මෙම ලිපියෙන් භාරතය ගැන හෝ එහි වෙසෙන ජනතාව ගැන කිසිදු ආකාරයේ පහත් කිරීමක් හෝ අවමානයක් කිරීමට බලාපොරොත්තුවෙන් රහිතව ලියන ලද්දක් වන අතර ඇතැම් කාරණ හා සේයාරූ ඔබට පිළිකුලක් ගෙනදීමට හැකිබවද කරුණාවෙන් සලකන්න. එසේම ඔබට කම්පනයට ලක්වන සිතක් ඇත්නම් මෙම ලිපිය බැලීම ඇතැම්විට ඔබට ගැටළු සහගතවීමටද ඉඩඇත.
භාරතය එහෙමත් නැත්නම් ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසියාවගේම ඇතුවත් බැරි නැතුවත් බැරි වැඩිමහල් සහෝදරයා කිව්වත් වරදක් නැහැ. අතීතයේ පටන් අපේ ජාතිකත්වය ගොඩනැගීමට, ආගමික ගුණාත්මකභාවය වර්ධනයට වගේම විවිද ශිල්ප ක්‍රම අපිට උරුම කරන්නත් ඉන්දියාව දුන් සහය අමතක කල නොහැකියි. ඒවගේම අපේ ඉතිහාසයේ විවිද අවස්ථාවල අපේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමටත් ඉන්දියාවේ මැදිහත්වීම සිදුවූ බවත් අමතක කල නොහැකි කාරණයක්. කෙසේවෙතත් අද ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තුවන්නේ ඉන්දියාවේ වෙසෙන ඔබ අප වගේම සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන වටපිටාව ගෙවෙන ආකාරය පිලිබදව සේයාරූ වගේම තවත් කාරණා කිහිපයක්.
ලෝකයේ විවිදත්වය වැඩිම රට විදියට ගත්තොත් මගේ නම් මතය ඒ රට ඉන්දියාව බවයි. භාෂාමය අතින්, ජනවාර්ගික අතින්, සංස්කෘතිකමය විශමතාවයන් අතින් වගේම භූවිද්‍යාත්මක, දේශගුණික අතින් වගේම ආගමික අතිනුත් ඉන්දියාවේ ඇති විවිදත්වය විශ්මයජනකයි. ලෝකයේ අංක එකේ ධන කුවේරයන් වගේම ජීවිත කාලය පුරාවටම දුක්විද කිසිම සැපයක් නොවිද මහපාරේ මිය යන මිනිසුන්ගෙන්ද ඉන්දියාවේ අඩුවක් නැහැ.
එරට අවමංගල්‍ය චාරිත්‍රයන්ද වෙනස් ආකාරයක් ගනු ලබන බව ඔබත් දන්නවා ඇති. විශේෂයෙන් හින්දු චාරිත්‍රයන් අතරදී මියගිය තැනැත්තාගේ දේහය බොහෝවිට ගංඉවුරකකදී දරවලින් ආවරණය කර ආදහනය කරනු ලබන අතර ප්‍රභූතැනැත්තෙකුගේනම් සදුන් දරවලින් ඉදිකල දරසෑයේ එම කාර්යය නිසියාකාරව ගරුබුහුමන් සහිතව කරනු ලැබූවත් සාමාන්‍ය දුප්පත් අයෙකුගේ නම් බාගෙට පිළිස්සුන මලසිරුර අසල ගඟටම ඇද දමනු ලබයි. වරක් මා වෙත ලැබුන විද්‍යුත් තැපැල්පතක මේ ආකාරයේ බාගෙට පිළිස්සුන කුණුවනු මල සිරුරු ගගේ පාවෙද්දිත් ඒ අසලම ස්නානය කරන මිනිසුන් ඕනෑතරම් සිටින දක්නට ලැබුනි. එය අපට අරුමපුදුම දෙයක්වූවත් එරට මිනිසුන්ට සාමාන්‍ය දර්ශනයක් වන්නට ඇතැයි සිතුනි. විශේෂයෙන් එරට ජනයා පූජනීයත්වයෙන් සලකන ගංඟානම් නදිය මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක්ද උසුලයි. කෙතරම් අපිරිසිදුවූවත් මෙම නදියට වැදුම් පිදුම් කිරීම මෙන්ම ස්නානය, මුවදෝවනය හා පානය කිරීමටද ඔවුන් කිසිම අවස්ථාවක් මැලිකමක්ද නොදක්වයි.
ආදාහනයකට සූදානම් කල දේහයක් |
ශුද්ධවූ ගවයන් සැමතැන |
තමන් භාවිතාකරන ජලයටම ඇද දැමූ ශුද්ධවූ ගවයෙකුගේ දේහය |
මලමිනියක් පාවෙමින් තිබියදීත් ඒගැන වගේවගක් නැතව නාන රෙදි සෝදන ජල පානය කරන ගැහැණු පිරිමි |
ශුද්ධවූ ගංඟා නදියට කරන වැදුම් පිදුම් |
ගංගාවේ ජලය කෙතරම් අපිරිසිදුදැයි කිවයුතුද? |
මේ අවමංගල්‍ය චාරිත්‍ර ගැන කීමේදී අගෝරි (Aghori) සාධුවරුන් ගැනද යමක් කීමට සිතුනේ. ඔවුන් මෙම මෘතදේහයන් සම්බන්ධයෙන් සබදතාවයක් ඇති නිසයි. හින්දු පූජක ජන කොටසක් වන මොවුන්ගේ වැඩිපුර වාසභූමිය සිරුරු දවන ගංඟාඉවුරුයි. මිනී අළු ඇග තවරා ගෙන සිටින මොවුන් එයින් විශ්වාස කරන්නේ එය ශිව දෙවියන්ගේ වර්ණය නිසා තමන් දෙවියන්ට සමීපවන බවයි.
ඇතෙමෙකු තම පූජක දිවිය පුරාවටම නිරුවතින් සිටින අතර තවෙකෙකු යම්තම් විලිවසාගත් අමුඩයක් වැනි ඇදුමක් හෝ සිරුරු වැසෙන ඇදුමක් වුවද ඇද සිටි.
නිරුවත් අගෝරි පූජකයන් සමූහයක් |
ඉන්දියාවේ ආගමික වශයෙන්ද ඇත්තේ උමතු විශ්වාසයක් යයි සිතේ. විවිද නම් වලින් විවිද ආගමික මුහුණුවර ඇති පූජකයන් එරට සිටි අතර තවමත් සිටි. මිනිසුන්ද කිසිදු වගවිභාගයක් නොමැතිව ඔවුන්ගේ අනුගාමිකයන් වීමටද පසුබට නොවේ. අපද විටෙන්විට පුවත් මාර්ගවලින් දකින ආකාරයට පෙර ආත්මය ගැන විවිද කාරණා කියන්නන්, නොයෙක් ඍදිබලයන් ඇතිබව පවසන්නන්, විවිද භෞතිකමය වෙනස්වීම් අහඹු ලෙස සිදුවී ඇති වස්තූන්ට මෙන්ම විවිද දුර්ලභ අංගවිකල ස්වභාවයන් ඇති දරුවන්ට පවා විවිද දේවතා අවතාර ආරූඪ වී ඇතැයි පවසා වැටි වැටී වන්දනාමාන කරන බැදිමතුන් කෝටි ගණනක් එරට වාසය කරයි.
දැනට මෙම වචන ගැලපීම මදකට නවතා මෙම ලිපියේ ඉතිරිය ශාරුක් ඛාන‍්ගේ හෝ අයිශ්චර්යාගෙන් අපි දුටු ඉන්දියාව ලෙස නොව වරප්‍රසාද නොලැබූ දූගී ඉන්දියානුවන්ගෙන් ඉන්දියාව දෙස බලමු.
මේ අඩවියෙන්ද ඉන්දියාවේ නොදකින දේවල් දැකිය හැකිය.
http://www.chinasmack.com/2010/pictures/filthy-india-photos-chinese-netizen-reactions.html
මීට පෙර ඉන්දියාව ගැන ලියවුන ලිපි -
සුන්දර ටජ්මහලේ නොදත් තතු - 1
සුන්දර ටජ්මහලේ නොදත් තතු - 2
සුන්දර ටජ්මහලේ නොදත් තතු - 3
සුන්දර ටජ්මහලේ නොදත් තතු - 4
දෙවියෝ සහ භූතයෝ
භාරතය වසර 100 කට පෙර
ඉන්දියාවේ බලකොටු
niyama lipyak yaluwa
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදිනේෂ් සහෝ දීල තියන වෙබ් අඩවියේ නම දැක්කාම මගේ ඔලුවට ආවේ වෙන දේශපාලන කතන්දරයක් , , හරියට දිණමිනෙන් එජාපය ගැන කියනවා වගේ (හිතාගන්න පුලුවන් ඇති ), ඒ වුනත් දිණමිනේ වගේ පච නම් නෙවෙයි , ඉන්දියාවේ එක් පැතිකඩක් අපි නොදකින
ReplyDeleteඑක පැත්තකින් F1 ට්‍රැක් හදන , සුපර් මාකට් වලට ඍජු විදේශ ආයෝජන ගේන්න හදන රටක කණගාටුදායක පැත්ත තමයි මේ රූපවල දකින්න තියෙන්නෙ
metro trains in india කියන ගුගල් සර්ච් එකේ Images වලට ගිහින් බලන්න (මමත් ලඟදි දැක්කේ දුකා අය්යගේ ලිපිය වෙනුවෙන් කරපු සර්ච් එකක ) , පලවෙනි රූපය හා දෙවෙනි රූපය දිහා බැලුවාම ඉන්දියාවේ තියන විවිධත්වය හොඳින්ම පේනව
ඉන්දියාවනේ නැත්තන් බොධිසත්වයින් බුධු වීමට ඉන්දියාවම තෝර ගනීද ?
ReplyDeleteවිවිද මත දරන පිරිස් විවිද සමාජ මට්ටම් වල මිනිසුන් ලෝකෙ වෙන කොහේවත් දකින්න බෑ ඉන්දියාවෙ වගේ
වෙනද වගේම වටිනා ලිපියක්. මේ ලිපියෙ තියන සමහර කරුණු ගැන කලින් අහල තිබුනත්, අද තමයි පින්තුරත් එක්ක හරියටම දැනගත්තේ.
ReplyDeleteඔයාගේ ලිපි අපිට විතරක් නෙවෙයි කවදාහරි අපේ දරුවන්ටත් ප්‍රයෝජනවත්.
මේ වෙනුවෙන් වැයකරන ඔයාගේ වටිනා කාලයට හා මහන්සියට ගොඩක් ස්තුතියි.
වැදගත් වගේම ලස්සන ලිපියක්. ස්තුතියි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙයට පෙර වතාවක මා මිත්‍ර හිමිනමක් ඉන්දියානු සංචාරයකින් පසුව මා හට පෙන්වූ ඡායාරූප මීටත් වඩා ඔවුන්ගේ ජන සමාජයේ ඇති දුක්ඛිත තත්වය විදහා දැක්වූවා.. ඒ කාලේ මං හිතුවේ නැහැනේ කවදා හරි මට මෙහෙම බ්ලොග් ලිවිල්ලක් කරන්න වෙයි කියලා..නැත්තං කොපි ටිකක් අරං තියා ගන්නවා...
ReplyDeleteමහ පාර අයිනේ මල පහ කරන කාන්තාවන්..දරුවන්..
වන්දනා නඩ වලින් විසි කරනු ලැබූ බිම විසිරී ගිය විස්කොතු අහුලා ගැනීම සඳහා මාරාන්තික ලෙස පොර බඳන දරුවන්...
චෙන්නායි හී මුඩුක්කු...
වහලවල් මත ලණු ඇදන් තබාගෙන මහ දවාලේ නිදියන මිනිසුන්...
ඒ ඡායාරූප දුටුවායින් පසුව මා තේරුම් ගත්තා මොනවා උනත් අපි තාමත් දෙව් ලොවක වසන විත්තිය..අඩුපාඩු සහිතව වූවත්...
//අපි තාමත් දෙව් ලොවක වසන විත්තිය..අඩුපාඩු සහිතව වූවත්...//
ReplyDeleteමොන අඩුපාඩුද මාරයෝ , අපි ආශ්චර්යයට පිය නගමින් නේ ඉන්නේ , ආශ්චර්යයේ දොරටුවත් දැන් ඇරල තියෙන්නෙ , මාරයගේ විශ්ලේෂන අනුව බඩු මිලත් සැහෙන්න ලාබයි වෙන මොනාද ඉතින් ?
@බුවා...
ReplyDelete:D:D:D
මං ඔය කිව්ව පොටෝ ටික දැක්කෙත් ඔහොම හිතුවෙත්..ඔය කියන හාමුරුදුරුවෝ ඉන්දියානු සංචාරය ගියෙත් මේ ආශ්චර්යාත්මක යුගයේදී නෙවෙයි...අර රනිල් මහත්තයා සාම ගිවිසුම් ගහපු වෙලාවේ..උනනැහේගේ යුගයේදී..ඔය චාරිකාවත් උන්නැහේගේ අනුග්‍රහයෙන් උන්නැහේගේ හිත මිතුරු හාමුදුරුවරුන්ට ලැබුන පිං චාරිකාවක්...
අනේ ඉතිං කවුරු මොකා හිටියත් මං ඕක දැක්කේ දේශපාලන ඇහැකින් නෙවෙයි..නැත්තං ඒ වෙලාවේ මටත් කියන්න තිබුනා රනිල් ලොක්කා අගමැති වෙලා ඉන්නකොට අපේ රට මෙයිට වඩා අන්තයිනේ කියලා...ඒත් මං දැක්කේ ලංකාව ලස්සන සහ ඉන්දියාවට වඩා ජීවත් වෙන්න පහසු රටක් හැටියට මිස අරයාගේ මෙයාගේ ආශ්චර්යයක් නෙවෙයි නෙව...මොකා රජ කලත් තාම අපේ රටේ මිනිස්සුන්ට මහන්සි වෙනවනං වවාගෙන හරි කන්න පුළුවන්කම තියෙනවා... හෙවනට නිදා ගන්න ගහක් කොලක් හරි අගු පිලක් හරි හොයා ගන්න අමාරු නැහැ...
මමත් මේ දේවල් ඇස් දෙකින්ම දැකලා තියනවා..මම නම් ඔවුන් රටවැසියන් විදිහට තමන්ගේ රටට දක්වන ආදරය ඉහලින්ම අගය කරනවා...
ReplyDelete@මාරය - :D, 2001-2002 කාලෙට වඩා ගව් ගාණකින් ඉන්දියාව රටක් විදිහට ඉස්සරහ ඉන්නව , හැබැයි ඔය රූප වල ඉන්න ඩයල් ජාතියේ පිසාචයො තාමත් එහෙමම ඉන්නව , ඒක උන්ට වවාගෙන කන්න තැනක් නැති කමට වඩා මම හිතන්නේ දෙවියන්ට හැමදේම භාරදීල අන්ධ විශ්වාසයෙන් ඉන්න එකේ විපාක ,
ReplyDeleteරට පාව දීපු සාම ගිවිසුම කාලේ වගේ නෙවෙයි , දැන් අපි සිරාවටම ආශ්චර්යයට යන්නේ , මාත් මේ දේශපාලනික ඇහැකින් නෙවෙයි කියන්නේ , අයිටීන් එකේ නිවුස් බලපු ඇහෙන් කියන්නේ :D
හොඳ වෙලාවට බං මට ටීවී කට්ටක් නැහැ ඔය නිව්ස් බලන්ට..නැත්තං මටත් ඒ ඇහෙන් බලලා කියන්ට තිබුනා:D:D:D
ReplyDeleteසමස්තයක් හැටියට ගත්තම, බොහොමයක් ඉන්දියානුවන් ලඟ, අපිරිසිදු කම, අපිලිවෙල, පන්ඩිත කම, මුදුනා වීමෙ ආසව ආදි එකි නොකි බොහොමයක් දුර්ගුන තියනවා. පුදුමෙ කියන්නෙ, උන් ඒ හැම දෙයක් ගැනම " ඒ අපේ හැටි " " ඉන්දියානුවො එහෙම තමා " කියලා ආඩම්බරෙන් වගේ කතාත් කරනවා. ඉන්දියාව ඔය තත්වයේ තියෙන්ඩ හේතුවත් ඕකම වෙන්ඩ ඇති. උන්ට ඒවයෙන් මිදෙන්ඩ එච්චර උවමනාවක් නැහැ කියලා තමා මට හිතෙන්නෙ.
ReplyDeleteමෙ පින්තූර දැක්කම ඇත්තටම මටත් හිතුනා, අපි කොච්චර වාසනාවන්තද කියලා..
එහෙම වාසනාවන්ත වෙන්නේ කොහොමද අනේ යූඇන්පී ආන්ඩුවක් නැතුව. ඔයත් මහ රජාගෙ කටු කන අයිටීඑන් බලන එකෙක් ද කොහෙද. නැත්නම් දන්නව නේ යූඇන්පී ආන්ඩුවක් නැත්නම් මේ රට මහ චාටර් කියල.
Deleteif UNP was in the power other than the povrty you can see hudreds of burnning bodien roadby. see they have unearthed in Matale.
Deletemonawa unath niyama photo tikak jaya wewa
Deleteවටින ලිපියක්. ලින්ක් එකෙන් මාත් කියල තියෙන සයිට් එකට ගියා. ඒකේ තිබුණු සමහර පින්තූර නම් අතිශය පිළිකුල් සහගතයි. ඒවා නොදාපු එකමයි හොඳ.
ReplyDeleteඅගෝරි සාධුල ගැන කියල තියෙන හින්දා මාත් ඔය කට්ටිය ගැන කියවල දැන ගත්ත දෙයක් කියන්න හිතුවා. හැබැයි මේක අද තියෙන විද්‍යාවත් එක්ක නම් ගැලපෙන්නේ නැති ගානයි. මේ සාධුල අතර අගෝර විද්‍යාව කියල ශිල්පයක් තියෙනවා. මේක ඉහළටම දියුණු කරපු අයට විස්මිත දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක භෞතික වස්තුවක් වෙනත්ම වූ භෞතික වස්තුවක් බවට පත් කරන්න පුළුවන්කම. ඒකටත් උදාහරණයක් කිව්වොත් ඔය කියන මිනීමස් ටිකක් පලතුරු ගොඩක් බවට පරිවර්තනය කරනවා වගේ දෙයක්. කොහොමවුණත් අද වෙනකොට නම් අගෝර විද්‍යාවේ කෙල පැමිණි අය (ඒ කියන්නේ මේ විදිහේ වැඩ කරන්න පුළුවන් අය) බොහොම හිඟයි කියල තමයි ආරංචිය තියෙන්නේ.
ඉන්දියාවේ තාමත් ඉන්නේ ගස් ගල් වලට වදින මෝඩ යක්කු ටිකක් කියලයි මටනම් හිතෙන්නේ.
ReplyDelete@මාරයා,
ReplyDeleteඋඹ හරි මාරයා. දේශපාලන ඇහැ කෙසේවෙතත් තාම අපේ රටේ කිසිම මිනිහෙකුට බඩගින්නට කන්න නැතුව මැරෙන්න සිද්ධ වෙලා නැති එක අපේ වාසනාවක්.
වටින ලිපියක්.
ReplyDeleteඅර ලින්ක් එකට ගියාමනං පිස්සු හැදෙනවා. මිනිස්සුන්ට යන කලක්.
ReplyDeleteදෙව්ලොවත් අපායත් මොකක්ද කියන එක එකම තැනකදී දැකගන්න පුලුවන් තැනක් තමයි ඉන්දියාව...
ReplyDeleteවිස්තරෙයි ෆොටෝ ටිකකයි බොහොම අපූරුයි..
ඉන්දියාව විශාල රටක් නිසා තැන් කීපයකින් ගත්තු දත්තයන් සමූහයකින් ඒ රටේ තත්වය මැනීම කල නොහැකි දෙයක් කියල හිතෙනවා
ReplyDeleteඡායාරූප ටික නම් මරු.ඉන්දියාව ගැන පුදුමත් හිතෙනවා .එක් පැත්තකින් හඳට යන ඉන්දියාව.අනික් පැත්තෙන් කුසට අහරක් නැති ඉන්දියාව .තවත් පැත්තක කොණ්ඩේ බැඳපු ........ තවත් පැත්තක නූගත් ඉන්දියාව . තවත් පැත්තක ස්වෝත්සාහයෙන් නැගි සිටින ඉන්දියාව . තවත් පැත්තකින් BRIC සමුළුවට නායකත්වය දෙන ඉන්දියාවයි. ඉන්දියාව කොයිබටද ?
ReplyDeleteසිරා බඞු ටික මම බැලුවා agori ගැන වැඞක් නැ කියලා. ඔයානම් සිරා පොරක්.http://www.youtube.com/results?search_query=agori&oq=agori&aq=1&aqi=g4&aql=&gs_sm=c&gs_upl=3311l7058l0l9241l7l7l1l0l0l0l417l1587l3-2.2l4l0
ReplyDeleteබොහොම ස්තුතියි මේ ලිපියට... නොදැන හිටපු ගොඩක් දෙවල් දැනගත්තා....
ReplyDeleteමමත් දන්නා ටිපිකල් ඉන්දියාව කියන්නේ බොහෝ දුරට මේක
ReplyDeleteඒ මිනිස්සුන්ට එහේ රස්සා නැති නිසා අරාබිකරයට ඇවිත් මුළු ජීවිතකාලේම මෙහෙට වෙලා ඉන්නවා
(ඉගෙනගෙන ඇවිත් මෙහේ රැකියා කරන මිනිස්සු ඉන්නඑක ඇත්ත, ඒත් බහුතරයක් ඉන්නේ නුගත් අය)
මම දැන් කරන රස්සාව එක්ක මමත් දවසකට ඔය කියන හැමපැත්තකින්ම ආපු කිසිම අධ්‍යපනයක් ලබපු නැති කම්කරු පන්තියේ ඉන්දියන් මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් එක්ක ගැටෙනවා, කතාබහ කරනවා
ඉන්දියාව රටක් විදිහට අපේ රටට වැඩිය පොහොසත් බව ඇත්ත
ඒත් අපේ රටේ වගේ එහේ නොමිලේ අධ්‍යාපනයක්, නොමිලේ ඉඩකඩම් බෙදා දීම්, ගෙවල් හදා නැති තරම්.
බහුතරයක් මිනිස්සු උපරිම දුක් විඳිනවා, සුළුතරයක් උපරිම සැප විඳිනවා
ගොඩ දෙනෙක්ගේ අධ්‍යාපන මට්ටම ගැන අපිට හිතා ගන්නවත් බැරි තරම් පහත්. මම මේ කියන්නේ බොහොම තරුණ අය, අවුරුදු 18, 20 කොල්ලෝ, පහේ පන්තියටවත් ඉගෙනගෙන නැහැ.
ගොඩ දෙනෙක් ඉන්දියාවේ රස්සාව කරලා තියෙන්නෙ මාසික පඩිය රුපියල් 2000 ට 2500 ට.
අවිද්‍යාව උපරිමයෙන් මුල් බැහැලා
මාත් එක්ක කතාකළ සමහරු හිතං ඉන්නේ ඒඩ්ස් වගේ ලෙඩ හැදෙන්නේ බල්ලෝ එක්ක ලිංගික ක්‍රියාවලියක් කලාම කියලා...
දැන් මැදපෙරදිග රටවල් නිදහස් විසා වලට තහංචියක් දාන්න හදනවා, ඒකෙන් ඉන්දියන් මිනිස්සු මිලියන ගානකට රස්සා නැති වෙන්න හදන්නේ
එහෙම උනොත් ඔය ලිපියේ තියෙන ජාතියේ මිනිස්සු ප්‍රමාණය තවත් වැඩි වෙයි
මොනවා උනත් ඉන්දියාව කියන්නේ හරි අපුරු රටක්
(මම අදමයි මේ බ්ලොග් එක බැලුවේ, අද ඉඳං දිගටම එනවා)
අම්මෝ පිස්සු හැදෙන දේවල්නෙ. මම හිතන්නෙ බුදුන් උපන්නෙ මෙහෙ කියලා. මගෙ ඔලුවත් කරකැවෙනවා ලින්ක් එකට ගියාම. මොන කාලෙක කවුරු රට පාලනය කළත් අපේ රටේ කොහෙවත් මේ වගේ තත්වයක් නැහැනෙ. මේක ඇත්තටම පුණ්‍ය දේශයක්.
ReplyDeleteස්තුතියි තෙරතුරු වලට.
ඔබ කියන ආගමික උමතුව ඉන්දියාවෙ වගේම මෙහෙත් තියෙනව. වෙනස තියෙන්නෙ පූජ්‍යත්වයට පත්වෙන කණ්ඩායම් වල ස්වභාවය විතරයි. නැත්තම් දෙකම එකම උමතුවම තමයි.
ReplyDeleteඉන්දියාවේ අධි ජනගහණයට සාපේක්ෂව අපේ රටේ මෙවැනි දසුන් සුලභ නොවෙන්න පුඵවන්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දිළිදු කම නිසා පීඩිත වෙච්ච ජීවිත නෑ කියල. ඒත් සාපේක්ෂ ජනගහණය අඩුකම තුළ එදිනෙදා දෑසට දැකීමට හෝ ඡායාරූප ගත කරන්න පුඵවන් තරම් සුලභ බවක් හන්දියක් ගාණෙ අපේ රටේ නැති බව ඇත්ත.
ඒත් බලන් ගියාම ආගමික වගේම ගොඩක් දේවල් අතරින් අපි ඉන්දියාවෙන් වෙනස් වෙන්නෙ බාහිර පෙනුමෙන් විතරයි.
this is awesome dude...,bluddy brilliant...keep up the good work and give us more articles. cheers bro.....
ReplyDeleteසෑමදෙනාටම ස්තූතියි! මේ දවස් වල රාජකාරී වැඩ බහුල නිසා අළුත් ලිපි ලිවීමත්, කමෙන්ටුවලට පිළිතුරු සැපයීමත් අඩාල වෙලා තිබෙන්නේ. මේ ලිපියට හොද ප්‍රතිචාරයක් ලැබුනා. මම හිතුවේ නැහැ මෙතරම් මේ ලිපිය ඔබලා අතරට යයි කියලා කොහොමවුනත් ඉන්දියාවේ යථාර්තය මෙය බව තමයි මධ්‍යස්ථව ඉන්දියාව ගැන ලියන අය බොහෝ දෙනෙක් කියන්නේ...
ReplyDelete//ඉන්දියාවේ යථාර්තය මෙය බව තමයි මධ්‍යස්ථව ඉන්දියාව ගැන ලියන අය බොහෝ දෙනෙක් කියන්නේ...//
ReplyDeleteමෙය මා දිනේශ් විසින් ලියාවි යැයි කිසි සේත් නොසිතු වැකියකි , මේ තමයි ඉන්දියාවේ යථාර්තය කියා කියන්නේ ඉන්දියාව යනු මෙවන් ජරා ගොඩක් පමණක් ය යන අසාධාරණ සාමාන්‍ය කරනයයි , ලංකාවේ මුඩුක්කුවක ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ දමා මේ තමයි ශ්‍රි ලංකාව කිවොත් එය නිවැරදිද .outsider කියා ඇති පරිදි අති විශාල රටක අතිශයින් අධික ජනගහණයක් තුල මෙවැනි දේවල් දක්නට තිබීම පුදුමයක් නැත . මානව සංවර්ධන දර්ශකයේ ඉන්දියානුවන් සිටින්නේ අපට පහලිනි , චීනය සිටින්නේ කිහිපයක් ඉහලින් පමණි නමුත් චීනය හා ඉන්දියාව ඇතැම් ක්ෂේත්‍ර වලින් අත්කර ගෙන ඇති දියුණුවට අලගු තැබීමට තබා ඒවැන්නක් කරා ගමන් කිරිමේ මාවතක හෝ අප නොසිටි, එසේ සිට මේක තමයි ඉන්දියාවේ යථාර්තය කියා ඔබ කියවනවා නම් එය ඔබගේම ලිපියේ ඇති කරුණු(සමහර ) වලට පටහැනි ලංකාවේ ඉතාම සුලභ ඉන්දියා විරෝධීන්ගේ හඬක් ලෙසය මා හට නම් හැඟෙන්නේ ,
නිවරදි කිරීමක් , චිනයද සිටින්නේ අපට පහලිනි , චීනයේ ජනාකීර්න නගර වල ඇති ගැටලු එහි ගිය වුන් දනිති , කෙනෙකුට එයින් ඡායාරූප දෙක තුනක් දමා චීනයත් ලංකාවට වඩා චාටර් කිව හැක , කෝටි දෙකක ජනතාවකගේ මානව සංවර්ධනය සහ චීනයේ හා ඉන්දියාවේ කතන්දරය සහ මුලින් වෙනස්ය , ඒ පිලිබඳ නොසිතා චෝදනා කිරීම අසාධාරනය . මන්ද ඔවුන් අන් සැම අතින්ම ඉදිරියෙන් සිටී
ReplyDeleteවැදගත් පෝස්ටුවකි. අපට පෙන්නන බොලිවුඩය හුදෙක් ඉන්දියාව නොවේමය...
ReplyDelete@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - වැඩ රාජකාරි බහුල නිසා දීර්ඝව ලියන්නට නොහැකිවුනත් ඔබ එක් වාක්‍යයක් පිළිබදව වැරද නිගමනයක සිටින හෙයින් සුළුවෙන් යමක් ලිවීමට සිතුවෙමි. මා නම් පුහු ඉන්දියානු විරෝධිබවකින් මේ පිළිබදව නොලියෙව්වෙමි. කමෙන්ටුවේත් කියා ඇති සහ සෑම විටකම රකින මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මේ මොහොතේත් අවධාරනය කරන අතර ඉන්දියාව හෝ චීනය ලංකාව වැනි සෑම දෙයක්ම පිටින් ආනයනය කරන (සංස්කෘතියළ ජාතිය, ආගම ඇතුළු සෑම දෙයක්ම) රටක් හා රට ගැන අවංක හැගීමකින් සිටින ඉන්දියාව හා චීනය ලංකාව හා සැසදීම නිශ්ඵලය. ඒ නිසා මේ විශාල රටවල් දෙක ගැන සිතිය යුත්තේ නිරපේක්‍ෂවය. අනෙක ඉන්දියාවේ දුප්පත්කම චීනයට වැදගත් නොවන්නාසේම, චීනයේ දුප්පත්කම ඉන්දියාවටද වැදගත් නොවේ. ඉන්දියාවේ බහුතරයක යථාර්ථය මෙය බව දැන්ද කියමි. මන්ද බොලිවුඩ් සිනමාවේ මවා පෙන්වන සුකොමල, සුමිහිර බවට වඩා බහුතරයක් ඉන්දියානුවන් ගතකරන ජීවිතය මෙයයි. ඉන්දියානු ආණ්ඩුව සෑම අතින්ම පොහොසත්. මුදල් මෙන්ම තාක්‍ෂනික දැනුම අතින්ද එය ලෝකයේ ප්‍රමුඛ පෙලේ ස්ථානයක සිටින බව නොරහසක්. අනෙක සුළු මොහොතකින් ආගමික හෝ ජාතිවාදී උන්මාදයකින් ගැටුම් ඇතිකරගැනීම ඉන්දියාවේ ඇතැම් කාරණා වලදී පසුගමනයට හේතුවක්. උදාහරණයක් ලෙස මීට වසර 100 ගණනකට පෙර සිදුවූ පරිවර්ථන වලදී වෙනස් වූ අයෝධ්‍යාව වැනි නගරවල සිද්ධස්ථාන වල සිදුවූ අවසනාවන්ත තත්ත්වයන් ඔබට ඇතැම්විට මතක ඇති. මම මීට කලෙකට පෙර ලියූ ටජ්මහල ගැන ලිපි පෙලේදීද නොකියා කියා ඇති පරිදි ඒ මන්දීරයට සැබැවින්ම හින්දු සම්භව්‍යයක් ඇතැත් එය පවා සගවා අකමැත්තෙන්වුවත් එය මුස්ලිම් මෝගල් රාජවංශයට පවරා දීමට සිදුව ඇත්තේ ඉන්දියාවේ ඇති මෙවන් ගැටුම්කාරී තත්ත්වයන් නිසාය. දීර්ඝව තව කරුණු ඕනෑතරම් ලියන්නට හැකිමුත් කාලවේලා හරස්වන බැවින් දැනට නවතිමි...
ReplyDeleteසිනමා කැමරාවේ ඕනැම මැවීමක් සටහන් කල හැක . බොලිවුඩ් සිනමාව දිහා බලාන යම් කෙනෙකු ඉන්දියාව එසේ යැයි සිතන්නේ නම් එය මහත් විහිලුවකි . කොල්ලුපිටියේ අලුතින් හැදුවාට පසු හදනා චිත්‍රපටියක් ලංකාව පලමු ලෝකයේ රටක් ලෙස පෙන්විය හැක . මා කතා කරන්නේ සිනමා රූප ගැන නොවේ .ඔබ මෙම ලිපියේ අවසාන වශයෙන් සටහන් කරනා ස්තුති කමෙන්ටුවේ සටහන් කර ඇති වාක්‍යය තුලින් මා දකිනා සාමාන්‍ය කරනයට ය මා විරෝධය දක්වන්නේ . චීනය හා ඉන්දියාව යනු එකිනෙක සංසන්ධනය කිරීමට සුදුසුම රටවල් දෙකයි , එනිසා අදාල කමක් ඇත . අවසන් වශයෙන් කාරණා දෙකක් සටහන් කල යුතුය
ReplyDelete01) සිනමාව දිහා බලාගෙන මෙන්ම ඡායාරූප කිහිපයක් හරහාද නිගමන දීමේ හැකියාවක් නැත , කොටින්ම ඉන්දියාවේ ප්‍රාන්තයන් අනුව තත්වය ඉතා විශාල වශයෙන් වෙනස්ය .උදා හරනයක් ලෙස බිහාර ප්‍රාන්තයේ ද්‍රරිද්‍රතාවය 80% ගනනි ඔවුන් මේ රූප වලටත් අන්ත ජීවිත ගත කරනා ප්‍රාන්තයකි , නමුත් ද්‍රරිද්‍රතාවය 11% පමණ වන පන්ජාබයේ ජනතාව ඔය ආකාරයේ ජිවිත ගත නොකරනු ඇත . එනිසා ඉන්දියාව සරල සාමාන්‍යකරනය කල නොහැක
02) ඉන්දියාවේ උන්ගේ ගොන් කම් සියල්ල ලංකාවේද ඇත , ග්‍රහ ලෝක දෙවියන් යක්ෂයන් පස්සේ දුවති , නොපෙනෙන බලවේග වලට සියල්ල භාරදී ඇත , එකම වෙනස සැර බාලය සෝඩා දැමු වර්ශන් එකකි
@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මෙවන් පිටරටක කරුණක් අරඹයා ඔබ සමග වාදයකට එළඹීම අර්ථ විරහිතවූවත් ඔබ තවදුරටත් දක්වන කරුණු සම්බන්ධයෙන් ගැටළු ඇති නිසා මේ දත්ත සපයමි. ඉන්දියාව හා චීනය යුදමය හෝ භූවිශමතා අතින් සැසදිය හැක. එහෙත් ආර්ථික වශයෙන් එකිනෙකා අතර යැපීමක් හෝ රටවල් දෙකේ කිසිදු ආර්ථික හුවමාරු සංසිද්ධියකට එළඹීමේ අවශ්‍යතාවයක් දෙරටටම කිසිදුවිටක අවශ්‍ය නොවන නිසා ඒ රටවල් දෙක අතර සැසදීමට යොදා ගත හැකි විද්‍යාත්මක නිර්ණායකයක් වේ නම් දක්වන මෙන් ඉල්ලමි.
ReplyDeleteතවද ඔබ පවසා ඇති බිහාර් හා පන්ජාබ් අතර සැසදීමෙන් මේ තර්කය බිද හෙලීමටද නොහැක. එසේම මා මෙහි සාමන්‍යකරණය දක්වා ඇත්තේ ලිපියේද මාතෘකාවේ දැක්වෙන පරිදි භාරතයේ සාමාන්‍ය ජනතාවගේ බහුතරයගේ තත්ත්වය උඩ ඉන්දියාවේ ස්වභාවයයි. ඔබගේ දත්ත අනුව විකිපිඩියා වලට අදාලව දල වශයෙන් දක්වන්නේ නම් බිහාරයේ මුළු ජනගහනය 103,804,637 කි. එය ඉන්දියාවේ ජනගහනය අතින් තෙවන විශාලත්වය දරන ප්‍රාන්තයයි.පංජාබයේ ජනගහනය 27,704,236 කි. ඒ අනුව බිහාරයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනයාගේ ප්‍රතිශතය 80% ක් නම් එය 83,043,709 කි. පන්ජාබයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනයාගේ ප්‍රතිශතය 11% ක් නම් එය 3,047,465 කි. ප්‍රාන්ත දෙකේ ජනගහනයට සාපේක්‍ෂව මෙම ප්‍රමාණයන් අතර මා දක්වා ඇති අයුරින් සැසදීම විද්‍යානුකූලදැයි පැහැදිලි නැතිමුත් සමස්ථ ඉන්දියාවේ දිලිදු ජනගහනයට බලපාන්නේ සමානුපාතික අගයන් නොව සමස්ථ දිළිදු ජනයාගේ සංඛ්‍යාව හා ධනවතුන්ගේ සංඛ්‍යාත්මක අගය බවයි මගේ දැනුම අනුව නම් කියන්නට වෙන්නේ. ඒ අගයන් සමස්ථ ඉන්දියාවේ ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ගණනය කල හොත් ඔබ සාමාන්‍යකරණයය යයි අර්ථදක්වා ඇති සහ මා බහුතරය යයි අර්ථදක්වා ඇති කාරණාව කෙතෙක්දුරට යථාර්තයක් දැයි සිතිය හැකි යයි සිතමි...
http://en.wikipedia.org/wiki/Bihar
http://en.wikipedia.org/wiki/Punjab,_India
අයියෝ ෂිරිෂේන,
ReplyDeleteදිනේශ් මල්ලි ගණන් ගන්ට එපා මෙයා.බුවා කියන්නේ ඉන්දියාව පැත්තට හැමදාම උදේට දණ්ඩ නමෂ්කාර කරලා දවෂ ආරම්භ කරන ඉන්දියන් උණ රෝගියෙක්නේ.
මං කිව්වට හොයලා බලන්නකෝ බුවා ලංකාවට වඩා හැමදාම ආවඩන්නේ ඉන්දියාවට නෙවෙයිද කියලා.ඔහොම පිස්සෝ ඉන්නවා තව හුගක්.
මාරයට මහින්ද
දුකාට ෆොන්සේකා
කතන්දරට උගේ ඉංජිනේරුකම
සඳරුවට අලි
වෙදාට ලිංගිකත්වය
ආන්න එහෙම බුවාට ඉන්දියාව
ඔව්වා ගණන් ගන්ට එපා මල්ලි.ඔයා හෙට ලියන්න ඉන්දියාවේ ආශ්චර්යය ගැන.ආන්න එතකොට බුවා ඇවිත් ඔයා වෙනුවට අනිත් උන්ට උත්තර දෙයි ලෂ්ෂනට.ඔව්වා නොදන්නවද මේ බ්ලොග් කියවන අපි.
එහෙමයි කියලා ඕං අපිනං කියන්නේ නැහැ බුවා ඉන්දියාවේ රෝ එකෙන් පඩි ගන්න එකෙක්ය,එහෙමත් නැත්තං ඉන්දියාවෙන් ලැබුන සිස්සත්තේ හින්දා එහෙ ගිහින් ඉගෙනගෙන ආවා කියලා එහෙට ආවඩනවය,එහෙමත් නැත්තං ඉන්දියන් කාරයෙක් බුවාට අසමජ්ජාති වැඩක් කොරලය වගේ කතා.
බුවා ඉන්දියාවට ලෙන්ගතු හදවතින්මයි. ඒකට කුණු කතා කියන්න එපා.
දිනේශ්- තේරුමක් නැත්නම් දිගටම වාද කරල වැඩක් නැනේ , හරි ඕං මම පරාජය පිලිගත්තා , එතකොට වාදය ඉවරයිනේ .
ReplyDeleteඇනෝ - ශා ......තමුසෙම හරියටම මං ගැන දන්නවනේ
ඉන්දියාව කියන්නෙ අනුන්ගෙ ඇඟේ සාරයෙන් හැදෙන පිළිලයක්. චීනෙ කියන්නෙ ස්වෝත්සාහයෙන් වැඩෙන විසල් ගහක්. ඉන්දියානුවො අපනයනය කරන්නෙ සේවා සහ මිනිස්සු. චීනෙ භාන්ඩ. කොටින්ම ඉන්දියාවෙ යපසුත් චීනෙට පනයනය කරනව. එහෙව් එකේ ඉන්දියාව චීනෙ එක්ක සසඳන්න අමාරුයි. අනික චීන්නු කියන්නෙ වැඩට උපන් ජාතියක්. ඉන්දියානුවො ඒකෙ අනික් පැත්ත. මහ කම්මැලි ප්‍රජාවක්. උන්ගෙ ජයග්‍රහනවල ප්‍රථිඵල වෙන දේවල් කෝටි ගානක් අතරින් මතුවෙච්ච කීප දෙනෙක්ගෙ වැඩ මිස සමස්ත ජාතියෙ බහුතරයක දක්ෂකම් නෙමෙයි. ඒකනෙ ඔලිම්පික් වලදි තාම එස්ටෝනියාවටත් පහලින් ඉන්නෙ.
ReplyDelete@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මිතුර, සිත් තැවුලක් ඇති කර නොගන්න. තේරුමක් නැති යයි අදහස් කලේ ඇස් පනාපිටම ඉන්දියාවේ බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ තත්වය පෙනෙන නිසයි ඒ ගැන වාද කිරීම අර්ථාන්විතදැයි යන පැනය ඔස්සේ එවැනි අදහසක් පලකලේ. අනෙක ඔබ පරාජය භාරගත යුතු නැහැ. ඉන්දියාවේ ලෝකයේ ප්‍රමුඛ පෙලේ ධනකුවේරයන් වන මුකේශ් අම්භානි, ලක්‍ෂමි මට්ටාල් සහ රතන් ටාටා වැනි ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛ අය මෙන්ම කෝටි ගණන් මුදල් අය කරන නළු නිලියේ සිටින රටක් ඉතින් එරට දුගී දුප්පත් යන අදහසක් ගත යුතු නැහැ. ඒවගේම කමෙන්ටුවල ඒ ඒ අය ගැන පල කර ඇති අදහස ගැන උරණ නොවන්න. වරක් අයෙක් මා බටහිර හිතවාදී හා ඔවුන්ගෙන් මුදල් ගෙන බ්ලොග් ලියන බවක්ද සටහන් කර තිබුනා මතකයි. මුලින් නම් ඒවාට මම සැලුන නමුත් දැන් නම් ඒවා ගණන් ගන්නේ නැහැ...
ReplyDelete@ඉන්දික - ඔව් චීනය වැඩට උපන් හැබැයි අනුන්ගේ ඒවා කොපි කරන රටක් . ඒකට ස්ව උත්සාහය කියල කොහොමද කියන්නේ , මුලින්ම චීනය ලෝකේ හොඳ නිෂ්පාදන ඔක්කොගෙම ඩුප්ලිකේට් ගැහුවා , දැන් කරන්නේ ජපානයේ හෝ යුරෝපයේ ඉන්න මොල කාරයින්ගේ සැලසුම් අනුව හැදෙන නිෂ්පාදන වල , නිෂ්පාදන කාර්යය කරන එක . චීන්නුන්ට වඩා ඉන්දියානුවන්ගෙ නිර්මාණශිලිතාවය වැඩියි (හේතුව තියන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව ) හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ ඉතාම අඩුවෙන් . ගොඩක් ඉන්දියානු මොල ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙන්නෙ ඒකයි . කම්මැලි කම , අඩුවෙන් වැඩ වැඩියෙන් පඩි, හොරකම , දූෂණය වගේ සීන් අපේ රීජන් එකටම පොදුයි . එකම දේ ලංකාවේ අපි ඒවා වැරදියි කියන කතිකාවේ වත් ඉන්නව .හැබැයි බටහිර රටවල ඉන්න මිතුරන් කියන විදිහට ඉන්දියානුවො ඕනිම සක්කිලි වැඩක් කරල "ඒක තමයි ඉන්දියානුවන්ගේ හැටි " කිය කිය ඉන්නවලු !
ReplyDeletehttp://articles.timesofindia.indiatimes.com/2008-03-11/india/27751871_1_collaborative-research-indians-basic-sciences
@දිනේෂ් - මොන පිස්සුද ,ලේබල් වැදිල තියනව ඕනි තරම්
දිනේෂ්, ඉන්දික ,බුවා - මුලින්ම කියන්න ඕනි දිනේශ් සහෝදරයෙගෙ ලිපිය ගොඩක් වටිනව කියන එක . මම කාලයක් ඉන්දියාවේත් , කාලයක් චීනෙත් වැඩ කරල තියනව , ඒ නිසා මට ඔය සංවාදයට පොඩි දෙයෙක් එකතු කරන්න පුලුවන් වෙයි.
ReplyDeleteඉන්දියාවේ බහුතරයක් මිනිස්සු දුප්පත් කියල දීනෙශ් සහෝදරය කියන එක හරි . මම ඉන්දියාවේ ඇවිදපු පොඩි ප්‍රමාණය තුලත් මම ඒක දැක්කා . ඊලඟට ගොඩක් ඉන්න මධ්‍යම පාන්තික අයත් මොඩන් ලයිෆ් එකක් ගත කරන අය නෙවෙයි ,පොඩි නගර වලට වෙලා තමන්ගෙම ලෝක වල ඉන්න අය . මෙට්‍රො සිටිස් වල නම් හොඳ මොඩන් ලයිෆ් ස්ටයිල් එකක් තියන අය ඉන්නව .මධ්‍යම පාන්තිකයො තමයි වැඩිය දකින්න ඉන්නේ මෙට්‍රො සිටිස් වල . හැබැයි ඒ අය අතරත් ලොකු වෙනස් කම් තියෙයි . ඊලඟට මුඩුක්කු වල එහෙම ඉන්න අය නම් අර ගම් වල මිනිස්සුන්ට වඩා චා... , ගම් වල ඉන්න මිනිස්සු දුප්පත් වුනත් අහිංසකයි .. අරුන් ලෝකේ කාල වතුර බීපු උන් . අපේ මරදානෙ අය්යල හොඳයි . මෙට්‍රො සිටිස් වල ලංකාවේ දකින්න නැති පහසුකම් එහෙම ඕනි තරම් තියනව , ඒත් ඒවා යූස් කරන්න ලැබෙන්නේ මුලු ජනගහන්යෙන් බොහොම සුලු පිරිසකට . ලංකාවේ මධ්‍යම පන්තියට වඩා ඉන්දියාවේ සමහර කට්ටියගේ ලයිෆ් එක හොඳයි (වියදම් අඩුයි, ෆැසිලිටිස් වැඩියි ....) හැබැයි දුප්පත් අය ගත්තාම ලංකාවේ ඉන්න අයට වඩා ගොඩක් අන්තයි . ලංකාවේ කෙනෙක් නිසා මට නම් වැඩ කරපු තැන අයගෙන් එච්චර අවුලක් නැහැ , ටික දවසකින් සෙට් වෙන්න පුලුවන් . පොඩි පොඩි කල්චරල් වෙනස් කම් තියනව ඒත් ශේප් . මට නම් ලොකුම අවුල මුන්ගෙ ගොඩ දෙනෙක් වෙජිටේරියන් වෙච්ච එක . ගොඩක් උන්ට ගැටගහගෙන හරි ඉංග්‍රිසි කථා කරන්න පුලුවන් නිසා ලේසියි .
චීනයේත් සැහෙන පිරිසක් දුප්පත් තමයි , හැබැයි ඉන්ටර්නෙට් එකෙන් ඒවා බලන්න නම් අමාරුයි . අනිත් එක චීනේ ඉන්න දුප්පත් අයගෙ ලයිෆ් එක ඉන්දියාවේ දුප්ප්ත් අයට වඩා නම් හොඳයි . නගර වලත් පිරිසිදු කම , පිලිවෙල සැහෙන්න වැඩියි ඉන්දියාවට වඩා . මිනිස්සු හරියට මහන්සි වෙලා වැඩ කරනව හැබැයි රොබෝලා වගේ , සාමාන්‍ය දැනීමක් එහෙම ඇත්තෙම නැ . දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඉන්න මිනිස්සු ඉන්නේ . පාලනය කරනව හැමදේම . පොඩි පොඩි සීන් වලට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැ කියල අපි එවුන් කැගැහුවට ලංකාව කොච්චර චෝක්ද කියල හිතෙන්නෙ අර වගේ ඒකාධිපති රටකට ගියාම . ලොකුම අවුල උන්ගෙ ඉංග්‍රිසි . උන් එක්ක කථා කරන්න ගියාම පිස්සු හැදෙනව
ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය නම් ලංකාවටත් ව්ඩා හොඳයි , මීඩියා ෆ්‍රිඩම් එහෙම උපරිමයි . මිනිස්සුන්ට අරෙහෙට වඩා සමාන්‍ය දැනීමක් තියෙයි . අනික් ෆිල්ඩ්ස් නම් මම දන්නේ නැ , අයිටි ෆිල්ඩ් එකේ නම් ඉන්දියාවේ ඉන්නව පට්ටම මොල කාරයො උන්ගෙ ඉනෝවෙශන් පවර් එක මාරයි , චීනෙ උන්ගෙ අන්තිමයි , ලංකාවේ අය ඉනෝවෙශන් එක අතින් චිනේ අයට වඩා ඉස්සරහින් ඉන්නෙ , ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න ඇති සමහර වෙලාවට , මොකද අරුන් කියන දෙයක් කරන්නම පුරුදු වෙච්ච උන් , උන් අලුත් දෙයක් හිතන්නෙම නැ .
සුද්දන්ට වඩා මේ දොගොල්ලම ලංකාවේ අය දිහා බලන විදිහ හොඳයි , කිසිම ඩිස්ක්‍රිමිනේශන් එකක් නැ . චින කට්ටියට ඉංග්‍රිසි බැරි උනත් උන් කොහොම හරිට්‍රයි එකක් දෙනවා ෆ්‍රෙන්ඩ්ශිප් එකක් හදාගන්න .
වැදගත් වගේම ලස්සන ලිපියක්. ස්තුතියි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහපො මෙහමත් රටක්.
ReplyDeleteඑක අතකින් බැලුවහම ලංකාව හොඳයි කියල හිතෙනවා .ඊටත් වඩා ඔයාගේ ලිපි ටික .
ReplyDeleteමෙන්න මට තව අර්ථවත් ලිපි ඇති දුර්ලබ බ්ලොග් එකක් ලැබුනා .
http://www.marketslk.com/classified/index.php/blog මේකත් richmond කොල්ලෙකුගේ
PHOTO TIKA SUPIRIYAK .
ReplyDeleteSUBA PATHIUM..
awa me paththata.obe lipith balala comments tikath baluwa.me lipiya langadi nathara una comment ekak karannata.
ReplyDeleteaththatama lankawe ape minissu hama dema deshapalana ahakin balanna purudu wela.wiwadayakata hethuwak nathuwa unath kakulen adinawa patan gamu kiyala.aththatama me images damuwa kiya oba pawasala na menna balanna me thamai indiyawa kiyala.yamek nodakinna athi sithana deyak dutu wita eya an aya samaga beda ganeemai methana wela thiyenne.ithin api awith methana Mahinda Rajapaksha ho Ranil ho wena yam ayek gawa gena kopaya pita karmin thama awegayan penwiya yuthu na.
Ithin ketiyen kiyanawanam Dinesh oba mema lipiya apa samaga beda gaththata sthuthiy saha Buwa namin handuwa ganna thanaththage methana ismathuweema aprasannayi.
නූගත් ඉන්දියානුවෝ.......................................
ReplyDelete