Wednesday, July 6, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? ආක්‍රමණිකයාට මුහුණදීම - 6 කොටස

මෙම දීර්ඝ ලිපිපෙලේ එක් සංධිස්ථානයක් වෙත අද අපි පැමිණ ඇත. ඒ මායාවරුන්ගේ තීරණාත්මක අවස්ථාවන වන ආක්‍රමණිකයාට මුහුණදීමයි.

ස්පාඤය ආක්‍රමණය
පළමුවෙන්ම මායාවරු සිටි භූමියට එනම් Yucatán වෙත 1511 දී ස්පාඤය ජාතිකයන් පැමිණ ඇත්තේ ඊට ආසන්න මුහුදේදී සිය නෞකාව අනතුරට පත්වීම නිසයි. ඉන්පසුව 1517 දී දේශගවේශකයෙකු වන Francisco Fernández de Córdoba මෙම ප්‍රදේශයට පා තබන අතර ඔහුට හා ඔහු හා පැමිණි පිරිසට විරුද්ධව මායාවරු යුද වදින් අතර එයින් මායාවරු ජයගනු ලබයි. 

කෙසේවෙතත් යුද්දයෙන් මෙවර මායාවරු ජයගත්තද ස්පාඤයවරු සමග පැමිනි වෙනත් සතුරෙකුට පරාජය වීමට සිදුවිය. එනම් එතෙක් මායාවරුන්‍ට නොවැලදී තිබූ රෝග වන පැපොල හා සරම්ප වැනි රෝගවලට ගොදුරු වීම ඇරඹුන අතර මේ නිසා ඇතැම් දත්ත වල සටහන් වන පරිදි මායාවරුන්ගෙන් 90% ක් පමන මෙම ලෙඩ රෝග නිසා ‍මිය ගිය බව පැවසේ. 1524 දී තවත් ස්පාඤය දේශගවේශකයෙකු වන Pedro de Alvarado විසින් දකුණු දිග උස් බිම් ආක්‍රමණයටත්,  1527 දී Francisco de Montejoගේ නායකත්වයෙන් යුතු සේනාවක් Yucatán ආක්‍රමණය කිරීමට උත්සහ දරන අතර එවරද මායාවරු සාර්ථකව සතුරාට මුහුණ දී පලවා හරිනු ලබයි.
Maya imagery of the conflict between
Spanish and native peoples
1531 දී Chichén Itzá අත්පත් කර ගැනීමට ස්පාඤයවරුන් සමත් වුවද එය ව්‍යවර්ථ කිරීමට නැවතත් මායාවරු සමත්වෙති. 1532 වන විට ස්පාඤය මිශනාරිහු මායාවරුන් ක්‍රිස්තියානිකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබයි. පෙරදී Yucatán අත්පත්කරගැනීමට ගොස් පරාජය වූ  Francisco de Montejo ගේ පුත්‍රයා සිය පියාට ඉටුකර ගත නොහැකි වූ අභිප්‍රා 1546 දී ඉශ්ඨසිද්ධ කර ගැනීමට සමත්වේ.

1550 කාලයේදී මායාවරුන්ගේ Quiché වංශවත් පවුල් සිය ශිෂ්ඨාචාරය ක්‍රමයෙන් අභාවයට ය‍න්නේදෝ යන සැකය නිසාවෙන් හෝ වෙනයම් කරුණක් නිසා සිය වර්ගයාගේ උපත හා ඉතිහාසය ලියා තබනු ලබන අතර එම පොත Popol Vuh ලෙස හැදින්වේ.


The oldest written account of Popol Vuh

1562 දී ස්පාඤය පූජක Diego de Landa විසින් මායා ලේඛන ගිනිබත් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹුවේය. මෙමගින් මායාවරුන්ගේ වටිනා කරුණු ඇතුලත් codices දහස් ගණනක් ගිනිතබා විනාශ කලේය. මෙයින් ඔවුන් බලාපොරොත්තු‍වූයේ මායා ආගම තුරන් කර දැමීම වන අතර මෙම ව්‍යවසනයෙන් නිරුපද්‍රිතව ඉතිරිව ඇත්තේ codices තුනක් පමනක් බවද කියයි.


1697 වන විට මධ්‍යම ඇමරිකාව කේන්‍ද්‍රගත කොට ගෙන වසර දහස් ගණනක් සිය බලය පතුරුවා ගෙන සිටි මායා ශිෂ්ඨාචාරය  යටපත් කොට ඔවුන්ගේ නිජබිම මුළුමනින්ම අත්පත් කර ගැනීමට ස්පාඤය දේශයෙන් පැමිණි ආක්‍රමණිකයන්ට හැකිවිය. විශේෂයෙන් ඔවුන් සතුව තිබූ වෙඩි බලයට දිගින් දිගටම මුහුණදීමට මායාවරුන්ට හැකියාවක් නොතිබූ අතර මෙම ආක්‍රමණිකයා ඇමරිකානු භූමිය තුලට රැගෙන එනු ලැබූ නොයෙකුත් ලෙඩ රෝගත් මායාවරුන් තව තවත් දුර්වල කිරීමට හේතුවිය. එසේම ලෝකයේ ඒ යුගයේ සිටි ආක්‍රමණිකයන් අතරින් කෘරත්වයෙන් වැඩි ජාතියක් ලෙස සලකන ස්පාඤයවරුන්‍ගේ  අතිඅමානුශික කුරිරුකම් වලට ඔරොත්තු දීමට තවදුරටත් මායාවරුන්ට නොහැකිවිය. මෙසේ 1697 දී අවසාන සටන සිදුකලේ ඉතිරිව සිටි මායාවරුන් කුඩා කණ්ඩායම් රැදී සිටි මධ්‍යම Petén ප්‍රදේශය, එවකට Yucatán ප්‍රදේශයේ ස්පාඤය ආණ්ඩුකාරවරයාව සිටි Martin de Ursua විසින් ආක්‍රමණය කිරීමෙනුයි. මෙම සටන්වලින් පසු ඉතිරිව සිටි මායාවරුන් කම්කරුවන් ලෙස බලහත්කාරයෙන්ම සිය නිජබිමේම නව අයිතිකාරයන් වූ ස්පාඤයවරුන්ගේ ගොවිපල්වල හා රත්‍රං හා රිදී පතල් ‍වලට යොදවන ලදි.

Graphic portrayal of discrimination against
the Maya under Spanish rule
මායාවරුන්ගේ නූතන පරම්පරාවේ බොහෝමයක් තවමත් පුරාණ මායාවරුන් විසූ ප්‍රදේශ වල ගොවීන් ලෙස වාසය කරන අතර ඔවුන් පැරණි මායාබස හා ස්පාඤය බසේ එකතුවක් සිය භාෂාව ලෙස යොදා ගනී. කෙසේවෙතත් මෙක්සිකොවේ වෙසෙන මායා කණ්ඩායමක් වන Lacandón ජනයා තවමත් පැරණි මායා සම්ප්‍රධායන් සමග වෙලී ජීවත් වේ. ඔවුන්එදා මෙන්ම පැරණි දෙවිදේවතාවන් අදහමින් සිය යටපත් වූ ශීෂ්ඨාචාරයට යම් කිසි ජීවයක් සපයන්නට උත්සහ දරයි.
Lacandon Indians, 1933-34

එසේනම් මෙතනින් මායා ශිෂ්ඨාචාරය පිළිබදව හා මායාවරුන්ගේ ජීවිතය පිළිබදව ඔබ වෙත රැගෙන ආ 2012 ලෝක විනාශයට අදාල දිනදර්ශනය පිළිබදව කියවෙන ලිපිපෙලේ එම කොටස අවසන් කරන අතර ඊගඟට අපි වැදගත්ම කොටස වන දිනදර්ශනය හා ඒ සබැදුන කරුණුකාරණා කතාකරමු...

17 comments:

  1. මම මායාවරුන් ගැන දැනගෙන හිටියේ බොහොම ටිකයි,ලිපි මාලාව කියෙව්වාම ඒ ටිකට තව ගොඩක් එකතු වුනා. දිනේශ් ඔබ මායාවරුන් ගැන දීර්ග ලිපි මාලාවක් අප වෙත ගෙන ආවාට
    බොහොම ස්තුති‍‍යි!

    ReplyDelete
  2. ස්පාඤය ජාතිකයින් විසින් මායා ශිෂ්ඨාචරයට කරනු ලැබූ විනාශයෙදී ඔවුන්ගේ ආගමික ස්ථාන වල තිබූ විවිධ ආගමික කරුනු ඇතුලත් රන් පලක උනු කොට රත්‍රන් ටොන් ගනනක් තම රටට ගෙන ගිය බව සදහන් වේ ..... , මෙය ඉතිහාසයේ සිදුවූ මහා පරිමානයේ මංකොල්ලයක් ලෙස සලකනු ලබයි.
    ඔබගේ ලිපිය මනාව කරුනු ගොනු කොට විශිෂ්ඨ අයුරින් ඉදිරිපත් කොට ඇත.

    ReplyDelete
  3. ඔබේ ලිපි මාලාවෙන් මායාවරු ගැන වටිනා කරුණු රැසක් දැනගත් බව අතිශයෝක්තියකින් තොරවම කිව හැකියි. ඉදිරි ලිපි පෙල ද මෙවැනිම වටිනාකමකින් යුතු වෙතැයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  4. @pran & උදාර - ස්තූතියි! ඇත්තෙන්ම මායාවරු ගැන ලිපි මාලාව පූර්ණ වශයෙන්ම තවම අවසන් කර නැහැ. ඔවුන්ගේ දිනදර්ශනය ගැන තව කතා කිරීමට තිබෙනවා...

    ReplyDelete
  5. @sameera - ස්තූතියි! ඔබ කියන කරුණත් සත්‍යයක් විය යුතුයි. ‍මීට සමානම අදහසක් මම මීට වසර ගණනාවකට පෙරත් අසා තිබුනා. ඒ තමයි ඔවුන්ගේ නිවාස වල විවිද කොටස් සදහා (බොහෝවිට වංශවතුන්ගේ වෙන්න ඇති) රත්‍රං වැනි වටිනා ලෝහ හා දියමන්නති වැනි පාශාන භාවිතා කොට තිබුන අතර ඒවාද මෙම ආක්‍රමණිකයන් ගලවා ගත් බව. කෙසේවෙතත් ඒ පිළිබදව පැහැදිලිවම කරුණු සොයාගත නොහැකි නිසා ඒවා ලිපියට ඇතුලත් කලේ නැහැ...

    ReplyDelete
  6. මායාවරු අතර විතරක් නෙවෙයි. ආගමේ නාමයෙන් තමයි ලෝකයේ සිද්ධවුණු කුරිරුම දේවල් දියුණු යැයි කියන මිනිසා අතරත් සිද්ධ වුණේ.
    මේ දවස්වල වටිනාකමක් අත්වෙලා තියෙන්නෙ මායාවරුන්ගෙ කැලන්ඩරේටනෙ. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නම්.

    ReplyDelete
  7. මෙක්සිකෝවේම නේද ඇස්ටෙක්වරුන් වාසය කලෙත්??
    ඔබේ ලිපි පෙලඉන් මා නොදන්නා බොහෝදේ දැන ගන්නවා බොහෝම ස්තූතියි..!!
    ඉන්කාවරුන් ගැනත් කියවන්නට බලා සිටිමි..

    ReplyDelete
  8. @``` Outsider``` - තමන්ගේ ජනවර්ගයාම පටු අනුවන අරමුනක් කරා ඝාතනයට ලක්කරන ශිෂ්ඨාචාරයක් මොන අංගවලින් සංවර්ධනය වුනත් එය දියුණු ශිෂ්ඨාචාරයක් ලෙස නම් කල නොහැකි බවයි මගෙත් හැගීම...

    ReplyDelete
  9. @nimanthi - ස්තූතියි! මෙක්සිකොවෙම තමයි ඇස්ටෙක්වරුන් සිටියෙත් මට මතක හැටියට මායාවරුන්ට පසුව විය යුතුයි. ඉදිරියේදී තව වෙනත් මාතෘකා කිහිපයක් ගැන ලියුවට පසුව මෙම ඉන්කා-ඇස්ටෙක් ශිෂ්ඨාචාර ද්විත්වය ගැනත් ලියන්න සිතා සිටිනවා...

    ReplyDelete
  10. A great series of articles Brother. Keep continue you good work.......

    ReplyDelete
  11. ගවේෂකයෝ කියල හඳුන්වා ගත්තට හොඳම නම මුහුදු කොල්ලකාරයෝ . අපේ රටට වගේම තමයි . මධ්‍යම ඇමරිකාවටත් ඒ පැරණි ශිෂ්ටාචාර විනාශ නොවී දියුණු වෙමින් ආවනම් ලෝකේ මිට වඩා වෙනස් වෙයි. අනික් අතට කොයි දේත් සදාකාලික නැහැනේ .
    හොඳ ලිපි පෙළක් කියල ආයෙමත් කියනවා මම . අපේ කැළණි කළා මුණු පොතටත් මන් මේ ලින්ක් එක දැම්මා . එතන ගොඩක් ඉගෙන ගන්න ළමයි ඉන්න නිසා.

    ReplyDelete
  12. @Bindi - මුහුදු කොල්ලකාරයෝ කියන නාමයත් සත්‍යව‍ශයෙන්ම ගත්තොත් හොද වැඩියි. මොකද මම අහල තියෙන විදියට අපේ ‍රටට ආව බටහිර ආක්‍රමණිකයන් අතරින් නරකම පෘතුගීසි. ස්පාඤයවරු කියන්නේ ඊටත් වඩා නරකයි කියල තමයි කියන්නේ නම්. ඔබට මම ස්තූතියි කරනවා තව පිරිසක් අතරට සත් සමුදුර ගෙන යන්නට දුන් අතහිතට...

    ReplyDelete
  13. ගොඩාක් කල් ඉදන් "සමුදුර" කියෙව්වත් අද තමා comment එකක් දාන්නේ. ඉස්සර මම ගොඩක් ආසාවෙන් කියවපු පත්තර වලින් එකක් තමා "සමුදුර " කියන්නේ. ඒ හා සමානව ගොඩක් ආසාවෙන් ඔබගේ ලිපි පෙලත් කියවනවා. ඉදිරියටත් මේ වගේම වැදගත් තොරතුරු අඩංගු ලිපු බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  14. @Harshana - ස්තූතියි ඔබට ලබා දෙන සහයට. මම අදටත් සමුදුර පුවත්පතේ පාඨකයෙක්. හරියටම කියනවානම් වසර 18 ක්. ඉතින් ඒ පුවත්පතෙන් ලබපු ආභාශය තමයි සත් සමුදුරෙත් තියෙන්නේ. මම බ්ලොග් අඩවියට නම ලෙස මුලින් යොදන්න සිතා සිටියෙත් සමුදුර කියන නමම තමයි. ඒත් ඒ වෙන‍විටත් ඒ නම වෙන අයෙකු භාවිතා කල නිසා එය ලබා ගන්නට නොහැකිවුවත් එය තවත් වැඩිදියුණු වී සත් සමුදුර ලෙස මෙහි යෙදුනා. අපි ඉදිරියේදිත් වෙනස් ආකාරයේ මාතෘකා සමග හමුවෙමු...

    ReplyDelete
  15. මමත් මේ සතසමුදුර කියවන්න පටන් ගත්තේ මේ ලගදි..... අපි නොදන්නා බොහෝදේ ඉගෙන ගත හැකි තක්සලාවක් කිවොත් මම වැරදි නෑ මේ සත්සමුදුර. ඉතා වටිනා ලිපි විශාල ප්‍රමාණයක් අඩංගු මේ තාක්ෂළාව ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය දිරිය ප්‍රර්ථනා කරනවා ..

    ReplyDelete
  16. @Srilanka Travel Guide - ස්තූතියි! ඉදිරියේදිත් සත් සමුදුරට එන්න...

    ReplyDelete