Sunday, August 26, 2012

රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද?


රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපියේ Gnanendra Pradeep Pathirana මහතාගේ කමෙන්ටුවට පිළිතුරු - 

ඔබ කාලය පිළිබදව කියා තිබෙන දෙයට මට කියන්නට තිබෙන්නේ. කාලය තීරණය කළ යුත්තේ මෙවන් මහා ග‍වේෂනයක් කිරීමට නිපුනත්වයෙන් යුතු සෑම අංශයක්ම නියෝජනය කරන පිරිසක් අප සතුද, ව්‍යාපෘතිය අවසන් වන තුරාවටම එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට හැකිද? යම් පුරාවස්තුවක් හමුවූ පසුව එයට ලැබෙන ආරක්‍ෂාව කුමක්ද? එය ‍මෙම අවධියේ ආරක්‍ෂා කළ හැකිද? යනාදී සදහන් කළ හා නොකළ කාරණා සැලකිල්ලට ගැනීමෙනුයි. ඔබත් මේ රටේ ජීවත්වන කෙනෙක් නිසා වර්ථමානයේ පුරාවස්තු වලට නිදන් හොරුන්ගෙන් එල්ලවී ඇති තර්ජනය දන්නවානේ. ඉතින් "මේ අපේ රට, මේ අපේ දැය, මේ අපේ රාවණා, අපිට ඕන වෙලාවට තමයි මේ දේවල් ගොඩ ගන්නේ" කියා ප්‍රායෝගිකව සමාජ වටපිටාව ගැන නොවිමසා කටයුතු කිරීමෙන් අවසානයේ නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ ව‍ගේ දෙයක් තමයි වෙන්නේ.

අනෙක බුද්ධාගමේ වසර 5000 ක පැවතීම ගැන සලකා පුරාවිද්‍යා කටයුතු කළ හැකිද? කිරීම ප්‍රායෝගිකද? තවත් කාරණයක් නම් මෙම වසර 5000 යනු වර්ථමාන භාවිත බසින් පවසනවා නම් Guaranty ක් බවයි. තේරෙන්නම කියනවා නම් ඔබ රූපවාහිනී යන්ත්‍රයක් ගෙදරට ගෙනා විට ලැබෙන වසරක වගකීමේ සහතිකයකි. නමුත් එයින් වසරක් ඉක්ම යන මොහොතේම එය නැවත භාවිතයට ගත නොහැකි අයුරින් කැඩෙනවාද? සමහර විට වසරක් ඉක්මවා යන්නට පෙර කැඩෙන්නට හැකි අතර ඇතැම් විට වසරක් ඉක්මවා සෑහෙන්න කාලයක් ගතවූ පසු කැඩෙන්නටත් පුළුවන්. ඒ වගේම එය අළුත්වැඩියා කර ගැනීමට හැකි ලෙස හෝ අළුත්වැඩියා කර ගැනීමට නොහැකි ලෙස පෙර පැවසූ අවස්ථා දෙකේදී කැඩෙන්නට පුළුවන්. ඉතින් පුරාවිද්‍යාව වෙනමමත් ආගම වෙනමමත් තබා කටයුතු කිරීම නුවනට හුරුයි. මොකද හෙම්බිරිස්සාවට හරියන බෙහෙත බඩේ අමාරුවට හරියන්නෙත් නැහැ. බඩේ අමාරුවට හරියන බෙහෙත හෙම්බිරිස්සාවට හරියන්නෙත් නැහැ.

අනෙක් බෞද්ධයන් ලෙස මෙම වසර 5000 කින් බුදු දහම විනාශ වී යාම සිදුවනවා නම් එය අනෙකුත් ආගමිකයන්ට බලපාන්නේ කෙසේද? ඔවුන් බුදු දහමේ දේවල් විශ්වාස කරන්නේ නැ‍හැනේ. ඉතින් විද්‍යාවයි ආගමයි පටලවා ගන්න ගියොත් වෙන්නේ මධ්‍යතනය යුගයේ යුරෝපයට ‍වුන දේ තමයි. මොකද සියල්ල දෙවියන්ගේ ඕනෑ එපාකම් මත සිදුවන, සියල්ල දෙවියන් විසින් මැවූ බවට මත පළ කළ එම යුගයේ අදුරු කම අමුතුවෙන් ඔබට කියන්නට ඕනෑ නැති බව සිතමි. අවශ්‍ය නම් ඒ පිළිබදව ලියූ ලිපි කිහිපයකුත් සත් සමුදුරේ තිබේ.

අනෙක තමයි රාවණා රජුගේ මෙතරම් තාක්‍ෂනයක්, මේවගේ ඉදිකිරීම් තිබුනා කියලා විශ්වාසයක් මේ රාවණා පුරාවෘතය සත්‍ය බව ඔප්පුකරන්න ඉන්න උදවිය ඉදිරිපත් වෙන්න තිබුනේ පසුගිය කාලයේ අපි ත්‍රස්ථවාදීන් එක්ක යුද්ද කරපු කාලේ. මොකද එතුමා සතුවූ දඩු මොනරය තවත් බිහිසුණු ආයුද ඒ අවධියේ සොයා ගන්නට හැකිවුනා නම් අපට විදේශ විනිමය විශාල වශයෙන් ඉතුරු කරගන්නටත් හැකියාව ලැබෙනවා. මොකද එහෙම නම් රුසියාවේ මිග්, MI24, ඊශ්‍රායලයේ කෆීර්, චීනයේ F7 ආදී ගුවන් යානා, උණ්ඩයක් පවා ඉතා මිළ මල්ටි බැරල් ලොන්චර් ගෙන්වන්න ඕනෙත් නැහැ. මොකද හෙළ ගුවන් යානා තාක්‍ෂනය, හෙළ බිහිසුනු ආයුද යොදාගෙන සතුරා පහර දෙන්න තිබුනා. 

ඒ වගේම ඔබ කලින් කමෙන්ටුවේ පවසා තිබුනා 



"විජය රජු හා ගෞතම බුදුන් අතර නෑදෑකම මගින් සිංහලයින් යනු ශුද්ධ ථේරවාදී බෞද්ධයින්ය යන මතය කාවැද්දීමට හා බුද්ධාගම වෙනුවෙන් මෙරට රජවරුන් කළ උදව් උපකාරයන් උලුප්පා දැක්වීම සඳහා මහානාම හිමියන් ලියූ "මහාවංශය" පාදක කරගෙන හෝ ඉන්පසු ඉංග්‍රීසි යුගයේ ලංකා ඉතිහාසය අධිකරණමය දෘෂ්ඨිකෝනයකින් විමසා බැලූ කොඩ්රින්ටන්- පරණවිතාන ගුරුකුලයේ පැහැදිලි කිරීම් ඉස්මුදුනින් පිළිගන්නා අයෙකු වෙත්නම් ඔවුන් "රාවණා" පිළිනොගන්නවා ඇත.

අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. එදවස ථේරවාදීන් විසින් විනාශ කළ පුස්තකාල වල පැවැති සියළු රාවණා නම් මහායානික බෞද්ධයාගේ මූලාශ්‍ර විනාශ විය. ඉතිරි වී සුරැකී තැන් තැන්වල හුදකලාවූ යමක් ඇත්නම් බ්‍රිතාන්‍ය පාලකයන් දවස එම ග්‍රන්ථ බොහෝමයක්ද විදෙස් කෞතුකාගාර කරා සංක්‍රමනය විය." ඉතින් ඔබ ඉතිහාසයේ කරුණු සමග සන්සන්දනය කර තර්ක කලොත් මේ පවසා තිබෙන දේවල් පරස්පරයි නේද? මෙන්න මම ඒ ගැන ඉදිරිපත් කරන තර්කය ;

පැරණි මහාවංසය ලියපු මහානාම හිමි වැඩ වසන්නේ ධාතුසේන රජතුමාගේ කාලයේ ඒ කියන්නේ ධාතු‍සේන රජතුමා රජකම් කළේ ක්‍රි.පූ. 459 - 477 අතර කාලයේ ඒ වගේම මහසෙන් රජතුමා රජකරන්නේ ක්‍රි.පූ. 276 -303 අතර කාලයේ. දැන් එතකොට ඔබ පවසන  අන්දමට 
//අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. // 
යන කාරණේට අනුව ඒ වන තෙක් රාවණා රජු ගැන තොරතුරු තිබිලා තිබෙනවා. ඒ කියන්නේ ඊට පෙර සිටි හෙළ රජ දරුවන් පවා රාවණා රජු ගැන දැන සිටියාය කියන එකනේ. එතකොට ඊට පෙර ක්‍රි.පූ.161-131 දී රජකම් කළ දුටු ගැමුණු රජතුමා  සහ ඊට පසුව ක්‍රි.පූ. 103 - 102 සහ නැවත ක්‍රි.පූ. 89 -77 අතර රජකම් කළ වලගම්බා වැනි රජවරුන් තමන්ගේ යුද්ද සදහා රාවණා රජුගේ යුදායුද සහ දඩු මොණර යන්ත්‍රය ආදිය නිපදවාගෙන සටන් නොකරන්නේ ඇයිද කියන ගැටළුව ඇතිවෙනවා නේද? මොකද අපි අහලා තියෙන විදියට දුටු ගැමුණු රජතුමාට සෑහෙන්න සටනක් කරන්න වුනා කියනවා එළාර සමග විජිතපුර සටනේදී. ඉතින් අතීත රජදරුවන් රාවණා හා එතුමාගේ දඩුමොණර යන්ත්‍රය තව එතුමාගේ බිහිසුනු අවි ගැන දැන සිටියා නම් ඒවා නැවත නිපදවලා යොදා ගත්තා නම් මේ යුද්ද පහසු වෙනවානේ. ඒ එක්කම තර්කයක් ගේන්න පුළුවන් අංගම් පොර ශිල්පය දත් දසමහා යෝදයන් එම යුද්දයේ සිටි බව හා ඒ අංගම් පොර ශිල්පයේ දක්‍ෂයෙකු වගේම විවිද එකතු කිරීම් කරනු ලැබු‍වේ රාවණා රජු බවට. නමුත් අංගම් පොර ශිල්පයට වුනත් රාවණා රජුගේ සම්බන්ධයක් තිබෙන බවට සාක්‍ෂි තිබෙනවාද? මොකද එයත් අනෙකුත් කාරණා වගේම උපකල්පන හා අනුමාන කිරීමක් පමණයි. අනෙක දැන් පවා අංගම්පොර ගුරුන්නාන‍්සේලා අතරවත් එකමුතුවක්, එකමතයක් නැහැනේ. එක්කෙනෙක් කියනවා මම තමයි අංගම්පොර උගන්වන්නේ කියලා. අනෙකා කියනවා මගේ තමයි අංගම් පොර හරියට තියෙන්නේ අනිත් කෙනා උගන්වන්නේ චීනාඩි, කරාටේ තව ඉන්දියානු සටන් ශිල්ප කියලා. ඒ නිසා ලංකාවේ අංගම්පොර වලට රාවණා රජ්ජු‍රුවොන්ගේ සම්බන්ධතාවයත් අනුමානයක් ලෙස තමයි සලකන්න වෙන්නේ.

ඒ වගේම //අද වන විට රාවණා ගේ පාලන සමයේ ඉතිරි වී ඇති සාක්ෂ්‍ය වන්නේ සීගිරිය,නාලන්දා ගෙඩිගේ,ඉසුරුමුනියේ කැටයම්,රන්මසු උයනේ සක්වළ චක්‍රය, තිවංක පිළිමගෙය, පොළොන්නරුවේ පුලස්ති (පුලතිසි නොවේ) පිළිමය වැනි (මේවා එකකට වත් කොඩ්රින්ටන් - පරණවිතානට හෝ ඔවුනගේ පසු විශ්ලේශකයින්ට අර්ථ ගැන්වීම් නැත.)ශෛලමය නිර්මානයන්ය. එසේම බොල්තුඹේ සමන් දෙවොලේ ඇති දඬුමොණරය , මඩබාවිට විහාරයේ ඇති විමාන යන්ත්‍ර රූපය ආදියද ඊට සාක්ෂ්‍ය කර ගත හැක. එසේම අංගම්පොර සටන් ක්‍රමය, කොහොඹා කංකාරි ශාන්තිකර්මය,හෙළ වෙදකම, නිල වෙදකම ආදිය සියුම් විමසා බලන්නෙකුට රාවණාගේ දක්ෂතාවයන් හා ක්‍රමෝපායයන් පිළිබදව අවබෝධ කර ගත හැක.// මේවා නිත්‍ය වශයෙන්ම රාවණා රජුට සම්බන්ද බවට ඔප්පු කළ හැකි සාධක, සාක්‍ෂි ඔබ සතුද? මොකද මේවා නිකං කිව්වට ඵලයක් නැහැ. ඔප්පුකිරීමට කිසියම් ලේඛණයක් හෝ සංකේතයක් හෝ වෙනයම් නිර්ණායකයක් තිබිය යුතුයි. නැතුව තව ටික කළෙකින් මේවා කළේ රාවණා නොවන මේ මේ අය විසින් කියා යමෙකු සාධක, සාක්‍ෂි ඇතුව පැවසුවහොත් ඔබ විසින් පවසා ඇති මෙම කරුණු හිස් වචන සමූහයක් පමණක් වනු ඇත.



තවද // අප අද දිනයේ සමච්චලයට ලක්කරන ඒ උතුම් මිනිසාගේ බල පරාක්‍රමයන් හොදින් දන්නා ඇමරිකානුවෝ (රාවණාගේ බසින් පාතාලයෝ)ඔවුනගේ රටේ විශේෂ කලාපයක් තුළ අපේ ඉතිහාස සාධක පැරණි ශිෂ්ඨාචාරවල ඉතිහාස හා සසඳමින් වෙනත් ග්‍රහලෝකයන් හා සම්බන්ධ වීමට තොරතුරු 
සෙවීමට,පණිවුඩ යැවීමට උත්සහ ගනිමින් සිටී. // 
එතුමන්ව සමච්චලය ලක් කිරීමට හේතුවී ඇත්තේ මේ පවසා ඇති ආකා‍රයේ කරුණු නිසාමය. මන්ද බටහිර අජීර්ණය වූ බවක් බොරුවට පෙන්වන අය විසින් මෙහෙයවන වෙබ් අඩවි වල නිරතුරු දැකිය හැක්කේ ඇමරිකානුවන්ගේ පසුබෑම් වලට සතුටු වෙන හැටි,ඔවුන් දැන් හිගමනට වැටී කූඩාරම් වල ජීවත් බවට බොහොම සතුටින් පවසන, ලෝකයේ ශ්‍රේෂ්ඨතමයන් අප බව, අපගේ ආගම බව, බිල් ක්ලින්ටන්  සියළු සැප සම්පත් බුක්ති විද අවසානයේ විමුක්තිය අවබෝද වී ඇත්තේ බුදු දහමින් බව යනාදී විකාරයන්ය. නමුත් බුදු දහම ප්‍රධාන ආගම වන හැම රේඩියෝ චැනල් එකකම පිරිත් බණ දෙසන, රූපවාහිනියේ නිරතුරු දහම් සාකච්ඡා යන පන්සල්, අසපු මාලිගා මෙන් ඉදිවන ලංකාවේ වැසියන්ට කිසිසේත් විමුක්තිය උදා නොවී තිබීම අභාග්‍යයකි. මම දන්නේ නැහැ ඔවුන් අපගේ පුස්කොල පොත් විශේෂ කලාප වල කියවමින් සිටිනවාද කියා. ඒත් ඇමරිකානුවන් ලෝකයේ සෑම රටකම සියළු ශිෂ්ඨාචාර පිළිබදව ගවේෂනය කරන බව නම් අසා තිබේ.




ලෝකය තුළ ඇතිවන සංස්කෘතිකමය හෝ දේශපාලනික බලපුළවන්කාර කම් වසර 500-2500 අතර කාලය තුළ බිඳවැටී අළුත් තත්වයන් මතුවීම නියතයක් නොවෙයිනේ. ඒක ඔබ දක්වා ඇති කාල සමයන්ට පෙර වෙන්නටත් පුළුවන් පසුව වෙන්නටත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ එම ශිෂ්ඨාචාරය ‍කොතෙක් දුරට යාවත්කාලීන වෙනවාද? ඔවුන් බාහිර හා අභ්‍යන්තර ප්‍රතිරෝදයන්ට මුහුණදෙන්නේ කෙසේද? ඔවුන්ගේ සංස්කෘතිකමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් තිබෙන දුර්මත, අනිටු හැසිරීම් මොනවාද? යනාදී කාරණායි. මේ බව මායා ශිෂ්ඨාචාරය ගැන සදහන් කළ ලිපි පෙළේ වගේම රෝම යුගය බිදවැටීම ගැන මම ලියූ ලිපියේත් සදහන් කළා. අවශ්‍යනම් බලන්න.

රෝම අධිරාජ්‍යවාදයට පසුව අදුරු යුගයක්, ඉන්පසු එළඹි මධ්‍යතන යුගයක්, පුනරුද යුගයක්, කාර්මික යුගයක්, යටත්විජිත යුගයක් යනාදී පැහැදිලි වශයෙන් වෙන්කර ගත හැකි යුග නොතිබූ බව ඔබ නොදනීද? නැතහොත් අධ්‍යයනය කර නොමැතිද? අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලියූ ලිපි (තවම මේ ලිපි මාලාව සම්පූර්ණ කර නොමැත) සත් සමුදුරේද තිබේ.

යම් සංස්කෘතියක, ක්‍රම‍වේදයක බිද වැටීමක් සිදුවේනම් එය පිළිගැනීමට අප අසතුටු වන්නේ මන්ද? යථාර්තය හා පැහැදිලි සාක්‍ෂි සමග පවසන කිසිදු කරුණක් නොපිළිගැනීමට හෝ බැහැර කිරීමට තරම් පටු ආකල්පයක් මා තුළ නම් නොමැත්තේමය. බොහෝ රටවල කඩාවැටීමට හේතුව වී ඇත්තේ එක තැන පල්වන යල්පැන ගිය ක්‍රමවේදයන් හා වෙළඳ පොල තුල බිහිවන නව තරඟකාරීත්වය හා තරඟකිරීමට සුදුසු කල්හි පියවර නොගැනීමයි. අනෙක චීනය වැනි රටවල නිපදවන බාල ලාභ දේ අතේ ඇති මුදලට ගත්තත්, ඒ ජපානයේ බඩු වලට ඇති ආශාව හෝ එහි ඇති වරදක් නිසා නොව ඒවා ගැනීමට අතමිට සරු නොවීමයි. අන්න ඒ සිද්ධාන්තය ජපානය වැනි රටවල් වටහා ගත යුත්තේ. High end නොවුන්ත ගුණාත්මක හා ඉටුවිය යුතු අවශ්‍යම කාර්යයන් ගෙන් යුතු උපකරණ වෙළඳ පොලට දෙපාර්ශවයටම පාඩු‍ නොවෙන මිලකට නිකුත් කළහොත් චීනයේ බඩුවලට වෙන සන්තෑසිය අමුතුවෙන් කිව යුතුද?

මෙන්න ඔබට අවශ්‍ය නම් පැරණි කාලයේ චීනය කෙබදු වන්නට ඇත්ද පිළිබදව චිත්‍රයක් මවා ගැනීමට උපකාරී වන සේයාරූ කිහිපයක් - 

ඉන්දියාව, මලයාසියාව, තායිවානය යන රටවල් නිකම් සංවර්ධනය වූයේ නැත. එම රටවල මිනිසුන්ගේ කැපවීම, ආකල්ප, නාස්තිය අවම වීම, නීති පද්දති වල ඇති පාරදෘෂ්‍ය බාවය, යනාදී ගුණාංග රැසක් දිගු කලක් ප්‍රායෝගිකව ක්‍රියාවේ නැංවීම තුලින් ලැබූ සංවර්ධනයකි. මිනිසුන්ගේ හෝ ආයතනයක හෝ යම් සංවිධානයක Qualities වලට මානව හිතවාදී බව පරිසරයට ඇති ආදරය හේතුවනවා නිසැකයි. ඒත් ඒවා තිබූ පමණින් යන්ත්‍රසූත්‍ර ක්‍රියාත්මක වී සංවර්ධනයේ පාර ඇරෙන්නේද නැත. අනෙකුත් සාධකද එහා සාපේක්‍ෂව එක්විය යුතුමය.

ඔබ මට කරුණාකර පිළිගත හැකි සාක්‍ෂි සමග පවසන්න අතීත ආර්ථික ක්‍රමෝපායයන් අදට ගැලපෙන සේ සකස් කරගෙන සංවර්ධනයේ ධනාත්මක වර්ධනය ලැබූ රටක්. මොකද ඔය අතීතයයේ දේවල් කරන්න ගිහින් ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්සුත් මැරිලා, රට දශක ගණනාවකට ගිය රටවල් ගැන තමයි අහන්නට, දකින්නට ලැබුනේ. පොල්පොට් කාම්බෝජෙට ඔය සිද්ධාන්තය Apply කරන්න ගිහින් වුන දේ ඔබත් දන්නවා ඇති යැයි සිතමි. අවශ්‍ය නම් ඒ පිළිබදවද ලිපියක් මෙහි ඇත. 

අද ලෝකය කියන්නේ එදා තිබුන ලෝකය නෙමෙයි. එදා අද එක්සත් යයි දකින රටවල් බොහෝමයක් කැඩී බිදී එකිනෙකා යුද්ද කර ගනිමින් හුදකලාවේ තමන්ගේ ක්‍රමවේදයකට සෙමින් ඉදිරියට ගිය රටවල්. ඒත් ගතවූ සියවස තුළ එක රටක් තවත් රටවල් ගණනාවක් හා සම්බන්ධ වෙමින් එකිනෙකා අතර සහසම්බන්ධතාවයන් ගොඩ නගා ගනිමින් ලෝකයේ සිදුවන ශීඝ්‍ර වෙනස් කම් වලට මුහුණ දෙමින් සහ දායක වෙමින් ඉදිරියට ගිය රටවල්. ඒක අපිට ‍බොහෝවිට ‍නොවැටහෙන්නේ දැඩි මතදාරී, දැඩි ආගම්වාදී කොදෙව්වක ජීවත් වන නිසයි.  අනෙක ක්‍රමිකව, නිසි ක්‍රමවේදයක් ඔස්සේ අප ජීවතවන කාලයේ දියුණුව සොයාගන්නවා වෙනුවට "ඒ ඒ රටේ මේ ආර්ථික වර්ධනය වැටී ඇත. ඔවුන්ගේ සංස්කෘතිය බිදී ඇත. දැන් ඔවුන්ටත් අපට මෙන්ම දුක්විදින්නට සිදුවේ" යනුවෙන් සැනසෙනවා හැරෙන්නට අපේම කියා ඉදිරිදැක්මක් තිබේද? පරලොව දියුණුව ගැන, සැමවිටකම අල්පේච්ඡතාවය සියල්ලටම තෛලය යයි සිතීමට කලින් සදාචාරවත්, විනය ගරුක, නීති ගරුක සමාජයක වෙසෙමින් ‍මෙලොව දියුණුව ගැන සිතිය යුතුයි. 

යම් විදියකින් ලෝකය තුල ආර්ථික, සාමාජීය කඩා වැටීමක් සිදුවුවහොත් යම් හෙයකින් එය ඉතා ටික කාලයක් අකර්මන්‍යව තිබී නැවත යථා තත්ත්වයට පත්වනු ඇත. දෙවන ලෝක යුද්දයට පසු ජර්මනිය, ඉතාලිය හා ජපානයට මෙම තියරිය සිදුනොවුයේ නම් තවමත් ඔවුන් ලෝකයේ අනෙක් රටවලට වන්දි ගෙවමින් දුක් විදිනු ඇත. වෙනකක් තබා මෙය බොරුවක් නම් අතිමහත් විනාශයක් කළ සුනාමියට පසු අප ලෝකයේ අනෙක් රටවල උදව්වෙන් නැවත නැගී සිටින්නේද නැත. එය තුල සිදුවූ අකටයුතුකම් නොවූවා නම් එම ලැබුන ආධාර සහ උදව් වලින් රට මීට වඩා ඉදිරියට ගෙනයාමට පවා අවස්ථාව තිබුනි.

මේ ඡේදයට අනුව //රාවණා යුගයේ දී භාවිතා කළ සරල තාක්ෂණය කරා යාමට අපට පමණක් නොව ලෝකයටම සිදුවනු ඇත.පොසිල ඉන්ධන දහනයෙන් ඒවා ක්ෂය වූ දිනෙක දැනට භාවිතා වන යකඩ කඳන් කම්මලකදී උණුකරවා යළි සරල යන්ත්‍ර යුගයකට යාමට අප සූදානම් විය යුතුය. යළි පරිසර හිතකාමී වාතය,ජලය, හිරු රැස් උපයෝගී කරගෙන ක්‍රියාත්මක කළ දඬුමොණර,විමාන තාක්ෂණයට යාමට දිනයක් ලෝකයේ ඉතුරු බිතුරු වන පුද්ගල ශිෂ්ඨාචාරයන්ට සිදුවනු ඇත. ඉතින් ඒ රාවණ යුගය නොවේද?// 
පොසිල ඉන්ධන යම් දිනෙක ක්‍ෂය වී අවසන් වන බව ලෝක‍යේ සිටිනා යමක් කමක් දන්නා කුඩා දරුවන් පවා දැන් දනී. ඉතින් මේ අවසන් වුනොත් අපේ රටේ නම් ගොන් කරත්ත හා ඔබ පවසනා අයුරින් සරළ යන්ත්‍ර යුගයට යනු ඇතත් ලෝකයේ අනෙක් රටවල් මෙම තත්ත්වයට මුහුණ දීමට දැන් තියා සූදානම් නොවී ඇතැයි සිතනවාද? රටවල් වල මෙන්ම ඕනෑම සංවිධානයක රහස් ඇත. ඒ අනුව මෙම තත්ත්වයට මුහුණ දීමට සුදුසු තත්ත්වයන් ඔවුන් අනිවාර්යයෙන්ම ගොඩනගා ගෙන ඇතිවා නිසැකයි. තවද ලෝකයේ ශක්ති ප්‍රභව කොතෙක් පසුගිය කාලයේ සොයා ගෙන තිබේද? වාතය, ජලය, හිරුරැස් ආදියෙන් දැනටමත් බලශක්තිය උපදවා ගැනීමට විවිදාකාරවූ යන්ත්‍ර සූත්‍ර උපක්‍රම ඇතුවා පමණක් නොව ඒවා අප නොදන්නා ඔබ දන්නා රාවණා රජුගේ ක්‍රමයට අනුව ගොඩනංවා නොතිබීම වෙනත් කාරණයකි. ඒවා ඔහුද භාවිතා කළ බව වචනයෙන් කියනවා හැරෙන්නට මෙන්න ඒ දෙය කියා පෙන්වන්නට කිසිවෙකුට හැකිද?

අනෙක පොසිල ඉන්දන නොමැතිව විදුලි බලයෙන් හා දෙමුහුන් තාක්‍ෂනය ඔස්සේ අප රටේ මාවත් මත දිවෙන රථ වාහන මේ වන තෙක් දැක නොමැතිද? අවශ්‍ය නම් එහි භාවිතා කරන තාක්‍ෂන ක්‍රමවේදයන් ගැන තොරතුරු මෙම ලිපියේ ඇත.http://sathsamudura.blogspot.com/2011/05/about-hybrid-vehicles-car-of-era.html

ඒ අනුව සහ යථාර්තයක් ලෙස මිනිසුන්ට බලශක්තිය උපදවා ගැනීමට දැන් ලෝකයේ පොසිල ඉන්ධනම අවශ්‍ය නැත. හිරු රැස්, සුළං, මුහුදේ උදම් රළ, න්‍යෂ්ඨික බලය, ජලය, ජීව වායු, වෙනකක් තබා ඇතැම් ශාක වලින්, හෝ අඩුම තරමින් තමන්ගේ ගෙවත්තේ තනා ගත හැකි ජීව වායු ජනකයකින් හෝ මේ දේ කර ගත හැකිය. අනෙක මොනයම් හෝ ක්‍රමවේදයකින් උපදවා ගන්නා විදුලිය ගබඩා කර ගැනීමට විදුලි කෝෂ නිපදවා ඇත. පොසිල ඉන්ධන අහිමි වූ කල ලෝකයම අකර්මන්‍ය වේ නම් පොසිල ඉන්ධන සොයා ගැනීමට පෙර ගල් අගුරු භාවිත කළ අතර ඒවා හිග වෙන්නට යාමේදී ලෝකය අකර්මන්‍ය වී අද තිබෙන අඩියෙන් ඉතා පහළට වැටී තිබිය යුතුය. 

අප දන්නා දේ හරියට ජලයෙන් මතුපිටට පෙනෙන අයිස් කුට්ටියක් වැනිය. නොදන්නා දේ ඒ අයිස් කුට්ටියේ ජලයෙන් යට තිබෙන කොටස වගෙයි. ඒ නිසා ලෝකය දිහා ඇස් වගේම මනසත් ‍හොදට විවෘත කරල බලන්න. ඔබ දන්නවාද දන්නේ නැහැ ලෝකයේ සමහර රටවල පොළව මතුපිට වගේම පොළව යටත් මිනිසුන් නිර්මාණය කර තිබෙන විවිද ඉදිකිරීම් විශ්මය ජනකයි. මම එක් නිදර්ශනයක් ඔබට ලබා දෙන්නම්. ඔබට හැකියාවක් ලැබුනොත්  History Channel මගින් නිපදවලා තිබෙන Cities of the Underworld Series එක නරඹලා බලන්න. එකේ බටහිර රටවල විතරක් නෙමෙයි. ඉතියෝපියාවේ, තුර්කියේ, රුසියාව වගේ රටවල පවා මෑත ඉතිහාසයේ හා ඈත ඉතිහාසයේ කළ පොළව යට හිතා ගන්නටත් බැරි ඉදිකිරීම් තිබෙනවා. නමුත් එයින් ඒ රටේ මිනිස්සු ලෝක‍යේ සිටින සුපිරිම හා අනාගතයේ ලෝකය ගලවාගැනීමේ ජාතිය බවට පත්ව ඇතැයි පවසන්නේ නැහැනේ. මේ වගේ ඉදිකිරීම් විශ්මිතය, ඒත් එහෙම දෙයක් කළ පමණකින් ඒ ජාතිය ලෝකයේ සියළු ජාතීන් අභිබවා යන්නට හේතුවක් නැහැ. කොයි රටක මිනිස්සුන්ටත් අභිමානයක් තිබෙනවා. ඒ වගේම සුවිශේෂ වූ දස්කම් තිබෙනවා. දැන් ඔච්චරම ලංකාවේ අපි සුපිරි නම් ඇයි සුනාමි තත්ත්වය වෙලාවේ ලෝකයේ සහය ගත්තේ.  අපි අපේ සත්‍ය තත්ත්වය වටහා ගත යුතුයි.

තව ගොඩක් දේවල් ඇති අපි නොදන්න. ඒක නිසා නොපෙනෙන අතීතයක, පුරාවෘත්ත වල ඇති චරිත නිසියාකාර අධ්‍යයනකින් තොරව ඒ ගැන එකහෙළාම අදහස් පළ කිරීම වර්ගපූර්ණිකාවෙන් ලබා දෙනවාටත් වඩා විනෝදයක් ගෙන දෙනවා නිසැකයි.

39 comments:

  1. සියලු රාවණ පාක්ෂිකයන් වෙත,
    මා විසින් කලදන් පළකරන ලද කොමෙන්ටුවක් පසු ගිය ලිපියේ අවසානයේ දිර්ඝ වශයෙන් ඇත. එය
    http://sathsamudura.blogspot.com/2012/08/king-ravana-was-real-or-myth.html?showComment=1345948491408#c8456920175090943038
    http://sathsamudura.blogspot.com.au/2012/08/king-ravana-was-real-or-myth.html?showComment=1345948526475
    යන තැන් වල ඇත. සමහර විට ඔබ එය දැනටමත් කියවා තිබෙන්නට පුලුවන්. කියවා නැති කෙනෙක් කියවන්න.
    හොරෙක් දුප්පත් පැලකට කඩා වැදි, මුදල් සෙවුවද, මුදල් සොයගැනීමට නොහැකි වේ. අවසානයේ සොරා තීරණයකට පැමිනේ. එය නම්, එම නිවසේ මුදල් සොයා ගැනීමට නොහැකි වු නිසා, ඔවුන් මුදල් පාවිච්චි නොකර, Credit Carrd පාවිචිචි කළ බවයි.
    රාවණ පාක්ෂිකයන්ගේ ගොන් තර්ක මෙබඳු වේ. අද කැණිම් කරන විට වයර් හමු නොවීම නිසා, අතීතයේ හෙලුවන් වයර් භාවිත නොකර Wi fi භාවිත කර ඇති බවට නිගමනය කරයි !
    අපුරුය.!ආරියසේනට පින් සිදු වන්නට ඔවුනට ඕනැම භාෂාවක ඕනැම වචනයක් අකුරක් නෑර විභේධනය කර, ලෝකයේ ඇති පමණක් නොව නැති දේවල් වලටද ඔප්පු පෙන්වා අයිතිවාසිකම් කීමට හැකි වී ඇත !
    “අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. එදවස ථේරවාදීන් විසින් විනාශ කළ පුස්තකාල වල පැවැති සියළු රාවණා නම් මහායානික බෞද්ධයාගේ මූලාශ්රු විනාශ විය. ඉතිරි වී සුරැකී තැන් තැන්වල හුදකලාවූ යමක් ඇත්නම් බ්රිරතාන්ය පාලකයන් දවස එම ග්ර න්ථ බොහෝමයක්ද විදෙස් කෞතුකාගාර කරා සංක්ර්මනය විය.”
    මේ ඔබලාගේ තර්කය වේ.
    එසේ නම්, මේ දක්වා කරුණු ඉදිරිපත් කළේ කොහෙන්ද ? රාමායනයෙන්ද ?
    මහත්වරුනි, විචාරයේ යෙදෙන්න. අන්ධ භක්තිකයන් ලෙස ඔබලා අපගේ මීලග පරපුරේ විචාරශීලී බව විනාශ කරනවා හැරෙන්නට වෙන කරන දෙයක් ඇත්නම්, ඒ රට විනාශයට යන දේශපාලන දර්ශනයන් මිනිසුන්හට අමතක කරවීම සඳහා දායක වීම පමණි.
    මෝඩ ෆැන්ටසි චූන් පසුකාලීනව සමාජයේ ඉතිහාසය ලෙස ස්ථාපිත කිරීමට දායක නොවන්න.
    හැකි නම් රාමායනය යන ශ්රේනෂ්ඨ කාව්යෙ අධ්යදයනය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මිතුර මගෙත් තර්කය, පුරාවිද්‍යාව යනුද විද්‍යාවකි. එසේ නම් එය පුරාවිද්‍යාත්මකව විසදා ‍නොගෙන වීර කාව්‍යයක් පදනම් කරගනිමින් දේශයක සමස්ථ ඉතිහාසය එයට භාරදීම මා නම් දන්නේ නැහැ කොතරම් දුරට තර්කානුකූලද, විද්‍යානුකූලද කියන එක...

      Delete
    2. මම මෑතකදි තමයි සිංහලෙන් ලියන ලිපි කියවල ප්‍රතිචාර දැම්මෙ. මම LCN හා වර්ගපූර්ණිකා යන දෙකේ මගේ ප්‍රතිචාර දැම්මෙ විශේෂ දෙයක් කීමට මිසක් ඒ අය අනුමත කරන නිසා නොවෙයි. අද සිංහලෙන් විකාර ලියන එවුන් ගැන මට තියෙන්නෙ පිළිකුලක්. තමන් දන්නවද නොදන්නවාද කියනවාට වඩා තමන් ඇහිඳගත් මතය සැබෑ කිරීමට දරන උත්සාහය දැක්කම ඒක සිංහලයන්ට කරන අපරාධයක්.

      මම ලංකාවෙ අය සමඟ කිසිදු ගණුදෙනුවක් නැතිව හදිසියෙ සිංහල අතීතය සොයා ගත්ත කෙනෙක්. ඒ වගේම සිංහල කියන වචනයේ අරුතත් දැන ගත්තා. ඒ අතින් සිංහලයන් සේ රඟන අය සිංහලයන් නොවන බව කිව හැකි තරමට අමන දේවල් කියන බව දැක, දැන් ඒවා බලන එකත් අතහැරීමටයි සැරසෙන්නේ. ඇත්තටම අනුන්ගෙ දේ ගැන කතා නොකර හිටිය නම් අපූරුයි නේද?

      මේක ලියන්නේ අර රවී කියන දෙමළ කියන ද්‍රවිඩ කෙප්පය දුටු නිසයි. ඔය දෙමළ කියන වචනෙත් සිංහල එකක්. දෙමළ ගතියක් තමයි අනුන්ගෙ දේට උරුම කීම. ඉරාණය පැත්තෙන් ආපු දෙමළ වෙස්ගත් සංක්‍රමණිකයන්ගෙ ඉතිහාසයත් අවුරුදු 4000කට අඩුයි.

      මම මිනිස් ඉතිහාසයටත් එහා ගිය දේවල් සොයාගෙන ඉන්නෙ. ඔය මහාවංශ රාවණවංශ කෙප්ප කෙලින අය අනන සැබෑ ස්වාභාවික ඉතිහාස දෙකක් නෑ. ඒක සොයන අළුත්ම ක්‍රමයක් තියෙනවා. ඒ විස්තර ලබන වසරේ සිංහලයන්ට කියනවා. එතකන් ඔයාලට කෙප්ප කෙලල සිංහලයන්ට මඩ ගැසීමට පුළුවන්. තමුන්නැහේල සිංහලකමට මහා නින්දාවක්. ලැජ්ජාව නැති අයට නිරුවත හොඳ ය.

      Delete
  2. හපොයි දිනේෂ්... ඔබත් ඔය රාවණා පිස්සන් සීරියස් අරගත්තාද? දැන් පේන විධියට රාවණා උන්මාදයත් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වගේ එකකි. සෝඩා බෝතලේ වැනිය. සීරියස් ගන්න ඕනෑ නැත.

    ReplyDelete
    Replies
    1. නැහැ සීරියස් ගත්තේ නැහැ. පොඩ්ඩක් දැනුම මුවහත් කර ගත්තා එච්රචයි...

      Delete
  3. මගෙ තියනව තියරියක් දිනේෂ්...මෙච්චර දවසකට මම කාටවත් කිව්වෙ නෑ...මේ ගැන සියළු සාක්ෂි ඇතුව ලඟදිම බ්ලොග් පෝස්ට් එකයි ලියන්නයි යන්නෙ...සංක්ෂිප්තව මෙහෙමයි මගෙ අනභිභවනීය තියරිය...හොඳද?

    මම කියන්නෙ රාවණ කියන්නෙ ද්‍රවිඩයෙක්.ලංකාවෙ ඈත අතීතයෙ තිබිල තියනව ඉතාම දියුණු ද්‍රවිඩ ශිෂ්ඨාචාරයක්...රාවණ යුගය තමයි ඒ සභ්‍යත්වයේ කූට ප්‍රාප්තිය. එතකොට රාම කියන්නෙ කවුද?....රාමගෙන් සංකේතවත් වෙන්නෙ ආක්‍රමණික ආර්යයින්...

    සිංහලයො අයිති වෙන්නෙ ඒ ආක්‍රමණික ආර්යයින්ට...රාම එක්ක ආපු හමුදාව ඔක්කොම ආපහු ගියේ නෑ...මෙහෙ පදිංචි උන අය තමයි සිංහලයො....

    මගේ මේ න්‍යාය සනාථ කරන්ට තිබ්බ සියළුම සාක්ෂි අවාසනාවකට විනාශවෙලා ගිහිල්ල...බොහෝම සුළු ප්‍රමාණයක් ඉතිරි වෙච්චි සාක්ෂිත් දැන් තියෙන්නෙ ඇමරිකාවෙයි එංගලන්තෙයි...ඒත් මගේ එකම අභිප්‍රාය කෙසේ හෝ එම සාක්ෂි නිරාවරණය කොට රාවණ උරුමයේ සත්‍ය තත්වය ලෝකයාට පහදලා දීමයි. :) :)

    ආර්යයින් රාමායණය ලිව්වෙ ස්වකීය රණශූරත්වය උත්කර්ෂයට නංවා ගන්ට..ඒක ඔවුන්ගේ වීර කාව්‍යයක්....

    එතකොට තමන්ගෙ දක්ෂතාවය ගැන කියන්ට සුදුසුම ක්‍රමය මොකක්ද?....තමන් පැරදවූ සතුරා එසේ මෙසේ කෙනෙකු නොව ඉතාම බලවත් සහ දක්ෂ පුද්ගලයෙක්ය කියල කියන එක නේද? එහෙම ඔවුන් රාවණ වර්ණනා කරනකොට හුදෙක් පොතක චරිතයක් මත පිහිටල ජාතියක අතීතය ගැන අදහස් පලකරන එක කොයි තරම් විද්‍යාත්මකද ඒ වගේම බුද්ධි ගෝචරද කියල විමසන්න වෙන්නෙ රාවණ ගෙන්ම තමයි....:) :)

    යම් ගවේෂණයක් කරන ක්‍රම දෙකක් තියනව....එකක් පූර්ව නිගමනයන්ගෙන් තොරව සත්‍යය මතුකර ගැනීමේ අභිප්‍රායෙන් කරන්නක්...අනෙක මුලින් යම් නිගමනයකට එලඹිලා ඒ නිගමනය තහවුරු කිරීමේ එකම පරමාර්ථයෙන් කරන්නක්....අද මේ රාවණ ගවේෂණය මෙයින් අයිති වෙන්නෙ කුමන කොටසටද කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද?

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි සම්බන්ධන් ගෙ මතය..ඕකම තමයි කරුණානිධි ගෙ ජයලලිතගෙ මතය..ඔයා ඒයාලගෙ අනුගාමික ද්‍රවිඩ ජාතිකයෙක්ද එහෙම නැත්තම් වික්‍රමභාහු ගෙ ගෝලයෙක්ද කියල නම් මම දන්නෙ නෑ..හැබැයි මම නම් ඔය මතය කිසි සේත්ම පිළිගන්නෙ නෑ...

      Delete
    2. @Ravi - මිතුර ඔබ දක්වා ඇති කාරණය ඉතාමත්ම ගැඹුරින් සොයා බැලිය යුතු සහ එසේ සොයා බැලීමෙන් පමණක් අදහස් දැක්විය යුතු කාරණයක්. මොකද ඔබ දන්නවානේ ලාංකීය සමාජය ඔවැන් අතිශයින්ම සංවේදී කාරණාවලට පිළිතුරු දෙන ආකාරය. ඒනිසා කිසිදු අදහසක් විද්‍යානුකූල පසුබිමක සිට දිය නොහැකි මෙනම් ඔබගේ අදහ‍සේ බහුතර ප්‍රමාණයකට මට මේ මොහොතේ පිළිතුරක් දිය නොහැකි අතර කාලයත් සමග මේ කරුණු විසදන ආකාරය අනුව එදාට අපිට මේ දේ ගැන කතා කිරීමට හැකිවේවි. ඒ වගේම අවසානයේ පවසා තිබෙනා ගවේෂනයක ක්‍රමදෙකෙන් මොන ක්‍රමයද අනුගමනය කර ගෙන යමින් පවතින්නේ කියන එක නම් හොදන් තේරෙනවා...

      Delete
    3. @ Dinesh,

      සමාවෙන්න දිනේෂ්...ඔබ මා වැරදියට වටහාගෙන ඇති හැඩයි..:)

      / මගේ මේ න්‍යාය සනාථ කරන්ට තිබ්බ සියළුම සාක්ෂි අවාසනාවකට විනාශවෙලා ගිහිල්ල...බොහෝම සුළු ප්‍රමාණයක් ඉතිරි වෙච්චි සාක්ෂිත් දැන් තියෙන්නෙ ඇමරිකාවෙයි එංගලන්තෙයි...ඒත් මගේ එකම අභිප්‍රාය කෙසේ හෝ එම සාක්ෂි නිරාවරණය කොට රාවණ උරුමයේ සත්‍ය තත්වය ලෝකයාට පහදලා දීමයි. :) :) /

      මම කියන්ට ඕන උනේ මේ රාවණ ගවේෂකයො කියන කට්ටිය තම හිතළු ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ක්‍රමයම අනුගමනය කරල මටත් ඕන නම් රාවණ ද්‍රවිඩයෙක් කියල කියන්ට පුළුවන්ය කියල විතරයි..බොහොම ලේසියිනෙ..පුස්කොල පොත්වල තිබ්බ අනේ ඔය ඔක්කොම ....මාර වැඩේනෙ සුද්ද ඔක්කොම අරං ගියානෙ එවුංගෙ රටට කියන එක විතරයි කියන්ට ඕන..අනික් හැමෝම අනේ ඇත්තද?...බලන්ට අපේ ප්‍රෞඩ ඉතිහාසෙ...මෙ සුද්දො මාර ජරා ජාතියක්නෙ..අපේ ඉතිහාසයම එවුං අරගෙනනෙ ගිහිල්ල තියෙන්නෙ කියල සුද්දට බැණල ඔය කියන එව්ව ඔක්කොම විස්වාස කරන්ට ඕනය කියලයි.

      / එහෙම ඔවුන් රාවණ වර්ණනා කරනකොට හුදෙක් පොතක චරිතයක් මත පිහිටල ජාතියක අතීතය ගැන අදහස් පලකරන එක කොයි තරම් විද්‍යාත්මකද ඒ වගේම බුද්ධි ගෝචරද කියල විමසන්න වෙන්නෙ රාවණ ගෙන්ම තමයි....:) :) /

      රාවණ කියල කෙනෙක් හිටියද නැද්ද කියල මම දන්නෙ නෑ...ඉන්නත් ඇති නොඉන්නත් ඇති..ඒත් මේ අද කරන විගඩම නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ.අනික සත්‍යය කියන්නෙ ඔබට මට අපි කිසිකෙනෙකුට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ දිනේෂ්....මම රාවණ කියල කෙනෙක් හිටියෙ නෑ කිව්වට රාවණ හිටියනම් ඒක වෙනස් වෙන්නෙ නෑ...ඒ වගේම ඔබ රාවණ හිටියයි කියල කිව්වත් රාවණ හිටියෙ නැත්නම් ඒක වෙනස් වෙන්නෙත් නෑ..

      අනික අපි අද කරන්න ඕන කවුරුවත් හරි හැටි නොදන්න රාවණයෙක් අල්ලගෙන උඩ පනින එකද?...ලෝකෙ අනික් රටවල් එක්ක බැළුවම අපි ඉන්නෙ කොතනද?..කිසිම දේකින් අපිට ශ්‍රී ලාංකිකයො හැටියට ආඩම්බර වෙන්න පුළුවන් තත්වයක් තියනව කියල දිනේෂ් හිතනවද?

      මේ අවුරුද්දෙ අන්තිමට රාවණ නැඟිටියිද නැද්ද කියල නම් මම දන්නෙ නෑ...හබැයි නැඟිට්ටොත් රටටම ඇහෙන්ට කෑ ගහල කියන එක නම් මම දැන්මම කියන්නම්....හෙහ්, හෙහ්,

      '' දෙයියෝ සාක්කි, මගේ ලංකාද්වීපයට තොපි කරල තියන විනාසෙ.....මම තව එක මොහොතක් මෙ විකාර බල බල ඉන්නෙ නම් නෑ..අරං වරෙව් මට වහ ටිකක්..බීල මැරිලම යන්ට..ඒක දාහෙං සම්පතයි තොපේ මූණු දකිනවට වැඩිය... ''

      Delete
    4. මට මෙහෙම දෙයක් හිතුනා ඔබ :) ලෙස සටහන් කර ඇති නිසා කිසියම් ව්‍යංගාර්ථයකින් යමක් කියන්නට අදහස් කරන් සිටින බව. ඒත් ඔබ, ඔබගේ ඔප්පු කිරීමට යොදා ගන්නා නිර්නායකයන් තවමත් ලාංකික සමාජයට සංවේදීව දැනෙන කරුණක්. එනම් මෙය හා ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිබදව යම් වැරදි අදහසක් බොරදියේ මාළු බාන්නන් ලබා ගත හැකියි. මොකද මේ රටේ ජනවාර්ගික ගැටළුව හා සම්බන්ධ කරුණු සහ බෞද්ධාගම සම්බන්ධ දේවල් වලදී අපි කල්පනාකාරීව අදහස් පළ කළ යුතුයි. ඔබ කරන්න යන දේ විද්‍යාත්මක වෙන්න පුළුවන්. ඒත් එහි අතුරු ප්‍රතිඵල ගැනත් සිතිය යුතු වෙනවා. මොකද අපි එක් කරුණක් නිදොස් කරන්න ලියන දෙයකින් ඊ‍ට වඩා අවධානය යොමු කළ යුතු කරුණකට සිදුවිය හැකි හානිත් තිබෙන නිසා.

      ඔබට මඟහැරුනානම් මා කලින් ලිපියේ සන්සෝනි කොමිසම ගැන කියා තිබෙනවා. නැවත එය ගැන බලන්න. එහි තිබෙන්නේත් ද්‍රවිඩි නිජබිම් සංකල්පය ගැන සාක්‍ෂි විභාගයක්. ඒ වගේම අවාසනාවට මෙහි එම සාක්‍ෂි විභාගය පිළිබදව තිබුන අනෙකුත් තොරතුරු ඇතුලත් කළ නොහැක්කේ එය ඉතා දීර්ඝ ලෙස විස්තර කර ඇති නිසයි. ඒ නිසා රාවණා වගේ කරුණක දෝශ නිවාරණය කරන්න ඔබ කියන තර්කය මේ රටේදී භාවිතා කළොත් සමහර විට වෙන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි වගේ දෙයක් වෙන්නට පුළුවන්.

      ඒ වගේම ඇත්තටම මට නම් රාවණා කියලා රජ කෙනෙක් හිටියත් එකයි, නැතත් එකයි. මම මෙහෙම ලිපියක් ලියන්නටත් හේතුවුනේ කාලෙකට ඉස‍්සෙල්ලා බොහෝ දෙනෙක් රාවණා ගැන ලිපියක් ලියන ලෙස ඉල්ලා සිටිනිසයි. ඉතින් එදා මම ඒ කාරනෙන් තරමක් ඇග බේරා ගත්තා. ඒත් කාලයත් එක්කම මේ කිව් කාරණේ මට ප්‍රථ්‍යක්‍ෂ වූ ආකාරයෙන් හේතු පැහැදිලි කිරීමක් කළා ඉතින් එයින් කවුරුවත් හිත රිදවා ගන්න එකකුත් නැහැ කියලා හිතන අතරේ මේ ලිපි දෙකේදී කියවුන අදහස් සහ ඒවාට දුන් පිළිතුරු වලිනුත් සංවාදශීලි බවක් ඇති කරන්නට ඇතියයි සිතනවා.

      ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉතින් ආඩම්බර විය හැකිද? නැත්ද? එය කොතරම් ප්‍රමාණික වෙයිද යන්න මා ලියූ ලිපි දෙකෙන් සහ එහිදී ලබා දුන් පිළිතුරු ගැඹුරින් සිතිමෙන් සනාථ වේ යයි සිතනවා...

      Delete
  4. දිනේෂ් ගමගේ මහතාණෙනි, ඔබගේ ලිපියට එවූ දෙවැනි පැහැදිලි කිරීමට ඔබ නවතම ලිපියකින් පිළිතුරු දී ඇති වග දුටුවෙමි.නිතර බ්ලොග් අවකාශයේ නොරැඳෙන පුද්ගලයෙකු ලෙස මා ඔබගේ පෙර ලිපිය දුටුවේද අහම්බෙනි.එදින මාහට විවේකයක් පැවති
    නිසාත් සීනිබෝල බ්ලොග් අඩවි අතර බරක් දැනෙන ගැඹුරකින් ලියැවී තිබූ ඔබේ ලිපිය පිළිබඳ ආකර්ශනයක් ඇතිවූ නිසාත් පළමු ප්‍රතිචාරය එවූ අතර එයට ඔබ දැක්වූ ප්‍රති ප්‍රතිචාරය දෙවැනි පැහැදිලි කිරීමටත් මඟ පාදා දුනි. ඒ ඔස්සේ තව දුරටත් ඉදිරි විවාදයකට යාමට අපේක්ෂාවක් මාතුළ පැවතියේ නැත.නමුත් ඔබ මා පිළිබඳ වැරදි නිගමනයක සිටින වග මාගේ පිළිතුරට ඔබ ඉදිරිපත් කරන නව ලිපියේ මාතෘකාවට රාවණ නැවත ඉපදුනු පසු අපේ සියඏ ප්‍රශ්න විසඳෙයිද? යන මාතෘකාවෙන් මට පිළිතුරු දෙන බව පැවසීමෙන්ම ගම්‍ය වේ.

    පළමුව කිව යුත්තේ පෙර ප්‍රතිචාරයේ දැක්වූ පරිදිම "රාවණ" නම් පුද්ගලයෙකු නැවත ඉපදීමක් වනු ඇතැයි යන්න මම පිළි නොගනිමි.නමුත් මා එම ලිපියේ පෙන්වා දුන්නේ ස්වභාව ධර්මයට ගරු කරන,ඒවා අරපිරිමැස්මෙන් පාලනය කරන අතීත යුගයකට අපි සැවොම ක්‍රමයෙන් ළඟාවෙමින් පවතින බවයි.බලශක්තිය වුවමනාවට වඩා විනාශ කරමින්, අනෙකාගේ උරුමයන් වනසමින් , පරිසරයට වසවිස මුදාහරිමින්
    යන බටහිර රටවල් වල ආවේගශීලි ගමන ඔවුන්ගේ ආර්ථික පරිහානියත් සමඟ නතර වනු ඇති බවත් ඉන්පසු බලවත් වන ආසියානු ආර්ථික ක්‍රමයකදී ඊට වඩා දැහැමි ගමනක් බලාපොරොත්තු විය යුතු/හැකි බවත් එය අපේ අතීත රාජ්‍යපාලකයන්ගේ තේමාවන්ට අනුකූල විය හැකි බවත්ය.මගේ දැක්මේ හැටියට නම් ඔවුන්ද බටහිර ක්‍රමයේ හඹායන්නන් වුවහොත් එය එය එලැඹෙන ස්වර්ණමය ආසියාවේ බිඳවැටීමටද මූලික විය හැකි බවයි.

    එසේම තවත් තැනකදී ඔබ බුදු දහමේ වසර 5000 වලංගුතාවය පිළිබඳ ගැටළුවක් විමසයි.මම එහිදී සඳහන් කළේ බටහිර මාධ්‍ය ලෝක විනාශය ගැන දැක්වූ අදහස් වලට ප්‍රති උත්තර බඳින්නට මං සෙවූ ලාංකීය මාධ්‍යකරුවන් හා වෙනත් පිරීස් බුදුරදුන්ගේ අදාළ ප්‍රකාශය මත සිට අදහස් පළකරන්නට යෙදුනු බවයි.බුදු දහම පමණක් නොව අනෙක් සියළු ධර්මයන්ද, මතවාදයන්ද, ශිෂ්ඨාචාරයන්ද සදාකාලික නැත.ගෞතම බුදුන්ට පෙර වෙනත් බුදුවරු සිටියහ.අනාගතයේද බුදුවරුන් හෝ වෙනත් ශාස්තෘ වරුන් බිහිවනු ඇත.එසේ බිහිවන ශාස්තෘ වරුන් බුද්ධියෙන් හෝ භක්තියෙන් අනුගමනය කරන ශ්‍රවකයින් හෝ භක්තිකයින් අතර අනාගත ශ්‍රී ලාංකිකයින්ද සිටිනු ඇත. එම දහම ප්‍රබල වූ කලෙක ක්‍රමයෙන් පටුවන ථේරවාද බෞද්ධයින් කිසියම් මොහොතක ඒ දහම අනුගමනය කරන්නන් විසින් සුහදව හෝ සටනකින් විනාශ කර දමනු ඇත.(අද බංගලාදේශයේ බෞද්ධයින්ට වනදේ හා එදා මහසෙන් රජු දවස කාශයප බුදුන්ගේ අනුගාමිකයින්ට වුනදේ මේ සමග සසඳන්න)

    දැන් ඔබ මගෙන් ප්‍රශ්ණයක් අසා ඇත. එනම් රාවණ නැවත ඉපදුනු පසු අපේ සියළු ප්‍රශ්න විසඳෙයිද? යන්නයි. එය මම නැවත ‍ඔබෙන් මෙසේ අසමි.රාවණා නාවොත් සියළු ප්‍රශ්ණ විසඳෙයිද? එයට ඔබේ පිළිතුර ඔබ මගෙන් ඇසූ ප්‍රශ්නයට මට දිය හැකි හොඳම පිළිතුරයි.ලෝකයට,රටකට,ප්‍රදේශයකට,පවුලකට, පුද්ගලයෙකුට ප්‍රශ්න වලින් තොරව පැවතිය නොහැක. ප්‍රශ්ණයක් අභියෝගයක් නොමැති විටෙක ප්‍රගමනයක් සඳහා ඉඩක් නොමැත.නමුත් ජාතියක් හැටියට ගත්විට ලාංකිකයින්ට පවතින ප්‍රශ්ණ අනෙකුත් ජාතීන්ට ඇති ප්‍රශ්ණ වලින් වෙනස් වේ. අනෙකුත් ජාතීන්ට ඇත්තේ ඔවුනගේ රටේ ප්‍රගමනයට,
    සාර්ථකත්වයට අදාල ගැටළුය.නමුත් අපට ඇත්තේ අතීතය ගැන හෝ අතීතයේ අප ගත් වැරදි තීරණ වලට අදාළ ගැටළුය.මෙම ගැටළුවේ ආරම්භය අද ඊයේක නොවේය.
    නිවැරදි ලෙස විමසා බැළුවොත් මෙම ගැටළුවේ ආරම්භය කෝට්ටේ රාජධානියේ බිඳවැටීම දක්වාම ඈතට ඇදී යයි.එදා සිටම අපි නිවරදි තීරණ නිසි මොහොතේ ජාතියක්
    ලෙස ගත්තේ නැත.මේ නිසා ජාතියක් හැටියට එදා සිට අද දක්වාම පීඩා විඳිමින් සිටිමු.මෙම වැරැද්ද නිවැරදි කිරීම සඳහා අවස්ථා දෙකක් පසුගිය වසර සියය තුළ අපට ලැබුණි.

    ReplyDelete
    Replies
    1. ඔබ කොටස් දෙකකට දක්වා ඇති අදහසට මා හැකි පමණින් තාක්‍ෂනික දෝෂද නිවාරණය කර ගනිමින් කොටස් වශයෙන් හෝ පිළිතුරු ලබා දෙන්නෙමි. පළමු කොටම ඔබ මා හදුන්වා ඇති මගේ නමේ නිවැරදි කරන අතර මා දිනේෂ් ගමගේ නොව දිනේෂ් ගුරුගේ වෙමි. ඒ වගේම යම් සාධනීය ඇගයීමක් මා ලියන සත් සමුදුර බ්ලොග් අඩවියට ලබා දීම ගැනද කෘත්‍ය වෙමි.

      ඒවගේම ඔබගේ පළමු ‍කමෙන්ටුව දුටුවිට මට හැගී ගි‍යේ මේ කරුණ පිළිබදව ඔබ මටත් වඩා අධ්‍යයනය කොට සෑහෙන්න පමණින් දන්නා කෙනෙකු බවයි. ඒත් ඔබගේ දෙවන ‍කමෙන්ටුවත් සමග ඒ අදහසෙහි යම් පසුබෑමක් ඇති වූවා මෙනම් මේ පිළිබදව ඔබ යමක් දන්නා නමුත් එය විද්‍යානුකුල ‍හා ගැඹුරින් අධ්‍යයනයක් කර ඇත්දැයි සැකයක්ද මතුවිය. ඒ සමග ඔබට එහිදි පිළිතුරක් ලබා දීමට ගියත් එහදී මෙම බ්ලොග් ලිවීමේ පහසුකම සපයන්නා විසින් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව අකුරු 4000 ගණනකට වඩා වැඩි කමෙන්ටු පළ කිරීමට නොදෙන නිසා හා තවත් සං‍වාද ශීලී කෝණයකට මෙය රැගෙන යාමේ හැකියවද නිසා වෙනම ලිපියක් ලෙස මෙය මෙහි සනිටුහන් කිරීමට අදහස් කළෙමි.

      ඒ එක්කම මාතෘකාව පිළිබදවද ඔබට යම් කුකුසක් හෝ යම් පරිබාහිර අදහස්ක් තිබෙන බව පෙනේ. මා දන්නේ නැහැ ඔබ යම් කිසි දවසක් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යමින් එහි ලිපි ලියුවාද? එසේත් නැතහොත් බ්ලොග් කලාවේ නිරතව සිටියාද යන වග. ඒ කාරණා කෙසේවෙතත් මා මාතෘකාව මෙවැනි ලෙස යොදා ගැනීම පිළිබදව පළමු කොටම ඔබට පහදා දෙන්නම්. බ්ලොග් ලිවීම කියන්නෙත් කලාවක්. ඔබ යම් දෙයක් අලෙවිකරණයේ යෙදෙනවා සේම එහිදී ඔබගේ භාණ්ඩය හෝ සේවාව ලබාගැනීමට පැමිණෙන්නන් අඩු නම් ඔබට අත්වන්නේ පාඩුවක් මිස ලාභයක් නොවේ. ඒ සිද්ධාන්තයම බ්ලොග් ලිවීම කෙරේද භාවිතා කළහොත් බ්ලොග් විවිදාකාර වේ. ඇතැමෙකුට එය දිනපොතකි. ඒ නිසා එය කවුරුවත් කිව්වත් නොකියෙව්වත් ගැටළුවක් නැත. එහෙත් සත් සමුදුර යනු සඟරාමය ආකාරයෙන් පවත්වාගෙන යන බ්ලොග් අඩවියකි. එහි ලිපියක් අදටත් හෙටටත් වලංගුවන ආකාරයෙන් පවත්වාගෙන යායුතුය. එසේත් තැතහොත් අද නැතත් හෙට හෝ පැමිණෙන පාඨකයකුට යම් වටිනාකමක් දැනෙන ආකාරයෙන් ලිවිය යුතුය. එහෙත් යමක් පිටු ගණනක් ලියූ පමණින් එයට සුදුසු නාමකරණයක්, ප්‍රචාරයක් නොමැති නම් එයට ලැබෙන අවධානය අඩුය. ඒ සිද්ධාන්තය පෙර කී භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමේදීද පොදු බව ඔබත් දන්නවා ඇති. මෙම මාතෘකාව යෙදීමට එක් හේතුවක් වූයේ මූලිකවම මෙම ලිපිය වඩාත් අවධානය යොමු කර ගැනීමට හැකි නාමකරණයක් භාවිතා කිරීමයි. එහෙත් ඒ අපේක්‍ෂාවම ඇතිව තේරුමක් රහිත, හිස් නාමයක් මෙයට යොදා නොමැත. මා අදහන්නේ මෙම බ්ලොග් අඩවිය කියවීමට පැමිණෙන පාඨකයාද බුද්ධිමතෙකු බවයි. එය ඔවුනට කරන එක්තරා ගෞරවයක්ද වේ. මේ නිසා හොදන් බැළුවහොත් මෙහි රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද? යන මාතාකාවේ ඉපදීම යන්න සටහන් කර තිබෙන්නේ තනිව නොවේ. එනම් "" තුලය. එනම් එහිදී මෙහි පැමිණෙන පාඨකයා මෙහි තවත් අර්ථයක් සඟවා තිබෙන බව තේරුම් ගනී. ඒ බව මා හොදින් දන්නේ මීට කලින් විවිද මාතෘකා තුලදීද මෙම ක්‍රමවේදය ඔවුන් හොදින් තේරුම් ගනිමින් අදහස් පළ කර නිසාය. මෙහි මේ අයුරින් ඉපදීම යනුවෙන් සටහන් කර ඇත්තේ පුද්ගලයාගේ භෞතික ශරීරයට ජීවය ලැබී ඔහු විසින් නැවතත් මේ දියත පාළනය කිරීම නොවේ. ඔහු පිළිබදව ඇති තවමත් විද්‍යානුකූලව විසදී නොමැති මත, උපකල්පන, සිද්ධාන්ත ස්ථාපිත කිරීම තුලින් එදා එවැනි පුද්ගලයෙකු වාසය කළා නම් එදා සමාජයේ තිබූ ගැටළු හා අනෙකුත් සාධකයන් හා අද අප මුහුණ දෙන්නාවූ ගැටළු හා සාධකයන්ට සාධනීය බලපෑමක් ඇති කළ හැකිද යන්නයි. මෙන්න මෙය තමයි මේ කුතුහලය දනවන මාතෘකාවක් සමග අර්ථානුකූල කර තිබුනේ. මතුසම්බන්ධයි....

      Delete
    2. පෙර කමෙන්ටුවටම සම්බන්ධයි - ඔව් මමත් පෙරදීද පැවසූ ලෙස රාවණා නම් පුද්ගලයෙකු නැවත ජීවී ශරීරයකින් පහළ නොවෙන බව දන්නවා. අපි රාමායනය පැත්තකට දැම්මත් රාවණා-රාම යුද්දය ඇති නොවූවත් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙන්න පුළුවන් ආයු කාලයක් තිබෙනවා. එදා සංකල්ප සහ භාවිතයන් වර්ථමානයට උචිතද යන්න කාලෝචිතව තීරණය කළ යුතුයි.

      ඊලඟට ඔබ පවසන // ස්වභාව ධර්මයට ගරු කරන,ඒවා අරපිරිමැස්මෙන් පාලනය කරන අතීත යුගයකට අපි සැවොම ක්‍රමයෙන් ළඟාවෙමින් පවතින බවයි.// මෙහෙමයි කාර්මික විප්ලවයත් සමග එදා ප්‍රවේණි දාසයන්, නගරයට සංක්‍රමණය වෙමින් පීඩිත කම්කරුවන් බවට පත්වීමත්, මධ්‍යතන යුගයේ ගමත් නගරයත් අකර සංක්‍රමණය වූවාට වඩා අතිවිශාල පිරිසක් නගරයට සංක්‍රමණය වීමත් සමග ඇතිවුන නාගරිකකරණය, ඉල්ලුමට හරියන සැපයුම, නව කාර්මික ධනවත් පැලැන්තියක් බිහිවීම, පරිභෝජන රටාවේ සිදුවූ දැවැන්ත වෙනස්කම් නිසා එදා පරිසරය ගැන හිතනවාට වඩා ගල් අගුරු දහනය කරමින් තම ආර්ථිකය හා ඉල්ලුමට සැපයුමට න්‍යාඥයෙන් ක්‍රියා කළා.

      ඒවගේම යුරෝපීය බටහිර සමාජය දෙවන ලෝක යුද්දයටත් පසුව ක්‍රමයෙන් තමන් විසින් මේ කරන කාර්යය පරිසරය ගැන නොසිතා ක‍ළහොත් තමන්ටම හා තමන්ගේ ඉදිරි පරපුරට අත්විදින්නට ‍වන ඉරණම වටහා ගෙන සිටින්නේ. අද ඔවුන් පරිසරය රැක ගැනීම වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර්ජාලය පරිශීලනය කළත්, අපේ රටේ මෘධිත මාධ්‍ය වලින් පවා දැන ගත හැකියි. සමහර විට තර්කයක් ගේන්න පුළුවන් ඔවුන් කළ විනාශය හැටියට දැන් මේ කරගෙන යන වැඩ පිළිවෙල ප්‍රමාණවත් නොවේ යන කාරණය එහෙත් යමක් නොකර සිටිනවාට වඩා කුඩා හෝ පියවරක් ඒ වෙනුවෙන් අරගෙන තිබීම අගය කළ යුතුයි. ඔවුන් මේ අපේ රටේ රාවණා හෝ වෙනයම් රජකෙනෙක් අනුගමනය කළ පරිසර හිතකාමී බව සහ අනෙකුත් දේවල් අධ්‍යයනය කරල නෙමෙයි නේ පරිසරය රැක ගන්න යන්නේ. මිනිසුන් මොළය වෙහෙසා බුද්ධියට මුල් තැන දිය යුතුයි. මේ හැම දෙයක්ම පෙර කළ රජදරුවෝ කළ දේවල් කිය කිය කරන එක හෝ නොකර ඉන්න එක නොවෙයි කළ යුත්තේ.

      ආර්ථික පරිහාණිය කියන එක ලෝකයේ විවිද කාල වල විවිද රටවල සිදුවූ දෙයක්. ඒත් නිවැරදි දැක්මක්, තමන්ගේම වූ අනන්‍යතාවයක් ඒ කියන්නේ අනුන්ගෙන් යැපෙනවාට වඩා ඇල්පෙන්තක් හෝ නිපදවමින් ඒ දේවල් පිටතින් ගේනකම් බලන් ඉන්න හෝ කටින් බතල කොල ‍සිටුවන්නේ නැති රටවල් තමන්ට අත්විදින්න සිදුවන ඒ අවාසිය ක්‍රමයෙන් නිවැරදි සැලසුම් ඔස්සේ මඟහරවා ගන්නවා. උදාහරණයක් ලෙස 1930 ගණන් වල ඇතිවූ ඇමරිකාවේ කොටස් වෙළඳ පොළ බිද වැටීම ඔවුන් විසදා ගත්තා. ඒවගේම පසුගිය 90 දශකයේ නැගෙනහිර ආසියාවේ හටගත් ආර්ථික අවපාතනයක් යම් කිසි කාලයකට පස්සේ ඔවුන් නැවත යථා තත්ත්වයකට පත් කරගන්න ඔවුන් හැකිවුනා. ඒ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන්ගේ, සමාජ විද්‍යාඥයන්ගේ, වැදගත් වෘත්තිකයන් විසින් සාමුහිකව නිසි අවස්ථාවේ නිසි ආකාරයෙන් ගත් තීන්දු තීරණ නිසා. එහෙම නැතුව අතීත රජදරුවන් අධ්‍යයන කරන්න යෑමෙන් හෝ ඒ දේවල් වර්ථමානය ආදේශ කරන්න යෑමෙන් නොවේ. ඉතාම හෙමින් ඉදිරියට යන ලංකාවේ සමාජයට නම් පුළුවන් මිනිහා කාවි බෝවි නැත්නම් පිටරටකට හරි ගිහිල්ල ජීවත්වේවි. බහුතරකයකට ඉතින් අර පරණ රජදරුවන්ගේ කලේ ක්‍රමවලට නැවත යන එක තමයි ඉතින් කරන්න වෙන්නේ ඉදිරිදැක්මක්, නිසි ප්‍රතිපත්තියක්, තීන්දු තීරණ නිසි කල නිසි ලෙස ගන්නට නොහැකි වුවහොත්. හොදම උදාහරණය තමයි ලෝකයේ අළුත් තාක්‍ෂයනය ඔස්සේ නිපදවන නවීනතම පරිගණක, වාහන ලංකාවෙත් දැක ගන්න පුළුවන්. ඒත් ඒ පරිගණකයේ ඇනයකට හෝ හරියන්න දෙයක් ලංකාවේ හදනවාද? ලංකාවේ යපස් තියෙනවා. ඒ වගේම පැරණි රජදරුවන්ගේ කාලයේ යපස් උණු කර යකඩ වලින් අවි ආයුද සහ නොයෙකුත් දේ හැදුවායැයි කියනවා ඒත් එහෙම කිය කිය ඉන්නව මිසක් අර ගෙන්වන වාහනයකට හරියන අමතර කොටසක් හදන්නවත් උත්සාහයක් ගන්නවාද?(මතු සම්බන්ධයි)

      Delete
    3. පෙර කමෙන්ටුවට සම්බන්ධයි - ඊලඟට අපි බුද්ධාගමට වසර 5000 ක වගකිම් සහතික ලබා දීම ගැන කතා කරමු. බුද්ධාගම විතරක් නෙමෙයි ලෝකයේ හැම ආගමක්ම යම් දවසක පරිහානියට ලක්වෙමින් එක්කෝ සුළුතරයක් අදහන හෝ ලෝකයෙන් තුරන්වූ ආගමක් බවට පත්වේවි. අතීතයේ ග්‍රීක රෝම වරුන ඇදහූ දෙවියන් ඇදහීමක් අද අදහනවා නම් අදහනවා ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණයි. නැත්නම් අදහන්නේම නැතුව ඇති. කොන්ටස්ටයින් අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට කතෝලික ආගම පත්කිරීමත් සමග ඒ අධිරාජ්‍යයේ මිනිසුන් කැමති වුනත් අකමැති වුනත් තමන් එතෙක් අදහමින් සිටි ආගම ඉවත ලා කතෝලික ආගම වැලද ගන්න වුනා. ඉතින් කාලයත් සමග පරම්පරා කිහිපයක් ගතවීමත් සමග කතෝලික ආගම යුරෝපය පුරාවටම පැතිර ගියා එවකට අදහමින් සිටි ඇදහිලි ක්‍රම අභිබවමින්. ඉතින් අනාගතයේ ලෝකයේ කොහේ මොන ආගමට එවන් දෙයක් වේ දැයි කියන්නට බැහැ. අනෙක තමයි ශාස්තෘවරුන් මිය යාමත් සමග එකම දෙවියෙක් එකම න්‍යායක් මත ගමන් කළ ආගම් බෙදෙන්නට පටන් ගත්තා. උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ ජීවත්ව සිටින කාලයේ ‍ථෙරවාදීද, මහායානද කියලා කොටස් වෙලා තිබුනේ නැහැනේ. ඒවගේම කතෝලික ආගම ගත්තත් පසුකළෙක එය ප්‍රොතෙස්තන්ත, රෙපරමාදු, ඇංග්ලිකන් යනාදී විවිද කොටස් වලට විවිද සම්ප්‍රධායන් ඔස්සේ බෙදී ගියා අනෙක ඉස්ලාම් වුනත් එහෙමයි. නබිනායකතුමාගේ ඇවෑමෙන් එයත් ශියා සහ සුන්නි ලෙස බෙදී ගිය.

      ඒ එක්කම බුදුන් වහන්සේ කියන්නේ දුරදිග බැලිය හැකි අසමසම ප්‍රඥාවක් තිබුන කෙනෙක්. ඉතින් එතුමාගේ කාලෙත් භික්‍ෂූන්වහන්සේලාත් රජදරුවන්ගෙන්, සිටුවරුන්ගේන දානමාන පඩුරු ලැබෙන කොට ඒවා කෙරේ තන්හා සිතුවිල පහල වෙන බව බුදුන් වහන්සේත් දකින්නට ඇති අතර එතුමා නැති අනාගතයේ මෙම තත්ත්වයන් පාලනයක කර ගත නොහැකි වන කාලයක් එනු බවත් එතුමා දකින්නට ඇත. ඉතින් බුදු දහම වේවා වෙනත් ආගමක් වේවා. ඒවායේ මූලික පදනම වැටී ඇත්තේ එම ආගමට අදාල සිද්ධාස්ථාන හා ඒවායේ වෙසෙමින් දහම් දෙසන පූජ්‍ය පක්‍ෂයයි. ඉතින් සිද්ධස්ථාන වලින් දිස්විය යුතු අධ්‍යාත්මික වටපිටාව බිදවැටෙමින් ඒවා සුඛෝපභෝගී අසපු බවට පර්වර්ථනය වෙමින් දහම් දෙසමින් දහම් ගවේෂණය කළ යුතු පූජ්‍ය පක්‍ෂය ඒ කාර්යය පසෙකලා වෙනත් කාර්යයන් හි නිරතවෙමින් කටයුතු කරන කල මොනම ආගම වුනත් ගැ‍රන්ටියටත් ඉස්සෙල්ලම පර‍ලෝසැපත් වෙන එක ඕනෑම බුද්ධිමත් පෘතග්ජනයෙකුට වුවද වැටහේ.

      මායාවරුන්ගේ ලෝක විනාශය හා වෙනයම් බෞද්ධාගමෙන් පිට පාර්ශවයක් හඹා යන ලෝක විනාශ හෝ වෙනයම් විපර්යයාසයක් ඔවුන්ට වලංගු කරුණක් මිස අපට එය අදාල නොවෙන්නේ නම් අපගේ ආගමික හෝ වෙනයම් සිද්ධාන්තයක් එය හා සමපාත කර අනුන්ගේ ගැටළු විසදන්නට යාම අදාලවන දෙයක් නොවේ. ලෝක විනාශය විශ්වාස කරන්නා එය විශ්වාස කරාවි. එබදු දෙයක් සිදුනොවේයයි කැටතියාම යමෙකුට පැවසිය හැකිනම් වෙන ලෝක විනාශයක් වෙන කෙ‍නාට වෙන්නට කියා තමන්ගේ වැඩක් බලා ගැනීම තමයි සුදුසු.

      ඊලඟ කාරණේ තමයි යමෙකුට තමන්ගේ ආගමෙන් තමන් බලාපොරොත්තුවෙන ශාන්තිය, සහනය ලබා ගන්න බැරිනම් ආගමෙන් පිටවීම හෝ වෙනත් ආගමක් ඇදහීම ඔහු හෝ ඇයගේ අයිතියක්. කාටවත්, කිසිමකෙනෙක් යම් ආගමක්ම ඇදහිය යුතුයි කියා සිරකර තබන්නට බැහැ. බංගලාදේශයේ වේවා අපට සම්බන්ධතාවය තිබෙන වෙන රටක වේවා. සුළුතර බෞද්ධයන්ට යම් පීඩාවක් සිදුවනවා නම් එම රටවල බලධාරීන් සමග සුහදව සාකච්ඡාකොට කාටවත් හිරිහැරයක් නොවන පරිද්දෙන් විසදා ගැනීම යුතුකමක් සේම පුන්‍යකර්මයක්වේවි.(මතු සම්බන්ධයි)

      Delete
    4. පෙර කමෙන්ටුවට සම්බන්ධයි - ඔබ මෙහි අසා ඇති රාවණා ආවයි කිව්වත් නාවයි කිව්වත් පෞරාණික වශයෙන් එය වැදගත් සාධකයක් ලෙස මිස වර්ථමානයේ අප ජීවත්වන ලෝකයට එහි ඇති අර්ථාන්විත බවක් හෝ ඵලදායි බවක් හෝ ගැලපෙන බවක් නොමැතිබව මගේ හැගීමයි.

      ඔබම සිතා බලන්න ඔබට යම් හෙයකින් කාලය හරහා යන්නට හැකියි කියා. ඔබ අතීතයට මෙන්ම අනාගතයේ යාබද කාල සීමාවකට නොව අඩුම තරමින් වසර 50-100 කට එපිටට ගියත් ඔබටම සිතේවි ඒ කාලවකවානුවට ඔබගේ සිතුම් පැතුම්, හැසිරීම, ඇදුම පැලදුම, ආකල්ප යනාදිය නොගැලපෙන බව. රාවණා සංසිද්ධියත් ‍එලෙසමයි. නිකමට ඔබට විවේක තිබෙන අවස්ථාවක කාලයේ ආපස්සට අද සිට යන්න. ඊයේ කොහොමද ලෝකය තිබුනේ, සතියකට, මාසෙකට, අවුරුද්දකට, දශකයකට, සියවසකට, සහශ්‍රකයකට පෙර යනාදී ව‍ශයෙන් වටපිටාව, අවට සමාජය, රට, රට පාලනය වූ ආකාරය, රටේ ඒ ඒ ආයතන ක්‍රියා කර ඇති ආකාරය, රටේ මිනිසුන් හැසිරුන ආකාරය එවිට වැටහේවි ක්‍රමක්‍රමයෙන් අතිතයට යනවාත් එක්කම වචන වලින් කියන තරම් සරළ නැහැ එදා අතීතය ගෙවුන හැටි. අපි අතීතයෙන් අත්දැකීම් ගත යුතුයි.

      එත් අප මේ ලිපි දෙකෙන් සහ කමෙන්ටුවලින් කතාකළේ අත්දැකීම් ගැනීමක් නොවෙයි. එදා රාවණා රජු දවස සංකල්පයන් බහුතරයක් අදට ආදේශ කරන්නට යෑමෙන්, ඒ පිළිබදව අතිශෝක්තියෙන් කතා කරන්නට යෑමෙන් අත්විය හැකි ප්‍රතිඵලයන් පිළිබදවයි.

      හොදින් සිතා බලන්න රාවණා පමණක් නොවෙයි අතීත රජදරුවන්ගෙ කාලයේ අදමෙන් නිදහස තිබුනාද කියා එදා මරණ දඩුවම කියන එක මහ දෙයක් නොවෙයි. ඒත් අද දියුණු සමාජයක මරණ දඩුවම කියන්නේ එම ශිෂ්ඨාචාරයේ අශීලාචාර දෙයක් විදියටයි සලකන්නේ. ‍ඒත් අද බොහෝ රටවල මරණ දඩුවම නොදීම බැරි කාරණයකට නොදෙනවා නොවෙයි. ඒත් අතිශයින්ම කුරිරු අපරාධ හා සමාජය දැඩි ලෙස දූෂණය කිරිම වැනි හැරුන කොට අනෙක් දේවලට මරණ දඩුවම දීම අවම කර ඇතිවාසේම මරණ දඩුවම ලබාදෙන ක්‍රමවේදයත් එය අත්විදින්නාට අවම වේදනාවක් හෝ වේදනාවක් නොදෙන අයුරින් කරන්නට තමයි ඇමරිකාව වගේ රටවල විශ එන්නත් ක්‍රමය පවා භාවිතා කරන්නේ. ඒත් මැදපෙරදිග හා අප්‍රිකාවේ සහ ආසියාවේ ඇතැම් රටවල හිසගසා දැමීම, ගල් ගසා මරණයට පත්කිරීම වගේම ඇතැම් වැරදි වලට අත්පය කපා දැමීම වැනි අංගඡේනය කිරීම් කරනවා. ඉතින් ‍අපේ ‍රටෙත් පෙර රජදරුවන් වැරදිකරුවන් මරණයට පත්කරන්න හිසගසා දැමීම, උලතැබීම යනාදී කුරිරු ක්‍රම මෙන්ම අංග ඡේදනය ඇතැම් වැරදි සදහාත් සාක්‍ෂි විභාගය සදහා උණු තෙලෙහි අත බැස්සවීම, නයින් ආදී විශකුරු සතුන් සිටින ස්ථානවලට අත දැමීමට සැලැස්වීම වගේ විද්‍යානුකූල නොවන ක්‍රම භාවිතා කළා. අපි අවංකවම බැළුවොත් සිරසගබෝ හා බුද්ධදාස යනාදී රජවරුන් කිහිප දෙනෙකු හැරුන කොට අනෙක් සියළුම දෙනාගේ කළු චරිතය ඉතිහාසය විසින්ම ඔවුන් කළ හොද දේවල් පමණක් හුවා දක්වමින් ආවරණය කිරීමක් කර තිබෙනවා.

      අනෙක පැරණි සමාජයේ කුල ක්‍රමය කියන එක අතිශයින් මුල් බැස ගිය දෙයක්. කොටින්ම බොහෝ වෘත්තින් පවා තීරණය වුනේ කුලය මත. ඉතින් ඒ ක්‍රමයෙන් අභාවයට යන එම සංකල්ප පවා මෙම පැරණි රජදරු ක්‍රම භාවිතා කරන්න යෑමෙන් සමාජගත වෙන්නට පුළුවන්.

      ඉතින් ඕනෑම දෙයක් අතිත ක්‍රියාකරකම් වලට යෑමේදී හෝ වෙනයම් සංස්කෘතියක් හෝ වෙනත් පරිභාහිර දෙයකට පරිවර්ථනය කරන්නට ගියහොත් එම අන්තර්ගතයේ හොද මෙන්ම නොහොදද වැලද ගන්නට සිදුවෙනවා. උදාහරණයක් ලෙස යුරෝපීයන් අපේ රට පාලනය කළ ඇවිත් ගිය පමණින් එම අයගේ හොද දේවල් පමණක් අරගෙන නොහොද මුළුමනින්ම ඉන්පසුව ඉවත්කරන්නට බැහැනේ. ‍මොකද එක්කෝ අපි පැරණි ක්‍රම ඒ විදියටම අනුගමනය කරන්න ඕන. නැත්නම් අර අළුත් ක්‍රමය මුළුමනින් අනුගමනය කරන්නට ඕන. ඒ දෙක අතර සුසංයෝගය කරගන්න වෙන්නේ බොහොම සීරුමාරුවෙන්. හැමදේකටම එහෙම කරන්නත් බැහැ.හොදම උදාහරණය ඔබට බැහැනේ සාදයකට ටයිකොට් දාගෙන බුලත්විටක් කාගෙන ගිහිල්ල හැම තැනම එතන කෙළ ගහන්න. ඒ කියන්නේ අපි කොච්චර ඉතිහාසයේ මෙයා හරි හොදයි අපි අයෙමත් ඒ විදියටම කරන්න ඕන කීම කාලය සමග ගැලපෙන දෙයක් නොවෙයි. තවත් උදාහරණයක් කියන්නම් අඩුම තරමෙන් මීට වසර 25-30 කට ඉස්සෙල්ලා හදපු වාහනයකත් එන්ජිම, රෝද ආසන තිබුනා. අද හදන ඒවගෙත් තියෙනවා. ඒත් අද හදන වාහනේ සැහැල්ලු බව එ සමගම ඉන්ධන පරිභෝජනයේ කාර්යයක්‍ෂම බව, ආරක්‍ෂාව, අනතුරු අවම කරගැනීමේ ක්‍රමවේදයන්, පහසුව යනාදී බොහෝ දේ තිබෙනවා. ඉතින් ඇන්ටික් වාහනේකට කැමති කෙනෙක් හරි අතේමිටේ මුදල් නොතිබෙනන කෙනෙක් හරි ඇරෙන්න හැමෝම බලන්නෙ තමන්ට හැකි අයුරින් අද දවසට ගැලපෙන අළුත් වාහනයක් ගන්නයි. අන්න ඒ වගේ තමයි කාලයට අනුව ජීවත්වීම කියල කියන්නෙත්. එදා පරිසරය රැක්ක විදියට, රට පාලනය, සමාජය හැසුරුන ආකාරයට වඩා වෙනස් කම් අද තිබෙනවා. ඉතින් එයින් කියන්නේ නැහැ අපේ පාරම්පරික සිරිත්විරිත්, සංස්කෘතික ලක්‍ෂන බැහැර කර සංකර ගති පැවතුම් වලට හුරු වෙන්නට කියන එක. පාම්පරික සිරිත්විරිත්, සංස්කාතිය කියන්නෙ වෙනත් දෙයක් අද තිබෙන ලෝකයට සමාජයට අහිතකර නොවන අන්දමින් යාවීම, ගැලපෙන්නට යෑම කියන්නේ තවත් දෙයක්.

      (මතු සම්බන්දයි)

      Delete
    5. පෙර කමෙන්ටුවටම - ඔබ අවසාන කොටසේදී කියා තිබෙන කෝට්ටේ රාජධානිය තිබුන කාලයේ හරි තීරණ ගත්තේ නැති නිසා මේ මේ දේ වුනා කියන එක ප්‍රායෝගික හා තර්කානුකූල දෙයක් නොවෙයි. ඇයි අනුරාධපුර රාජධානියේ සිට පොළොන්නරුවට, දඹදෙනියට, යාපහුවට යනාදී වශයෙන් ඒ ඒ යුග වල රාජධානී මාරුවුනේ? සරලම උත්තරය තමයි පරසතුරු උපද්‍රව සමග ඒ කලින් රාජධානිය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි කම. ඒ කියන්නේ සතුරා අපට වඩා ප්‍රභල නිසා අපේ පාලන භූමිය රැක ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ කියන්නේ කෝට්ටේ යුගය නොවෙයි. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ පටන් ක්‍රමිකව බිද වැටීම සිදුවෙලා තිබෙනවා. ඒ ඒ රාජධානි සමයන්ගේ දීප්තිමත්ව බැබළුන රජුන් සිටින්නට ඇති. නමුත් ඒ රජදරුවන්ගේ ඇවෑමෙන් ටික කාලයක් යන විටම අරාජික තත්ත්වයක් ඇතිවෙනවා කියන්නේ බිදවැටීම ඒ ශක්තිමක් රජදරුවන්ගේ කාලයේ තාවකාලිකව මන්දගාමී වෙලා කියන එක පමණයිනේ.

      අනෙක එහෙම එක රාජධානි කාලේක නිසි තීරණ ගත්තේ නැති නිසා මෙහෙම වෙනවා යයි කියන්න යාම පිළිගන්න බැහැ. අපි බලන්නේ අද සිටින පරිසරයේ අද තිබෙන මිනුම් දඩු වලට අනුවයි. එදා ඔවුන් ඒ අපි අසාර්ථක යයි කියන තීරණ ගන්නට ඇත්තේ එදා කාලයට, සමාජයට, පාලන තන්ත්‍රයට උචිත ආකාරයටයි. ඒක අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා. හොදට බලන්න නැත්නම් රෝම අධිරාජ්‍ය බිදවැටීමටත් එකම හේතුව ලෙස මෙම සාධකයම දක්වන්න කෙනෙකුට පුළුවන්. වෙනකක් තබා ඉන්දියාවේ එදා අශෝක රජතුමා දිග්විජය ප්‍රතිපත්තිය අත්නොහැරියා නම් ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණවලට ලක්නොවී තිබෙන්නටත් ඉඩතිබුනා යයි කියන්නට පුළුවන්. එහෙම වුනා නම් ඉතින් අපේ රටේ බෞද්ධාගමේ නිල පිහිටුවීම වන මහින්දාගමනය ගැනත් කතාකරන්නට දෙයක් නොතිබේවි. ඒ නිසා වර්ථමාන‍යේ ඉදන් ඈත අතීතයේ ගත් තීන්දු තීරණ සරලව විවේචනය කරන්නට යෑම කාලෝචිතනොවේවි. මොකද ඉතිහාසයෙත් සමහර අපි නොදන්නා රහස් තිබෙන්නට පුළුවන් ඔවුන් එම තීන්දු තීරණ වලට යොමු කරපු.

      එසේ නම් ඔබගේ පළමු කමෙන්ටුවට දුන් මගේ පිළිතුර මෙතකින් අවසාන කරන අතර ඔබගේ දෙවන කමෙන්ටුවටද ඉක්මනින්ම පිළිතුරු සැපයීමට බලාපොරොත්තුවෙමි...

      Delete
  5. ඉන් පළමු වැන්න 1948දී නිදහස ලැබූ අවස්ථාවයි.නිදහස ලබාදෙන මොහොතේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර බලවේග ඔවුනගේ ඉත්තන් ලෙස අපව හැසිරවීමට බලාපොරොත්තුවක් පැවතියද ඩී.එස්.සේනානායකගේ දූරදර්ශී නායකත්වය හමුවේ එය ඒ මොහොතේ සාර්ථක කරගන්නට ඔවුනට නොහැකි විය.එසේම ඒ මොහොතේ මෙරට පැවති දේශපාලන ස්ථාවරභාවයද දේශපාලකයින්ගේ මනෝභාවයන්ද අධිරාජයවාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටියේ නැත.එහිදී ඩී.එස්. මහතා ගල්ඔය වැනි මහා කෘෂී ව්‍යාපාර අරඹමින් නව වැව් අමුණු බඳිමින් පැරණි රජවරුන්ගේ මග ගනිමින් අපේ ගමනක් යාමට ගත් උත්සාහය පසුකලෙක බිඳවැටුනේ බ්‍රිතාන්‍ය උගුලට අසුවී දේශප්‍රේමය කරපින්නාගෙන රජයෙන් එළියට බැස බණ්ඩාරනායක ගේ ක්‍රියාමාර්ග හා බටහිර දැනුමෙන් මොළ සෝදාගත් නිළධාරී පැලැන්තිය නිසාය.

    ඉන් අනතුරුව විවිධ දේශපාලන පක්ෂ පිහිටුවමින් දේශපාලනිකවද, දේශපාලනික වේදිකාව බණමඩුව කරගත් භික්ෂූන්ගෙන් බණ අසා ආගමිකවද,බටහිර උසස් අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත් හා පසු කලෙක නැවත නැවත බටහිර උපාධි ශිෂ්‍යත්ව වලට ලොල්ව මෙරට ව්‍යාපෘති මෙහෙය වූ නිළධාරීන්ගේ නිලධාරීවාදයටද,එළිපිට හෝ සැඟවී ක්‍රියාත්මක වූ මෙරට අස්සක් මුල්ලක් නෑර ගමේ මරණාධාර සමිතිය දක්වා පැතිරුණු රාජ්‍ය නොවන සංවිධාන මාෆියාවටද යටත්ව බෙදෙමින්, යළි යළිත්බෙදෙමින් පැමිණී ගමන අද වනවිට ජාතියක් ලෙසට මාරාන්තික පිළිකාවකට රට රැගෙන ගොස් හමාරය. උදේට ලාංකිකයින් ලෙස අවදි වෙමින්, දවල්ට ඉන්දියානුවන් සමඟද රාත්‍රියට ඇමරිකානුවන් සමඟද ඉන් අනතුරුව චීනුන් සමඟද යහන්ගතවන වෙසඟනකගේ තත්වයට ජාතිය ඇද වැටී හමාරය.එක් රටක් කියන විදිහට පාරවල් සදමින්, තවත් රටක ක්‍රමයට වාහන ගෙනෙමින් ,වෙනත් රටක අවශ්‍යතාවයට ඒවා දාවනය කරමින් සංවර්ධනයක් කරා යාහැකිද? ආධාර ගෙන හෝ නොගෙන දියුණුව කරා යාමට ප්‍රතිපත්තියක් අවශ්‍යය. අපට නැත්තේ එවන් ප්‍රතිපත්තියකි.
    අප අපට ගැලපෙන ප්‍රතිපත්තියක් සකසාගත යුතුය. ඒ සඳහා එළැඹි ඊළඟ අවස්ථාව යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ සියළු රටවැසියන් එක්ව එකට ජාතික ධජය අතට ගත් පසුගිය වකවානුවයි.දැන් දැන් පෙනෙනුයේ අපි ඒ අවස්ථාවද මඟහරිමින් සිටින බවයි.මේ මොහොතේ අදාළ අවශ්‍යතාවය වන අපට ගැලපෙන ප්‍රතිපත්තියක් වෙනුවෙන් රාවණා හෝ රාවණාගේ සීයා හෝ මහා බලිව, තාරකව හෝ පෙන්වා ජාතියක් ලෙස ඒකරාශී කිරීමට කටයුත්‍ර කිරීම ගැන වැරැද්දක් මා හට නම් නොපෙනේ.නමුත් ප්‍රශ්ණය වන්නේ බොහෝ මාධ්‍ය හෝ ඒවා මෙහෙයවන්නන් රාවණ සිද්ධාන්තය යොදාගන්නේ එය අලෙවිකිරීමෙන් ජනතාවගේ රුපියල් පණහේ කොළය සිය මඩිස්සලයට දමාගැනීමේ පටු අවශ්‍යතාවයෙන් වීමයි.එසේත් නැතිනම් රාවණාගේ ප්‍රතිරූපය පසුපසින් ප්‍රතිරූපයක් නැති දේශපාලකයින් බලයට පත්කිරීමේ වුවමනාවකිනි. තවදුරටත් තට්ටුමාරු ක්‍රියාමාර්ගයකින් හෝ දෙකෝටියක් ජනතාවගේ දුක නියෝජනය කරමින් දෙසිය විසිපහක් පංචස්කන්ධ සනහන පාලන ක්‍රමයකින් නොවන තමන් ජනතාවගේ භාරකරුවා පමණක් බව
    සිතමින් රාවණා සමයේ රට පාලනය කළ ආකාරයේ පාලකයෙකු අපට අවශ්‍ය බව සැබෑ වූවත් අවශ්‍ය පරිදි ටෙලි පිටපත් ලියන කලාශූරී පොලීසියක් සිටින රටක "රාවණා" ගැන සැබෑ හෝ මුසා සිහින දකිනවා හැර වෙන කුමක් කරන්නද?

    (මෙය ඔබේ ලිපියට පූර්ණ ප්‍රතිචාරයක් නොවේ. නමුත් තව දුරටත් ඔබට ලියන්නට කාලය මට ඉඩ නොදේ. හෙට දවසේ මගේ දරු පැටවුන්ගේ බඩගින්නට පිළියම් සෙවිය යුතු නිසා ඔබේ ලිපියට තවදුරටත් පිළිතුරු ලබාදෙන්නට තව දින කිහිපයක විරාමයක් ගන්නට මට අවසර දෙනු මැනවි.මා සමඟ හෝ වෙනත් අයෙකු සමඟ සංවාදයෙන් විසංවාදයෙන් වඩා නිවැරදි දේ කරා සමාජය ගමන් කළ යුතු මොහොතක ඔබේ කැපවීම
    මම ඉතා ආදරයෙන් අගය කරමි.)


    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබ මෙතෙක් කියූ කරුණු වලට වඩා වෙනස් හා කාලීන තොරතුරු මෙන්ම සාධනීය ලෙස වෙනස් විය යුතු කරුණු කිහිපයක්ම මෙහි දක්වා තිබෙනවා. ඉතින් ඒ ගැන නම් වැඩි දුර යමක් නොකියන්නට යන්නේ ඒවා ගැන ඕනෑ තරම් අද සමාජයෙත් කතා කළත් වැඩක් වී ඇත්ද යන සිතුවිල්ලද සමගයි. කොහොමවුනත් මම ඔබට ඉදිරියේදිත් විවිද මාතෘකාගැන කතා කරන ලිපි බලන්නට එන්නට ඇරයුම් කරනවා ඒ එක්කම ඔබගේ මතයන් මේ කියෙව් මොහොතේම වෙනස් කර මා දරන මතයන් හෝ තර්කයන් මතට එළඹීමේ අධිකාරීත්වයක් එල්ල කිරීමට නොවෙයි. මේ අදහස් කියවලා දැනුවත් වෙළා, යාවත්කාලීන කරගන්න ඕන නම් එහෙම කරගෙන, නොදන්නා කාරණයක් තිබෙනම් ඔබගේ අදහස් දැක්වීම හරහා එය මට හා මෙම ලිපි කියවන්නට එන අයටත් දැන ගැනීමේ අවස්ථාව සලස ගැනීමටයි. ස්තූතියි!

      Delete
  6. මම මේ කියන්නෙ දිනේෂ් ට නෙවෙයි..ප්‍රදීප් පතිරණ මහත්තයට..රාවණා කියන චරිතය අතීතයේ සිටියා හෝ නොසිටියා වන්නට පුළුවන්..සිටියානම් ඉතා දියුණු හෝ සාමාන්‍ය මට්ටමකින් සිටියා වෙන්නට පුළුවන්..ඔයාල ඒක අතිශයෝක්තියකින් හෝ සමාජගත කළා කියල මම වරදක් දකින්නෙ නෑ..හැබැයි ඒක කරද්දි ඔයාල අපේ දැනට තියන ඉතිහාසය විකුර්ති කරල විනාශ කරල දාන මත ගේනවනම් ඔයාල කරන්නෙ හරිම අමානුෂික වැඩක්..

    'එදවස ථේරවාදීන් විසින් විනාශ කළ පුස්තකාල වල පැවැති සියළු රාවණා නම් මහායානික බෞද්ධයාගේ මූලාශ්‍ර විනාශ විය.' කියල ඔයා කියන්නෙ ලංකාවට ථෙරවාදීන් ඇවිල්ල මෙහේ තිබුණු රාවණා ශිශ්ඨාචාරය ගිනි තබා විනාශ කළා කියලද? මතක තියාගන්න කිසිම බෞද්ධ ශිෂ්ඨාචාරයක වෙනත් ආගම් හෝ ඒ මත ගොඩනැගුණු ශිෂ්ඨාචාර ගිනිබත් කරල නැහැ..එහෙම කළේ සොලීන්, මුස්ලිම් හා බටහිර ආක්‍රමණිකයො..බෞද්ධයො කියන්නෙ නිතරම අනුන්ගෙ ආක්‍රමණ වලට කෙනෙහිලිකම් වලට මුහුණදීපු ජන කොට්ටාසයක්..පින් අයිති වෙයි වැරදි මත සමාජ ගත කරල ලංකාවෙ සිංහල බෞද්ධ පදනම අයින් කරන්න බලන් ඉන්න උන්ට උඩගෙඩි දෙන්නත් උන්ට අළුතින් සටන් පාඨ ලබා දෙන්නත් එපා...

    ReplyDelete
    Replies
    1. ඔබ නිදිද ?
      පසු ගිය දා දඹුල්ලෙ සිද්ද උනේ මොකක්ද ? ගිනිබත් කරල නම් නෑ තමයි. ඒත් අවිහිංසාවාදය ඉදිරියට දමාගන ඒ අය මොන තරම් භිෂනයක් පතුරවනවද ?
      දැන් ඔබ කියයි මේක බෞද්ධ රටක් නිසා, ඒ අයට වැඩි අයිතියක් තියනවා කියල.
      මහත්මයෝ, සතරවන කෝණයෙන් බලන්න.

      Delete
    2. පංසල් වත්තෙ පල්ලි හදන්න එනකොට, පංසල් කඩල ඩෝසර් කරන්න එනකොට, තවත් ඉවසගෙන බලන් ඉන්නෙ නැතුව ඒක වළක්වන්න කටයුතු කරන එක භීෂණයද? දීඝවාපිය ඩෝසර් කිරීම, කූරගල විහාරයේ බෞද්ධ විහාරයක නටබුන් තවමත් තියෙද්දි ඒක මුස්ලිම් පල්ලියක් කිරීම, මුහුදු මහා විහාරය අල්ලා ගැනීම සහ නැගෙනහිර පළාතේ තවත් බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වගේ දේවල් වෙද්දි ඔබ හිටියෙ නිදාගෙනද? ඒව භීෂණය නෙවෙයිද? ලබ්බට තියපු අත පුහුලටත් තියන්න යද්දි දඹුල්ල සිද්දිය වෙනුවෙන් හඬ නගපු එක භීෂණයද?

      පකිස්ථානෙ අවුරුදු 11ක මන්ද මානසික කතොලික දරුවෙක් කුරානයේ පිටු කිහිපයක් ඉරපු නිසා උහුට ලැබුනු දඬුවම ඔහුගේ ශරීර අවයව අපා කොටා පුළුස්සා අමානුෂික විදියට මරා දැමීම...ඒක එක උදාහරණයක් පමණයි..ඒව වෙද්දි ඔබ නිදිද කියල මම දන්නෙ නෑ..ඔබේ වචනයට අනුව එය භීෂණය නොවිය යුතුයි..ඔබ භීෂණය කියන්නෙ පන්සල් වත්තේ පල්ලියක් හදන්න යනකොට එයට විරුද්ධව විරෝධතාවයක් දියත් කිරීම...

      මක්කම නගරයට වැද්දගන්නේ උප්පැන්න සහතිකයත් බලලා මුස්ලිම් නම් විතරයි..ඒත් බෞද්ධයාගේ මුදුන් මල් කඩ වූ ශ්‍රී දළදා මාලිගය තියන නගරයේ මාලිගාව අවටම මුස්ලිම් පල්ලි කීයක් දාන්න ඉඩ දීල තියනවද? එකදු මුස්ලිම් ජාතිකයෙක්වත් ලංකාවෙ පොළවෙ පය ගහල නැති කාලෙක ඉඳන් අපේ මිනිස්සු දිවි පරදුවට තියල ගිහින් වැඳපු ශ්‍රී පාදස්ථානයට ඔවුන්ටත් ගිහින් අල්ලා වඳින්න අපේ මිනිස්සු ඉඩ දීල තියනවා...කෝ ඔබ ඔය කියන භීෂණය එතන? හැබැයි එච්චර දේවල් කරන්න දීලත් පංසල් වත්තේ පල්ලි හදන්න එනකොට තවත් ඉවසන් ඉන්න අපේ බෞද්ධ කම කෙසේ වෙතත් සිංහල කම ඉඩ දෙන්නේ නෑ...

      Delete
    3. //පකිස්ථානෙ අවුරුදු 11ක මන්ද මානසික කතොලික දරුවෙක් කුරානයේ පිටු කිහිපයක් ඉරපු නිසා උහුට ලැබුනු දඬුවම ඔහුගේ ශරීර අවයව අපා කොටා පුළුස්සා අමානුෂික විදියට මරා දැමීම// මිලේච්ඡත්වයෙන් යුතු මූලධර්මවාදී, ආගම්වාදී මෙවැනි ක්‍රියා තරයේ හෙලා දකිම්.

      Delete
  7. සංවාදය බලාසිටීමෙන් දායක වෙමි ....

    ReplyDelete
  8. ලිපිය වගේම සංවාදය හරහාත් වටිනා කියන දේවල් රැසක් එකතුවෙන හැඩයි.......
    ඔබ කරන සේවයට බොහොම ස්තූතියි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර, ඇතැම්විට යමෙකුට මෙවන් මාතෘකාවකට කාලය වැයකරමින් උත්තර බැදීම අර්ථ ශුන්‍ය දෙයක් ලෙස වුවද පෙනීමට ඇතත්, සමහර විට ලිපියට අඩංගු කිරීමට බැරිවූ කරුණුද මෙම ස්ථානයේ සටහන් වනවා ඇත...

      Delete
  9. ගොඩක් දේවල් දැනගත්‍තා. ලියුම්කරු ගේ සංයමය කියවන අයටත් කාන්දු වෙලා. හොඳ බ්ලොග් එකක්.

    ReplyDelete
  10. Hello, I enjoy reading through your article. I like to write a little comment to support you.
    Also visit my blog ... my blog guest

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කරුණාකර නිර්නාමික නාමයකින් තොරව අදහස් පළ කරන්න...

      Delete
  12. අපේ ඔය රාවණා පාක්ෂික(අප රාවණාගෙන් පැවත එන අති ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන) මහත්වරුන්ගෙන් මම සරල දෙයක් දැන ගන්න කැමතියි.. මෙච්චර කාලෙකට අප විසින්(ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය විසින්) ලෝකයේ හෝ මිනිස්වර්ගයාගේ යහපත හෝ දියුණුව පිණිස කර ඇති දේවල් 5ක් කියන්න පුළුවන් ද?

    දේශපාලන හෝ විවිධ කුමන්ත්‍රණ නිසා කරගන්න බැරි වූ සහ විදේශිකයින් විසින් අපව (ශ්‍රේෂ්ඨතම ජාතිය) රවටා හොරකම් කළ අපේ දේවල් ගැන නොව.. වර්තමාන ලෝකයේ අප එදිනෙදා බාවිතා කරන භාන්ඩ සහ සේවාවනගෙන් සිරි ලංකාවෙ අප විසින් සාදන ලදී(මේඩ් ඉන් ශ්‍රී ලංකා) කියල කියන්න පුළුවන් දේවල් ගැනයි මම අහන්නේ

    (තේ,පොල්,රබර්,කුළුබඩු ඉබේ හැදෙනව කියල උපකල්පනය කරමු)

    ReplyDelete
    Replies
    1. ඔබ ඇසු ප්‍රශ්නයෙන් ඇත්ත මොකක්ද කියලා වැටහෙනවා. ඇත්තෙන්ම ලෝකේ "ශ්‍රෙස්ටතම ජාතිය" වන අපි ලෝකෙ දියුණුව පිණිස දුන්න දේ මොනවාද?
      ලෝකේ අනික් ජාතීන් අපට ගරු කීරිම සදහා අප ලෝකයට කල සේවය කුමක්ද? ශ්‍රේස්ටත්වය, උතුම් කම, ගෞරවය වැනි දේ නිකම් පිනට නොලැබේ. බලෙන් ඇතිකර ගැනීමටද නොහැක.
      රාවන අදහන්නවුන්ගෙන් ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙයයි. කරුනාකර ඔබ සතු යම් දැනුමක් වෙතොත් එය ලෝකයට යහපත් වන නිර්මාන බිහි කිරිම සදහා භාවිතා කර ප්‍රායොගිකව අපගේ හැකියාව ලොවට පෙන්වන්න. ඒවිට ඔය රාවනයා නැගිට්ටත්/ නැතත් ලෝකය අපට ගරු කරනු ඇත.

      Delete

    2. Pathum Herath oba lankaweda amma , thaththa, ane manda gihin nadda sigiriye ehi ihalata jalaya genichcha widiha ema thakshanaya kawda dunne.wari thakshanaya,uman thakshanaya,bumiya winasa nokara gowithan karana kramaya,hela wedakama,yantra mantra gurukam,me dewal me angampora adi satan krama mewa loketa dayada kale kawda ipaduna bima gama hageemak nathiwa hoyanne balanne nathiwa nigaru karana ubalanam barak be bumiyata

      Delete
  13. දිනේෂ් මල්ලි.... ඔය නියම විදිහට විද්‍යානුකුලව මෙන්ම තාර්කිකව උත්තර දීලා තියනවා.
    මුලින්ම මම එකට ඔයාට සුබ පතනවා..
    එත් එක දෙයක් කියන්න ඕනේ.. මේ ලිපි මාලාව මෙතනින් නවත්තන්න. එක කියන්නේ ඔය රවන ගන කියන කට්ටියට පරද වේවි කියල හිතලනම් නෙවේ.
    ඔය රාවනා වාදීන් ඉන්නේ සිතින් මව ගත්ත සිහින ලෝකෙක...එක නිසා පන්ටසි එකක ඉන්න යත් එක්ක තර්ක කරලා වැඩක් නේ කියන පෞද්ගලික මතයේ තම මම ඉන්නේ..
    අනිත් අතට ඔයාගේ වටිනා කියන ලිපි කියවන පිරිසකට කරන අසාදාරනයක් වෙනවා තව දුරටත් මේකේ එල්ලිලා ඉන්න එක..එක නිසා සිහින ලෝකෙක ජිවත් වන්නන් එක්ක
    තර්ක නොකර අලුත් ලිපි ටිකක් ලියල ඉක්මනට දාන්න මල්ලි අපිට බලන්න.....

    ReplyDelete
  14. rawana gana eka eka aya kiyanne wenas visiye kata.galapimak nahe

    ReplyDelete
    Replies
    1. athhama kathawa oyata danaganna one nam oya adyathmika wenna 100% awankawama oyage hithata

      Delete