-->

Sunday, March 20, 2011

පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහනට අකුරු අමුණන වගයි...(Howard Carter discovered the Tomb of Tutankhamun.) - සිව්වන කරදැහිය

මලවුන්ගේ නිදහස බිද දැමීම හෙවත් සොහොන් විවෘත කිරීම

ඈත අතීතයේ සිටම ඊජිප්තුවට පැමිනෙන්නන් මමීගැන සැලකිල්ලක් දක්වා තිබේ. එසේම ඊජිප්තුව යටත් කරගත් ග්‍රීක් සහ රෝම ජාතිකයන් ටික කලක් මෙම රටේ වාසය කරන විට ඔවුන්ගේ පවුල්වල අය මියගිය පසු ඒ අයගේ සිරුරුද පුරාණ මිසරයේ පැවති ක්‍රමයට මමිබවට පත්කරවාගෙන  ඇත. මෙය ක්‍රි.ව. 5 වන සියවස දක්වා  සිදුවි ඇත. නමුත් එම සියවසේ සිදුවූ ක්‍රිස්තියානි ආක්‍රමණවලට මිසරය නතුවූ පසු මමිකරණයද අවසන්වී ඇති අතර එම සොහොන් භුමිද අතහැරදමා ඇත. මෙය මිනී සොරුන්ට නම් වාසනාවන්ත සමයක උදාවක් වී ඇති අතරම ඔවුන් මෙම සොහොන් බිම්වල තිබූ වටිනාකියන දේවල් මෙන්ම මමිද සොරකම් කරගෙන ඇත. මධ්‍යතන යුගය වන ක්‍රි.ව.5 සහ 15 අතර කාලයේදී මිනිසුන්ට විශාල වැරදීමක්ද සිදුවී ඇත. එනම් මෙම මමි අඔරා කුඩු කර ගැනීමෙන් දුර්ලභ ඖෂද ලබා ගැනීමට හැකිය යන මිත්‍ය විශ්වාසයයි.

1600 සහ 1700 යන සියවස් වල ඊජිප්තුවට සපැමිණි යුරෝපීය සංචාරකයන් එරටින් ගොස් ඇත්තේ හිස් අතින් නම් නොවෙයි. ඒ ඔවුන් සිය නිවෙස් කරා යන විට ඊජිප්තු මමියක්ද රැගෙන ගොස් ඇත. එය ඔවුන් සිය නිවසේ කැබිනට්ටුවක දමා ප්‍රදර්ශනයද කොට ඇති අතර සමහරුන්ට මමි සහ ඒහා සබැදුන බඩුබාහිරාදිය සහිත කුඩා කෞතුකාගාරද තිබී ඇත. ඒවගේම මේවා යුරෝපීය ජාතිකයන් ඇදබැද තබා ගන්නා ජනප්‍රිය ප්‍රදර්ශන භාණ්ඩද වී තිබූ බව නම් නොකියාබැරිය.

19 වන සියවසදී සිදුකෙරුන පුරාවිද්‍යාත්මක ගවේශනවලදී පුරාණ මිසර‍යේ ධනවත් පැලැන්තියේ අය සිදු කල මමිකරණය පිළිබද හෙලිවූයේ මමිකරණයට එදා ඒ සමාජයේ සිටි දෙකොට්ඨාශයක් බදුන්වී ඇති බවයි. ඒ රාජකීය සහ පූජක යන දෙකොටස අතරයි. ඒවගේම 1896 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයකුවන William Flinders Petrie විසින් මමියක් ඔතා ඇති වෙළුම් පටි ඉවත්නොකොට X-ray කිරණ වලට ඇල්ලීමෙන් තවත් බොහෝ කරුණු කාරණා මමි පිළිබදව දැන ගන්නට ලැබී තිබෙනවා.

විසිවන සියවස හෙවත් අපි ඉපදුන සියවසේ සිදුකල මහා සොයාගැනීමක් පිළිබද පුවත ඔබහට ගෙනහැර දක්වන මොහොතයි මේ...

1900 ඇරඹුමත් සමගම පුරාවිද්‍යාත්මක සොයාගැනීම්ද වේගවත් වී ඇති අතර සුප්‍රසිද්ද පුරාවිද්‍යාඥයන් වන Howard Carter, සහ Carnarvon සාමිවරයා (George Herbert) මොවුන් අතර ප්‍රමුඛතැනක් ගෙන තිබෙනවා. මොවුන් මුලින් 4 වන Thutmose සහ Hatshepsut රැජිනගේ සොහොන් ගවේෂනය කොට ඇති අතර 1922 පෙබරවාරි 23 වනදා ඔවුන් විසිවන සියවසේ ලොව පෙරලිකාරම සොයා ගැනීමක් සිදු කරන ලදි. ඒ තමයි ඒවනතෙක් මිනිස් ස්පර්ශය නොලද රාජකීය මමියක් වන තුතන්කාමන් (Tutankhamun) රජුගේ මමිය සහිත සුවිශාල පිරමීඩය හෙවත්  KV62 නම් සංකේත නාමය ලබා දී ඇති සොහොන් ගැබ විවෘත කිරීමයි.
Entrance of King Tutankhamun Tomb
මෙම පිරමීඩයට පළමුවෙන්ම ගිය හොවාර්ඩ් කාටර් පසුව එය විස්තර කලේ මෙලසයි.” මුලින්ම මට මොනවත් දැක ගන්නට ලැබුනේ නැහැ. උණුසුම් සුලඟක් කාමරේ සිට එළියට යනවත් එක්කම පත්තුකරල තිබුන ඉටිපන්දම් වල දැල්ලත් නිවෙන්නට වගේ හෙල්ලලෙන්නට වුනා. මගේ ඇස් එතන එළියට හුරුවෙන්න ගන්නවත් එක්ක කාමරේ මොනවද තියෙන්නේ කියන එක අදුරෙන් මතුවෙන්න ගත්තා. එතන සත්තුන්ගේ, දෙවියන්ගේ රත්තරං පිළිමවලින් බැබලෙන්නට වුනා” ("At first I could see nothing, the hot air escaping from the chamber causing the candle flames to flicker, but presently, as my eyes grew accustomed to the light, details of the room within emerged slowly from the mist, strange animals, statues and gold - everywhere the glint of gold.)

රජුගේ මමිය තිබී ඇත්තේ තනි රත්තරනින් කල මීනී පෙට්ටියත් තුලය. මෙය කිලෝ ග්‍රෑම් 110 ත් පමණ බරවෙතැයි කියන අතර 2004 දී කරන ලද තක්සේරුව අනුව වටිනාකම එවකට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 15 කටද වඩා වැඩියැයි පවසයි.

එසේම රජුගේ මුහුණට පලදවා ඇති මුහුණු ආවරණය හෙවත් The death mask ගැනද පැවසිය යුතුමය එය මුහුණ පමණක් නොව හිසද වැසෙන සේ නිමවා තිබූ අතර එය රත්තනින් නිමවා, එයට එබ්බවූ වර්ණවත් වීදුරු කැබලි සහ තරමක් වටිනා මැණික් වලින් සමන්විතය

Tutankhamen රජු ගැනද යමක් නොකීවොත් අනිවාර්යයෙන්ම අඩුපාඩුවක්. ඔහු මිය යන්නට ඇත්තේ ක්‍රි.පූ.1346 පමණ විය හැකියයි සැලකෙන අතර මිය යන විට ඔහු 18 වන වියෙහි පසුවෙන්නට ඇතැයි සලකනවා. ඔහු රාජ්‍යත්වයට පත්වී ඇත්තේ ඔහුට වසර 9 වන තැන යයිද ඉතිහාසඥයන්ගේ මතයයි. මේනිසාම ඔහුව "Boy-King" හෝ "Child-King" ලෙසද හදුන්වා තිබෙනවා.

රජුගේ මමියේ වෙළුම් පටි ඉවත් කිරීම 1925 නොවැම්බර් 11-19 අතරදී සිදුකර තිබෙන අතර එය තරමක් අසීරු කටයුත්තක්ද වී තිබෙනවා. එයට හේතුව ‍මමිකරණය සිදුකරන අවස්ථාවේ ගැල්වූ තෙල් නිසා මමිය තබා ඇති ස්ථානයට ඇලී පැවතීමයි. ඒවගේම වෙළුම් පටිවල තත්වයද යහපත්වී නැහැ. කෙසේ හෝ මෙම රෙදිපටි එකිනෙක ගලවා යනවිට සිරුරට පලදවා තිබූ රන් ආභරණ, කිනිසි, සහ තවත් කුඩා ආයුද වල කොටස්ද හමුවී තිබෙනවා. මුළුමනින්ම පටි ඉවත් කර පසු දක්නට ලැබුන මමියේ ප්‍රමාණය අනුව රජු අඩි 5 අඟල් 6 ක් පමණ උස, හීන්දෑරි අයෙකුයයි අනුමාන කර තිබෙනවා. ඔහුට නැමුන කොන්දක් තිබුන බවද පැවසෙන අතර කුඩා අස්ථි බිදිමක් හිස් කබලේ තිබූ බවද සදහන් කරනවා. එසේම කම්මුලේ වම් පසින් තුවාලයක සලකුණුද තිබූ බව පැවසෙනවා. පපුවේ සිදුරක්ද වෙළුම් වලින්ම වසා තිබූ බවද පැවසෙන අතර වැඩි දුර හාරඇවිස්සීම් එතනින් අහවර කොට තිබෙනවා.

මින්පසු මේ පිළිබද පරීක්‍ෂන සිදුකරනු ලබන්නේ වසර 42 කට පසු එනම් 1968 දී කායච්ඡේද විද්‍යාව පිළිබද මහාචාර්ය (professor of anatomy) R. G. Harrison විසින් X-Ray පරීක්‍ෂන සිදුකිරීමෙනි. කෙසේවෙතත් 1926 ට පසු නැවත මමිය වෙළුම් පටි වලින් වෙලීමක් සිදුකොට නැති අතර මමියේ තිබූ ආභරන හා වෙනත් වස්තූන්ට අමතරව සිරුරේ අවයවද බොහෝප්‍රමාණයක් කැඩී බිදී ගොස් හෝ නැතිවී තිබූ බවද පැවසේ. මෙම පරීක්‍ෂන වලින් බලාපොරොත්තුවී ඇත්තේ හිස් කබලේ දක්නට ලැබෙන බිදීම ඔහුගේ මරණය සිදුකිරීමට සිදුකරන ලද්දක්ද යන වග සෙවීමයි. එහෙත් එයට ප්‍රමාණවත් සාධක සොයාගැනීමට නොහැකිව ඇත.

2005 ජනවාරි 12 වන දින කයිරෝ සරසවියේ, වෛද්‍ය පීඨයේ, පීඨාධිපති වෛද්‍ය Madeeha Khattab ගේ අධික්‍ෂනය ය‍ටතේ CT Scan පරීක්‍ෂාවක් සිදුකරන ලද අතර, එමගින් හිසේ ඇති අස්ථි බිදීම මරණයට හේතුවන‍ දෙයක් නොවන බවත්, ඔහුගේ අස්ථිවල සහ චාර්වක දත් පිළිබද සිදුකල විමර්ශනයේදී ඔහු මිය ගොස් ඇත්තේ වයස 19 දී පමණ විය හැකි බව තවදුරටත් තහවුරු කෙරින. එසේම මෙම ස්කෑන් පරීක්‍ෂන අනුව ඔහුට මිය යාමට හේතුවිය හැකි අසනීපයක්ද තිබී නොමැති බව තහවුරු වී ඇති අතර හිසේ ඇති බිදීම මිනී මැරුමකට හේතුවිය නොහැකි බව පැවසුවද වෙනත් සාධකයකින් මෙය සිදුකරාද යන සැකය තවමත් බැහැරනොවී ඇති බවද ප්‍රකාශිතය.

2007 සැප්තැම්බරයේ සිට 2009 ඔක්තෝබර් අතර කාලයේදී, තුත්නකාමන් රජුගේ රාජ්‍ය පෙලපත ලෙද සැලකෙන 18 වන පෙලපතේ වෙනත් රාජකීය මමි 11 ක ගේ
DNA  සමග තුත්නකාමන් රජුගේ DNA ද සසදා පරික්‍ෂා කරන ලදි. මෙය එරට පුරාවිද්‍යා ක්‍ෂෙත්‍රයේ ප්‍රධානියා වන ආචාර්ය  Zahi Hawass ගේ නායකත්වය යටතේ සිදුකරන ලදි. මෙම test වලදී සනාථ වූ කරුනක්වූයේ තුත්නකාමන් රජුගේ පෙලපතේ අයගේ ජානවල විවිද දෝශ සහගත තත්වයන්ය. එසේම රජුගේ මමියට ඇතුළුව මමි හතරක කරන ලද විමර්ශනයේදී හෙලිවූයේ ඒවායේ මැලේරියා රෝග ලක්‍ෂන තිබෙන බවයි. ඒ අනුව රජුගේ මරණය මැලේරියාව හා ඊට අමතරව උකුල ආශ්‍රිත ප්‍රදේශවලට නිසි රුධිර සැපයුම නොලැබීමෙන් ඒවායේ අස්ථීපටක මියයාමේ රෝගයක්වන avascular necrosis නම් රෝගී තත්වය බලපාන්නට ඇති බව බොහෝදුරට අනුමාන කෙරිනි. මීට අමතරව රජුගේ සොහොන් ගැබෙන් හමුවූ සැරයටියක් සහ පෞරානික මිසර බෙහෙත්ද අනුව රජු ඇවදීමේ දුබලතාවයකින්ද පෙලී ඇතිබව ආචාර්ය Zahi Hawass විසින් සනාථ කෙරින.

A model made by French Team based on facial reconstruction
from CT Scans of King Tutankhamun's mummy

පාරෝවරුන්ගේ ශාපය (“Pharaoh’s curse”)


1922 නොවැම්බරයේ, මෙම රාජකීය සොහොන් භූමියට වසර දහස් ගණනකට පසු මිනිස් ස්පර්ශය ලැබුන පසු මේ පිළිබදව යම් යම් බියජනක මත පළවෙන්නටද පටන්ගත් අතර එකල සිටි ලේඛකයෙකු වූ Mari Corelli විසින් මේ කටයුත්ත පිළිබද අනතුරු හඟවමින් ලිපියක්ද පල කරන ලදි.

මෙම ලිපිය පල කර සති කිහිපයක් නික්ම යත්ම හොවාර්ඩ් කාටර්ට මූල්‍ය දායකත්වය සැපයූ කානවන් සාමිවරයා නිව්මොනියාව ‍සෑදීම නිසා 1923 අප්‍රේල් 05 වන දින මිය ගියහ. මෙය ඒ අවස්ථාවේ ප්‍රචලිත වූයේ ඔහුට මදුරුවකු දෂ්ඨ කිරීම නිසා ඇතිවූ රෝගී තත්වයක් මත මිය ගියබවයි. නමුත් එකල සිටි බොහෝ විද්වතුන්ගේ පවා මතය වූයේ මෙය පාරෝවරුන්ගේ ශාපය (“Pharaoh’s curse”) ට ලක්වීම නිසා සිදුවූ මරණයක් බවයි. මෙය වඩාත් තහවුරුවීමට පසුබිමෙන් සිදුවූ සිදුවීම් රැසක්ද හේතුපාදක විය.

එසේම මෙම සොහොන් ගැබේ දොරේ ඇති ශිලා ලේඛණයක රූපාක්‍ෂර වලින් සදහන්ව ඇතැයි කියන "Death shall come on swift wings to him that toucheth the tomb of the Pharaoh" කියමනද මෙම සිද්දිමාලාවට හොද ශක්තියක් සැපයුවා නිසැකය.

කාටර් මෙම සොහොන්ගැබ විවිර කල දිනම සිදුවූ සිදුවීම නම් ඔහු සුරතලයට හැදූ කැනරි පක්‍ෂියා නයෙකු විසින් ගිල දැමීමයි. නයා ගත් කල පාරෝවරුන්ගේ ආරක්‍ෂක දෙවියෙකුලෙසද සැලකින. අනෙක සිදුවීමක් නම් කානවන් සාමිවරයා මියගිය මොහොතේ මුළු කයිරෝවේම විදුලිබලය ඇන හිට තිබේ. එසේම ඒ මොහොතේම සාමිවරයා‍ගේ ලන්ඩන් නුවර නිවසේ ඇතිකරන ලද සුරතල් බල්ලාද උඩුබුරලා මියගොස් ඇත.‍‍

මෙම සංසිද්ධියට තවත් පෝෂක සපයන තවත් අද්භුතජනක සිද්ධියක්ද වසර කානවන් සිමි මිය ගොස වසර දෙකකට පසු දැකගත් හැකිවිය. එනම් 1925 නොවැම්බරයේදී තුතන්කාමන් රජුගේ මමියේ වෙළුම් පටි ඉවත් කළ විට ඔහුගේ වම් කම්මු‍ලේ තුවාලයක සලකුණු දැකගත හැකිවිය. කානවන් සාමි මිය යාමට හේතුව යයි පැවසු මදු‍රුවා ඔහුට හරියටම දෂ්ඨ කර තිබුනේද වම් කම්මුලේ තුතන්කාම‍න්ගේ තුවාල සලකුන තිබූ ස්ථානයට සමාන වීමද විශ්මයජනකය.

කානවන් සාමිවරයා මියගියගොස් ටික කලකට පසු මෙම කණ්ඩායමේ සිටි තවත් කැපී පෙනෙන පුරාවිද්‍යාඥයකුවූ Arthur Mace ද සිහිමූර්ජා තත්වයකට පසු නොබෝදිනකින් මියගොස් ඇත.
කානවන් සාමිවරයා මියගිය බව කනවැකුන වහා ඊජිප්තුවට පැමිණි කාන්වන් සාමිගේ මිතුරෙකු වන George Gould යන අයද නැවකින් යාත්‍රා කොට මිසරයට පැමිණ ඇති අතර ඔහු නැවත කයිරෝවේ නැව්තොටට යාමට පෙර තව වරක් තුතන්කාම‍න්ගේ සොහොන දෙස බලා ඇත. මේ දිනයේම අධික උණ නිසාම ඇදට වැටී ඇති මොහු ඉන් පැය 12 ක් ඉක්ම ගිය තැන මියගොස් ඇත‍.

එසේම මෙම තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කිරීමේ ක්‍රියාදාමයට සම්බන්දව සිටි විකිරණශිල්පී Archibald Reid, කර්මාන්තකරුවකු වන Joel Wool, කානවන්ගේ පුද්ගලික ලේකම්වරයාවන Richard Bethell ද මිය ගොස් ඇත්තේ අස්වාභාවික අද්භූත ආකාරයකිනි.

එසේම කානවන් සාමිගේ මිතුරෙකු වන  Westbury සාමි මිය ගොස් ඇත්තේ ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි තොරකරගැනීමෙනි. එසේ සියදිවි හානි කර ගැනීමට පෙර ඔහු තබා තිබූ සටහනේ කියා තිබුනේ “ඇත්තටම තවත් මට මේ භයංකාර දේවල් බල බල ඉන්න බැහැ. මා විසින්ම මැරෙන එක හොදයි”( "I really cannot stand any more horrors and hardly see what good I am going to do here, so I am making my exit.")

එසේම එදා පුවත්පත් වාර්තා අනුව මෙම ක්‍රියාවලියට සම්බන්දව සිටි 26 දෙනෙක් දශකයක් ඇතුලත විවිද හේතුමත මියගොස් ඇති බව සදහන්ය.

මෙය සත්‍යයක්ද???
මිනිසුන් කවදත් ගුප්ත දේවලට දක්වන්නේ පුදුමාකාර ගිජු කමකි. මෙම සිදුවීම් වලද ඇත්ත තතු වලට වඩා යම් මවා පෑමක් තිබුන බව මේ පිළිබදව මධ්‍යස්ථ මත දරන්නන් පවසයි.

මෙම සිද්දියේදී මුලින්ම මියගිය කානවන් සාමි ඊට වසර 20 කට පමණ පෙර සිදුවූ අනතුරකට පසු දුර්වල සෞඛය තත්වයෙන් පසු වූ බව පැවසෙන අතර, මුහුදු මගින් ඊජිප්තුවට පැමණිමේදීත්, ඊජිප්තුවේ වියලි කාලගුණයත්, මෙම කාර්යයන් සිදුකිරීමේදී ඇතිවූ වෙහෙසත් ඔහුගේ රෝගාතුරභාවය වැඩි දියුණුකරන්නට හේතුවන්නට ඇත‍. මේ නිසා ඔහු බොහෝවිට මියයන්නට ඇතැයි මැදි මත දරන්නන් කියයි.

පුවත්පත් වාර්තා අනුව පෙර කී ලෙස දශකයක් තුල 26 දෙනෙක් මිය ගිය බව පැවසුවද සත්‍ය වශයෙන්ම මියගොස් ඇත්තේ 6 දෙනෙකු පමණක් බවද කියයි. එසේම මෙයට සම්බන්දවු සමහරුන් දීර්ඝකාලයක් සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවූ බවද  කිව යුතුය.

මෙම කාර්යයේ ප්‍රධානියවන හොවාර්ඩ් කාටර් අනිත් කාටත් වඩා මෙම‍ සොහොන් ගැබ තුල සැ‍රිසැරූ අතර ඔහුට මේ කියන කිසිදු අතුරුආන්තරාවක් සිදුනොවීය. ඔහු මෙම සිදුවීමට සම්බන්ධවී දශකයකටත් වඩා යහතින් කල්ගෙවූ අතර ඔහු මියගියේ තම 65 වන උපන්දිනයට ඔන්නමෙන්න තබා තිබියදී 1939 දීය.

“ශාපයන්” උත්පාදනයට හේතුවිය හැකි කරුණු...

ඕනෑම කෙනෙක් දන්නා පරිදි මෙසේ අති දීර්ඝ කාලයක් වසා දමා තිබෙන ස්ථානයක විශබීජ සහ රෝග වාහකයන් හොදින් වර්ධනයවනබව මෙයද මෙම අද්භූත මරණ වලට හේතුවක් වන්නට ඇත. එසේම මෙම මමිබවට පත්කල  අයද නොයෙකුත් බෝවන රෝග හෝ සුවකල නොහැකි රෝගාබාදවලින් මියයන්නට ඇති අතර එදා මිස‍රයේ ඒවා හදුනාගැනීමට තරම් දියුණු ක්‍රමනොතිබෙන්නට ඇති අතර සොහොන් තුල මමිතැන්පත් කර වසා දැමුවද මිනී සොරුන්ට ඒවා කඩා දැමීම එතරම් කටයුත්තක් නොවන්නටද ඇති අතර ඔවුන්ද මෙසේ මිනිස්වාසයට හිතකර ‍නොවූ සොහොන් තුලට පිවිසීම නිසා ටික කලකින් මියපරලොවයන්නට ඇත‍. 

පුරාණ මිසරයේ මිත්‍යාමත කොතරම්නම් තිබෙන්නට ඇත්ද මෙසේ මියගිය සොරුන් කල වැරදි වැඩය නිසා පාරෝවරුන්ගේ ශාපයට ලක්වීමෙන් ලද දඩුවමක් බව එදා පැරැන්නන් දෙවරක් නොසිතා පවසන්නටද ඇත. මෙය ඉබේම ජනප්‍රවාදයක් බවට පත්ව ශතවර්ශ ගණනාවක්පුරා තව තවත් පෝශනය වීමද විසිවන සිය‍වසේ මෙසේ සිදුවූ මරණයන්ටද ආරෝපණය කිරීමට හේතුවන්නට ඇති බව විමසිල්ලෙන් බැළුවිට පෙනේ.



 1999 දී ජර්මනියේ Leipzip විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍රජීව විශේෂඥයන් වෙනස් වෙනස් මමි 40 ක් ගෙන සිදුකල පර්යේෂනවලදී සනාථවුයේ මෙම මමි ආශ්‍රිතව භයානක දිලීර වර්ග වර්ධනයවී ඇතිබවයි. දිගුකලකට පසු මුලින්ම සොහොන්වල දොරටු විවර කිරීමේදී එය තුලට පිරිසිදු සුලංප්‍රවාහයක් ගලා ඒමේදී මෙම දිලීර බීජ විසිරී වාතලයට මුසුවී ඒවා ආඝ්‍රානය කිරීමද මේවා තුලට ගිය අයගේ සෞඛ්‍යය යහපත්නොවීමට හේතුවන්නට ඇත.

එසේම තව කරුණක් වන්නේ මෙම මමි සහිත පිරමීඩ තුල මියගිය පුද්ගලයාට ජීවතුන් අතර සිටින පිටස්තරයන්ගෙන් සිදුවන බාධවන් වැලකීමටත්, මේවා තුල තැන්පත් කරන වස්තුව සොරුන්ගෙන් ආරක්‍ෂාකරගැනීමට විවිද ආකාරයේ උගුල් අටවා ඇත. මේවා සමහරක් ජීව විද්‍යාත්මක උගුල් ලෙසද සැලකිය හැකි අතර සමහර ඉතිහාසඥයන්ගේ මතය අනුව ලොව මුලින්ම ජීවවිද්‍යාත්මක අවි භාවිතාකර ඇත්තේ පුරාණ මිසරවාසීන් බවටද මතයක් පලකර ඇත. ඒවා අතර භයානක ලෙඩ රෝග වලින් මියගිය සතුන්ගේ විශබීජ සහිත මස් ආදිය සහ රෝගකාරක දිලීර වගා කොට ඔරුවල බහා තබා තිබෙන්නට ඇති බවද කියයි. 


 තවද න්‍යෂ්ඨික විද්‍යාඥයකුවන Louis Bulgarini 1949 දී සිදුකරන ලද ගවේෂනයකින් පසු පැවසූවේ සොහොන් ගැබ තුල යුරේනියම් අන්තර් ගත ද්‍රව්‍ය වලින් පින්තාරු කල රේඛා ආදිය තිබෙන්නට ඇති බවත් ඊජිප්තුව තුල ඇති පාශානවලින්ද යුරේනියම් සොයාගන්නට ලැබෙන නිසා එදා අතීතයේ විසුවන් යුරේනියම් පිළිබද විද්‍යාත්මක් වැටහීමක් නොතිබුනත් මෙය අන්තරායකර ද්‍රව්‍යයක් බව වටහා ගෙන එයද මෙම පිරමීඩ මිනිස් ස්පර්ශයෙන් අපවිත්‍රවීම වැලකීමට උගුලක් ලෙස යොදාගන්නට ඇතිබවයි.( “It is definatly possible that the ancient Egyptians used atomic radiation to protect their holy places. The floors of the tombs could have been covered with uranium.” - Louis Bulgarini)

මෙම කරුණු සැලකිල්ලට ගත් කල රජවරුන්ගේ නිම්නය හෙවත් Valley of the Kings හි මෙම සොහොන් භූමි තුලට පිවිසීම නිසා හිතාගත නොහැකි උපද්‍රව සිදුවීම පුදුමයක්නොවන බව වැටහේවි.

නූතන තත්වයන්...

1965 වන විට හොදින් කල්තබා ගන්නා සේ සකස් කල මමි 5000 කට අධික සංඛ්‍යාවක් නුබියා හෙවත් දකුණු ඊජිප්තුවෙන් සොයාගෙන අධ්‍යයනය කොට ඇති අතර ඒවා සහ නූතන එරට ජනතාව සබදතාවන්ද අධ්‍යයනය කර තිබේ.

ජනශ්‍රැතිය

සියවසකටත් වඩා ‍වැඩියෙන් සිනමාව තුලද ජනප්‍රියම මාතෘකාවක් ලෙද මමි සැලකිය හැක. 17 වන සියවසේදී මමිවලට කරදර කරන අයට ශාප වදින බවද පොතපතේ පවා ලියවී ඇත. එසේම විසිවන සියවසේ සිදුවූ මහා ඛේදවාචකයක් වන 1912 සිදුවූ ටයිටැනික් නැවේ අනතුරටද එම නැවෙන් මමියක් ගෙන යාම හේතුවූ බව සමහරෙකුගේ මතයයි. එසේම ටුතන්කාමන් ‍රජුගේ සොහොන විවෘත කිරීමට සම්බන්දවූ අය අස්වාභාවික ලෙද මියයාමද මෙම කතාවන්ට හොදින් වස්තුබීජයක් වූවා නිසැකයි. එසේම 1932 දී නිපදවූ 
The Mummy චිත්‍රපටිය මෙන්ම 90 දශකයේ නිපදවූ මමි චිත්‍රපටියද, මමි පිළිබද ගෞරවාන්විත බියක් ගෙන දුන් බව ‍මා මෙන්ම ඔබද පිළිගනිවි.මේ පිළිබද මූලාශ්‍ර ලබාගත් ස්ථානද සටහන් කරමින්‍ පුරාණ පිරමීඩ හා මමි ගැන ලියවුන  ලිපියට විරාමයක් තබන අතර මේ පිළිබදව වෙනස් ආකාරයේ හෝ නව පුවත් ලැබන හොත් ඒවාද ඔබ හමුවේ තබන බව සපථ කරමින් තවත් ගවේෂනාත්මක ලිපියකින් හමුවෙමු...




http://yourparanormal.com/curse-of-tutankhamun/
http://en.wikipedia.org/wiki/Tutankhamun's_mummy
http://www.eyewitnesstohistory.com/tut.htm
http://www.cbsnews.com/stories/2005/05/11/tech/main694510.shtml
http://en.wikipedia.org/wiki/Tutankhamun
http://www.richard-seaman.com/Travel/Egypt/Cairo/Museum/Tutankhamun/DeathMaskAndCoffins/index.html
http://www.crystalinks.com/tutstomb.html


(මෙම ලිපිය පල කරන අවස්ථාවේ ඇතිවුන අන්තර්ජාල සේවාවවල දුර්වලතා හේතුවෙන් Preview කරගැනීමට ‍නොහැකිවීම හේතුවෙන් ලිපියේ කරුණු සහ පින්තූර ස්ථාන ගතවීම් වල යම් දෝශ ඇත්නම් ඒ ගැන ඔබ පත්වන අපහසුතාවය ගැන කණගාටුවට පලකරන අතර, පසුව ඒවා නිවැරදි කරන බවද දන්වමි.)

40 comments:

  1. NIYAMA WADAK MEKA.DIGATAMA LIYANNA.

    ReplyDelete
  2. @Anonymous - ස්තුතියි! නැවත එන්න...

    ReplyDelete
  3. දිනේෂ් අයියා මේ වගේ වැදගත් දෙයක් ඉදිරිපත් කරන එක ගැන බොහොම සතුටුයි. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපි.

    ReplyDelete
  4. @prasanna86k - ස්තූතියි! මල්ලී, මම හැකි උපරිම දායකත්වය ඒ වෙනුවෙන් දෙන අතරම දත්ත වල නිවැරදි බව ගැනද උපරිම සැලකිල්ලක් දක්වනවා. නැත්නම් එම වැරදි ඔස්සේ ඉගන ගැනීමෙන් සිදුවන්නේ නොදැන සිටීමටත් වඩා වැඩි හානියක්වන්නටද ඉඩ ඇත...

    ReplyDelete
  5. (මෙම ලිපිය පල කරන අවස්ථාවේ ඇතිවුන අන්තර්ජාල සේවාවවල දුර්වලතා හේතුවෙන් Preview කරගැනීමට ‍නොහැකිවීම හේතුවෙන් ලිපියේ කරුණු සහ පින්තූර ස්ථාන ගතවීම් වල යම් දෝශ ඇත්නම් ඒ ගැන ඔබ පත්වන අපහසුතාවය ගැන කණගාටුවට පලකරන අතර, පසුව ඒවා නිවැරදි කරන බවද දන්වමි.)

    **mekath sapema kellakda??

    ReplyDelete
  6. අගය කරමි. ගොඩක් මහන්සි වෙලා තියනවා විස්තර සොයා ගන්න
    ස්ත=තියි

    ReplyDelete
  7. අද ලිපියනම් වෙනදටත් වඩා රසවත්.
    මේ මාතෘකාවට අපිත් මේ තරම් කැමැති ජනප්‍රවාද වල එන මිථ්‍යා මත වලට අපිත් කැමැති නිසාද කියල හිතුණ.
    ස්තූතියි ඔබට....

    ReplyDelete
  8. @mahima - මුලින්ම ඔබට ස්තූතිය පුද කරන අතරම ඔබ අන්තිමට ඇසූ "මේකත් සාපේම කෑල්ලක්ද" යන කොටස මාහටද විනෝදයක් ගෙනදුන් බව නොකියා බැහැ. හැබැයි ඒකත් ලිපියට මනාව ගැලපීමක් ආවා යන්න දැන්නම් මටත් හිතෙනවා. ඇත්තටම වුනේ මේකයි. මට නිවසේ තියෙන්නේ Dial-Up internet package එකක්. ඒක මන්දගාමී නිසා ම‍ට සැකයක් ආවා preview කර ගන්නත් බැරි නිසා අකුරු හා ඡේද අස්ථානගතවීම් සහ රූප අවශ්‍ය ස්ථානවලට නොවැටී ඇත්ද යන සැකය. කෙසේනමුත් "සාපය" ලිපියට නම් බලාපා නැහැ. අපේක්‍ෂාකල තැන්වල ඒවා නිසියාකාරවම තිබෙනවා. මම මුලින්නම් හිතාගෙන හිටියේ හෙට කාර්යාලයට ගියපසු අවසානයේ වරහන් ඇතු‍ලේ තිබෙන මෙම කොටස ඉවත් කරන්නයි. ඒත් දැන් එයත් ලිපියට හොදට ගැලපෙන නිසා ඒකත් තිබුනොත් හොදයි කියල හිතෙනවා...

    ReplyDelete
  9. @Anonymous - ස්තූතියි! ඔබ ඒ ගැන අදහස පල කල නිසා කියන්නම්. මුලින් ලිපිය සකසා තිබුනත් අළුත් කරුණු සහ යම් යම් වෙනස් කිරීම් සිදුකිරීමට පටන් ගත්තේ ඊයේ රාත්‍රී 10.45 ට පමණ. අදාල කටයුතු කර ලිපිය අද උදෑසන 4 ට පලවන ලෙස සකස් කර අවසන් කරන විට වෙලාව උදෑසන 1.45 යි. මෙම කමෙන්ටුව දමන වෙලාවෙත් ටිකක් නිදිමත වුනත් යම් දෙයක් හරි‍යකට කරා යන පාඨක මතය මා නැවතත් ධෛර්යයමත් කරා යයි කිවයුතුමයි. නැවතත් ‍සත් සමුදුරට එන්න...

    ReplyDelete
  10. සටහන් කීපයම එකපාරම කියෙව්වා... හැමදාම වගේ බොහොම සවිස්තර ලිපියක්. මට මතකයි මම මුලින්ම තුතන්කහමන් ගැන කියවන්නෙ ගොඩක් පුංචි කාලෙ පත්තරේක විශේෂාංග ලිපියකින්. ඒ දවස්වල ඒක ගැන ඒ තරම් තේරුණේ නැතත් තුතන්කහමන් ඇතුළු පාරාවන්ගෙ සංස්කෘතිය ගැන අද දක්වාම ඇල්මක් තියාගන්න ඒ කියවීම මුල් වුණා. මේ ලිපි පෙල කියවද්දිත් මට ඒ ලිපිය මතක් වුණා.

    අපි හැමෝම දන්න ටින් ටින්ගෙ (හික්! ඔයාට ලියනවනම් එයා ගැනත් ලියන්න පුළුවන්) වික්‍රමයන් අතර තියෙන The Adventure of Tintin - Cigars of The Pharaoh කියන එකේදිත් මේ ගැන කතා වෙනව නේද?

    ReplyDelete
  11. @``` Outsider``` - ඔබටත් මම ස්තූතිකරනවා හැමදාම සත් සමුදු‍රට ගොඩවෙලා ඒ ගැන නැවුම් අදස්ද දෙමින් මාහට දක්වන ස‍හයෝගයට....

    ReplyDelete
  12. @hare :-) - සත්‍යවශයෙන්ම මුලින්ම මෙය වෙනම ලිපියක් විදියට පල කරන්න හිතාගෙන සිටි එකක් නොවේ. මෙය මුලින් සිතා සිටියේ මෙම ලිපි පෙලේ දෙවන ලිපියේ කොටසක් ලෙස පලකරන්නයි. නමුත් පසුව සොයාගන්නට ලැබුන විස්තර හා ඡායාරූප දැක්කවිට එය නිකම්ම ලිස්සා යෑමක් විතරයි නේද? යන සිතුවිල්ල නිසා ටිකක් මහන්සි වෙන්න සිදුවුනත් කරන දෙයක් හරියට කරන්න ඕන නැත්නම් නොකර ඉන්න එක හොදයි යන සිතුවිල්ලද ඇතුව මෙවැනි සවිස්තරාත්මක ලිපියක සකස් කලේ. ඔබටද මම ස්තූතිය පුද කරනවා නිතර සත් සමුදුරට ගොඩවී මාහට නැවම් අදහස් ලබා දී දෙන සහයෝගයට...

    ReplyDelete
  13. දිනේශ් අයියේ වැඩේ නම් නියමයි....

    සිංහලෙන්ම ඉදිරිපත් කරපු එක අගයනවා

    ReplyDelete
  14. @MaRLaN - ස්තූතියි! මල්ලී, ඔබලාගේ ඉල්ලීම් වලට නිරතුරුවම සත් සමුදුර කන් දෙනවා. සිංහල බ්ලොග් එකකට හැකිතාක් දුරට සිංහල යෙදුම් භාවිතා කල යුතුමයි. ඒ බව මමද පසක් කර ගත්තා. ඒ එක්කම මුල් භාෂාවෙන්ද යෙදීමෙන් ඒ කරුණ තවදුර‍ටත් ඔබලාට තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන නිසා එයද යොදනවා. සත් සමුදුර ලියවෙන්නේ ඔබලා වෙනුවෙන්මයි. ඒ නිසා අනිවාර්යයයෙන්ම පාඨක සහෘදයන් බලාපොරොත්තුවන සුභවාදී අදහස්වලට නිරතුරුවම හිස නමනවා. තව අදහස්, යෝජනා, චෝදනා, විවේචන ආදිය තිබෙනම් ඒවාද ඉදිරිපත්කලාට කිසි අකමැත්තක් නැහැ...

    ReplyDelete
  15. ඔබ විසින් කලින් පල කළ ලිපි මෙන්ම මෙය ද පවතින්නේ ඉහළ මට්ටමක බව මුලින් ම කිව යුතුයි. ඉදිරියේ දීත් මෙවැනි ම විශිෂ්ට ලිපි ඔබගෙන් අපේක්ෂා කරමි. ඒ අතර මම කලින් කමෙන්ට් එකක දී පැවසූ පරිදි ලිපි වලට අදාළ ඉල්ලීමක් ද කිරීමට කැමැත්තෙමි. එනම් ඔබට කාල වේලාව සහ ඉඩ ඈති පරිද්දෙන් පහත සදහන් මාතෘකා සම්බන්ධයෙන් ද ලිපි පෙළක් පල කිරීමට හැකි නම් ඒ ගැන කෘතඥ​ වෙමි.
    1. හිට්ලර් විසින් දෙවන ලෝක යුධ සමයේ දී යුදෙව්වන්ට එරෙහිව පවත්වා ගෙන ගිය වධ කදවුරු සම්බන්ධයෙන්
    2. කාම්බෝජයේ පොල්පොට් විසින් ක්‍රියාත්මක කළ කෙමරෑජ් භීෂණය සහ ඔහු ගේ වධ කදවුරු සම්බන්ධයෙන්
    මේවාට අදාළ යම් යම් විස්තර ද මා සතුව ඈති අතර ඔබ ගේ කැමැත්ත පරිදි අවශ්‍ය නම් එවැනි දෑ ඔබට ලබා දීමේ හැකියාවක් ද පවතින බව කියනු කැමැත්තෙමි.

    ReplyDelete
  16. @උදාර - ස්තූතියි! ඔබගේ ඉල්ලීම ඉෂ්ඨ කිරීමට මම ඇත්තවශයෙන්ම කැමතිබව කියන්න ඕන. ඔබ සතුව ඇති එම විස්තර ලබාදිය හැකිනම් එය තවත් පෝශනය කොට අගනා ලිපි පෙලක් නිර්මාණය කිරීමට හැකියාවද ඇති බව පවසමි. එසේම ඒවා සම්බන්ධයෙන් අපගේ පාඨකයන්වෙත දුර්ලභ තොරතුරු ලබාදීම දැනුම යාවත්කාලීන කරගැනීමටද මහෝපකාරීවනබව මගේද හැගීමයි. මෙවා ඔබට ලබාදිය හැකි පහසු ක්‍රමයද දන්වන්නේ නම් කෘත්‍යවෙමි.

    ReplyDelete
  17. තුතන්කාමන් රජුගේ කතාව මම මුලින්ම දැක්කේ විජය පත්තරෙන්,ඇත්තටම ඔයාගේ ලිපි ගොඩක් වැදගත් වෙනවා,,අපේ දැනුමට,,,,ඔයා ලොකු සේවයක් මේ කරන්නේ

    ReplyDelete
  18. @ItalyDilan - ස්තූතියි! ඩිලාන්, මම විටෙක මේවා පිළියෙල කිරීමේදී විඩාවට පත්වූවත් මේවායෙන් කෙනෙකුගේ දැනුම වැඩිදියුණු කර ගැනීමට හෝ යාවත්කාලීන කර ගැනීමට යම් මෙහෙයක් ඉටුවේ යන බලාපොරොත්තුව ඇතිවයි ඇත්තටම මෙවැනි ලිපි සම්පාදනයකලේ. මෙම තුනන්කාමන් රජුගේ මමිය හා අදාල සංසිද්ධි මමත් පුවත්පත් කිහිපයකම ගතවු වසර ගණනාවකදීම කියවන්නට ලැබුනත් ඒවාටද අදාල ගෞරවය ලබා දෙමින් පරිපූර්ණ ලිපියක් සැකසීමේ කටයුත්තයි මේ ඉටු කලේ. එය 100% කෙසේ වෙතත් යම් සාධනීය මට්ටමකට ඉටුවී ඇතැයි ඔබ ඇතුළු සියළු දෙනා දැක්වූ අදහස්වලින් පෙනී යනවා. ඉදිරියේදීත් සත් සමුදුර සමග රැදී සිටින්න. වෙනස් වෙනස් දේවල් රැසක් ගැන ඉඩපාඩු ලැබෙන අයුරින් ලියා පල කරන්න අදහස් කරගෙන ඉන්නවා...

    ReplyDelete
  19. ඔබ ගේ ඊ මේල් ලිපිනය කමෙන්ට් තීරුවේ පල කරන්න. එවිට මා හට අදාළ තොරතුරු ඔබට මේල් කළ හැකි ය.

    ReplyDelete
  20. @උදාර - dguruge@gmail.com ලිපිනයට ඒවා එවන්න පුළුවන්...

    ReplyDelete
  21. ගොඩාක් හොන්ද විස්තරයක්, ස්තුතියි යහළුවා

    ReplyDelete
  22. වැදගත් ලිපියක් දිනේශ්, මහන්සි වෙලා පිළිවෙලට ලියල තියෙනවා,ස්තූතියි බොහොමත්ම,

    ඔය ඊජිප්තුවෙ පිරමිඩ ගැන තවත් නොයෙක් මති මතාන්තර තියනව,පිරමිඩ නිර්මාණයට පිටසක්වලින් පැමිණි දියුණු ජීවීන් කොටසක් උදව් කලාය, ඔවුන් නැවත පැමිණෙන බවට පොරොන්දු වෙලාය පිටත් වෙලා ගියේ, පැරණි ඊජිප්තු ජාතිකයන් මමී වශයෙන් මෘත දේහ සංරක්ෂණය කිරීමෙන් බලාපොරොත්තු උනේ ඔවුන් නැවත පැමිණි පසු මළවුන්ගෙන් නැඟීසිටීමටය ආදි වශයෙන්,

    ReplyDelete
  23. @බණ්ඩාර - ස්තූතියි! ඉදිරියේදිත් හොද විස්තර සත් සමුදුරේ අනිවාර්යයෙන්ම තියේවි, නොවරදවා එන්න...

    ReplyDelete
  24. @Ravi - ස්තුතීයි! රවී, ඔබ කියන එක මමත් ටිකක් අහල තියෙනවා. මටත් ඔය පිරමීඩ වෙන්ම ලෝකයේ බොහෝ ස්ථාන වල දැක ගන්න ලැබෙන, එම නිර්මාණ කල අවධියේ ඒවා මනුෂ්‍යයන්ට තනිවම සිදුකිරීමට ඇවසි නිපුනතාවය ගැන සැකයක් සහ එවට පිටසක්වල ජීවින් මැදිහත් වුනාය යන සංසිද්ධිය සහිත වීඩියෝවක්ද බලන්න ලැබුනා.එහි මීට අමතරව ලෝකයේ සමහර ආදිකල්පිත ගොඩනැංවීම් කිහිපයකට මෙසේ පිටසක්වල ජීවීන් අතපෙවූ බවට සැක බවට කරුණු පෙන්වා දී තිබෙනවා. දැනට එම වීඩියෝව සොයාගැනීමට අපහසු හෙයින් එය ලද විගස මේ හා සම්බන්ධතව විස්තර කියන්නම්...

    ReplyDelete
  25. @මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! මල්ලී, ඉදිරියටත් මේ ව‍ගේ කරුණු කාරනා දැනගන්න ලැබේවි...

    ReplyDelete
  26. neyamaii ................
    degatama liyanna asawenn keyawala baluwa .......
    thanks

    ReplyDelete
  27. @Ruwan Sapath Wickramathilaka - ස්තූතියි! ඔබගේ බලාපොරොත්තුව ඉටුවී තියේවි...

    ReplyDelete
  28. Sahena kalayakin kiyawapu anga sampurna lipiyak. Harawath wagema samabara vidihata liyala thiyenawa. Thwath thorathuru gena enna. Kiyawanna awawen balan innawa. Jaya!

    ReplyDelete
  29. @Dakshina - ස්තූතියි! වෙනස් මාතෘකා ගැන ඉදිරියේදිත් කතා කරනවා...

    ReplyDelete
  30. හොදට ලියලා තියෙනවා ලිපි පෙලම කියෙව්වා.නරකද අර විකි පීඩියා අදහස ක්‍රියාතමක කලොත් සහෝ

    ReplyDelete
  31. @sihinadanawwa - ස්තූතියි! ඒ අදහස ගැනත් සොයා බලමින් සිටිනවා. ඒක ටිකක් ප්‍රමාද වෙලා තියෙන්නේ භාවිතා කරන අන්තර්ජාල පහසුකම් වල තාක්‍ෂනික දෝශ නිසා හුඟක් වෙබ් අඩවි නිරීක්‍ෂනයට ඇති අවහිරතා නිසා...

    ReplyDelete
  32. ඇත්තෙන්ම නියමයි. ගොඩක් දේවල් දැන ගත්ත. අපි ගොඩක් අය ආසයි.. අතීත කතා, පුරාවෘත ගැන දැනගන්න.. ස්තූතී ඔබට.

    ReplyDelete
  33. @Yohan Kanishka | යොහාන් කණිෂ්ක- ස්තූතියි! ඉදිරියෙදිත් ඒ වගේ අතීත කතා, පුරාවෘත ආදිය ගැන තව තව විස්තර ගෙන එන්නම්...

    ReplyDelete
  34. පන්කාදුයි ලිපි පෙල..........ස්තූතිය් හැමෝටම........ කහ පාට වගෙ ලුමිනස් පාට ගත්තහම කියවන්න ආමරුවක් වෙනවා......

    ReplyDelete
  35. @ruwa..... - ස්තූතියි! මම වර්ණය වෙනස් කරන්නම්, කණගාටුයි අපහසුතාවයට ලක්වීම පිළිබදව...

    ReplyDelete
  36. meka maxxa wadak matat sathutui Dinesh kenek me wage wadak karana eka gana.mage namat Dinesh jayawewa yaluwa.

    ReplyDelete
  37. Excellent.. ගොඩක් වටින විස්තරයක්.. දිගටම කරගෙන යන්න.සුභ පැතුම්..ජය වේවා!!

    ReplyDelete