මෙයත් පෙර ලිපියට සම්බන්ධයි. අද ලිපියෙන් තවත් විද්‍යාඥයෙක් ගැන අපි නොදන්න දේවල් ටිකක් දැනගනිමු.
විසිවන සියවසේ මහා බුද්ධිමතා ගැන කෙටියෙන් කෙසේ කිව හැකිද?
විසිවන සියවසේ මහා බුද්ධිමතා යනුවෙන් නම් කල වහා සිතට නැගෙන්නේ අන් කිසිවෙක් නොවේ Albert Einstein ගැනම තමයි.
Albert Einstein: March 1920 |
Einstein's official 1921 portrait after receiving the Nobel Prize in Physics. |
1922 දී අයින්ස්ටයින් මහතා විදේශ සංචාර ගණනාවක යෙදෙන අතර ඒ අවස්ථාවේ ආසියාවේ යෙදෙන ගමනේදී ලංකාවටද පැමිණ තිබේ.
මෙතුමාගේ උපත 1879 දී ජර්මනියේ සිදුවූවත් ඉන්පසුව තවත් රටවල් කිහිපයක ගතකොට නැවත 1914 දී ජර්මනියට පැමිණි නමුත් 1933 දී ඇමරිකාවට සංක්‍රමණය වීම සිදුවෙනවා. ඒ 1933 දී ජර්මනියේ නායකත්වයට හිට්ලර් පැමිණි අතර ඔහු බලයට පැමිනෙන්නට කලකට පෙර සිටම ගෙන ගිය යුදෙව් විරෝධී ව්‍යාපාරය නිසා ජර්මනිය තවදුරටත් යුදෙව්වෙකුවූ අයින්ස්ටයින්ටද ආරක්‍ෂිත නොවන බව ඔහු වටහා ගනු ලැබුවා. එම වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකාවට අයින්ස්ටයින් පැමිණි පසු මසක් ගතවෙත්ම නාසීන් විසින් පොත් ගිනි තැබීමේ ව්‍යාපාරය පවත්වනවා. ඒ නාසි සංකල්පය දැඩි ලෙස ස්ථාපිත කිරීම උදෙසා වූ අන්‍ය අදහස් හා අන්‍ය ජාතින්ගේ ප්‍රකාශන තුරන්කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙනයි. නාසීන්ගේ මෙම මුග්ද ක්‍රියාව නිසා අයින්ස්ටයින් ඒ වන විට ජර්මනියේ බර්ලින් විද්‍යා ඇකඩමියේ මහාචාර්ය පදවිය දරමින් සිටියදී කරන ලද විවිද පර්යේෂණ ඇතුලත් වාර්තාද ගිනිබත්වීම සිදුවේ. තවද නාසි මිනීමරුවන් අයින්ස්ටයින් තවමත් එල්ලා නොමැති සතුරෙකු ලෙස නම්කරමින් සිය හිස සදහා $5000 ක ත්‍යාගයක්ද නියම කර තිබෙන බව ඉන් ටික කලකට පසු අයින්ස්ටයින්ටම දැනගන්නට ලැබේ.
Albert Einstein riding his bicycle in Santa Barbara, 1933 |
1955 අප්‍රේල් 18 වන දින මෙම දැවැන්ත චරිතය ලෝක භූමිකාවෙන් සමුගන්නා අතර ඒ අප්‍රේල් 17 වනදා විට ඔහු මුහුණ පා සිටි අභ්‍යන්තර ඉන්‍ද්‍රීන්ගේ රුධිරවහනයවීම සිදුවීමෙන්.
වෛද්‍යවරු මේ අවස්ථාවේ සැත්කමක් කොට අදාල රෝග තත්වය සමනය කර තවදුරටත් ජීවත්වීමට අවස්ථාව මේ ශ්‍රේෂ්ඨ මිනිසාට ලබාදීමට උත්සහ කලත් අයින්ස්ටයින් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කරනු ලැබතිබේ. ඔහු පවසා ඇත්තේ " මට යන්න ඕන වෙලාවට මා යා යුතුයි. කෘත්‍රිම විදියට ජීවිතය තව කාලයක් ගත කිරීම කිසි තේරුමක් ඇතිදෙයක් නෙමෙයි. මගෙන් ඉටුවෙන්න ඕන කොටස මම ඉෂ්ඨ කරල ඉවරයි, දැන් යන්න වෙලාව. මම ඒක ගෞරවනීය ලෙස කල යුතුයි." ("I want to go when I want. It is tasteless to prolong life artificially. I have done my share, it is time to go. I will do it elegantly.")
ඒ අනුව සිය දිවියේ 76 වන වියේදී Princeton රෝහලේදී මොලොවින් සමුගන්නා මෙම අසාමාන්‍ය මිනිසාගේ මොලය මරණ පරීක්‍ෂනය සිදුකල වෛද්‍ය Thomas Stoltz Harvey විසින් ඉවත් කරනු ලැබ එය කල්තබා ගැනීමේ ක්‍රියාවලියකට බදුන් කරනු ලබයි. එහෙත් මෙම මොලය ඉවත්කර ගැනීම සදහා ඔහු අයින්ස්ටයින්ගේ පවුලේ අයගෙන් අවසර ලබා ගැනීමක් සිදු නොකර තිබූ අතර ඔහු මෙම දේ සිදුකිරීමට හේතුවුයේ අනාගතයේ යම් දිනයක ස්නායු වෛද්‍ය විද්‍යාව (Neuroscience) දියුණු වූ කලෙක මෙම මහා ප්‍රාඥයාගේ අසාමාන්‍ය බුද්ධිමත්භාවය සොයාගැනීම සදහායි. කෙසේවෙතත් සිරුරේ අනිකුත් කොටස් ආදාහනය කරනු ලැබ අළු ප්‍රසිද්ධ නොකල ප්‍රදේශයක විසිරුවා හරිනු ලැබ ඇත.
මෙම ශ්‍රේෂ්ඨ බුද්ධිමතා පිළිබදව කෙටියෙන් ලිවීම අසීරු කටයුත්තක් වුවත් මෙම ලිපි මාලාවේ තවත් විද්‍යාඥයන් කිහිපදෙනෙකු ගැනම කතාකරන්නට ඇති නිසා දැන් මෙම ලිපියෙන් අවසන් කරනු ලබන අතර ඊලඟ ලිපියේදී තවත් විද්‍යාඥයන් ගැන දැනගනිමු...
නියමයි
ReplyDeleteහැමදාමත් වගේ ඉතා වටිනා එමෙන්ම සෑහෙන වෙහෙසක් වී කළ ලිපිය වෙනුවෙන් ස්තුතිය පුදමි ..
ReplyDeleteදිනේෂ්
ReplyDeleteඉතා සිත්ගන්නා සුළු බ්ලොගයක්. මා බොහෝ විට ඔබේ ලිපි කියවනවා. එහෙත් අදහස් පල කර ඇත්තේ කිහිප වරක් පමණයි.
අයින්ස්ටයින් කුඩා අවධියේදී පාසලේදී දක්ෂතා පෙන්වූ දරුවකු නොවේ. ඔහු බහ තේරුවෙත් බොහෝ ප්‍රමාදව බවයි මා අසා ඇත්තේ. ගුරුවරුන් ඔහු වැඩ බැරි ළමයකු ලෙස තක්සේරු කළා. මීට හේතුව සම්මත පාසල් විධික්‍රමයට මේ සුවිශේෂී දරුවා අවබෝධ කර ගැනීමට නොහැකි වීම වන්නට පුළුවන්. ඔහුගේ බහ තේරීමේ ප්‍රමාදය ගැන අප රටේ එක් ප්‍රසිද්ධ ගණිත මහාචාර්යවරයකු අසා සිටියේ ළදරු අයින්ස්ටයින්ගේ මනස බොහෝ සෙයින් චිත්ත රූප ඇසුරු කොට ක්‍රියා කල හෙයින් වචන භාවිතය ප්‍රමාද වූවාද යන්නයි. කෙසේ හෝ ඔහුගේ බුද්ධිය අවදි කලේ ඔහුගේ මාමායි. ඔහු විදුලි ඉංජිනේරුවෙක්. ඔහු මේ දුර්වල දරුවාට පෞද්ගලිකව ඉගැන්වුවා. සමහර විට පාසල් විෂය නිර්දේශය නොවන්නට ඇති. මේ දුර්වල සිසුවා තමයි අවුරුදු 26 දී සාපේක්ෂතාවාදය ඉදිරිපත් කලේ.
අප ඇසිය යුතු ප්‍රශ්නය නම් අපට හඳුනා ගන්නට බැරි අයින්ස්ටයින්ලා තවත් අපි අතර ඉන්නවාද යන්නයි.
අයින්ස්ටයින් ගැන නම් කියන්න දේවල් බොහොමයක් තියෙනවා. ඒකට මෙතන තියෙන ඉඩ මදි. ඒ හින්ද ඒ එකක්වත් නොකියා මේ වගේ ලිපියක් දාපු ඔබට ස්තූති කරන්න කැමතියි.
ReplyDelete@Prasanna, මහේෂ් නිශාන්ත, Asanga සහ උදාර - ස්තුතිය! අයින්ස්ටයින් වගේ බුද්ධිමතුන්ට පාසලේ සීමාසහිත විශය නිර්දේශය ගැලපෙන්නේ නැතුව ඇති. උගත්කම හා බුද්ධිමත්කම කියන්නේ දෙකක් බවට එය හොදම උදාහරණයක්.
ReplyDeleteඅසංග කියන විදියටම අපේ රටේ වුනත් මේ වගේ බුද්ධිමතුන් රැසක් සීමාසහිත මායිම් තුල කොටුවෙලා ඇති.
උදාර කියන එක නම් ඇත්ත. මෙම දැවැන්ත මිනිසා ගැන කියන්න ඇති දේවල් ගැන ඕන නම් මුළු බ්ලොග් අඩවියක්ම වුනත් වෙන් කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන ලියන්න පටන් ගන්නේ කොතනින්ද ඉවර කරන්නේ කොතනින්ද කියන එකත් ප්‍රශ්නයක්...
අයින්ස්ටයින් ගැන නොදන්න තොරතුරු දැනගත්තා මේ ලිපියෙන්.. මම නම් අයින්ස්ටයින්ගේ තරුණ කාලෙ පින්තූරයක් දැක්කෙත් අද තමයි :)
ReplyDelete…
…ඊ ලග ලිපියත් ඉක්මනින් ලියාවි කියල හිතනවා....
@Sayuri - ස්තූතියි! ඔව් මෙහි තෙවන ලිපියත් ලියමින් පවතිනවා. ඉක්මනින්ම එයත් දැක ගන්නට ලැබේවි...
ReplyDeleteහොද ලිපියක් මචන් , ලිපියේ අවසාන කොටස ගැන වාර්ථා වැඩසටහනක් මේ - http://www.watch-documentaries.com/riddles-of-the-dead-einstein-s-genius
ReplyDelete@dilanrf - ස්තූතියි! හොදයි කිව්ව එක, ඔය විඩියෝ එකත් බලන්න ඕන...
ReplyDeleteඅයින්ස්යටින් මම ප්‍රියම කරන විද්‍යාඥයෙක් වෙලා ඉන්නෙ පුංචි කාලෙ ඉඳන් ඔහු ගැන සෑහෙන්න තොරතුරු අහන්න ලැබුණ නිසා. මට මතක් වෙන්නෙ අනූ ගණන්වල අග විදුසර පත්තරේ ගිය කාලය හා අවකාශය ලිපි පෙළ. ඒකෙ තිබුණ දේවලින් සැලකිය යුතු කොටසක් නොතේරුණත් ආසාවෙන් කියවපු ලිපි පෙලක්.
ReplyDeleteජපානයට න්‍යෂ්ඨික බෝම්බය වැටුන බව දැනගත්තු වෙලේ Oh my god කියල කියවුනාලු මෙතුමාට. න්‍යෂ්ඨික පලය ඒ විධියට පාවිච්චි කරයි කියල එතුමා හිතල නෑ.
@hare :-) - එතුමා මෙම න්‍යෂ්ඨික බලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි රුස්වෙල්ට් ජනාධිපතිට කීවත් පසුව මෙම අවියේ බියකරු බව දැන එය භාවිතා නොකරන ලෙස රුස්වෙල්ට්ගේ ඇවෑමෙන් බලයට පැමිණි ටෲමන් ජනපතිට ලිපියකින් දැනුම් දුන්නත් ඔහු එයට කන්නොදුන් බවක් තමයි අසන්නට ලැබෙන‍්නේ. මම එම ලිපියද සොයා බැළුවා එහි විස්තරයද සමග මෙහි පල කරන්න. තමුත් එය සොයා ගැනීමට නොහැකි වුනා...
ReplyDeletemewa ma bn wenna one well done brother nice very use full blog
ReplyDelete