Wednesday, March 23, 2011

මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම හෙවත් Big Ivan හෙවත් The Tsar Bomba නැතහොත් King of Bombs එහෙමත් නැතහොත් Kuzna's mother තව විදියකට කියනවා නම් AN602 - (The most powerful nuclear weapon ever detonated in Human History On the Earth)

ඔබ සිතන්නේ මෙතුවකට මිනිසා විසින් සිදුකර ඇති විශාලම න්‍යෂ්ඨික පිපිරීම දෙවන ලෝක මහා සංග්‍රාමයේදී යුද්දය නිමා කිරීම සදහා ජපානයේ හිරෝශීමා සහ නාගසාකී නගර වෙත හෙලන ලද "Little Boy" සහ "Fat Man" පරමාණු බෝම්බ දෙක කියද? පිළිතුර නම් "නැහැ" යන්නයි. මෙම දැවැත්ත පිපීරීම සිදුකලේ 1961 ඔක්තෝබර් 30 වන දින මොස්කව් වේලාවෙන් පෙරවරු 11.32 ටයි. මෙම පහත රූපයෙන් ජපානයේ සිදුකල න්‍යෂ්ඨික බෝම්බ වල පිපිරුම සහ Big Ivan බෝම්බයේ පිපිරීම අතර සසදා ඇති ආකාරයෙන් එහි තත්වය කෙබදුදැයි ඔබට තේරුම් ගත හැකිවේවි.


න්‍යෂ්ඨික අවිවල පැටිකිරියෙන් බිදක්...

මේ ගැන කතාකරද්දී නැතැතින්ම කියවෙන නාමයක් තමයි ජපානය. අද වන විට ඒ රටට ඇතිවෙලා තියෙන භූමිකම්පා හා සුනාමි තත්වය හැරුනකොට පෙරකී තත්වයන් නිසා එරට Fukushima න්‍යෂ්ඨික බලාගාරයේ සිසිලන පද්දතියේ ඇතිව තිබෙන දෝශය නිසා අප හිතමිතුරු ජපාන වැසියන්ට අත්ව තිබෙන අභාග්‍යසම්පන්න තත්වය ගැන මුලින්ම කණගාටුව ප්‍රකාශ කල යුතුමයි.

1945 අගෝස්තු 06 වන දින හිරෝශීමා වෙත ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙලන තෙක් ඇමරිකාවේද අතලොස්සක් හැරුන කොට මෙම විනාශකාරී න්‍යෂ්ඨි අවි ගැන ලෝකයේ කිසිදු කෙනෙක් දැන නොසිටි බවද ඉතිහාසයේ මේ පිළිබද අධ්‍යයනයේදී සොයාගන්නට ලැබෙනවා‍. කෙසේ වෙතත් 1945 මුල් භාගයේදී ජර්මණිය පරාජය වී ලෝක සංග්‍රාමයෙන් ඉවත් වූවත් ජපානය දිගටම යුද්ධයේ නියලීම නිසා ජපානය ආණ්ඩුමට්ටුකිරීමට එකම බලාපොරොත්තුවවී සිටියේ සෝවියට්දේශයයි. ඒ මන්ද යත් එංගලන්නතය සහ ඇමරිකාව යන දෙරට ප්‍රමුඛ මිත්‍ර පාර්ශවයට පෙරදිග කලාපයේ ජපානයේ ප්‍රතිරෝධයට මුහුණ දීම ඒ වනවිට අපහසු වී තිබීමත් සෝවියට් හමුදා ජර්මණිය පරාජය කිරීම නිසා ඔවුන්ගේ සාම්ප්‍රධායික හමුදා ශක්තිය මැනවින් ඔප්පුවී තිබිම නිසා හා අතීතයේ පටන් රුසියාව පැවති කාලයේ සිට ජපානය නිරතුරුවම යුධවැදී සිටි නිසා සෝවියට් දේශය, ජපානය මෙල්ල කිරීමට ඒ වන විට කැමැත්තෙන් සිටියා.

කෙසේවෙතත් "harakiri" ලෙස හදුන්වන සියදිවි හානි කරගෙන හෝ ගෞරත්වය රැක ගැනීමට පසුබට නොවන ජපාන සෙබළුන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර සහ ජවසම්පන්න යුද උපක්‍රම හමුවේ එරට සමග යුද වැදීමේදී යම් පාර්ශවයක් ජය ගත්තද අඩුම තරමේ මිලියනයක තරම් තවත් මිනිස් ජීවිත විනාශයක් සිදුවෙතැයි යන බිය සංකාද ඒවනවිටත් පහලවී තිබුනා.

නමුත් මේ වන විට ලොවටම හොරෙන් යම් යම් දේවල් තිරයෙන් පිටුපස සිදුවෙමින් පැවතියා. ඒ තමයි 1939 
ඔක්තෝබර් 21 වන දින Manhattan Project ලෙස හැදින්වූ න්‍යෂ්ඨික අවි මුලින්ම නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම. මෙම කටයුතු එරට නිව්මැක්සිකෝවේ, ලොස් ඇලමෝස් (Los Alamos in New Mexico) හි භෞතික විද්‍යාඥ Robert Oppenheimer ගේ නායකත්වයෙන් සිදුවෙමින් පැවතියා. ඔවුන්ගේ පරික්‍ෂනවල සාර්ථකත්වය පෙන්නුම් කරමින් 1945 ජූලි 16 වනදා ලොව ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම සිදුකරන්නට ඔවුනට හැකියාව ලැබුනා.

මෙසේ කරුනු කාරණා සිදුවෙච්චී මේ සියල්ල ලෝකයෙන් වසන් කර තබා ගැනීමට ඇමරිකාව වගබලාගත් අතර මේවන විට මෙම කාර්යය සිදුකිරීමට විධිවිධාන යෙදූ ඇමරිකානු ජනපති Franklin Delano Roosevelt මහතා  මියගොස් සිටියා. ඒ  1945 ‍අප්‍රේල් 12 වනදා. මෙයින් පසු බලයට පැමිණි Harry S. Truman මහතා යුද්ධය ඉක්මනින් ඉවර කිරීම මෙන්ම සෝවියට් දේශය ලෝක සංග්‍රාමයට සමගාමීව නැගෙනහිර යුරෝපය යටත් කර ගනිමින් කොමියුනිස්ට් පාලනය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමය නිසා අනාගතයේදී නැවතත් ඇතිවිය හැකි ව්‍යවසනකාරී තත්වය ගැන සැක සිතා න්‍යෂ්ඨික බලය ජපානය වෙත මුදා හැරීමට අවශ්‍ය අණ ලබා දුන්නා.

මේ අනුව 1945 අගෝස්තු 06 වන දින හිරෝශීමා වෙතත් ඊට දින තුනකට පසු එනම් 09 වන දින නාගසාකී වෙතත් න්‍යෂ්ඨික බෝම්බ දෙකක ගුවනින් හෙලා එතෙක් මෙතෙක් පෘතුවිය මත සිදුවූ දැවැන්තම යුද විනාශය සිදුකොට ජපානයට යටත් වීම හැරෙන්නට වෙනත් කිසිදු මාවතක් තෝරාගැනීමේ ඉඩ කඩ වලකා දැමුවා.
Atomic bomb mushroom clouds over Hiroshima (left) and Nagasaki (right)
We are the Champions....
මෙම සිදුවීමත් සමගම එතෙක් ලෝකයේ යටත්විජිත වැඩිම ගණනක හිමිකාරීත්වය ලැබ ලෝක බලවතාගේ භූමිකාව නිල වශයෙන් ගෙන ගිය මහා බ්‍රිතාන්‍යට එම කිරුළ අහිමි වුනා සේම, දැවැන්ත සාමප්‍රධායික හමුදා බලයක් තිබුනත්, තවමත් න්‍යෂ්ඨික බල පරාක්‍රමය නැති නිසා ඇමරිකාවට දෙවැනි වීමට සෝවියට් දේශයටද සිදුවූ අතර ලෝකයේ එකම සුපිරි බලවතා වීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකිවුනා. එහෙත් එම කිරුල රදා ගැනීමට හැකිවුනේ සිව් වසරකට මදක් වැඩි කාලයක් පමණයි. ලොව දෙවැනියට බිහිවූ සුපිරි බලවතා තමන් බව ඔප්පු කරමින්  සෝවියට් දේශයද 1949 අගෝස්තු 29 වන දින ප්‍රථම න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදුකරනු ලැබුවා. මෙයට දී තුබූ ‍කේත නාමය වුනේ RDS - 1.

Welcome to the Club ...
මෙලෙස ලෝකය නම් වේදිකාවේ රංගනයන් සිදුවීම තුලින් සීතල යුද සමය (Cold War Era) හෙවත් නිරවි යුද සමයේ කූටප්‍රාප්තිය සිදුවූ අතර සුපිරි රටවල් දෙකම එකිනෙකා පරයමින් තව තවත් විනාශකාරී  ආයුධ බිහිකිරීමේ "සද්කාර්යයේ" නියැලී සිටියා.

මෙසේ අදාල පරීක්‍ෂන සිදුකරගෙන යද්දී දෙවන මූලික න්‍යෂ්ඨික අවි විශේෂය වන තාපන්‍යෂ්ඨික අවි හෙවත් Thermonuclear හෙවත් hydrogen bombs නැතහොත් කෙටියෙන් හදුන්වන H-bombs, 1952 නොවැම්බර් 01 වන දින හොනළුළු සිට නිරිත දිග සිට සැතපුම් 2500 ක් දුරින් පිහිටි අ‍ටොල්ලක පිපිරීම සිදු කිරීමට ඇමරිකාවට හැකිවුනා.

සෝවියට් දේශය මෙම තරඟයෙන් ඉවත්වුනාද? කිසිසේත්ම නැත. ඔවුන්ද සිය ප්‍රථම hydrogen බෝම්බය 1953 අගෝස්තු 12 වන දින සිදුකරනු ලැබූ අතර කේත නාමය RDS - 6 වූ අතර ඇමරිකානුවන් එයට දුන් නම Joe 4.

මෙයින් පසු තවදුරටත් දෙරටම යහමින් මෙම තාපන්‍යෂ්ඨික අවි සංවර්ධනයේ නියෙළුන අතර අධියර කිහිපයකින් (multi-staged) ක්‍රියාකාරීත්වය සිදුවන මෙම වර්ගයේ බෝම්බ නිපදවීම දෙරටම යුහුසුළුව සිදුකලහ.

මාතෘකාවට අදාල කතා තේමාව අරඹමු එහෙනම්...
අද කෙලින්ම මාතෘකාවට එන්නේ නැතුව ඒකට පසුබිම් වූ සිදුවීම් හා සිද්ධාන්ත කතා කිරීම සමහරවිට ඔබට වෙහෙසකර වන්නටද ඇත. නමුත් එම කරුණුද දැන සිටීම තවත් අද අපේ මාතෘකාව තව තවත් පෝෂනය කරන්නක් නිසා ඒ පිළිබදව මා හට ඔබගේ කාරුණිකබාවය ලැබේ යයි අපේක්‍ෂාකරමි.

මෙම සාර් බෝම්බය පිපිරවූ දිනය සහ වෙලාව මුලින්ම සදහන් කලා. මෙම බෝම්බය ගැන කියනවා නම් මෙය අදියර තුනක එසේත් නැතහොත් Three Stage Nuclear Weapon එකක් ලෙස පළමුවෙන්ම කියන්න ඕන. මෙම අදියර තුන ලෙස හැදින්වීමට හේතුව නම් මෙම බෝම්බය පළමුව විකණ්ඩන ක්‍රියාව, දෙවනුව විලයන ක්‍රියාව සහ නැවතත් විකණ්ඩන ක්‍රියාව යන ක්‍රියා තුනක් සිදුවීම නිසායි (three-stage weapon: fission, fusion, and then fission again).

RDS - 220 යන කේත නාමයෙන් හැදින්වූ මෙම බෝම්බය මුලින්ම සැලසුම් කලේ TNT මෙගාටොන් 100 ක ශක්තියක් ජනනය වන ලෙස නිපදවීමටයි (Maximum Design Yield - 100 Megatons). එහෙත් පිපිරීමෙන් පසුව ශේෂවන විකිරන නිසා ඇතිවිය හැකි උපද්‍රව අවම කර ගැනීමේ අදහස මත මෙය මෙගාටොන් 50 දක්වා පසුව අඩුකරන ලදි (order to reduce nuclear fallout - Fallout is the residual radiation hazard from a nuclear explosion).
හිරෝශීමාවට හෙලූ "Little boy"කිලෝ ටොන්  13 - 18 අතර ශක්තියක් නිදහස් කල අතර නාගසාකී වලට දැමූ "Fat man" කිලෝ ‍ටොන් 21 ක ශක්තියක් ජනනය කලහ. ඒවා සමගද සැසදීමක් කලහොත් මෙම "Big Ivan", පෙර කී බෝම්බ දෙකෙන් ජනනය කල ශක්තියේ එකතුවේ 1400 ක ගුණයක් වේ යයි කියන අතර දෙවන ලෝක යුද්දයේදී භාවිතාකල සියළුම පුපුරණ ද්‍රව්‍ය වල ශක්තියේ එකතුව මෙන් 10 ගුණයක් වේයයි ගණන්බලා තිබේ.

කෙසේ වෙතත් මෙවැනි අතිබියකරු අවියක් ජනාධික සෝවියට් භූමියේ ස්ථානය අත්හදාබැළුවහොත් සිදුවිය හැකි හානිය සිතා ගතවත්නොහැකි නිසා මෙය සිදුකිරීමට තෝරා ගත්තේ Novaya Zemlya නම් ප්‍රධාන භූමියෙන් පිටත ඇති දූපතයි.


බෝම්බය නිපදවීම භෞතික විද්‍යාඥ Julii Borisovich Khariton ප්‍රධානත්වයෙන් Andrei Sakharov, Victor Adamsky, Yuri Babayev, Yuri Smirnov, සහ Yuri Trutnev යන විද්‍යාඥයන් විසින් සිදුකරන ලද අතර බෝම්බය දිගින් මීටර් 8 ක් හෙවත් අඩි 26 ක් පමණද, විශ්කම්භය මීටර් 2 ක් හෙවත් අඩි 6.5 ක් පමණද වූ අතර බර ටොන් 27 ක් විය.

Assembling the Tsar Bomb




බෝම්බය අදාල ස්ථානයට හෙලීම සදහා විශේෂයෙන්ම නවීකරණය කල Tu-95V  බෝම්බ හෙලන ගුවන් යානයක් යොදාගත් අතර නියමුවා ලෙස මේජර් Andrei Durnovtsev තෝරා ගැනින. මෙම යානය "Bear A" ලෙස නම් කෙරින. මෙම යානයට තවත් පරිවාර යානයක් ලෙස Tu-16 යානයක්ද යොදාගත් අතර මෙයට පැවරුන රාජකාරිය වූයේ එම සිද්ධිය වන අවට වාතයේ සාම්පල ලබා ගැනීමත් මෙම කාරණාව රූපගත කිරීමත්ය. එය "Badger" ලෙස නම් කෙරින. මෙම ගුවන් යානා දෙකටම තාපයෙන් සිදුවිය හැකි හානිය අවම කිරීම සදහා විශේෂ සුදු පැහැ පරාවර්ථක තීන්ත වර්ගයක් ආලේප කරන ලදි.
TU-95V “Bear A”
 එසේම බෝම්බය බිමට වැටීම පමා කිරීම සදහා කිලෝ ග්‍රෑම් 800 ක් බරැති පැරචුටයක්ද සවි කරන ලදි (fall-retardation parachute).

The parachute system developed for Big Ivan was a five-stage system, with a main canopy area of 1,600 square meters. The parachute ensured that a load factor greater than 5 g would not
be encountered, and that the descent speed would be 20 to 25 meters/sec. The parachute shown is a version adapted to space vehicle recovery in the Russian Atomic Museum
බෝම්බය පොළොවේ සිට මීටර් 10,500 ක උසකදී පහකට හෙලූ අතර පිපිරීමට පෙර බිමට වැටීම තප්පර 188 කදී මීටර් 4000 ක් විය. කෙසේවෙතත් මෙම කාලය අතරතුරදී බෝම්බය දැමූ යානයට හා පරිවාර යානයට ආරක්‍ෂිත කලාපය ලෙස ගණන් ගැනුන කිලෝමීටර් 45 ක් පමණ දුරට යාමට හැකිවිය.



මේ කටයුත්ත සිදුවූ වහාම අදාල ගුවන් යානයේ නියමුවාවන මේජර් Andrei Durnovtsev වහාම ක්‍රියාත්මකතවන පරිදි ලුතිනන් කර්නල් නිලයට උසස් කරන ලද අතර ඔහු සෝවියට් දේශයේ වීරයෙක් ලෙසද අභිසෙස් ලැබීය. අදාල ගුවන් යානා දෙක පියාසර පරීක්‍ෂනාගාර (airborne laboratory) වෙත යවන ලද්දේ ඒවා පිළිබදවද පරීක්‍ෂන සිදුකිරීමටයි‍.

පොළව මට්ටමේ සිටි මීටර් 4000 ක් හෙවත් අඩි 13000 ක පමණ උසකදී පිපිරීම සිදූවූ පසු අතිවිශාල ගිණි බෝලයක් පොළවට කඩාපහත්වී, එය නැවතත් තවත් විශාලවී බෝම්බය දැමූ ගුවන් යානය තිබූ උසටම ඉහල ගිය බවද පවසයි. ක්‍ෂනිකව නැගුන ආලෝකය කිලෝ මීටර් 1000 ක දුරකටද වලාකුළු ගහණව තිබියදීත් පෙනුන බවද පැවසිය යුතුය.

The Tsar Bomba mushroom cloud
මේ පිළිබද Badger" යානයේ ගිය ඡායාරූප ශිල්පියෙක් කියන විදියට "වලාකුල් දිලිසෙන්නටත් විනිවිද පෙනෙන්නටත් පටන් ගත්තා.ගුවන් යානය මේ වන විට වලාකුල් ස්ථර දෙකක් අතර තිබූ අතර යට තිබෙන වලාකුල් තට්ටුව අතරින් අතිවිශාල, දීප්තිමත් තැඹිලි පැහැ ගිනි බෝලයක් ඉලිප්පෙන්නටවිය. එය කොච්චර බලසම්පන්නද කියතොත් හරියට බ්‍රහස්පතී ග්‍රහයා වගේ ඒක හිමිහිමින්, නිශ්ෂබ්දවම උඩට ආවා".(The clouds beneath the aircraft and in the distance were lit up by the powerful flash. The sea of light spread under the hatch and even clouds began to glow and became transparent. At that moment, our aircraft emerged from between two cloud layers and down below in the gap a huge bright orange ball was emerging. The ball was powerful and arrogant like Jupiter. Slowly and silently it crept upwards.... Having broken through the thick layer of clouds it kept growing. It
seemed to suck the whole earth into it. The spectacle was fantastic, unreal, supernatural.)
The Tsar Bomba's fireball, about 8 kilometres (5.0 mi) in diameter, was prevented from touching the ground by the shockwave but nearly reached the 10.5 kilometres (6.5 mi)
altitude of the deploying Tu-95 bomber
බෝම්බය පිපිරීමෙන් පසු කම්පන තරංග කිලෝමීටර් 700 ක් දුරට යනතෙක් දැනුනේය. එසේම කිලෝමීටර් 900 ක් දුරට යනතෙක් තිබූ ගොඩනැගිලිවල වීදුරු ජනේල බිදී වැටුනහ. පිපිරුම් කේනද්‍රයේ සිට (Ground Zero) කිලෝ මීටර් 55 ක් යන තෙක් තිබූ ගඩොලින් හා දැවයෙන් කල සියළුම ගොඩනැගිලි මුළුමනින්ම විනාශවූ අතරම මෙම ස්ථානයට කිලෝ මීටර් සිය ගණනක් දුරින් තිබු දැව ගොඩනැගිලිද විනාශයට පත්වූ අතර ගලින් කල ඒවායේ වහල විනාශවිය. වීදුරු ජනේල සහ දොරවල්වටද අත්වූ ඉරණමද අභාග්‍යසම්පන්නවූ අතරම ගුවන් විදුලි සංනිවේදනයද පැයක් අකර්මන්‍යවිය. වායුගෝලීය කැලඹුම පෘතුවිය වටා තෙවරක් ගමන් කලහ.(The atmospheric disturbance generated by the explosion orbited the earth three times.) ඒවගේම කම්පන තරංගද පෘතුවිය වටා ගමන් කල බව මේ ගැන ගණනය කිරීම් කල ඇමරිකානු භූවිද්‍යා අංශය පැවසුවේය. (According to a bulletin of the U.S. Geological Survey it had seismic magnitude mb = 5.0 to 5.25. The blast wave was detected circling the world.) අතිවිශාල බිම්මලක් ආකරයේ වලාකුල කිලෝ මීටර් 64 ක් හෙවත් අඩි 210,000 ක් ඉහලට නැගුනේය.

පසුකාලීනව මෙම භූමිය නිරීක්‍ෂනය කල විට අදාල පිපිරුම වූ පොළව මට්ටම් වී තිබු අතර පාශාන සුනුවිසුනු වී තිබුනේය.

මෙය ප්‍රායෝගිකව භාවිතා කල හැකි අවියක්ද?
"Was it ever really a weapon?"
මෙය ඇත්තව‍ශයෙන්ම පරීක්‍ෂනයක් සදහා භාවිතා කල හැකි මෙලමක් මිස සාමාන්‍ය යුද කටයුතු සදහා භාවිතා කල නොහැකි අවියක්ලෙස ගණන්ගැනේ. එසේත් නැතහොත් යුදමය ආයුද සංචිතයකට (military stockpiling) මෙය නොගැලපෙන බව ප්‍රකාශිතය. ("A test device, even one that is air-dropped like a operational weapon, is not suitable for normal military stockpiling (although it could be employed as a weapon in an emergency)").

එසේ සංචිතයකට ඇතුලත්කිරීමට නම් එම අවියේ ජීව කාලය පිළිබදව සැලැස්මක් මෙන්ම විශ්වාසනීය ඉංජිනේරු නිපුනත්වයක් පැවතිය යුතුයයි පැවසේ. එසේම එම අවිය නඩත්තු කිරීමේ හැකියාව, එම අවිය සම්බන්ධයෙන් ආරක්‍ෂක විධිවිධාන හා එයට යොදාගත හැකි යාන්ත්‍රනය, අවිය ප්‍රවාහනය සම්බන්ධයෙන් යෙදිය හැකි ප්‍රායෝගික තත්ව හා සංග්‍රාම භුමියේදී අවිය භාවිතයට ගතහැකිද යන්න, අවිය වැඩිදියුණු කිරීමට ඇති හැකියාව සහ එය භාවිතා කල හැකි විධික්‍රම, අවිය පිළිබදව පුහුණු කල හැකි ආයතන හෝ පුද්ගල නිපුනත්වයන් සහ පුහුණු පාඨමාලා තිබේද යන්න, අවිය භාවිතා කල හැකි ඉලක්කගත මර්මස්ථාන තිබේද යන්න සහ ඒවාට ඇවසි විදියට මෙම අවිය භාවිතා කල හැකිද යන කාරණා හා තවත් කාරණා සැලකීමේදී Big Ivan හෙවත් The Tsar ප්‍රායෝගිකව යුදබිමේ භාවිතාකල නොහැකි අවියක් බවට ප්‍රකාශ කල හැකිය.
("In fact, the 50-Mt bomb tested on 30 October 1961 was never a weapon. This was a one-of-a-kind device, whose design allowed it to achieve a yield of up to 100 megatons when fully loaded with nuclear fuel.")

කෙසේවෙතත් මෙය සෝවියට් දේශයේ අභිමානයට නම් හේතුවූ වගට වචන දෙකක් නැහැ. න්‍යෂ්ඨික අවි තරඟයේ කොතෙක්‍ යෙදී සිටියද ඇමරිකාවවත් මෙය අභිබවා න්‍යෂ්ඨික පිපිරුමක් සිදුනොකල අතරම ඔවුන් විසින් සිදුකර ඇති විශාලම න්‍යෂ්ඨික පිපිරුම වන්නේ  1954 මාර්තු 01 වනදා සිදුකල මෙගාටොන් 15 ක තාපන්‍යෂ්ඨික පිපිරුමයි.මෙය Marshall Islands හි Bikini Atoll දී සිදුකරනු ලැබූ අතර එය Castle Bravo යන කේත නාමයෙන් හැදින්වීය.
Castle Bravo mushroom cloud

ලිපියේ අවසාන භාගයටද දැන් එළඹ ඇති අතර අවසන් වශයෙන් කියන්නට ඇත්තේ නිරවි යුද සමයද අවසන්ය. සෝවියට් සංගමයද බිදවැටී දැන් නිල වශයෙන් සුපිරි බලවතා ලෙස ඇමරිකාව ලෝකයේ වැජඹෙමින් සිටි. සමූහාණ්ඩු 15 විසිරී ගොස් අවතැන්වූවද රුසියාවද තවමත් පෙර සේම බලවත්ය. සෝවියට් සංගමය නිල වශයෙන් න්‍යෂඨික අත්හදාබැලීම් 1990 න් පසුව සිදුකර නැති අතර ඇමරිකාවද 1992 න් පසු නිල වශයෙන් න්‍යෂ්ඨික අවි අත්හදාබලානොමැති බව පවසයි. එහෙත් ලෝකයේ බලවතුන්වීමට යත්න දරන පෙර කී රටවල් ද්විත්වයටම කිට්ටුකල නොහැකි රටවල් මෙම විනාශකාරී අවි දැනදැනම අත්හදාබලන්නට වලිකෑම පුදුම උපදවන සුළුය.

[මෙයට නෑකම් කියන තවත් ලිපියක් ලෙස Tunguska හි සිදුවූ අභිරහස් පිපිරීම ලිපියද සදහන් කල හැක].

මෙන්න මෙම මූලාශ්‍ර අධ්‍යයනයෙන් මෙම විශය පිළිබද ඔබට වැඩි විස්තර ලබා ගත හැකි බව ලිපිය අවසන් කරමින් පවසමි.

(http://en.wikipedia.org/wiki/Nuclear_weapon)
(http://en.wikipedia.org/wiki/Nuclear_weapons_of_the_United_States)
(http://en.wikipedia.org/wiki/Atomic_bombings_of_Hiroshima_and_Nagasaki)
(http://www.americanchronicle.com/articles/view/102254)
(http://nuclearweaponarchive.org/Russia/Sovwpnprog.html)
(http://www.ccnr.org/Howard_Morland.html)
(http://en.wikipedia.org/wiki/Nuclear_weapon_yield)
(http://en.wikipedia.org/wiki/Nuclear_fallout)
(http://en.wikipedia.org/wiki/Castle_Bravo)
(http://nuclearweaponarchive.org/Russia/TsarBomba.html)

81 comments:

  1. වෙනද වගේම අදත් කියන්න තියෙන්නෙ ලිපිය නම් අතිවිශිෂ්ටයි කියලයි. ලෝබ නැතුව ලිපියට වඩාත් ගැලපෙන ප්‍රවේශයක් ලබාගෙන තිබීමත් අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනෙ.කලින් දවසක පොරොන්දු වුණු විදිහට මූලාශ්‍ර කීපයක් මේල් කරලත් ඈති.

    ReplyDelete
  2. @buwa - ස්තූතියි! ඉදිරියටත් මෙහෙම දේවල් වලින් සත් සමුදුර පිරී පවතීවි....

    ReplyDelete
  3. @උදාර - ස්තූතියි! ඔබත් නිරතුරුවම සත් සමුදුරේ දියුණ්‍රව පතන ‍අයෙක් බව මා ඇත්තටම දන්නවා. ඊයේ දිනයේ අප ආයතනයේ අන්තර්ජාල පහසුකම් වල ඇතිව තිබූ දෝශ සහගත තත්වයන් නිසා email බැලීමටද හැකියාවක් නොවූ නිසා මම මේ දැන් ඔබ එවූ එම කරුණු ඇතුලත් email එක download කරා. ඒ ගැන මම ඔබට නැවතත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතරම ඒවා සහ මා විසින් සොයාගනු ලබන කරුණුද ඇතුලත් කොට අප නොදන්නා කරුණුද ගෙන අදාල ලිපිය නුදුරු දිනයකදීම සකස්කොට සත් සමුදුරේ පල කරමි. වෙනත් ඕනෑම මාතෘකාවක මූලාංශ්‍ර තිබේනම් හැකියාවක් ඇති අවස්ථාවල ඒවාද එවීමට සැලැස්සුවොත් එයින්ද ලිපි සකස්කිරීමට හැකියාව සොයාබලන බවද දන්වමි...

    ReplyDelete
  4. @Pravin Indranama - ස්තූතියි! නැවතත් එන්න...

    ReplyDelete
  5. ලිපිය නම් මරු.
    ඈමරිකාව ඔය බොම්බ(little boy,fat man) දාන්න තිබුනේ හරිනම් ජර්මනියට.
    නමුත් දෑම්මේ ජපානයට ඵ ඈයි??
    මොකද හතුරා උනත් සුදු හම නිසා ඌ ඵ්හෙම කලේ නෑ.

    නමුත් ජපානය ආසියාවෙ රටක් නිසා බයනෑතුව USA ඔය තිරිසන් වෑඩේ කලා.
    අනිත් ඵ්ක ජර්මනියට ලෙනින්ග්‍රාඩ් වලදි උන වෑඩේ ඈමරිකාවට ජපානයෙන් වෙයි කියාලා හිතපු නිසා තමා දරුපෑටව්ත් ඵ්ක්ක කරවෙලා යන්න ඔය බෝම්බ දෑම්මේ.

    ReplyDelete
  6. වටිනා ලිපියක් සහෝ....ඔන්න මම මුනු පොතටත් ලින්ක් කරා...කමක් නෑ නේද.....ඇත්ත්ටම ගොඩක් වටින ලිපි සමුහයක් ඔබ සතුව තියනවා....

    ReplyDelete
  7. මිතුරාණනි, ඔබ කවුරුන්දැයි හදුන්වාදුන්නානම් වඩාත් කැමතියි. කමක් නෑහැ කොහොම නමුත් මම ඔබට සුළු පැහැදිලි කිරීමක් කරන්නම්.
    ඇත්තටම ජර්මනිය යුද්ධය පරාජය වූ බවට නිලවශයෙන් පිළිගෙන අදාල ගිවිසුමට අත්සන් තැබුවේ 1945 මැයි 7 වනදා, 1945 ජූලි 16 තමයි ප්‍රථම සාර්ථක න්‍යෂ්ඨික අත්හදාබැලීම ඇමරිකාව කරනු ලැබුවේ. ඔබ කිව් කරුණු 100% ක් පිළිගත නොහැකි වූවත් යම් මනෝමූලික සත්‍යතාවයක් නැතුවාම නොවේ. එහෙත් මේ කරුණුත් වැදගත් වේ යයි සිතනවා. ඇමරිකාව ජපානයට පරමාණු බෝම්බ දමන අවස්ථාවේ ජනපති පුටුවේ සිටියේ ටෲමන්. ඔහු විදේශ රාජ්‍යතාන්ත්‍රික සබදතා පිළිබදව එතරම් දැනුම් තේරුම් නැති අයෙකු ලෙසත් ‍දේශපාලන සහ ඉතිහාසය පිළිබද විශේෂඥවන් කරුණු ගෙන හැර දක්වනවා. අනෙක තමයි‍ මෙම බෝම්බය පිළිබද සහ එහි බියකරු බව වටහා ගත් එතෙක් මෙතෙක් ලොව පහලවූ මහා ප්‍රාඥයකු ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් මහතා ටෲමන් ජනපතිට ලිපියක් මගින් දන්වා යවනවා මෙම බෝම්බය දැමීමෙන් සිදුවිය හැකි හානි පවසා එය භාවිතයෙන් වලකින ලෙස. නමුත් එය කනකට ගත්තේ ටෲමන්නොවේ. ඒවගේම සෝවියට් දේශය නැගෙනහිර යුරෝපය පුරා රටවල් යටත් කර ගනිමින් කොමියුනිස්ට් පාලනයක් ඒ රටවල ස්ථාපිත කිරීමට බියවූ ඇමරිකාව හිට්ලර්ගේ නාසිවාදයට පසු, ලෝකය සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදයට නතුවේ යන බිය නිසා එය යම් තාක් දුරකට අඩුකරගැනීමේ උපායක් ලෙස මෙම බියකරු අවිය ලොවට පෙන්වීමේ උවමනාව තිබුනා. ජපානයට පරමාණු බෝම්බ හෙලුවත් නැතත් ඔවුන් පරාජයේ මුවවිටට ඒවන විටත් පැමිණ තිබූ අතර දේශපාලනික කරුණු කාරණාද ඉස්මතුවීම හේතුවෙන් එම අපකීර්තිමත් සිදුවීම සිද්ධකිරීමට ඇමරිකාව පසුබට වූයේ නැහැ. කෙසේවෙතත් විනාශවූ ජපානය නගා සිටුවීමට ඇවසි ආධාර උපකාර ලබා දුන්නේද ඇමරිකාව වන අතරම පසුව ඇමරිකාවේ ආසියාවේ හොදම මිතුරා බවටද ජපානය පත්වුනා...

    ReplyDelete
  8. @lilantha47 - ස්තූතියි! නැවතත් සත් සමුදුර තරණයට එක්වන්න...

    ReplyDelete
  9. @අසoක - ස්තූතියි! අංසක, ඒකේ කිසි අවුලක් නැහැ. මමත් ඔබලාගෙන් ඉල්ලන්නේ අකමැත්තක් නැත්නම් හැකිතාක් ඔබගේ මිතුරු මිතුරියන් අතරට සත් සමුදුර ගෙන යන්න. මෙය කිසිසේත්ම ලාභ නොලබන අඩවියක් බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.මා ලිවීමෙන් සහ බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමෙන් ලබනවාටත් වඩා තෘප්තියක් ලබන්නේ යම් කෙනෙක් මේවා බැලීමෙන් තම දැනුම පෝශනය කර ගැනීම හා දැනුම යාවත්කාලීන කර ගැනීම තුලිනුයි. එසේම මා දන්නා දේ සදොස් වේනම් එය පෙන්වා දීමෙන් මාගේ දැනුමද යාවත්කාලීනවන බව මම නිරහංකාරව පවසනවා. සත් සමුදුර ඔබගේ වෙබ් අඩවියක්. මම එහි නිර්මාතෘ හා නිර්මාණශිල්පියා පමණයි. ඔබ නැත්නම් සත් සමුදුරේ පැවැත්මක්ද නැතිබවද මම අව්‍යාජව පැවසිය යුතුමයි. හරියට "ජලය නැතිකොට මාළුවාගේ ජීවිතයද නැතිවන්නාසේයි". ඒවගේම මම ඉල්ලන තවත් අහිංසක ඉල්ලීමක් නම් ඔබ විදේශගතව සිට සත් සමුදුරට පිවිසෙන්නෙක් නම් අකමැත්තක් නැත්නම් හා සත් සමුදුර සාධනීය කාර්යයභාරයක් ඉටුකරන්නේ යැයි ඔබට හැගේ නම් සිංහල භාෂාව දන්නා විදේශගත මිතුරන් අතරද සත් සමුදුර ගැන කියන්නට හැකිනම් සත් සමුදුරද නැවුම් අදහස් වලින් පිරි තව තවත් අළුත් තේමා ඔස්සේ කතාබහ කිරීමට ඉඩකඩ සැලසෙනවා නිසැකයි. එසේම සිංහල බස අප රටට ආවේනික දෙයක් මිස වෙනත් රටක කෙනෙක් කතා නොකරන බසක් නිසා අද අභාවයට යමින් පවතිනවා යයි කියන අපගේ මව්බසට එය ජීවය කැවීමක් වනවාද නොඅනුමානයි. ‍මා එය පැවසූවේ තුන් හිතකින්වත් ජාතිවාදී අදහසකින් නොවන බවද අවධාරනය කරමි. ඔබලා සැමගේ සහය ඉදිරියටත් ලැබේ යයි මා කාරුණිකව අපේක්‍ෂාකරමි...

    ReplyDelete
  10. බොහොම ස්තූතියි තොරතුරුවලට...

    ReplyDelete
  11. @චමිදේවා - ස්තූතියි! නැවත සත් සමුදුරට ගොඩවන්න ඔබට හැකි වේලාවට...

    ReplyDelete
  12. වෙනදා වගේම ඉතාම වටිනා ලිපියක්. බොහෝ දේ දැනගත්තා.. ස්තුතියි.
    -පාඨකයා

    ReplyDelete
  13. ගොඩක් වටින ලිපියක්. බොහොම ස්තුතියි

    ReplyDelete
  14. ගොඩක් වටින ලිපියක්.....ස්තූතියි

    ReplyDelete
  15. @පාඨකයා - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  16. @Pasan - ස්තූතියි! පසන්, ආයෙත් සත් සමුදුර බලන්න එන්න...

    ReplyDelete
  17. @rajitha yasas - ස්තූතියි! රජිත, තව වෙනස් ආකාරයේ ලිපි ඉදිරියේදිත් සත් සමුදුරේ තියේවි. ඒවත් බලන්න එන්න...

    ReplyDelete
  18. හොඳ ලිපියක්. නොදන්න දේ ගොඩක් දැන ගත්තා. ස්තුතියි.

    ReplyDelete
  19. @ඉෂාර ගුණවර්ධන - ස්තූතියි! ඉෂාර, ඉදිරියේදිත් එන්න, අප නොදන්න දේවල් බොහෝමයක් සත් සමුදුරේ තියේවි...

    ReplyDelete
  20. බලය වෙනුවෙන් තමයි කොතනත් කාලකන්ණිම දේවල් සිද්ධ‍ වෙන්නෙ. ජපානය ජර්මනියට සහය දැක්වූයේ කුමන හේතුවක් නිසාද කියන එක මම දන්නෙ නෑ. ඒත් හිට්ලර්ගේ තිබුණු යුදෙව් විරෝධය විසින් ගොඩනැගුණු තත්වයන් සමග එකඟ වෙන්න ජපානයට යුදෙව් විරෝධයක් තිබීමට කොහෙත්ම හැකියාවක් නෑ. මොකද ජපානය ආසියාතික රටක්. ඒත් බලය වෙනුවෙන් තමයි ඔවුනුත් විනාශකාරී බවට සහය දක්වන්නෙ.
    බලයට තියෙන ආශාව කොතනැත් මිනිස්සුන්ගෙ ඇස් අන්ධ කරනව. අපේ රටවල් වල වුණත් හැමදාම කවදත් සිදුවෙන්නේ ඒකයි.
    කොහොම වුණත් මේ විනාශකාරී අත්හදා බැලීම් ඉක්මණින්ම ලෝකයට දැනෙන විනාශයක් සිදුකිරීමට ඉඩ තියෙනව.

    වටිනා ලිපියක්.. ස්තූතියි එයට...

    ReplyDelete
  21. @``` Outsider``` -මුලින්ම ස්තූතියි කියන්නම්, ‍මොකද බැළුවා සත්සමුදරට ඔබ අද නාවේ ඇයි කියලත්. ඔබ කියන එක ඇත්ත මම ලගදි දැක්ක ලිපියක තිබුනා ඇමරිකාව සහ රුසියාව සතුව තියෙන පරමාණු අවි වලින් ලෝකය කිහිපවිටක්ම විනාශකරන්න තරම් හැකියාවක් තිනෙ වග. මම පසුව ලිපියක දෙවන ලෝක යුද්දය ගැන අපි ටිකක් නොදන්න කරුණු කතා කරන්නම්. තව දෙයක් කියන්නම් ලෝකයේ වසුරිය කියන භයානක රෝගය තුරන් කරල තියෙනව කියන එක අපි දන්නවනේ. ඒත් තවමත් වසූරිය වෛරසය මෙම සුපිරි රටවල් දෙකේ රහසිගත පර්යේෂනාගාරවල තියාගෙන ඉන්නවළු අවශ්‍යවුනොත් ජීව විද්‍යාත්මක අවි ලෙස භාවිතා කරන්න...

    ReplyDelete
  22. සහෝදරයා...මා මෙතෙක් කියවු හොදම බ්ලොග් ලිපි අතරින් එකක් මෙය. ඔබට ගොඩාක් ස්තුතියි මෙවැනි දැනුම් අපත් සමග බෙදා ගැනිම සම්බන්දව. තවත් මෙවැනි ලිපි ලිවිමට ඔබට ශක්තිය ලැබේවා....!

    ReplyDelete
  23. මොනව කියන්නද? වෙනද ‍වගේම සුපිරි මාතෘකාවක්. කරුණු වලින් පිරුණු සම්පූර්ණ ලියවිල්ලක්. මේ අත්හදා බැලීම් වලින් මිනිස් ජීවිත නැතත් පරිසරයනම් සෑහෙන්න විනාශ වෙන්න ඇති. අර කිව්වත් වගේ මේ වගේ දැවැන්ත පිපිරීම් නිසා පොළොවෙ තියෙන භූමි ස්ථර වලටත් යම් බලපෑමක් එල්ල වෙනව විය යුතුයි. ඒක එහෙමනම් ස්වභාවධර්මය විසින් ඒක අනිත් පැත්තට එල්ල කරද්දි අපට සූදානම් වෙලා ඉන්න වෙයි නේද?

    හැබැයි අනිත් අතට අත්හදාබැලීම් වලින් තොරව ඉදිරියට යන්නත් බෑ...

    ReplyDelete
  24. කියන්න බැරි තරම් වටින ලිපියක් . මේ ලිපිය කිවනකම් මම දැනං උන්නේ ජපානයට හෙලපු පරමානු බෝම්බ දෙක ගැන විතරයි ..

    බොහොම ස්තූතියි දිනේශ් අයියේ ... මම ආයේ කියනවා සුපිරිම සුපිරියි ! මේ වගේ විශේෂ දේවල් වැඩි වැඩියෙන් ලියන්න .

    ReplyDelete
  25. ඔය පළවෙනි ඇනෝ මහත්තයගෙ ලොජික් එක අනුව ගත්තම මේ සොබාදහමත් හරිම වර්ණබේද වාදීයි. අච්චර ලොකු ඇමරිකාව තිබිලත් ජපානෙටම එව්වනෙ සුනාමියක්. ජපානෙ එවුන් ආසියාතික හින්ද තමයි සොබාදහමෙනුත් නොසැලකිල්ල. හරි වැරදියා මේවා

    ReplyDelete
  26. නියම මාත්රුකාවක් .. බොහොම ස්තූතියි ලීවාට

    ReplyDelete
  27. පුදුම තොරතුරු ගොඩක්නෙ තියෙන්නෙ. සුපිරියි. මමත් ගොඩක් කැමතියි මේ වගේ ලිපි කියවන්න

    ReplyDelete
  28. @Ami - ස්තූතියි! ඔබගේ ප්‍රාර්ථනාවද මා තවත් ධෛර්යයමත් කල බව කිවයුතුමයි. හැකි උපරිමයෙන් මගේ කාර්යයභාරය ඉෂ්ඨ කරමි...

    ReplyDelete
  29. @hare :-) ස්තූතියි! අද ඔබත් නියම බ්ලොග් එකක් ලියල තිබුනා "අපිත් මමීකරණය වෙයිද?" ඒකේ සමාජයට පණිවිඩයක් වගේම උපහාසත් මැනවින් ගැබ්ව තිබුනා. මමත් ඔබට සුභ පතනවා.ඔබට ජය!..

    ReplyDelete
  30. @හිස් අහස - ස්තූතියි! ජපානයට හෙලපු බෝම්බය පසුව පරීක්‍ෂන සදහා පුපුරවපු ඒවත් එක්ක බලන කොට ගණන් ගන්න වත් බැරි තරම් පොඩි ඒවා කියල තමයි කියන්න වෙන්නේ. මම හැකියාවක් තිබුනොත් ජපානයට බෝම්බ හෙලීමට අදාලව තිරෙන් පිටුපස වූ කතා ටිකත් පසුව සත් සමුදුරේ දාන්නම්...

    ReplyDelete
  31. @Nalin - සහෝ... මම මේ අඩන්න ඉන්න මිනිහා‍ගේ ඇහැට ඇගිල්ලෙන් අනිනවවත්, කබලෙන් වැටුන මිනිහා ලිපට ඇද දානවත් නොවේ. ජපානයේ සැහැසිකම් දෙවන ලෝක යුද සමයේ දරා ගැනීමටවත් නොහැකි තත්වයක් තිබුනේ. හැබැයි පරමාණු බෝමබ වගේ අහිංසක මිනිසුන් ලක්‍ෂ ගණනක් හානියට පත්වෙන හා අනාගතයේ දරුවන්ටත් හානියක් ගෙන දුන්න අවියක් භාවිතා කිරීම නම් මිනිස් කමටත් නිගරුවක්...

    ReplyDelete
  32. @සහෝධරයා - ස්තූතියි! නැවත සත් සමුදුරට ගොඩවෙන්න...

    ReplyDelete
  33. @බුද්ධි - ස්තූතියි! බුද්ධි,ඔබගේ ඒ බලාපොරොත්තුව අනාගතයේදීත් ඉටුවී තිබේවි...

    ReplyDelete
  34. hoda watina lipi pelak

    ReplyDelete
  35. we;a;gu jgskd ,sms fm,la 2012 f,dal jskdYh ms,sno ,smshla ,shuq

    ReplyDelete
  36. @bandara - මම හිතන්නේ ඔබට ටයිප් කිරීමේදී යම් අතපසු වීමක් සිදුවී ඇතිබව පේනවා ඔබ කියල තියෙන්නේ "ඇත්තටම වටිනා ලිපි පෙලක් 2012 ‍ලෝක විනාශය පිලිබද ලිපියක් ලියමු" කියන එක විය යුතුයි. ඔබගේ ඉල්ලීම මම පිළිගත්තා. ඉදිරියේදි ඒ ගැනත් සත් සමුදුරේ ලියවී තියේවි. සත් සමුදුරට ගොඩවී බාදක මධ‍්‍යයේ වුවද අදහස් දැක්වීම ගැන මම ඔබට තුති පුදනවා...

    ReplyDelete
  37. @Nilan
    මගේ තියරිය අනුව කියූ ඵකක් නෙවෙයි.
    ඈමරිකවෙම විද්වතුන් කියපු කතාවක් කමේන්ට් කලේ.

    ReplyDelete
  38. ගොඩක් වෑදගත් ලිපියක් සහෝ

    ReplyDelete
  39. @ඉලංදාරියා - ස්තූතියි! නැවතත් සත් සමුදුරට එන්න...

    ReplyDelete
  40. වෙනදා වගේම වටින ලිපියක්..!
    සුපිරි

    ReplyDelete
  41. mama sinhalen type karanna try kara.mata wediya oya denuma no.kohomada sinhalen type karanne.mama comment kale oba hitapu eka tamai

    ReplyDelete
  42. @bandarea - මිතුරේ මම මේ ගැන පණිවිඩයක් ලිබියාව ගැන ලිපියේ කමෙන්ටුවේ තැබුවා...

    ReplyDelete
  43. @තාරක Dilsh@ - ස්තූතියි! තාරක ඔබගේ හිතෙත් යම් දෙයක් පිළිබදවත් ලියනව නම් හොදයි කියල හිතෙනවානම් ඒකත් කිවුවොත් සලකා බලන්නම්...

    ReplyDelete
  44. අති විශිෂ්ටයි ..මගෙත් ප්‍රියතම විෂයක් සමාජ අධ්‍යනය . කොහොමත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බිය වුනා ආසියාවේ සමාජවාදයේ පැතිරීම ගැන ..රුසියාව බය ගැන්වීමේ අරමුණත් තියෙන්න ඇති ජපානය පැරදවීම වගේම. පසු කලෙක වියට්නාම යුද්දයට හේතුවත් ඕකමයි . හැබැයි උඩින් ගිහින් බෝම්බ දාන්නත් මුනට මුණ යුද්ද කරන්නත් පුරුදු වෙලා හිටිය සම්ප්‍රදායික ඇමෙරිකානු හමුදාව , 'උමන් හාරගෙන, උන බම්බු උගුල් අටවන වියෙට්කොන් ගරිල්ලන්ට පරාද වුනා ..
    රුසියානු සමුහාණ්ඩුව බිඳ වැටුනට මට නම් දුකයි . ඇමෙරිකාව මෙතරම් ලෝකෙට ලොක්කෙක් වෙන්නේ නෑ එහෙනම් .
    මා දන්නා ජපනුන් ඉතාම ආචාර ශිලියි . ඒ කාලේ යුද්ද කලාද කියල හිතෙනවා ..
    Pacific කතා මාලාව බැලුවද ? යුද්දයට මැදිවූ තරුණ පිරිසකගේ අනුවේදනීය සැබෑ අත්දැකීම් ඇසුරින් නිපදවූවක් . හරිම ලස්සනයි. සංගීතයත් අපුරුයි .
    ..චමිලා..

    @bandara..go to http://www.google.com/transliterate/si

    type the words . its very user friendly. just copy and paste. thats what I do.
    But me too like to learn direct key board typing.

    ReplyDelete
  45. සැහෙන්න හොදට කියවලා ලිපිය ලියලා තියෙනව බව පේනවා සමහර පින්තුරනම් පෙන්නේ නැ ඒවයේ ලින්ක් වලට ගියාම වැඩකරනවා පොඩ්ඩක් බලන්න

    තව දෙයක් තමා ජපන් අධිරාජ්‍ය කියන්නේ ඉතාමත් දරුණු දැඩී පාලණ ඒකකයක් බලය උදෙසා ඕන දෙයක් කරන්න පුලුවන් කම තිබ්බා.ඉතින් ඒක වලක්වන්න මෙහෙම දෙයක් ඇමෙරිකන් කාරයෝ කලා වෙන්න ඇති හැබැයි තමන් ඇතින් වෙච්ච විනාශය හින්දා ජපානයට පස්සේ සැහෙන්න උදව් කරපු රටක් තමා ඇමෙරිකාව,

    ReplyDelete
  46. @..චමිලා..- අමනාපවෙන්න එපා පිළිතුරු දෙන්නට ප්‍රමාදවීම ගැන. ඔඉ කියන බොහෝ කරුණුවලට මම එකඟවෙනවා. සෝවියට් දේශයේ බලපැම ලෝකයේ සිදු‍වූ බොහෝ කරුණු කාරණාවලට ‍එරට බලපෑම තිබුනා. උදාහරන කිහිපයක් දෙන්නම්. එකක් තමයි කොරියාව දෙකඩ කිරීම. කොරියන් යුද්දයෙන් පස්සේ තාවකාලික විසදුමක් විදියට තමයි අක්‍ෂාංස 38 ඔස්සේ උතුර හා දකුණ ලෙස තාවකාලිකව දෙකඩ කලේ ඇමරිකාවට නැවත කොරියාව එක්සත් කිරීමට උවමනාව තිබුනත් සෝවියට් දේශය එයට අකුල් හෙළුවා. පසුව ජනරාල් ඩග්ලස් මැක් ආතර්ගේ නායකත්වයෙන් මෙම දේශසීමාව පන්නා ගෙන ඉදිරියට ගොස් උතුරු කොරියාව ආක්‍රමණය කලත් සෝවියට් දේශයේ සහ චීනයේ යුධ ආධාර ඇතිව උතුරු කොරියාව පෙරලා පහර දුන්නා විතරක් නොවේ දකුණු කොරියාව තුලටත් ආවා. එසේ ඇමරිකාව හා දකුණු කොරියාව කල යුද්ධය පරාජයට තව හේතුත් බලපෑවා. ඒවා පසුව කියන්නම්. උතුරු වියට්නාමයටත් මෙම දෙරටම (සෝවියට් දේශය සහ චීනය)උදව් දුන්නා. ඊට අමතරව වියට්කොන්වරුන් සතුව තිබූ ධෛර්යය හා අධිෂ්ඨානයත්, ඉන්‍දු චීන යුද අවධියේ ප්‍රංශය පරාජය කොට තිබූ අත්දැකීම්ද ඔවුන්ගේ ඇමරිකාවට එරෙහි යුද්ධය ජයග්‍රහණයට හේතුවූවා. මම නම් හිතන්නේ සෝවියට් සංගමය බිද වැටුනත් රුසියාවටත් තව එම ශක්තිය හා බලය තියෙනවා. නිල වශයෙන් විතරයි ඇමරිකාවට සුපිරි බලවතා තත්වය තියෙන්නේ. වෙලා තියෙන්නේ දැන් රුසියාව ලෝකයේ සිදුවන දේවල්වලට අතදානවා අඩුයි. ඒකට උදාහරන සහිතව පසුව ලිපියකම කියන්නම්.ඔබ කියන pacific film එකනම් බැළුවද කියල මතකයේ නම් නැහැ. කො‍හොමවුනත් එකත් සොයාගෙන බලනවා.ස්තූතියි ඒ ගැන කිව්වට...

    ReplyDelete
  47. @sihinadanawwa - ස්තූතියි! ඔබ කිව් තාක්‍ෂනික කාරණාව මට එතරම් පැහැදිලි නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් ඒ කොතනද කියල කිව්වොත් මට ඒක නිරාකරණය කරන්න පුළුවන් වේවි. ඔබ කිව් දෙවන කරුනවන ජපානය සම්බන්ධයෙන් මමත් එකඟවෙනවා ඔවුන් තම බලය වෙනුවෙන් කල බිහිසුනු ක්‍රියා ගැන. ඒ ගැනත් පසුව කතා කරමු...

    ReplyDelete
  48. නියම ආර්ටිකල් එකක්. හුඟාක් මහන්සිවෙලා කරලා තියනවා. ඇත්තටම හුඟාක් වටින දේවල් මේකේ තියනවා.

    ReplyDelete
  49. @Nadun Dissanayake - ස්තූතියි! ඔව් ටිකක් මහන්සිවෙන්නනම් වුනා තමයි...

    ReplyDelete
  50. අම්මො!! උබල මව බය කරනවා...-මම සදුන්999-

    ReplyDelete
  51. @සදුන්999 - බය වෙන්න එපා මේක ඉස්සර වෙච්ච දේයක්නේ...

    ReplyDelete
  52. ela machan issarahata tawa daapan ela kiri

    ReplyDelete
  53. ගොඩක් වැදගත් ලිපියක්..ස්තූතියි..

    ReplyDelete
  54. @පොතේ ගුරා - ස්තූතියි! ඉදිරියේදිත් එන්න...

    ReplyDelete
  55. අති විශිශ්ටයි....
    ස්‌තූතී ඔබට...

    ReplyDelete
  56. @සොදුරු මිනිසා - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  57. ඉතාම වටිනා ලිපි පෙලක්. අන්තර්ජාලය නිසි ලෙස භාවිතා කරන ඔබ වැන්නනගේ උත්සාහයන් අගය කරමි... කුතුහලය දනවන මෙවැනි ලිපි පිලිබද මමද ඇල්මක් දක්වමි. මෙම කාර්යයට සුබ පතමි. තවද ඔබ විසින් ලෝකයේ සිදු වු රහස්‍ය විද්‍යා පරීක්ෂණ හා ස්වභාව ධර්මයේ කුතුහලය දනවන කරුණු තවත් වැඩියෙන් ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගය කොට සලකමි.

    ReplyDelete
  58. @යසිත - ස්තූතියි! ඔබ අපේක්‍සා කරන තේමාවන් ගැනද ඉදිරියේ ලිපි ලිවීමට බලාපොරොත්තුවෙමි...

    ReplyDelete
  59. බොහොම ස්තුතියි... දිනේෂ්.

    ReplyDelete
  60. Nice work. Worth letter. And superb writing skill.

    ReplyDelete
  61. @Lakshitha & Senna - Thanks! come agian & enjoy...

    ReplyDelete
  62. ශ්‍රීමාල්September 11, 2011 at 2:40 PM

    දැනගෙන නොසිටපු ගොඩක් දේවල දැනගත්තා. ලිපියට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  63. Gindara!!!!!!!!!!!!!

    ReplyDelete
  64. කැත නැතිව කොමෙන්ට් ලියන්න පුලුවන් මෙහෙම ලිපිවලට....

    ReplyDelete
  65. කැත නැතිව කොමෙන්ට් ලියන්න පුලුවන් මෙහෙම ලිපිවලට....

    ReplyDelete
  66. Maxa වැඩක්, එල....

    ReplyDelete
  67. පට්ට මචං දැනුම පිපාසිතයන්ට නියම තැනක් සත් සමුදුර ..බොහෝම පිං යාලුවා

    ReplyDelete
  68. මෙම බ්ලොග් එක විශ්ව කොශයකි.

    ReplyDelete
  69. හිතවත් දිනේෂ්
    මෙය අහම්බෙන් මා නෙත ගැටුනු වෙබ් පිටුවකි.
    ඔබගේ ලිපි ඉතා වැදගත් මෙන්ම රසවත්ය.
    බෙහෙවින්ම ස්තූතියි.
    බන්දුල විතානගේ,
    වැල්ලම්පිටිය.

    ReplyDelete
  70. ගොඩක් වටිනා ලිපියක් ඔබ ඉදිරිපත් කරලා තියෙන්නේ..අපේ යාලුවන්ට අනුන්ගේ ඕපාදුපා දානවාට වඩා මෙවැනි ලිපි මගින් තම ජිවිතයට දැනුමක් ලබාගැනිමට හැකි නම් එය වැදගත් දෙයක් යැයි මම සිතමි.. දිනේෂ් ප්‍රථම වතාවට ඔබගේ බ්ලොග් අඩවියට පැමිණිමෙන් ඉතා වටනාකියන ලිපි කිහිපයක්ම දැක ගැනිමට හැකි වුනා.. දිගටම ලියන්න. ඔබට ජය...!!

    ReplyDelete
  71. ලිපිය ඉතා වටිනවා පොඩි පරහකුත් නම් තියනවා.මානව ඉතිහාසයේ ම්ලේච්ඡම ක්‍රියාව සාධාරණීකරනය කරන්න වගේ හේතු දක්වලා තියනවා.හේතු නම් ඕනම දේකට දෙන්න පුලුවන්.යුදෙව්වො මරන එකට ජර්මානුවො කීවෙ සමස්ත යුරෝපා දේහය යුදෙව් විශබීජ වලින් බේරාගන්නවා කියායි.දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පැරදුනාට පසුයි බෝම්බය දැම්මෙ.ඒක කිසිසේත්ම අවශ්‍ය වූ දෙයක් නොවෙයි.තවත් දින කිහිපයක් යුද්ධ කලානම් මුලු ජපානයම අල්ලා ගන්නත් තිබුනා.
    දෙවන ලෝක යුද්ධයේදී සහෝදරත්වයෙන් ක්‍රියා කලත් යුද්ධය අවසන් වන විටම ඇමරිකාව මිත්‍රද්‍රෝහීව සෝවියට් විරෝධී වැඩපිලිවෙලක් ඇරඹුවා.
    වර්තමානයේත් මැදපෙරදිග ලේ විලක් කරන්නේ ඇමරිකාව තමයි

    අනෙක් අතට නාසීන් සමග ඇමරිකාව යුද්ධ අවසානයේ එකගතාවයකට ආවා.නාසීන්ගේ රහස් ඇමරිකාවේ යුධ කටයුතු සංවර්ධාන්යට ප්‍රයෝජනවත් වුනා

    ReplyDelete
  72. watina lipiyak. suba pathanawa

    ReplyDelete
  73. අන්ගේ මයිල් ඉස්මයිල් වෙනවා කියවද්දී

    ReplyDelete
  74. බොහොම හරවත් ලිපියක්
    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
    මම කතාවක් අහලා තියනවා මුලින්ම පරමාණු බෝම්බේ අත්හදා බැලුවේ හිට්ලර් කියලා
    එයා පරාද වෙන්න ඔන්න මෙන්න කියලා තියනකොට ජර්මානු සොල්දාදුවන්ගේ ධෛර්ය වැඩි කරවන්න කරපු කතා වලදී ඒ බවට ඉගි පල කරලා තියනවා කියලත්
    කොහොම නමුත් හිට්ලර්ගේ උත්සාහය සාර්ථක නොවුන බවක් තමා අන්තිමේදී දැනගන්න තියෙන්නේ
    මේ දේ සත්‍ය අසත්‍ය භාවය ගැන නම් හරියටම කියන්න විදියක් නැහැ
    මම අහලා තියන දෙයක් තමා මේ කිවුවේ
    නවත්ත බොහොම ස්තුතියි වටිනා ලිපියට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔබ කියනා කාරණා වල යම් සත්‍යතාවයක් තිබෙන බව මටත් ඇතැම් කාරණා වලින් දැන ගන්නට ලැබී තිබෙනවා. අසා ඇති පරිදි ඇල්බට් අයින්ස්ටයින් විසින් එවකට ඇමරිකානු ජනපති රුස්වෙල්ට් හට හිට්ලර් මෙවැනි සමූල ඝාතක අවියක් තනමින් සිටින බවට අනතුරු අඟවා ලිපියක් යැවූ බවත් එයට මුහුණ දීමට පරමාණු බෝම්බයක් අවශ්‍යතාවය ගැන ඉඟි පළ කර සිටියා. නමුත් පසුව අවන් අවියක් කවුරුන් විසින් භාවිතා කළත් සිදුවන විනාශය ගැන දැනුන අයින්ස්ටයින් එය භාවිතායට නොගන්නා ලෙස ඒ වන විට රුස්වෙල්ට්ගේ ඇවෑමෙන් පත්වූ ටෘෘමන් හට දන්වා සිටියත් ටෘෘමන් ඒ ගැන තැකීමක් කළේ නැහැ. එයින් පසුව සිදුවූයේ බියකරු සහ අතිශය විනාශකාරී හිරෝශිමා සහ නාගසාකී බෝම්බ වලින් සිදුවූ විනාශය ලෝකයටම ඇස් පනාපිට දැනගැනීමට හැකිවීමයි....

      Delete