Tuesday, September 11, 2012

රූප තුළ අකුරු සැඟවීම හෙවත් "ඩාවින්ච් ‍කෝඩ්" අළුත් විදියකට - How to hide texts on image ...


වචනයෙන් විස්තර කළ නොහැකි හා මිළ කළ නොහැකි මෙම සිතුවම කුතුහලය දනවන්නකි. කෙනෙකුට එය අඬන ස්ත්‍රීයකගේය.තවත් කෙනෙකුට ඇය සිනහවෙනවා සේ පෙනේ.තවත් අයෙකු ඇයට දරුවෙකු ලැබෙන්නට සිටින ගැබිනියක බව පවසති.තවත් අයෙකු ඒ ලියනාඩෝ විසින් ඇදි තමන්ගේම චිත්‍රයක් බව පවසති.තවත් අය මෙහි කිසියම් රහස් කේතයන් වගයක් සැගවී පවතිනවායයි පැවසේ. නුතන විසිවන සියවසේදී ප්ලාස්ටික ශල්‍යකර්මයන් සිදුකර ගැනීමට හැකිවීමත් සමග දියුණු බටහිර රටවල ඇතැම් කාන්තාවන් මොනාලිසා රුවට සමාන රුවක් ලබා ගැනීමට ප්ලාස්ටික් ශල්‍ය‍ වෛද්‍යවරුන්ගේ සහය පැතූ බවද විරල පුවත් ඇතැම් විට අසන්නට ලැබුනි. ඒ තරමටම මොනාලිසා මිනිස් සිත වශිකෘත කළාය. ඇතමෙක් මොනාලිසා ගැන කතා ලිවූහ. තවකෙක් මොනාලිසා මෙන් රුව ඇති යුවතියක සිය පෙම්වතිය කරගැනීමට සෙවූහ. තවකෙකු මොනාලිසා ගැන ගීත ලියූහ, ගැයූහ, එම ගී වලට සම්මානද දිනා ගත්තෝය. 1800 මැද භාගය වන විට මොනාලිසා පුරාවෘත්තයකි. 


ලොව අග්‍රණ්‍යම සිතුවම වන මෙය මිල කිරීම පවා එයට කරන අගෞරවයක් වූවත් 2010 දී එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු‍ ඩොලර් මිලියන 720 ක් වත් වේ යයි පැවසේ. වර්ථමානයේ පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්ව ඇති මෙය එහිදී හදුන්වනුයේ Painting No. INV 779 යන කේතයෙනි. 


ලියනාඩෝගේ මරණයෙන් පසුව මෙම මොනාලිසා සිතුවම අයිති වුයේ එවකට ප්‍රං‍ශයේ රජකම් කළ I වන ෆ්‍රාන්සිස් රජු හටයි. ඔහු මෙය තමන්ගේ නානකාමරයේ එල්ලා තැබූ බව පැවසේ. සෑහෙන්න කාලයක් මෙසේ නානකාමරයේ බිත්තියේ එල්ලා තැබුන අතර රජුගේ ස්නානයට භාවිතා කළ උණු ජලයේ දුම වැදීමෙන් පින්තූරයේ ඇතැම් ස්ථානවල ඇති සුළු හානිවීම් සිදුවීමට හේතුවිනැයි ප්‍රවීණයෝ පවසති.


ඔබට බැළු බැල්මට පේ‍න්නේ මෙතන මොනාලිසාගේ රූපය විතරක් නේද? ඒත් ඒ පින්තූරයේ වම් පසටවන්නට mouse pointer ගෙනගිය විට ඒ පින්තූරයට අදාල විස්තර රැසක් දැන ගැනීමට හැකි බව පෙනේවි. මෙන්න මේ දෙය ඔබගේ බ්ලොග් අඩවියේ අවශ්‍ය විටක කර ගන්න ආකාරය තමයි මම අද කියලා දෙන්න යන්නේ.

මුලින්ම මෙන්න මේ කේතය Blogger Temple Designer වල දී Add CSS වලට එකතු කරගන්න. (මේ ගැන අවශ්‍ය පියවර පසුගිය "බ්ලොග් ඉඟි" ලිපි වලින් දැක ගත හැකියි.)

<style> .details { position:absolute; top:10px; opacity:0; transition-delay: 1s; transition-timing-function: ease-in-out; -moz-transition-timing-function:ease-in-out; -moz-opacity:0;transition-delay:1s; } .details:hover { margin-left:10px; opacity:.75; background-color:yellow; text-align:left; color:black; } .details.size { width:40%; height:92%; padding : 5px 5px 5px 5px; overflow:scroll; } .pic { position:relative; } </style>

දැන් තියෙන්නේ අපි යම් පින්තූරයක් සදහා මේ විදියට අවශ්‍ය අවස්ථාවේදී පමණක් තොරතුරු දිස් වන සේ ලබා ගැනීමට සැකසීමයි.

ඒ සදහා සුපුරුදු පරිදි Post Editor  එකේදී HTML mode  එකට ගිහිල්ල මෙන්න මේ කේතය එම පින්තූරය අවශ්‍ය තැන අලවා ගන්න.
<div class="pic"> <img src="link of the image" width="Suitable width for you image" /> <br /> <div class="details size">අදාල පින්තූරය හා සම්බන්ද විස්තරය</div></div>

දැන් ඔබට ටිකක් මහන්සිවෙන්න වෙනවා මේ වැඩේ කරගන්න. මුලින්ම මෙහි දක්වාතිබෙන link of the image සදහා අපි මුලින්ම picasa වලට image එකක් upload කරල ඒකේ link එක අරගෙන මේ මෙතනට Paste කර ගමු.

ඒක කරගන්නේ මුලින්ම https://picasaweb.google.com/home වෙත යන්න.ඉන්පසුව upload හරහා ගොස් දැන් තිබෙන album එකකට හෝ අළුතින් album එකක් හදා ගෙන එය තුලට image එක upload කරගන්න/ මේ සදහා භාවිතා කරන පින්තූරය ටිකක් විශාල එකක් වෙන එක හොදයි. ඉන්පසු එම Album එකේ Actions වලින් Album Properties තෝරන්න.

මෙහිදී ලැබෙන Window එකේදී Visibility සදහා Public on the web තෝරා Save Changes තෝරන්න.

දැන් එම album එකෙහි තිබෙන ඔබ upload කරන ලද පින්තූරය මත click කර එහිදී වම් පසින් තිබෙන link to this photo යන්න select කළ විට මෙම මෙනුව ලැබේවි.

දැන් මෙහි Hide album link යන්න ටික් කොට select size යන්නට විශාලතම අගය තෝරා Embedded image යන්නට අදාල link එක තෝරා එය copy කර ගන්න. එය notepad හෝ ඔබ කැමත ස්ථානයකට paste කර එහිදි මෙම රූපයේ කහපාටින් සලකුණු කර තිබෙන කොටස උදාහරණයක් ලෙස සැලකිල්ලට  ගෙන ඔබ ලබා ගත් කේතයේදීද මෙම කොටස Copy කර මෙහි දක්වා ‍link of the image තිබෙන සදහා යොදා ගන්න.




ඉන්පසු ඔබගේ බ්ලොග් එකේ පෝස්ටු ලිවීමට ලබා දී ඇති පළලට සරලන පරිදි රූපයේ පළලද මෙහි දක්වා ඇති Suitable width for you image තැනට සුදුසු අගයක් යොදන්න. එවිට උස එයට ගැලපෙන සේ ඉබේම සතස් වේ.

ඉන්පසු අදාල පින්තූරය හා සම්බන්ද විස්තරය සදහා ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. දැන් ‍ඔබ මෙම පෝස්ටුව publish කර එහි ඔබ මෙම උපක්‍රමය යෙදූ රූපයේ වම්පසට වන්නට mouse cursor  ගෙන ගිය විට ඔබ සගවා තිබෙන තොරතුරු දිස්වේවි.

එසේ නම් මෙම ලිපිය අවසන් කරන්නම්. සමහර විට ඔබට මෙම ලිපියට ටිකක් ව්‍යාකූල වගේ පෙනේවි. යම් ගැටළුවක් ආවොත් කියන්න. ඒවාට විසදුම් සහ මෙහි යම් යම් වෙනස් කම් කිරීමට හැකි නමුත් ඒවාද සදහන් කළහොත් ඔබට තවත් මෙම ලිපිය සංකීර්ණ වෙන නිසා ඒවාද අවශ්‍ය වුවහොත් සදහන් කරන්නම්...

7 comments:

  1. කියෙව්වෙමි. :)

    ReplyDelete
  2. හොද අයිටම් එකක් ..

    ReplyDelete
  3. බුක් මාක් එකක් දාගත්තා ඕනෙ වෙලාවට ගන්න... ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් කවදහරි ඕන වෙන්න ඉඩ තියෙනාවා...

      Delete