පළමු කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_26.html
දෙවන කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_5875.html
තෙවන කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_27.html
දෙවන කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_5875.html
තෙවන කොටසට ප්‍රවේශය - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_27.html
එසේම බිම්මහලට පිවිසෙන පිය ගැට පෙලවල් වල ඇතුලත කෙලවරද සාජෙහාන් රජු දවස සිටම බාහිර අයට වසා ඇත.
ටජ්මහලේ ගිනිකොන දෙසින් පෞරානික ගව මඩුවක් දකින්නට ලැබේ. එවැන්නක් හින්දු දෙවොලකට මිස ඉස්ලාමීය සොහොන් ගැබකට නොගැලපෙනබවක් ද සැලකිය හැකිය.
ටජ්මහල් ගොඩනැගිලි සංකිර්ණයම ගත්විට එහි කාමර 400 – 500 අතර ප්‍රමාණයක් තිබූ බව පැවසෙනවා. මේවායේ මිනිසුන් වාසය කරන්නට ඇතැයි සැලකෙන අතර, මෙම ටජ්මහල සොහොන් භුමියක් නම් එවැනි තත්වයක් පවතිනු ඇත්දැයි තවත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා.
ටජ්මහල් ගොඩනැගිලි සංකිර්ණයම ගත්විට එහි කාමර 400 – 500 අතර ප්‍රමාණයක් තිබූ බව පැවසෙනවා. මේවායේ මිනිසුන් වාසය කරන්නට ඇතැයි සැලකෙන අතර, මෙම ටජ්මහල සොහොන් භුමියක් නම් එවැනි තත්වයක් පවතිනු ඇත්දැයි තවත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා.
එසේම සාජෙහාන් රජුගේ රාජ්‍ය කාලය සාමකාමී, සමෘධිමත් ස්වර්ණමය යුගයක් ලෙස හා ඔහු විසින් බොහෝ ගොඩනැගිලි තැනවූ බවට සහ ශාස්ත්‍රීය කටයුතු සදහා අනුග්‍රහය දැක්වූ බවට ඉතිහාස ග්‍රන්ථවල දැක්වෙන කරුණු මිත්‍යාවක්බවත්, ඔහු විසින් එකදු ගොඩනැගිල්ලක් හෝ තැනීමක් සිදු නොකල බව සහ ඔහුගේ රාජ්‍ය කාලය අවුල් වියවුල් පිරී පැවති කාල පරිච්ඡේදයක් බවද පැවසේ.
පසුවදන
මම දැන් මෙම දීර්ඝ බ්ලොග් සටහන අවසන් කිරීමට බලාපොරොත්තුවෙමි. මා මෙහි සදහන් කල කරුණු කිසිවක් මගේ ස්වාධීන දත්ත නොවන අතර, ඒවා Shri. P. N. Oak මහතාගේ Tajmahal : The True Story නම් කෘතියෙන් මෙම බ්ලොග් සටහනට, වාණිජමය පරමාර්ථයකින් හෝ කිසිවකු අපහසුතාවයකට පත්කිරීමේ අභිලාශයකින් තොරව සංෂිප්ත ලෙස සිංහල බසට පරිවර්ථනය පමණක් සිදුකල බව තවදුරටත් තරයේ ප්‍රකාශ කරමි. සමහර කරුණු පරිවර්ථනය කරන්නට යෑමේදී මුල් අදහසට හාත් පසින්ම වෙනස් අදහසක් පළවේදැයි නැගුන සැකය නිසා, එවැනි කරුණු පරිවර්ථනය කිරීමෙන් වැලකීමටද සිදුවූ බව පවසමි.එසේම මම පුරාවිද්‍යාව පිළිබදව හෝ ඉතිහාසය ගැන හදාරා නොමැතිබව සහ ටජ්මහල සියසින් දැක හෝ භාරත දේශයට මේ වනතෙක් ගොස් නොමැතිබවත් අන්තර්ජාලයේ විවිද සැගවුනු කරුණු ගවේශනයේ ප්‍රතිළුලයක් ලෙස මෙම සටහන සැකසූ බවද වැඩිදුරටත් පවසමි. එසේම පරිවර්ථන කාර්යයේදී මුල් ලේඛණයේ තොරතුරු කිසිවක් හිතාමතා විකෘති නොකරන ලද බවද පවසන අතරම, ඔබහට වැඩිදුර අධ්‍යයනය සදහා මෙම මුල් ලේඛණයේ සහ මෙයට ඇමුණූ ඡායාරූප ලබාගත් වෙබ් අඩවි වල ලිපිනයන්ද මේ සමග දක්වා ඇත. http://www.hindunet.org/hindu_history/modern/taj_oak.html
ඡායාරූප බහුතරයක් V. S. Godbole මහතා විසින් ගනු ලැබූ ඒවා වන අතර,
http://www.stephen-knapp.com/was_the_taj_mahal_a_vedic_temple.htm වෙබ් අඩවියෙන් ඒවා ලබා ගන්නා ලදි.
(Mr. V. S. Godbole - http://satyashodh.com/veer_savarkar_remmembered_in_england.htm )
මීට අමතරව P. N. Oak මහතා විසින් රචිත “The Taj Mahal is a Temple Palace” සහ “Some Missing Chapter of World History” කෘති පරිශීලනයෙන්ද ඔබට වැඩි දුර විස්තර ලබාගත හැකියි.
එසේම V. S. Godbole මහතා ගේ TAJ MAHAL AND THE GREAT BRITISH CONSPIRACY : Part I & Part II කෘතීන්ද මේ පීළිබද උනන්දුවක් දක්වන්නකුට වැදගත් වේ. ඒවායේ වෙබ් අඩවි ලිපිනයන් පහත දැක්වේ.
http://www.hindunet.org/hindu_history/modern/godbole_taj1.html
http://www.hindunet.org/hindu_history/modern/godbole_taj2.html
දැන් මම මගේ අදහස් දක්වන්නම් . මේක තමයි මම බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ ලියපු අතලොස්සක් වූ බ්ලොග් සටහන් වලින් දිර්ඝම සටහනයි (මම දැන් මේ ලියන දේ ලියන්නේ මෙහි නමවන පිටුවේ. ඒ ඡායාරූප නැතුව ලියපු සටහන පමණක්). සමහරවිට මේක කියවන කොට ඔබ ටිකක් වෙහෙසට පත්වුනත් යම් වැදගත්කමක් තිබෙන නිසා ඔබ මා සමග අමනාප නොවෙයි කියලත් හිතෙනවා.
කොහොමවුනත් අවසානයේ මට කියන්න තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ ටජ්මහල සාජෙහාන් රජු හෝ වෙන කවුරුන් විසින් තැනුවත් ඒක උත්කෘෂ්ඨ නිර්මාණයක්. මේකෙත් විවිද අඩුපාඩු, මතිමතාන්තර ඇති. ඒවුනත් කලා නිර්මාණයක් කිසියම් ජාතියකට, ආගමකට හෝ ජනවර්ගවකට තනි අයිතියක් පවරා දීමට ප්‍රායෝගික හැකියාවක් නැතිබවයි මගේ හැගීම. මොකද මේක ගොඩනංවන්න විවිද තරාතිරම්වල මිනිස්සු, විවිද ජාතීන්, විවිද ආගමික මත දරන්නන් හවුල්වෙන්න ඇති. එතනදී තමන් තුල කාලයක් පුරා තමන්ගේ සංස්කෘතියට ආවේණික ලක්ෂන සමහර විට එම නිර්මාණ ශිල්පීන් දැනුවත්ව හෝ නොදැනුවත්නම ටජ්මහල සමග මුසුවෙලා මේවගේ විචිත්රනත්වයක් ඇති කරන්න හේතුවක් වන්නත් ඇති. ඒවත් සැලකිල්ලට ගත්තහම ටජ්මහල යුනෙස්කෝව නම් කලත් නැතත් ලෝක උරුමයක් බව ඔබ සෑම දෙනාම මා සමග එකඟ වනු ඇතැයි මට සිතේ. මම මෙම ලිපිය අවසන් කරන මොහොතේ ඔබට දැක ගැනීමට අන්තර්ජාලයෙන් ලබාගත් තවත් දුර්ලභ ඡායාරූප කිහිපයක් මෙහි පළ කරන්නම්.
මේ ලිපි හතරම කියෙව්වා. ඉතාම වැදගත් අදහස් ටිකක් දැක්වෙනව.
ReplyDeleteකොහොම වුණත් ඔබ පවසන පරිදිම කලාකෘතියක් යම් ජනවර්ගයකට හෝ ආගමකට අයිති දෙයක් ලෙස සලකන්න බෑ කියන දේ සමග මාත් එකඟ වෙනව. එහෙම සදාකාලික බවක් කිසිම දේක පවතින්නෙ නෑ. යුගයෙන් යුගයට මහ පොළොවේ හිමිකම සතු කරගන්නා විවිධ ජනවර්ග විසින් යම් එකතු කිරීම් ඕනෑම නිර්මාණයක් තුළට ඇතුළත් කරනව තමන්ට අවශ්‍ය විදියට.
එසේ වුවත් මේ ඉතිහාඥයාගේ පර්යේෂණ නිගමනයන් ගොඩක් සත්‍ය බව පෙනෙනව. එසේ නොවුණත් පුද්ගලිකව මම ගොඩක් කල් ඉඳන් සිතපු දෙයක් තමයි මේ ටජ්මහල් කියන එක ආදරයේ සංඛේතයක් නම් විය නොහැකි බව. මට එහෙම හිතුණෙ කොහෙදෝ ලියවිලා තිබුණු දෙයක් නිසා. එයින් කියවුණේ මෙහි නිර්මාණකරුවන් එය අවසන් වූ විගස නැවත එවැනි නිර්මාණයක් කරන්න නොහැකි වන ලෙස මරා දැමූ බව හෝ අන්ධ කල බවයි. එය සමහර විට ජනප්‍රවාදයක් වෙන්නත් පුඵවන්. ඒත් ආදරයේ සංඛේතයක් තනන්නෙකුට කවදාවත් එවැනි කුරිරු දේවල් කල නොහැකි බව මගේ හැඟීමයි.
ඒ වගේම ඔබේ ලිපියෙන් දැනුවත් වුණේ ෂාජහන් රජුට 5000 කට ආසන්න අන්ත:පුරයක් සිටි බවයි. ඒ වගේම මුම්ටාස් දේවියගේ මරණයට පෙර සහ පසුත් ඔහු මෙවැනි විවාහ සිදුකරගත් බවයි. ඒ තත්වය අතීත රජවරු කා තුළත් තිබුණු බව ඉතිහාසය කියවන විට පෙනී යනව. ඉතින් මෙවැනි සල්ලාල රජෙකුට පිවිතුරුව ආදරය කරන බිරිඳක් සිටි බව සිතීම කල නොහැක්කක්. එහෙම බිරිඳක් සිටියානම් ඇය සිහිවකල් හෝ මන්දබුද්ධික විය යුතුයි. සාමාන්‍යයෙන් කිසිම ගැහැණියක් අපේක්ෂා නොකරන තත්වයක් ඒක. ඒ වගේම බිරිඳට එතරම් ආදරය කල රජු එතරම් විශාල අන්ත:පුරයක් තැනීමනම් විහිඵවක්. ඒක නිසා මෙය සොහොනක් බවට පත්කලා වෙන්නට පුඵවන්. ඒත් එය ආදරයේ සංඛේතයක්නම් කියල හිතන්න අමාරුයි.
කොහොම වුණත් එහි මූලික ගොඩනැගීම් හින්දූන් විසින් ගොඩනැගූ බවට සිතිය හැකි සාධක තමයි මේ හැම නිරීක්ෂණයක් හරහාම තහවුරු වෙන්නෙ. ඒත් ඉතින් කාලයත් සමග හිමිකාරිත්වය වෙනස්වීම සාමාන්‍ය ස්වභාවයක්. එය වලක්වන්න බෑ. ඒ වගේම එක් පාර්ශ්වයකට සදාකාලික හිමිකාරිත්වයක් කියාපාන්නත් බෑ ඒ හේතුව නිසාම.
ලිපි පෙල ඉතාම වැදගත්. ස්තූතියි ඔබට.
godak watina lipiyak ayya
ReplyDelete@ මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි මල්ලී. ඉදිරියටත් හොද හොද ලිපි සෙට් එකකුත් බලාපොරොත්තුවන්න. සත් සමුදර ඔබගේ සහය සැමදා අපේක්‍ෂාකරනවා.
ReplyDelete@ Outsider - මට ඔබට ප්‍රතිචාර දැක්වීමට පමා වීම ගැන සමාවෙන්න. ඇත්තටම මේ ලිපි හතර සෑහෙන්න දිග නිසා ඒක කියවන්න සෑහෙන්න කාලය ගතවෙන්නත් ඇති. ඔබගේ කමෙන්ටුවෙන් මා තව තවත් ධෛර්යමත් වුනා. ඉදිරියේදිත් තව තව අදහස් ඔබෙන් බලාපොරොත්තුවෙනවා. බොහෝමයක්ම ස්තූතීයි.
ReplyDeleteමම ඔබේ ලිපි හතරම ඉතාම උනන්දුවෙන් කියෙව්වා.මාව වෙනත් අන්තයකට ඔබේ ලිපි පෙළ රැගෙන ගියා.ඉන්දීය ඉතිහාසයට අනුව සාජහාන් සහ අවුරන්සෙබ් එතරම් සාර්ථක පාලකයො නෙවෙයි.ඔවුන් ඉන්දීය ඉතිහාසයට ප්‍රමාණාත්මක දායකත්වයක් දුන්නු රජවරු නෙවෙයි.මුස්ලිම්-හින්දු ගැටුම අතීතයේ වගේම වර්තමාන ඉන්දියාවෙත් දැඩිව තියෙනවා.මේ නිසාම ඉන්දියානු ආණ්ඩුව යම් ආගමික ප්‍රශ්නයක් ඇති වීම වලක්වන්න පැරැණි සිතුවම් ආවරණය කළා කියන එක සාමාන්‍යයි.ඊට වඩා වැඩි දෙයක් වුණත් ඔවුන් ඒ වෙනුවෙන් කරාවි.
ReplyDeleteඔබේ ලිපිය ඉතාමත් වටිනවා.ස්තූතියි මෙවන් දැනුමක් ලබා දුන්නට.
@ කාංචනා - ස්තූතියි! ඉදිරියේදීත් මේ වගේ වෙනස් කෝණයකින් බලන ලිපි දාන්න හිතාගෙන ඉන්නවා.
ReplyDeleteඋනන්දුවෙන් කියවූ ලිපි පෙළක්.... බොහොම ස්තූතියි මේ වගේ දේවල් අප සමග බෙදා හදා ගත්තාට...
ReplyDelete@Dakshina - ඔබටත් මම ස්තූතිවන්ත වෙනවා මේවගේ දීරඝ ලිපියක් කියවන්න කාලය යෙදවීම ගැනත් ඒ ගැන වටිනාකම දැන සිටීමත් ගැන. තව මෙවැනි දුලබ දේ පිළිබද ඉදිරියේදිත් සටහන් තබන්න බලාපොරොත්තුවන අතරම නැවතත් සත් සමුදුරට පැමිනෙන ලෙස ඉල්ලා සිටිනවා.
ReplyDeleteම් මේක බොහොම සාමාන්‍යයි.... ඒ මොකද මොන රටෙත් ඕකුං ඔය දේ කරනව කරලත් තියනවා. තව ඉස්සරහට අපේ රටේ චෛත්‍ය වල කොත මුදුනටත් හඳපලුව අමුනයි.
ReplyDelete@Anonymous - ඔව්, සමහරවිට එහෙම වෙන්නත් ඉඩතියෙනවා...
ReplyDelete@Ami - ස්තූතියි! Ami, ඔබගේ ඉල්ලීමත් (පිටසක්වල ජීවීන් ගැන) නුදුරේදීම ඉටුවී තිබෙනු ඔබට දැකගත හැකිවේවි. සත් සමුදුර යනු වැඩි වශයෙන් ගවේෂනාත්මක බ්ලොග් අඩවියක් ලෙස මට හැගෙන නිසා එය කියවීමට එන මිතුරන්ට සෑහිමකට පත්වන ලෙස පවත්වාගෙන යායුතුයි. ඒ නිසා වෙහෙසකාරී වුවත් යම් කැපවීමක් මා හැකි අයුරින් කිරීමට උත්සාහ දරනවා. සත් සමුදුර ඔබලාගේ මිතුරු මිතුරියන් අතරටත් අරගෙන යන්න. එවිට තව නව අදහස් වලින් එය පිරී තවත් සත් සමුදුරේ විශය පථය පුළුල් වේවි...
ReplyDeleteහොදින් ලියු ලිපියක් ... ඔබ මෙයට සැහෙන කාලය ගත කරමින් මෙවන් හරවත් දේ බෙදා ගැනීම ගැන තුති !
ReplyDelete@Sadeepa - ස්තූතියි! සෑහෙන්න කාලයක් නම් ඇත්තටම ගියා තමයි. ඒත් හොද ලිපියක් ලියුවා යන තෘප්තිය තියෙනවා...
ReplyDeleteහිතවත් මිතුර;
ReplyDeleteඔබ කරන කාර්යය ඉතාම අගය කල යුතුය. මෙවන් වටිනා මෙහෙවරක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකිරීම ගැන ඔබට තුති.
තව තවත් වටිනා දේ එක්කිරීමට හැකිවේවායි පතමු...!
@Lasantha - ස්තූතියි! ඉදිරියටත් මා උපරිම උත්සාහයෙන් එම කාර්යය ඉටුකරනවා...
ReplyDeleteනියම ලිපි හතරක්.......
ReplyDelete@හරී - ස්තූතියි!
ReplyDeleteඅසාවෙන් කියෙව්ව්වා....
ReplyDeletelassana kathawak
ReplyDeleteවැදගත් ලිපියක්, කොහොමද මේතරම් කැපවීමකින් කරුණු හොයන්නෙ.
ReplyDeleteඅසාවෙන් කියෙව්ව්වා....
ReplyDeleteමම හරි ආශාවෙන් උනන්දුවෙන් වගේම කුතුහලයකින් කියවූවා. ඔබ කියන පරිදි මට දීර්ඝ ලිපි පෙළක් කියලා දැනුනේ නැ. තවත් කොටසක් දෙකක් තිබ්බ නම් හොඳා කියලා තමයි හිතුනේ. ඔබට බොහොම ස්තුතියි. පුළුවන් නම් ඉදිරියේදී ලෝකයේ පෞරාණික ශිෂ්ටාචාරයන් පිලිබඳ ලිපි පෙළක් ලියන්න. මම හිතන්නේ ඒවත් රසවත් සහ ප්‍රයෝජනවත් වෙයි කියලා. පොත් අරගෙන කියවනවට වඩා මේවගේ කෙටිත් නොවන, දිර්ඝත් නොවන ලිපිවලින් අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. ස්තුතියි.
ReplyDeleteපුලුවන්නම් මචං පොතක් ලියපන් මාර වටින කරුණු ටිකක්.. මේ මුලු බොලොග් එකම මාර විශ්ව කෝෂයක්.... බොහොම ස්තුතියි මචං
ReplyDeleteරසවත්,ප්‍රයෝජනවත් තොරතුරු ගොඩක් දැනගත්තා........තවත් හොද ලිපි ලියන්න...
ReplyDeleteහොද වැඩක් තවත් හොද ලිපි ලියන්ඩ සුබ පතනවා
ReplyDeletethankx
ReplyDeleteසුපිරි.. ඇත්තටම හොඳ ලිපියක්..
ReplyDeleteපුලුවන්නම් සීගිරිය ගැනත් මේ වගේ ගවේශනාත්මක ලිපියක් ලියන්න. ඒක අපේ රටේ මිනිස්සුන්ට ගොඩක් වැදගත් වේවි.
ReplyDeleteදිගනම් වැඩියි තමයි. නමුත් මෙහි ඇති හරවත් බව නිසා වෙහෙස අමතක කරන්නට පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. සයිබරයේ මම දැක්ක හරවත්ම ලිපිවලින් එකක් කියල ඔබගේ මේ ලිපිපෙළ ඔබට ජය
ReplyDeleteකෝරලේ වලව්ව
eka husmata okkoma...
ReplyDeletesupiri
superb. great job
ReplyDeleteniyamai. mama asawen kiyewwa. thawath me wage dewal liyanna. thank you
ReplyDeletemaxxxa... thank you...!!!
ReplyDeleteවටිනා ලිපි හතරක්.
ReplyDeleteගොඩාක් ප්‍රයෝජනවත් තොරතුරු ටිකක්..
ReplyDeleteසුපිරියි මචෝ.. වැදගත් ලිපි හතරක්.. අද තමයි දැක්කේ මේක, සිරාගේ කාමරේට ආපු වෙලාවේ.. බොහොම ස්තුතියි මේ ලිපි හතරට..
ReplyDeleteමමත් මේ සිරාගෙ ලිපියෙ ලින්ක් එක හරහා ආවෙ. කලින් සත් සමුදුරේ ලිපි කියවල තිබුනට මේ ලිපිය මම කියවල තිබුනෙ නෑ. එකදිගට කොටස් හතරම කියෙව්වා. ස්තූතියි දිනේෂ්, ටජ්මහල ගැන සැඟවුනු තොරතුරු හුඟක් දැනගත්තා. මේවායෙ පිටුපස යම් යම් දේශපාලනික ආගමික සමාජීය හේතු තිබෙන්න පුළුවන්. ලංකාවෙත් නිශ්ශංකමල්ල වගේ රජවරු අනුන්ගෙ නිර්මාණවලට තමන්ගෙ නම දාගත්ත කියල මතයකුත් තියෙනවනේ.
ReplyDelete