Friday, March 11, 2011

50 වන බ්ලොග් සටහන තබමි....



අද සත් සමුදුරට සතුටු දවසක්. ඒ තමයි මාතෘකාවේ කියනව වගේම 50 වන බ්ලොග් සටහන තමයි මේ තියන්නේ. ඇත්තටම සත් සමුදුර ක්‍රියාකාරීව වැඩ ආරම්භකරල දින 56 ක් වගේ කාලයකදී ඇත්තටම මෙවැනි සංධිස්ථානයක් පසුකරන්න ලැබීමත් ආඩම්බරයක් දැනෙන කරුණක්.

මේ බ්ලොග් එක ඇත්තටම නම් ආරම්භ කරල වසරක් පමණ වෙනවා. මුලින්ම මේකට තිබුන නම නම් මේක නෙවෙයි. එදා ඒක නම් කලේ "නිදහස් අදහස්" ලෙසයි. ලියන්න අදහස් කරල හිටියේ නම් අ‍පේ රටේ සිදුවන එක එක වැඩ ගැන නම් තමයි. හැබැයි වෙනත් සිංහල බ්ලොග් කියවල බැළුවහම මම ලියන්න හිතාගෙන හිටිය දේවල් මම ලියන්න හිතාගෙන හිටියට වඩා හොදට ඒවායේ ලියල තියෙන බව දැක්කම මමත් ඒවා ලියන එකේ තේරුමක් නැහැ කියල බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවමින් සිටියා.

අනිත් කාරනේ තමයි මම දාපු නමට සමාන නම් ඒ වෙනකොටත් වෙනත් බ්ලොග් වලටත් භාවිතා කරල තිබුනා. ආරම්භකරන වෙලාවේ හිතට වෙනත් නමක් ආවේ නැති නිසා මේ නම දැම්මත්, මටත්  "නිදහස් අදහස්"  කියන නම එතරම් හිතට ඇල්ලුවෙත් නැහැ. මට ඇත්තටම යම් කෘතගුන සැලකීමක් විදියට එක නමක් නම් මේකට දාන්න ඕන කියල හිතේ තිබුනා. මොකද මගේ දැනුම වර්ධනයට ඒ මාධ්‍ය විශාල රුකුලක් වූ නිසා.

මොකක්ද මේ නම සහ මොකක්ද මේ කියන මාධ්‍යය කියල දැන් ඔබට ගැටළුවක් ඇති. ඒ නම තමයි "සමුදුර".  මම 1993 ඔක්තෝබරයේ සිට මේ දක්වාම සමුදුර පුවත්පතේ පාඨකයෙක්. මට ඒ පුවත්පත කියවීම නිසා ලැබුන දැනුම සහ විවිද ක්‍ෂෙත්‍ර හඹා යාමට ඇවසි කුතුහලය ලබා දීම නිසාම එම නම මගේ බ්ලොග් අඩවියට දාන්න උවමනා වුනා. ඒත් අවාසනාවට ඒනම නම් මට භාවිතා කිරීමට ඒ අවස්ථාවේ නොලැබුනේ සමුදුර යන නම වෙනත් බ්ලොග් රචකයෙක් තම බ්ලොග් අඩවිය ලියාපදිංචි කරගැනීම සදහා යොදා ගෙන තිබීම නිසායි.

ඒත් මම, මගේ අදහස ඉවත ලන්නට සිතක් දුන්නේම නැහැ. ඒ වෙලාවේ සමුදුර කියන නාමය තව තවත් ශක්තිමක් කරමින් "සත් සමුදුර" යන නාමය සිතට ආවා. ඒත් මේ නම දැම්මට මොනව ලියනවද කියල කිසිම අදහසක් හිතට ආවෙත් නැහැ. ඒ වගේම ඒ කාලේ මේ යුනිකෝඩ් වලින් සිංහල ටයිප් කරන එකත් මට නිකං ග්‍රීක් වගේ. ඒක නිසාත් ලිපි ලියනවට වඩා කියවන එක හොදයි කියල හිතල ලිවීම තව ප්‍රමාද කලා.

මෙහෙම ටික කාලයක් ගතවෙලා ගිහිල්ල ‍එක බ්ලොග් ලියන සහෝදරයෙක් දාල තිබුන Video Player ක් දැකල හිතුනා මෙ මාතෘකාව ගැන මොනව හරි ලියන්න. ඔන්න ඒකත් කොටස් දෙකකට ලිවුවා "Video and Audio Players වල අප නොහි‍තන දේවල්" කියලා.

ඊට පස්සේ Softwares කිහිපයක් ගැන ලියුවට පස්සේ ලිව්වා අපේ රටේ ටිකක් අඩුවුනත් ඉදිරියේදී වැඩියෙන් සිද්දවේවි කියල හිතෙන අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන වංචාවක් වන Phishing ගැන "මොකක්ද මේ Phisshing කියන්නේ" . මේක ලියන්න හේතුවුනේ විදේශ ගත වෙලා ඉන්න මගේ ඥාති සහෝදරයෙකුට විශාල මුදලක් තෑග්ගක් ලෙස ලැබීමට නියමිතයි කියල ඔහුට ලැබිල තිබුන email එකක් නිසයි. මම මේ ‍කාරණේදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියල ඔහු දැනුවත් කල නිසා කරදරයක් නොවුනත් ඒ පිළිබදව යමක් සටහන් කරල තැබීම කොයි කාටත් ප්‍රයෝජනයක් වේවි යන් චේතනාවෙන් තමයි ඒක ලියවේ.

මින් පස්සේ මගේ ප්‍රියතම විශයක් වුන ලෝකයේ තිබෙන ‍මිනිසුන්ගේ ඇස එතරම් නොගැටුන හෝ කාලයකට ඉහත සිද්දවුන නමුත් වර්තමානයේ එතරම් කතාබහට ලක් නොවන දේවල් ගැන ලියන්න සිතුන නිසාම මුලින්ම "මහපොළව මත ඇදි අභිරහස් සිතුවම්" නමින් Nazcar lines ගැන ලිව්වා.

එයින් පස්සේ තමයි සත් සමුදුරේ හැරවුම් ලක්‍ෂය ලෙස වුවත් සැලකිය හැකි සහ බොහෝ ‍දෙනෙක්  සත් සමුදුර බලන්න එන්න සහ ගොඩක් Followers එකතු වෙන්නත් හේතුවුන ටජ් මහල ගැන ලියවුන "සුන්දර ටජ් මහලේ නොදත් තතු" නම් දීර්ඝතම ලිපිය සටහන් තැබුනේ. ඒ ලිපියට හොද ප්‍රතිචාර තවමත් ලැබෙනවා.

මේ අතරතුරේදී සිනමාව කියන තේමාව යටතේ බ්ලොග් සටහන් කිහිපයක්ම තැබූ අතර එයින් The Godfather කියන චිත්‍රපටි මාලාව ඇසුරෙන් නිර්මාණය වූ "The Godfather Family Album" කියන Coffee Table Book එක ගැන සටහන් තැබුවා. ඒක ගැන මම මුලින්ම දැක්කේ Taschen  සඟරාවේ පිටු තුනක විතර විස්තරයක්. ඒක වැඩි දියුණු කරල තව කරුණු රැසක් හොයාගෙන තමයි ලිපිය සැකසුවේ. මේකටත් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුනා.

ඊට පස්සේ තව තව සටහන් තේමා කිහිපය යටතේම තැබු අතර ඉන් පසු සත් සමුදුරේ දෙවන විශාලතම ලිපිය වන "ගුලාග් කදවුරු" ගැන සටහනක් තැබුවේ.මම මේ කදවුරු ගැන මුලින් දැන ගෙන හිටියේ ‍ඒවා සාමාන්‍ය වැඩ බිම් කියල. නමුත් වෙනත් දෙයක් ගැන හොයන කොට අහම්බෙන් දැකල තව විස්තර සොයා ගැනීමේදී තමයි ඇත්තනැත්ත දැන ගත්තේ. අපි හිට්ලර් ගැන විවිද කතා කිව්වට ඔහුටත් වඩා දුරදිග ගිය අයත් ලෝකයේ සිටි බවට හොදම සාක්‍ෂියක් තමයි ගුලාග් කදවුරු ගැන කියන්න තියෙන්නේ. හැබැයි එම ලිපියට නම් සත් සමුදුරේ පාඨකයන්ගෙන් නම් එතරම් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුන බව පේන්න තිබුනේ නැහැ. මොකද ඒක තවමත් බලල තියෙන්නේ බොහොම ටික දෙනයි.

ඉන් පසු‍ව ලියන ලද සයිබීරියාව ගැන ලිපිය හා ඒ එක්කම වගේ ලියපු Clint Eastwood  ගැන ලිපියටත් හොද ප්‍රතිචාරයක් ලැබුන බව කියන්න ඕන.

සත් සමුදුරට තව තව පාඨකයෝ එකතු වුන ලිපියක් තමයි "එකම පේලිය පින්තූර ගොඩක්" ලිපිය. එය තමයි ‍ඒවන විට පල කල ලිපි වලින් වැඩියෙන්ම දෙනෙක් බලන ලද බ්ලොග් සටහන.

මේ සටහනට පස්සේ තබන ලද "Tungaska හි සිදුවූ අභිරහස් පිපිරීම" ලිපිය තමයි අද ‍වන තෙක් සත් සමුදුරේ වැඩිම දෙනෙක් බලන ලද බ්ලොග් සටහන. තවමත්  ඒ සටහනට සෑහෙන පිරිසක් පිවිසෙන බව කියන්නේ ඉමහත් සතුටින්.

මෙයට දින කිහිපයකට පෙර පල කරපු "විසිවන සියවසේ මමි" ගැන ලිපිය තමයි දැන් සත් සමුදුරේ දීර්ඝතම ලිපියට හිමි ‍ගරුත්වය ලබාගෙන තියෙන්නේ. කොටස් දෙකකින් යුත් එම ලිපියටත් හොද ප්‍රතිචාර තවමත් ලැබෙනවා.

මේ තමයි සත් සමුදුරේ පසු කරපු සැතපුම් කනු. ඇත්තටම ඒ දුර ගෙවන්න ශක්තිය සහ ධෛර්යය වුනේ සත් සමුදුර කියවනලද, එය Follow කරන්න එකතුවුන, ඒකට විවිද යෝජනා ඉදිරිපත් කරපු, එයට ජය පැතූ, එයට නිර්නාමිකව හෝ නාමිකව කමෙන්ටු දැමූ සහ   නිහඩව හෝ එයට ‍ගොඩවෙලා ගිය ඔබ සැම තමයි. ඔබලාගේ සහය නැත්නම් මෙතරම් දුරක් මට එන්න හිතෙන්නේ නැහැ. අනිත් එක මෙතරම් කෙටි කාලයකින් 50 වන බ්ලොග් සටහන තබන්න හේතුවක් වෙන්නෙත් නැහැ ඔබලා නැත්නම්. මම වෙනවෙනම නම් වලින් කියන්නේ නැතිවුනත් (එක නමක් හෝ මඟහැ‍රනොත් සිතු රිදීමක් ඇතිවෙයි යන සැකය නිසා) ක්‍රමක්‍රමයෙන් සත් සමුදුරට ලැබෙන සහය වැඩිවන බව පේනවා.

මම නම නොකියුවත් ඔබ දන්නා බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අප ආයතනයේම  සොහොයුරෙක්ගෙන් තමයි මම නිරතුරුවම බ්ලෝග් එකේ පැන නගින තාක්‍ෂනික ගැටළු සදහා අවශ්‍ය උපදෙස් ලබා ගන්නේ. එසේම තව සොහොයුරෙක් තමයි සත් සමුදුරේ ලිපියක් කොපි කරල වෙන බ්ලොග් එකකට දාල තියෙද්දී මට පෞද්ගලිකව දැන්වූයේ.  එසේම සත් සමුදුර අළුත් පාඨකයන් අතරට ගෙන යන්නත් ඔබලා දායක වන බව මම දන්නවා. ඒ ගැනත් මගේ හදපිරි ස්තූතිය ඔබට පුද කරන්න මේ මොහොත මම යොදාගන්නවා.

ලිපියේ අවසානභාගයට පිවිසෙන අතරතුරේ මම ඔබට කියන්න කැමතියි, සත් සමුදුරට වැඩිපුරම ලැබුනේ ප්‍රශංසා එහෙමත් නැත්නම් "මල්" කිව්වත් වරදක් නැහැ. හැබැයි එක පොඩි ගල් පාරකුත් ලැබුනා. ඒ කමෙන්ටුව "Blog Post එක තුලට තව වෙබ් අඩවියක් ඔබ්බමු" ලිපියේ තවමත් තියෙනවා. කොහොමවුනත් මේ වගේ දේවලුත් බලාපොරොත්තුවෙන්න සිදුවෙනවා.

මුලින්ම ලියන්නේ මොනවද කියල හිතාගන්නවත් බැරුව හිටියත් දැන්නම් ලියන්න වෙලාව මදිකම තමයි මට තියෙන ගැටළුව. ඇත්තටම ටජ්මහල ගැන ලිපිය ලියල වෙනස්ම පැත්තකට සත් සමුදුර යොමුවුනේ නැතිනම් මම ලියන්න හිතාගෙන හිටියේ කාලයකට ඉස්සෙල්ලා හදාරපු CCNA Course එකේ,  ඒ ඒ තෝරා ගත්ත කොටස් සිංහලෙන් සරලව. ඒත් වෙනස් වෙනස් දේවල් ගැන ලියන්න ලැබුන නිසා ඒ අදහස නම් යටපත්වුනා. මම ඔබලා සැමගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදිත් හැකි සෑම විටකම සත් සමුදුරට ගොඩවෙල, ඔබට එන ඕනෑම අදහසක් කමෙන්ටුවලට දාන්න. ඒක මෙම ගවේශනාත්මක බ්ලොග් අඩවියේ දියුණුවට සෑම අතින්ම රුකුලක් වේවි. අනිත්එක තමයි ඔබට යම් දෙයක් සත් සමුදුරට ඇතුලත් වියයුතුයයි කියල සිතනව නම් ඒකත් කියන්න. එහෙම කියපු මාතෘකා දෙකක් ඉදිරියේදී පල කරන්න සූදානම් කරගෙන යනවා.

දැන් ඉතින් මෙම ලිපිය අවසන් කරන්නම් මෙන්න මේ පොඩි පොඩි දේවල් ටිකත් කියල. මම ඔබට කියන්නෙත් හොදින් පොතපත කියවන්න. එයින් ලැබෙන දැනුම ඉමහත්. මම සියයට සීයක් සාර්ථක නොවුනත් මේ ප්‍රමාණයට හරි ලියන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ ඒ නිසා කියන එක මම අදටත් විශ්වාස කරනවා. ඒවගේම යමක් පටන් ගන්න අමාරුයි තමයි. මොකද අපි යමක් කරන්න ඉස්රවෙලා ඒ ගැන හිතනව වැඩියි. ඒක තමයි මූලිකවම යමක් කරන්න ප්‍රමාදවෙන්න එක හේතුවක් වෙන්නේ. හැබැයි කොයිවි‍දියෙන් හරි ඒක පටන් ගත්තමනම් ඒක ඉදිරියට කරගෙන යන එක එතරම් ගැටළුවක් නොවෙයි. මෙන්න මේ කාරනෙත් සමග ඔබලා සැමට මේ මල් දම පිළිගන්නවමින් සත් සමුදුර බ්ලොග් අඩවියේ 50 වන සාඩම්බර ‍බ්ලොග් සටහන අවසන් කරමි.

ස්තූතියි.

27 comments:

  1. වැදගත් බ්ලොග් අඩවියක්. ආසා කරන ලිපි ගොඩක් තියනවා.
    දිගටම ලියන්න සුබ පතනවා

    ReplyDelete
  2. සුභපැතුම් දිගටම ලියන්න :)

    ReplyDelete
  3. @රොබින් - ස්තූතියි! නැවත එන්න....

    ReplyDelete
  4. @පූසා - ස්තූතියි! ලිපි රැසක් සැකසෙමින් පවතිනවා...

    ReplyDelete
  5. මමත් නිතරම කියවනව ඔබේ ලිපි. ඉතාම වටිනා ලිපි කිහිපයක්ම මට මෙහි කියවන්න ලැබුණා. එයට ස්තූතියි.
    තව ඉදිරියට එවැනි ලිපි බලාපොරොත්තුවෙන් සිටිමි.
    සුබ පැතුම්!

    ReplyDelete
  6. සුභ පැතුම් !!
    වැදගත් තොරතුරු අඩංගු බ්ලොග් අඩවියක්

    ReplyDelete
  7. @Outsider - ස්තූතියි! ඔබ සත් සමුදුරේ මුල් අවධියේ සිටම විශාල සහයක් මට දෙනවා. එයටද තුති පුදකරමින් ඔබගේ බ‍ලාපොරොත්තුව ඉටුකරන බව දන්වමි...

    ReplyDelete
  8. @ම - ස්තූතියි! තවතවත් වැදගත් හා දුර්ලභ ලිපි රැසක් ඉදිරියේදිත් දැක ගන්න පුළුවන් වේවි...

    ReplyDelete
  9. තව දිගට ලියන්න.
    සුභ පැතුම්....

    ReplyDelete
  10. @Priyantha.ඒබී - ස්තූතියි! ඔබගෙන් සැමදා ලද සහය ඉතා අගය කොට සලකමි...

    ReplyDelete
  11. සුබපැතුම් මචො

    ReplyDelete
  12. @මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! මචං ... දිගටම එන්න...

    ReplyDelete
  13. සත් සමුදුරට මම මුලින්ම ගොඩවැදුනෙ බොහොම අහම්බෙන්. මගේ මතකයට අනුව ඒ අලී ගැන ලියල තිබුණ ලිපියක් දැකලයි. කොහොම වුණත් එදායින් පස්සෙ මට සත් සමුදුරෙන් මිදෙන්න නම් ලැබුණෙම නැහැ. මොකද මම ඒ තරමටම මේ බ්ලොග් අඩවියට සමීප වුණා. සත් සමුදුර තාක්ෂණය ගැන විතරක් කථා කළා නම් සමහරවිට මම මේ බ්ලොගයට මේ තරම් කැමති වෙන එකක් නැති වෙයි. මම දකින විදිහට සත් සමුදුරේ තියෙන විශේෂත්වයත් ඒකයි. අවසාන වශයෙන් මේ කාර්යය ඉදිරියටත් කරගෙන යන්න ඔබට ශක්තිය හා ​​ධෛර්යය ලැබේවා යයි මම ඉත සිතින් පතමි .

    ReplyDelete
  14. @උදාර - ස්තූතියි! ඇත්තටම එකම තේමාවකට කොටුවෙන එක කාලෝචිත නැහැ. ඒ නිසාම තමයි විවිද මාතෘකා ඔස්සේ සත් සමුදුර ඉදිරියට යන්නේ. නැවතත් සත් සමුදුරට ගො‍ඩවෙන්න කියල ඔබෙන් ඉල්ලනවා...

    ReplyDelete
  15. විවේකය මදි කම නිසා මේ දවස් වල බ්ලොග් ඇසුරු කරනව අඩුයි. නමුත් කියවා ඉගෙනුමට දෙයක් ඇති අතලොස්සක් බ්ලොග් අතර ඔබගේ බ්ලොග් එක ඉදිරියෙන්ම සිටින බව කිව යුතුමයි. ඉදිරියටත් හරවත් දේවල් ලියන්න හැකියාව ඔබට ලැබෙන්න කියල පතනවා.

    ජය!

    ReplyDelete
  16. @hare:-) ස්තූතියි! ඔබත් මුල් කාලයේ සිටම මට විශාල සහයක් දුන් අයෙක්. ඒ සදහා නැවතත් ඔබට තුති පුදමින්, ඇසිල්ලක් ලද විටක සත් සමුදුරට ගොඩවන මෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  17. මුලින්ම සහොදරය මට සමාවෙන්න, මොකද නෑයෙක්ගෙ ව්ශේෂ දේකදි මුලින්ම එන්න ඔනි උනත් අවාසනාවට මට එන්න උනේ නෑ ඒත් මම අමතක කලෙ නෑ, කොහොම උනත් චිරාත් කාලයක් සංහල බ්ලොග් අවකාශයේ යෙහෙන් සරන්න සත්සමුදුරට සංහිඳ පාමුලෙන් නොමසුරු සහයෝගය එදාවගේම අදත් හෙටත් එක ලෙස ලබාදෙනව, එහෙනම් මේ ආව ගමන ඉදිරියටත් මේ විදිහටා යන්න ඔබට ජය ශක්තිය පතමි.

    ReplyDelete
  18. post eka dekke parakku wela saho.kohoma unath digatama hoda lipi liyanna oyata jaya pathanawa.

    ReplyDelete
  19. @සංහිඳ පාමුළ - බොහොම ස්තූතියි! ඔබගේ සහය සැමදා ලැබෙන බව ගැන වචන දෙකක් නැහැ...

    ReplyDelete
  20. @TL LANKA WEB - බොහොම ස්තූතියි! ඔබත් මුල් කාලයේ සිටම මට සහය දුන් මිතුරෙක් දිගටම අපි හමුවෙමු...

    ReplyDelete
  21. තිලකා රන්දෙනි
    සත් සමුදුර අති විශිෂ්ඨයි.
    ඇත්තටම මට තියෙන වැඩවල හැටියට හුගක් වෙලා එක කාරියක නියැලෙන්න අමාරුයි. ඒ නිසා ඔයගේ බ්ලොග් එකේ එක ලිපියක් විතරක් අදට බලලා යනවා කියලා හිතා ගත්තත් දැන් පැය ගානක ඉඳලා මං මෙතන.
    ඔන්න අද දවසට අන්තිම කමෙන්ට් එක.
    www.thilakarandeni.lk

    ReplyDelete
  22. @තිලකා රන්දෙනි - ස්තූතියි! සෑම විටකම උපරිමයෙන් මෙම කාර්යයේ නියැලෙන්නට උත්සහ කිරීම විය යුතුයි යම් සාර්ථකත්වයක් සත් සමුදුර ලැබුවේ නම් හේතුව විය යුත්තේ වගේම සත් සමුදුර වටා දිනෙන් දින එක් වන පාඨක සහෘදයන්ගේ දායකත්වයත් එයට බලපෑවා යයි තරයේ සිතමි...

    ReplyDelete
  23. මට මේක සෙට් උනේ මෙසතියේ සදුදා...එත අද වෙනකොට මන ලිපි ගොඩක් කියුව ..දැනට කියපුවගෙන් අසම මය වරු ගැන ලිපි පෙලට ...දිගටම ලියන්න...එල

    ReplyDelete
  24. දිගටම ලියන්න ඔබට ජය

    ReplyDelete
  25. දිගටම ලියන්න ඔබට ජය

    ReplyDelete