Thursday, March 31, 2011

වැම්පයරයන් මට්ටු කිරීමට හදපු ආයුධ කට්ට්ල - Vampire killing kit

අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් ගුප්ත දේවලට ආශාවක් දක්වනවා. අපි මහසෝනා සහ තවත් භයානක යක්‍ෂ හෝ ප්‍රේත‍ හෝ වෙනත් නොපෙනෙන හානිකර යැයි සිතන බලවේග වලට බියක් මෙන්ම ගෞරවපූර්වක බවකුත් දක්වනවා. ඒවගේම එම බලවේග වලට නතුවී රෝගතුරවන ආතුරයින් එයින් මුදවා ගැනීමට තොවිල්පවිල්, නූල් බැදීම් සහ වෙනත් යාගහෝම ආදයි කරන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. එයින් සුවයක් ලබන බන පැරුන්නන්ගේ මතය මෙන්ම වර්තමානයේ වුවත් උදෑසන අපි යන විට ඇතැම් හතරමංහන්දිවල තොවිල්පවිල්වල අවසන ඉතිරිවන අවශේෂ කොටස් දක්නට ලැබීමෙන් තහවුරු වන්නේ තවමත් අපරටේ මෙම ගුප්ත වෛද්‍යක්‍රමයත් තවමත් තුරන් වී නොමැති බවයි.

අද ඉදිරිපත් කරන කතාකරන රූප විශේෂාංගයට ඉදිරිපත් කරන්නේ 18 වන සහ 19 වන සියවස් වල යුරෝපයේ, විශේෂයෙන් නැගෙනහිර යුරෝපයේ රුමේනියාවේ Count Dracula ගේ වාසභුමිය වන Transylvania සංචාරය යෙදෙන විට ගෙනගිය වැම්පයරයන් මර්ධනයට යොදා ගත් මෙවලම් කට්ටල වේ. 

මේවා තුල කුඩා කුරුස, බයිබලය, කැඩපතක්, රිදී පතරොම් යෙදූ පිස්තෝල, ශුද්ධවූ පස් හෙවත් Pamant (holy soil), ශූද්ධ වූ ජලය හෙවත් Agheazma (holy water) අඩංගු බෝතල් කිහිපයක්, විවිද කිනිසි කිහිපයක්, සුදුළුනු හෙවත් Usturoi (garlic) සහ red serum, blue serum and secret potion යන ඒවාද අඩංගුවූ බව පවසන අතරම සමහර ඒවායේ තවත් විශේෂිත අංග ඇතුලත් වූ බව පවසනවා. සමහරක අඟල් 13.5 ක් පමණ දිග පිහිද ඇතුලත් වූ බව පවසන අතර එහි මිට ‍බ‍ර වන සේ ලෝහයකින් තනා තිබූ බවද කියන අතර තියුනු උල් කෙලවරකින් යුතුවූ මෙය අවශ්‍යවු‍වහොත් වැම්පයරයාට දමා ගැසීමට හැකිවන සේ සකස්කර තිබූ බවද පැවසෙනවා. එසේම සමහරක අවශ්‍යවුවහොත් වැම්පයර්ගේ උල් දත් ගැලවීමට හැකි Dentol නමින් හැදින්වූ අඟල් 5.5 ක පමණ අඩුවක් වැනි උපකරණයක්ද තිබූ බව පැවසෙනවා.

අද නම් මේවායේ ප්‍රායෝගික භාවිතයක් ගැන කොතනකවත් සදහන් නොවූවත් අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් කෞතුකභාණ්ඩ වෙන්දේසිවලදී $1000 කටත් වඩා වැඩි මිලකට සහ ඇතැම් ඒවා මේ මිලටත් වඩා දහ ගුනයකටත් වඩා වැඩියෙන් අලෙවි වන බව නම් අන්තර්ජාලය පිරික්සීමේදී හෙලිවෙනවා. මෙන්න දැන් බලන්න ඒවා කොහොමද කියලා...



















අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේවා භාවිතයෙන් වැම්පයරයන් මට්ටු කල බවට පිළිගත හැකි සාක්‍ෂිනම් දැන ගැනීමට නොමැති අතර මේවායේ විද්‍යාත්මක තහවුරු කිරීමක් පිළිබදවද තත්වය එයම බවයි.

30 comments:

  1. ඉදිරියටත් ලියන්න සුභ පැතුමි

    ReplyDelete
  2. "අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේවා භාවිතයෙන් වැම්පයරයන් මට්ටු කල බවට පිළිගත හැකි සාක්‍ෂිනම් දැන ගැනීමට නොමැති අතර මේවායේ විද්‍යාත්මක තහවුරු කිරීමක් පිළිබදවද තත්වය එයම බවයි."

    ඩ්‍රැකියුලා පොත කියෙවුවනම් මේකට උත්තරේ හොයා ගන්න පුළුවන්. අර කරත්ත රෝදයක් තරමට ලොකු වෙච්ච මකුළුවා ගැන ඡේදය කියවන්න

    ReplyDelete
  3. @බංඩාර - ස්තූතියි! ඔබ ඊයේ දන්වන ලද හද පිලිබද තොරතුර ඔස්සේ සොයාබැළු විට ඊට අදාල කරුණු කාරනා දැන ගන්නට ලැබුනා. ඒවාද ඉදිරියේ සත් සමුදුරේ සවිස්තරාත්මකව තබන බව පවසමි...

    ReplyDelete
  4. @Chanaka Aruna Munasinghe - මමත් ඩ්‍රැකියුලා පොත් පත් කිහිපයක් සහ ඒ පිළිබදන නිමැවුන චිත්‍රපටි කිහිපයක් බලා තිබෙනවා. ඒවායේද මෙම උපකරණ භාවිතා කල බවද කියනවා. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනවා. ඩ්‍රැකියුලා කියන්නේ සිටුවරයෙක්නේ. ඔහු බොහොම නපුරු සහ ඔහුගේ බලකොටුව තුල මිනිසුන් විවිද වදබන්ධන වලට ලක් කල බවත් කියනවා. කෙසේ වෙතත් ඔහුගේ මරණයෙන් පසුව විවිද පුරාවෘත ගොඩනැගෙන්න ඇති. මට මීට වසර කිහිපයක පමණ පෙර සමදුර පුවත් පතේ ඩ්‍රැකියුලා ගැන තිබුන ලිපියක තිබූ විදියට තවමත් ඔහු සිටි පලාත වන Transylvania පෙදෙසේ පරිසරයත් ටිකක් අද්භූත මූසල බවක් තිබෙන බව කියනවා. එම පාරිසරික ලක්‍ෂනත් මිනිස් සිත තුල ඩ්‍රැකියුලා කෙරේ බියසංකා ගෙන දෙන කතා පුවත් ගොඩ නැගෙන්න හේතුවෙන්නට ඇති. ඔබට මම ස්තූතිවන්ත වෙනවා ලබා දුන් තොරතුරට...

    ReplyDelete
  5. වැම්පරයන් ගැන යම් යම් දෑ දැනගෙන හිටියත් මේ කාරණාව නම් මං මීට කලින් දැනගෙන හිටියෙ නැහැ. ඒ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට පිං. ඒ වගේම තමයි මං දන්න විදිහට වැම්පයර් වවුලු නමින් ලේ උරා බොන වවුලු වර්ගයක් නම් යුරෝපා රටවල ජීවත් වෙනවා. මේ ගොල්ලො සාමාන්‍යයෙන් සත්තුන්ගෙන් ලේ උරා බොන අතර මිනිසුන් ව සපා කෑ අවස්ථාවන් ද වාර්තා වෙනවා.

    ReplyDelete
  6. අම්මෝ....ඩ්‍රැකියුලා පොත බැලුවා වගේ නේ//මේ තියෙන්නේ ඒ ආම්පන්න ඔක්කොම සෙට් එක..පට්ටා පෝස්ට් එක අයියේ

    ReplyDelete
  7. @උදාර - ස්තූතියි! ඔබ කියන කතාව ඇත්ත. යුරෝපයේ වගේම දකුණු ඇමරිකානු වනන්තර තුලත් මෙසේ ලේ බොන වව්ලන් විශේෂ සිටිනවා. මට නම් හිතෙ‍න්නේ අප මේ කතා කරන ඩ්‍රැකියුලා සිටි පෙදෙස කලින් කමෙන්ටුවේ මම කී ලෙසම ටිකක් අදුරු ගතියක් තියෙන ප්‍රදේශයක් ඒ වගේම මිනිස් වාසයත් ටිකක් අඩු බව කියන නිසා අතීතයේ මෙවැනි ලේ බොන වව්ලන්ගේ ක්‍ෂෙමභුමියක් බවට ඔය කියන ස්ථානය පත්වී තියෙන්නට ඇති. මොකද ඩ්‍රැකියුලා සිටුවරයාට මිනිසුන් දැක්වූ බිය හා ගෞරවය නිසාම ඔහු මිය ගිය පසුවවත් ඔහුගේ බලාකොටුව පැත්ත පලාතක නොයන්න ඇති. මෙවැනි ජනශූන්‍ය තැනක වව්ලන් සිටීම අරුමයක් නොවේනේ. ඉතින් හොද වවුල් ගහණයක් මෙම ගොඩනැගිල්ලේ ඉන්නකොට එයින් වව්ලන් පිටවනවාත් මිනිසුන් දකින්න ඇතුවා සේම උන් ලේ බොන විට ඩ්‍රැකියුලා සිටුවරයා‍ගේ පැරණි නපුරු වැඩ නිසා මිනිස්සු හිතන්න ඇති මේ නම් ඩ්‍රැකියුලාම තමයි වැම්පරයෙක් වෙලා ලේ බොන්නේ කියලා. ඒවගේම වව්ලන් අප අද කතා කරන උපකරණ වලට බියකුත් තියන්න ඇති. ඉතින් මිනිස්සුත් ඒවා භාවිතාකරල මෙම උවදුරෙන් ගැලවෙන්න හදන්නත් ඇති කියල තමයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
  8. රත්ගමයා - ස්තූතියි! මල්ලි ebay එකෙනුත් මේ Tools order කරන්න පුළුවන්ළු. හැබැයි ගානනම් සැරයි...

    ReplyDelete
  9. අප්පට සිරි ඔව් නේ බොලේ...මම දැන් බැලුවේ ස‍්රච් එකක් දාලා....ගන්න උනුත් ඉන්නවා නේ..බිඩ් වැටිලා තියෙනවා ගොඩක් එව්වට

    ReplyDelete
  10. @රත්ගමයා - ඔව් මල්ලි, මම එක තැනක දැක්කා ඒක අලෙවි වෙලා තියෙන්නේ $12000 කට විතර. මේ මිනිස්සු මම හිතන්නේ මේක ගන්නවා ඇත්තේ කෞතුකභාණ්ඩ විදියට ප්‍රදර්ශනය කරන්න වෙන්න ඇති. ඕක පුදුමවෙන්න දෙයක් නැහැ. දවස් කිහිපයකට කලින් දාපු මමි ගැන ලිපිය බලන්නකෝ ඒකේ තියෙන විදියට ඊජිප්තුවේ ඉදල යන සුදු මහත්තුරු මමි ගෙන හිල්ලා තමන්ගේ විසිත්ත කාමරෙත් තියාගෙන ඉදල තියෙන්නේ. ඒ විතරක්යැ විසිවන සියවසේ මමි දෙවන ලිපියේ ඉන්න ඊවා පෙරොන්ගේ සිරුර ඇයගේ ස්වාමිපුරුශයා ස්පාඤයේ සිටියදී තම නිවසේ ප්‍රදර්ශනය කල බව කියන්නේ. ඒවත් එක්ක බලන කොට මේ මෙවලම් ටිකත් ලොකුකමට ගෙදරට එන අයට පෙන්නනව ඇති...

    ReplyDelete
  11. මං වැඩිය ආසා නෑ ඩ්‍රැකියුලා සීන් වලට. ඇත්තම කියන්න රෑට එලියට බහින්නත් බය හිතෙන නිසා. ඒත් දැන්නම් කියවන්න හිතෙනවා...

    ReplyDelete
  12. @prasanna86k - බය නම් යකඩ ඇනයක්වත් අරන් රෑට එලියට යනකොට යන්න...

    ReplyDelete
  13. ලස්සන ලිපියක් දිගටම ලියන්න.

    @Prasanna86K ඇයි දැක්කෙ නැද්ද මේකෙ සුදුළුනු තියෙනවා. බයනං සුදුළුනු ගෙඩියක් අරන් යන්න.

    ReplyDelete
  14. @Praසන්ன - ස්තූතියි! අද මේ ලිපිය බලන අය කී දෙනෙක් බය වෙයිද? ඔවුන් හැමෝම Praසන්ன ගේ උපදෙස පිළිපදින්න...

    ReplyDelete
  15. චිත්‍රපට වල මේ වගේ දේවල් දැකල තියෙනවා..
    හොඳ උත්සාහයක්...

    ReplyDelete
  16. Maha gon athal ekak... Melo rahak ne

    ReplyDelete
  17. මම හිතනවා anonymous අද තමයි මෙ පිටුවට ඇවිත් තියෙන්නේ.මීට පෙර පලවුන ලිපි කියවලාම නැ.ඒ වගේම දැනුම සෙවිම වෙනුවට විනොදය සෙවීම සදහා පමනක්ම අන්තර්ජාලය භාවිතා කරන ඔබ වගේ අයට මෙවනි වෙබි අඩවි වලින් ප්‍රයෝජනයක් නැත.

    ReplyDelete
  18. @බංඩාර - සමහර වෙලාවට වැරදි ලිපිනයන් තියෙන තැන්වල‍ට යන අයත් ඉන්නවනේ. මේ එහෙම කෙනෙක් වෙන්නැති. තමන්ගේ නමින්ම දැම්මනම් ඒක තමයි ඉතින් හොද...

    ReplyDelete
  19. The historical character that gave rise to Dracula is Vlad III (Vlad The Impaler) who was a king of some Romanian territory. He is said to be a cruel man.

    I recall Van Helsing too when you talk about vampire killing kits.

    ReplyDelete
  20. One more thing. I have heard, in medieval England, if somebody committed suicide, the corpses heart was pierced with a wooden pike in order to refrain him/her from being a vampire.

    ReplyDelete
  21. හෙට අනිද්දා ල0කාවේත් පාන් පොල් ඵ්හෙම ගන්න ඔයවගේ ඵ්කක් අරන් කඩේ යන්න වෙයි.

    ReplyDelete
  22. @Asanga - yea... I also saw in Dracula Films and documents about him, Dracula can only sleep on his own Transylvania soil and vampires don't like Garik...

    ReplyDelete
  23. @Anonymous - ඒකනම් ඇත්ත...

    ReplyDelete
  24. අනේ මන්දා.. මම නම් මේවා විස්වාස කරන්නේ නෑ.. මොනවා වුනත් හුඟක් මහන්සිවෙලා මේ විශේෂාංගය කරලා තියනවා..

    ReplyDelete
  25. @Nadun Dissanayake - ස්තූතියි! මේවා ඉතින් ඇත්තටම ඒ රටවල මිනිස්සුන්ගේ විශ්වාස තමයි හරියට අපේරටේ මිනිස්සු ඇප නූල් බදින්නේ ඒවගේ දෙයක් වෙන්නැති...

    ReplyDelete
  26. හොද ලිපියක්, මෙහෙම දේවලුත් තියනවා කියලා දෙනගත්තා. දිගටම ලියන්න සහෝදරයා ඔබට මම සුබ පතනවා !!!

    ReplyDelete
  27. මගෙත් දත් ගලවයි අපේ හාමිනේට ඔය කිට් එක අහු උනොත්.........

    ReplyDelete