Friday, August 12, 2011

දෙවියෝ සහ භූතයෝ සමඟ 150

මේ මාතෘකාව දැක්කහම ටිකක් ව්‍යාකූල ඇති කියලා හිතෙනවා. මේක කාරණා දෙකකට අදාලව තමයි තියෙන්නේ. මුලින්ම කියලා තියෙන දෙවියෝ සහ භූතයෝ කියන්නේ පොතක් ගැන විස්තරයක්. ඒ තමයි ඉන්දියාවේ උපත ලබා පසුව ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයකද ගුරුවරයෙකු ලෙස සේවය කල ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මහතා ලියූ දෙවියෝ සහ භූතයෝ නමින් රචිත විද්‍යාත්මක ඇගයුමක් ග්‍රන්ථය. මෙය තුලින් කියවනදෙය සංක්‍ෂිප්තව දක්වන්නේ නම් ලෝකයේ ඕනෑම සංසිද්ධියකට යම් විද්‍යාත්මක පසුබිමක් ඇති බවත් බොහෝ අදෘෂ්‍යමාන දේවල් සහ විශ්වාසයන් මිනිසුන් විසින් හිතින් මවා ගෙන හෝ යමෙකු විසින් අයුතු ලාභ ප්‍රයෝජන තකා රැවටීමකට ලක්කරන බව තමයි කියන්නේ. මම නම් මේ පොත කියවන්න ලබා ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයෙන් පසුව මම අනිවාර්යයෙන්ම පොතේ මිල, ප්‍රකාශකයා හා ISBN අංකය සටහන් කරනවා.

මම හිතන්නේ ඔබලා බොහෝ දෙනෙකුත් මෙම පොත සමහරවිට කියවා ඇති. මේ පොතේ මා සිත්ගත් අවස්ථා කිහිපයක් සදහන් කරනවා නම්. ඉන්දියාවේ මිනිසුන් බොහෝ දෙනෙකු පූජනීයත්වයෙන් සලකන ගංඟා නම් ගංගාවේ ජලය බොහෝ දේවල් සදහා අස්වැසිල්ලක් ලබා ගන්නට භාවිතා කලත් බාගෙට පිළිස්සුන මෘතදේහ ආදිය මෙයට දැමීමෙන් කෙතරම් අපිරිසිදු හා දූෂ්‍ය වූවත් එයට දක්වන අන්ධ භක්තිය බොහෝ හාස්‍ය මෙන්ම ජුගුප්සාව දනවන කරුණක් වීම. එසේම එරට මෙන්ම මෙරට බොහෝ ආගමික මතවාද දරන්නන් හා වෙනත් අදෘෂ්‍යමාන බලවේග සමග ගණුදෙනු කරන්නන්  මෙම මහතාගේ අභියෝගයට අනුව ඔවුන් සිය අනුගාමිකයන් රැවටීමට හෝ තමන් වෙත රදවා ගැනීමට භාවිතා කරන දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට නොහැකිය මඟහැර යාමත් මෙම පොතෙන් කියවීමෙන් දැනගත හැකියි. එසේම කංසා සහ වෙනත් මත් ද්‍රව්‍ය ආදියෙන් මනෝභ්‍රාන්තිය ඇති කොට එයින් විවිද දේ හිතේ මවා ගැනීමට සැලැස්වීමෙන් ආගමික මතවාදයන් ව්‍යාප්ත කිරීමට ගන්නා කූට උපායන් ගැනද මෙහි සදහන් වේ.

මෙහි කතුවර ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මහතා ලංකාවේ සේවය කල පාසල් අතරට මා ඉගනුම ලද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයද තිබීම මෙහි සදහන් කල යුතුයයි සිතමි. වරක් මා කියවන පුවත් පතක පල කර තිබූ එතුමා ලියන ලද ලිපියක අප විද්‍යාලය පිළිබදවත් සදහන් කර තිබුනා මතකයි.

අපහට ප්‍රයෝගික ජීවිතයේදී එතුමා අනුගමනය කරන හේතුවාදී සංකල්පය සෑම විටකම භාවිතාකල නොහැකි වූවත් සමස්ථයක් ලෙස ගත් කල අප මුහුණ දෙන බොහෝ දේවල් වලට සම්බන්ධවීමේදී එයින්ද සෑහෙන පමනක ආභාශයක් ලැබිය හැකි බව ඔබද මෙම පොත කියෙව්වා නම් වටහා ගනීවි.

මෙන්න මේ මාතෘකාවේ කියවුන දෙ‍වන කාරණය ඒ තමයි මොකක්ද මේ 150? ඒ තමයි මේ තබන ලිපිය සත් සමුදුරේ 150 වන බ්ලොග් පෝස්ටය වීම. 50 වැනි සහ 100 වැනි පෝස්ට් සදහා නම් වෙනමම පෝස්ටයක් ඒ වෙනුවෙන් පල කලත් මෙවර තවත් ලිපියක් සමගම එය පල කරන්නට සිතුවා. සත් සමුදුරේ ලිපි අතරින් 100 වැන්න දක්වා බොහෝම සීඝ්‍රගාමී ගමනක් ආවත් 100 සිටි 150 දක්වා මන්දගාමී තත්වයකින් ආවේ විවිද කරුණු නිසා එයින් සමහරක් එදිනෙදි ජීවිතයේ මුහුණ දෙන කරුණු නිසා ඇතිවුන කාර්යබහුල බව වගේම මේ වන විට මෙහි පලකර ඇති දීර්ඝතම ලිපි පෙල වන මායාවරු හා 2012 ලෝක විනාශය ගැන ලිපි පෙල ලිවීමේදී එයට යොදවන්නට සිදුවූ කාලය හා මහන්සිය නිසා පසුගිය මාසයේ ඉතාමත් අඩු ලිපි සංඛ්‍යාවක් පල කිරීමෙන් පමනක් සෑහීමකට පත්වන්නටද සිදුවූ බව ඔබට කිව යුතුයි. ඒ වගේම තාක්‍ෂනික දෝශ ආදියටද විටින් විට මුහුන දෙන්නට සිදුවූවා. කෙසේවෙතත් එය නම් යම් තාක් දුරකට මේ වන විට නිරාකරණය කර ගෙන ඇති නිසා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නම ගැටළුවක් ඇති‍ නොවේවි.

ඒ වගේම බ්ලොග් පහසුකම සපයන Google Blogger ගේ විවිද නඩත්තු හා වෙනස් කම් නිසා වරක් එක් ලිපියක් අහිමිවීමකට හා වරක් බ්ලොග් අඩවිය වසා දමන තත්වයකට පත්ව ඔබ‍ලා වෙතින් ලද සහය හා ධෛර්ය නිසා එය නැවතත් යථා තත්වයෙන් පවත්වාගෙන යාමට ඉඩ ලැබුන බවත් මේ මොහොතේ කෘතවේදීව සදහන් කිරීමට කැමැත්තෙමි.ඉතින් එහෙනම් මෙම කරුණු දෙකම අරඹයා ලියූ මෙම ලිපිය අවසන් කරන්නම්. සිව්වන අර්ධ ශතකය ඇරඹීමට නියමිත මේ මොහොතේ නව සංකල්ප හා අප නොදත් කරුණු ආදියෙන් පිරුණ තවත් ලිපි ඉදිරියේදිත් සත් සමුදරේදී දැකගැනීමේ බලාපොරොත්තුවද සහිතව අපි හමුවෙමු...

ස්තූතියි!
දිනේශ් දීපාල්

පසුව ලියමි -
මෙම පොත කතෘ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කර ඇති අතර ‍බෙදාහැරීම සරසවි ප්‍රකාශකයින් විසින් සිදුකර ඇත.
ISBN 955-9354-01-9
මා කියවන ලද පොත 1998 සිව්වන මුද්‍රණය වන අතර එහි මිල ලෙස රු,175.00 ක් විය.

55 comments:

  1. 150 ට සුභ පැතුම්... තව දුරටත් වැදගත් ලිපි ලියන්න ඉඩ ලැබේවා කියල පතනව..

    ReplyDelete
  2. ඔබත් රිච්මන්ඩ් විද්‍යාලයෙන් බව දැනගන්නට ලැබීම සතුටක්.
    පාසලේ පරාක්‍රමබාහු ප්‍රතිමාව ඉදිරිපිට ඇති සුවිසල් ඇටඹ ගස ආශ්‍රිතව අවතාර ඇතැයි යනුවෙන් එකල තිබූ මිථ්‍යා විශ්වාසය කොවූර් මහතා විසින් අභියෝගයට ලක් කර ඇතැයි මම අසා තියෙනවා.

    ReplyDelete
  3. @සාතන් - ස්තූතියි! ඉඩක් ලැබෙන සෑම විටකම දැන්නම් යෙදෙන්නේ මේ ලිපි ලිවීමේ රාජකාරියේ තමයි.ඉදිරියේදිත් අපි හමුවෙමු...

    ReplyDelete
  4. @Pravin Indranama - ඔව් මමත් රිච්මන්ඩ් විද්‍යාලයෙන් තමයි.අපි විද්‍යාලයේ පිහිටීම ගැන වගේම එහි කලින් ප්‍රවේශය වන පල්ලිය අසලින් ඇති මාර්ගය හා මෙම අවතාර පිළිබදව ඔහුගේ නිරාකරණය කිරීම මමත් ලිපියක කියෙව්වා...

    ReplyDelete
  5. 150 ට උණුසුම් සුභ පැතුම් සහෝදරයා....!!! දිගටම ලියන්න

    ReplyDelete
  6. 150ට සුභ පතමි..!
    ඉදිරියටම යමු...

    ReplyDelete
  7. මේ පොත ජාලෙන් මාත් බාගත්තා. පුස්තකාලේදිත් කීප වතාවක්ම හම්බුවෙලා තියෙනවා. ඒත් තාම කියවල නම් නැහැ.
    150 ට සුභ පතමි.150 ඉඳල 200 ට යන ගමන කටුකොහොල් බාධාවන්ගෙන් තොර වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  8. සුභ පැතුම් සහෝදරයා. දිගු ගමනක් යමින් අපේ දැනුම් පිපාසාව සංසිදුවන්නට හැකිවේවායි පතනවා....

    ReplyDelete
  9. මමත් සත්සමුදුර කියවන්නේ හරිම ආසාවෙන්..මොකද මේක දැනුම් ගබඩාවක්...
    දිගටම අපි වෙනුවෙන් ලියන්න..
    150ට සුභපැතුම්

    ReplyDelete
  10. Congratulations for 150th post!
    A good post, I also don't believe in ghosts.

    @ Udara - Could you please post the downloaded link of this book?

    ReplyDelete
  11. බ්ලොග් ලොවේ මගේ පැරණිම මිතුරාට සුබ පැතුම් . පොත ගැන කියනවා නම් මම ඕක කියෙව්වේ 9 පන්තියේදී විතර . හැමදේටම විද්‍යාත්මක හේතුවක් හොයන මට ඕක මහා නිධානයක් වගේ වුණා. මම නම් පොත් දෙකක් කියෙව්වා . මේ විෂය ගැන කතාබහක් ඇති වෙනවා නම් හරි කැමතියි.

    ReplyDelete
  12. 150ta suba pethum
    hwmadama comment nokalata aniwarayenma kiyawana blog 1kak
    thawaliyanna suba pathanawa

    potha gena kiyanawanam niyama pothak hemoma kiyawala balanna
    ethakotawath oya Ruwanwalle Sobhitha wage unta ahu novi idevi

    ReplyDelete
  13. සුබ පැතුම් සහෝදරයා . මේවගේ ඉස්තරම් බ්ලොග් එකක් පවත්වාගෙන යාම ගැන මම ඔබට ස්තූතිවන්ත වෙනවා

    ReplyDelete
  14. Every time you published very interesting articles. Keep it bro. wish you good luck

    ReplyDelete
  15. මම ඔබට ලියන පළමු කමෙන්ටුවයි. මේ බ්ලොග් අඩවිය මම නිතර බලන බ්ලොග් අතර තිබෙන්නකි.
    මුලින්ම 150 ට ආසිරි පතමි.
    ඔබ කිව් වැනි අවස්ථවක් ඇති වුනා වරක් ගංඟානම් ගගේම. ඉන්දියාවේ මිනිස්සු නිතරම ඔය ගඟ පාවිච්චි කරන්නේ පූජනීය බවක් හිතේ ඇතිව.
    ඔබ දන්නවා ඉන්දියාවේ ඉන්නවා දේවදාසියො. සමහර දේවදාසියො ඉන්නවා ගැබ්ගත් ඒත් කන්‍යාවන්. ඉතිං ඉන්දියාවේ මේ අයට කියන්නේ දෙවියන් විසින් තෝරාගත් කන්‍යාවන් කියලා. නමුත් ඉංග්‍රීසි ආන්ඩුව මේ ගැන සොයා බැලුවම තමයි වැඩේ එලි වුනේ.
    අර ගගේ නානකොට මේක ඉතාම සීතල ගගක් නිසා පිරිමින්ට ඉබේම ශුක්‍ර පහවෙලා ගගේ ජලය දිගේ ඇවිත් කන්‍යාවෝ ගැබ් ගන්නනවා. හොඳයි නේද?

    ReplyDelete
  16. me potha mage jeewithayeth loku wenasak kala. mathaka hetiyata 7 ho 8 wasaredi thaththa mata me potha dunna ge as karaddi hambawela. "Maa kala Gaweshana" kiyala thawa methumagema lipi ethulath sinhala pothak thiyenawa. Wena sinhala poth gena nam thorathuru na. English walin nam intermet eke methumage lipi godaak hoya ganna puluwan.
    Obage mema denuwath kirima behewin agaya karanawa mewan weradi matha wedipura wapurana kaleka.

    ReplyDelete
  17. ඔය පොත මම බොහොම ආසාවෙන් මිලදීගත් එකක්. නමුත් පසු කාලයක බලන්නට ඉල්ලාගත් කෙනෙක් ආපසු ගෙනත් දුන්නේ නෑ...

    මෙවැනි පොත් බුද්ධිමත්ව පරිශීලනය කරනවා නම් හේතුවාදය කෙසේ වෙතත්, ගුප්ත විද්‍යා ආශ්‍රයෙන් ජනතාව මුලා කරන කපටියන්ගෙන් ගැලවීමට වත් හේතුවක් වේවි!

    ReplyDelete
  18. යක්කු බුතොයෝ අතරින් ,ඉදිරියටම ලියාගෙන යන්න වාසනාව ලැබේවා....

    ReplyDelete
  19. මගේ සුබපැතුම් අයියා...තවත් ඉස්සරහට ලියන්න...

    ReplyDelete
  20. සුබ පැතුම් සහෝදරය....

    ReplyDelete
  21. 150 ට සුබ පැතුම්.
    මේ ලෝකය විනාශ වෙනකං ලියාගන යන්න හැකියාව ‍ලැබේවා !

    ReplyDelete
  22. 150ට සුභ පැතුම්. මමත් ඔය පොත කියවල තියේ. ටී කොෟර් ගෙ සංගමය තවමත් තියෙනව නේද? හැබැයි ලංකාවෙ පැහැදිලි මතයක් ගොඩ නගන්න තරම් මහන්සි වෙන්නෙ නැති පාටයි. මුකුත් නොදන්න පරණ ගම් වල මිනිස්සු පවා විශේෂයෙන් ගාල්ල පැත්තෙ,ටී කොෟර් ගැන අහල තියෙනව.භූතයො අල්ලන මහත්තය කියලයි කියන්නෙ. ඔබට ජය!

    ReplyDelete
  23. @Soda ගුනේ - ස්තූතියි සහෝදරයා, ඉදිරියේදිත් ඔබලාගේ සහය සත් සමුදරට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා...

    ReplyDelete
  24. @මාරයාගේ හෝරාව - ස්තූතියි! මාර සහෝදරයා, ඔබත් සත් සමුදුර තව තවත් පාඨකයන් අතරට ගෙනයන්න සහය දෙන බව රහසක් නොවේ. ඉතින් ඒ වෙනුවෙන් වගේම ලබා දෙන ධෛර්යයටත් මේ මොහොතේ මගේ ස්තූතිය ඔබට පුදකරනවා...

    ReplyDelete
  25. @උදාර - මුලින්ම ඔබට තුති පුදකරනවා ඔබ සත් සමුදුරට සෑම විටකම ලබා දෙන අමිල සහයට. ඒවගේම මම දැන සිටිය ඔබනම් මේ පොත අනිවාර්යයෙන්ම කියවා ඇති බව. මොකද ඔබත් මා වගේම පොත් ගුල්ලෙකු බව මම දන්නා නිසා (හැබැයි ඉස්සර වගේ නොවේ දැන්නම් ගෙදර වැඩ තියෙද්දී පොත් කියව කියවා ඉදලා නෝනාගෙන් බැනුම් පවා මම අහනවා)...

    ReplyDelete
  26. @Dakshina - ස්තූතියි සහෝදරයා දිගටම සත් සමුදර සමග රැදී සිටින්න...

    ReplyDelete
  27. @Lanka - ස්තූතියි මිතුර, ඉදිරියේදීත් සෑම විටකම අප නොසිතන කෝණයකින් දකින්නට සත් සමුදර උපකාරවෙතැයි බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  28. @Anonymous - Thanks, if you can please note your name also...

    ReplyDelete
  29. @Bindi - ස්තූතියි! ඔබ මේ පොත කියවා ඇති බව මායාවරු ගැන ලිපි පෙලේදීද සටහන් කලා මතකයි. ඔබ නම් මටත් වඩා පොත් ගුල්ලියක් බව සඟවන්න නම් බැහැ ඔන්න. කොහොමවුනත් පොත් කියවන ඔබත් මමත් දන්නා දෙයක් නම් අප පොත් කියවීමෙන් ලෝකයේ බො‍හෝ දේ වෙනස් හා ‍වෙනත් අය නොදකින පැතිකඩකින් දකින්නට පෙලඹුන බව. ‍හොදයි අපි ඉදිරියේදිත් පොත් රැසක් ගැනම මෙතැනදී දැන ගනිමු...

    ReplyDelete
  30. @mahima - ස්තූතියි සහෝදරයා, ඉදිරියේදී තව තව දේවල් ගැන අපි කියවමු එහෙනම්...

    ReplyDelete
  31. @Sasindu Mendis - ඔව් සමහර පොත් පත් තියෙනවා අපේ ජීවිතේ ගොඩක් ‍දේවල් අළුත් විදියට හිතන්න පොළඹවන. මේ පොතෙනුත් අපේ ජීවිතේට බද්දවෙලා තියෙන සමහර අවිද්‍යාත්මක සංසිද්ධි ගැන තවපාරක් හිතන්න අවශ්‍ය අනුබලය සපයනවා කියලා කියන්න පුළුවන්...

    ReplyDelete
  32. @ගීතක - ඇත්ත කතා...!!! - ඔබ හා මම සහ තවත් ටික දෙනෙක් පමණක් මෙවැනි පොත් පත් කියවා ඒවා සමාලෝචනය කර එය ජීවියට එක් කර ගනීවි. දොසක් කියනවා නෙමෙයි අනිත්අයට මෙය තවත් එක් පොතක් පමණක් වේවි. ඒ කොහොමවුනත් මම නම් සාමාන්‍යයෙන් මගේ ගාව තියෙන පොත්පත් දෙන්න ටිකක් අදිමදි කරනවා. එකක් තමයි ඒවා නැවත නොලැබීමට ඇති ප්‍රවණතාව නිසා මිතුරුකමටත් එය හානිකර වීම, අනික පොත දුන්න විදියට නෙමෙයි නවලා පොඩි කරලා නැවත ලැබීම. ඉතින් ඒ නිසා කොයිදේත් ආරක්‍ෂාවෙන්න ඒවා ගණුදෙනු නොකර සිටින එක හොදයි...

    ReplyDelete
  33. පහුගිය කාලෙ එන්න වුණේම නෑ... එක හේතුවක් ම‍ට ඔය 2012 කිසිම වැඩකට නැති වීම.

    ඒත් 150ට සුභ පතන්නෙ නැතිව කොහොමද? ඉදිරියටත් රසවත් දේවල් ගැන ලියමු!

    ReplyDelete
  34. @රතු මුහුද - ස්තූතියි! බලමු මොනවගේ අභියෝග ඒවිද කියලා...

    ReplyDelete
  35. @පිස්සු පුසා - ස්තූතියි, මල්ලී. ඉදිරියේදීත් සත් සමුදුර සමග රැදී ඉන්න...

    ReplyDelete
  36. @වෙද ගෙදර මහ වෙදනා - ස්තූතියි! දැන හදුනා ගන්නට ලැබීමත් සතුටක් කියල කියන අතරම හොදින් සිතිය යුතු කරුණක් තමයි ඔබ අපව දැනුවත් කලේ. හැබැයි ඉතින් අන්ධ විශ්වාස වල ගිලී සිටින ඉන්දියානුවන් බොහෝමයක් මෙම සත්‍ය තත්වය වටහා ගත්තා දැයි සැකයි...

    ReplyDelete
  37. @``` Outsider``` සහ hare :-) - ස්තූතියි! කාර්යබහුල බව වැඩි නිසා ටිකක් ප්‍රමාදවුනා. මගේ බ්ලොග්කරණය තුල මුල් කාලයේ සිටම සිටී මිතුරන් දෙ‍දෙනෙකු ලෙස සෑම සැතපුම් කණුවක් තුලදීම නොවරදවා පැමිණි ඔබලා දෙදෙනා ගැන එදා, අද වගේම හෙටත් මතකයේ රැදී සිටීවි...

    ReplyDelete
  38. @Praසන්ன - ස්තූතියි! ප්‍රමාදවුනාට සමාව ඉල්ලන අතරම හැකිතාක් කල් බ්ලොග්කරණයේ යෙදෙන බවද කීමට කැමැත්තෙමි...

    ReplyDelete
  39. @හූනා .. - ස්තූතියි! වැඩ වැඩි නිසා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ඉදිරියේදිත් සත් සමුදුරට එන්න කියල ඔබට ආරාධනා කරනවා...

    ReplyDelete
  40. පළමුව ඔබගේ 150 වන බ්ලොග් ප්‍රකාශනයට මාගේ හද පිරි සුබ පැතුම් එක කරනවා !!!. මම සත්සමුදුරට අලුත් පාඨකයෙක් උනත් ඔබ ලියු බ්ලොග් පළකිරීම් සියල්ලම (Almost all) වාගේ කියෙව්වා. මම කියවූ හොඳම සිංහල බ්ලොග් පළකිරීම් ලෙස සලකනවා.ඊට හේතුව වන්නේ විවිධ මාතෘකා යටතේ සරලව, වඩාත් මධ්‍යස්ත මතයක හිඳ අදහස් පල කිරීමයි. බොහෝවිට සිදුවන්නේ අලුත් දැනුම එකතුවීම නොව දැනුමට කතෘගේ පුද්ගලික මතය එකතුකර නව සංකල්පයක් තැනීමට උත්සාහ කිරීමය. ඒ අතින් ඔබ වඩාත් මධ්‍යස්තව අදහස් පළකිරීම මම අගය කරනවා.(ඇමරිකාව පිලිබඳ ඔබ කල සටහන අගය කරමි).මෙම එක අන්තයකට පක්ෂපාති නොවී බ්ලොග් සටහන් පළකිරීම මගින් විවිධ මාතෘකා පිලිබඳ පිරිසිදු දැනුම පාඨකයන්හට ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර නව මාතෘකා පිළිබඳව අවධානය යොමුවෙනවා.
    තවදුරටත් විවිධ බාධක මධ්‍යයේ වුවද සාර්ථකව මෙම බ්ලොග් සටහන් කර්තව්‍ය කරගෙන යාමට මම සුබ පතනවා!!!!

    ReplyDelete
  41. @Hasi - ස්තූතියි! මධ්‍යස්ථාභාවයෙන් සත්‍ය තොරතුරු හැකිතාක් සරලව ඉදිරිපත් කිරීම තමයි ආරම්භයේ සිටම සත් සමුදුර බ්ලොග් අඩවියේ ක්‍රියා පිළිවෙත වූයේ. කතෘ මතයක් ප්‍රකාශ කිරීම තාවකාලික දෙයක් වනවා මිස එයින් පසු ලිපියේ ඇති වැදගත්කමද හීන වී යයි. ඉතින් ඉදිරියේදිත් සත් සමුදුරට පැමිනෙන මෙන් මා ඔබට ආරාධනා කිරීමටද කැමැත්තෙමි...

    ReplyDelete
  42. මම හිතන විදියට මේ පොත ගොඩක් අය කියවනවනම් හොදයි. මොකද අද රටේ ගොඩක් දෙනා මිත්‍යාවන් පසුපස යන කාලයක්. මෙහි සමහර කරුණු ගැන(භාවනාව ගැන ඇති කරුණු) පුද්ගලිකව එකග නොවුවත් පොදුවේ ගත් කල ඉතා වැදගත් පොතකි. ස්තුතියි.

    ReplyDelete
  43. @යසිත - ඔව් මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි. මොකද ඊයේ පෙරේදා මිත්‍යාමත මත යැපෙන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග පවා ගන්නට සැරසෙන නිසා...

    ReplyDelete
  44. magen suba pathum machan...... mama kalana

    ReplyDelete
  45. ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මහතා ලියූ දෙවියෝ සහ භූතයෝ නමින් රචිත පොත මෙන්න කියවන්න කැමති නම් මෙතනින් බාගන්න පුළුවන්.-
    http://www.mediafire.com/?4vh2yommitk

    ReplyDelete
  46. මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි.

    ReplyDelete
  47. http://www.mediafire.com/?4vh2yommitk
    'දෙවියෝ සහ භූතයෝ' මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි.

    ReplyDelete
  48. Dinesh/ Gihan
    sinhala poth (PDF)thawa ganna puluwan kohenda????????????????????????????????

    ReplyDelete
  49. Anonymous ඔයාට මෙතනින් තව පොත් බාගන්න පුළුවන්-
    http://www.elakiri.com/forum/showthread.php?t=789918

    ReplyDelete
  50. හොල්මං????????? මම හොල්මන් විශ්වාස නොකරන්නේ මටවඩා හොල්මනක් සිටිය නොහැකි නිසාවෙන්ය.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  51. ඔබගේ බ්ලොග් අඩවියේ අපක්ෂපාතීව සාර්ගර්භ ලිපි පල වෙනවා.මෙයත් එවැන්නක්.කොවුර් කාලයක් මගෙත් වීරයෙක්.නමුත් කොවුර්ගේ අදහස් මම අද පිළිගන්නේ නෑ.කලක් මම හේතුවාදියෙක්.හොරු බොරුකාරයො දහස් ගනනක් ඉන්න පුලුවන් .ඒත් ඇසට නොපෙනෙන බලවේග තිබෙනවා.
    අද්භූත් බලවේග තිබෙනවා.මේව බොරුකරන්න හිතාගෙන් ගිහින් මට කට උත්තර නැතිවෙලා මට ඒව පිළිගන්න සිද්ධ වුන අවස්ථා තිබෙනවා

    ReplyDelete
  52. This comment has been removed by the author.

    ReplyDelete
  53. Porisadaya
    මම ලගදි අහම්බෙන් set වුනෙ වැදගත් ලිපි පෙළට බොහෝම ස්තූතියි!සුබ පැතුම්

    ReplyDelete