Friday, March 4, 2011

"Float like a Butterfly, Sting like a Bee" - 2nd Round


The Rumble in the Jungle
මෙම තරඟය සයරේ රාජ්‍යයේ (දැන් මෙම රට හදුන්වනු ලබන්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙසයි) කින්සාශා අගනුවරදී පැවැත්වීමට අලි හා Formen යන දෙදෙනාම එකඟවූ අතර මුළු ලෝකයේම අවධානය දිනාගත් මෙම තරඟය හැදින්වූයේ “The Rumble in the Jungle” ලෙසයි.

මුලින් මෙම තරඟය 1974 සැප්තැම්බර් මස පැවැත්වීමට කටයුතු සම්පාදනය වූවත් පුහුණවන අතර වාරයකදී Formen ගේ දකුණු ඇසට ඉහලින් සිදුවූ තුවාලයක් නිසා එම වසරේ ඔක්තෝබර් 29 වන දා දක්වා කල් දමන ලදි. මෙම තත්වය අලීට යම් පමණකට වාසිදායක වූ අතර ඔහුට කින්සාශා නුවරදී වැඩිදුරටත් පුහුණුවීම් කටයුතුවල යෙදීමටත්, එරට මිතුරන් රැසක් ඇති කර ගැනීමටත්, මාධ්‍ය සාකච්ඡා සහ රැස්වීම් වලදී Formen ට එරෙහිව වහසිබස් ආදිය පැවසීමේ අවස්තාවද උදාවිය. මේ තත්වය අලීට තම විශ්වාසනීයත්වය වැඩිදියුණුකර ගැනීමට රුකුලක් වූවත් බොහෝදෙනෙක් සිතුවේ අලීගේ කාලය දැන් අවසන් සහ තරුණ  Formen ඉදිරියේ අලීගේ පරාජය නිසැකයි ලෙසයි.

තරඟය ඇරඹුනි. ජයග්‍රහණයේ පහස විද සිටි Formen ගේ දැඩි ප්‍රහාරයන් අලීට විදදරා ගැනීමට මුල් වටවලදී සිදුවිය. එහෙත් තරඟය තවදුරටත් ඇදී යද්දී Formen විඩාපත්වන්නට විය. එනමුදු අලී මේ වන විට තම දැඩි මුශ්ටි ප්‍රහාර මාලාව සහ නියමිත ස්ථාන වල ස්ථානගතවෙමින් උපක්‍රමශීලීව ක්‍රීඩා කල නිසා තරඟයේ 8 වන වටයේදී Formen knockout කර දැමීමට හැකිවිය. 

ඒ සමගම දෙවන වරටත් ලෝක හෙවිවේට් කිරුල තමන් සතුකර ගැනීමේ ගෞරවය අත්පත් කරගැනීමට අලීට වාසනාව ලැබින. 

මේ තරඟය ලෝ වැසි ජනතාව කෙතරම් අමන්නානන්දයට පත් කරාද කිවහොත් ඊට දශක දෙකකට පමන පසු එනම් 1996 දී මේ පීළිබදව නිපදවූ වාර්තාමය චිත්‍රපටියක්ද එලිදැක්වින. එය When We Were Kings ලෙස නම් කෙරුනි.

The Thrilla in Manila
මෙයින් පසු ප්‍රතිවාදීන් තිදෙනෙකුගේ අභියෝග හමුවේ නොසැලී තම ලෝක හෙවිවේට් කිරුල රැක ගත් අලී 1975 දී නැවතත් Joe Frazier සමග තරග වැදීමට එකග විය. ඒ 1975 ඔක්තෝබර් මස දී පිලිපීන‍යේ මැනීලා නුවරදීය. එක සමාන දක්‍ෂයන් දෙදෙනෙකුගේ මතක සිටින සටනක් වූ මෙය, 28000 ක් වූ බොක්සිං ලෝලීන් සහ මිලියන 700 ක් වූ රූපවාහිනී ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ තම ශ්‍රේෂඨත්වය නැවතත් තහවුරු කර ගනිමින් දිනා ගැනීමට මොහොමඩ් අලි සමත්විය. මෙම ද්වන්ද සටන හැදින්වූයේ “The Thrilla in Manila” ලෙසයි. 

තරඟයේ ජයාග්‍රාහකයා හෝ පරාජිතයා කවුරුවූවත් මෙම තරගය නිසා මෙම ක්‍රිඩකයන් දෙදෙනාම ලෝක ක්‍රීඩා ඉතිහාසයේ අතිදක්‍ෂයන් දෙදෙනෙක් ලෙස නොමැකෙන සලකුනක් තැබීමට හේතුවිය.

ANOTHER TITLE AND RETIREMENT
ඉන්පසු 1976 සිට 1978 දක්වා වාර හයකදී සිය කිරුල රැක ගැන්මට අලීට හැකිවිය. නමුත් 1978 පෙබරවාරි මාසය නම් මොහොමඩ් අලීට සුභ ‍මාසයක් නොවීය. ඇමරිකාවේ ලස්වේගාස් හි නෙවාඩා දී පැවති තරඟයේදී සිය හෙවිවේට් කිරුල අත්හැරීමට අලීට සිදුවිය. ඒ Leon Spinks හමුවේ පරාජය වීම නිසයි. 
කෙසේ නමුත් මෙම දෙදෙනා නැවත තරඟයක් 1978 සැප්තැම්බර් මස New Orleans හි Louisiana දී පැවැත්විය. එ‍හිදී නම් සිය අනසක ‍බොක්සිං වලල්ල තුල මනාව ප්‍රදර්ශනය කරමින් නැවතත් ‍ලෝක හෙවිවේට් කිරුල තමන් සතු කර ගැනීමට අලී සමත්විය. 

මෙයින් පසු 1979 දී මොහොමඩ් අලි බොක්සිං වලල්ලෙන් සමුගත්තත් 1980 දී ඒ සමුගැන්ම අවලංගුකරමින් නැවතත් ‍බොක්සිං අත් ආවරණ පැලද Larry Holmes හට අභියෝග කරමින් බොක්සිං වලල්ට පිවිසියේය.  නමුත් වාසනාව මොහොමඩ් අලි වෙතින් පලා ගොසිනි. ඔහු Holmes හට පරාජය වූ අතර ඉන් පසු 1981 දී Trevor Berbick හමුවේද පරාජයේ අමිහිර වේදනාව විද ගැනීමට අලීට සිදුවිය. ‍එසේම මේනිසා යම් ගෞරවයක් සමග සමුගැන්මට තිබූ අවස්ථාවද අලීට අහිමිවිය.

කෙසේ නමුත් මොහොමඩ් අලී ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ අත්පත් කරගත් කීර්තිය සුළුපටු නොවේ. ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තද ඔහු ලොව කොතනට ගියත් ලැබුන සහ වර්තමානයේද ලැබෙන ගරු බුහුමන් ඒ බවට සාක්‍ෂි දරයි. ඔහු වෘත්තීමය බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්නා විට ජයග්‍රහණ 56 ක් ලබා තිබූ අතර එයින් 37 ක්ම ප්‍රතිවාදියා knockout කර ලබාගත් ඒවා වන අතර පරාජිතයකු වී සිටියේ 5 වරක් පමණි.

ක්‍රීඩාවෙන් අනතුරුවද සිය දායකත්වය වෙනස් අංශකරාද ලබා දුන් අතර නොයෙක් ප්‍රන්‍යායතන වල කටයුතු සහ ලොව විවිද තැන් වල සිදුකෙරුන මානුෂීය කටයුතුවලදීද සිය සහය ලබාදීමට පසුබට නොවීය. එසේම 1996 ඇමරිකාවේ ඇට්ලන්ටාහි පැවති ඔලිම්පික් පහන දැල්වීමේ ගරුත්වයද ඔහුට හිමිවිය.

තවදුරටත් ගරු කිරීමක් ලෙස විසිවන සියවස අවසන බොහෝ මාධ්‍ය ඔහුව අපේ කාලයේ හමුවන ‍ශ්‍රේෂ්ඨ සහ බලසම්පන්නම ක්‍රීඩකයෙකුලෙස නම් කලේය.

නමුත් කණගාටුදායක කරුනක්ද කිවයුතුව තිබේ බොක්සිං වැනි නිරතුරු හිසට තද පහරවල් එල්ල වන ක්‍රීඩාවක නිරතවූ නිසා 1984 දී පලමුවරට මොහොමඩ් අලීට පාකින්සන් රෝග ලක්‍ෂන පහල විය. ඒ සමගම ශරීරයේ වෙව්ලන සුළු ස්වභාවය,  කතාකීරීමේදී ඇතිවන අපහසුතා, මුහුනේ ඉරියව්වල පාලනය කර ගත කර නොහැකි තත්වයන් සහ වෙනත් ස්නායුගත රෝගී තත්වයන්ට මේ සමග මුහුන දීමට මොහොමඩ් අලීට සිදුවිය. එහෙත් එයින් කලකිරීමට පත් නොවූ අලී සිය ධනය මෙම රෝගය තුරන් කිරීමට අවශ්‍ය පර්යේෂනවලට ලබාදීමටද නොමසුරුවිය.

කෙසේ වෙතත් මොහොමඩ් අලීට නැවත බොක්සිං වලල්ලට පිවිසිය නොහැකි වූවත් ඒ අඩුව පුරවමින් ඔහුගේ දියණියක වන Laila Aliද, අනූව දශකයේදී වෘත්තීමය බොක්සිං ක්‍රීඩායට පිවිසි අතර, ඇයද සිය පියා මෙන්ම සිය නම ඉදිරියේ ජයග්‍රහණ රැසක් සනිටුහන් කරගැනීමේ වාසනාව උදාකරගෙන ඇත.

අවසානයේ තවත් කරුණක් කිවයුතුය එනම් තමන් දිනාගත් ඔලිම්පික් රන් පදක්කම ඔහියෝ ගංඟාවට විසිකර දැමූ අතර ඒ සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ බෝජනාගාර සහ සුදු ජාතිකයන්ගෙන් කළු ජාතිකයන්ට සිදුවන මදිපුංචි කමට විරෝධයක් ලෙසයි. කෙසේ නමුත් 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙලේ බාස්කට් බෝල් තරඟයක් අතරතුර මේ පදක්කම වෙනුවට වෙනත් රන් පදක්කමක් ඔලිම්පික් කමිටුව විසින් අලීට ප්‍රධානය කරන ලදි.

අමතර කතා :

ඇත්තටම කියනවනම් විසිවන සියවසේ සිටි අද්විතීය මිනිසෙක් ලෙස මොහොමඩ් අලීව හදුන්වන්නට පුළුවන්. මොහු රඟපාන තවත් චිත්‍රපටියක් ඇති අතර එය හැදින්වූයේ The Greatest නමින්. එසේම Sylvester Stallon ගේ Rocky චිත්‍රපටි මාලටවත් අලීගේ සහ ඔහුගේ සමකාලීන ක්‍රීඩකයන්ගේ දීප්තිය හේතුවූවා නිසැකයි. එසේම ඔබට මතක ඇති මීට පෙර සටහන් කල Sylvester Stallon  සම්බන්ද සටහනකදී ඔහුගේ Rocky IV වන Rocky Balboa දී සදහන් කලා ;

"එසේම සමහරවිට Stallone ට මේක හදන්න හි‍තෙන්න ඇත්තේ, මට මතකයි 1994 වසරේදී පමණ පැරණි Heavy Weight බොක්සිං ශූරයෙකු (ඔහුගේ නම නම් මතක නැහැ) ලෝක Heavy Weightශූරතාවයක් දිනා ගැනීම. ඔහු ඒ වන විට වයස හතලිස්විය පවා ඉක්මවා ගිය අයෙක් මෙම හේතුවත් Rocky VI නිපැදවීමට බලපාන්න ඇත්දැයි සැකයක් මතුවෙනවා."  -  මෙන්න මේ කියන ක්‍රීඩකයා George Foreman විය යුතුයි.

තව දෙයක් තමයි ඔබට මතකද Taschen සඟරාව The Godfather චිත්‍රපටි ත්‍රිත්වය පදනම් කරගෙන නිර්මාණය කරපු The Godfather Family Album ගැන කතා කලා. ඔන්න දැන් Muhammad Ali ‍ගේ ක්‍රීඩා දි‍වයේ විවිද අවස්ථා සහ බොක්සිං වලල්ලෙන් පිටත සිදුවීම්ද අඩංගු ඡායාරූප සහ ඒහා සබැදුන විස්තර රැගත් Album එකක් තියෙනවා. මේකෙ නම තමයි "Greatest of all time - Tribute to Muhammad Ali" .

මේ ඡායාරූප අරගෙන තියෙන්නේ  Howard Bingham කියන ඡායාරූපශිල්පියා විසින්. මේ Album එකේ මිල නම් අධිකයි. ඒත් ඔන්න ඒකේ පින්තූර රාශියක් ඔබට දැන් බලන්න අවස්ථාව දෙ‍මින් මෙම සටහන අවසන් කරනවා.




Muhammad Ali is one of the most remarkable personalities of our time and the greatest sportsman ever to walk the earth. To honor this living legend, TASCHEN has created a work that is epic in scale and as unique and vibrant as the man himself. A worthy tribute to his life should reflect the scale of his achievements, and GOAT – GREATEST OF ALL TIME is fully up to that task:














6 comments:

  1. කොටස් දෙකම කියෙවුවා පට්ටා.... කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
  2. ලිපි දෙකම කියෙව්වා....නියමයි.....
    තව වැදගත් දෙයක් තියෙනවා....ඒ තමයි හෙවිවේට් ශූරයන් අතරින් ධවල මන්දිරයේ භෝජන සංග්‍රහයකට ආරාධනා නොලබපු ශූරයන් දෙදෙනා අතරින් කෙනෙක් තමා අලි කියන්නේ....සහෝදරයා...මුහම්මද් අලි ගේ ජීවිත කතාව කියවන්න....සිංහල පරිවර්තනයේ නම "‍ශ්‍රේෂ්ඨයා"....ඒකෙන් ගො‍ඩක් කරුණු සොයාගන්න පුළුවන්.....
    මොනවා වුනත් නියම නිර්මාණයක්......

    ReplyDelete
  3. @මකුළුවා - ස්තූතියි! මම ඒ පොත පුස්තකාලයෙන් හෝ ඉදිරියේදි ලබා ගෙන බලනවා.

    ReplyDelete