-->

Monday, December 19, 2011

රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2


ඔබලාට මතක ඇති මීට මාසයකට විතර කලින්, යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era යන මාතාකාව යටතේ ලිපියක් සත් සමුදුරේ පලකලා. ඒ ලිපිය ලිපි මාලාවක පළමු වැන්න වුනාට ඉන්පසුව එහි දෙවන කොටස විවිද හේතුනිසා පලකරන්න බැරිවුනා. මෙන්න එහි දෙවන ලිපිය මේ ලිපියෙන් කතාකරන්නට බලාපොරොත්තුවෙන්නේ රෝම යුගයට පසුව එළඹුන මධ්‍යතන යුගය එහෙමත් නැත්නම් යුරෝපය ආපස්සට ගමන්කල යුගයක් ගැන කතා කරන්නයි.

මේ ලිපියේ ආරම්භයේ Medieval කියන වචනය ඔබ දකින්නට ඇති එය ලතින් බසින් බිදි ආ වදනක්. එය ලතින් බසින් දක්වනවා නම් "Medium aevum" එහි අර්ථය ඉංග්‍රීසි බසින් "The Middle Ages" යන්නයි. මධ්‍යතන යුගයට පෙරාතුව තිබුන යුග ඔබ මේ වන විටත් දන්නා ආකාරයට පෞරානික ග්‍රීක යුගය හා රෝම යුගයයි. ඉන්පසුව එනම් මධ්‍යතන යුගයට පසුව පැමිණි යුගය පුනරුද යුගයයි (Renaissance Period).

මධ්‍යතන යුගය පැවති කාලවකවානුව දළ වශයෙන් දක්වන්නේ නම් එය ක්‍රි.ව. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 15 වන සියවස අතර කාලයේ පැවතුනායයි කිව හැකියි. තවත් ආකාරයකට කියනවා නම් ක්‍රි.ව. 500 සිට ක්‍රි.ව. 1500 දක්වා. මේ කාලය ටිකක් අමුතුයි. මායාකාරියෝ, රදලයෝ, ප්‍රවේණි දාසයෝ විතරක් නොවෙයි. නයිට්වරු, ආර්යාවෝ,රජවරු, බිෂොප්වරු, පූජකයෝ සහ පූජකාරාම වගේම ඒ කාලය අලලා සෑදුන චිත්‍රපටි වලින් වගේම අද පවා නිරුපද්‍රිතව තිබෙන බලකොටු සහ විශාල දේවස්ථාන ආදියත් මහ‍පොලව මත ඉදිවුනේ මේ යුගයේදී. එසේම කුරුස යුද්ද මාලාවේ යුද්දයන් ඇතිවූයේද මේ කාලවකවානුවෙදිමයි (පළමු කුරුස යුද්දය ඇතිවූයේ  ක්‍රි.ව. 1095 දීය).

රෝම යුගයට පසුව පැමිණි යුගය කියල කිව්වට මධ්‍යතන යුගය ආරම්භවෙලා ටිකකාලයක් යනකම් රෝම යුගයත් ඊට සමගාමීව පැවතුනා. තවත් ආකාරයකට කියනවා නම් රෝම පාලනයත් යුරෝපයේ පැවතුනා  ඇතැම් ස්ථාන වල. ඒවගේම විවිද දෙවිතාවතාවන් අදහමින් සිටිය රෝම ජනතාව ක්‍රිස්තියානිකරණය වීම ක්‍රි.ව. 300 ගණන්වල සිදූවු නිසා ඒ දායාදයත් මධ්‍යතන යුගයේ ජනතාවට ලැබී තිබුනා.

එහෙත් රෝම යුගය බිදවැටෙමින් තිබුන අතර එය බටහිර හා නැගෙනහිර යනුවෙන් කොටස් දෙකකට බෙදී තිබුන අතර ‍බටහිර කොටස විවිද ආක්‍රමණිකයන්ට නතුවී බිදවැටුනත් නැගෙනහිර අර්ධය කිතුනු Byzantine අධිරාජ්‍ය නමින් බැබලෙමින් තිබුන අතර එහි අගනුවර වූනේ ඒ කාලයේ කොන්ස්තන්තිනෝපල් හෙවත් දැන් ඉස්තාන්බුල් ලෙස හැදින්වෙන නගරයයි.මේ  Byzantine අධිරාජ්‍යයේ කැපීපෙනෙනම රජූවූයේ  ක්‍රි.ව. 5 වන සියවසේදී රාජ්‍ය පාලනය සිදුකල Justinian I රජුයි.


නැ‍ගෙනහිර කොටස මෙසේ යථාතත්වයේ පැවතුනත් බටහිර අර්ධයේ රෝම පාලනයට නම් උදාවෙලා තිබුනේ හොද කලදසාවක් නොවෙයි. විවිද ජර්මැනික් පාර්ශව වල ආක්‍රමණයන්නට එය නතුවෙමින් පැවතුන අතරේ පොදුවේ Barbarians ලෙසත් හදුන්වන මොවුන්ගෙන්  Saxons වරු බ්‍රිතාන්‍ය අත්පත් කරගත් අතර Franks වරු Gaul දේශය එහෙමත් නැත්නම් වර්ථමානයේ ප්‍රංශය කියන ප්‍රදේශය අත්පත් කරගන්නා අතරේ Goths වරු ඉතාලිය තමන් යටතට ගත්තා. ඒඅනුව ‍එතෙක් පැවති රෝම අධිරා‍ජ්‍යයේ අවසාන අධිරාජ්‍යාගේ බිදවැටීම ක්‍රි.ව. 476 දී පමණ සිදුවෙලා තිබෙනවා.

මේ බිදවැටීමට අමතරවරෝම අධිරාජ්‍යයට ක්‍රි.ව. 434 - 453අතර කාලයේදී සෑ‍හෙන්න බලපෑමක් ඇති කරන්නට එදා සුවිශාල හන් අධිරාජ්‍යයේ පාලකයා වුන Attila ප්‍රමුඛ තැනක් ගෙන තිබෙනවා. එසේම උතුරු යුරෝපයේ ස්කැන්ඩිවිනීයානු රටවල වාසය කල වයිකිංවරුත් ක්‍රි.ව. 8 වන සියවස කාලයේදී ඒ ප්‍රදේශවල අනසක පතු‍රුවාගෙන ඉදල තිබෙනවා.

මේවගේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතිකමය හා ඉතිහාසමය සංසිද්ධීන්ගේ ගැලපීම් වල ඇති පරස්පරතා ඇති මධ්‍යතන යුගයේ පළමු අවධිය හෙවත් Early Middle Ages කියන කාල පරාසය Dark Ages හෙවත් අදුරු යුගයක් ලෙස හදුන්වන අතර ඇතැම් ඉතිහාසඥයන්  මේ ආකාරයේ අස්ථාවරත්වයක් පැවති කාලවකවානුවක් සේ සලකා සමස්ථ මධ්‍යතන යුගයම අදුරු යුගයක් ලෙසත් හදුන්වනුලබනවා.

වැඩවසම් යුගය ලෙසද හදුන්වන මෙම කාලයේ තානාන්තර හා රාජකාරී අනුක්‍රමයෙන් විහිදී තිබුනේ මෙසේය.


ඉහලින්ම රජු සිටි අතර ඔහුට දේවත්වයක් ආරූඪ කර තිබූ අතර මිහිපිට සිටි නියෝජ්‍ය දෙවියෙකු ලෙස ඔහුව සැලකීය. මේ නිසාම නව ‍රජෙකුට කිරල පලන්දවා සිංහසනාරූඩ කිරීම අතිඋත්කර්ශවත් ආගමික උත්සවයකදී ආගමික තත්ත්වයෙන් ඉහලම සිටි ආර්ච් බිෂොප්වරයෙකු විසින් ඔටොනු පලන්දනු ලැබීය.

රජුට පහලින් සිටි ප්‍රභලම කණ්ඩායම වූයේ Barons වරු වූහ. ඔවුන් හා සමමට්ටමෙන් සිටි අනෙක් කණ්ඩායම වූයේ Bishop වරු වූහ.  Barons වරුන්ට පහලින් ඔවුන් යටතේ සිටින්නෝ වූයේ Lords වරුන්ය. මොවුන්ට ඉඩම් හිමි රදල පැලැන්තියේ අය සේම Knights වරුන්ද අයත්වූහ.මේ සියල්ලන්ටම පහලින් සිටින්නවුන්වූයේ Peasants ලෙස හැදින්වූ ප්‍රවේණි දාසයන්ය. Barons වරුන් හා අනෙකුත් ර‍ජුට පක්‍ෂපාත නිලයන් විශේෂයෙන්ම පැවැත්වුන උත්සවයකදී රජුට තම පක්‍ෂපාතීත්වය පෙන්වා සිටියේ දනගසා තමා රජුගේ මිනිසෙකු බව වාචිකව ප්‍රකාශකර සිටීමෙනුයි (Sire, I become your man).

මධ්‍යතන යුගයේ රජවරුන්ට සෛදාන්තිකව දැවැන්ත බලයක් ගොනුවී තිබුනි. එය ප්‍රායෝගිකවද හිමිව තිබුනත් එම බලය පවත්වාගෙන යාම ඔවුන්ට තනිවම කලහැකි කාර්යයක් නොවූ බව මෙම ලිපියේ තවත් ඉදිරියට යනවිට පැහැදිලි වේ. කෙසේවෙතත් ර‍ජවරුන්ට නිලබලයෙන් ලැබී තිබූ මෙම අසීමිත යයි කියන බලය හේතුවෙන් ඔවුන්ට නීති සම්පාදනය, යුක්තිය පසිදලීම, ආරවුල් සමථයකට පත්කිරීම මෙන්ම යාබද රාජ්‍ය සමග යුද ප්‍රකාශ කිරීම, මහා උත්සව පැවැත්වීම ආදිය රජවරුන් මූලිකව සිදුකල කාර්යයන්වූ අතර මේ හැම කාර්යකටම වඩා බාරදුර කාර්යය වූයේ  තමන්ට වඩා පහල ස්ථරයේ සිටි ‍එහෙත් ඇතැම්විට රජුටත් වඩා ප්‍රභලත්වයෙන් සිටි Barons වරුන් තමන්ට අවනතව‍නසේ පාලනය කරගෙන යාමයි. ඇතැම් රජවරුන්ට පමණක් තමන්ගේම කියා ශක්තිමත් හමුදාවක් සිටියත් බොහෝමයක් රජවරුන්ට සිටියේ ඉහත කී Barons වරුන් සපයා දුන් හමුදාවකි. රජවරුන්ට තම පරම්පරාවෙන් උරුමවූ සැපසම්පත් ධනය මෙන්ම තම පක්‍ෂපාතී Barons වරුන්,  Lords වරුන් ලබාදුන් වස්තුව මෙන්ම තමන් අතින් පරාජයට පත්වූ රජවරුන්ගේ හෝ ප්‍රභූන්ගේ වස්තුවද අයිතිවිය. තවද විශාල බලකොටු, උද්‍යාන, විවිද සතුන් මෙන්ම රූමත් ලලනාවන් රැසක්ද රජුට හිමිවී තිබුනි.

රාජ්‍යයේ උත්සව අතර නයිට්වරුන් එකනෙකා සටන්වැද තම ශක්තිය පෙන්වූ War Games ප්‍රධානවිය. මේවා Mock Battle නැතහොත් tourney ලෙසද හැදින්වූ අතර රාජ්‍යයේ සිටි ප්‍රභූන්, ආර්යාවන් හා කෙරුම්කාරයන් එකට නැරඹූ ලේ වැකුන උත්සවයක් විය. මෙහිදී සෙල්ලමට සටන් කිරීමක් නොව පරාද වන ප්‍රතිවාදියා තම හිතවතෙකු වූවත් ඔහුව අවසානයේ මරාදැමිය යුතු උත්සවයක් විය. මෙය පිරිමි පමණක් නොව කාන්තා පාර්ශවයද සතුටින් නැරඹූ ජාතික මට්ටමේ උත්සවයක් බවද කියයි.

රජවරුන් අත‍ලොස්සක්ම හැරුන කොට අනෙක් රජවරු අකුරු දැන සිටි අය නොවූ බවටද මතයක් ඇත. ඔවුන්ට ලියකියවිලි ලියලිය සිටීමට අවශ්‍ය නොවූහ අකුරු දත් රාජ‍්‍යයේ සිටි අය රජුට අවශ්‍ය ලේඛණ සම්පාදනය කරදුන් අතර රජුට තිබුනේ එයට තම මුද්‍රාව තියා වලංගුබාවය ලබාදීමයි. තවද ඔවුන්ට අකුරු ඉගන ගන්නවාට වඩා තම රනශූරත්වය දියුණුකරගැනීම, විනෝදයෙන් කල්ගත කිරීම වැදගත්විය. ඇතැම්විට තමන් දන්නා මනුශ්‍ය සතුරන් පමණක් නොව දූශමාන ආරංචි ඔස්සේ දැනගන්නට ලැබුන අමනුශ්‍ය සතුරන් සොයා මරා දැමීමට රටපුරා ගිරිදුර්ග වනදුර්ග පසුකර සංචාරය කල යුතුවූ අතර අද පවා අසන්නට ලැබෙන සුරංගනා කතාවල සිටින මායකරුවන්/මායාකාරීයන්, ඉන්‍ද්‍රජාලිකයන්, සිරකරන ලද කුමාරිකාවන් ආදි කතාවලද කාලවකවානුව සැලකිල්ලට ගතහොත් මධ්‍යතන යුගයට නෑකම් කියන බවක් පෙනේ.

අතිශෝක්තියෙන් බොහෝ කාරණා මෙකල සිදුවූ බව කියයි. වර්ථමානයේ පවා මේ යුගය ගැන සදහන් වන බොහෝ කරුණු වලට ඒකාලයේ පටන් මේ අතිශෝක්තිගත කාරණා ඇතුලත්වූ නිසා සත්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය කරුණු රැසක් තිබෙන බව ඉතිහාසඥයන් ඇතැම් අවස්ථාවල පවසයි. කරුණුකාරණා තර්කානුකූලව නිවැරදි කරගැනීමට එහෙමත් නැත්නම් තේරෙන විදියට කියන්නේ නම් "තාරබර" ඉවත් කර ලබා ගැනීමට රජවරු ඇතුළු සියළු දෙනාට අවශ්‍යවූයේ නැතිබව කියයි. මේ කාරණවලට එක් උදාහරණයක් නම් එංගලන්තයේ ඉහලින් ගෞරවාදරයට පත්වූ මහා ආතර් රජුගේ පුරාවෘතය අනුව ඔහු මිය ගියේ නැත. සිදුවූයේ ඔහු දීර්ඝ නින්දකට යාම පමණකි. යම් දිනයක නැවත ඔහු අවධිවේ. කෙසේවෙතත් මෑතක ඩිස්කවරි නාලිකාවෙන් නිෂ්පාදනය කල වැඩසටහනකදීද කියවුනේ ආතර් රජු යනු මුළු එංගලන්තයම පාලනය කල රජෙකු නොව ප්‍රාදේශීය පාලකයෙකු වීමට බොහෝඉඩකඩ ඇතිබවයි. ඒ සදහා ඔවුන් සාක්‍ෂි රැසක්ද ඉදිරිපත් කලහ.

‍එසේම කුඩාකල පටන් අප දන්නා රොබින් හුඩ් චරිතයටද පදනම් ඇත්තේ මෙම මධ්‍යතන යුගයයි. හිස් ආවරණයක් දාගත් (hood) රොබින් නම් මිනිසා ගැන පුරාවෘතය සත්‍ය මිනිසෙකු පදනම් නොවූ කාරණයක් යයි ඇතැම් ඉතිහාසය පිළිබදව ප්‍රවීනයන්ගේ අදහසයි. එකල රජවරුන් හා රදලයන්ගෙන් බැටකමින් සිටි ප්‍රවේණිදාස ජනයා තමන්ට පිහිටවීමට මෙවන් මිනිසෙකු පැමිනෙනවානම් යන සිතුවිල්ල ඇතැම් විට මෙවන් ශක්තිමත් කතාවක් ගොඩනගන්නට හේතුවන්නට ඇතැයිද නැතහොත් ඒ ඒ අවධිවල ප්‍රභූන්ගේ පීඩනය ඉවසා ගත නොහැකිව විවිද කැරලි සිදුකරන්නට ඇති පුද්ගලයන්ට මෙවන් සැලකිල්ලක් ලබාදෙන්නට ඇතැයිද මතයක් පවතී.

රජු හෝ ඊට පහලින් සිටි වෙනත් අය නීතිය පසිදලීමේදී නිවැරදි යුක්තිය කෙසේවෙතත් රජුට හෝ එම ප්‍රභුවරයාට හැගෙන යුක්තිය අවසාන තීන්දුව විය. එයට හිස නමනු විනා අභියෝග කිරීම කිසිවිටෙක නුවණට හුරුනොවීය. නිවැරදි සාක්‍ෂි විමසුමක් ‍හෝ යථාර්තවාදී විනිශ්චයකට යනු පසෙක තබා තමන්ගේ සිතට දැනෙන‍ හෝ තමන්ට පාඩුවක් නොවෙන විනිශ්චයක් ලබාදීම මෙකල සුලභවූ බව කියයි.

ලිපියේ පෙරද සදහන් කල පරිදි රජුට පසුව බලවත් වූයේ Barons වරුන්ය. මෙම ප්‍රභූන් සතුටින් තැබීම හෝ ඔවුන් තමන්ට අවනත වන අයුරින් පාලනය කරගැනීම එකල රජවරුන්ට පැවරී තිබුන බාරදූර කාර්යයක්විය. නැතහොත් ඔවුන් රජුට විරුද්ධව පෙරලා කැරලි ගසන හෙයිනි. කෙසේවෙතත් මෙම Barons වරුන් රජු‍‍ගෙන් ඍජුවම නින්දගම් පිදුම් ලැබූ ඇත්තෝවූහ. රජුගේ හමුදාවට අවශ්‍ය සේනාව සපයා දීමද මොවුන් කර ඇත. ඇතැම් Barons වරුන්ගේ බලප්‍රදේශ ඔවුන්ටම අවශ්‍ය ආකාරයකට එම අයගේ නීතිරීති දියත් කරමින් බලකොටුවල වාසයකරමින් සිට ඇත. මෙය යුරෝපය පුරාම දක්නට ලැබුනි.

Vlad Dracula
12 වන සියවසේදී පමණ මෙය කැපී පෙනනු බව පැවසෙන අතර ප්‍රංශයේ සිටි Sire de Coucy නම් Barons වරයාට තම ශරීර ආරක්‍ෂකයන් වශයෙන් නයිට්වරුන් 50 දෙනෙකු සිටිබව පැවසෙන අතර එම එක් නයිට්වරයෙකුට 10 දෙනා බැගින් සහායක භටයන් සිටිබව කියයි. එපමණක් නොව කුලී හේවායන්ගෙන් සැදුම්ලත් හමුදාවක්ද ඇතැම් බැරන්වරුන් සතුවිය. එයට විවිද ජාතිකයන්යන්ට අයත් සොල්දාදුවන්, පිටුවහල් කරන ලද අපරාධකරුවන් සේම විවිද හේතු නිසා පිටුවහල්කරන ලද නයිට්වරුන්ද ඇතුලත්විය.

මේ සියළු බැරන්වරුන් අතරින් අතිබලගතු බැරන්වරයාලෙස හැදින්වෙන්නේ ක්‍රි.ව.1430-1476 අතර කාලයේ රුමේනියාවේ ට්‍රාන්ස්වෙල්වේනියාවේ වාසය කල Ghoulish Vlad Tepes නම් බැරන්වරයායි. පුරාවෘත්යන්ට අනුව ඔහුගෙන් හා ඔහුගේ අණදුන් සේනාව අතින් දහස් ගණනක් මිනිසුන් අනේක වදවේදනාවිද ජීවිතයෙන් සමුගත් බව කියයි. ඔහු පිළිබදව ඔබද දන්නා අතර ඔහුගේ ප්‍රසිද්ධම නාමය නම් Dracula වේ. එනම් එහි අර්ථය Dragon's Son යන්නයි.

මීලඟ ලිපිය -
රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3
මූලාශ්‍ර -

http://industrialrevolution.sea.ca/causes.html
http://www.nvcc.edu/home/jwulff/mus103/renaissance_period.htm
http://en.wikipedia.org/wiki/Depiction_of_the_Middle_Ages_in_popular_culture
http://en.wikipedia.org/wiki/Early_Middle_Ages 
http://listverse.com/2011/02/15/top-10-reasons-we-should-revive-the-dark-ages/

16 comments:

  1. මම කැමතිම මාතෘකාවක්..බොහොම පැහැදිලිව සරලව තියනවා..ඔබට ස්තූතියි.
    හැකි විදියට ඉතිරියත් ලියන්න.

    ReplyDelete
  2. රෝම අදිරාජ්‍යයේ තිබූ නිදහස ( අවම වශයෙන් රෝමන් වරුන් ට පමනක් ) රෝම අදිරාජ්‍යයෙන් තම රටවල් බේරා ගත් පාලකයන් තම ජනතාවට ලබා නොදීමත් රෝම පාලකයන් ට වඩා අන්ත ගාමී පාලන්යක් රැගෙන යමින් අදුරු යුගයක් කරා නැවත යාමත් පුදුම සහගතයි .......
    පොඩ්ඩක් බැලුවොත් බටහිර අදිරාජ්‍ය වාදී න් ගෙන් නිදහස ලබා ගත් බොහෝ යටත් විජිත වර්තමානයේ මෙවැනි තත්වයක් පෙන්නුම් කරමින් සිටිනවා නොවේද ..... ?

    ReplyDelete
  3. වෙනදා වගේම ආසාවෙන් කියවපු ලිපියක්. පුළුවනිනම් මේ පිලිබදව තිබෙන චිත්‍රපටි ගැන ඔබ දන්නවනම් සදහනක් කරනවනම් වටිනවා.

    ReplyDelete
  4. හොද ලිපියක්! අර යාලුවෙක් අහල තිබුනා නේ චිත්‍රපටි ගැනත් මේ ලින්ක් එකෙන් රෝම අධිරා‍ජ්‍යයේ එක පැත්තක් ඔබට බලාගන්න හැකි.
    http://extratorrent.com/search/?search=Spartacus&new=1&x=83&y=13
    http://extratorrent.com/torrent/2381942/Spartacus+Gods+of+the+Arena+Complete+Series+%282011%29+HDTVRip+XviD-SCENE.html

    ReplyDelete
  5. මේ පිලිබදව චිත්‍රපටි
    Agora [2009]

    ReplyDelete
  6. ඒත් මං බැලුවා මේ සීරීස් එක දිනේශ්ට අමතක වෙලාද කියලත්... දිගටම ලියමු බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. පාසල් යන කාලේ ඉතිහාසය එපාවෙලා තිබුනට දිනේෂ් ගේ ලිපි දැක්කම නම් ඉතිහාසය ගැන හරිම කැමැත්තක් ඇතිවෙන්නේ. ගොඩක් දේවල් දැනගත්ත. "Barons" ඔය තරම්ම ප්‍රබලයි කියල දැනගෙන හිටියේ නැ. Dracula ගේ අර්ථය දැනගත්තේ අදයි. ගොඩක් ස්තුතියි තොරතුරු වලට.

    ReplyDelete
  8. ඒත් මම මේ දිනේශ් ගෙන් මේකේ දෙවෙනි කොටස දාන්නේ කවදාද කියලා අහන්ඩත් කියලා හැදුවේ. වෙනදා වගේම විශිශ්ඨයි. මට මේක කියවද්දී කියවපු පොතක් මතක් උනා.. "රජ පැටියා සහ හිඟන පැටියා " - The Prince and the Pauper අප අතරින් වෙන්ව ගිය විශිශ්ඨ පරිවර්තකයකු වු.. චන්ද්‍ර අන්ගිරත්න මහත්තයාගේ රසවත් පරිවර්තනයක්.. ලියුවේ තවත් විශිශ්ඨ ලොකප්‍රකට ලේඛකයකු වු.. මාක් ට්වේන්... ඔය කියන යුගය සුපුරුදු උපහාසයට ලක් කරමින්.. මාක් ට්වේන් රසවත් කතාවක් අපිට කියනවා... ඒ පොතෙත් ඔය කියන යුගයේ තිබුන ඔය දේවල් අඩු වැඩි වශයෙන් විස්තර වෙනවා.

    ReplyDelete
  9. http://www.youtube.com/watch?v=-C2BfMYuwL0,kiyawala balanna liyanna honda article ekakata karunu thiyenawa. Persian empire eka thamai kalinma athi una empire eka.kiyawala balann hari rasawath.History channel (youtube) balanna,hungak wadagath dewal thiyenawa igena ganna..thanks..

    ReplyDelete
  10. http://en.wikipedia.org/wiki/Vlad_III_Dracula

    ReplyDelete
  11. @sameera - ඔබ විමසා ඇති කරුණු වලට සවිස්තරාත්මකව පිළිතුරක් සැපයිය හැකියයි සිතමි. ඒ ගැන ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න...

    ReplyDelete
  12. @ලකී, Lanka, Pisakkaatuwa, සියළු Anonymous, බුද්ධි සහ dinupa.fernando - ඔබලා සියළු දෙනාටම ස්තූතියි!

    ReplyDelete
  13. @Gihan. - මේ පිළිබදව මගෙත් එතරම් අදහසක් තිබුනේ නැහැ. ස්තූතියි දැනුවත් කරාට...

    ReplyDelete
  14. @උදාර - ස්තූතියි! නැහැ උදාර වැඩ කටයුතු අධික වීම වගේම ක්‍ෂනිකවම ලියන්නට වුන ලිපිත් තිබුන නිසා සහ තව හොද කරුණු එක් කර ගැනීමේ අදහස මත තමයි මේ ලිපි පෙල ටිකක් අතරින්පතර පල වෙන්නේ...

    ReplyDelete
  15. @Senna - ස්තූතියි! උදාරට දුන්න පිළිතුරෙත් මේ ලිපිය ප්‍රමාදවීම ගැන සදහන් කරා.ස්තූතියි ‍හොද පොතක් ගැන දැනුවත් කිරීම ගැනත්. මේ පොත අනිවාර්යයෙන්ම සොයාගෙන කියවන්න ඕන...

    ReplyDelete