මෙම ලිපියට පෙර පළවූ "
ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything" ලිපිය මෙතෙක් සත් සමුදුරේ පළ කරන ලද දීර්ඝම ලිපියයි. ඒත් එය එතරම් දෙනෙකුට විශය වී නොමැති බව හැගුනේ එය කියවන්නට ආ පිරිස ඉතාමත් ස්වල්පදෙනෙකු වීම නිසයි. කෙසේවුවත් සතියක් පුරාවට ඉමහත් වෙහෙසක් දරා ලියූ එවන් ලිපි කවදා කාට හෝ ප්‍රයෝජනවත් වේ යන සිතුවිල්ලෙන් සිතට නැගුන සියුම් කණගාටුව අවම කර ගනිමින් ඇමරිකානු ජන ජීවිතය 1800 ගණන් වල එනම් 19 වන සියවසේදී ඇමරිකාවේ සිටි දක්‍ෂ චිත්‍රශිල්පීන් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් රෙද්ද මත සිතුවමට නැගූ අයුරු අද ඉදිරිපත් කිරීමට සිතුවා. වැඩි විස්තර මොනවත් කියන්නේ නැහැ. චිත්‍රශිල්පියා, සිතුවම් කළ කාලවකවානුව හා තේමාව සිතුවම සමග ලියවී තිබේවි.
|
George Caleb Bingham (American artist, 1811-1879) Raftsmen playing cards
|
|
Carl Hirschberg (American artist, 1854 – 1923) The Orange
|
|
George Caleb Bingham (American artist, 1811-1879) The Jolly Floatmen
|
|
George Caleb Bingham (American artist, 1811-1879) Fur Traders Going down the Missouri
|
|
Henry Mosler (American artist, 1841 – 1920) Canal Street Market
|
|
Henry Mosler (American artist, 1841 – 1920) Just Moved
|
|
Henry Ossawa Tanner (American artist, 1859–1937) Spinning by Firelight
|
|
Henry Ossawa Tanner (American artist, 1859–1937) The Banjo Lesson
|
|
James Wells Champney (American artist, 1843–1903) Wedding Presents
|
|
Jennie Augusta Brownscombe (American artist, 1850-1936) Love's Young Dream
|
|
Jerome B. Thompson (1814–1886) Apple Gathering
|
|
Jervis McEntee (American painter, 1828-1891) My Little Fisher Girl 1875
|
|
Otto Henry Bacher (American painter, 1856-1909) Richfield Center, Ohio, 1885
|
|
Theodor Kaufmann (American painter, 1814–1896) On To Liberty
|
|
Thomas Le Clear (American artist, 1818–1862) Young America |
|
Thomas Prichard Rossiter (American artist, 1818–1871) Spilt Milk
|
|
Thomas Waterman Wood (American artist, 1823–1903) Election Returns
|
|
Thomas Waterman Wood (American artist, 1823–1903) Politics in the Workshop
|
|
Thomas Waterman Wood (American artist, 1823–1903) His First Vote
|
|
Thomas Waterman Wood (American artist, 1823–1903) The Toothache His Own Doctor
|
|
Thomas Waterman Wood (American artist, 1823–1903) The Yankee Pedlar
|
|
William Smith Jewett (American artist, 1812–1873) The Promised Land The Grayson Family
|
|
Virgil Macey Williams (American artist, 1830–1886) Garden Gate in Nantucket
|
|
William Lippincott (American artist, 1849–1920) Love Finds the Way
|
|
William Lippincott (American artist, 1849–1920) Love's Ambush
|
මේ පින්තූර ලබා ගත්ත තැන නොකියුවොත් අඩුවක් වගේම එම වටිනා කාර්යය කළ කෙනාට අසාධාරණයක් වේවි. මෙන්න මෙම පින්තුර ලබා ගත් සබැඳිය -
http://bjws.blogspot.com/2011/06/genre-paintings-of-everyday-life-in.html#comment-form
කාලෙකට ඉස්සෙල්ලත් සත් සමුදුරේ මේ වගේ සියවසකට පමණ පෙර ඇමරිකානු ජන ජීවිතය ගැන කතා
කළ ලිපි දෙකක් තිබුනා. මෙන්න අවශ්‍ය නම් ඒ ලිපි දෙකටත් යන මඟ
ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික සුදු ජාතිකයන්ගේ ගට්ඨනය පෙන්නුම් කෙරෙන The Last of Mohicans සහ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America
ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික සුදු ජාතිකයන්ගේ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America - දෙවන කොටස
මේවා ඔයාගේ බ්ලොග් එකෙන්ම කියෙව්වොත් තමයි දිනේශ් . .
ReplyDeleteඇත්තෙන්ම අපි කලාව ගැන කොයි තරම් අසංවේදීද කියලා හිතෙනවා වෙලාවකට
ස්තුතියි! මටනම් හිතෙන්නේ කලාව පිළිබදව සංවේදී වීමට නම් අපගේ සීමා මායිම් අවම කර ගත යුතුයි. නැත්නම් සමහර දේවල් පෙනෙන්නේ අශීලාචාර විදියට. ඒත් කලාත්මක ඇසින් බැළුවොත් සමහර විට අසභ්‍ය යයි සම්මත කර ඇති දේවල් තුලින් පවා කලාත්මක දේවල් අපට දැක ගැනීමට හැකියි...
ReplyDeleteරස වින්දෙමි. අපුරුයි!
ReplyDeleteලස්සන සිතුවම් ටික.
ReplyDeleteවෙනදා වගේම අගේ ඇති ලිපියක්.
ReplyDeleteස්තූතියි!
Deleteලෝකයේ කොතනකගත්තත් මිටසියවසකට දෙකකට පෙරපරිසරය කොලපාටයි.සුන්දරයි.අදවගේ කොන්ක්‍රීට් කාන්තාරනැහැ.ඒ සුන්දරත්ත්වය සිතුවමකින්හරි දැකීමටලැබීම සතුටක්
ReplyDeleteඔව්, පසුගිය සියවසේ යුද්ද සහ ඊට පෙර සහ පසු කාර්මික අංශයේ ශීඝ්‍ර වර්ධනය හරිත වර්ණය පරිසරයෙන් අඩු වීමට හේතුවුනා. හැබැයි දන්නා තරමින් ඒ විශාල විනාසයන් කරපු ඇමරිකාව හා යුරෝපයේ රටවල් දැන් දැන් පරිසරය රැකගන්නට ගන්නා මහන්සිය අගය කළ යුතුයි...
Deleteස්තුතියි! කමෙන්ට් නෑ බලන්නේ නෑ කියලා හිතෙනකොට හිතට අමාරුයි තමයි.. ඒත් එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගනී කියලා හිතලා ලියන්න.. අඩුම ගානෙ හොඳ දෙයක් දුන්නා කියලවත් සතුටු වෙන්න පුලුවන්නෙ..
ReplyDeleteඔව් මේ වන තෙක් ලියුවේ ඒ අරමුණ ඇතුව තමයි.බලපු ටික දෙනාට හරි ප්‍රයෝජනවත් හා කැමැත්ත තියෙන නිසානේ බැළුවේ. ඉදිරියේදිත් බැළුවත් නැතත් දුර්ලභ මාතෘකා ගැන ලියනවා ඒකේ වෙනසක් නැහැ. ඒත් මට හිතට නැගුන දේ සගවන්න අවශ්‍ය නැහැ. ඒකයි මම බලන්න ආ පිරිස අඩු බව කියුවේ....
Deleteමේ චිත්‍ර හරිම ලස්සනයි... දිනේෂ්ට බොහොම ස්තුතියි මේ චිත්‍ර එකතුව පල කළාට.... මොන හේතුවක් නිසාද මන්දා මගේ හිත වැඩිපුරම ඇදිලා ගියේ Just Moved කියන පින්තූරෙට.... මේ චිත්‍රවල එක එක සමාජ තලවල මිනිස්සුන් අපූරුවට පෙන්නුම් කරලා තියෙනවා නේද.... එයාලගෙ ඇඳුම්වල වෙනස....
ReplyDeleteස්තූතියි! ඇත්තටම මේ වගේ පින්තූර දිහා විවේක වෙලාවක ඔක්කොම දේවල් හිතින් අයින් කරල බලාගෙන ඉන්න ඕන. එතකොට හිතට දැනෙන සහනය වගේම අළුත් අදහස් ඒ සිතුවම් ඔස්සේම නැවුම් කරගන්න පුළුවන්...
Deleteදැන් හෙන පොරවල් විදියට පෙන්නගෙන හිටියට ඉස්සර ඉඳල තියෙන්නෙ හරි සරලවනේ... ලස්සන චිත්‍ර ටික..
ReplyDeleteඇමරිකාව දියුණු වෙමින් පැවතුන කාලය වෙන්න ඕන මේ.ඒත් ඊටත් වඩා එහා ගිය අපේම කියා අනන්‍ය වූ ශිෂ්ඨාචාරයක් තිබෙන අපි ඉන්නේ කොහේද?
Deleteදිනේශ්ගෙ කලින් ලිපිය අඩු පාඨක සංඛ්‍යාවක් කියවීමට හේතුව තමයි ඒක බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවීම. මගෙ බ්ලොග් රෝලෙත් ඒක අප්ඩේට වුනේ නෑ.. මේක දානකම්ම තිබුනෙ අර බ්ලොග් ලිපිවල අකුරු හදන ලිපිය... දැනුයි දන්නෙ බලාගන හිටපු පෙරහැර ගිහින් කියලා..
ReplyDeleteචිත්‍ර ටික බැලුවා.. නියමයි..ස්තූතියි මේවා හොයලා දුන්නට..
දැන් යන්ඩ ඕනා අර ලිපිය කියවන්ඩ...
ස්තුතියි! ඒක වෙන්න ඇති අඩු දෙනෙක් පැමිණියේත්ත. කොහොමත් වැඩි මහන්සියක් වෙන බොහෝ ලිපි වලට අත්වන ඉරණම මෙය බව මම අත්දැකීමෙන් දන්නවා. ඒත ඉදිරියෙත් මේ වගේ ලිපි ලියනවා. ඒකෙ වෙනසක් නැහැ....
Deleteඔයාගේ බ්ලොග් එකට එන පළමු වතාව. මම හිතන්නේ ඒක මගේ දුර්වලතාවක්. සමහරුන්ගේ සිත්ගන්නාසුළු මාතෘකාවක් නිසා වටපිට තිබෙන පොස්ට් කිහිපයක අවදානය නැතුව යනවා. උදාහරණයකට ඔලිම්පික් මීටර් සීය දුවපු අනිත් අය ගැන අවදානය අඩු වුනා උසේන් බෝල්ට් නිසා. හරියට එයා තනියම දිව්වා වගේ. ඒ වගේම තමයි ජනප්‍රිය අය දාන පොස්ට් අතරේ මේ වගේ එකක් හිර වුනොත්.
ReplyDeleteමේ චිත්‍ර ගැන තනි වචනයකින් කියනවා නම් "සරලත්වය" ඊට හොඳම වචනය. ඇමරිකාවේ ඔන්නෑ ලංකාවේ අපේ ජීවිත් අද කෙතරම් සංකීර්ණ වෙලාද ? තාක්ෂනය තමයි අපිව මේ සුන්දර තැනින් ඇදලා දාලා තියෙන්නේ. ඇද මේ සන්කීර්ණත්වයේ ඉන්න බොහෝ දෙනා මේ වගේ සරල ගම්මානයකට නේද විවේකයක් ගන්න යන්න කැමති. ඒ වගේ සරල චාම් දිවිපෙවෙතක් ගත කරන අය ගාව තියෙන සතුට අපිට අහිමි වෙලා මේ තාක්ෂණික දියුණුවත් එක්ක.
ඉතිං ඔයාට ස්තුතියි, සිහින ලෝකෙක පා වෙවී හිටපු අපව අහරෙව්වාට.
ස්තූතියි! හැකිනම් ඉදිරියේදිත් සත් සමුදුරට එන්න කියන අතරේ හිත සැහැල්ලු කරගන්න ඉතාම වටිනා පින්තූර ට්කක් තමයි මේ. පසුගිය දීර්ඝ ලිපිය ගොඩක් දෙනෙකුට හරි යන්නේ නැත්ද කියන හැගීමත් එක්ක තමයි මේ වගේ සරළ කෙටි ලිපියක් පළ කළේ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපූරු සිත්තර ටික. ස්තූතියි දිනේෂ්.
ReplyDelete