Friday, April 1, 2011

පසුගිය සියවසේ පළමු භාගයේදී යැංකින්ගේ ජීවිත ගෙවුන හැටි - American's Life Style in the First Half off the 20th Century

වර්තමානයේ ඇමරිකාව ගැන කතා කලොත් අපි බොහෝ දෙනෙක් ඔවුන්ට බැන වදින එකනේ කරන්නේ. ඒකට විවිද හේතු තියෙනවා. ප්‍රධානම හේතුව විදියට නම් කියන්නේ ඔවුන් ලෝකයේ රටවල් බොහෝමයක අභ්‍යන්තරික ප්‍රශ්න වලට පවා සාධාරණ හේතු රහිතවම මැදිහත්වීම වගේම ලෝකයේ නිල වශයෙන් එකම සුපිරි බලවතා යන  ගරු නාමයද සහිතව තමන්ගේ බලපුළුවන්කාරකම අනිසි විදියට භාවිතයට ගැනීමයි. ඒවගේම තිරයෙන් ඉදිරිපිට වගේම ති‍රයෙන් පිටුපසු ඔවුන්ගේ CIA සංවිධානයට අනුබද්ධ ආර්ථීක කුලී ඝාතකයන් හෙවත් Economic Hit man යොදවලා දුප්පත් රටවල ආර්ථිකයට බලපෑම් කිරීම මගිනුත් ඒ රටවල දේශපාලන අස්ථාවර භාවයක් ඇතිකරන බවටත් චෝදනා එල්ල වෙනවා. 

කෙසේවෙතත් තව කාරණාත් නැතුව නොවේ ඔවුන්ට බනින්න. අපි වගේ රටවල බොහෝ දෙනෙක්ගේ සිහිනය තමයි ඇමරිකාවට යෑම හා එහි තිබෙන දියුණු පහසුකම් බුක්තිවිදීමත්. ඉතින් ඒ ඇති නැති පරතරය නිසාත් සහේතුකව වගේම අහේතුකවත් ඇමරිකාව හෙලා දැකීම කලත් බනින සමහරුන් සිතින් නම් ඇමරිකානුකරණය වැලද ගෙන සිටින බව ටිකක් විමසිල්ලෙන් බැලූ විට පෙනෙනවා. 

ටිකක් දීර්ඝ ලිපියක් සකස් කරගෙන යන අතරතුරේ අදත් කතාකරන රූප තුලින් බලාපොරොත්තුවුනේ අද අපි දකින ඇමරිකානු ජීවිතය නෙවේ විසිවන සියවසේ මුල් භාගයේ එසේත් නැතහොත් දෙවන ලෝක යුද්දයට පෙර ඇමරිකානුවන් හෙවත් යැංකීන් කෙසේද දිවි ගෙව්වේ යන්න සොයා බැලීමයි. ඇත්තටම අද තියෙන ලෝක රටාව නැතහොත් New World Order කියන එක ඇතිවුනේ දෙවන ලෝක යුද්දයේ ඇමරිකාව විසින් සිය පරමාණු බෝම්බ ජපානයේ හිරෝෂීමා සහ නාගසාකී කියන නගර ද්විත්වයට දැමූ පසු බවයි දේශපාලන හා වෙනත් මේහා සම්බන්ධ විචාරක මතය. මොකද එතෙක් මෙතෙක් පෘතුවියේ ඇති බලගතුම අවියේ පළමු හිමිකාරයා වීමත් සමගම ඇමරිකාව ලෝක භූමිකාව තුල මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා වෙනත් යුරෝපීය රටවල් විසින් පවත්වාගෙන ගිය යටත් විජිත හිමිකාරීත්වය තුලින් ලබා ගෙන තිබූ ලෝකයේ තීන්දු තීරණ ගැනීමේ ඒකාධිකාරීත්වය 1945 සිට 1949 දක්වා මුළුමනින්ම ඇමරිකාවට හිමිවූ අතර 1949 දී සෝවියට් දේශයත් න්‍යෂ්ඨික බලයේ හිමිකරුවන් වීමත් සමග ඇමරිකාව හා සෝවියට් දේශය යන රටවල් දෙකට ලෝකයේ තීන්දු තීරණ ගැනීමේ බලය ලැබුන අතර අනෙක් ඔවුන්ගේ හිතවත් රටවල් එම රටවල දෙකේ සහායක නළුවන් බවට පත්වුනා. 

කෙසේවෙතත් ගෙවුන සිවසේ මුල් කාලවකවානුවේ ඇමරිකාවට තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නව මිසක් අනෙක් රටවල දේවල් හෙවීමේ වැඩි උවමනාවක් තිබුනේ නැහැ. ඔවුන්ට තිබුනේ ඔවුන්ටම ආවේනික ගැටළු පමණයි. ඒ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් හා වහළුන් ලෙස රැගෙන ආ අප්‍රිකානු කළු ජාතිකයන් සම්බන්ධයෙන් පැවතුන වර්ණභේද වාදී ගැටළු පමණයි.  ඇත්තටම දෙවන ලෝක යුද්ධයේත් මුල් අවධියේ ඇමරිකානු සහභාගීත්වයක් තිබුනේ නැහැ. ඔවුන් එය සැලකුවේ යුරෝපයේ යුද්ධයක් ලෙස පමණයි. ඔවුන් මෙසේ තමන්ගේ වැඩක් බලා ගෙන සිටින විට පර්ල් වරායට ජපානය බෝම්බ දමා සිදුකල විනාශය තමයි ආසන්නම හේතුව ලෙස දක්වන්නේ දෙවන ලෝකයුද්ධයට ඇමරිකානු මැදිහත්වීම ලබා ගැනීම නැතහොත් අත්ලන්තික් සාගරයේ ඈත පිහිටි රටකුත් යුද්ධයට ඈදාගෙන මුළුමත් ලෝකයම යුද්ධයට සම්බන්දවුන අවස්ථාව ලෙස සලකන්නේ.

එහෙනම් අපි දැන් රූප වලින්ම ඇමරිකානු ජීවිතය පහුගිය සියවසේ ගෙවුන හැටි බලමු. ඒවගේම මම ඔබලාට කියනවා කමෙන්ටු ගැනත් සුළු අවධානයත් දෙන්න, මොකද සමහර මඟහැරුන කාරණා මෙන්ම ලබාදෙන කමෙන්ටු අනුව මතකයට නැගෙන කාරණාත් එතනදී සටහන් වන නිසා.













































29 comments:

  1. අයියේ....ෆොටෝ ටික ලෝඩ් වෙන්නේ නෑ නේ.....
    විස්තරේ නම් එලකිරි..

    ReplyDelete
  2. නියමයි පින්තූර ටික.
    ඇමෙරිකාව ගැන ලෝකෙ අනෙක් රටවල් වලට ඉගෙනගන්න ලොකු පාඩමක් තියෙනව. ඇමෙරිකාවට අත පොවන්න සිදුරු හදල දෙන්නෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන් විසිනුයි. අද ලිබියාවට වෙලා තියෙන්නෙත් ඒකයි. එ‍රටෙහි පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි හැසිරීම ඇමෙරිකානුවන්ට අත දාන්න සිදුරක් හදල ‍දුන්න. ඉන් එහාට සිදුවන දේ ඉතින් කවුරුත් මේ දවස්වල කියනවනෙ.
    ඇමෙරිකාවට බැනීමට වඩා තමන්ගෙ දේශයන් බොරුවෙන්, වංචාවෙන්,තක්කඩිකමින් තොරව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට ගෙන යන්නේනම් ඇමෙරිකාවට අත පෙවීමට කොහෙත්ම ඉඩක් නොලැබෙනු ඇත. ඒත් සිදුවෙමින් පවතින්නේ බොහෝ තැන්වල එයද?

    ReplyDelete
  3. උබ හරි බන් . අපි ඇමරිකාවට බැන්නට අපි උනත් බලන්නෙ ඇමරිකාවෙ හදන ‍ෆිල්ම් අහන්නෙ ඇමරිකාවෙ උන් හදන සින්දු අපි දන්නෙම නැතුව අපිත් ඇමරිකාවට කඩෙ යනවද කොහෙද බන්. අනික ඇමරිකාව වැරදිත් නෑ බන් අපෙ රටවල් වල පාලකයො එක්ක බලද්දි උන්ගෙ ලොකු එඋන් නියමෛ බන්. ( අද නම් ලිපියෙ විස්තර මදි වගේ බන් සොරි වෙන්ට ඔනෙ එහෙම කිඋවට)

    ReplyDelete
  4. ලඃකාව වගේ තමා කියලත් හිතෙනවා ෆොටො දැක්කම

    ReplyDelete
  5. නියම පින්තූර ටිකක්! මේ පරිසරය චිත්‍රපටි වලින් හෙම බලල හුරුයි.

    ReplyDelete
  6. වටින දුර්ලභ පින්තූර ටිකක්. මේ වැඩේ දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  7. @රත්ගමයා - ස්තූතියි! මල්ලී, වෙන Browser එකකින් Try කරනවද? පින්තූර නම් හැබැයි 40 කට වඩා මෙතන තියෙනවා. බැරි වුනොත් කියන්න මම ඒවා email කරල එවන්නම්...

    ReplyDelete
  8. සත්සමුදුරට ඈමරිකාව කරපු අමන වෑඩ ගෑන ලියන්න ගියොත් ලිපි 1000ක් වත් ලියන්න වෙයි.
    ඈමරිකාව ලෝකයට හිට්ලර් තරම්ම අපරාද කරල ඈති.

    ReplyDelete
  9. ``` Outsider``` - ස්තූතියි! ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. හැබැයි මම ඒකට තව කරුණු කිහිපයක් එකතු කරන්නම්. ඇමරිකාවට ඒ ඒ රටවල වැඩවලට ඇගිලි ගහන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කරනවා යන චෝදනාවද ඉත්තෙක් කර ගන්නවා. දැන් ලිබියාවේ තත්වය ගත්තොත් එතන මෙම කරුණු දෙකට අමතරව තව කරුණු කිහිපයක් තියෙනවා. ඇමරිකාව කියන විදියට ලිබියාව 70/80 දශක වල ත්‍රස්තවාදයට මූල්‍යමය හා වෙනත් සහයන් දුන්නා වගේම ලිබියානු පුරවැසියන් ඒ සදහා යෙදෙව්වා යන චෝදනාව තියෙනවා. ලොකර්බි ගුවන් අනතුර එයට එක් උදාහරණයක් තමයි. හැබැයි ඇමරිකාව ලිබියාව වගේ අ‍රාබි කරයේ රටවල් පස්සේ පන්නන්නේ නම් ඒ කලාපයේ තියෙන තෙල් සම්පතට ඇති කෑදර කම පළමු කොටම හේතුවක් කරගෙනයි. මොකද ඇමරිකාවට පක්ෂලනම් කෙතරම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්, රජාතන්ත්‍ර විරෝධි වැඩ ඔවුන්ට අදාල නැහැ. හොදම උදාහරණය දින කිහිපයකට ඉහත තබපු පොල්පොට් ගැන ලිපිය. ඔවුන් සහය දුන් නිසා තමයි පොල්පොට් අච්චර කෲරවැඩ කරේ. ඒව ඔවුන් දැන දැනම ඇස්කන් පියන් සිටියා විතරක් නොවේ. පොල්පොට් යුධ අධිකරණයට ගෙන ඒමේ ක්රි්යාමාර්ග පවා අකර්මන්යැ කරන ලද්දේ ඔවුන් විසින්. මොකද පොල්පොට්ට නඩු පවරනවා නම් ඇමරිකාවත් ඒවායේ කොටස් කාරයන් බවට ඔප්පුවන බව ඔවුන් දන්න නිසා. අනික තමයි මූලෝපායික වැදගත්කමක් නැත්නම් ඇමරිකාව ඒවගේ කරුණු කෙරෙත් අත දාන්නේ නැහැ. ඒකට උදාහරණයක් තමයි ඇමරිකාව විසින් 1993/1994 අතර කාලයේ සෝමාලියාවේ මොහොමඩ් ෆාරා අයඩිඩ්ට එරෙහිව දියත් කරපු සාම සාධක මෙහෙයුම. ඒකදී ඇමරිකාව අසාර්ථකවුනා. නමුත් ඇමරිකාවට එතන එච්චර වැදගත්කමක් නැතිනිසා ඒ පස්සේ පසුව ගියේනැහැ. අද වෙන තුරුත් සෝමාලියාවේ සිදුවන දේවල්, විශේෂයෙන් මුහුදු කොල්ලකරුවන්ගෙන් වන කරදරය ලෝකයටම වදයක්. ඇමරිකාවට සත්යය උවමනාවක් තියෙනවා නම් හරිහැටි ඔවුන්ගේ බලය යෙදෙව්වානම් සෝමාලියාන “Knockout” කරන එක සුළු දෙයක්. ඒත් ඔවුන් එහෙම කරන්නේ නැහැ. තව මේවගේ නිදසුන් කොතෙකුත් තියෙනවා...

    ReplyDelete
  10. @theekshana - මචං ``` Outsider``` ට දාපු පිළිතුරත් බලපං. ‍ඒකේ උඹ කියන දේටත් කාරණා ගැබ්වී තියෙනවා. ‍මේ කතාකරන රූප තේමාව යටතේ ලියන ලිපිවල කියවන්න තියෙන කරුණුනම් ටිකක් අඩුයි. හැබැයි ඒදේ මේ රූප වලින් හොදට කියනබවනම් පෙනේවි. කියවන්න තියෙන දේවල් වැඩි ලිපියක් තවම ලියමින් සිටින්නේ...

    ReplyDelete
  11. @Nirmala - ඔව් සංස්කෘතිකමය වෙනස් කම් හැරුනාම අනෙක් ග්‍රාමීය ඇමරිකානු ජීවිතේ දේවල් නම් ඒකාලේ බොහෝමයක් අපේ රටට යම් සමාන බවක් තියෙනවා...

    ReplyDelete
  12. @උදාර - ස්තූතියි! අපිට ඇහැනොගැහුන දේවල් ‍බොහෝමයක් ඉදිරියේදිත් ගේන්න බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  13. @hare :-) - ස්තූතියි!ඔව් මමත් මේවගේ පරිසරය තියෙන ඇමරිකානු සිනමා සිත්තම් දැක තියෙනවා...

    ReplyDelete
  14. මට නමි හිතෙනවා අපිට වගේම අ‍ෙප් රටවල නායකයන්ට හිතන්න ඉගනගන්න බොහො ාද්වල් ඇමරිකානු ඉතිහාසය තුල තියනවා.මෙි පිංතුර කීපය බොහො දේවල් හිතන්න ඉඩ සලසලා තියනවා

    ReplyDelete
  15. ගොඩාක් ස්තූති ලිපියට,ඇමරිකාවේ ඉතිහාස ජායාරූප දැකලා තිබුනේ නෑ මේ වගේ

    ReplyDelete
  16. @බංඩාර - ස්තූතියි! ඔබ කියන දේ ඇත්ත අපේ අය‍ට ඉගන ගන්න හොද දේවල් රැසක් ඇමරිකානු කෙටි ඉනිහාසය තුල තියෙනවා...

    ReplyDelete
  17. @ItalyDilan - ස්තූතියි! ඉදිරියේදිත් දුර්ලභ ඡායාරූප බලමු...

    ReplyDelete
  18. ඇමෙරිකානු ගම්බද සංගීතය සිහිවෙනවා ..ලස්සනයි . ඔය පරිසරය පසුබිම් කර ගත් චිත්‍රපට වලට මාත් කැමතියි . දේශපාලනය අමතක කරල බැලුවම ඇමෙරිකාව අපුරු රටක් . කරන කියන දේ වලින් එහි පොදු මතයවත් ජනතාවවත් නියෝජනය වෙන්නේ නැහැනේ .
    බොහොමයක් ලිපි තවම කියවන්න බැරි වුනා, විවේකයෙන් කියවිය යුතු නිසා .
    සිතල වියැකිලා ලස්සනට ඉර පායලා නිසා එලියට බැහැල කල යුතු දේ බොහොමයි. පරිගණකයට ටිකක් විවේක දෙනවා දැන්.
    ..චමිලා

    ReplyDelete
  19. @දිනේෂ් දීපාල්
    ඔබේ විවරණය ඉතාම වැදගත්. ඒක ඇත්ත මානව හිමිකම් කොයිතරම් කඩවුණත් ඔවුන්ට වාසියක් අත් නොවන තැනට අත නොදාන්නත් ඔවුන් වගබලා ගන්නා බව පසුගිය සිදුවීම් අනුව පෙනී යනව. නැතිනම් අද දවසේ වුණත් ලිබියාවට වඩා අන්ත විදියට මානව හිමිකම් කඩවන රාජ්‍යයන් කොයිතරම් තිබුණත් ඔවුන් ක්‍රියාකාරීව මැදිහත් නොවන්නේ ඔවුන්ට එයින් ආර්ථික වාසියක් නොසැලසෙන නියා විය යුතුයි.
    කොහොම වුණත් වැඩියෙන් සම්පත් පවතින තැන ඇතුළතම නොමිනිස් බව ඇති‍වීමත්, පිටතින් උවදුරු පැමීණිමත් ලෝක ස්වභාවයයි. පවුලකට වුණත් එය සිදුවෙද්දි රටක් ගැන කවර කතාද?

    ReplyDelete
  20. @..චමිලා - ඔබ කියන දේට මමත් එකඟවෙනවා. ඇත්තටම ඇමරිකාවේ මහජන මතය නිසියාකාරව දේශපාලනයේදී නිරූපනය වෙන්නේ නැහැ. මහජනතාවට කෙලින්ම තමන්ගේ නියෝජිතයන්ට ඡන්දය දෙන්නවත් එහේ බැරි බවයි පොතපතේ කියවන්න ලැබිල තියෙන්නනේ. ඒ කාර්යයට ඔවුන් යොදා ගන්නා ඡන්ද විද්‍යාල කියන සංකල්පය ඇමරිකාව බිහිවුන මුල් අවධියේ ගෙන්න හේතුව විදියට කියල තියෙන්නේ එදාහිටිය ඡන්දදායකයන් එතරම් අධ්‍යාපනයක් නොලබපු හා ‍දේශපාලනය ගැන හරිහැටි ‍තේරුමක් නැති පිරිසක් නිසා කෙලින්ම ඡන්දය මගින් නියෝජිතයන් තෝරනවට වඩා ඡන්ද විද්‍යාල වල නියෝජිතයන් මගින් තේරීම ඵලදායකයි කියන අදහස. නමුත් අද වෙනකොට ඒ තත්වය වෙනස් වෙලා තිබුනත් ඒකියන්නේ බුද්ධිමත් උගත් ජනතාවක් ඇමරිකාවේ ජීවත්වුනත් තවම අර පැරණි වගේම සංකීර්ණ ක්‍රමයට තමයි ඉහල නියෝජිත මණ්ඩල වලට මහජන නියෝජිතයන් තෝරන බව නම් දන්නේ. මෙම ක්‍රමය නිසා ඇමරිකාවට විතරක් නොවේ ලෝකයටම බලපෑමක් සිදුකරන බවයි මට නම් පේ‍න්නේ. මොකද කියනවනම් වසර 2000 දී මහජන ඡන්දය වැඩිපුර අල්ගෝරට ලැබුනත් ඡන්ද විද්‍යාල ක්‍රමය නිසා ජනාධිපති කම ලැබුනේ ජොර්ජ් බුශ්. ඇත්තටම කාටත් පේන්න ඇතිනේ ඔහු ජනපති පුටුවට ආපසු ලෝකයටම බලපාන ඉරාක යුද්ධය වැනි දේවල් කරල කරපු හානිය. සමහරවිට අල්ගෝර් ආවනම් මීට වඩා වෙනස් වෙන්නත් තිබුන බවත් හිතෙනවා‍...

    ReplyDelete
  21. @`` Outsider``` - ස්තූතියි! ඒ පිළිබදව කතා කරන්න ඕන තරම් කාරණා තියෙනවා. අපි ඉදිරියේදී බ්ලොග් සටහනකින්ම ඒ ගැන වැඩි දුරටත් කතා කරමු...

    ReplyDelete
  22. ලිපි 1000 ක් ලියන්න වේවි කියපු මිතුරා වෙතයි. මේ ගැන දීර්ඝ ලෙස අපි ඉදිරියේදී බ්ලොග් සටහනකින්ම ඒ ගැන වැඩි දුරටත් කතා කරමු...

    ReplyDelete
  23. උන් දියුණු වුනේ උන්ගෙ දිහා බලලා. අපේ එවුන් පිරිහින්නෙ උන්ට ඉරිසියා කරල.

    ReplyDelete
  24. @පිටස්තරයා - ඔබ කියන දේට මමත් එකඟවෙනවා. අපේ මිනිස්සු ඇමරිකන්කාරයට ඉරිසියා කර කර ඉස්සර හදපු දේවල් ගැන ඉතිහාසය ගැන පම්පෝරිගහගහ තමන්ගේම මනුස්සයට විරුද්ධකම් කර කර ඉන්නව මිසක් අළුත් දෙයක් ගැන හිතන්නේ නැහැ...

    ReplyDelete
  25. ශ්‍රීමාල්September 13, 2011 at 11:54 PM

    කදිම ලිපියක් ඒ වගේම හොඳ පින්තූර එකතුවකුත්. මට මතක් වෙනව ඉස්සර 'ක්වායි චෑන් කේන්' වටා ගෙතුන කුන්ග් ෆු වැඩසටහන් මාලාව. ඒක බලාගෙන යද්දි ඇමරිකානු ජන සමාජය ගැන ලොකු අවබෝධයක් ගන්න පූලුවන් උනා කියලයි මට හිතෙන්නේ.
    වෙලාවක අර සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයෝ ගැනත් ලියන්න. මට හිතින්නේ එයාලත් නිකං කුලී හේවායෝ කියල. කොහේ හරි ලොකු අතක් ඔවුන් පිටිපස්සේ ඉන්නව.

    ReplyDelete
  26. එහෙම හිටපු උන් දැන් ඉන්නේ කොහොමද?

    ReplyDelete
  27. ඇමෙරිකානුවන්ගේ වර්තමාන ගති මොනවා වුනත්, මේ පින්තූර වලට අදාල කාල වකවානුව පිළිබඳ චිත්‍රපට හා පොත් පත් කියවද්දි හිතෙන දෙයක් තමා ඒ මිනිස්සු කොයිතරම් උත්සාහ වන්තද කියන කාරණය.. උදහරණයක් විදියට Laura Inglles Wilderගේ Little House පොත් මාලවේ කියවෙන පරිසරය, ඒ මිනිස්සුන්ගෙ උත්සහවන්තකම, නිර්භීතකම ආදි දේවල් , මිනිස්සු අද ලෝකයේ සුපිරි බලවතා කියන තත්වයට ගේන්න හේතු වුනා කියල හිතෙනව..
    ඔබගේ සටහන් කියවනවා...ඉතාම අසා කරන Blog එකක්... ජය!!!

    ReplyDelete