Friday, September 16, 2011

සුන්දර මාලදිවයින

මාලදිවයින යයි කියූ සැනින් අපේ මතකයට එන්නේ යම් දිනෙක මුහුදු මට්ටම ඉහල යාමෙන් ලෝක සිතියමෙන් මැකී යාමට ආසන්න රටක් ලෙසයි. එහි වරදකුත් නැහැ. මන්ද මාලදිවයින ලෝකයේ පහලම මුහුදු මට්ටමක පිහිටා ඇති රටක්. නිවර්ථන කලාපයේ රටක් වන ‍මෙය සංචාරක කර්මාන්තය අතින් ලෝක ප්‍රසිද්ධයි. වරක් ඩිස්කවරි චැනලය මගින් ලෝකයේ හොදම මුහුදු වෙරලවල් 10 තේරීමේදී මාලදිවයිනටද එයින් එක් ස්ථානයක් හිමිවුනා. අපේ රටේ බො‍හෝදෙනෙකුත් රැකියා කරන රටක් ලෙස මාලදිවයින හදුන්වාදිය හැකි අතරම මේ රට සාර්ක් සංවිධානයේද සාමාජිකයෙක්. මේ පින්තූර මට Email එකකින් තමයි ලැබිලා තිබුනේ‍. බලන්න එරටට සංචාරකයන් ඇදී එන එක පුදුමයක්ද කියා...





























මේ සුන්දර දේශය යම් දිනයක මුහුදින් යටවී යන බව එරට වැසියන් දන්නා අතර වර්තමාන ජනාධිපතිතුමා වරක් මුහුද යටදී සිය කැබිනට් රැස්වීමක්ද පැවැත්වූවා. ඒ ලෝක බලවතුන්ට යම් පණිවිඩයක් දීමේ අරමුනින්. මන්ද ලෝකයේ උණුසුම ඉහලයාමට හේතුවන ආචාරණයන් යම් තාක් දුරකට හෝ ඔවුන් විසින් වලකාවී යන අරමුණින්. නමුත් කෙතෙක්දුරට ඔවුන්ට එය දැනුනාදැයි සැකයි...


(මේ පින්තූර වඩාත් හොදින් නැරඹීමට ඒවා මත Click කර බලන්න).

27 comments:

  1. දුර දුවන්නයි , දුර පීනන්නයි බැරි උනාට මාලේ ඉන්න අයට ලස්සන පරිසරයක ජීවත් වීමේ වාසනාව තියනව වගේ

    ReplyDelete
  2. මිහිපිට සුරපුරයද මේ????

    ReplyDelete
  3. නියම ලිපිය. මම පස්සෙ දාන්න කියලා හිතාගෙන හිටපු ලිපියක් මේක දැක්කාට පස්සෙ අද හෙටම දාන්න ඕනෙ කියලා හිතුනා.

    ReplyDelete
  4. අදයි මම මේ බ්ලොග් එක දැක්කේ ඇත්තටම මම මෙතෙක් දැකපු වටිනාම බ්ලොග් එක කියල කියන්න පුළුවන්.මෙච්චර කල් බල බල උන්නේ අනුන්ගේ කුණු කන්දල් නේ කියල මට හිතුනේ මෙහෙට අවට පස්සේ හැම ලිපියක්ම දැනුමෙන් සාරවත් මම හිතන්නේ මිනිස්සු ආසම අනුන්ගේ කුණු හොයන්න වෙන්න ඇති එකනේ අනිත් උන් කන බොන එවයි යන එන තැනුයි ගැන ලියපුවාම නහුතෙට හිට්ස් එන්නේ. බ්ලොග් එකට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  5. ලස්සන රටක සුන්දරත්වය කළ සුන්දර වදන් වැලක් ...

    ReplyDelete
  6. ෂා....කියල තමයි කියන්න තියෙන්නේ .

    ReplyDelete
  7. මාල දිවයිනේ ජාතික ක්‍රීඩාව දූපත වටා දිවීම කියල කවුද කිව්වා :D

    ReplyDelete
  8. සුන්දර මාලදිවයිනේ අසුන්දර පැත්ත නම් මුස්ලිම් වරු මෙක උපායෙන් අල්ලගෙන දැන් වෙනත් ආගමක පෝස්ට් කාඩ් එකක් වත් ගෙනියන්න දෙන්නේ නෑ කෙලින්ම කුණු කූඩෙ!!!

    ReplyDelete
    Replies
    1. අන්කල් මේකෙත් ජාතිවාදයද පතුරවන්නද හදන්නේ ... මේක එව්වා කතකොරන තැනක් නැමෙයි

      Delete
  9. නියම පින්තූර ටික

    ReplyDelete
  10. @buwa - ඔව් ඒක ඇත්ත ඔවුන් බොහෝමයක් දේවල් ලංකාවෙන් ලබාගත්තත්, ඔවුන් තමන්ගේ රට සුන්දරත්වයෙන් තබා ගෙන ඉන්න එක ගැන අපිට ඔවුන්ගෙන් ඉගනගන්න වේවි...

    ReplyDelete
  11. @Sabith, හිස් අහස,Bindi, මහේෂ් නිශාන්ත & blog gadol - ස්තූතියි! හැබැයි තව මොනව හරි ලියුවානම් හොදයි කියලා මටත් හිතුනා. වැ‍ඩේ තියෙන්නේ එච්චර වෙලාවක් තිබ්බෙත් නැහැ. පින්තූර දැක්ක ගමන් ඒක පලකරන්න පුදුම හදිස්සියක් තිබුනේ...

    ReplyDelete
  12. @මලික් - ස්තූතියි! ඒ වගේම ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඉදිරියටත් එන්න. හැකි අවස්ථාවල ඔබේ අදහසුත් එකතු කරන්න. විවිදාකාරයේ මාතෘකා යට‍තේ ලියවුන ලිපි ඉදිරියටත් දැකගන්න ලැබේවි...

    ReplyDelete
  13. @hare :-) ඒක නම් මමත් කලින් දැනගෙන සිටියේ නැහැ. හැබැයි ඒ ක්‍රීඩාවත් නරක නැහැ වගේ...

    ReplyDelete
  14. @යෝධයා - මූලධර්මවාදය මම තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. මොනම දේක වුනත් මධ්‍යස්ථබව මිසක් අන්තාගාමී බව හොද නැහැ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සහෝදරයාගේ පිළිතුර මා අගේ කරනවා .. මුස්ලිම් අපි කැමති සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඒකට දෙපිරිසක් ඉඩ දෙන්නේ නැහැ 01 ආගම හරි හැටි නොදත් මුස්ලිම්වරුන් 02 කවදත් මේ ආගමේ ඉගෙන්වීම් ගැන හෝ තමන්ගේ ආගමවත් හරියට නොදත් අය. (ඔවුන් සුළුතරයකි ) www.alahsaicsinhala.com

      Delete
  15. ලස්සන පින්තූර ටික දිනේශ්.

    ReplyDelete
  16. පුරු පුරු කියනකං මම මේක දැක්කෙ නෑනේ

    ReplyDelete
  17. ෂා මාර ලස්සනයි

    ReplyDelete
  18. @උදාර, බුද්ධි සහ නෙරංජි | Neranji - ස්තූතයි!

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. පින්තූරු ටික බලල කියවපු ටිකත් අමතක උනා. සොරි.

    ReplyDelete
  21. සැබෑ මාලදිවයින් ලස්සන නෑ. මේ පිංතූර වල තියෙන්නෙ විදේශීය සමාගම් වලට අයිති හෝටල්. මුලුමනින්ම වෙනස් කරනලද භූමිය. සමහරවිට පොල් ගස්, වෙන පාලු දූපත් වලින් ගලවගෙන එනව.

    ReplyDelete