-->

Monday, August 6, 2012

ඇමරිකාව රනින් වර්ණවත් කළ මිනිසුන් හෙවත් නූතන ඔලිම්පික් ඉතිහාසයේ කැපී පෙනුනම ඇමරිකානු ක්‍රීඩකයන් - Remarkable American athletes in Modern Olympic History

පසුගිය දිනෙක ඔලිම්පික් ගැන ලිපියක් සත් සමුදුරේ පළ වූවා ඔබට මතක ඇති.
ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - http://sathsamudura.blogspot.com/2012/07/olympic-secrets.html

මෙම ලිපියත් ඔලිම්පික් හා සම්බන්ධයි. ඒත් මෙය ලෝක මට්ටමෙන් ඔලිම්පික් ක්‍රීඩාව ගැන නොවෙයි පැවසෙන්නේ. මෙම ලිපියෙන් නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ ඇමරිකානු ක්‍රීඩා ආධිපත්‍ය තහවුරු කර ගැනීමට දායක වූ විශිෂ්ඨ ගණයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගැන තමයි කතා කරන්නේ.

ලෝකයේ ‍බොහෝ ක්‍ෂෙත්‍රවලදී ඇමරිකානු ආධිපත්‍ය තහවුරු කර ගෙන සිටිනවාසේම ‍ලෝක ක්‍රීඩා අඹරේද ඇමරිකානු ආධිපත්‍ය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. පැරණි ඔලිම්පික් තරඟාවලි වලදී ග්‍රීසිය මුළුමනින්ම එම ආධිපත්‍ය තහවුරු කර ගෙන සිටියත් 1896 න් පසුව ඇරඹී අද අප දකින ඔලිම්පික් තරඟ ඉතිහාසය තුළ විටෙක ඇමරිකාවටත්, තවත් විටෙක ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදින් වූ සෝවියට් දේශයත් මෙම පදක්කම් සටහන තුල ඉදිරියෙන් සිට ඒ ඒ තරඟාවලි අවසන් වුවද සෝවියට දේශය බිද වැටීමත් තුල යුදමය වශයෙන් හා වෙනත් ක්‍ෂෙත්‍ර ගණනාවක් සේම ක්‍රීඩාව තුලින්ද ඇමරිකාවට සුපිරි තත්ත්වයක් හිමිවී අවසානයි.

ඒත් 2008 බීජිං ඔලිම්පික් තරඟාවලියෙන් පසුව චීනයත් ඇමරිකාවට අභියෝගාත්මක තරඟයක් ලබා දුන්නත් එය තනි අශ්වයාගේ තරඟයක් බවට පත්වීමට නම් තව තරඟාවලි ගණනාවක් අවසන් කරන්නට චීනයට සිදුවේවි. මොකද මෙහෙම කියන්නට හේතුව, මෙවර උළෙලෙත් තවම චීනය හා ඇමරිකාව අතර පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට තරඟයක් තිබුනත් කිසිදු අභියෝගයක් නොමැතිව ආරම්භයේ පටන් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිට හිතේ සැනසිල්ලෙන් චීනයට ජය පැන් ‍බොන දවසක් උදා කරගන්නට නම් සෑහෙන්න කාලයක් තව ගතවීමට ඉඩඇති නිසයි.

ඒ කාරණා එසේ තිබියදී අද අපි ඔලිම්පික් ඉතිහාසය තුල අමරණීය මතකයන් රැදවූ ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගැන විමසා බලමු.

මුලින්ම කතා කරන්නේ මයිකල් පෙල්ප්ස් නම් අද්විතීය පිහිණුම් ක්‍රීඩකයා පිළිබදවයි. මෙම 2012 ඔලිම්පික් තරඟාවලියේදිත් පිහිනුම් ඉසව්වෙන් තරඟවදින එතෙක් මෙතෙක් ඔලිම්පික් ඉතිහාසය තුළ වැඩිම පදකම්කම් සංඛ්‍යාවකට උරුමකම් කියන ක්‍රීඩකයා බවට පත්ව අවසන්. ඔහු විසින් සමස්ථ ඔලිම්පික් පදක්කම් 22 ක් ලබාගෙන තිබෙන අතර එයින් 18 ක්ම රනින්ද,  2 ක් රිදියෙන් සහ 2 ක් ලෝකඩ වශයෙන්. එසේම තනි ඉසව් එහෙමත් නැත්නම් ඔහු පමණක් තරඟ වැද ලබා ගත් පදක්කම් 13 ක්ද, වන අතර තවත් වාර්තාවක් වන්නේ වැඩිම පළමු ස්ථාන සංඛ්‍යාවක් ඔලිම්පික් තරග වලදී ලැබූ ක්‍රීඩකයා ලෙසයි.

එනම් 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී Mark Spitz ගේ එක් තරඟාවලියකදී ලැබූ රන් පදක්කම් 7 වාර්තාව අභිබවා යමින් 8 ක් ලබා ගැනීම මෙන්ම Spitz විසින් එම සියළු පදක්කම් ලෝක වාර්තා සමග ලබා ගැනීම සම කිරීමත් මෙහදී සිදුවෙනවා. එසේම එක් රන් පදක්කමක් ඔලිම්පික් තරඟ වාර්තාවක් සමගද ලැබීම තවත් කැපී පෙනෙන සිදුවීමක්.

දැන් දැන් ටිකෙන් ටික ඔහුගේ දස්කම් වියැකී යන බවක් පෙනෙන නිසා මෙන්ම දැන් 27 වන වියේ පසුවන ඔහු තමන් 30 වන වියේදී ක්‍රීඩාවෙන් සමුගන්න බවද පවසා තිබෙන නිසා මෙවර 2012 තරඟවාරය ඔහුගේ අවසන් ඔලිම්පික් තරඟාවලියද වන බව ඔහු විසින් පවසනු ලැබුවත් ඔහු සතු කර ගෙන තිබෙන මෙම වාර්තා නම් අභිබවා යාම ඉතාමත් අසීරුවේවි.
http://en.wikipedia.org/wiki/Michael_Phelps

මයිකල් පෙල්ප්ස් වගේම ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂ චරිතයක් තමයි Mark Andrew Spitz හෙවත්  Mark Spitz. ඔහු තමයි පේල්ප්ස්ට පෙර තනි ඔලිම්පික් උළෙලකදී රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩකයා. එය සංඛ්‍යාවෙන් 7ක් ඒ එක්කම ඒ සියල්ල ඒ අවධියේ ලෝක වාර්තාවන් වීමත් සුවිශේෂයි. ඔහු විසින් තබන ලද මෙම අද්විතීය වාර්තා ගොන්න වසර 36 ක් යනතුරු නොබිදී පැවතීම තුලින්ම ඔහු ලබා දුන් අභියෝගය කොතෙක් දැයි තේරුම් ගත හැකියි.


ඒත් එම අභියෝගයද ඔහු‍ නියෝජනය කළ පිහිණුම් ඉසව්වම නියෝජනය කළ සහ තවත් ඇමරිකානුවෙකු විසින්ම බිද දැමීම තවත් අලංකාර අත්දැකීමක්.
http://en.wikipedia.org/wiki/Mark_Spitz

ඊලඟට කතා කරන්නට යන්නේ ඇමරිකානු ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුල මතක හිටින වගේම සුවිශේෂ ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ ක්‍රීඩකයෙකු පිළිබදවයි. ඔහු තමයි Jesse Owens. මේ උළෙලේ සුවිශේෂත්වය තමයි හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු නාසි ජර්මනියේ දී සියළු ජාතීන්ට වඩා ආර්ය ජාතිය උතුම් යන පටු අදහස් වලින් මෙම ජගත් ක්‍රීඩා උළෙලද ආක්‍රමණය කර තිබීමයි.

1936 බර්ලින් ඔලිම්පික් උළෙලෙදී රන් පදක්කම් 4 කට හිමිකම් කියූ මේ ක්‍රීඩකයාට ඒ වෙනුවෙන් ලැබිය යුතු ගරු බුහුමන් නම් ලැබුනේ අඩුවෙන්. එයට හේතුව තමයි ඔහුගේ මුල් වකවානුවේදී ඇමරිකාව වර්ණභේදවාදය තදින් වෙලාගත්ත කාලසමයක් වීම. බරලින් ඔලිම්පික් උළෙලේදී මෙවන් දසකම් පෑවත් ඔහුට ජර්මානු රාජ්‍ය නායකයා වූ හිට්ලර් වෙතින් පිළිගැනීමක් නොලැබුනා සේම තම රටට ආවිට සාමාන්‍යයෙන් මෙවන් සුවිශේෂ තරඟ ජයග්‍රහණ ලබා පැමිණෙන ක්‍රීඩකයන්ට ඇමරිකානු ජනපති වෙතට කැඳවා ලැබෙන ගරුසත්කාරයවත් ඔහුගේ කළුහම නිසා ලැබුන්නේ නැහැ.
The mild mannered Owens seemed not the least bit surprised by his home country's hypocrisy. "When I came back to my native country, after all the stories about Hitler, I couldn't ride in the front of the bus," he said. "I had to go to the back door. I couldn't live where I wanted. I wasn't invited to shake hands with Hitler, but I wasn't invited to the White House to shake hands with the President, either."http://www.biography.com/people/jesse-owens-9431142

කෙසේවෙතත් ඉන් වසර 40 ක් ඉක්ම ගිය තැන එනම් 1976 දී එවකට ජනපති ජෙරල්ඩ් ‍ෆෝර්ඩ් මෙම වරද නිවැරදි කරමින් ඔහුව ධවල මන්දීරයට කැදවා නිදහස්බාවයේ ජනපති පදක්කම පිරිනමා ඉතිහාසය තුළ සිදුවූ වරද නිවැරදි කරන්නට ගත් වෑයම පැසසිය යුතුයි. 
While Owens helped the U.S. triumph at the games, his return home was not met with the kind of fanfare one might expect. President Franklin D. Roosevelt failed to meet with Owens and congratulate him, as was typical for champions. It wasn't until 1976 that he was properly recognized when President Gerald Ford awarded him the Presidential Medal of Freedom.

කොහොමවුනත් මේ විශිෂ්ඨ ක්‍රීඩකයාට සිය ජීවිත ධාවන තරඟය නම් මෙම ගරුබුහුමනට ලක්වී වසර 4 ක් ගෙවනු තැන එනම් සිය දිවියේ 67 වන සැතපුම් කනුවේදී නිමකරන්නට සිදුවීම නම් කණගාටුවට කාරණයක්. මෙසේ සිය දිවිය ඔහුට අවසන් කිරීමට සිදුවන්නේ  පෙනහළු පිළිකාවක් හේතුවෙන්. එම රෝග තත්ත්වයට ආසන්න හේතුවක් ලෙස පැවසෙන්නෙත් ඔහුගේ අධික දුම්වැටි පානයයි.
http://en.wikipedia.org/wiki/Jesse_Owens

මීලඟට කියන්න යන ක්‍රීඩකයාත් ඔවන්ස් සේම කළු ජාතික ක්‍රීඩකයෙක්. ඒත් ඔහු ඔවන්ස් මෙන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ පාන්න තරම් අභාග්‍ය සම්පන්න වුනේ නැහැ. මෙම ක්‍රීඩකයා තමයි Carl Lewis.

ඇත්තටම අද වුනත් ඔලිම්පික් ගැන කියනකොට පසුගිය අසූව-අනූව දශක වල ඔලිම්පික් හා මළල ක්‍රීඩා ගැන දන්න කියන අයට නිරායාසයෙන්ම මතකයට නැගෙන නමත් කාර්ල් ලුවිස් කියන නම කිව්වත් වරදක් නැහැ. එසේම ඇමරිකානු තනි අශ්වයාගේ සටනක් වුන 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරඟාවලියේදි රන් පදක්කම් 4 කට හා සමස්ථ ඔලිම්පික් තරග ඉතිහාසයේදී රන් පදක්කම් 9 කටත් රිදී පදක්කමකටත් උරුමකම්කී මෙම අඩි 6 අඟල් 3 ක් උස මෙම දේහදාරී මිනිසා පසුව චිත්‍රපටි ලෝකයේදිත් සිය සහභාගීත්වය ලබාදෙනවා. ‍

ලෝක වාර්තා සහ ඔලිම්පික් වාර්තා කිහිපයක් පවා තැබූ මෙම ක්‍රීඩකයා විසින් දුර පැනීම වෙනුවෙන් තැබූ වාර්තාව වසර 10 ක් යන තුරාවටම බිද නොවැටී පැවතීමත් ඒ අවධියේ කැපී පෙනුනා. එසේම කාර්ල් ලුවිස් කියන නම ලෝක මළල ක්‍රීඩා ඉතිහාසය තුල කොතරම් ස්ථානයක් හිමිකරගෙන තිබුනාද කියතොත් විවිද ආයතන වලින් ඔහුව සියවසේ හොදම ක්‍රීඩකයා, සියවසේ හොදම ඔලිම්පික් ක්‍රීඩකයා ලෙස පවා වර්ණවත් කරන්නට තරම් ප්‍රභල වුනා.http://en.wikipedia.org/wiki/Carl_Lewis

එදා මෙදා තුරු බිහිවූ වේගවත්ම ක්‍රීඩිකාව ගැන තමයි ඊලග විස්තරය. ඒ තමයි Griffith Joyner, Florence කියන තැනැත්තිය පිළිබදවයි. ඇය ඔලිම්පික් රන් පදක්කම් 3 කට හා රිදී පදක්කම් 2 කට හිමිකම් කියන අතර එයින් මීටර් 100 සහ 200 ලෝක වාර්තාව මේ ලිපිය ලියනා මොහොතවනවිටත් නොකැඩී පවතින්නක්.

‍එහෙත් මෙම වේගවත්ම ගැහැණියට සිය ජීවිතයත් වේගයෙන්ම අවසන් කරන්නට සිදුවීම අභාග්‍යයක් ලෝකයේ ‍"වේගවත්ම කත" යන විරුදාවලිය ලබා වසර 10 ක් ගිය තැන එනම 1998 සැප්තැම්බර් මසදී සිය දිවියේ 38 වන සැතපුම් කනුව පසුකරමින් සිටියදීම ඇයට මෙලොව හැරයන්නට සිදුවන්නේ නිදිපැදුරේදිමයි. කෙසේවෙතත් ඇයගේ මරණයට විවිද හේතු දැක්වෙන අතර ඉන් එකක් වන්නේ ඇය විසින් ලබා ගන්නා ලද විවිද ඖෂද නිසා ඇයගේ දිවි කෙටි කරගැනීමට මඟපෑදූ බව හා වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇය මිය ගිය බවයි.
http://en.wikipedia.org/wiki/Florence_Griffith-Joyner
http://www.aboutbreathing.com/articles/florence-joyner.htm

අපට එතරම් හුරු පුරුදු නමක් නොවූවත් සියවසේ හොදම ක්‍රීඩිකාව ලෙස විරුදාවලිය ලැබීමට තරම් ප්‍රභල වූ
Jackie Joyner-Kersee ගැන නොදැන සිටීමත් අඩුවක් වේවි. ඇය දුරපැනීමේ ඉසව් වලින් දස්කම් පෙන්වූ අතර 1984 සිට 1996 දක්වා කාලය තුල ඇය සහභාගී වූ ඔලිම්පික් තරඟාවලි තුලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 1 ක් හා ලෝකඩ පදක්කම් 2 ක් ලබා ගැනීමට සමත් වන අතර ඇය මෙම පදක්කම් ලබා ගත්තේ දුර පැනීම වැනි ඉසව් වලින් වූවත් කඩුළු මතින් දිවීම, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, උස පැනීම සහ ධාවන තරඟවලටද දස්කම් පෑ ක්‍රීඩිකාවක් වන අතර වරක් දුර පැනීමේ ලෝක වාර්තාවටද හිමිකම් කිවූ අතර තවමත් ලොව දෙවන හොදම දුර පැනීමේ තරඟ වාර්තාවද නම් වී පවතින්නේ ඇය නමින්.

අවසාන වශයෙන් පවසන්නේ මළල ක්‍රීඩා ඉසව් කිහිපයකටම දස්කම් පෑ මෙම ක්‍රීඩිකාව බාස්කට් බෝල් ක්‍රීඩාවේදීද දස්කම් පෑ ක්‍රීඩිකාවක් වීම සුවිශේෂයි.  http://en.wikipedia.org/wiki/Jackie_Joyner-Kersee

ශ්‍රී ලාංකික අපටත් අමතක කරන්න බැරි නමක් තමයි Michael Johnson.
එයට හේතුව තමයි 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ මීටර් 400 මූලික වටයේ තරඟයකදී අපේ රටේ මේ ඉසව්වේ එවකට ශූරයා වුන සුගත් තිලකරත්නට Michael Johnson පරාජය වීම. කොහොමවුනත් අවසානයේදී නම් මේ ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කිව්වේ නම් Michael Johnson. Michael Johnson සිය ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුලදී රන් පදක්කම් 4 කට හිමිකම් කිමේ ගෞරවය ලබා ගත් අතර මේ දක්වා පැවති ඔලිම්පික් තරඟාවලි වලදී එකම තරඟයකදී මීටර් 400 ‍මෙන්ම මීටර් 200 ද ජයගත් එකම ක්‍රීඩකයා වීමේ ගෞරවයටද හිමිකම් කියනවා. ඒ පෙර පැවසූ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදීමයි.
http://en.wikipedia.org/wiki/Michael_Johnson_(sprinter)

Bob Beamon, මේ නම එතරම් හුරු පුරුදු නොවූවත් 1968 සිට 1991 තෙක් එනම් වසර 23 ක් යන තෙක් ලෝක වාර්තාවකට හිමිකම් පෑ අයෙකුගේ නමයි. ඔහු තමයි 1901 සිට කිහිපවතාවක්ම වෙනස් වෙමින් තිබුන ‍දුර පැනීමේ ලෝක වාර්තාව වසර 23 ක් යන තෙක් යලිදු වෙනස් නොවෙන සේ සටහන් කිරීමට දක්‍ෂ වූ ක්‍රීඩකයා. 1968 මැක්සිකෝ ඔලිම්පික් උළෙලේදී මෙම දස්කම් පෑවා පමණක් නොවෙයි. ඔහුගේ වාර්තාව 1991 ‍ටෝකියෝ වේ පැවති ලෝක මළල ක්‍රීඩා උළෙලේදී බිද වැටුනත් Beamon විසින් බිද හෙළු වාර්තාව සුවිශේෂයි. එයට ‍හේතුව තමයි 1901 සිට කිහිප වතාවවක්ම මෙම වාර්තාව අළුත් වූවත් ඒ සෑම විටකම තවත් සුළු දුර ප්‍රමාණයක් ඉදිරියට යාමෙන් තමයි වාර්තාව අළුත් වී ඇත්තේ. සාමාන්‍යක් ලෙස ගතහොත් සෙ.මි. 6 නැතහොත් අගල් 2 1/2 ක් පමණ වැඩිවීම තමයි සිදුවී ඇත්තේ. ඒත් මෙම ක්‍රීඩකයා එම සාමාන්‍ය ඉක්මවා යමින් කලින් වතාවට වඩා සෙ.මි. 55 ක් නැතහොත් අගල් 21 3/4 ක් දුරට ගමන් කිරීම කොහොම වෙන්න ඇත්ද‍ ඒ අනුව එම පදක්කම සහ ගෞරවය ලැබීමට ඔහු විසින් පැන්න දුර ලෙස සටහන් වන්නේ මී. 8.90 ක් නැතහොත් අඩි 29 අඟල් 2 1/2 ක්. ඒත් ඊට වසර 21 කට පස්සේ ඔහුගේ වාර්තාව බිද වැටුනත් එය සටහන් වන්නේ මී.8.95 ක් ලෙස පමණයි.

1968 ඔක්තෝබර් 18 වනදා මෙම වාර්තාව පිහිට වූයේ මෙම ඉසව්වේදී ඔහුගේ පළමු ප්‍රයත්නයේදීමයි. කොහොමවුනත් මේ සාර්ථක පිම්ම පැන්නට පස්සේ නිවේදකයා එම දුර ප්‍රමාණය මෙට්‍රික් ඒකක වලින් පැවසූවත් Beamon ට ඒ ගැන එතරම් නිනව්වක් තිබිලා නැහැ. ඒ නිසා මේ පිම්ම ගැන එතරම් හැගීමක් ඔහුට දැනිලා නැහැ. ඒත් ඔහුගේ කණ්ඩායමේ සඟයන් සහ පුහුණුකරු විසින් ඔහු ලෝක වාර්තාව  වැඩිපුර අඩි 2 කට ආසන්න වශයෙන් පැන බිද දැමුවා කියා පැවසූ විට Beamon ට කකුල් පණ නැති වෙලා, ඔළුවත් මංඤඤං වෙලා කම්පනය නිසා ටික වෙලාවක් ස්නායු පවා අඩපණ වෙලා තිබිලා තියෙනවා.

මෙම දුර පැනීමේ ඉසව්වෙන් මී. 28 ක් සහ 29 ක් දුර පැන්න ලෝකයේ පළමු වැන්නා බවටද පත්වන Beamon හට මෙම 1968 මෙන්ම බොහෝ මළල ක්‍රීඩකයන්ට වාසනාව ගෙන දුන් තරඟයක් ලෙස පවසන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නම් නොවෙයි. මෙම වාසනාව ගැන කියනවා නම් මෙම ඔලිම්පික් තරඟය තමයි මෙතෙක් ලෝකයේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානයක පැවැත්වූ බවට සටහන් වන්නේ‍. එය උසින් මීටර් 2240 ක් වූ Mexico City ඔලිම්පික් නගරයයි.. මේ නිසා සුලඟේ ප්‍රතිරෝදය අවම වූ නිසා දුර පනින්නන්ට වැඩි දුරක් පැනීමට වගේම ධාවන තරඟවල යෙදෙන්නන්ටත් වැඩි වේගයෙන් ධාවනයේ යෙදීමේ හැකියාව ලැබී තිබෙනවා.

ඒ ‍වගේම මෙම සුවිශේෂ අවස්ථාව වන අඩි 29 කට එහා දුරක් ඔහු පැන්නත් ඉන් අනතුරුව ඔහුගේ ක්‍රීඩා දිවිය තුල කිසිදා අඩි 26 අඟල් 11 3/4 කට එහා නොපැන්න බවත් පැවසෙනවා. කොහොමවුනත් තවමත් ලෝකයේ දෙවනියට හොදම දුර පැනීම වාර්තාවන්නේ Bob Beamon නමින්.
In making his record jump, Beamon enjoyed a number of advantageous environmental factors.[8] At an altitude of 2240 m, Mexico City's air had less resistance than air would have at sea level. This allows runners to run faster and jumpers to jump farther. In addition to Beamon's record, world records were broken in most of the sprinting and jumping events at the 1968 Olympic Games. Beamon also benefited from a tail wind of 2 meters per second on his jump, the maximum allowable for record purposes. It has been estimated that the tail wind and altitude may have improved Beamon's long jump distance by 31 cm (12.2 in.).[8] During the same hour Lee Evans set the world record for 400 metres that lasted for almost 20 years.

After winning the gold medal in Mexico City, he never again jumped over 8.22 m (26 ft. 11 3/4 in.).

http://en.wikipedia.org/wiki/Bob_Beamon
http://en.wikipedia.org/wiki/Mike_Powell_%28athlete%29


Al Oerter කියන්නෙත් සුවිශේෂ ක්‍රීකයෙක්. එයට හේතුව තමයි ඔලිම්පික් උළෙලවල් 4 කදී නොකඩවා කවපෙත්ත විසිකිරීම හෝ කිසියම් තරඟ ඉසව්වකින් එක දිගට රන් පදක්කම ලබා ගැනීමට සමත්වූ ක්‍රීඩකයා වීම.

ඔහු 1956 සිට 1968 දක්වා පැවති ඔලිම්පික් තරඟාවලි තුලදී මෙම දස්කම පෙන්වා තිබෙන අතර ඔහුගේ වාර්තාව පසුව සමකරන්නට සමත් වන්නේ මෙම ලිපියේ මුලින්ද පැවසූ තවත් සුවිශේෂ ඇමරිකානුවෙකු වන කාල් ලුවිස් විසින් දුර පැනීමේ රන් පදක්කම 1984 සිට 1996 දක්වා තමන් සතු කර ගැනීම තුලින්.


http://en.wikipedia.org/wiki/Al_Oerter

Wilma Glodean Rudolph කියන නාමය අමරණීය ඔලිම්පික් ක්‍රීඩිකාවක් පිළිබදව සේම ලෝකයේ විසූ තවත් දිරිය මිනිසුන් ගැන කතා කිරීමේදී කියවෙන නමක්. මේ ක්‍රීඩිකාවගේ සුවිශේෂත්වය තමයි ඇය තමයි පළමු ඇමරිකානු ක්‍රීඩිකාව ඔලිම්පික් තරඟයකදී ජවන හා පිටිය ඉසව් වලින් රන් පදක්කම් ලබා ගන්නට සමත් වන. ඒ 1960 රෝම ඔලිම්පික් උළෙලේදී මී. 100, 200 හා 100 x 4 ඉදව් වලින්. එසේම ඊට ප්‍රථම පැවැත්වූ 1956 මෙල්බෝර්න් ඔලිම්පික් උළෙලේදී මී‍. 100 x 4 තරඟයේදී ලෝකඩ පදක්කම ලබාගැනුමටත් ඇය සහ එම තරඟයේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමත්වෙනවා.

Wilma Rudolph ගැන පවසන්නට ඇත්තේ එමපමණක්ද. නැහැ, ඇය ලෝකයේ වැඩිම අවධානය යොමුවන තරඟාවලියේ වැඩිම අවධානය යොමුවන ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයේ ජයකෙහෙළි නැංවූවත් එයට ප්‍රමුඛවම දායක වන පා යුවලින් වම් පාදය වයස අවුරුදු 4 වන තැනදී පෝලියෝ රෝගයට ගොදුරු වෙනවා. ඇයගේ මව දිරිය කතක් නිසා ඇය මේ රෝගයෙන් ගලයා ගැනීමට සමත් වෙතත් ඇවිදීමේදී ආධාරක උපකරණ භාවිතා කිරීමට වයස අවුරුදු 9 වන තෙක් ඇයට සිදුවෙනවා. කෙසේවෙතත් ඇයගේ මවගේ අධිශ්ඨානය ජයගන්නේ ඇය විසින් පවසා සිටි පරිදි "මගේ දුව කවදා හරි මේ ආධාරක නැතුව ඇවිදිනවාමයි" යන්න සනාථ කරමින්. කෙසේවෙතත් ඇයගේ ළමා විය මේ රෝගයට අමතරව පැපොල සහ විවිද උණ රෝගවලට ගොදුරුවීම ඇයට අපහසුවක් ගෙන දුන්නත් එයින් ඇයගේ ඉදිරි ගමන වලක්වන්නට හේතුවන්නේ නැහැ.

ඇයගේ වැඩිමහළු සොහොයුරිය බාස්කට් බෝල ක්‍රීඩිකාවක් නිසා Wilma ද ක්‍රීඩාව සදහා යොමුවීමට හේතුවක් වූ අතරම උසස් විද්‍යාලයේදී ඇයද මුලින් ක්‍රීඩා කළේ මෙම ක්‍රීඩාවයි. ඒත් පසුව මළල ක්‍රීඩාවට යොමුවූ ඇය තමන් අතින් ලෝක වාර්තා පවා බිහිවේ යයි නොසිතන්නට ඇති. 1960 රෝම ඔලිම්පික් උළෙලේදී මී. 100 තරඟයේදී රන් පදක්කමට හිමිකම් කියන්නේ ලෝක වාර්තාවද සමගයි. එහිදී ඇය ඊට ප්‍රථම 1956 සිට ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු විසින්ම අත්පත් කරගෙන තිබූ තප්.11.65 කින් මෙම ඉසව්ව නිමා කිරීමේ වාර්තාව තප්.11.41 කින් නිමා කිරීමෙන් බිද දමන අතර නැවත වරක් බටහිර ජර්මනියේ 1961 පැවැත්වූ තරඟයකදීද ඇයගේම වාර්තාව නැවත වරක් සම කිරීමටද සමත්වනවා. එසේම 1960 වසරේ ඇමරිකාවේ පැවැත්වූ තරඟයකදී එවකට පැවති මී. 200 ලෝක වාර්තාවද සම කිරීමට සමත්වීම තුලින් මේ ක්‍රීඩිකාවගේ ධෛර්යය හා ශක්තිය කෙබදුදැයි සිතා ගැනිමට පුළුවන්ද?

ඇය කාන්තා නිදහස සහ සිවිල් අයිතීන් වෙනුවෙන්පෙරමුණේම සිට ක්‍රියා කළ තැනැත්තියක්ද වූවාය.

1960 ඔලිම්පික් උළෙලේදී දැක්වූ අතිවිශිෂ්ඨ දස්කම් වලින් ඉක්බිතිව "The Tornado," the fastest woman on earth.[3] The Italians nicknamed her La Gazzella Negra ("The Black Gazelle"); to the French she was La Perle Noire ("The Black Pearl") ලෙස විරුදාවලි රැසකින් නම් කළ ඇයට දිවියේ ආරම්භයේ සිටම හිසරදයක්ව තිබූ ලෙඩරෝග නැවත වරක් ඉස්මතු වෙන්නට පටන් ගත්තා. 1994 නොවැම්බර් 12 වන දා මෙම දිරිය කාන්තාව මෙලොව හැරයන්නේ මොළයේ හටගත් පිළිකාවක් හේතුවෙන්. එවිට 54 වන වියෙහි පසුවූ ඇයගේ ආදර්මත් දිවිය තවත් සෑහෙන්න කාලයක් මිනිසුන් අතර මත‍කයේ රැදෙනු නොඅනුමානයි.
http://en.wikipedia.org/wiki/Wilma_Rudolph

මේ දැක්වුනේ ඇමරිකාව වෙනුවෙන් සුවිශේෂ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පමණයි. මීට වඩා ‍බොහෝදෙනෙකු සිටිනවා මෙවන් දසක්ම පෑ. දැන් චීනය ඇමරිකානු ක්‍රීඩා ආධිපත්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ල කළත් දිගුකලක් නම රැදවිය හැකි මෙවන් දැවැන්ත පෞරශයන් බිහිකිරීමට නම් ඔවුන්ට අපහසුවේවි.

මූලාශ්‍ර- http://www.americasbestonline.com/index.php/pages/greatestolympicathletes.html

 


25 comments:

  1. දෑන් ඈමරිකාවේ කාලේ ඉවරයි වගේ.
    ඉස්සරත් ගොඩක් ඈමරිකාවට සෙල්ලන්කරපු අය පිට රටවල අය.
    ඈමරිකාව ඵ් අයව නවයොවුන්වියේදීම අදුනගෙන,තමන්ගෙ රටට ගෙන්නගත්තා.අන්තිමට මවු රටට හුලන්.(නමුත් ක්‍රිඩකයන්ට වාසී.
    )කොටින්ම කිව්වොත් ඈමරිකන් කෙටිදුර ශූරයන් කියලා අපි හිතාගෙනඉන්න ගොඩක් දෙනෙකුගෙ මවු රටවල් තියෙන්නේ කෑරිබියන් දූපත්වල.
    කොටින්ම උසේන් බෝල්ට්ට පවා ඈමරිකාව ලාබාල ආරාදනාකලාලු සල්ලිවලට ඈමරිකාව වෙනුවෙන් තරග කරන්න කියලා.
    උසේන් බෝල්ට් ඵකහෙලාම සල්ලිවලට ඈමරිකාවට විකිනීම ප්‍රතික්ශේපකරපු ක්‍රීඩකයෙක්.අසාෆා පවෙලුත් ඵහෙමයි.

    -රෝහිත

    ReplyDelete
    Replies
    1. Eka thamai Americawe hati. Anunge ratawala daksha in mey ratata genath siyalu sapa pahasukm deela ratata sellam karanna hada annawa.

      Apey ratey inna unta puluwan tharam katha hadala, unta labenna thiyena thagith aduwen deela,,, unge manasika mattama binduwatama bassanawa.

      Apey sinhalayo hamadama wage adath karanne anunge ratawal wala karana dewal wala hari waradi hoyanawa.

      Kreedawakata kenekwa purudu karanna one kaleka indan. Nathuwa Olympics hetai kiyala nemei....

      Americawata banine nathuwa, apey ratey adupadu walata uththara hoyanna....

      Oya kawuru kohoma monawa kiwwath american kaarayo unta one de karanawa....

      Mehema kiwwama man unta kadey yana ekek nemei.

      Delete
    2. 10.47 pm Ano - ඔබ කියන දේ ඇත්ත අනුන්ගේ අඩුපාඩු හොයනවා මිසක් අපේ වැරදි හදා ගන්නේ නැහැ. එහෙම හදා ගන්නේ නැතුව කිසිම දෙයක ජයක් ලබන්නටත් බැහැ...

      Delete
    3. Mata thawa eka deyak kiyanna Bari una..

      Mr. Niluka badminton gahanna giya. Ko eyage coach,,,? E lamayata hariyata awasthawa labena vidiyata katayuthu nokara,,,niladarin hata hutamarak gihin Olympic,,,

      Menna mawa API hada ganna one,,,

      Panayanakamma Ms. Susanthikata baninawa, nirdaya vidiyata pahara gahuwa......

      Eth e gani lankawata medal ekak denawa,,, Nikan nemei,,, Olympic,,,,

      Nikan katha karanna, liyanna puluwan unata wachala kamata liyanna EPA...

      Delete
  2. ඇමෙරිකන් ආධිපත්‍ය තිබෙන්නේ වෙනත් රටවල කරමතින් තමයි. මෙය මොන ක්ෂේත්‍රයට අදාලව ගත්තත් එකයි. ඒ වගේමයි ඔලිම්පික් සඳහා තරග තෝරා ගැනීමේදී බටහිර බලවතුන් ගේ ආධිපත්‍ය කොපමණ දරුණු විදියට ක්‍රියාත්මක වනවාද කියා මා ලියු පහත ලිපියෙන් පෙන්වා දුන්නා. එයාල ආධිපත්‍ය පතුරවන්න් යොදා ගන්න තවත් උපක්‍රමයක් තමයි ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා ඔලිම්පික් වලට ඇතුලත් කර ගැනීම. මගේ ලිපිය පහල ලින්ක් එකෙන් බලන්න. ලින්ක් එක මෙතන දැමීම ගැන සමා වන්න.

    http://awidda-paya.blogspot.com/2012/08/blog-post.html

    ReplyDelete
  3. @සුදීක සහ ‍රෝහිත - ඇමරිකාව වෙනත් ක්‍රීඩකයන්ගේ හෝ ඔවුන් සතු දැවැන්ත බලය හමුවේ ඔලිම්පික් ක්‍ෂෙත්‍රයේත් තම බලය පතුරුවාගෙන තිබෙන බව ඇත්ත. ඒත් මේ ජගත් කාර්යභාරයන්හිදී පවත්වාගත යුතු ගුණාත්මකබව මෙන්ම පසුව කොමිෂන් පත් කර අඩු ලුහුඬුකම් සොයනවාට වඩා හැකි එකෙක් හරි මේ වගේ දේට කර ගහන ‍එක හොදයි.

    අනිත් එක තමයි තමන් ජීවත්වන තුන්වන ලෝකේ රටක් වෙනුවෙන් තරඟවැදිල ජය ගන්න එක තමයි හොද. ඒත් ඔවුන් ජය ගත්ත විට ඒ අවස්ථාවේ රතු පලස් මතින් කැදවා ගෙන විත් අරක දෙනවා මේක දෙනවා කියානොදී පසුව එම ක්‍රීඩකයන් ඒ වෙනුවෙනු කරනා යමක් තිබේද? එසේම අපේ රටේ පවා මේ වගේ ජයගත්ත අය රැදුනේ එක්කෝ ඡන්දේ ඉල්ලන්න, එහෙම නැත්නම් කාට හරි කඩේ යන්න, එහෙමත් නැත්තම් ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ මුල් පුටු වෙනුවෙන් කුලල් කන්න.සමහර විට වෙන රටවල මේ තත්ත්වය නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. එසේම අපේ රටේ පවා මේ වගේ ජයගත්ත අය රැදුනේ එක්කෝ ඡන්දේ ඉල්ලන්න, එහෙම නැත්නම් කාට හරි කඩේ යන්න, එහෙමත් නැත්තම් ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ මුල් පුටු වෙනුවෙන් කුලල් කන්න.සමහර විට වෙන රටවල මේ තත්ත්වය නැතුව ඇති...//

      ++++++++++++++++++++++++++++++

      Delete
  4. මේරියන්ස් ජෝන්ස් මේ ලිස්ට් එකට එන්නේ නැද්ද?

    ඇමරිකාව විතරක් නෙමෙයි එංගලන්තෙත් දැන් අප්‍රිකානු මිනිසුන් ආනයනය කරන්න පටන් අරන්නේ. මීටර් 10000 ශූරයා ඉංග්‍රීසි ජාතිකයෙක්. නමුත් කළු ජාතිකයෙක්. ඔහුගේ බිරිඳ කළු ජාතික සම්භවයක් ඇති ඉංග්‍රීසි ජාතික කාන්තාවක්. ඇය හා විවාහ වීම නිසා ඔහුට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබිලා. එම ජයග්‍රහණය කොතරම් දුරට එංගලන්තවාසීන්ව සතුටු කරනවද කියන එක නං පුදුමයක්

    ReplyDelete
  5. මේරියන්ස් ජෝන්ස් කියන්නෙත් දක්‍ෂ ක්‍රීඩිකාවක්. ඒත් අවාසනාවට ඇය තවත් දක්‍ෂතාවය තියුණු කරගන්නට භාවිතා කළ දේවල් නිසා ඔලිම්පික් පදක්කම් අහිමිකිරීමත් සමත මේ කීර්තිමත් ලැයිස්තුවට එක් කිරීම ‍නොගැලපීමක් නිසා ඇයව මෙම ලැයිස්තුවට යොදා ගත්තේ නැහැ.

    ඇයි, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් විට කළු ජාතිකයින් ක්‍රීඩා කරන්නේ. ඉතින් එහෙ එකේ මේ ජයග්‍රහණ එංගලන්ත වැසියන්ට අමුතු දෙයක් වෙන්න බැහැ‍ නේද? කවුරු වුනත් තමන්ගේ රටට කීර්තියක්නේ ගෙනෙන්නේ -
    Chris Lewis - http://en.wikipedia.org/wiki/Chris_Lewis_%28cricketer%29

    Devon Malcolm - http://en.wikipedia.org/wiki/Devon_Malcolm

    ඉහත සබැදියන්ගේ තියෙන්නේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ කළු ජාතිකයින් පිළිබදව තොරතුරුයි...

    ReplyDelete
  6. මේරියන් ජෝන්ස් දිනුවේ තහනම් උත්තේජය වලින්. අන්තිමේ අඬලා වැරැද්ද පිලිඅරගෙන ෂේප් උනා.

    ReplyDelete
    Replies
    1. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මේරියන් ජෝන්ස් දිනුවේ තහනම් උත්තේජය වලින් බව තමයි මම ව්‍යංගාර්ථයෙන් පවසා තිබෙන්නේ. ඒත් ඇය විසින් ඊ‍ට පෙර ඇමරිකාවට ලබා දුන් කීර්තිය අවතක්සේරු කරන්නට බැහැ. මෙන්න මේ සබැදියෙන් අවශ්‍යනම් ඒ ගැන දැන ගන්නට පුළුවන්. -
      http://en.wikipedia.org/wiki/100_metres

      අඬලා හරි වැරැද්ද පිළිගත්ත එකට ගරු කළ යුතුයි.

      Delete
  7. ඇමෙරිකානුවෙක් යනු රටේ ඉපදී හෝ රටට ගොඩවැදී තමන්ගේ අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නා තරඟයේ වෙහෙස වෙන ඕනෑම පුරවැසියෙක්.

    ආචාර්ය නිගීෂී ජපන් පුරවැසියෙක්. එහෙත් ඔහු නොබෙල් තෑග්ග දිනන්නට වෙහෙස වූයේ ඇමෙරිකාවේ දී. නොබෙල් තෑග්ග ගත් පසුත් ඔහු තමාව හැඳින්වුනේ නොබෙල් තෑග්ග දිනූ ජපනෙක් හැටියට. ඒ ඔහුගේ කැමැත්ත.

    යම් රටක දී තම දක්ෂකම් පෙන්වන්නට නොහැකි නම් ඇමෙරිකාවේ දී ඒ දක්ෂකම් පෙන්වන්නට වාතාවරණයක් හදා දීම ලෝක ආධිපත්‍ය්‍ය යැයි සලකන අයගේ රටවල් දුප්පත් වීම හා දක්ෂයන් අඩු වීම ගැන පුදුම වෙන්නට බැහැ, එහෙම හිතන තාක් කල් දුප්පත් වී සහ දක්ෂයන් අඩු වී සිටීවි. ඒත් කවදා හො දවසක තම රටේ ද දක්ෂයන්ට ඉඩක් දෙන වාතාවරණයක් හැදුවොත් තම රට ද පෝසත් හා දක්ෂයන් පිරි රටක් වේවි යැයි කිව්වාට පිළිගන්නේ නැතිව එහෙම කරන තැනකට ඇඟිලි දිගුකර එයා ආධිපත්‍යයක් පතුරුවා ගන්නට යනවා යැයි කීම ඉතා පහසුයි.

    ඇමෙරිකාවේ තමයි මරියා ශරපෝවා පුහුණු වෙන්නෙත්. ඒත් ඇය තරඟ කරන්නේ රුසියාව වෙනුවෙන්. ඇමෙරිකන් පුහුණුකරුවෙක් තමයි රොජර් ෆෙඩරර් පුහුණු කරන්නෙත්, ඒත් ඔහු තරඟ කරන්නේ ස්විට්ස්සර්ලන්තයට.

    මේන් විශ්ව විද්‍යාලයක ලංකාවේ ටෙනිස් ක්‍රීඩකයෙක් තරඟ කරනවා. ඔහු කවදා හෝ දවසක අන්තර්ජාතික තරඟ වලට යද්දී යන්නෙ ලංකාවෙන්.

    යුරෝ ෆුට්බෝල් තරඟාවලිය නරඹන අයෙකුට ජර්මනිය වෙනුවෙන් ක්‍රීඩා කරන තුර්කි Serdar Taşçı , Mesut Özil, වැන්නුවන් සහ ස්විට්ස්සර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන Hakan Yakın, Gökhan İnler, Eren Derdiyok වැන්නුවන් දකින්නේ නැද්ද?!!

    RanDil ඔබ හරි. යුරෝපය දැන් අර්ධ ශතකයක් තිස්සේ ආසියානුවන්, අප්‍රිකානුවන් හා මැදපෙරදිගින් ජනතාව යුරෝපයට කැඳවා ගනිමින් තියෙනවා.

    තමන්ගෙ රටවල ඉඩක් හා තැනක් නොදී තමන්ගේ මිනිස්සු වෙනත් රටවලට යෑම ගැන අඳෝනා කීම නවතා ඒ දක්ෂයන් හා වෙහෙස වෙන්නන් තමන්ගේ රටේ රඳවා ගන්නේ කොහොම දැයි සොයා බලන්න පටන් ගන්න.

    මේරියන් ජෝන්ස් තහනම් ඖෂධ ගත්තා යැයි පිළිගත් නිසා 2000 සැප්තැම්බර් සිට ඇයට ලැබි පදක්කම් සියල්ල අහිමි වූනා.

    ReplyDelete
    Replies
    1. Aruni USA walata kahina eka nawaththannema nadda manda..

      Delete
    2. ස්තූතියි අරුණි, ඔබ ලියනා මොන දෙයින් වුනත් ඉගන ගන්න දෙයක් තිබෙනවා.

      තමන්ගේ රටේ තැන ලැබෙන්නේ නැත්නම් එය ගෞරවනීය ලෙස හා සුමට ලෙස ලැබෙන රටකින් හෝ ග්‍රහලෝකයකින් හෝ ලබා ගැනීම ගැන කාටවත් දොසක් කියන්න ලැබෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් කැමති හොද පහසුකම්, හොද සදාචාරයක්, හොද නීති පද්දතියක්, විනයත්, හික්මීමක් තියෙන රටක ජීවත් වෙන්න.

      ලංකාවේ විතරක් නෙමෙයි තෙවන ලෝකයේ නොදියුණු රටවලින් වැඩිදුර අධ්‍යාපනයට හෝ තමන්ගේ කුසලතාවයන් වර්ධනයට, පුහුණුවට යන බොහෝ දෙනෙක් ඒ රටවල පුරවැසියන් වෙන්න එක හේතුවක් ඒක. තමන්ගේ රටට තියෙන අඩු ආදරය නිසාම නොවෙයි ඒ තත්ත්වයට පත්වන්නේ. ඒත් අපේ රටේ ඉන්න බොරු දේශ හිතෛෂීන්ට එය නොතේරෙනවා නොවෙයි මායාන්දකාරයකින් අනුන්වත් රැවටීමයි කරන්නේ.

      Delete
    3. @Ano,,
      Aruni Americawata kadey yanne na... E liyala thiyenne aththa....

      Oya kata kadey yanawada manda? Eth ape ratey hamoma kadey yanawa,,,,

      Americawe jeewath wena kenek hatiyata mey ratey minissu ta katawath kadey yanna,,, gotu
      allanna welawak na...

      Apey ratey thiyena sampath raka ganna uthsaha karanna,,,,

      Delete
    4. අරුණි අක්කා කියන කථාව හරි. තමන්ගේ රටේ ගොඩ එන්න බැරි නම් වෙන රටකට හෝ ගොස් ගොඩ එන්න, ඔලිපම්පික් පදක්කමක් දිනන්න වැඩි දෙනෙක් කැමති වේවි. ඒත් මං කියන්නේ ක්‍රීඩකයින්ගේ පැත්තෙන් නෙමෙයි. පීඩිතව ඉන්න හැමෝම කැමතියි හොඳ දිවි පෙවෙතකට යන්න. ඒක සාධාරණයි. ක්‍රීඩකයින්ටත් සාමාන්‍ය ජනතාවටත් කාටත් සාධාරණයි. ඒත් රටක් හැටියට ගත්තහම දියුණු රටවල් මේ කරන දේ හරිමයි කියලා මට හිතෙන්නේ නැහැ. තමන්ගේ රටේ ක්‍රීඩකයින් නගා සිටුවලා, ඔවුන් ගන්නේ ‍රීදී පදක්කම වුනත් ලෝකඩ පදක්කම වුනත් සෑහිමකට පත්වීම වැදගත් නේද? ඇත්තටම මේ විදිහට අනෙකුත් රටවල් වලින් ක්‍රීඩකයින් ආනයන කිරීමෙන් දිනීමෙන් ඇති සංතෝෂය කුමක්ද කියලා යි මට හිතෙන්නේ. ක්‍රීඩකයින්ගේ පැත්තෙන් ඔවුන්ට ලොකු සතුටක් හොද රටක් වෙනුවෙන් සෙල්ලම් කිරීමට ලැබීම. මං මේ කියන්නේ ඒ රට සහ ඒ රටේ ඉපදුනු ක්‍රීඩකයින්ගේ පැත්ත ගැන හිතුවහම එතරම් සතුටු වෙන්න බැහැ නේද කියන එකයි. මේ විදිහට බැලුවහම ඔලිම්පික් තරඟාවලියේ තේරුම තනිකර ම පදක්කම් මල්ල තර කරගැනීම පමණක් බවයි මට හැඟෙන්නේ....

      Delete
    5. RanDil,

      රටක් හැටියට එන හැම අයෙකුට ම තරඟයට සුදුසු වාතාවරණයක් ලබා දීම රටේ වැරැද්දක් යැයි සලකන්නේ ඇයි?

      ග්‍රැනඩාවෙන් මීටර් 400 තරඟ කරන Kirani James රත්තරන් පදක්කම දිනුවා. ඒ ග්‍රැනඩාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම. එයා ක්‍රීඩා පුහුණු වූයේ ඇමෙරිකාවේ ඇලබැමා විශ්ව විද්‍යාලයේ. නමුත් තරඟ කරන්නෙ තමන්ගෙ රට වෙනුවෙන්.

      මෙහෙ පුහුණු වෙන ඒත් තම තමන්ගෙ රටවල් වෙනුවෙන් තරඟ වදින සංඛ්‍යාව අති විශාලයි. කළින් උත්තරේ මරියා ශරපෝවා ගැන ලියුවෙත් ඒ නිසයි. ඇයි ඒකෙ ඇති වැරැද්ද?

      චීනයේ හරි වෙන කොහේ රටක හරි ගිහින් පුහුණු වෙලා ඔලිම්පික් පදක්කම් වැඩියෙන් දිනන්න හැකියාවක් ඇත්නම් බහුතර ඇමෙරිකන් ක්‍රීඩකයන් ඒ රටට ගිහින් පුහුණු වෙනවාට මම විරුද්ධ වෙන්නෙත් නැහැ.

      ඔලිම්පික් විතරක් නෙමෙයි ජීවිතයේ තරඟයේ ද තේරුම මල්ල තර කර ගැනීමයි. මල්ලෙ පුරවාගන්නේ රත්තරන් ද නැත්නම් පව් පින් ද කියන එක ඒවා පුරවා ගන්න පුද්ගලයාගේ කැමැත්ත. ඒක වෙනස් කරන්න කිසිම නීතියකින් බැහැ.

      Delete
    6. මගේ අදහසත් අරුණිගේ අදහසට ආසන්න වශයෙන් සමාන කමක් ගනී යයි සිතනවා. තමන්ගේ රටේ පහසුකම් හරියට නැත්නම් හා අදාල බලධාරීන්ට එම පහසුකම් ලබා දීමේ හැගීමකුත් නැත්නම් තමන් කැමති රටකට ගිහිල්ල පුහුණු වෙලා තමන් කැමති නම් මව්බිම වෙනුවෙන් හෝ තමන් පුහුණුව ලැබූ රට වෙනුවෙන් හෝ ස්වාධීනව (උදාහරණයක් ලෙස ඔලිම්පික් ධජය යටතේ) ක්‍රීඩා කිරීම ඒ අයගේ කැමැත්තක්.

      අනෙක මේ වැරැද්දක් කියනවා නෙමෙයි. පසුගිය දශක කිහිපය තුලම දැක්ක දෙයක් තමයි යම් ක්‍රීඩකයෙක් ජය ගෙන ආවාම පත්තරවල පිටු පිරෙන්න ඔහු ගැන, ඔහුගේ මව්පියන් ගැන, සහෝදර සහෝදරියන් ගැන, ඔහු කැමති කෑම, පෙම්වතියන් කීයක් ඉන්නවාද, යනාදී මෙකී නොකී දේවල් ගැන තොරතුරු වගේම තරඟය දිනල එනකොට රතු පලස් මතින්, රටේ ඉන්න ඇමතිවරු ගිහිල්ල පිළිඅරගෙන, ඊට පස්සේ රථ පෙරහැර වලින් ගෙනැල්ල තව විවිද උත්සව තියල තව තව දේවල් දෙනවා කියලා පුම්බල තිබුනත් අර සෝඩා බෝතලේ කැඩුව වගේ ටික දවසක් ගතවුනාට පස්සේ නැවත පියවි ලෝකෙට අර මනුස්සයත්, රටේ මිනිස්සුත් ආවට පස්සේ මේ කිව්ව කෙරුව දේවල් අමතක වෙනවා වගේම පොරොන්දුත් හැම එකක්ම ඉටු වෙන්නේ නැහැ.

      අපිට ඇමරිකාවේ, එහෙමත් නැත්නම් රුසියාවේ හො වෙනත් රටක මීට දශක කිහිපයකට පෙර ක්‍රීඩා කරපු ජය ගත්තු ක්‍රීඩකයෝ ගැන කතා කරන්න තරමට ප්‍රතිරූපයක් ඔවුන් විසින් ගොඩ නගා ගෙන තිබෙනවා වගේම සමාජය විසිනුත් ඔවුන්ට හිමි ගරුත්වය ලබා දීලා තියෙනවා. ඒත් අපේ රටේ ඩන්කන් වයිට්, ජූලියන් බෝලින් හැරුන කොට ඒ වගේ සුවිශේෂ ගරුත්වයක් තිබෙන මතකයක් රදවලා තියෙන ක්‍රීඩකයෝ නැති තරම්. උදාහරණයක් ලෙස 90 දශකයේ ආසියානු පදක්කම් දිනල ආව ශ්‍රීයන්ත දිසානායක ඉන්නවද නැත්ද දන්නේ නැහැ. ඒ වගේම මැරතන් කරූ ඉන්නව කියල දැනගත්තෙත් ජෙයරාජ් ඇමතිතුමා ඝාතනය කළ බෝම්බ ප්‍රහාරයෙන් ඔහුත් මිය ගියාට පස්සේ. කොච්චර අපි කෑගැහුවත් ලංකාවේ ක්‍රිකට් හැරුණ කොට අනෙක් ක්‍රීඩා තියෙන්නේ ගව්ගානක් පස්සේ සහ එම ක්‍රීඩකයනගේ දස්කම් පවා කලාප මට්ටමෙන් එහාට ගිහිල්ල නැහැ.

      මගේ අදහස නම් ලංකාවට ගරුත්වය ගේන්න එම ක්‍රීඩකයා උසස් පුහුණුවක් වෙන රටකින් ලබලා ලංකාවටම තරඟ කරන්න ඕන නැහැ. ඔහු වෙනත් රටකින් ක්‍රීඩා කළත් ඔහුගේ උපන් බිම ගැනත් ඔහු ගැන කතා කරන කොට කතා කරාවි. ඔහුට තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් හොදම දේ විදියට කරන්න තියෙන්නේ ඔහු කුමන හෝ රටකින් ක්‍රීඩා කරල ජය ලබලා, කීර්තිය ලබල එයින් ලැබෙන ඵල ප්‍රයෝජන ඔස්සේ තමන්ගේ රටේ ක්‍රීඩාව උන්නතිය වෙනුවෙන් යමක් කරන්න.

      ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි ‍මොනම ක්‍ෂෙත්‍රයක වුනත් කැපී පෙනෙන දස්කමක් පෙන්වපු කෙනෙක් කැමතියි ක්‍රීඩා පිටියෙන් පිටට ආවට පස්සේ සමාජයේ ඒ ඒ අවස්ථාවල තමන්ට හා තමන්ගේ සමීපතමයන්ට එයින් යම් වරප්‍රසාදයක් (මේ කියන්නේ තමන් කැමති නොසන්ඩාලකම් කරමින් එයට නී*යේ හෝ දේශ***යේ ආවරණයක් ලබා ගැනීම නොවෙයි. වරප්‍රසාද විදියට තමන්ට යම් දිරිදීමත් විදියකට සැලකිය යුතු ත්‍යාගයක් ලැබීම සාධාරණයි. ඒවගේම ඔවුන් වෙන ර‍ටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම හෝ ඒ රටක ජීවත් වීම පිළිබදව කාටවත් නීති දාන්න බැහැ. ‍මොකද තමන්ට යමක් කර ගන්න පුළුවන් නම් කවුරුත් කැමතියි තමන්ට කියල හොද ජීවන තත්ත්වයක්, තමන්ගේ දරුවන්නට හොද පාසලකට යවලා උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න, හොද සමාජ වටපිටාවක් ඇති පරිසරයක ජීවත් වෙන්න. තමන්ට හා තමන්ගේ සමීපතමයන්ට සුදුසු පිළිගැනීම වගේ දේවල් ලබන්න. ඉතින් තමන්ගේ මව්බිමෙන් ඒ දේවල් නොලැබෙනවා නම් හා අපි ඔවුන්ට හුරේ දැම්මා කියල ඒ දේවල් ඔවුන්ට ලැබෙන්නෙත් නැත්නම් තමන් කැමති තීරණයක් ගැනීම ඔවුන්ට භාරයි.

      ඒ වගේම අවසානයේ කියන්න ඕන ක්‍රීඩකයෙක් හෝ මොනයම් දෙයක දස්කම් පෙන්වන කෙනෙකුට ගරුත්වය ලබා දීම සමාජයේ යුතුකමක් වගේම ඒ ගරුත්වය ලැබෙන අයුරින් හැසිරීමටත් ඒ දස්කම් පෙන්වන කෙනත් හිතට ගැනීම සිදුවිය යුතුයි...

      Delete
  8. ස්තූතියි දිනේෂ් දැනුවත්කිරීම්වලට, ඔයා ගොඩක් මහන්සිවෙල තියෙනව ලිපිය සකස්කරන්න.

    කමෙන්ට් කරපු හැමෝම ක්‍රීඩාවයි දේශපාලනෙයි ගැන කතාකරල තියෙනව. ඇමරිකාවෙ දස්කම් ගැන නම් අපිට ඉතින් නිතර කියවන්න ලැබෙනව නේ. මේ ලිපිය කියවද්දි මට හිතුනෙ නම් ඇයි ලංකාවට ඔලිම්පික් හීනයක් වෙල තියෙන්නෙ කියල. අපේ රටේ හැම ක්‍ෂේත්‍රයකම කිඳා බැහැල තියෙන මේ තුප්පහි දේශපාලනේ කවද ඉවරවෙයි ද මන්ද, එදාට අපිටත් ඔලිම්පික් පදක්කම් ගැන සුළුවෙන් හරි බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වෙයි. මේ පාරත් ක්‍රීඩා කරන්න ගියපු ක්‍රීඩකයොන්ටත් වඩා තුන් හතර ගුණයක් නිලධාරීන් ගිහින්. මේ මිනිස්සුන්ට අඩු තරමේ ලැජ්ජාවක්වත් නැද්ද මන්ද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ කියනා දේට මමත් එකඟයි. මේවා ගැන කතා කරන්න ගියොත් සිදුවිය හැකි අවාසනාවන්ත ‍දේවල් නිසා කටපියා ගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ...

      Delete
  9. ඔලිම්පික් ගැන නොදන්න විස්තර ගොඩක් දැනගත්තා. ඇමරිකාවේ දියුණු පහසුකම් මේ ජයග්‍රහණ පිටුපස ඇති.

    අපිටත් ඔය පහසුකමුයි නිදහසයි තිබුණානම් අයියේ අපේ අයටත් මේ වගේ එන්න තිබුණා. කෝ කොහේද අපේ රටේ මේ පාර ඔලිම්පික් ගිය කණ්ඩායමේ සංයුතියම ලෝක වාර්තාවක්ලු නේ.

    ReplyDelete
    Replies
    1. Apita pahasukam thiyenwa,,, eth deshapalanayak issarahata awith,,,,,

      Duwanna Bari eka,,, issarahata danawa,, u deshapalanayayata sambandai nam,,,

      Puluwan ekata pasubahinna wenawa,,,

      Ms.Susanthikage kata nisa eya idiriyata giya,,,

      Delete
    2. ඔබතුමාගේ ඇතැම් කරණු වලට නම් එකඟ වෙන්න බැහැ. ඇයි ක්‍රීඩකයෙක් කටෙන් ඉස්සරහට එන්නේ. වෙන්න ඕන දක්‍ෂකමෙන් ඉදිරියට එන එකයි. ලංකාවේ දමයන්ති දර්ශල, ශ්‍රීයානි කුලවංශ, සුගත් තිලකරත්න වගේ අයත් කට නිසා නෙවෙයිනේ ඉදිරියට ආවේ.සුසන්තිකාට වුනත් මීට වඩා ඉදිරියට එන්න තිබුනා දක්‍ෂකම මීට වඩා කල්පනාකාරීව භාවිතා කර සහ තමන් ගැන මීට වඩා හොද image එකක් ගොඩ නගා ගැනීම තුලින්. ක්‍රීඩකයෙක් කියන්නේ දක්‍ෂකමට ගරු බුහුමන් ලැබිය යුතු‍ කෙනෙක්. එහෙම නැතුව කට හෝ බාහු බලයෙන් හිස උදුම්මා ගත යුතු අයෙක් හෝ දේශපාලනයට ක්‍රීඩාව යොදා ගෙන සම්බන්ධ විය යුතු කෙනෙක් නොවෙයි...

      Delete
  10. ස්තූතියි! ඔව් ඔවුන් තම ක්‍රීඩකයන්ට උසස් පහසුකම් වගේම තව බොහෝ දේ ලබා දීම මේවගේ ජයග්‍රාහයන් බිහිවීමට හා ජයග්‍රහන ලැබීමට හේතුවක් වීම රහසක් නොවෙයි.

    ම්... අපේ ර‍ටේ දේවල් හැම වෙලාවෙම පහතට දානව නෙවෙයි. ඒත් හැ‍මෝම බලන්නේ රට සවාරියක්, පුහුණුකාරය නැතත් තමන්ගේ හිතවත් කෙනෙක් ගෙනියන්න හරි, ව‍‍ගේ දේවල් නේ....

    ReplyDelete
  11. Hi, I do think this is an excellent web site. I stumbledupon
    it ;) I may revisit once again since I book-marked it.
    Money and freedom is the greatest way to change, may
    you be rich and continue to guide other people.
    Also see my site - my blog log

    ReplyDelete