මාලදිවයින යයි කියූ සැනින් අපේ මතකයට එන්නේ යම් දිනෙක මුහුදු මට්ටම ඉහල යාමෙන් ලෝක සිතියමෙන් මැකී යාමට ආසන්න රටක් ලෙසයි. එහි වරදකුත් නැහැ. මන්ද මාලදිවයින ලෝකයේ පහලම මුහුදු මට්ටමක පිහිටා ඇති රටක්. නිවර්ථන කලාපයේ රටක් වන මෙය සංචාරක කර්මාන්තය අතින් ලෝක ප්‍රසිද්ධයි. වරක් ඩිස්කවරි චැනලය මගින් ලෝකයේ හොදම මුහුදු වෙරලවල් 10 තේරීමේදී මාලදිවයිනටද එයින් එක් ස්ථානයක් හිමිවුනා. අපේ රටේ බොහෝදෙනෙකුත් රැකියා කරන රටක් ලෙස මාලදිවයින හදුන්වාදිය හැකි අතරම මේ රට සාර්ක් සංවිධානයේද සාමාජිකයෙක්. මේ පින්තූර මට Email එකකින් තමයි ලැබිලා තිබුනේ. බලන්න එරටට සංචාරකයන් ඇදී එන එක පුදුමයක්ද කියා...
මේ සුන්දර දේශය යම් දිනයක මුහුදින් යටවී යන බව එරට වැසියන් දන්නා අතර වර්තමාන ජනාධිපතිතුමා වරක් මුහුද යටදී සිය කැබිනට් රැස්වීමක්ද පැවැත්වූවා. ඒ ලෝක බලවතුන්ට යම් පණිවිඩයක් දීමේ අරමුනින්. මන්ද ලෝකයේ උණුසුම ඉහලයාමට හේතුවන ආචාරණයන් යම් තාක් දුරකට හෝ ඔවුන් විසින් වලකාවී යන අරමුණින්. නමුත් කෙතෙක්දුරට ඔවුන්ට එය දැනුනාදැයි සැකයි...
(මේ පින්තූර වඩාත් හොදින් නැරඹීමට ඒවා මත Click කර බලන්න).
දුර දුවන්නයි , දුර පීනන්නයි බැරි උනාට මාලේ ඉන්න අයට ලස්සන පරිසරයක ජීවත් වීමේ වාසනාව තියනව වගේ
ReplyDeleteමිහිපිට සුරපුරයද මේ????
ReplyDeleteනියම ලිපිය. මම පස්සෙ දාන්න කියලා හිතාගෙන හිටපු ලිපියක් මේක දැක්කාට පස්සෙ අද හෙටම දාන්න ඕනෙ කියලා හිතුනා.
ReplyDeleteඅදයි මම මේ බ්ලොග් එක දැක්කේ ඇත්තටම මම මෙතෙක් දැකපු වටිනාම බ්ලොග් එක කියල කියන්න පුළුවන්.මෙච්චර කල් බල බල උන්නේ අනුන්ගේ කුණු කන්දල් නේ කියල මට හිතුනේ මෙහෙට අවට පස්සේ හැම ලිපියක්ම දැනුමෙන් සාරවත් මම හිතන්නේ මිනිස්සු ආසම අනුන්ගේ කුණු හොයන්න වෙන්න ඇති එකනේ අනිත් උන් කන බොන එවයි යන එන තැනුයි ගැන ලියපුවාම නහුතෙට හිට්ස් එන්නේ. බ්ලොග් එකට මගෙන් සුබ පැතුම්
ReplyDeleteලස්සන රටක සුන්දරත්වය කළ සුන්දර වදන් වැලක් ...
ReplyDeleteෂා....කියල තමයි කියන්න තියෙන්නේ .
ReplyDeleteමාල දිවයිනේ ජාතික ක්‍රීඩාව දූපත වටා දිවීම කියල කවුද කිව්වා :D
ReplyDeleteසුන්දර මාලදිවයිනේ අසුන්දර පැත්ත නම් මුස්ලිම් වරු මෙක උපායෙන් අල්ලගෙන දැන් වෙනත් ආගමක පෝස්ට් කාඩ් එකක් වත් ගෙනියන්න දෙන්නේ නෑ කෙලින්ම කුණු කූඩෙ!!!
ReplyDeleteනියම පින්තූර ටික
ReplyDelete@buwa - ඔව් ඒක ඇත්ත ඔවුන් බොහෝමයක් දේවල් ලංකාවෙන් ලබාගත්තත්, ඔවුන් තමන්ගේ රට සුන්දරත්වයෙන් තබා ගෙන ඉන්න එක ගැන අපිට ඔවුන්ගෙන් ඉගනගන්න වේවි...
ReplyDelete@Sabith, හිස් අහස,Bindi, මහේෂ් නිශාන්ත & blog gadol - ස්තූතියි! හැබැයි තව මොනව හරි ලියුවානම් හොදයි කියලා මටත් හිතුනා. වැඩේ තියෙන්නේ එච්චර වෙලාවක් තිබ්බෙත් නැහැ. පින්තූර දැක්ක ගමන් ඒක පලකරන්න පුදුම හදිස්සියක් තිබුනේ...
ReplyDelete@මලික් - ස්තූතියි! ඒ වගේම ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඉදිරියටත් එන්න. හැකි අවස්ථාවල ඔබේ අදහසුත් එකතු කරන්න. විවිදාකාරයේ මාතෘකා යටතේ ලියවුන ලිපි ඉදිරියටත් දැකගන්න ලැබේවි...
ReplyDelete@hare :-) ඒක නම් මමත් කලින් දැනගෙන සිටියේ නැහැ. හැබැයි ඒ ක්‍රීඩාවත් නරක නැහැ වගේ...
ReplyDelete@යෝධයා - මූලධර්මවාදය මම තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. මොනම දේක වුනත් මධ්‍යස්ථබව මිසක් අන්තාගාමී බව හොද නැහැ...
ReplyDeleteලස්සන පින්තූර ටික දිනේශ්.
ReplyDeleteපුරු පුරු කියනකං මම මේක දැක්කෙ නෑනේ
ReplyDeleteෂා මාර ලස්සනයි
ReplyDelete@උදාර, බුද්ධි සහ නෙරංජි | Neranji - ස්තූතයි!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපින්තූරු ටික බලල කියවපු ටිකත් අමතක උනා. සොරි.
ReplyDeleteසැබෑ මාලදිවයින් ලස්සන නෑ. මේ පිංතූර වල තියෙන්නෙ විදේශීය සමාගම් වලට අයිති හෝටල්. මුලුමනින්ම වෙනස් කරනලද භූමිය. සමහරවිට පොල් ගස්, වෙන පාලු දූපත් වලින් ගලවගෙන එනව.
ReplyDelete