-->

Wednesday, September 21, 2011

සුපිරි විද්‍යාඥ සමාජයේ තවත් සාමාජිකයෝ - 3

මෙම ලිපි පෙලේ කලින් ලිපි - 
කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරය
විසිවන සියවසේ සුපිරිම විද්‍යාඥයා ගැන එදා දකින්නට ලැබුන පුවත් - 2
කලින් ලිපි දෙකේදීම අපි කීර්තිමත් විද්‍යාඥයන් කිහිපදෙනෙකු‍ ගැනම ‍ටිකක් සොයා බැළුවා. වර්ථමානයේද රසායන විද්‍යාව ‍හා භෞතික විද්‍යාව වැනි ක්‍ෂෙත්‍රයන්ට නොබෙල් ත්‍යාගය ලැබුනද ඒවා බොහෝමයක් අපගේ මතකයේ රැදෙනවා තියා සාමාන්‍ය ජනතාවට එතරම් වටහාගැනීමටද හැකියාවක් නැහැ. ඒඑක්කම ඒ විද්‍යාඥයන් මිනිසුන්‍ගේ මතකයේ රැදෙන්නෙත් නැහැ. ඒත් මීට දශක ගණනාවකට පෙර දී මෙවැනි ක්‍ෂෙත්‍ර වලදී සොයාගන්නා ලද සොයාගැනීම් අදද මිනිසුන්ගේ මතකයේ තිබෙනවා පමණක් නොව ඒවා සොයාගත් එම ශ්‍රේෂ්ඨ මිනිසුන් අ‍පගේ මතකයෙන්ද ගිලිහී නොගොස් රැදී සිටිනවා. අපි මේ ලිපියෙනුත් එසේ මතකයෙන් ඔබ්බට නොගිය මිනිසුන් කිහිපදෙනෙක් ගැන කියවා බලමු.

න්‍යෂ්ඨික භෞතික විද්‍යාවේ පියා (the father of nuclear physics)
The Lord Rutherford of Nelson නැත්නම් අපි 9 වසර විද්‍යා පොතේදී දැනගත්ත විදියට Ernest Rutherford ඔහුගැන තමයි අපි න්‍යෂ්ඨික භෞතික විද්‍යාවේ පියා ලෙස හදුන්වන්නේ. අපිට පමණක් නෙමේ විද්‍යාව හදාරන බොහෝදෙනෙකුට පරමාණුව ඡායාරූප ගතකරන්නටවත් නොලැබුනත් එය අපි මේ කතාකරන Ernest Rutherford මහතාට එහි අභ්‍යන්තර හැසිරීම් පවා තමන්ගේ හිතේ මවා ගන්නට පවා හැකියාව සතුව තීබී තිබෙනවා. 1871 දී නවසීලන්තයේ උපත ලැබ මෙම මහතා 1908 දී රසායන විද්‍යාව වෙනුවෙන් පිදුම්ලැබීමට භාග්‍යලබන්නේ විකිරණශීල ද්‍රව්‍යයන්ගේ මූලිකාංග විශ්ලේෂනය වෙනුවෙනුයි ("for his investigations into the disintegration of the elements, and the chemistry of radioactive substances").

එපමනක් නොවේ තවත් පර්යේෂන ගණනාවකටද මූලිකත්වය ගෙන ක්‍රියාකල මෙතුමා කීර්තිමත් විද්‍යාඥයන් ගණනාවක‍ගේ ගුරුවරයෙකුද සහ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් කිහිපදෙනෙකු සමගම පර්යේෂණ කල අයෙකුද වෙනවා. ඒ අතරින් විකිරණශීලතාව පිළිබදව පර්යේෂන වෙනුවෙන් 1921 දී නොබෙල් ත්‍යාගය ලද Frederick Soddy සහ  නියුට්‍රෝන සොයාගැනීම වෙනුවෙන් 1932 දී නොබෙල් ත්‍යාගය ලද Sir James Chadwick ද විශේෂයි.

කෙසේවෙතත් 1937 දී හදිස්සියේ මෙතුමා මිය නොගියේ නම් තවත් සොයාගැනීම් රැසකට දායක වීමේ ගෞරවය නිරායාසයෙන්ම මෙතුමා ලබනවා. 1937 ඔක්තෝබර් මස 19 වන දින මෙලොවින් මෙම විද්‍යාඥයා සමුගන්නේ an umbilical hernia නම් රෝගී තත්වයට සැත්කමක් කරමින් සිටින අතරතුරයි. මරණින් පසුව මෙතුමා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථාන සුසාන භූමියේ භූමදානය කරනු ලබන්නේද කීර්තිමත් නොබෙල් ත්‍යාගලාභී හා ලෝකයේ සිටි විද්‍යාඥයන් අසලමයි. ඒ 1906 දී භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලද Sir J. J. Thomson මහතාගේ පැත්තකින් හා ලෝකයේ සිටි අග්‍රගණ්‍යම විද්‍යාඥයකුවූ Sir Isaac Newton මහතාට සමීපයේමයි.


එඩිසන් නැති විසිවන සියවසක් ගැන සිතිය හැකිද?
තෝමස් අල්වා එඩිසන්, සිය නම යටතේ පේටන්ට් බලපත්‍ර 1000 කට වඩා සංඛ්‍යාවක් ලියාපදිංචි කරවාගෙන තිබුනා යැයි එකවර විශ්වාස කරන්නත් අමාරුයි. මිනිසෙකුගේ ජීවිත කාලය තුල එපමණ සොයා ගැනීම් සංඛ්‍යාවක් කරන්නට හැකියාවක් තිබේදැයි හිතන්නටත් බැහැ. මෙම අසාමාන්‍ය සොයාගැනීම් නිසාම ඔහුව 'the most respected technologist of the time', Thomas Edison defined genius as 'one percent inspiration and ninety-nine percent perspiration' ලෙසද හදුන්වනවා. 1847 දී උපත ලබා 1931 දී වයස අවුරුදු 84 ක්ව තිබියදී මෙලොවින් සමුගන්නා විට එඩිසන් විසිවන සියවස තමන්නට නතුකරගෙන අවසන්.

U.S. Patent#223898: Electric-Lamp.
Issued January 27, 1880

මෙම විද්‍යාඥයා, එසේත් නැත්නම් ව්‍යාපාරිකයා සොයාගත් දේ ලැයිස්තුගත කරන්නට ගියහොත් එය තව ලිපි කිහිපකටම විහිදී යාවි.



ඔහු සොයාගත් දේ අතරින් කැපී පෙනෙනම සොයාගැනීම් කිහිපහක් අතුරින් 1877 දී ඔහු විසින් සොයගනු ලැබූ phonograph (sound writer), හෙවත් record player, නැතහොත්  gramophone අමතක කරන්නම බැරි උපකරණයක්. ඒ විතරක්ද චලන රූප කැමරාව නිර්මාණයටත් ඔහු චලන රූප කැමරාව (motion picture camera), සහ දිගු කලක් පවතින ප්‍රායෝගික විදුලි බල්බය (long-lasting, practical electric light bulbගැනත් ‍නොකියාම බැහැ. ඒ වගේම වැඩිදෙනෙක් නොදන්නා Telegraph යන්ත්‍ර සදහා සහ පසුව duplicating handwritten documents සදහා භාවිතා කරන විදුලි පෑනත් Edition ගේ සොයාගැනීමක්.





The complete duplicating outfit
including Edison's electric pen.


Photograph of Edison with his phonograph,
taken by Mathew Brady in 1877



එඩිසන්ගේ කුඩා අවධියේදීම ඔහුගේ කන් ඇසීම දුර්වලවී වම් කන මුළුමනින්මත් අනෙක් කන 80% ක් පමණවත් නොඇසෙන තත්වයට පත්ව තිබෙනවා. කෙසේවෙතත් මෙයට හේතුව නිශ්චිතන පැවසුනේ නැතත් ඇතැම් ලිපි වල කියෙවෙන කුඩා අවධියේ දුම්රිය ස්ථානයක සිදුකල යම් අත්හදා බැලීමක් පිපිරීමෙන් ඒ ගැන කෝපයට පත් දුම්රිය ස්ථාන පාලකවරයා දුන් කනේ පහරින් මෙය සිදුවුනා යයි කීම අතිශෝක්තියක් බව ඇතමුන්ගේ මතයයි. කෙසේවෙතත් එඩිසන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට නම් මෙම ශ්‍රවණ දුර්වලතාව බාධාවක් වූ බව නම් පැවසෙනවා. හැබැයි මෙම ආබාධය නිසා වටපිටාවේ ශබ්දවලට අවධානය යොමුනොවීම ඔහුගේ අනෙකුත් වැඩකටයුතු සදහා පූර්ණ අවධානය යොමුකරගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් වූ බව ඔහු ගැන පවසන්නන්ගේ අදහසයි.

(උපුටා ගත්තේ - http://apps.detnews.com/apps/history/index.php?id=105)

එඩිසන්ගේ තවත් අරුමපුදුම පුරුද්දක් ලෙස සලකන්නේ ඔහු දිගු වේලාවක් නිදාගැනීමට අකමැතිවීම හා එය කාලය නාස්ති කිරීමක් හා දියුණුවට බාධාවක්‍ ලෙස සැලකීමයි. ඒ නිසා ඔහු කෙටි නින්දක් පමණයි ලබා ගෙන ඇත්තේ. (Taking naps instead of sleeping at night, he believed that sleeping was a waste of time and 'a deplorable regression to the primitive state of caveman'.)


Ohio හිදී උපත ලබන මෙම මිනිසා වයස අවුරුදු 22 දී නිව්යෝර්ක් නුවරට පැමිණ පත්තර විකුණන කොළුවෙකු බව‍ට පත්වන අතර පසුකාලෙක ඔහු ඔහුගේම පත්තරයක හිමිකරුවෙකු වනවා ඒ Weekly Herald පුවත්පතේ හිමිකරුවා බවට පත්වීමෙනුයි. එපමනක් නොව විවිද ක්‍ෂෙත්‍ර හා සම්බන්ද ව්‍යාපාර ගණනාවක හිමිකරුවා බවටද එඩිසන් පත්වන්නේ සිය අප්‍රතිහත අධිෂ්ඨානය හා ධෛර්යය නිසාමයි.
Edison Companies 
ඒ වගේම ඉතින් එඩිසන් පහු පහු වෙනකොට ආස්සරේ තිබිල තියෙන්නෙත් ඒ කාලේ හිටිය ව්‍යාපා‍ර ලෝකේ හොද හොද කෙලිකාරයෝ එක්ක තමයි. ඒ කියන්නේ මේ President Warren G. Harding, Hennry Ford    ,George EastmanHarvey Samuel Firestone වගේ අය එක්ක.
වම් පසින් එඩිසන් සහ ඔහුගේ දකුණු පසින් සේයාපට රැගෙන
උදව්වට සිටින්නේ  George Eastman.
ඔහු එඩිසන්ට චලන රූප කැමරාව නිපදවීමටද
සහය වූවා. කෙසේවෙතත් මෙම සේයාරුව එම සොයාගැනීම කල
 අවධියේ නොව 1928 දී Eastman ගේ උද්‍යානයේදී ගනු ලැබූවක්.
 (Thomas Edison (right) demonstrating the kinetograph (motion picture camera), with the assistance of George Eastman, who helped develop the film used in the early motion picture machines. The inventors look a bit older than they did when they made their inventions; they posed at a 1928 Eastman garden party for this endorsement of a camera not of Edison’s making.)
(උපුටා ගත්තේ - http://www.edwardsamuels.com/illustratedstory/isc3.htm)



හැබැයි ඉතින් කොච්චර බලසම්පන්‍න කෙනෙක් වූවත් එඩිසන්ටත් ලෝක ධර්මතාවය අනුව තමන්ගේ දවස පැමිණියා ලෝකය හැරයන්නට. දියවැඩියා රෝග තත්වයේ සංකූලතාවයන් හේතුවෙන් 1931 ඔක්තෝබර් 18 වෙනිදා පෙ.ව.3.24 ට මෙම අග්‍රගණ්‍ය නිමැවුම්කරුව සිය අවසන් හුස්ම හෙලනු ලැබුවා.

ඔබට ගැටළුවක් පැන නගින්නටත් පුළුවන් ඇයි මේ මියගිය වෙලාවත් සටහන් කලේ කියලා. ඒකට හේතුව තමයි ඒ මොහොතේ එඩිසන් අසලම සිටි ඔහුගේ පුත්‍රයා සිය පියාගේ අවසන් මොහොතේ පරීක්‍ෂන නලයක් මෙම සිය දිවිය අවසන්වීමට ඔන්නමෙන්න සිටි එඩිසන්ගේ මුව අසලට තබා ඔහු හෙලූ අවසන් හුස්මපොද එම පරීක්‍ෂන නලයට ගෙන ඒ සැනින් ඇබයක් සවිකර වසාගෙන තිබෙනවා. කෙසේවෙතත් ඇතැම් පාර්ශය කියන්නේ මෙය එඩිසන්ගේ කලන මිතුරු මෙන්ම ඔහුව වීරත්වයෙන් ඇදහූ හෙන්රි ‍ෆෝඩ්ගේ උවමණාවට කලබවයි. ඒවගේම පසුකාලයක එඩිසන්ගේ පුත්‍රයා වන චාර්ල්ස් මෙම ටියුබය ෆෝඩ්ට ලබාදී ඇති අතර එය දැන් Henry Ford කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බව පැවසෙනවා.
Edison’s Last Breath?
It is alleged that Henry Ford asked Thomas A. Edison’s son, Charles, to collect an exhaled breath from the lungs of Ford’s dying hero and friend. The test tube was found at Ford’s Fair Lane mansion, along with Edison’s hat and shoes, after Clara Ford’s death in 1950.



ඒ කොහොමවුනත් මේ ගැන පරස්පර විරෝධීමත ඇති අතර මෙම නිර්මාපකයාගේ පුත්‍රයා වන චාර්ල්ස් එඩිසන් පවසන ආකාරයට "මගේ පියාගේ අවසාන කාලය වන විට හිස් පරීක්‍ෂන නල අටක් ඔහුගේ ඇද අසල තිබූනා. ඒවා  West Orange හි පිහිටි ඔහුගේ පරීක්‍ෂනාගරයක ඇති රසායණාගාරයකින් ගෙනෙන ලද ඒවාය. කොහොමවුනත් ඔහු පිළිබදව වැඩිම අවධානය යොමුවන්නේ ඔහු විදුලි ක්‍ෂෙත්‍රය සම්බන්ධයෙන් සිදුකරන ලද සේවය වෙනුවෙනුයි. ඒත් ඔහු සත්‍ය වශයෙන්ම රසායන විද්‍යාවටත් ඇළුම් කල අයෙක්. ඉතින් අවසාන මොහොත දක්වා ඔහු අසල තිබූ මෙම පරීක්‍ෂන නල අවසානයේ සකේතාත්මක වටිනාකමක් ගෙනදුන්නා. ඉතින් ඒ නිසාම ඔහු ‍මොලොව හැර ගිය වහා ඒවා ෆැරෆින් ඉටි වලින් වසා සීල් තබන ලෙස මම  පියාගේ භෞත චිකිත්සකයා වූ Dr. Hubert S. Howe ට පවසා සිටියා. ඔහු ඒ දේ කලා. පසුව මම ඒවා ෆෝඩ් මහතාට ලබාදුන්නා."
During Mr. Edison’s last illness there was a rack of eight empty test tubes close to his bedside. They were from his work bench in the Chemical Room at the Laboratory in West Orange. Though he is mainly remembered for his work in electrical fields, his real love was chemistry. It is not strange, but symbolic, that those test tubes were close to him at the end. Immediately after his passing I asked Dr. Hubert S. Howe, his attending physician, to seal them with paraffin. He did. Later I gave one of them to Mr. Ford.
ඉතින් මේ සිදුවීමේ තවත් විස්තර http://www.thehenryford.org/exhibits/pic/2004/july.asp වෙබ් අඩවියෙන් දැනගත හැකියි.

ඒ වගේම මෙහි කියන මේ පරීක්‍ෂන නල සිද්ධියේ පලහිලව්ව තවත් සනාථ කරමින් ඒ නල වල දෙආකාරයේ සේයාරූ තිබේ.


හැබැයි මේ සිද්ධිය කවරාකාරයෙන් සිදුවූවත් එඩිසන් මිය ගිය වහාම ඔහුගේ මුහුනේ Death Mask එකක් සකස් කරනු ලැබූ අතර එයද මෙම Henry Ford කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බව පැවසෙනවා.

ඔබට දැන් පැනයක් ඇතිවන්නට පුළුවන් මේ Death Mask එකක් කියන්නේ මොකක්ද කියා. කෙටියෙන් කියනවා නම් බටහිර සංස්කෘතිය ඇති රටවල යම් සැලකිය යුතු පුද්ගලයෙකු මිය ගිය වහා ඉටියෙන් හෝ යම්කිසි බදාම වර්ගයක් යොදාගෙන එම පුද්ගලයාගේ මුහුනේ අලවා එයින් ලබා ගන්නා පුද්ගලයා මියයන මොහොතේ මුහුනටම සමාන වෙස්මුහුනක් ‍වැනි නිර්මාණයක් යයි කිව හැක.
Very old photo of preparing the Death Mask
මේ ගැන අපි ඉදිරි ලිපියකදී වැඩි දුරටක් කතා කරමු...

එහෙනම් දැනට නවතින්නම්. මේ ලිපි මාලාවේ තව කොටසක් තිබෙනවා.

9 comments:

  1. කිව්වත් වගේ එඩිසන් මහත්තය ගැන නම් ලියල ඉවර කරන්න බැරි වෙයි. හැබැයි ඔය කියන සමහර දේවල් එතුමාගෙ අදහස් අනුව එතුමාගෙ රසායනාගාරයේ අය විසින් හොයාගත්තු ඒව කියලත් කියනවනේ.

    අනික ඔය ඉස්සර හිටපු විද්‍යාඥයො හොයාගත්තු දේවල් ඒ කාලෙ නොතිබුණ, නමුත් සොයාගත්තට පස්සෙ සෑහෙන්න ප්‍රායෝගික වුණ දේවල් නිසා අදටත් උන්නාන්සෙලව මතකයි සෑහෙන්න. වර්තමානයේ ඉන්න විද්‍යාඥයො ගොඩක් දුරට කරන්නෙ සාමාන්‍ය මිනිස්සු අතරට වෙළඳ භාණ්ඩයක් විධියට එන නිෂ්පාදනයක එක එක කොටස් ගැන පරීක්ෂණනේ. එතකොට අපට ඒ සොයාගැනීම එන්නෙ භාණ්ඩයක් විධියට මිසක් සොයාගැනීමක් විධියට නෙවෙයි. අනික දැන් කාලෙ එකම දේ ගැන ගොඩක් පරීක්ෂණ විවිධ ආයතන මගින් පවත්වාගෙන යන විවිධ රසායනාගාර වල විවිධ විද්‍යාඥයන් විසින් කරනවනේ. ඒ නිසා අහවල් එක හොයාගත්තෙ අහවලා කියල පැහැදිලිව කියන්න පුළුවන් කමක් නෑ.

    ඕකට හොඳම උදාහරණෙ තමයි ස්පර්ශක තිරය. මම හිතන්නෙ මෑතකදි සාමාන්‍ය ජන ජීවිතය වෙනස් කරපු තාක්ෂණයක් ඒක. නමුත් ඒක හොයාගත්තෙ මෙන්න මෙයා කියල කියන්න එක්කෙනෙක් නෑ. එක්කෙනෙක්ගෙ අදහසක් කීප දෙනෙක් සංවර්ධනය කරනවනේ...

    ReplyDelete
  2. ඇත්තටම වැදගත් ලිපියක් අයියා

    ReplyDelete
  3. වෙනද වගේම වැදගත් ලිපියක්. පරීක්ෂණ නල කතාවත් හරිම රසවත්...

    ReplyDelete
  4. මේ සොයා ගැනීම් ඔක්කොම බටහිරින්ම විතරක් වුන එක හරිම පුදුමයට කාරනාවක්... නිකන් වත් අහන්ඩ නෑ නේද මොනවා හරි දෙයක් ආසියාතික රටකින් හොයා ගත්තා කියලා..( ආදී චීනය ඇරුණුකොට ) ඕකට මොකක් හරි බලපාපු විශේෂ හේතුවක් තියනවද...

    එහෙම නැත්නම් ආසියාතිකයන් හොයා ගත්තු දෙවල් නිකන්ම වැලලිලා ගිහින්ද...??

    ReplyDelete
  5. එඩිසන් මහතාගේ දක්ශතාවය ගැන මම ගරු කරනවා. නමුත් ඔහු අනුන්ගේ නිර්මාන හා අදහස් මුදල් හා වෙනත් ආකාර වලින් තමන්ගේ නමට හරවාගෙන තිබෙනවායයි මම අසා තිබෙනවා. හොදම උදාහරනය නිකලො ටෙස්ලා ගෙ නිර්මාන. මෙය ඔහු තුල පැවති දුර්වලතාවයක් කියා මම සිතමි.

    ReplyDelete
  6. වටිනා ලිපියක් දිනේශ්. ස්තූතියි...

    ReplyDelete
  7. @hare :-) සහ Akila - අනුන්ගේ නිර්මාණවලට තමන් උප්පැන්න දීම ලෝකයේ හැම තැනම වගේ වෙන දෙයක් මම හිතන්නේ. පසුගිය කාලයේ ලංකාවෙත් මෙවැනි වංචනික ක්‍රියාපිළිබදව කසුකුසුවක් වෙබ් අඩවිවලත් දැක ගන්න ලැබුනා. බොහෝවිට එඩිසන් විසින් මෙවැනි දේ සිදුවෙන්නට ඇතැයි සාධාරන සැකයක් මතුවෙනවා. ඔහු විසින් තම නමින් ලියාපදිංචිකර ඇත නිපැයුම් සංඛ්‍යාව අතිමහත් වීම අසාමාන්‍යයි.ඒවගේම ඔහුට පසුකාලීනව ලැබුන මුදල් හා බලය වැනි සාධක සමග මෙවැනි දේ කරන්නට ඇතැයි සැක කරන්න හැකියි. කොහොම වුනත් ඔබලා දෙදෙනාම මතුකරේ තවදුරටත් සොයබලා ලියන්නට සුදුසු කරුණක් බලමු ඉදිරියේදී ඒ ගැනත්...

    ReplyDelete
  8. @Uvindu, Sayuri & උදාර - ස්තුතියි! තව ලිපියක් මේ සම්බන්ධයෙන් තිබෙනවා...

    ReplyDelete
  9. @Senna - මේ ම‍ට හිතෙන ආකාරය මීට වඩා වෙනස් විදියට මේ දේවල් සිදුවෙන්නත් පුළුවන්. කාර්මික විප්ලවය කියන සාධකය සෑහෙන්න බලපාන්න ඇති. ඒ වගේම සංස්කෘතිකමය වෙනස් කම් වුනත් එයට හේතුවන්නට ඇති. පෙරදිග මිනිසුන් බොහෝවිට අදෘශ්‍යමාන බලවේග වලට යම් බියක් නැත්නම් ගෞරවයක් එහෙමත් නැත්නම් නැකැත් අනුව වැඩකරන්නට යාම නිසා (මම මේ ජ්‍යෙතිශය වැරදියි හෝ බැහැර කරන්න කියනවා එහෙම නෙමෙයි) ඇතැම් විට සම්ප්‍රධායෙන් පිටතට‍ ගොස් නව නිර්මාණයකට දායකවීමේ හැකියාව නොතිබෙන්නටත් ඇති. ඒවගේම අවශ්‍යතා සිමිත සරල ජීවන ක්‍රමයක් පෙරදිග සංස්කෘතින් තුල තිබීමත් නව නිර්මාණ බිහිවීමට අවශ්‍ය උත්තේජනය නොසපයන්නටත් ඇති. සමහරවිට නව නිර්මාණ සොයාගත්තත් ඒවා අප්‍රකටව තිබීම, යුද කෝලාහල වැනි කටයුතු වලට මැදිවීම නිසා ඒවා තවදුරටත් සංවර්ධනය, අත්හදාබැලීම් හා නිසිලෙස ලේඛනගත නොකිරීම හෝ ලේඛණගත කරන ලද නිර්මාණ පිළිබද වාර්තා විනාශවී යාමත් පෙරදිග ලෝකයෙන් සොයා ගැනීම් ඌනතාවයක් පෙන්වීමට හේතුවන්නට ඇතැයි සිතේ....

    ReplyDelete