Tuesday, March 1, 2011

ගොඩක් වැඩ කරගන්න පුළුවන් Zoho

Zoho කියන්නේ ඇත්තෙන්ම Web interface එකක ඒ කියන්නේ Web browser එකක වැඩ කරන මෘදුකාංගයක්. මෙහෙමයි මේක ගන්නේ. මොකක් හරි web browser එකක් විවෘත කරගෙන www.zoho.com කියන වෙබ් අඩවියට යන්න. එත‍කොට මෙන්න මේ අතුරුමුහුනත ලැබෙනවා.
ඊට පස්සේ ඒකේ රතුපාට ඊතලයෙන් Sign Up කියල පෙන්වල තියෙන තැනට ගිහින් Zoho account එකක් ලියාපදිංචිකරගෙන, ඊට පස්සේ ලැබෙන Confirmation email එකේ link එක select කරා පස්සේ zoho වලින් වැඩ ගන්න පුළුවන්.මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කිබන එකත් ප්‍රශ්නයක්නේ මේ තියෙන්නේ Zoho app වලට ගියාම ලැබෙන Applications;
  Documents, Spread Sheets, Presentation වගේම වෙනත් වැඩ රාශියක්ද මෙයින් කරගන්න පුළුවන් කියන එක ඔයගොල්ලන්ටම පෙනේවි. ඒ එක්කම කියන්න ඕන අපි ලියන බ්ලොග් වුනත් මේකෙන්ම ලියල බ්ලොග් එකේ Publish කරගන්න පුළුවන්. ඒ කියන්නේ Offline Blog Editor එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. මේ බ්ලොග් සටහන ලියුවෙත් Zoho භාවිතා කරලයි. අනිත් එක බ්ලොග් එකට පින්තූර ඇතුළු කරන එක සහ ඒවා එක්ක වැඩ කරන එක වුනත් zoho වලදි ලේසියි වගේ තමයි පේන්නෙනම්. ඔය අයත් ඒක ටිකක් බලන්නකෝ.
ඒ වගේම තියන්න ඕන මේක ආරම්භකරන්න අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වුනාට ඕන නම් Go offline කියන පහසුකම හරහා offline editor එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්.
අනිත් එක තමයි අපි ලියන  Document එක save වෙන්නේ අපේ පරිගණකයේ නොවන නිසා අන්තර්ජාල පහසුකම් තියෙන වෙනත් තැනකදී වුනත් අපි කරගෙන යමින් හිටිය ලිපිය සංස්කරණය කිරීම කරගන්න හැකිවීම.
වැඩි විස්තර කියන්න ඕන නැහැ ඔයගොල්ලොම භාවිතා කරල තව තව දේවල් සොයාගන්නකෝ.

(හැබැයි තව පොඩි දෙයක් කියන්න ඕන. ඒ තමයි ‍අපි zoho වල ලියපු දෙයක් Share හරහා බ්ලොග් එකට publish කරන කොට ඒක මුලින් "Post as Draft" කියන එක tick කරල Publish කරන්න. ඊට පස්සේ අපේ සුපුරුදු ‍Blogger බ්ලොග් editor එකට ඇවිල්ල Edit Post ගිහිල්ල Edit HTML කියන තැනට එන්න. ඒකේ තියෙනවා tag එකක්, ඒක ඉවත් කරන්න ඕන. ඒක තියෙන්නේ අපි බ්ලෙග් සටහන ආරම්භ කරපු තැනට ඉදිරියෙන් ඒක ඉවත් කරාම අපිට බ්ලොග් සටහන publish කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මම මේ සටහන ආරම්භ කලේ "Zoho කියන්නේ ඇත්තෙන්ම..." මෙන්න මේකට ඉදිරියෙන් තමයි ඒ Tag එක තිබුනේ. මට ඒක මෙතන පෙන්නන්න විදියක් නැත්තේ මම ඒක delete කරා).

7 comments:

  1. ela ela machan niyama site ekak

    ReplyDelete
  2. ඔන්න මමත් හදාගත්ත. නියමයි සහෝ, ඇත්තටම පහසුවක් තියෙනව,package නැතුව card connection වගේ use කරන ආයට offline වැඩකරන්න ගොඩක් වැදගත් වෙනව. ඔබට ජය

    ReplyDelete
  3. @සංහිද පාමුල - ස්තූතියි! සහෝදරයා...

    ReplyDelete
  4. Tableau consultant
    SQIAR (http://www.sqiar.com/solutions/technology/tableau) is a leading Business Intelligence company.Sqiar Consultants Provide Tableau Software Consultancy To small and Medium size of organization.

    ReplyDelete
  5. වැඩි විස්තර කියන්න ඕන නැහැ ඔයගොල්ලොම භාවිතා කරල තව තව දේවල් සොයාගන්නකෝ. locket necklace usa , mens wedding rings wholesale france ,

    ReplyDelete
  6. Most sites add the images to make sharing the content more social media fri가평출장샵endly but any of the other platforms should be good for writing.

    ReplyDelete