Tuesday, March 8, 2011

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century - දෙවන කොටස


South America’s most beloved first lady - Eva Perón a.k.a Evita

අප මෙතෙක් කතා කරගෙන ආ මාතෘකාවේදී මුලින්ම හමුවූ විසිවන ශතවර්ෂයේ අති දැවැන්තම චරිත දෙකකට පසු අද මුලින්ම කතාකරන්න බලාපොරොත්තුවන්නේ සුන්දර කාන්තාවක් පිළිබදවයි. ඇය Eva Perón. උපන්නේ 1919 දී ආර්ජන්ටිනාවේදී. සිය පහලොස්වන වියේදීම කලා ලොවට පිවිසි ඇය පසුව දක්‍ෂ ඔපෙරා ගායිකාවක් බවට පත්වුනා.  ඇය එරට ජනපතිවරයෙකුවන Juan Domingo Perónහා විවාහ වී ඔහුගේ දෙවන බිරිය බවට පත්වන අතර දුප්පතුන් වෙනුවෙන් ඉමහත් සේවයක් කල කාන්තාවක්. සැමියාගේ දේශපාලන කටයුතුවලටද සහය වන ඇය ක්‍රමයෙන් ‍එම ක්‍ෂෙත්‍රයේද ඉදිරියට ආවත් අවාසනාවට ඇය පිලිකා රෝගයකට ගොදුරුවීම නිසා 1952 දී මෙලොව හැර යාමට සිදුවනවා.

කෙසේවෙතත් සාන්තුවරියක් ලෙස පවා එරට ජනතාවගේ සැලකුම් ලැබූ මෙම රූමත් කාන්තාවගේ අකල් මරණය ආර්ජන්ටිනාව ශෝකයෙන් මුසපත් කලාට කිසිදු සැකයක් නැහැ. මෙසේ අඩු වයසකින් මිය ගිය Eva Perón ගේ සිරුර කල්තබාගැනීමේ අදහස බොහෝවිට ඇයගේ සැමියාගේ වියයුතු යයි බොහෝදෙනාගේ මතයයි. මේ සදහා එම කාලයේ සිටි ව්‍යුහ විද්‍යාව පිළිබද විශේෂඥයකුවන මැඩ්රිඩ් නුවර සිය කාර්යයභාරය ඉටුකරමින් විසූ Dr. Pedro Ara මේ සදහා ගෙන්වන ලදි.
Dr Ara inspects Eva Perón's embalmed corpse
Dr. Pedro Ara නව ක්‍රමයක් මෙම සිරුරු කල්තබාගැනීමේ කර්තව්‍යට යොදාගෙන තිබූ අතර, ඔහු කලේ මල සිරුරේ රුධි‍රය ඉවත්කොට ඒ වෙනුවට Glycerine ආදේශ කිරීමයි. මෙහිදී මොලය ඇතුළු කිසිදු අභ්‍යන්තර අවයවයක් ඉවත් කිරීමද සිදුනොකරන අතර ජීවමාන පුද්ලයා සිටි ආකාරයෙන්ම මෙය සිදුකරන බව කියවේ. කොටින්ම කියතොත් එය "artistically rendered sleep" ලෙස හැදින්වුනි. ඔහුගේ මෙම සියුම් වැඩ පිළිවෙල විශ්මිතඩනක නිසාම ඒවා හැදින්වූයේ "the art of death" ලෙසයි. Dr. Pedro එදින රාත්‍රියේම සිය කාර්යය අවසන් කරන අතර ඊට පසු දිනම ඇයගේ දේහය මහජනතාවගේ ගෞරවය සදහා ප්‍රදර්ශනයටද තබනු ලැබීය. මෙය කෙටිකාලීන වැඩපිළිවලක් වූ අතර ඉන්පසු නිල වශයෙන් අවසන් කටයුතු කිරීමෙන් අනතුරව දීර්ඝ කාලයක් සිරුර කල් තබා ගැනීම සදහා paraffin ඉටි යොදා ගන්නා ලද බව පැවසේ. මෙම ක්‍රියාදාමය වෙනුවෙන් Dr. Pedro Ara හට $ 100,000 ක මුදලක්ද ජනපති Juan Perón විසින් ගෙවන ලද අතර අදාල කාර්යය කිරීමට වසරක පමණ කාලයක්ද ගතවූ බවද පැවසේ.

මෙයින් පසු වසර දෙකක්ම Eva Perón ගේ සිරුර  සිය ආදරණීය මහජනතාවට දැකබලාගැනීමට අවස්ථාව ලැබෙන අතර 1955 සිදුවන හමුදා කුමන්තුනයකින් Juan Perón හට බලය අහිමිවන අතර ඔහුට සිය රටින් නික්මෙන්නට සිදුවන්නේ සිය මියගිය බිරියගේ දෙහය පිළිබද කිසිදු වැඩපිළිවලක් සම්පාදනය කරගන්නටද පෙරාතුවයි.

මේ සමගම හමුදා ආඥාදායකත්වයක් ආර්ජන්ටිනාව තුල ඇතිවන අතර ඒ සමගම Evita ගේ දේහය මහජන ප්‍රදර්ශනයෙන් ඉවත් කරනු ලබන අතර  එය අතුරුදහන්වීමකටද ලක්වනවා. මෙයින් පසු එරට තුල Juan Perón හා Eva Perón පිළිබදව කතා කිරීම, ඔවුන්ගේ ඡායාරූප ලගතබා ගැනීම තහනම් (ban on Peronism) වන අතර මෙය 1971 දක්වා වසර 16 ක් පවතිනවා.

මෙසේ 1971 දී Evita ගේ දේහය අභිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියද හමුදා පාලකයන් විසින්ම හෙලිකරන අතර දේහය ඒ වන විට ඉතාලියේ, මිලාන් නුවර සුසාන භූමියක "María Maggi" යන නමින් භූමදානය කර ඇති බව ප්‍රකාශ කරනවා.

1995 දී  Tomás Eloy Martínez විසින් ප්‍රකාශයට පත් කරන ලද "Santa Evita" පොතෙන් හෙලිවන කරුණුද පුදුමාකාරයි. එරට හමුදා පාලකයින් විසින් Eva Perón ගේ සිරුරට ඉතාම ගැලපෙන ලෙස ඉටි අනුරූ විසි පහක් තනනු ලබන අතර ඒවා එරට ඉහල පෙලේ ප්‍රභූවරුන් වෙත ලබා දෙන්නේ භූමදානය කිරීමටයි. ඔවුන් සියළුම දෙනා සිතන්නේද තමන්ට ලබා දී ඇත්තේ Eva Perón ගේ සැබෑ‍ දේහය බවටයි. කෙසේවෙතත් වසරකට පසු කටයුතු අධීක්‍ෂනයේදි දැනගන්නට ලැබුන කරුණු නම් ජුගුප්සාජනකයි. එනම් එම එක් ඉටි සිරුරක් බහාළු පෙට්ටිය මිටියකින් ගසා විවෘතකර එම ඉටි සිරුරට යමෙකු විසින් ලිංගික අතවර කොට තිබීමයි.

මේ අවධිය වන විට බලයෙන් පහ කොට සිටි Juan ස්පාඤයේ වාසය කරන අතර ඔහු සිය බිරිදගේ සිරුර ගොඩගෙන එය එරටට රැගෙන යන අතර ඒ වන විට ඔහු විවාහ වී සිටි තෙවන බිරිය වන Isabel ගේද අභිමතය පරිදි සිය විසිත්ත කාමරයේ මේසයක් මත තබනු ලබනවා.

1973 දී සිය පිටුවහල් ජීවිතය අවසන්කොට නැවත ආර්ජන්ටිනාවට යන Juan Perón තෙවන වරටද ජනපති ලෙස අභිසෙස් ලබන අතර ඔහු 1974 දී අභාවප්‍රාප්ත වෙනවා. Juan Perón ගේතෙවන බිරිය වන Isabel Perón ද දේශපාලනයේ යෙදෙන අතර, ඇය මුලින් උප ජනාධිපති ලෙසත්, ඉන්පසු ඇය ආර්ජන්ටිනාවේ මුල්ම කාන්තා ජනාධිපති ලෙසත් පත්වනවා. ඇය විසින් සිය සැමියාගේ කලින් බිරිය වන Eva Perón ගේ සිරුර නැවතත් ආර්ජන්ටිනාවට රැගෙන එන අතර එය ඉතා කෙටි කාලයකට Juan Perón ගේ දේහය සමගම ප්‍රදර්ශනය කරන අතර ඉන්පසු නැවත “අතුරුදහන්” නොවන සේ Eva Perón ගේ සිරුර ඇයගේ පවුලේ අය මිහිදන් කර ඇති සුසාන භූමියේම ඉතා ආරක්‍ෂිත ලෙස මිහිදන් කරනු ලබනවා.

කෙසේ වෙතත් ඇයගේ සැමියාට නම් මියගියත් මිනී හොරුන් ගෙන්ගැලවෙන්නට නොහැකි වන අතර 1987 දී ඔහුගේ සොහොන සාරා අතක් සොරකම් කරගෙන ගොස් තිබෙන බවද කිව යුතුයි.
මෙම කතානායිකාව වන Eva Perón ගේ දිවිය අලලා මීට වසර කිහිපයකට පෙර ජනප්‍රිය චිත්‍රපටියක් තැනුන අතර එහි නම Evita විය. එහි Eva Perón ගේ චරිතය රඟපෑවේ සුප්‍රකට ගායිකාවක් හා නිළියක් වන මැඩෝනා වන අතර මෙය ගීත වලින්ම පිරුන නිර්මානයක් බවද ප්‍රකාශකල යුතුය. 

Eva Perón වෙනුවෙන් ගැයුන මෙම Don't Cry For Me Argentina ගීයේ කොටසකින් ඇය පිළිබදව ලියවුන මෙම සටහන අවසන් කරන්නම්.
Don’t Cry for me Argentina
The truth is I never left you
All through my wild days
My mad existence
I kept my promise
Don't keep your distance


Uncle Ho” - Ho Chi Minh
වියට්නාමයේ වසර 24 ක් පාලන තන්ත්‍රය භාරව සිටි හෝ චී මිං 1969 සැප්තැම්බර් 02 වනදා  දී මෙලොව හැරගියා. ඒ හෘදයාබාධයකින්. ඔහු බලාපොරොත්තුවුනේ තම සිරුර ආදාහනය කරවීමටයි. එය ඔහු ජීවතුන් අතර සිටින අවධියේම ප්‍රකාශ කර තිබුනි “මම මැරුන දවසක ඔය ලොකු අවමගුල් උත්සව තියල මිනිස්සුන‍්ගේ කාලයයි සල්ලියි නාස්ති කරන්න ඕනේ නැහැ.” (When I am gone grand funeral should be avoided in order not to waste people’s time and money”).  එසේම ඔහු තවදුරටත් බලාපොරොත්තුවුනේ තමන්ගේ සිරුර දැවූ පසු අළු වියට්නාමයේ කදුමුදුන් මත විසිරවීමයි.

නමුත් ඔහුගේ සිතැගි ඉටුනොවූ අතර ඔහුද වියට්නාමයේ හැනෝයි නුවර පිහිටි සමාධියකදී මමිකරණයට ලක්ව සිය ආදරණිය ජනතාවට සැමදා දැක ගත හැකි තත්වයට පත්විය. මෙය මෙසේ කල්තබා ගැනීමට අවශ්‍ය තාක ෂනික විශේෂඥයන්, රසායණිකයන් මෙන්ම පළඟු (ක්‍රිස්ටල්) වලින් නිපදවන ලද දේහය තැන්පත් කිරීමට ඇවසි මංජුසාවද සමාජවාදයේ මහගෙදර වන සෝවියට් දේශයෙන් තෑගි ලෙස ලැබුනි.

මෙම Uncle Ho ගේ සිරුර තබා ඇති Ba Dinh චතුරස්‍රයේ පිහිටි ගොඩනැගිල්ල හෝ චි මිං විසින්ම 1945 දී වියට්නාමය නිදහස ප්‍රකාශ කොට ජනරජයක් ලෙස ව්‍යවස්ථාව කියවූ ස්ථානයම වේ. මෙය හෝ චි මිං සමාධිය ලෙස විවෘත කර බව පැවසෙන්නේ 1975 වසරේදීය.
හෝ චී මි ගේ සිරුර තබා ඇති ස්ථානය
මෙම සිරුර තබා ඇති ස්ථනය‍ට යොද ඇත්තේ අදුරු ආලෝකයක්වන අතර මෙය ගොඩනැගිල්ලට පිවිසෙන අමුත්තන්ට ඒ තුල අවට බැලීමට ඇත්තේ සුළු වේලාවකි. ඔවුන්ට ඇවිදිමින්ම තම අසහාය නායකයා‍ගේ සිරුර බැලිය යුතු අතර නැවතීමට අවසර නොමැත. හැබැයි මේ නිසාම පැතිරී ඇති දූසමාන ආරංචියක් වන්නේ මෙතැන තබා ඇත්තේ හෝ චි මිං ගේ අනුරුවක් මිස සැබැ දේහය නොවන බවයි. එසේම ඡායාරූපගැනීමටද කිසිදු අවසරයක් නොමැති අතර, කැමරාවක් රැගෙන ගියහොත් මෙම ස්ථානයට ඇතුළුවන ගේට්ටු‍වේ ආරක්‍ෂක අංශ වෙත එය භාරදීමටද සිදුවන බව පැවසේ.

මෙම ස්ථානයේදී හෝ චි මිං ගේ ආදරණිය වැසියන්ට සිය නායකයාගේ ජනප්‍රියම විප්ලවීය පාඨය කියවීමටද හැකියාව ඇත. එයනම්;
"Nothing is more precious than independence and freedom." This state commemoration project is intended to disseminate the dead leader's revolutionary spirit throughout the entire nation for generations to come

Mao Zedong – The Chairman of the Communist party of China’s Politburo

මාවෝ සේතුං මෑත කාලයේ ආසියාවේ මෙන්ම ලෝකයේද සිටි දැවැන්ත දේශපාලන පෞරශයක් කිව්වත් වැරැද්දක් නැහැ. මෙතුමා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතීත්වය 1943 සිටත්, එහි මධ්‍යම කාරක සභාවේ සභාපතීත්වය 1945 සිට ඔහු මියගිය 1976 වසර දක්වාම දරන ලදි.

1976 දී මාවෝ මිය ගියේ හෘදයාබාදයකින්. එයින් පසු ඔහුගේ සිරුරද වෙනත් රටවලද කොමියුනිස්ට් පාලනාධිකාරිය දරන ලද  නායකයන්ගේ මෙන් embalm කොට තියෙන්මාන් චතුරස්‍රයේ පිහිටි සමාධියක තබන ලදි. ඔහු ජීවතුන් අතර සිටියද පල කල හැගීම් අනුවම ඔහුගේ සිරුර කල් තබා ගැනීමට සකස් කරන ලදි.
“ගොඩක් කල් ජීවත්වෙනව කියන එක තීරණය කරන්නේ ස්වභාවධර්මයයි. මිනිහෙක් මැරුනට පස්සේ ඔහුට ගොඩක් ඉඩ වෙන්කරල දෙන්න ඕන නැහැ. ඔවුන්ගේ සිරුර ආදාහනය කල යුතුයි. ඔන්න මම ඒකේ පෙරමුන ගන්නවා. අපි කාගෙත් ශරීරය මැරුනට පස්සේ පුච්චල අළු පසට පොහොර වෙන්න දාන්න ඕන” (“To chant ‘long live' is to contradict natural laws. Everyone has to die…after people die, they shouldn't be allowed to occupy any more space. They should be cremated. I'll take the lead. We should all be burnt after we die, turned into ashes and used for fertilizer.”)

කෙසේවෙතත් සති දෙකක පමණ කාලයක් සිය ජනතාවට තමන් දැක බලාගැන්මට ඉඩසැලසීමට කොමියුනිස්ට් නායකයන්ට අවශ්‍යවිය. ඒ අනුව සති දෙකකට සරිලන පරිදි දේහය එය චීන වෛද්‍යවරුන්ට එතරම් කටයුත්තක් නොවීය. කටයුතු මෙසේ සම්පාදනය වන අතර තුර තීන්දු තීරණ වෙනස්වීම වලට බදුන්වෙන්නට විය. ඒ අනුව චීනයේ කොමියුනිස්ට් නායකයන්ගේ අවසාන තීරණය වූයේ මාවෝ සභාපතිතුමාගේ සිරුර සැමදා දැකබලා ගැනීමට හැකිවන සේ කල් තබා ගැනීමයි.

මෙම කටයුතු වල හෙවත් සිරුර කල්තබාගැනීම පිළිබද කටයුතු සිදුකිරීමට පත්කල කමිටුවේ උප සභාපතීත්වය දැරුවේ ‍ම‍වෝ ජීවත්ව සිටින කාලයේ ඔහුගේ පෞද්ගලික භෞත චිකිත්සකයා වූ Li Zhusui වේ. ඔහු මෙම සිරුර කල්තබාගැනීමට යාම ගැන මුල සිටම ප්‍රසාදයක් පල නොකල අතර එය ඉතා බැරැරුම් සහ සිදුකල නොහැකි කටයුත්තක් බවට තර්ක කල අතර ලෙනින්ගේ සිරුර පවා කල් තබා ගත්තද එහ යම් යම් කොටස් දිරා පත් වී ගොස් ඇති බව පෙන්වා දෙන ලදි. එසේම ඔහු කීවේ “යකඩ සහ වානේ පවා දිරාපත්වන්නේ නම් මිනිස් සිරුරක් ගැන කවර කතාද?” යනුවෙනුයි.

මුලින් මාවෝ ගේ සිරුර වෙනුවට ඒ ආකාරයෙන්ම ඉටි වලින් තැනූ අනුරුවක් පසු කාලිනව ප්‍රදර්ශනය සදහා තැබීමටද යෝජනාවුනත් එයට මවෝ ගේ වැන්දඹු බිරිය හරස්විය.

දැන් සැරසෙන්නේ මාවෝ ගේ සිරුර සති දෙකක් කල් තබා ගැනීමට අවශ්‍ය ක්‍රියාකරකම් කිරීමටයි. මේ පිළිබදව මෙයට සහභාගී වූ කාර්යය මණ්ඩලයේ සිටි Xu Jing පවසන අයුරු බලමු.

මුලින්ම මාවෝ ගේ සිරුර විශේෂ කාමරයකට රැගෙන ගිය අතර එහි උශ්නත්වය සෙල්සියස් අංශක 10 කට හෙවත් ෆැරන්හයිට් අංශක 50 කට අඩු කරන ලදි. ඉන්පසු Formaldehyde ලීටර් දොලහේ සිට දහසය අතර ප්‍රමාණයක් සිරුරට එන්නත් කරනු ලැබීමට අදහස් කලේය. මෙය සිදුකරේ  මාවෝ මියගොස් පැය හතරක් - අටක් අතර කාලයේදියි. මෙම රසායණික භාවිතා කරන ප්‍රමාණය තීරණය වන්නේ අදාල මියගිය පුද්ගලයා‍ගේ ශරීරයේ ප්‍රමාණය අනුව බවද කියයි.

කෙසේ වෙතත් එන්නත් කිරීම අවසන් විට අදාල රසායණිකයන් ලීටර් විසි දෙකක් එන්නත් කර තිබූ බව පැවසේ. නමුත් එයින් පසු දකින්නට ලැබුන දසුන් නම් කම්පනයකට ලක් කරන සුළුවූ බවද ඇය පවසයි.”මාවෝ ගේ මුහුණ හරියට බෝලයක් මෙන් පිම්බී තිබුනා. ඒවගේම ඔහුගේ බෙල්ලේ පළල හිසේ ප්‍රමාණයටම සමානයි. සම දිලිසෙමින් තිබුනා. සිරුරේ ඇති සිදුරු වලින් Formaldehyde වෑස්සුනේ හරියට දාඩිය දාන්න වගේ.කන්දෙකත් ඉදිමිලා ඔළුවේ පැත්තකට ගිහිල්ල තිබුනේ. මල සිරුර හරියට විකාර රූපයක් වගේ”.

මේ සමගම ඔවුන් වඩාත් අවධානය දිය යුත්තේ මුහුණට බව පසක් කර ගත්තා. ඒ සිරුරේ අනික් ප්‍රදේශය ඇදුම්වලින් වැසෙන නිසා ඒවායේ එතරම් වෙනස් කමක් දැක ගැනීමට එතරම් පහසු නොවේ යයි අදහස් කල නිසාය. මෙය ඉටුකරගැනීමට අදාල කාර්යය මණ්ඩලව තුවා සහ කොට්න් බෝල වලින් මුහුන මසාජ් කරමින් මුහුනේ පිරී ඇති රසායණික තරලය සිරුරේ පහලට යැවීමට උත්සහදැරුවා. මෙසේ කරමින් සිටින අතර තුර ඔවුන්ගෙන් එක් අයෙක් තරමක් තදින් මසාජ් කරා. සිදුවුනේ වස ජංජාලයක්. මාවෝ ගේ දකුණු කම්මුල පෙදෙසේ සම ගැලවී යාම එයින් සිදුවුනා. නමුත් වැස්ලීන් සහ වර්ණක යොදා කල Makeup එකකින් ඒ සලකුනු වසා දැමීමට හැකිවුනා.

මේ කරදරකාරී කටයුතු අහවර වන විට එදින සවස තුන පමණ වූ අතර ඒ වෙන කොට මාවෝ ගේ මුහුණ යතා තත්වයට පත්වී තිබුනා. ඒවගේම කන් ගැලවෙන්න‍ වගේ තිබුන එකත් හරි ගිහින් තිබුනා. හැබැයි බෙල්ල නම් ඉදිමිල තිබුනා. ඇදුම් අන්දන්න හදන කොට තමයි ඊලග ප්‍රශ්නේ මතුවුනේ පපුවත් ඉදිමිලා. ඒක නිසා කෝට් එක අන්දල ඒකේ බොත්තම් දාන්න බැහැ. මේනිසා පිටතට නොපෙනන සේ මාවෝට ඇන්දීමට නියමිත ඇගණම් කපා සිරුරට ගැලපෙන සේ සකස් කරන ලදි. මෙම කාර්යයන්ගෙන් පසු කොමියුනිස්ට් පක්‍ෂයේ ‍ධජය සිරුර මත අතුරන ලදි.

මේ කාර්යයන් සියල්ල අවසන් වූ පසු මහජනයාට මාවෝ ගේ මරණය පිළිබද නිවේදනය නිකුත් කරන ලද අතර එය ආදාහන‍ය හෝ භූමදානය නොකරන බවත් මතු පරපුරටද බලා ගත හැකි අයුරින් සකස් කරන බවත් පැවසිනි.

මාවෝ මිය ගිය පසු ඔහුගේ සිරුර  දිගුකලක් කල්තබාගැනීමේ ක්‍රියාදාමය සිදු කිරීමට ඔහු බිහිකල චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකකාරකාදීන් ඇතුළු සාමාජිකයන්ට හිතන තරම් සුළුපටු කරුණක් නොවීය. මන්දයත් ඒවනවිට චීනයේ මෙසේ දීර්ඝ කලක් සිරුර ජීවමාන අයුරින් කල් තබාගැනීම පිළිබද කටයුතු කිරීමට ඇවසි විශේෂඥය දැනුම ඇති ප්‍රවීනයන් හෝ තාක්‍ෂනය සතුනොවීය. මේ පිළිබද කෙලපැමිනි නම්දරාපු අය වූ සෝවියට් සංගමයෙන් උදව් ලබා ගැනීමද කල නොහැක්කක් විය. එයට හේතුව චීනය හා සෝවියට් සංගමය අතර මතවාදී කරුණුමත විරසකව සිටීමයි. දැන්ඉතින් උදව් ලබා ගැනීමට සිටියේ ආසියාවේම තම අසල්වැසියෙකුවූ වියට්නාමයෙන්. ඒ ඔවුන් ඒ වන විටත් සමාජවාදයේ මහගෙදර වූ සෝවියට් දේශයේ උදව් ඇතිව සිය මියගිය නායකයා වන හෝ චී මිං ගේ සිරුර මමිකරණයට ලක්කර තිබීම හේතුවෙනි. ඒ සදහා චීනයෙන් දෙදෙනෙක් යැවූ නමුත් එතනත් ගැටළුවක් තිබින. එනම් වියට්නාමයේ කිසිවෙක් මෙම කාරණය ඉටුකරන ආකාරය පැවසීමට මැලිවූ අතර හෝ චී මිං‍ ගේ සිරුරද ඔවුන්ට පෙන්වීමෙන් වලකින ලදි.

ගවේශකයෙකුවන I.W.Blair මේ ගැන පවසන අයුරු බලමු. වියට්නාමය මෙම කාරණය සදහා සහායකයෙකු චීනය වෙත පිටත්කරයැවීමට තීරණය කරා. මේ ගැන සෝවියට් දේශය තරහ කර ගැනීමටද ඔවුන් අකමැති වූ අතර මේ සදහා එරට සිටි සාමාන්‍ය embalm කරුවෙක් තමයි ඔවුන් යැව්වේ.

කෙසේනමුත් සති කිහිපයක් ගතවන තැන මාවෝ ගේ සිරුර ක්‍රමයෙන් වෙනස් වන්නට විය. එහි සම රැලි වැටෙන්නටත් පැහැය වෙනස්වීමත් උපතොකෝටික ප්‍රශ්නයක්විය. මේ නිසා මහජන ප්‍රදර්ශනයෙන් සිරුර ඉවත් කරන ලදි.
චීනයේ සිට විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් එංගලන්තයේ මැඩම් තුසාඩ් ඉටි ප‍්‍රතිමා කෞතුකාගාරය වෙත යවන අතර ඔවුන්ට පැවරී තිබූ කාර්යය වුයේ කෞතුකාගාරයේ සිටි මේ පිළිබද විශේෂඥයන්ගෙන් වැඩිමනත් දැනුම ලබා ගැනීමයි. මේ කාර්යයන්ගෙන් නව සැලසුම් පිළිබදව පිඹුරුපත් ඇදෙන්නට විය.

1976 සැප්තැම්බර් 17 වනදා මධ්‍යම රාත්‍රිය පසුවුනා පමනි. මාවෝ ගේ සිරුර තබා තිබූ The greAT Hall of the People of Beijing වෙතින් ඉවත් කෙරින.එය රහසිගතවම එරට රෝහලක සැත්කම් කාමරයක් වෙත රැගෙන යන ලදි. එහිදී මොලය හැර අනෙකුත් සියළුම අභ්‍යන්තර අවයව ඉවත්කොට Formaldehyde තුල බහාලන ලදි. ශරීරයේ තිබූ සිදුරු Formaldehyde වලින් පොගවන ලද කොට්න් වලින් වසන ලදි. බෙල්ල තුලට නලයක් සවි කරන ලද අතර එයට නිශ්චිත කාලසීමාවකට වරක් Formaldehyde පුරවන ලදි. මාවෝ තබන පළිඟු මංජුසාව හීලියම් වායුවෙන් පිරවීමද කරනු ලැබීය. මාවෝ ට සමාන වන ලෙසම ඉටි ප්‍රතිමාවක්ද තැනූ අතර එය වෙනත්  රහසිගත කාමරයක අගුළුලන ලදි.

කෙසේවෙතත් 1977 වන විට මාවෝ ගේ සිරුර තැබීම සදහා තියෙන්මාන් චතුරස්‍රයේ Chi-nien t’ang ශාලාව තනා නිම කරන ලදි. මෙය අඩි 112 ක උසින් යුතුවූ අතර එය සෑදීම සදහා කම්කරුවන් 700,000 කටත් වඩා පිරිසක් සම්බන්ධවූ බව පවසයි. Xu Jing මෙම ගොඩනැගිල්ලේ සහ මාවෝ ගේ දේහය පිළිබද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදි. මාවෝ මිය ගොස් වසරකුත් සුළු කාලයක් ගතවූ තැන මෙම ගොඩනැගිල්ලේ මාවෝ ප්‍රදර්ශනය සදහා පළමු දි‍නයේ උත්සවයක් පවත්වන ලද අතර එදින  සවස 3 ට එරට සෑම කර්මාන්ත ශාලාවක සහ දුම්රිය වල නලාවන් මිනිත්තු 3 ක් නාද කරන ලද අතර ඉන්පසු විනාඩි 3 ක් නිශ්ෂබ්දතාවය රකින ලදි.
කරුණු කාරණා  මෙසේ සිදුවූවත් මාවෝ මිය යාමට පෙර ඔහු විසින්ම Papaoshan සුසාන භුමියේ තමන් සහ තම බිරිද මිහිදන් කල යුතු ස්ථානය වෙන් කරවා ගෙන තිබුන අතර ඔවුන් එය නැරඹීමට කිහිප සැරයක්ම ගොස් ඇති බවද කියයි. ඔහු මිය ගිය පසු එ‍රට ජනතාව බොහෝ දෙනෙක් සිතුවේ තම නායකයා ආදාහනය කොට චීනයේ කදුමුදුන් මත හා ගංඟාමතට පාකර යවනු ලබයි කියාය. එසේම 1956 දී  මෙසේ මියගිය පසු දේහයන් ආදාහනය කිරීමට අත්සන් කරල පළමු පුද්ගලයාද‍වේ.

මාවෝ ගේ සමාධිය තුලට පි‍විසෙන්නෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ ඇදි පුටුවක අසුන්ගෙන සිටින විශාල ප්‍රමාණයේ මාවෝගේ පිළිරුවක්. එය ඇමරිකාවේ එබ්‍රහම් ලින්කන් ජනපතිදුන්ගේ ස්මාරකයට සමානබවක් උසුලන බව කියයි. මාවෝ ගේ සිරුර පළිඟු හෙවත් ක්‍රිස්ටල් වලින් නිම කරන ලද සුවිශාල මිනී පෙට්ටියක තැන්පත්කර ඇති බව කියන අතර එය නිරතුරුවම මල් වලින් වටකොට ඇති බවද කියයි. දහවල් කාලයේ මෙසේ සිය ආදරණීය නායකයා සිය ජනතාවට දැකබලා ගැනීමට මෙම ස්ථානයේ තබා තිබුනත් රාත්‍රියේ මෙය වි‍දුලි සෝපාවක ආධාරයෙන් පොළව මට්‍ටමෙන් යට පිහිටි භූමිකම්පාවලට ඔරොත්තුදෙන විශේෂ  කුටියකට ගෙන යනු ලබයි.

‍කෙසේවෙතත් මාවොගේ සිරුර ජනතාවට දැකිය හැක්කේ සදුදා හැර අනෙක් දිනවල උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක් පමණක් බව පැවසේ. මෙය නැරන්නන්හට ගමන් මළු, කැමරා හා කෑම බීම යනාදිය රැගෙන යාමටද අවසර නොදෙන බවද පැවසිය යුතුය. එසේම නරඔන්නන් හට සිරුර අසල නැවතී ඒ දෙස බලා සිටීමටද වරම් නොලැබෙන බව පවසන අතරම එයට හේතුව එසේ කිරීමෙන් ‍මෙහි ඇතිවන තදබදය වලක්වා ගැනීමට බව පවසන අතරම දිනකට කිලෝ මීටර 2 ක් පමණ දුරකට මෙය තුලට පිවිසීමට පෝලිම් ගැසී සිටින බවද තතුදත් ආරංචි මාර්ග පවසයි.
මාවෝ දේහය තබා ඇති ස්ථානය
මොනවවුනත් නැවතී සදාදරනීය නායකයා දෙස බලා සිටීමට අවස්ථානොලැබුනද ඔහුට පුශ්ප උපහාර දැක්වීම පිණිස පිවිසීම්  දොර අසලින් මල් ලබා ගැනීමට ඉඩකඩ සලසා ඇතිබව කියන අතරම පිටුපස දොරින් පිටවන විට සිහිවටන ලෙස චීනයේ අනන්‍යතාවය රැගත් යතුරු රදවන, ටී-ෂර්ට්ස්, ගමන් මළු, මුද්දර සහ තවත් නොයෙකුත් දේවල් ලබා ගැනීමටද හැකි බවද කිවයුතුය.

වියට්නාමයේ හෝ චී මි ගේ සිරුර පිළිබද ඇති කටකතාව මාවෝ ගේ සිරුර පිළිබදවද ඇත. එනම් මෙය මාවෝ ගේ නියම සිරුර නොව ඉටි  (wax) වලින් නිම කරන ලද කෘත්‍රීම පිලිරුවක් යන මතයයි. එහෙත් එය චීන පාලනාධිකාරිය තරයේ ප්‍රතික්‍ෂෙප කරයි.

Kim Il Sung - Eternal President of the Republic

උතුරු කොරියාවේ පාලකයා වූ Kim Il Sung 1994 ජූලි 8 වනදා මිය යන විට ඔහු උතුරු කොරියාව වසර 46 ක් පාලනය කොට තිබුනා. ඔහුගේ අවමංගල්‍ය උත්සවය එරට Pyongyang වීදියේ පැවැත්වුන අතර උත්සවයට පසු ඔහුගේ ‍ දේහය රහසිගත ස්ථානයකට රැගෙන යන ලදි.

මාසකට පසු දූශමාන ආරංචියක් වූයේ රුසියානු විශේෂඥයන් පිරිසක් ඔහුගේ සිරුර කල් තබා ගැනීම සදහා embalm කිරීමට රැගෙන ගිය බවයි. මෙය රුසියාවේ මොස්කව් වල පිහිටි ජෛව ව්‍යුවහය පිළිබද විද්‍යාත්මක පර්යේෂන ආයතනය මගින් සිදුකරන ලද බවට පැවසෙන අතර එය සදහා මාස අටේ සිට දොලහ දක්වා හා මුදල්මය ලෙස $300,000 සිට $ 500,000 අතර වැයවූ බව පවසයි.

දකුණු කොරියානු පුවත් ඒජන්සි වාර්තා අනුව දැන් මෙම සිරුර පවත්වා ගෙන යාමේ කටයුතු සදහා රුසියානු සහ චීන ජාතිකයන් විසින් කරගෙන යනු ලබන බවද පවසයි.

එසේම මෙය එ‍රට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල තිබෙන බව පැවසෙන අතර උතුරු කොරියාව බාහිර ලෝකයෙන් බොහෝදුරට වෙන්ව සිටින නිසා මේ පිළිබද වැඩිදුර විස්තර දැන ගැනීම අසීරුය.
කිම් ඉල් සුං ගේ දේහය තබා ඇතැයි සැලකෙන ස්ථානය
නිමාව :
දැන් මෙම දීර්ඝ ලිපිය අවසන් කරන්නට හොද යයි සිතමි. මේ ලිපියේ දැක්වූයේ ලෝකයේ සිටි ජනප්‍රියම සහ ඉතිහාසය තුල අමතක කල නොහැකි චරිත කිහිපයකට මරණයෙන් පසුව පවා මිනිසුන් අතර විසීමට සිදුවීමේ කතා පුවතයි. 

එසේම සත් සමුදුරේ හැරවුම් ලක්‍ෂය ලෙස වුවද සැලකිය හැකි ටජ්මහල ගැන පලවූ සුන්දර ටජ් මහලේ නොදත් තතු ලිපි ඔබ කියවා ඇති. එහිදීද කියවුනේ මෙසේ මිය ගිය පසු ස්මාරකයක් ලෙස පවත්වා ගැනීමක්. එහෙත් එහිදී සිරුර මමිකරණයට ලක්වූ බවක් නම් කියවුනේ නැහැ.

මීට අමතරව මමිකරණයට ලක් නොවූවත් මරණයෙන් පසුවද ආන්දොලනාත්මක සිද්ධීන්වලට බදුන්වූ පුද්ගලයන් ගැනද අප්‍රකට තොරතුරු රැසක් ඇති අතර ඉඩක් ලද විගස ඒවාද ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙමි. 




27 comments:

  1. ස්තූතියි වටිනා කරුණු ගොඩක් අප හමුවේ ගෙනහැරදැක්වූවාට.
    කොහොම උනත් මම තේරුම් ගත්ත දේ තමයි මරණයෙන් පස්සේ භෞතිකව තව දුරටත් රැඳී ඉන්න එක එතරම් හොඳ නෑ. ඒකෙන් පසුකාලීනව මලසිරුරටතත් අගෞරව වෙන්න පුලුවන්. Eva ගෙ කතාව ඊට හොඳම නිදසුනක්. විරුද්ධවාදීන් අතට බලය ගිය විට මේ දේ අනිවාර්යයෙන් සිදු වෙනවා. මරණයෙන් පසු රැඳී ඉන්න උත්සාහ කරපු ඊජිප්තු රජවරුන්ගේ සිරුරු වලට පසුකාලීනව හොරුන්ගෙන් කොයිතරම් ගැහැට සිදුවුනාද?
    මරණයත් සමගම මේ ලෝකය සමග ඇති සියලු බැඳීම් වලින් නිදහස්වෙලා සම්පූර්ණයෙන් වෙන් වෙලා යන එක තමයි ඇඟට ගුණ.

    ReplyDelete
  2. @Pravin Indranama - ස්තූතියි! ඉදිරියේදිත් පැමිනෙන්න...

    ReplyDelete
  3. ලිපිය නම් විශිෂ්ටයි.ඉදිරියටත් මේ වගේ වටිනා ලිපි දාන්න.පුලුවන් නම් ඊජිප්තුව පැත්තෙත් පොඩි රවුමක් අපිව එක්ක ගෙන යන්න.එහෙත් දැක බලා ගන්න වටින මමී ගොඩක්ම තියෙනවනෙ.

    ReplyDelete
  4. ස්තූතියි ගොඩක් වැදගත් ලිපියක්, දිගටම ලියන්න ඔබට ජය

    ReplyDelete
  5. @උදාර සහ අනෙත් මිතුරා වෙත - ස්තූතියි! ඊජිප්තුව සහ පිරිමීඩ ගැනත් ලියන්න තමයි සිතාගෙන සිටින්නේ. දැන් ඒවා ගැන කරුණු එක්රැස් කරනවා...

    ReplyDelete
  6. ස්තූති මේ ලිපිවලට තවත් මෙවැනි වටිනා ලිපි බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  7. @ItalyDilan- ස්තුතියි! නැවතත් සත් සමුදුර බලන්න එන්න...

    ReplyDelete
  8. නියමයි ලිපිය දිග උනත් ලස්සනට ලියලා තියනවා එක දිගට කියවගෙන යන්න පුලුවන් විදිහට... දිග වැඩීකියලා කොටස් නොකරපු එකට ස්තූතියි...
    තව ලියන්න අපි කියන්වවා

    ReplyDelete
  9. @MaRLan-ස්තූතියි! ඉදිරියේදිත් එන්න...

    ReplyDelete
  10. ow ayye mammy ganath liyanna

    ReplyDelete
  11. @මොල්ඩර් ෆයිල්ස්- ඔව්, ඒ ගැනත් ලියන්නම්...

    ReplyDelete
  12. @yasasi - Thanks! There are more ancient mummification Theories and Technics at Articles about Pyramids and Mummies...

    ReplyDelete
  13. වටිනා තොරතුරු එකතුවක්.

    ReplyDelete
  14. @නදී - ස්තූතියි! සොයුරිය, ආයෙත් සත් සමුදුරට එන්න. තව වෙනස් වෙනස් ලිපි රැසක් ඉදිරියටත් ඔබ එනකම් බලා සිටීවි...

    ReplyDelete
  15. @dinupa.fernando - ස්තූතියි!!!

    ReplyDelete
  16. Great Letter Buddy....Keep goin..

    ReplyDelete
  17. මේ දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යෙන්ද මේ මිනී කල්තබාගෙන තිබෙන්නේ එහෙම නැතිනම් නූතන විද්‍යාවේ හාස්කම්ද තිලින කියල කෙනෙක් කියනවා මේ මිනී කල්පවත්වාගන්නේ දෙවියන් වහන්සේගේ හාස්කමක් නිසා කියලා මේ දෙවියන් වහන්සේගේ හාස්කම්ද වාහනයක් පදවන්න එන්ජිම ක්‍රියා කරන්නේ හාස්කමකින්ද? මොකද එයයි මේ මිනී කල් පවත්වා ගැනීමයි සමානයි

    ReplyDelete
  18. Thanks so much .....
    So interesting article .......

    ReplyDelete
  19. godariyak pin deepal ayye. mama nodanna dewal godak denagaththa. oya thawath liyanna. mama aniwaryayen balanawa... thanks. thanks a lot & good luck..!

    ReplyDelete
  20. kiyanna wachana naha ,,,pastama pastai...niyamai anargai...

    ReplyDelete
  21. ඔන්න ලිපි දෙකම කියෙව්වා

    ReplyDelete
  22. ගොඩක් වටිනා ලිපි එකතුවක් , බොහොමත්ම ස්තුති .
    පුලුවනිනම් ඉන්දියාවේ ගෝව වල තෙන්පත්කරලා තියෙන අපි සලකන රාහුල හාමුදුරුවන්ගේ මිනිය ගෙන බ්ලොග් සටහනක් යොදන්න.
    නැවත වරක් ස්තුති .
    pRASANNA

    ReplyDelete
  23. thank you, this sight is worth reading .

    ReplyDelete