-->

Thursday, January 27, 2011

සුන්දර ටජ් මහලේ නොදත් තතු - තෙවන කොටස


(වසා ඇති කාමරයක සීල් ඉවත කර
ඇතුල් වූ පසු ගන්නා ලද ඇතුලත සේයා රූපයක් - 1)

පළමු කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_26.html
දෙවන කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_5875.html
 එසේම සාජෙහාන් රජුගේ කාලයේ සිට මේ දක්වාම ටජ්මහලේ කාමර 22 ක දොරටු ගඩොල් බැද, හුණු කපරාරු කර සීල් තබා ඇත. මේවායේ බිත්තිමත හා සිවිලිමේ තවමත් හින්දු ආගමට අදාල සිතුවම් සහ කැටයම් තිබෙන බවද P. N. Oak මහතාක  සදහන් කරයි.
එසේම මෙම කාමර වල පැත්තකින් අඩි 300 ක් පමණ දිග සහ අඩි 12 ක් පමණ පළල කොරිඩෝවක් ඇති බව පවසන ඔහු ඒවායේ දොරවල්ද සීල් තබා ඇතිබව පවසයි. කෙසේ වෙතත් මෙම දොරවල් වරින් වර සීල් ඉවත් කර විවෘත කර, නැවත සීල් තබා ඇත. 1934 වසරේදී දිල්ලිණයේ විසූ පුද්ගලයෙකු මෙලෙස විවෘත කර තිබූ දොරක් තුලින් එබිකම් කල විට ඔහු භීතියට පත්වන ආකාරයේ අතිවිශාල ශාලාවක් එතුලින් දැක ඇත. එහි එකගොඩකට දමා තිබූ ප්‍රතිමා රාශියක්, ශිව දෙවියන්ගේ විවිද සිතුවම්, සංස්කෘත ශිලා ලේඛණ ආදිය තිබී ඇත.




( පහත දැක්වෙන්නේ ද එවැනිම වසා ඇති කාමරයක සීල් ඉවත කර ඇතුල් වූ පසු ගන්නා ලද ඇතුලත සේයා රූ කිහිපයකි)

එසේම යමුනා ගංඟාව පැත්තේ පිහිටි මෙම සීල් කර ඇති කාමර 22 හි ඇති සුලං ගලා ඒමට සකසා ඇති විශාල කවුළු නොසැලකිලිමත් ලෙස ගඩොල් වලින් පමණක් වසා, කපරාරු‍ නොකර අවලස්සන ලෙස තිබෙන්නට හැරීමෙන්ද සාජෙහාන් ගේ නිර්මාණශීලිත්වය පිළිබදව සැක ඇතිවන අතරම තමන් විසින්ම මෙය ඉදිකරානම් මෙතරම් නොසැලකිලිමත් ලෙස සහ භාහිර පුද්ගලයන්ට ප්‍රවේශ වීමට නොහැකි වන සේ සීල් තබා අවහිරකරන්නේමන්ද? යන්නද උභ‍තෝකෝටික ගැටළුවකි.
(මෙම සැලසුම් පිටපත වසා බිම්මහලේ වසා ඇති කාමර 22 දැක්වේ මෙම කාමර 1902 දී සොයා ගන්නා ලද අතර, 1982 දී ගදී සිවිල් ඉංජිනේරුවකු වන V. S. Godbole මහතාට කලින් අවසර ලබා
මෙම කාමර තුලට ප්‍රවිශ්ඨ වීමේ අවස්ථාවලැබී ඇත)

 (අවිධිමත් ලෙස වසා ඇති විශාල හුලං කවුළු)
මෙම සීල් තබා ඇති ස්ථාන වල ඇති හින්දු සිතුවම් වලට අමතරව ටජ්මහලේ සුවිශාල බිත්තිමත සැඟවී තවත් සිතුවම් තිබෙන බවට අත්දැකීම් ඇත. 1959 සිට 1962 දක්වා අග්රාතවේ පුරාවිද්යාම සුපිරින්ටෙන්ඩන්ට්වරයා වූ S.R. Rao මහතා විසින් ටජ්මහල මධ්යශයේ පිහිටි අටශ්ර‍ක මැදිරයේ බිත්තියක තිබූ ගැඹුරු ඉරිතැලිමක් පිළිසකර කරන්නට කටයුතු කර ඇත. එම ඉරි තැලීමේ ස්වභාවය අධ්ය්යනය කිරීම සදහා බිත්තියේ මතුපිට කොටසක් ගලවා ඇති අතර, එතුලින් සාජෙහාන් රජු නියමයෙන් සඟවා තිබූ සිතුවම් නිරාවරණය වී ඇත. (බොහෝවට මෙම කරුණ, මෙම ලිපියේ මම මුලින්ම පැවසූ පුවත් පත් ලිපියේ සදහන් කල කොටසට හේතුපාදක වන්නට ඇතැයි සිතේ).
(පහතින් දැක්වෙන්නේද වසා ඇති කාමරයක සිවිලිමේ ඇති සේයාරුවකි)

එසේම සාජෙහාන් හ‍ට මෝගල් අධිරාජ්‍ය හිමිවී වසර දෙකක් හෝ තුනක් ඇතුලත මුම්ටාස් බිසව මිය ගියා යැයි පැවසෙන අතරම, එම කාල වකවානුව වන විට ඔහුට සිය බලය තහවුරු කර ගැනුමට සංග්‍රාම රාශියක් කිරීමට සිදුවුනි නම් ටජ්මහල් බදු විශාල මැදුරක් තැනවීමට අවශ්‍ය තරම් ධනයක් කිසිසේත්ම තිබිය නොහැකි බවද තර්කයකි.

එමෙන්ම 1973 වසරේ මුල් භාගයේ ටජ්මහල ඉදිරිපිට ඇති ජල බුබුල කැනීමකට ලක් කිරීමට සිදුවූ අතර, එම ජල බුබුලට අඩි 6 ක් පමණ යටින් පිහිටි තවත් ජල බුබුලක් මතුවී තිබේ.

ටජ්මහල පිහිටි යමුනා නදී තෙරෙහි අනිත් පස ඉවුරෙහි හින්දු ආදාහණාගාර, තවත් මාලිගාකිහිපයක්, ශිව දේවාල සහ පැරණි පූජනීය ස්නානය කරන තැන් ආදිය දැකිය හැකිය. එය සැලකිල්ලට ගතහොත් සාජෙහාන් රජු ටජ්මහල ඉදිකරේ නම් මෙවැනි හින්දු ආගම හා බද්ධ වන ස්ථාන තවදුරටත් තබා ගනීදැයි? තවත් ගැටළුවකි. 

සිව්වන කොටසින් හමුවෙමු - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_1967.html





7 comments:

  1. ටාජ්මහල් ගැන ඔක්කොම කොටස් කියවලා තමයි හරි විදියට කමෙන්ට් එකක් දාන්න ඕනේ. මම 'ටාජ්මහල්' බලන්න ගිහින් තියනවා. හඳ එලියේ දකින්න වටිනා දර්ශනයක්. මගේ හිතේ නම් හැමදාම සාජෙහාන්ගේ, මුම්ටාස් මහල් බිසවට තිබුනු ආදරේ ගැන පොඩි පහේ සැකයක් තිබුනා. ඔච්චර ආදරේ කලා නම්, තවත් දරු උපතකින් විපතක් වේ යයි කියද්දිත්, සාජෙහාන් එයාට තවත් දරුවෙක් දුන්නේ ආදරේ නිසාද? අනෙක් මට හිතුනු දෙයක් තමයි එයාගේ සිරුර එතන භූමදාන කරගන්නයි, ප්‍රසිද්ධ වෙන්නයි සාජෙහාන්ට උවමනාවක් තිබුනු බව.

    තමන්ගේ ආදරවන්තියට හැදුවද? නැද්ද? කියන ප්‍රශ්නය තිබුනත් ආදරවන්තයින්ට යන්න නම් හොඳම තැනක්.

    ReplyDelete
  2. ඕං මං දවස් කිහිපයකට එපිටහදී වලව්වට ගොඩවැදිලම මේ ගැන ලියුවා අයුබොවං. ඉස්සරහටත් මේ සත් සමුදුරට ගොඩ වැදිල එහෙනං තව තව උපදේස දෙන්න. ඔය සාජෙහාන් කියන රජ්ජුරුවෝ ඔය Burhanpur පැත්තේ කදවුරු ලාගෙන තව කාටද හදි කරන්න ඉන්න කොට තමයි, එහේදි මුම්ටාස් බිසවුනන්නාන්සේ 14 වන දරුවට උත්පත්තිය දෙන්න හදන වෙලේ නොවැ එතුමි මරුව කැන්දං ගොහින් තියෙන්නේ.

    ReplyDelete
  3. හ්ම්...මේක නම් හරිම ඉන්ට්‍රෙස්ටින්.මමත් ටජ් මහල් බලන්න ගිහින් තියෙනවා.මට නම් එතනට ගිය ගමන් මහා මූසල හැඟීමක් දැනුනේ.අනික සාජහාන් රජ්ජුරුවො ටජ් මහල් හැදුවෙ මුම්ටාස්ට තියෙන ආදරේට ද කියන එක ගැන මට හැමදාමත් තිබ්බෙ සැකයක්.ඒකට හේතු ගොඩාක් තියෙනවා.
    නොදන්න ගොඩක් දේවල් ඔයාගෙ ලිපි ටික කියවලා දැන ගත්තා.

    ReplyDelete
  4. @ කාංචනා - මම නම් තවම ටජ්මහල බලන්න ගිහිල්ල නැහැ. හැබැයි මේ ලිපිය ලියන කාලේ මම මේක ගොඩක් පොත් පත් වලයි, මේ ගැන හදපු වීඩියෝ ගැනයි කියවන කොට, බලන කොට දැන ගත්ත දේවල් අනුව නම් යම් පමණකට ඔබ සමග එකඟ නොවිත් බැහැ. ඒව මට බොහෝමයක් ලිපියේ අන්තර්ගතය රැක ගත යුතු නිසා බ්ලොග් සටහනට නොගෙන අත්හරින්න සිදුවුනා.

    ReplyDelete
  5. kohoma unath muslim janaya anya aagamika sthana ath path karaganna bohoma dakshai nowa...ape kuragala,dewanagala wagema den dutugemunu rajuge sohonath allana lagai...

    ReplyDelete
  6. ඉතිහාස පුරාවටම මුස්ලිම් කියන ජාතිය කලේ ඔය ටිකමයි. අන්‍යාගමිකයන්ට හිංසා-පීඩා කිරීම, තාඩන-පීඩනවලට ලක් කිරීම්, පලවා හැරීම්, අන්‍යාගමික ස්ථාන විනාශ කිරීම් වගේ තිරිසන් වැඩ රාශියයි.

    ReplyDelete
  7. අපේ කුරගලට දැන් කරනවා වගේ මුස්ලිම් අය එහේදිත් ඉස්සර ඔය වැඩේම කරන්න ඇති...

    ReplyDelete