Friday, March 11, 2011

බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්...

අද උදේම සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහන තියපු නිසාම ඒකේ සතු‍ට නිමිත්තෙන් අද දවසේ තව කෙටි බ්ලොග් සටහන් කිහිපයක්ම පුළුවන්වුනොත් තබන්න බලාපොරොත්තුවෙනවා. මෙන්න එයින් එක් සටහනක්.

මේකියන විදියට අපිට font size‍ වෙනස් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. මුලින්ම කරන්න තියෙන්නේ Design වල තියෙන Template Designer එකට ගිහිල්ල, ඒකේ Advance වල Add CSS එකට යන්න.

අපිට ඹ්න Sidebar එකේ font වල  size එක වෙනස් කරන්න නම් මෙන්න මේ පහල තියෙන කේතය මේ Add CSS වල Paste කරන්න. ඔයගොල්ලන් අවශ්‍ය Font size එක ලබාගන්න 70% වෙනුවට ඕනම ප්‍රතිශතයක් දෙන්න. ඒ අගය දුන් හැටියෙම preview එකෙන් එය කොහොමද වෙනස් වෙන්නේ කියලත් බලා ගන්න පුළුවන්.
                      .sidebar {
                      font-size: 70%;
                      }

සෑහිමකට පත්වෙන විදියේ අකුරු ප්‍රමාණය ලැබුනහම ඉහල තියෙන APPLY TO BLOG button එක Click කරල Apply කර ගන්න එක තමයි තියෙන්නේ.

ඒවගේම Post Area එකේ අකුරු වෙනස් කර ගන්න ඕන නම් මෙන්න මේ පහල තියෙන කේතය කලින් කිවුව විදියටම භාවිතා කර ගන්න තමයි තියෙන්නේ.

                       .post {
                       font-size: 70%;
                       }


අනිත් එක තමයි Post Title Header එකේ size එකත් ලොකුපොඩි කරගන්න මෙන්න මේ පහල කේතය යොදාගන්න පුළුවන්.


                       .post h3 {
                        font-size:300%;
                        }
Sidebar Title වල ‍font size එකත් ලොකුපොඩි කරගන්න මෙන්න මේ පහල කේතය යොදාගන්න

               .sidebar h2 {
                        font-size:275%;
                        }


කොහොමද වැඩේ ලේසියි නේද?

4 comments:

  1. පුංචි වුනත් මට නම් රටක් වටින ඔත්තුවක්. කියලා දුන්නට ගොඩක් ස්තූතියි යාළුවා. ජය වේවා!!!

    ReplyDelete
  2. @සිව්පෙතියා | Suren එන්. Semage - Ok...වැඩේ සාර්ථකවේයයි මම සිතනවා...

    ReplyDelete
  3. දිනේශ් සහෝ මමත් හොයා හොයමයි හිටියෙ
    ගොඩාක් වටිනවා
    ස්තුතී සහෝ!

    ReplyDelete