![]() |
| දර්ශනීය වැනීසියේදි සවස හිරු බැස යන අයුරු |
![]() |
| ඉතාලියේ ගම්බද අලංකාරය |
![]() |
| පැරණි ඉතාලියානු විලාවකට ඇතුළුවන දොරටුව |
![]() |
| ඇල්ප්ස් කදු |
![]() |
| කවුරුන් හෝ එතෙරවීමට පැමිණෙන තුරු "නිදි කිරා වැටෙන" බෝට්ටු |
![]() |
| මේත් වැනීසියම තමයි |
![]() |
| රෝමයේ සාන්ත ඇන්ජලෝ බලකොටුව හා පාලම |
![]() |
| වර්ණවත් වැනීසිය |
![]() |
| ලියනාඩෝ ඩාවින්චි උපන් ටස්කනි ගම්බද පරිසරය |
![]() |
| වැනීසියේදි ආහාර ගැනීමට කියාපු තැනක්.... |
![]() |
| ඉතාලියානු කදුකරයේ සුන්දරත්වය |
![]() |
| මේ වැනිසිය කියල අමුතුවෙන් කියන්න ඕනයැ? |
![]() |
| මොනරාලෝ නගරය හා මුහුද |
![]() |
| Malcesine |
![]() |
| ටස්කනි ගම දෙස තවත් පැත්තකින් |
![]() |
| ඇල්ප්ස කදු දෙස වෙන පැත්තකින් දැකීම |
![]() |
| ඉතාලි කලාකරුවන්ගේ තවත් අභිමානවත් නිර්මාණයක් |
![]() |
| මේ පාලම කුමක්දැයි ඉදිරියේදී ඔබට දැන ගැනීමට හැකිවේවි... |
![]() |
| ටස්කනි ගම අපේ ගමකට වඩා වැඩි වෙනසක් නැහැ... |
![]() |
| සුන්දර ඉතාලියානු පරිසරය |
ලියනාඩෝ ගැන කලින් ලිපි -
ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18
ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇදි ලෝකප්‍රකට අතිවිශිෂ්ඨ සිතුවම් සහ ඔහුගේ සටහන් පොතේ ඇති තාක්‍ෂනික මෙවලම් රැසක පින්තූර
මේ සබැඳියෙන් ඉතාලියේ සිටින අපගේ රටේ සහෝදර බ්ලොග් රචකයෙකු වන ශශී ගේ සිත නිවන තැන බ්ලොග් අඩවියේ මේ වැනීසිය ගැන සදහන් වර්ණ දූපත ගැන ලියූ ලිපිය බලන්නට පුළුවන්. - http://sithaniwanathana.blogspot.it/2012/07/blog-post_07.html
මෙහි දැක්වෙන ඇතැම් පින්තූර ගැන වැඩි තොරතුරු ඉදිරි ලිපියකදීද දැක ගත හැකිවේවි. මෙම පින්තූර ලබා ගත්තේ මෙන්න මේ වෙබ් අඩවි වලින් -
http://beautifulcitiesoftheworld.blogspot.com/2011/01/18-beautiful-photos-of-italy.html
http://iamthewalkingman.blogspot.com/2011/04/country-living-at-fattoria-la-vialla.html




















නියමයි ජය!
ReplyDeleteස්තුතියි!
Deleteඉතාම සුන්දර පරිසරයන්. වැනීසිය නම් මගේ සිහින පුරයක්. ඒ ගැන වෙනම පෝස්ට් එකක්ම දානව නම් වටිනව.
ReplyDeleteඔව් ඉදිරියකදී ඒ ගැනත් ලියමු...
Deleteමම කවදා හරි යනවා කියලා හිතාගෙන ඉන්න ලිස්ට් එකේ උඩම හරියෙ වැනීසිය තියනවා. මේ පෝස්ට් එක නිසා ඒ ආසාව වැඩි වුණා
ReplyDeleteඅපි ඉදිරි දිනක වැනීසිය ගැනත් කතා කරමු...
Deleteඇත්තටම හරිම ලස්සනයි.... මේ සමහර නගරවල නම් කියවනකොට මට 'මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා' කතාවෙ පරිසරය මතක් උනා....
ReplyDeleteමධ්‍යතන හා පුරාතන යුගයේ කතා වල දකින්නට ලැබෙන පසුබිම ගොඩක් දුරට එක සමානයි. ඒ යුගයේ බිහිවන මොන්තක්‍රිස්තෝ සහ තවත් කතා ගණනාවකදී මේ වගේ එක සමාන පරිසරයන් දකින්නට ලැබෙනවා...
Deleteලස්සන පිංතූර ටික
ReplyDeleteස්තුතියි!
ReplyDeleteවැනීසිය.. මම ගිය අවුරුද්දේ ගියා.. කාලය කොච්චර ගෙවුනත් බලලා ඉවරයක් කරන්න බැරි සුන්දර නගරයක්..
ReplyDeleteප්‍රධාන ලිපියක ඉතා කුඩා අනු කොටසකින් තවත් ලිපියකට මග පෑදෙනවා කියන්නේ මේකයි. එහෙනම් ඉතාමත් නුදුරු අනාගතයේදී වැනිසීය ගැන සවිස්තරාත්මක තොරතුරු අපි සොයමු...
Deleteමමත් ලියන්න ඉන්නෙ, හැබැයි ඉතාලි අය ගැන නෙමෙයි, එහෙට ගොඩ වැදිච්ච අනිත් අය ගැන.
ReplyDeleteලංකාවේ බොහෝ දෙනෙකුටත් තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කරගන්න ඉතාලියට පැනීම උදව් වුනානේ........
Deleteවටින පින්තූර ටික.....
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ්....
ස්තූතියි උදාර, ඔන්න උදාර අද හෝ හෙට ගොඩක් වෙලා කියවන්න පුළුවන් ලිපියක් දැක ගන්නට ලැබේවි...
Deleteමට හිතෙනවා අයියේ ඉතාලියේ ඉස්සර හිටපු මිනිස්සුන්ගේ ප්‍රතිභාව ගොඩනැගෙන්න මේ පරිසරය උදව් වෙන්න ඇති කියලා. මෙච්චර ලස්සන තැනක උපන් මිනිස්සු තමන්ගේ බුද්ධිමත් කම නිසා ඒ තැන් වලට ආලෝකයක් සපයලා මිය ගියාට අපි ඒ මිනිස්සු ගැනත් ඒ තැන් ගැනත් කතා කරන්නේ ඒකයි. හරිම වටින ලිපියක් අයියේ. චිත්‍ර කලාවේ ස්වභාවිකවාදයට මං හරි ආසයි. ඉතිං මේක හරි ආසාවෙන් රසවිදින්න මට පුළුවන් උනා. ස්තුතියි මේ දෙවල් වලින් සත්සමුදුර හරහා අපිව දැනුවත් කරනවාට
ReplyDeleteස්තූතියි! ඔව් පරිසරය වගේම ගතානුගතිකත්වය, අනිසි ආගමික බැමි වලින් නිදහස් වීම වගේ දේවල් ඒ මිනිසුන්ගේ නිර්මාණාත්මක වගේම ගුණාත්මක බාවය වර්ධනයටත් මහත් රුකුලක් වෙන්නට ඇත...
ReplyDeleteමාර ලස්සනයි
ReplyDeleteස්තූතියි! ලස්සන වගේම හිතේ හැටියට කියවන්න දේවලුත් ඉතාම ඉක්මනින් බලාපොරොත්තුවන්න...
Deleteදීපාල් සහෝ
ReplyDeleteඅර "නිදි කිරා වැටෙන" යනුවෙන් සඳහන් කර ඇති බෝට්ටු "ගොන්දෝලා" යනුවෙන් හඳුන්වයි. ඒවා අතීතයේදී ප්‍රභූන් ගේ ගමනාගමනය සඳහා යොදා ගත් ඔරු විශේශයකි. වර්තමානයේ ඒවා සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නවා. ඒ සංචාරකයන්ව සුන්දර වෙනීසිය පුරාම ඇති ඇලවල් ඔස්සේ සංචාරය කර වීමට. පැයක පමණ සංචාරයක් සඳහ මේ ගොන්දෝලා කරුවන් යුරෝ 100 ක පමණ මුදලක් අය කරනවා...
ඊට යටින් තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ වෙනීසියට අයිති තවත් දූපතක නිවාස වර්ණ ගනවා ඇති අන්දමයි මේ පිළිබඳව මම මගේ බ්ලොග් එකේ ලිපියක් ලිව්වා. http://sithaniwanathana.blogspot.it/2012/07/blog-post_07.html
ස්තූතියි මිතුර, ඒ තොරතුරු තවත් මේ ලිපිය වර්ණවත්, අර්ථවත් කරන්නට ඉවහල් වෙනවා නිසැකයි. ඔබගේ ලිපිය සහ මගේ ලිපිය හරියට නිවුන් සහෝදරයන් දෙදෙනෙකු වැනියි. ඔබගේ ලිපියට සබැඳිය ලබා දුන්නාට ස්තුතියි. මා එම සබැඳිය මගේ ලිපියේ අවසානයටත් එකතු කරන්නම්...
Deleteස්තුතීයී දීපාල් සහෝ ... තව වෙනීසියේ සුන්දර චායාරූප හැකි පමණින් ලබා දෙන්නම්.
Delete