Monday, July 11, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? මායා දිනදර්ශන - 7 කොටස

මෙතෙක් මායාවරු ගැන සටහන් කරගෙන ලිපි මාලාවේ අප ප්‍රධානම කොටසට ප්‍රවිශ්ඨව ඇත. එනම් 2012 මායා දිනදර්ශනය හා ඒ හා සබැදී ඇති 2012 දෙසැම්බර් 21 වන දින  ලෝක විනාශය ගෙන එන්නේ යයි කියන සිදුවීම බහුතරයක් දෙනා දන්නා නමුත් එහි ඇතුලාන්තය විමසීම හා ඒහා බැදී ඇති කරුණු කාරණා තරමක් ව්‍යාකූල ස්වභාවයක් ගන්නා නිසා ඒ ගැන ලිවීමේදීද යම් කරුණු ගැලපීමේ බාදාවන් ඇතිවීම සිදුවන නිසා මුලින්ම ඔවුන් භාවිතා කල දිනදර්ශන පිළිබදව කතා බහ කොට ඉන් අනතුරුව ඒවා මෙම සංසිද්ධියට නෑකම් කියන ආකාරය සලකා බලමු.
අපි මීට ‍පෙර මෙම ලිපි මාලාවේ සිව්වැන්න වූ මායාවරුන්ගේ අකුරුකරවීම ලිපියේද දල වශයෙන් සටහන් කල පරිදි මායාවරු භාවිතා කල එක් දිනදර්ශනයක් වූයේ සූර්යයා පදනම් කොට ගෙන සාදාගත් Haab නැතහොත් "vague" වසර දැක්වෙන දිනදර්ශනයයි. මෙය ඔවුන් භාවිතා කරන ලද සිවිල් දිනදර්ශනය ලෙසද සැලකේ. මෙම දිනදර්ශනය මුලින්ම ක්‍රි.පූ. 100 දී පමණ භාවිතයට ගෙන ඇතැයි සලකන අතර මෙය ඔවුන් සතුව තිබූ තවත් දිනදර්ශනයක් ලෙස සැලකෙන Tzolk’in සමග ඒ ඒ කටයුතු සදහා දින නිර්ණය කරගැනීමට යොදාගනු ලැබූ බවට සදහන් වේ.

මෙහිද අපි භාවිතා කරන Gregorian calendar නැතහොත්  Western calendar හෝ Christian calendar ලෙස හදුන්වන දිනදර්ශනයේ මෙන් දින 365 ක් තිබූ නමුත් එහි මෙන් මෙහි මාසයකට දින 30 ක් නොව දින 20 කින් යුතු මාස 18 ක දිනදර්ශනයක් හා එහි මෙන් ‍සිව්වසරකට වරක් අධික වර්ශයක් මෙහි දක්නට නොලැබින. කෙසේවෙතත් ‍මෙහි ප්‍රධාන වශයෙන් දින  කින් යුතු මාස 18 ට අමතරව දින 365 න් එම මාස 18 ට යෙදෙන දින 360 න් පසු ඉතිරිවන ඉතිරි දින 5 ඇතුලත් කුඩා මාසයක්ද ඇතුලත්විය. මෙම අවසානයේ ඇති දින  5ක මාසය u wayeb u haab (“sleepers of the year”) හෝ  ma k’aba k’in (“the nameless days”) ලෙස හැදින්වූ අතර ඒවා අවාසනාවන්ත දින ලෙස ඔවුන් සැලකූහ. එම දින තුලදී ඔවුන් නිවසින් බැහැරව යාම හෝ විශේෂ කටයුතු නොයොදා ගැනීමටද මායාවරු වගබලාගෙන තිබුනි.

ඔවුන් දිනයක් හැදින්වූයේ
kin ලෙසයි. Kin 20 කින් යුතු මාසය uinal විය. මෙවැනි uinal 18 කින් යුතු වර්ශයක් tun ‍නමින් හැදින්විය. දින 18 ක් මාසය තුල අඩංගුවුවද එය 1 සිට 18 දක්වා දින වලින් යුතු නොවූ අතර එය 0 (zero) සිට 17 දක්වා වූ මාස18 ක් විය. ඔවුන්ගේ ගණිතය අනුව ප්‍රධාන තැනක් ලැබුනේ විස්සේ පාදයට නිසා ඔවුන් අප මෙන් වසර 10 කින් යුතු දශකයට වඩා වසර 20 ක කාලය වැදගත් වූ අතර දළ වශයෙන් වසර 20 ක කාලය katun ලෙස හැදින්විය. එසේම මෙම ලිපියේ පසුව කියවෙන Long Count දිනදර්ශනයට යොදාගන්නා දීර්ඝ කාලසීමාවන් හැදින්වීම සදහා ප්‍රධාන වශයෙන් යොදාගත් ඒකකයක් වූයේ baktun යන්නයි. Baktun එකක් යනු katun 20 කාලයක් වන අතර එය දින 144,000 ක් හෙවත් දල වශයෙන් වසර 394 කි.

Haab දිනදර්ශනයේ පළමු මාසය pop නම්වු අතර අවසාන මාසය Kumk'u නම් විය '.    
ඉන්පසුව යෙදුනේ මින් පෙරද කියූ අවාසනාවන්ත දින ලෙස හැදින්වූ  wayeb මාසයයි. මාසයක දින නම් කර තිබුනේ දාතම අගය හා එම මාසයේ නමයි. එනම් පළමු මාසයේ දී නම් 0 pop (“the seating of Pop”), 1 pop, 2 pop, 3 pop ආදී ලෙසයි. දෙවන මාසයේදී නම් එම මාසයේ නම pop වෙනුවට යෙදින. මෙම මාස ගත්විට ඒ ඒ මාස ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු, අස්වැන්න නෙලා ගැනීම වෙනුවෙන්, දෙවියන්ට වැදුම් පිදුම් වෙනුවෙන් හා විවිද උත්සව කටයුතුවලට මෙන්ම ඇතැම් මාස විශේෂ අවස්ථා හෝ හේතුවලින් තොර ලෙසද පැවතින.
තවත් දිනදර්ශනයක් ඔවුන් භාවිතා කලහ. Tzolk'in නැතහොත් Sacred Round calendar නම් වූ මෙම දිනදර්ශනය ආගමික කටයුතු පදනම් කරගෙන තැනූවක් වන අතර මෙහි වසරකට දින 260 ක් හා මාසයකට දින 20 ක් අඩංගු වු මාස 13 ක් විය.  මෙම ශිෂ්ඨාචාරය පිළිබදව බොහෝ විද්වතුන් පවසන මතයනම් මෙම දිනදර්ශනය මායාවරුන්ගේ පැරණිම මෙන්ම වැදගත්ම දිනදර්ශනයද වේ.



මෙම පූජනීය කටයුතු සදහා නිමවා ඇති දින දර්ශනයේ එක් මාසයකට යෙදී ඇති දින 20 ට එක් එක් නාමයන් දී ඇති අතර එම නාමයන්ට අදාල ජීවිතයට, ‍ලෝකයට හෝ විශ්වයට අදාල යම් සංසිද්ධියක්ද ආරෝපණය කර තිබේ. 

මෙහි දිනයේ අගය සමග ඒ දිනයට අදාල නාමයද එක්ව භාවිතා කර ඇති අතර උදාහරණයක් ලෙස එක් මසක දින කියවෙන්නේ 1 Imix, 2 Ik’, 3 Ak’bal, 4 K’an, 5 Chikchan ආකාරයෙනි. මෙහිදී haab දිනදර්ශනයේ මෙන් පළමු දිනය 0 සිට නොව 1 සිට ගණනය කර ඇති අතර මෙහි haab මෙන් වසර ගණනය කිරීමක්ද සිදුකර නොමැත.

මෙම දිනදර්ශනය වෙන් වෙන්ම මෙන්ම මුලින් සදහන් කල Haab දිනදර්ශනයද එක්ව භාවිතා කිරීමෙන් ඔවුන්ගේ ඒ ඒ කටයුතු සදහා අවශ්‍ය දින සකස්කර ගැනීම් සිදුකරගෙන තිබෙන අතර මෙම දිනදර්ශන දෙකෙහි සංකලනය සිදුවී ඇත්තේ Gear mesh එකක් ආකාරයෙනි. 

මෙම යන්ත්‍රනයට අදාලව වසර එක් වරකට වසර 52 ක් එළඹෙන තුරු දින විවිද දින සංයෝජනයන් සිදුකර ගත හැකි අතර වසර 52 ක් ගතවූ තැන එක් වරක් ලැබුන දින සංයෝජනය නැවත වරක් ලැබේ. මෙම වසර 52 ක චක්‍රය Calendar Round ලෙස හැදින්වේ.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් Haab දිනදර්ශනයේ දින 365 කි. Tzolk'in දිනදර්ශනයේ දින 260 කි. ඒ අනුව මෙම දිනදර්ශන  දෙක අතර ඇතිවිය හැකි දින සංයෝජනයන් 18980 ක් ලෙස සැකකේ. මෙම දින 18980, වසර දින 365 ක් ලෙස සලකා එයින් බෙදූ කල වසර 52 ක් ලැබේ (18980/365).

(දින 18980 ක් පැමිනෙන්නේ 260 සහ 365 අගයන්ගේ කුඩා පොදු ගුණාකාරය (Least common multiple lcm) ලෙසයි. එය ගණනය කර ඇත්තේ මෙලෙස මෙම සමීකරණය යොදාගෙනයි එහි gcd යනු greatest common divisor - මහාපොදු සාධකයයි)

මෙම දිනදර්ශන දෙකට අමතරව දීර්ඝ ගණනය කිරීම් හෙවත් long count දිනදර්ශනයක්ද ඔවුන් සතුවිය. මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේදී ගොඩනැගූවක් වන මෙය ඔවුන්ට අතීතයේ දින මෙන්ම අනාගතයේ දිනද වැදගත් වූ බව කියයි. ඒ නිසා 20 පාදය පදනම් කරගත් දීර්ඝ ගණනය කිරීම්ද (long count) මෙම දිනදර්ශනවලට අදාලව ඔවුන් සිදුකල අතර ඔවුන් වසර මිලියන ගණනකට අදාලව ඒවාට නාමයන් ලබා දී ගණනය කර ඇත.
ඔවුන්ගේ දීර්ඝ ගණනය කිරීමට අනුව පලමු දිනය 0.0.0.0.0 ලෙස විය යුතුයි. එහෙත් ඔවුන් පළමු දිනය ලියන්නේ 13.0.0.0.0 ලෙසයි. එනම් එම දිනය ඔවුන් සලකන්නේ ලෝකයේ මිනිසා මැවූ දිනය හැටියටයි. මේ පිළිබදව හදාරා ඇති විශේෂඥයන් මෙම අගය අප භාවිතා කරන Gregorian දිනදර්ශනයට අනුව පරිවර්ථනය කරන ලද කල එම දිනය වන්නේ ක්‍රි.පූ.3114 අගෝස්තු 11 වන දිනයි. ඒ අනුව මෙම දිනය මායාවරුන්ට ‍අනුව ලෝකයේ ඇතිවූ මිනිසාගේ පළමුවැනි දිනයයි.
එසේම මායාවරු අපගේ විශ්වය විනාශවීම හා නැවත ප්‍රතිනිර්මාණය වීමක් පිළිබදව ඔබ මීට පෙර මෙම ලිපි මාලාවේ තෙවන ලිපිය ලෙස කියවන ලද ඔවුන්ගේ ආගම් පිළිබදව ලියවුන ලිපියේ සටහන් වූ අයුරු මතක ඇති. ඒ අනුව දල වශයෙන් ගතහොත් වසර 5000 කට වරක් මෙම විශ්වය විනාශවී නැවත ප්‍රතිනිර්මාණය වේ. ඒ අනුව ගත් කල වසර 5126 ක් ගිය තැන නැවතත් පළමු දිනය ලෙස සැලකෙන 13.0.0.0.0 නැවත පැමිනේ. මෙවර එම දිනය පැමිනෙන දිනය Gregorian දිනදර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 වනදායි. තවඅතකින් කියතොත් එය දල වශයෙන් baktun 13 (baktun 13 = 394 x 13 = 5122)  ක කාලසීමාවකි. අපදන්නා ආකාරයකට කියන්නේ නම් එදින අපගේ සිත් බියට පත් කර ඇති ලෝක විනාශය සිදුවන දිනයයි.
එසේම මෙම දිනදර්ශන ත්‍රිත්වයට අමතරව ඔවුන් චන්‍ද්‍රයාගේ ගමන් චක්‍රයන්ද(lunar cycles) අධ්‍යයනය කොට ඇත‍. එමගින් ඔවුන් ඉදිරියේදී සිදුවන චන්‍ද්‍රගහ‍රහණයන්  හෝ සග්‍රහණයන් පිළිබදවද විමර්ශනය කර ඇති අතර සිකුරු හෙවත් ඔවුන්ගේ බසින් Chak ekලෙස හෝ “Great Star” පිළිබදවද ගෞරවාන්විත හැගීමක් මායාවරු තුල තිබී ඇත‍. එයට හේතුව එය යුද්දයට හේතුවන අකාශවස්තුව ලෙස ඔවුන් හැදින්වීමයි (“a bringer of misfortune, bad omens, and war”).  එය අහසේ දිස්වූ කල යුද්ද සහ වෙනත් බිහිසුනු ක්‍රියාකරකම්වලට මායාවරු යොමුවී ඇත. එසේම ඔවුන් සතුව තවත් දිනදර්ශනයක් තිබූ බව කියන අතර ඒ මෙම සිකුරු ග්‍රහයා අහසේ දිස්වන කාලවේලාවන් හා දිනයන් මෙන්ම එහි පිහිටීම දැනගැනීම සදහායි.

මෙම Venus නැතහොත් සිකුරු ග්‍රහයා පදනම් කරගත් දිනදර්ශනය දින 584 කින් යුතුවූ වසරක් නැතහොත් දින 584 කට වරක් සිකුරු ග්‍රහයා සවසට දිස්වෙන කාල චක්‍රයක් (Venus cycles) ඇතුලත්වූහ. එසේම මෙම Venus cycles 5 ක් Haab 8 කට සමාන බවද ඔවුන් සැලකූහ (584 x 5 = 365 x  8 = 2920).

තව වැදගත් කරුණක් වන්නේ මායාවරුන්ට අමතරව මෙම ඇමරිකානු මහද්වීපය තුල විසූ අනෙකුත් පුරාතන ශිෂ්ඨාචාරයන් වන ඇස්ටෙක් හා ඉන්කා වැනි ශිෂ්ඨාචාර සතුවද දිනදර්ශන පැවතීමයි. මායාවරු ගත් කල ඔවුන් සිය දිනදර්ශන ඔවුන් ගොඩනැගිලි හා වෙනත් ස්ථානවල කරන ලද පින්තාරු කිරීම්වලදී, පිඟන් බදුන් ආදියේ හා
stela ලෙස හැදින්වෙන පුවරුවල සටහන් කල අතර ඔවුන් කිසිවිටක ඒවා පාශාණ කැටයම් ලෙස නොපවතින බව කියයි. ඒ අනුව ගත් කල අප බොහෝවිට දකින වෘත්තාකාර කැටයම් සහිත ශීලා දිනදර්ශනය මායාවරුන්ගේ නොව එය පසුකාලීනව සංචාරකයන්ගේ නෙත් ඇදගැනීම පිනිස නූතන නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද ඇස්ටෙක් හා මායාවරුන්ගේ Haab දිනදර්ශනයේ එකතුවක් බවද පැවසේ.

‍එසේ නම් මෙම මායාවරුන්ගේ දිනදර්ශන සමග ලෝක විනාශයට එය ඈදෙන ආකාරය මීලග ලිපියේදී බලමු.

19 comments:

  1. තපොවනයේ සුමංගල හිමි සහ බංඩාරJuly 11, 2011 at 4:13 PM

    මිතුර දිනේෂ්
    මෙ දිනවල කාර්ය බහුල බව නිසාම comment කරන්න බැරි වුනත් අපි දිගටම ඔබ සමග ඉන්නවා-දිගටම තව තවත් හරවත් ලිපි බලා පොරොත්තු වනවා-

    ReplyDelete
  2. ගනං ටික දැක්කම ඔලුව කරකැවෙනවා...... , හොදම ටික ඉදිරියට වගේ

    ReplyDelete
  3. මේක නම් හුඟක් සංකීර්ණයි වගෙයි. මොකද වචන හයිලයිට් කරල තියෙන්නෙ ?

    ReplyDelete
  4. @තපොවනයේ සුමංගල හිමි සහ බංඩාර - ස්තූතියි ඔබ දෙපලටම. ඔබලා ලබා දුන් කරුණු හා අදහස අනුව තමයි මෙම ලිපි පෙල ‍බොහෝදුරට ගොඩනැගුවේ...

    ReplyDelete
  5. @sameera - මෙයට වඩා සංකීර්ණ ආකාරයේ ගණනය කිරීම් බොහෝමයක් තිබුනත් හැකි පමණ එය සරල කරා. ඉදිරි ලිපියේදී සත්‍ය ලෙසම ලෝක විනාශය සිදුවන්නේ දැයි බලමු...

    ReplyDelete
  6. @උදාර - ඇත්තෙන්ම මෙය සෑහෙන්න සරල කරලයි තියෙන්නේ. උවමනාවෙන් highlight කරේ නම් නැහැ. එය මුලින් මෙය සකස් කල word document එකේ දෝශයක් සමහර අකුරු පවා එහා මෙහා වූ බවක් පේනවා. එය මෙම blogger වලට copy කරාමත් එනබවත් පේනවා. කෙසේවෙතත් එය නිවැරදි කරන්න ගියත් හරිගියේ නැතිනිසා ලිපියට හානියක්වේදෝ යන සැකය නිසා එය එලෙසම තිබෙන්නට හැරියා. දැන් එයට සුළු වෙනස් කමක් කරා...

    ReplyDelete
  7. සංකීර්ණයි කියල කිව්වට ඒකෙන් ලිපිය තේරුම් ගැනීමට තරම් බාධාවක් වෙන්නෙ නැහැ.

    ReplyDelete
  8. අපොයි මන් විවේක පාඩුවේ කියවන්නම්

    ReplyDelete
  9. @Bindi - ඔව් ඒක හොදයි, ඊලඟ කොටස ලියන්නත් කොහෙන්ද පටන්ගන්නේ කියල මමත් හිත හිතා ඉන්නේ...

    ReplyDelete
  10. දිනේශ් අයියේ ඔන්න අපිත් නොවරදවාම කියෝනවා,,අද නම් ටිකක් ටැපලුනා මේ ගනන් බලන්න ගිහින්

    ReplyDelete
  11. if you don't believe that word started at 3114 BC, world will not end on 2012 AD. simple like that !!

    ReplyDelete
  12. @ItalyDilan - ඊලග කොටසේදී මෙම ව්‍යාකූලභාවය අඩුවෙලා තියේවි...

    ReplyDelete
  13. මේව තේරුම් ගන්නවට වඩා හොඳා ලෝක විනාසෙ. හපෝ.:(

    ReplyDelete
  14. මේ ගණන් හැදිලි නම් මගේ මොට්ට මොළේට දාගන්න හරිම අමාරුයි.
    කොහොම වුණත් මේ කැලන්ඩර් වැඩේදිනම් මායාවරු දැන් කාලෙටත් වඩා ඉහළ දැනීමකින් ඉඳල තියෙන හැඩයි.

    ReplyDelete
  15. @හරී - පිණිපළස & ``` Outsider``` - අවසාන උත්‍තරේ විතරක් සිතට ගන්න. ගණන හදන ආකාරය අමතක කරල දාන්න. ඔවුන් පරිගණකයත් නැතුව මේක කල ආකාරයෙන්ම පේනවා ඔවුනගේ දක්‍ෂතාවය. අපේ වගේ ‍රටක නම් අළුතින් දේවල් ගොඩනගන්නේ නැතුව පරණ රජවරු කල දේවල් තමයි කිය කිය ඉන්නේ. ඒත් මායාවරු කිසිවිටක තමන් සතුව තිබූ මේ ශ්‍රී විභූතිය ගැන පම්පෝරිගහනවා දැකලා අහලා නම් නැහැ...

    ReplyDelete
  16. thanks mate. hope to read more articles from you.

    ReplyDelete
  17. @NC LABZ everything on your hands!!! - Thanks...

    ReplyDelete