? මායා දිනදර්ශන - 7 කොටස
2012 දී සිදුවන්නේ කුමක්ද? හිරු දෙවියන් කෝප වූ කල - 9 කොටස

50 comments:

  1. මේ ලිපි සෙට් එක තමා මම මෑත කාලේ බ්ලොග් අවකාශයේ කියවපු ලස්සනම ලිපි කොටස් මාලාවා,,තවත් මේ වගේම රසවත් ලිපි ලියන්න ඉස්සරහටත්..

    ReplyDelete
  2. @ItalyDilan - ස්තූතියි! ඉදිරියේදිත් තවත් ලිපි පෙලක් ගැන බලමු...

    ReplyDelete
  3. හරිම වැදගත් , රසවත් ප්‍රයෝජනවත් ලිපි මාලාවත් , නිරන්තරයෙන් කුතුහලය පිරුණූ මේ ලිපි අපි නිදහසේ කියෙව්වත් , මෙහි අන්තර්ගතය සැකසීමේදි , කරුණූ සෙවීමේදී ඔබ වු වෙහෙස අගය කරමි , මේ වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි ..

    ReplyDelete
  4. @මහේෂ් නිශාන්ත - ස්තූතියි! බොරුවක් කියනව නෙමේ, මේ මායාවරු ගැන ලියූ ලිපි 11 තමයි මා වැඩිපුරම කාලය හා වෙහෙස වැයකල ලිපි මාලාව. එයට හොද ප්‍රතිචාරත් ලැබුනා. ඉදිරියේදිත් මීටත් වඩා හොද ලිපි සකස්කරන්න බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  5. එල බ්ලොග් එක !!!!!

    ReplyDelete
  6. අන්තිම ලිපිය ට කලින් දෙකක්ම තියෙනවා කියවන්න . හිමින් සැරේ කියවන්න ඕන . දැනට මේක විතරක් බැලුවා. ඇත්තටම දිනේෂ් අපි බොහෝ දෙනෙක්ට නැති සංයමයකින් ඔබ මේ ලිපි පෙළ ලිව්වා . එය මා ඉතාම අගය කරනවා

    ReplyDelete
  7. @Bindi - කොහොමද කාලෙකට පස්සේ, ඔබ කියන එක ඇත්ත මේ ලිපි පෙල ලියද්දී මම වෙනදා නොතිබුන ඉවසිල්ලකින් තමා ලිව්වේ. අවශ්‍ය යයි හැගෙන කරුණු සියල්ල ලැබුනා යයි සෑහිමකට පත්වූ පසුව තමයි ලිපිය පල ක‍ලේ.එය මීට පසු පල කරන විස්තරාත්මක ලිපි සියල්ලටම භාවිතාකරන්‍න හොද සංකල්පයක්. කොහොමවුනත් මම සතුටුවන තව දෙයක් තියෙනවා. ඒ තමයි වැඩියෙන්ම මහන්සිවූ ලිපිපෙලේ පළමු ලිපිය මෙතෙක් සත් සමුදුරේ බලපු වැඩිම ලිපිය බවට පත්වීම. එම තත්වය ඊයේ වෙනතෙක් සෑහෙන්න කාලයක් රදවා ගෙන සිටියේ Tsar බෝම්බට ගැන ලියවුන ලිපියයි...

    ReplyDelete
  8. මම හිතනවා සිංහල බ්ලොග් අවකාශයේ මේ දින වල වැඩිම අවධානයක් දිනාගත් ලිපි පෙළ තමයි මේක.. මමත් හැමදාම මේ බ්ලොග් එකට ඇවිත් බැලුව අලුත් ලිපියක් දාලද කියල.. මේ වෙනුවෙන් ඔබතුමා කැපකළ කාලය හා වුන මහන්සිය බොහොම අගය කරනව..

    මේ වගේ කුතුහලය දනවන වැදගත් ලිපි දිගටම සත් සමුදුර තුලින් බලාපොරොත්තු වෙනව..

    ReplyDelete
  9. @පොතේ ගුරා - ස්තූතියි! ඉදිරියේදී තව දීර්ඝ ලිපි පල කරන්න බලාපොරොත්තුවෙනවා. හැබැයි ‍ටික දවසක් කෙටි ලිපි කිහිපයක් පල කරල ඉන්පසුව දීර්ඝ දෙයකට යන්නයි සිතා සිටින්නේ. මේ මොහොතෙත් ඊලඟට පල කරන බ්ලොග් සටහන ගැනවත් අදහසක් තවම නැහැ...

    ReplyDelete
  10. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය විශිෂ්ට ලිපි පෙළකි.ඉදිරියේදීත් මෙවැනිම හරවත් අනගි ලිපි පෙළක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  11. 2012 ගැන කුතුහලයක් තියෙන අයට වගේම ඒ ගැන බොරුවට කලබල වෙච්චි අයටත් මේ ලිපි පෙල ගොඩක් උදව් වේවි... මම හිතන්නේ මම කියවූ බ්ලොග් ඉතිහාසය තුල දීර්ඝතම ගවේෂණාත්මක ලිපි පෙල මේක තමයි... මහන්සියට ස්තුතියි සහෝ... ආයෙත් මේ වගේ සාරවත් ලිපියකින් හමුවෙමු... ජය වේවා...!

    ReplyDelete
  12. @උදාර - ස්තූතියි! ඔව් අපි ඉදිරියේදි මීටත් වඩා හොද ලිපි පෙලක් ගැනත් බලමු...

    ReplyDelete
  13. @චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි! මේ ලිපි පෙල තුලින් 2012 ලෝක විනාශය ගැන විනිශ්චයකට ලක් කිරීමකට වඩා දැනුම වර්ධනය කරලීමට මුල්තැන දී මධ්‍යස්ථ ස්ථානයක සිට මේ සිද්ධිදාමය ගැන කතාකිරීමට තමයි සෑම විටකම උත්සහ දැරුවේ. එය සෑහෙන්න දුරකට සාර්ථක වී ඇතැයි සිතනවා...

    ReplyDelete
  14. ඔබට බොහොම ස්තුතිය්.

    ReplyDelete
  15. නියමයි... සෑහෙන මහන්සි වෙලා කරපු ලිපි පෙළක්... එකතු කරගන්න සෑහෙන දේවල් ප්‍රමාණයක් තිබුනා.. ස්තූතියි දිනේශ්...

    ReplyDelete
  16. @සාතන් & Anony - ස්තූතියි! ඉදිරි‍යේදිත් තවත් ලිපි පෙලකින් හමුවෙමු (හැබැයි දැන්මම නෙවෙයි. ටික දවසක් පොඩි පොඩි ලිපි ටිකක් බලමු)...

    ReplyDelete
  17. ඉතා ආසාවෙන් බලපු tv series එකක් ඉවර උනා වගෙ දුකක් දැනෙනවා අවසාන කොටස කියලා දැක්කාම. බොහොමත් වැදගත් ලිපි මාලාවක්. ගොඩක් දේවල් දැනගත්ත. බොහොමත්ම ස්තූතුයි. ඉදිරියටත් මේ වගේ ලිපි ලිවිමට ශක්තිය දහිරිය ලැබෙන්ඩ ඔනේ

    ReplyDelete
  18. @Harshana - ස්තූතියි! රැදී සිටින්න සත් සමුදුර සමග නොබෝ දිනකින් නැවතත් දීර්ඝ ලිපි ඔබට දැකගත හැකියි...

    ReplyDelete
  19. කමෙන්ට් නොදැම්මට මමත් මේ ලිපි මාලාව ආසාවෙන් කියෙවුවා . ස්තූතියි මේ අනර්ඝ ලිපි මාලාවට ..

    ReplyDelete
  20. @හිස් අහස - ස්තූතියි! ඉදිරි ලිපිත් බලන්න එන්න...

    ReplyDelete
  21. ඉතා ආසාවෙන් බලපු ලිපි පෙළක්.ඉදිරියටත් මේ වගේ ලිපි ලිවිමට ශක්තිය දහිරිය ලැබෙන්ඩ ඔනේ

    ReplyDelete
  22. ඉතින් සියඵම ලිපි වලට ස්තූතියි ඔබට.
    කොහොම වුණත් මාත් හිතන්නෙ ස්වභාවික ව්‍යයසන නැතත් මිනිස්සු විසින්ම ලෝකයෙන් භාගයක්, කාලක් හරි ඉක්මණටම විනාශ කරයි.

    ReplyDelete
  23. ඔබ ගොඩක් මහන්සි වෙලා තියන බව පෙනෙනවා. පොස්ට් එක නම් සුපිරියි. ගුණාත්මක බවින් අන්තිම ඉහල බ්ලොග් එකක්.

    ReplyDelete
  24. @roshan & Luckey - ස්තූතියි! ඉදිරියේදිත් සත් සමුදුරට එන්න. අපි බලමු ඉදිරියේදිත් මොනවගේ දේවල් කියවන්න ලැබෙයිද කියලා...

    ReplyDelete
  25. @``` Outsider``` - ස්තූතියි! ඔව් අමුතුවෙන් කාලසටහනකට අදාලව ලෝක විනාශය සිදුවිය යුතු නැහැ. දැනටමත් අපේ වර්ගයාම ඒක ස්වකැමැත්තෙන්ම සිද්දකරන්න පටන්අරන් ‍තිබෙන්නේ...

    ReplyDelete
  26. සුමංගල හිමි/බංඩාරAugust 3, 2011 at 11:12 PM

    මිතුර දිනෙෂ්
    ඔබ ලිපි ටික සාර්ථකව පෙල ගස්වා ලිබෙනවා.ලංකාවෙ රාවනා යුගය ගැන හරි අපුරැ ලිපි පෙලක් මම කියවා තිබෙනවා-කුතුහලය දනවන තොරතුරු තිබෙනවා.එවැනි ලිපි පෙලක් අපි ඔබෙන් බලා පොරොත්තු වනවා.තවත් ඉදිරියට ලියන්න ඔබට දිරිය ලැබේව

    ReplyDelete
  27. @සුමංගල හිමි/බංඩාර - ස්තූතියි! මෙම 2012 ලිපි මාලාව ලියන්න කියා යෝජනා කලේ සහ එයට මූලාශ්‍ර බොහෝමයක් ලබා දුන්නේ ඔබතුමන්ලා බව මේ මොහොතේද කෘතවේදීව මතක් කරනු කැමැත්තෙමි. මෙම ලිපි මාලාව ඇරඹීමේදීත් ලද යෝජනාවක් තමයි රාවණා රාජ්‍ය යුගය ගැන ලිපියක් ලියන ලෙස කෙසේවෙතත් ඒ ගැන මේ මොහොතේ පිළිතුරක් දිය නොහැක්කේ එම තේමාව ගැන ලිවීමේදී මෙයට වඩා බොහෝසේ කරුණු සොයාබැලීමට සිදුවීම හා එය පිළිබදව මේ වනවිටත් බොහෝ ලිපිලේඛණ සැකසී තිබීමයි. යම් හෙයකින් ඒ සදහා විශ්වාසනීය තොරතුරු යම් දිනයක ලැබුනහොත් ඒ ගැනත් ලිවීමට සිත යොමුකරන බව මේ මොහොතේ දන්වනු කැමැත්තෙමි...

    ReplyDelete
  28. අනුන්ගේ ඕපාදුප පිරුන බ්ලොග් පිටු අස්සේ පලවුන වටිනා ලිපි පෙලක්. මහන්සියට බොහොම ඉස්තුතී. දිගටම මේවාගේ ලිපි පල කරන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
  29. ලස්සන ලිපි පෙලක්.මම මුල ඉදලම මේක කියෙව්වා.ඔබගේ මහන්සියට මම ස්තූති කරමි.ඔබට ජය.

    ReplyDelete
  30. @Nirmala & පිස්සු පුසා - ස්තූතියි! තව ටික දිනකින් නැවතත් මේ වගේ විස්තර පිරුණ ලිපියක් බලමු...

    ReplyDelete
  31. mama kiyawoo blog walin hondama lipiyak kiyala kiyanna kamathi. me wage gaweshanathmaka lipi hungak watinawa minissunta aththa danaganna. idiriyatath meweni wedagath lipi palakaranna shakthiya obata lebewa.

    ReplyDelete
  32. මුලින්ම සමාව ඉල්ලනවා..මේ ටික බලන්න පරක්කු උනාට..ඒකට හේතුව උනේ මගේ නෙට් කනෙක්ෂන් එකේ වේගය මදි වීම නිසා පින්තූර බලන්න අමාරු හින්දත්..ලිපි ටික කියවන්න ටිකක් වෙලා යන හින්දා ඒකට කාලයක් හොයා ගන්න අමාරු වීමත්..ඒ වගේම ඔක්කෝම එක පාර කියවන්න බලං ඉඳීමත් කියන කාරනා..

    කොහොම නමුත් අද යන්තං කියව ගත්තා..

    ඇත්තටම හොඳම ලිපි පෙලක් කියලා කියන්න පුළුවන්...

    තව මේක කියවන්න බැරි උන අය හුගාක් ඇති.. ඒ අය වෙන්වෙන් මේ ටික තව ටිකක් ප්‍රචාරය කරන්න උත්සහ කරනවනං හොඳයි..

    තව දුරටත් මෙවැනි ලිපි ලියන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා...!

    ලිපි ටික අවසානයේ මං තාම කල්පනා කරනවා ඇත්තටම කියන විදියට විනාශය සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩිදෝ කියලා...සම්පූර්ණයෙන්ම නැති උනත් විශාල යමක් විය හැකිය යන තැන ඉන්න වෙන හැඩක් නං තමා මටනං හිතුනේ.මොනවා උනත් තව ටික දවසනේ..ඉඳලම බලමු.

    ReplyDelete
  33. @Asanka - ස්තූතියි! ඉදිරියේදිත් අළුත් ලිපි බලන්න සත් සමුදුරට එන්න...

    ReplyDelete
  34. @මාරයාගේ හෝරාව - ඔබට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා මා හට ලබාදෙන ධෛර්යයට වගේම අපහසුතා මධ්‍ය‍යේ පවා සත් සමුදුරට පිවිසීම සම්බන්ධයෙනුත්. ඔව් ඔබ කියන ලෙසම මේ ලිපි පෙලට තව ප්‍රචාරයක් ලැබුනොත් හොදයි. මොකද මෙය නොකියවන ලද අය බොහෝ සිටින බව පිළිගන්න වෙනවා. ලෝක විනාශය ගැන පැහැදිලිවම යමක් කීමට නොහැකිවූවත් පසුගිය කාලයේ ජපානයේ සිදුවූ විශාල භූමිකම්පාව වැනි සිදුවීම් නිසා අඩු මට්ටමෙන් වුවත් යමක් සිදුවීමට ඇති ප්‍රවණතාවය බැහැර කරන්නටත් බැහැ...

    ReplyDelete
  35. බොහොමත්ම වටිනා ලිපි පෙලක්..... බොහොමත්ම ස්තූතියි මේ වගේ වැදගත් දැනුමත් ලිපි පෙලක් පල කළාට... ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනා, මාරයා මූණු පොතේ දීපු ප්‍රචාරය හින්දා තමයි මමත් මේ බ්ලොග් අඩවිය හා ලිපි පෙළ ගැන දැනගත්තේ...

    ReplyDelete
  36. @Jeew - ස්තූතියි! ඇත්තෙන්ම මාරයා වැනි මිතුරන් දෙන සහය නිසා තමයි බ්ලොග් අඩවිය පාඨකයන් තව තවත් හදුනාගන්නේ. ඒ ගැන ඔහුටත් මම ස්තූති කරනවා..

    ReplyDelete
  37. වටින ලිපි පෙලක් අයියේ.මේ වගේ වටින ලිපි ලියන්න සුභපතනව...

    ReplyDelete
  38. @කුරුං ගුරුං - ස්තූතියි!

    ReplyDelete
  39. HEY dinesh oyge article godk hodi oyta puluwnda Bermuda triangle 1 gana article 1 danna eka godak intarest neda....

    ReplyDelete
  40. සිංහල බ්ලොග් අවකාශයෙ දැකපු හොඳ බ්ලොග් වලින් එකක්. 2012 ලෝක විනාශය සම්බන්ධයෙන් ඔබ විස්තර ගවේශණය කරල කරුණු ඉදිරිපත් කරපු ආකාරය අපූරුයි. ඒ කරුණු ඉදිරිපත් කිරීමේදි වාස්තවික වීම බ්ලොග් කලාව තුලදි තියා රූපවාහිනිය තුලවත් දකින්න අමාරුයි.

    ඔබ අපක්ෂපාතීව ලියපු ලිපි පෙල තමයි මට මේ (http://www.theopen.chamiladealwis.com/2011/08/2012-the-apocalypse-really/) ලිපිය ලියන්න හිත දුන්නෙ. මගෙ ලිපිය හැබැයි පක්ෂපාතියි. :D

    දිගටම මේ වැඩේ කරගෙන යන්න. නිවැරදි සත්‍ය තොරතුරු අපිට ඇත්තෙන්ම අවශ්‍යයි.

    ReplyDelete
  41. දැනුම අපත් සමග බෙදා ගත්තාට බොහොම ස්තුතියි. නොදන්නා බොහෝ දේවල් මෙම ලිපි මාලවෙන් ඉගෙන ගත්තා.තවත් මෙවැනි ලිපි ලිවීමට හැකි වේවා.

    ReplyDelete
  42. @පිටස්තරයා - ස්තූතියි! ඔබ ලියූ ලිපිද මා බැළුවා. ඒවාද ඉතා අනර්ඝයි කියා අවංකවම කියන්න පුළුවන්. නැවතත් මා තුති පුදනවා ලබා දෙන සහයට...

    ReplyDelete
  43. @Dasun - ස්තූතියි! අපි ඉදිරියේදිත් තව තව තේමාවන් ඔස්සේ කතා කරමු. නැවත එන්න...

    ReplyDelete
  44. හුගාක් වටින ලිපියක්!මේ ගැන බලන්න ආවේ පිස්සා අයියාගේ ලිංක් එකකින්!මමත් මේ සත්සමුදුරේ යාත්‍රා කරන්න ආවමයි.බොහෝම වටින දැනුම් කාරණා ටිකක්.බෝම අගෙයි.

    ReplyDelete
  45. @කතන්දර මාමා - ෂ්තූතියි! නැවත සත් සමුදුරට එයි කියලා බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  46. http://www.youtube.com/watch?v=scZAOQNopok&feature=share

    ReplyDelete
  47. ලොකු දැනුමක් ලබා ගත්ත ...දිගටම ලියන්න අය්යේ.

    ReplyDelete
  48. Apita loku denumak labaganna me blog site eka upakari wena nisa, idiriyatath me wage thorathuru ethulkaranna.

    ReplyDelete
  49. නියම ලිපි ටික,,, ගොඩක් වටිනවා..... දිගටම ලියන්න......

    ReplyDelete