
එහෙත් මුල් චිත්‍රපටි පහ තුල තිබූ එකිනෙකට බද්ධ වූ සම්බන්ධය Rocky VI තුල දැකගත නොහැකිවූ බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.
එසේම Rocky V කියන චිත්‍රපටියට පසු වසර 16 කට පස්සේ තමයි Rocky VI දැකගන්නට ලැබෙන්නේ. Sylvester Stallone ම අධ්‍යක්‍ෂන, තිර රචනය සහ කථාව යන කාරණා සිදු කරණ ලද්දක් වන මෙම චිත්‍රපටිය නිසා Rocky චිත්‍රපටි මාලාවේ කලින් නිර්මාණ පහේ ආලෝකයද අඩුවී ගියා දැයි සැකයක් මතුවෙනවා.
මොකද Rocky V කියන චිත්‍රපටිය තුලදී ප්‍රවීණයෙකුට ලබා දිය යුතු ගෞරවනීයත්වය ගැන හොද නිර්වචනයක් ලබා දීල, එයම වෙනස් ආකාරයකට නිරූපණය කරන්න යෑම සහ Stallone ගේ පැරණි චරිතයක් තුලින් නැවත තම ප්‍රතිරූපය ගොඩනගන්නට ගත් නිශ්පල උත්සාහයක් කියල පේන්නේ.
එසේම සමහරවිට Stallone ට මේක හදන්න හිතෙන්න ඇත්තේ, මට මතකයි 1994 වසරේදී පමණ පැරණි Heavy Weight බොක්සිං ශූරයෙකු (ඔහුගේ නම නම් මතක නැහැ) ලෝක Heavy Weight ශූරතාවයක් දිනා ගැනීම. ඔහු ඒ වන විට වයස හතලිස්විය පවා ඉක්මවා ගිය අයෙක් මෙම හේතුවත් Rocky VI නිපැදවීමට බලපාන්න ඇත්දැයි සැකයක් මතුවෙනවා.

එසේම බොහෝ චිත්‍රපටිවල දක්නට ලැබෙන රාමුවකින් බැහැරව ගිය ස්වරූපයක් තමා සමස්ථ Rocky චිත්‍රපටි මාලාව තුකම තිබුනේ. එනම් කථාවේ වීරයා සෑම විටම ජයග්‍රාහකයා නොවීමයි. චිත්‍රපටි මාලාව පුරාම Rocky නැත්නම් Italian Stallion ගේ නැගීම, බැසීම සහ ඒවාට ඔහු සහ ඔහු වටා සිටින අනෙකුත් පාර්ශවයන්ගේ දායකත්වය බොහොම කලබලයකින් තොරව නිරූපණය කල සිනමා සිත්තමක් ලෙස Rocky ගැන නොබියව පවසන්න පුළුවන්.
Get Carter ගැනත් ට්කක් කථා කරමු ...

මම Stallone සිටින චිත්‍රපටිය පමණක් බලල තිබෙන නිසා හරියටම ඒ ගැන පවසන්න හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මෙයත් එතරම් ඇගට දැනෙන ආකාරයේ නිර්මාණයක් නොවෙන අයුරක් ඇතිබව තමයි සිතෙන්නේ.
එතරම් සාර්ථක අවසානයක් නොමැති Cop Land…

රොකී චිත්‍රපටි මාලාව නම් මම සෑහෙන්න බලල තියෙනවා. එකක් බලල නර කරන්න බෑනෙ ඒවා... ඒ වුණත් අර කිව්වා වගේ VI කොටස කලින් ඒවයින් ටිකක් එහෙ මෙහෙ වෙලා කියල ම හිතෙන්නේ. ඒක වෙනමම චිත්‍රපටියක් විධියට ගත්තනම වඩා හොඳයි වගේ...
ReplyDeleteh : ඇත්තවශයෙන්ම...
ReplyDeleteසහතික ඇත්ත
ReplyDeleteniyamay
ReplyDelete