Thursday, July 28, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? උතුර දකුණ මාරුවිම හා Nibiru - 10 කොටස

මේ ලිපියේ කරුණු පසුගිය ලිපියටම එකතු කරන්නට සිතා සිටියත් එම ලිපිය තවදුරටත් දිගින් වැඩිවීම හා එය පලකිරීමට තව කාලයක් ගතවීම යන හේතු නිසා මෙම ලිපි මාලාවට තවත් ලිපියක් එකතු කරන්නට සිදුවූ බව ඔබට මුලින්ම කිවයුතුය. මෙම ලිපිය අරඹමින් කියන්නට යන්නේ යම් හෙයකින් 2012 දී මේ සිදුවෙන්නට යැතැයි සම‍හරෙකු කියද්දී, තව පිරිසක් කිසිසේත් සිදුනොවෙතැයි ඔට්ටු අල්ලන ලෝක විනාශයේ තවත් විනාශකාරී සාධකයක් ලෙස හදුන්වනු ලබන පෘතු‍වියේ උතුර දකුණ මාරුවීම යන සරල නාමකරණයෙන් හැදින්විය හැකි සේම විද්‍යාත්මකව පවසන්නේ නම් geomagnetic reversal or "polar reversal" හෝ "pole shift ලෙස හැදින්වෙන පෘතුවියේ චුම්භක උතුරු හා දකුණ එකිනෙක මාරුවීම යන ක්‍රියාවලිය සදහන් කල හැක.

මෙම polar reversal ගැන කතා කිරීමේදී ඇතැම් විද්‍යාඥයන් හා විශ්වවිද්‍යාව (cosmology) ගැන පොත පත ලියා ඇති විවිද කතුවරුන් එය බිහිසුනු ව්‍යවසනයක් යැයිඅර්ථකථන සපයද්දී එයට ප්‍රතිවිරුද්ධ අදහසක් සපයන පිරිසක්ද සිටි. කෙසේවෙතත් අවසන් වරට මෙවැනි චුම්භක මාරු වීමක් සිදුවී ඇත්තේ මීට වසර 780,000 කට පෙරදී බව පැවසෙන අතර නැවත මෙවැනි සංසිද්ධියක් සිදුවීමට තව සෑහෙන කාලයක් ගතවන බවද මෙය පිළිබද මතදරන්නන් පවසයි.

මෙය සිදුවීම හෝ නොවීම අනාගතයට භාරකරන අතරම මෙවැනි සංසිද්ධියකදී අපට දැකීමට සිදුවන සරලතම ක්‍රියාව ලෙස පැවසිය හැක්කේ ඔබගේ මාලිමා යන්ත්‍රයේ කටුව දැන් පිහිටා ඇත්තේ ලෝක සිතියමේ කැනඩාව දෙසට නම් මෙය සිදුවූ පසු එහි කටුව ඇන්ටාරිකාව දෙසට පිහිටීමයි. එසේ වුවත් එවැනි සංසිද්ධියක් ලඝු කොට තැකිය නොහැක්කේ අපගේ පෘතුවියද දැන් භ්‍රමණය වන දිශාවට නොයා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වීමට මෙම polar reversal ක්‍රියාදාමය හේතුවීමයි. කෙසේවෙතත් මෙ‍සේ පෘතුවිය ප්‍රතිවිරුද්ධ දිශාවට  භ්‍රමණය වන්නේ නම් ඉන්පසු අපිට උදෑසන සූර්යයා දිස්වනු ඇත්තේ බටහිර දෙසිනි. ‍

එසේම චුම්භක මාරු වීම නිසා 2012 චිත්‍රපටියේදීද අපිට දැකගත හැකිවූ ආකාරයට අතිවිශාල භූමිකම්පා මෙන්ම කිලෝමීටර් ගණන් උසට ඇති උදම් රළ හා අතිදැවැන්ත සුනාමි (megatsunamis) තත්වයන් ඇතිවීමෙන් ලෝකයේ රටවල් ගණනාවක් එයට යටවීමෙන් ඒවා ලෝකසිතියමෙන් මැකීයාමට වුවත් හේතුවිය හැකි බවට බිය පලකරයි. එපමණක් නොව පෘතුවියේ මතුපිට කබොල්ල කිලෝමීටර් දහස්ගණනාවක් එහා මෙහා වීමටත් එමගින්ද රටවල් ගණනාවක් පැය කිහිපයක් තුල පෘතුවි ගෝලයෙන් තුරන්ව ඉතිහාසයට එක්වනු ඇති බවටත් මත පල කර ඇත. ඉන් නොනැවතෙන මෙම ව්‍යවසනකාරී වාතාවරණය හේතුකොටගෙන එකපෙලට සිදුවන ගිනිකදු විධාරනයන්ද, සුලි සුලං වල මහාපරිමාණයේ තත්වයන්වන hypercane හෝ megacyclones ඇතිවිය හැකි බවටද ඉඟිපල කරයි. මේ සියල්ලටම වඩා බිහිසුනුම තත්වය ලෙස සලකන්නේ පසුගිය ලිපියේද පැවසූ පරිදි සූර්යයාගෙන් පැමිනෙන සූර්යය කුනාටු හා කොස්මික් කිරණ වලින් අප ආරක්‍ෂාකරන පෘතුවියේ චුම්භක ක්‍ෂෙත්‍රය බිදවැටීමෙන් ඉහත කී කිරණ ලෙස පැමිනෙන ආරෝපිත අංශුවලට අපගේ නිවහන වන පෘතුවිය ආක්‍රමණය කිරීමට හැකිවීමයි.

පෘතුවියේ අභ්‍යන්තරයේ මධ්‍යයේ ඇති අයනගෝලයන්ගේ භ්‍රමණය නිසා ඇතිවන ඩයිනමෝ ක්‍රියාකාරීත්වය හේතුවෙන් උත්පාදනය වන පෘතුවි චුම්භක ක්‍ෂෙත්‍රය මෙසේ සම්මත තත්වයෙන් වෙනස්වීම කෙරේ විවිද වූ හේතු විද්‍යාඥයන් ඉදිරිපත් කරන අතර ඒවාටද ප්‍රතිවිරුද්ධ මතද නැතුවා නොවේ. එයට අභ්‍යන්තරික හේතුලෙස මහද්වීපික පලක පෘතුවි ප්‍රවාරය (mantle) දෙසට පහලට ගමන් කිරීම වැනි කාරණා නිසා ඩයිනමෝ ක්‍රියාකාරීත්වයට බාදා පැමිනීම මෙන්ම බාහිර හේතු ලෙස පසුගිය ලිපියේද පැවසූ සූර්යය චක්‍රයන්ගේ බලපෑම මෙන්ම සූර්යය කුණාටු වලින් ඇතිවිය හැකි බලපෑම නිසා හා සූර්යයාගෙන් එල්ල වන කොස්මික් කිරණ වල බලපෑමද මෙයට හේතුලෙස ගෙනහැර දක්වයි.



මෙම සියළු කරුණු මීටත් වඩා සරලව ඔබට වටහා ගැනීමට අවශ්‍ය නම් එයට දැක්විය හැකි හොදම උදාහරණයක් නම් 2003 වසරේදී තිරගතවූ The Core චිත්‍රපටියයි.
(http://en.wikipedia.org/wiki/The_Core). එහිදී පෘතුවීයේ භ්‍රමණය නතර වීමෙන් පසු චුම්භක ක්‍ෂෙත්‍රය ගිලිහී යාමෙන් සූර්යයාගේ කොස්මික් කිරණ වලට අප ගොදුරු වන අයුරු හා එය වලකා ගැනීමට පෘතුවි මධ්‍යයට ගොස් නශ්ඨික පිපිරීමක් සිදුකර එයින් ඇති කරගන්නා ආරෝපණයෙන් නැවත පෘතුවි භ්‍රමණය සිදුකරවාගන්නා අයුරු චිත්‍රපටියට නගාගෙන ඇත.

එය ‍එසේ පැහැදිලි කරද්දී මෙම 2012 සංසිද්ධියට අදාල වන තවත් විනාශකාරී සාධකයක් ලෙස ඇතැම් මතධාරීන් පෙන්වාදෙන්නේ Planet X හෙවත් Nibiru ලෙස බැබිලන් භාෂාවෙන් නාමයකින් හදුන්වන "Planet of Crossing" හෝ "Point of Transition" ලෙසින් අර්ථ දැක්විය හැකි ග්‍රහලොවක් පෘතුවිය හා ගැටීමයි. නැතහොත් මෙම ආසන්න කාලයේදී මෙම ග්‍රහයාගේ ගමන් මාර්ගය අපගේ කක්‍ෂතලය හරහා වැටී තිබීමයි.
(“The plain meaning of “nibiru” is “ferry, ferryman, ford” – “mikis nibiri” is the toll one has to pay for crossing the river – from eberu “to cross”)
සුමේරියන්වරුන්ගේ මූලාශ්‍ර වලද සදහන් මෙම ග්‍රහයා පිළිබදව විද්‍යාඥයන් නම් පවසන්නේ ප්ලූටෝ ග්‍රහයාට එපිටින් යම් ග්‍රහලෝකයක් තිබේනම් පොදුවේ එම ග්‍රහයා හැදින්වීමට මෙම Nibiru  නම් නාමය යොදාගන්නා බවයි.
The 4500 year old Akkadian seal appears to indicate the relative size of the Jovian planets to our Sun
එසේම ප්ලූටෝ ග්‍රහලෝකයට පසුව තිබේයයා පවසන දසවන ග්‍රහලෝකය වන Eris ග්‍රහයා පවා සමහර අවස්ථාවල මෙම ග්‍රහයා ලෙස හදුන්වන අවස්ථාද නැතුවා නොවේ. Nibiru ග්‍රහයා පිළිබදව NASA ආයතනය මගින් බැහැර කරන අතර එය මිත්‍යාවක් බවත් සිදුවී ඇත්තේ අන්තර්ජාලය හරහා ව්‍යාජ මතයක් සංසරණය වීම හා අන්තවාදී ආගමික කල්ලි සිය ආගමික මතවාදයන් ව්‍යාපත්ත කර ගැනීම පිනිස මෙම ග්‍රහයා පිළිබදව අසත්‍ය මත පතුරවන බවටද චෝදනා කරයි.

එය කෙසේවූවත් මෙම ග්‍රහලෝකය පවතිනවාය යන මතය දරන පාර්ශවයන්ගේ මූලිකම තර්කය වන්නේ NASA ආයතනය සාමාන්‍ය මහජනතාවගෙන් අතීතයේ සිටම ඇත්ත තතු සඟවන නිසා මෙවරද ‍එම ලෙසම ක්‍රියාකරන බවයි. එසේම NASA ආයතනය දක්‍ෂින ධ්‍රැවයේ ස්ථාන ගත කර ඇති South Pole Telescope  පද්දතියෙන් පවා මෙය ග්‍රහණය කරගෙන තිබියදී හා 1983දී IRAS (the Infrared Astronomy Satellite) මගින් ගන්නා ලද ඡායාරූපවලද මෙම අදභූත ග්‍රහයා දිස්වන බවට සාක්‍ෂි තිබියදීත් මෙම කරුණ ප්‍රතික්‍ෂේප කරමින් සිටින බවට චෝදනා රැසක් නැගේ.ඒනිසා මෙම සංසිද්ධිය පිළිබදව ගොඩනැගී ඇත්තේ එකිනෙකට පරස්පර මතගැටුමකි. තවද 1980 තරම් ඈත කාලයේදී පවා මෙම ග්‍රහයා අයත් Dark Star නම් තාරකාව හදුනාගෙන තිබෙන බවයි.





මෙම Dark Star නම් තාරකාවක් වටා ඇති කක්‍ෂයක ගමන් ගන්නා ග්‍රහයෙකු වන Nibiru මීට පෙරද පෘතුවියේ නොගැටී අපගේ කක්‍ෂතලය හරහා ගමන් ගත් බවද පවසයි. එම පිරිසගේ මතය අනුව එහි ගමන් පථය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කක්‍ෂ තලයට හරහා ආසන්න වශයෙන් අංශක 30 ක්  ආනතව වැටී ඇති අතර එය අතිදීර්ඝ කාලපරාසයකට වරක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා ගමන් ගන්නා බවද කියයි.

මෙම ග්‍රහයා Dark Star ගේ සත්වන ග්‍රහයා වන අතර විශාලත්වය අපගේ බ්‍රහස්පතී ග්‍රහයාවැනිය.

එසේම මෙම Nibiru ග්‍රහයා මීට පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලොවක ගැටීම නිසා එම ග්‍රහවස්තුව පිපිරීමෙන් අඟහරු හා බ්‍රහස්පතී අතර ඇති ග්‍රාහක කලාපය ඇතිවූ බවටද මතයක් පල කරයි.

මෙම ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා පිහිටි කක්‍ෂයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ කක්‍ෂ තලයට ඇතුළුවන ස්ථානය Kuiper Gap ලෙස හැදින්වේ.

තවද එහි ගමන් පථය අනුව එය ගමන් කරන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් බහුතරයක් ගමන් ගන්නා දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මෙම තත්වය "retrograde motion of Nibiru" ලෙස හදුන්වයි.

මෙසේ Nibiru ග්‍රහයා පිළිබදව දෙපිරිසක් මතවාද දෙකක් ඔස්සේ කදවුරු බදිද්දී එක් කරුණක් පැහැදිලිය. එනම් ලෝකයේ වගකිව යුතු ආයතන රැසක් අපගෙන් කරුණු රැසක් සඟවාගෙන සිටින බවයි. එසේනම් මෙම ලිපිය මෙතකින් අවසන් කරන අතර ඉදිරිලිපියේදී නැවත හමුවී තව තවත් කරුණු සොයාබලමු...

(Nibiru පිළිබදව පැහැදිලි කිරීමට ගන්නා ලද ඡායාරූප බොහෝමයක් http://www.darkstar1.co.uk වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදි).


32 comments:

  1. ඔයාගේ ලිපිටික මම මුල ඉදලම කියෙව්වා.මොකද මාත් ඕක ගැන දැන ගන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා.බොහොමත්ම ස්තූතියි.අනිත් ටිකත් ඉක්මනටම දාන්න

    ReplyDelete
  2. මේ ලිපි ටික නම් නියමයි... ලොකු මහන්සියක් වෙලා මේ ලිපි හරහ දැනුම බෙදාදෙන එකට බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. ලිපි ටික නම් උපරිමයි.. ගොඩක් මහන්සි වෙලා කරුණු එකතු කරලා අපි වෙනුවෙන් පලකලාට ස්තූතියි! :)

    ReplyDelete
  4. Nokiya baa machan
    Niyamai........

    ReplyDelete
  5. ඔව්... සෑහෙන මහන්සියක් අරන් ලියන ලිපි....
    කියවන්ටත් පොඩ්ඩක්වත් නීරස නැත...
    බොහොම ස්තූතියි...

    ReplyDelete
  6. ඉතාම වටිනා ලිපියක්. හරිම ප්‍රයෝජනවත්.
    පොඩි දෙයක් එකතු කරන්න තිබෙනවා පෘථිවියේ ධ්‍රැව මාරු වීම සම්බන්ධව. ඒක එක වර වන දෙයක් නෙමෙයි නේද? වසර ගණනාවක් තිස්සේ ටික ටික වෙනස් වෙමින් වෙනස් වෙමින් ගිහිල්ල හුඟ කාලයකට පස්සෙ නේද උතුර දකුණටත් දකුණ උතුරටත් යන්නෙ?

    2012 ගෑන මමත් ලිව්ව ලිපියක් ටික කාලෙකට ඉස්සෙල්ල, ඒකත් බලන්නකො. එතන නම් තියෙන්නෙ වෙනමම කතාවක්.
    http://madhawaweblog.blogspot.com/2011/05/2012.html

    ReplyDelete
  7. මේ දවස් වල මම ඔයගෙ බ්ලොග් එක කියවනවා......
    නොදත් දේවල් දැනගන්න නියම තැනක්නෙ.....
    නියමයි.........

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @පිස්සු පුසා,සාතන්, Yohan Kanishka | යොහාන් කණිෂ්ක, MaRLaN, Anonymous, තිස්ස දොඩන්ගොඩ සහ Namal Sirimanna - සියළු දෙනාටම ස්තූතියි! මීලග ලිපියේදිත් හමුවෙමු...

    ReplyDelete
  10. @Madhawa Habarakada - ස්තූතියි! ඔව් ඔබ කියන දේ හරි. එකවරම ධ්‍රැව මාරුවීමක් සිදුවන්නේ නැහැ. එය වසර ගණනාවක් පුරා සිදුවන දෙයක්. ඔබ ලියා ඇති ලිපියත් මම කියෙව්වා. එයත් මෙම ලිපියට සෑහෙන දුරකට සමාන බවක් තිබෙන අතරම මෙහි අන්තර්ගත නොවූ කරුණුද එහි දැක ගන්නට ලැබුනා. එය මා මීට පෙර ලියූ ලිපිය හා මෙහි යම් තාක් දුරකට සංකලනයක් කිව්වත් වරදක් නැහැ. එයත් ඉතාමත් හොද මට්ටමේ ලිපියක්. ඊලග ලිපිය බලන්නත් එන්න කියා මා ඔබට ආරාධනාකරනවා...

    ReplyDelete
  11. අනිවා එනවා. හොඳින් අධ්‍යනය කර ඔබ ලියා තිබෙනවා. සුපිරි ලිපියක්.

    ReplyDelete
  12. වෙනද වගේම තමයි නොදන්නා කියන කරුණු රැසක් අන්තර්ගතවෙලා තියෙනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  13. දිනේශ් අය්යා , ලිපිය ඉතා හොදින් පෙල ගස්වා තිබෙනවා මෙතරම් මහන්සි වෙලා මෙවැනි ලිපි පෙලක් පල කිරීමට ස්තුතියි , මට පුද්ගලිකව පුදුමයි මෙවැනි විශාල පරාසයක ඇති කරුනු ගොනු කොට මෙතරම් සරලව ඉදිරිපත් කිරීම සම්භන්ධව .

    ReplyDelete
  14. @උදාර සහ sameera - ස්තූතියි! මූලාශ්‍ර රැසකින් කරුණු ගන්න වෙන නිසා ටිකක් මහන්සි නම් වෙනවා තමයි. කරුණු වල විශ්වාසනීයත්වය හා හරවත් බව ගැන සහතික වෙන්න ඕන නිසා තමයි මේ ලිපි පෙල පලකරන්න ගියාම ටිකක් ප්‍රමාදවෙන්නෙත්...

    ReplyDelete
  15. අති විශිෂ්ඨයි සහෝ... තව අවුරුද්දක් යනකොට සත්සමුදුර සිංහල විකිපීඩියා එක වේවි. කාටද ආඩම්බර... ලියන ඔයාටයි... මුල ඉඳලා අත නොහැර කියවන අපිටයි...!!!

    පාඨකයන් වෙනුවෙන් කැපකරන කාලයට ශ්‍රමයට ස්තුතියි !!! හොඳ දේවල් කරන්න ලේසි නෑ. ඒත් අමාරුවෙන් හරි කරන්න ඕනෙත් ඒවම තමා. මොකද මේ වගේ ඒවා හැමෝටම කරන්න බැරි නිසා...

    කවදා හරි මේ වැඩ වල ආඩම්බරේ අපේ සිංහල නංගිලා මල්ලිලාට... උන් වෙනුවෙන් අපි මේ කට්ට කමු සහෝ... මහන්සි නොබලා ලියමු... ජයවේවා...!

    ReplyDelete
  16. @චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි!

    ReplyDelete
  17. සුපිරි ලිපි පෙළක්!! අපේ දැනුම දියුණු කරන්නට ඔබ ගන්නා වෙහෙස මහන්සියට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  18. මම මේ වෙද්දී ඔයාගෙන් මේ වගේ අපි නොදන්න කතා එනකන් මග බලාගෙන ඉන්නේ ගොඩක් පින් අපිව මේ වගේ දැනුවත් කරන එකට

    ReplyDelete
  19. @සුමින්ද සහ ItalyDilan - ස්තූතියි! මෙම ලිපි පෙලට පසුව වෙනත් මාතෘකා ගැනත් සැඟවුනු තො‍රතුරු රැසක් ඔබ වෙත රැගෙන ඒමට සිතා සිටිනවා...

    ReplyDelete
  20. Great article.... :) Keep continue your good work..... :)

    ReplyDelete
  21. හරිම රසවත්ව ලියැවුනු ලිපියක් , මෙතරම් සාරගර්භ ලිපියක් සැකසීමට ඔබ ගත් වෙහෙස වෙනුවෙන් මගේ ගෞරවය පිළීගන්න.

    ReplyDelete
  22. @මහේෂ් නිශාන්ත - ස්තූතියි!

    ReplyDelete
  23. චුම්භක ධ්‍රැව මාරුවීම, පෘතුවියේ භ්‍රමණ දිශාව වෙනස් වීමට බලපාන්නේ කොහොමද කියන එක මට නම් ගැටළුවක්. බාහිරින් එන ග්‍රාහකයක් ගැටීම නිසා නම් ඒවගේ දෙයක් වෙන්න පුළුවන්. සූර්ය ග්‍රහ මණ්ඩලයේ උපතේදී පෘතුවියට ලැබුණු භ්‍රමණ චාලක ශක්තිය, චුම්භක ධ්‍රැව මාරුවීම නිසා වෙනස් වෙන්න පුළුවන්ද? (ශක්ති සංස්තිථි නියමයට අනුව.)

    කොහොම උනත්, රසවත් සහ වැදගත් ලිපියක්.
    ස්තූතියි අපිට කියවන්න දුන්නනට

    ReplyDelete
    Replies
    1. උඹ නොදන්න තව කොච්චර දේවල් තියෙනවද මල්ලී. අඩු තරමේ උඹ උඹ ගැනවත් දන්නවද? බලපන්කො උඹ ආදරය කරන උඹේ ශරීරයම උඹට දෙන ගේම.

      Delete
  24. පෘථිවිය භ්‍රමණය වන දිශාව ඇති වෙලා තියෙන්නෙ පෘථිවි ගෝලය තුළ තිබෙන ද්‍රව මැග්මා වල භ්‍රමණය නිසා. ඒකෙන්ම තමා චුම්භක ක්ෂේත්‍රයත් ඇති වෙන්නෙ. ඒ චුම්භක ක්ෂේත්‍රය වෙනස් වෙනවා කියන්නෙ ඔය කියන පෘථිව්ය මැද තියෙන ද්‍රව වල සිදුවන චලනයේ වෙනසක් නිසා. එතකොට පෘථිවියේ භ්‍රමණ දිශාවත් වෙනස් වෙනව.
    (මම දන්න දැනුම අනුව මට තේරුනු විදිහ, හරියටම හරිද නම් දන්නෙ නෑ)

    ReplyDelete
  25. @පැණියා - Madhawa Habarakada ලබා දී තිබෙන පිළිතුර මේ ගැටළුවට ගැ‍ලපෙනම පිළිතුර කියන්න පුළුවන්. පෘතුවි මධ‍්‍යයේ සිදුවන ‍විවිද වෙනස්කම් සිදුවීමට අතිදැවැන්ත භූමිකම්පා ආදිය හේතුවිය හැකියි. ඉතින් ඒ නිසා පෘතුවියේ චුම්භක දිශා වෙනස් වීමත් එයින් පෘතුවි භ්‍රමණ දිශා වෙනස් වීමත් සිදුවිය හැකිය.ඈත අතීතයේත් මෙසේ භ්‍රමණ දිශා වෙනස් වීම් පිළිබදව විරල සාක්‍ෂි හමුවූ බව ඇතැම් මූලාශ්‍රවල පවසන්නේ සූර්යයා නැගෙනහිරින් නොව බටහිරින් උදෑසන දිස්වූ බව ගෙනහැර දක්වමින් බවට සටහන් ඇති බවට කරුණු ගෙන හැර දක්වමින්. කෙසේවෙතත් ඉදිරියේදී භූවිද්‍යාව පිළිබදව දැනුම ඇති අයෙකු හා මේ පිළිබදව සාකච්ඡා කිරීමට ඉඩක් ලදහොත් මෙය තවදුරටත් පැහැදිලි කරන බවට පොරොන්දුවෙමි...

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මම ලිපි සියල්ලම කියෙවුවා. නොදත් ගොඩක් දේවල් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි. තව දුරටත් ලියන්න.

    ReplyDelete
  28. මෙන්න සත්පුැෂයෝ.
    ඔබට ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා!
    priydarshana57@gmail.com

    ReplyDelete