ගාල්ල, මාතර වැනි ස්ථාන වල ඇති බලකොටු පෘතුගීසි හා ලන්දේසි යන විදේශීය ආක්‍රමණිකයන් විසින් ගොඩනගන ලද ස්ථාන වන අතර පුරාණයේ අපේ රජවරුද මෙවැනි බලකොටු රැසක් ඉදිකර තිබූ බව කියතත් අද ඒවා සමහරක් මුළුමනින්ම විනාශ වී ගොසින්. එසේත් නැත්නම් ඉතා සුළු නටඹුන් කිහිපයක් තමයි දැකගන්නට තිබෙන්නේ. රාජධානී මාරුවීම, සතුරු උපද්‍රව, පෙර රජවරු ඉදිකල මෙවැනි ස්ථාන ඊට පසු රජවූ රජවරුන් විසින් නඩත්තු නොකිරීම නිසා අපිට එවැනි ස්ථාන දැකගැනීමේ වාසනාව අහිමිවෙලා කියල කියන්න පුළුවන්.
හැබැයි අපිට එංගලන්තය වැනි බටහිර රටවල හොදින් සංරක්‍ෂනය කර පවත්වාගෙන යන බලකොටු රැසකම ඡායාරූප අන්තර්ජාලය මගින් බලාගැනීමට මෙන්ම එම රටවල සංචාරය පිණිස ගිය අයට සියැසින්ම වුනත් දැක ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ එක්කම අපිට මඟහැරුන තැනක් තිබෙනවා. ඒ තමයි අපේ අසල්වැසියා එනම් අපේ රටේ සංස්කෘතිය, ආගම වගේ දේවල් ලබාදුන්න සහ සමහර අවස්ථාවලදී ඉතිහාසයේ අපව ආක්‍රමණය කරපු ඉන්දියාව කියන සුවිශාල රාජ්‍ය තුලත් මෙවැනි බලකොටු රාශියක්ම තිබෙන බව සදහන් කරන්නට පුළුවන්. විවිද කාලවකවානුතුලදී ඔවුන් මෙම බලකොටු තැනීමේදී පුරාණයේ සංග්‍රාමිකව වැදගත් සාධක ලෙස සැලකූ ගිරිදුර්ග, වන දුර්ග හා ජල දුර්ග යන පාරිසරික ලක්‍ෂනද මැනවින් උපයෝගී කරගෙන තිබෙනබවත් හොදින් පෙනෙනවා. ඒ අනුව උසකදුවැටි, කැලෑබද ප්‍රදේශ වගේම ප්‍රධාන ගොඩබිමෙන් ඈත්ව මුහුදින් වටවී ඇති කුඩා දූපත්ද මෙවැනි බලකොටු තැනීමට පැරණි ඉන්දියානුවන් සිත යොමුකර තිබෙනවා.
වර්තමානය වන විට මෙම බලකොටු සමහරක් අත්හැර දමා වල් බිහිවී ඇති අතර ඒවා ගැන දන්නා සංචාරකයන් පමණක් ඒවා නැරඹීමට යන බව සදහන්. එහෙත් ඇතැම් ඒවා හොදින් සංචාරකයන් ගැවසෙන ස්ථාන. ලෙස අන්තර්ජාලය පිරික්සුවාමත් දැකකියා ගන්නට පුළුවන්. එහෙමනම් අපි එවැනි බලකොටු කිහිපයකම සේයාරූ නරඹමු. මෙම බලකොටු බොහෝමයක්ම පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්‍ඨ ප්‍රාන්තයේ බවටත් මෙම පින්තූර ලැබුන email පණිවිඩයේ සදහන් වී තිබුනා.
Suvarnadurg
පිවිසුම් දොරටුව |
Shivsamadhi
Rajgad
Rajgad බලකොටුවේ ඇති පොකුනක් |
පිවිසුම් දොරටුව |
Lohgad
පිවිසුම් දොරටුව |
Arnala
Alibaug
කුඩාවට දක්වා ඇති මේ පින්තූර විශාලනය කර ගැනීම සදහා එවා මත Click කරන්න...
හරිම ලස්සන පින්තුර ටික . ඔය බලකොටු ගැන ලස්සන කතා සැඟවිල ඇති නේද . ටිකක් සොයා ගන්න හැකි නම් අපුරුයි
ReplyDeleteඔබට බොහොම ස්තුතිය්.මේ බලකොටු තැනුවන්ගේ යුධ උපක්‍රම පිළිබද ඇති දැනුම අද්විතීය බව කියමි.
ReplyDeleteකදිමයි. පින්තූර ටිකත් හරි වටිනව.
ReplyDeleteනියම පින්තූර ටික. ලංකාවෙ මේ වගේ බලකොටු නැද්ද ? පුලුවන් නම් ඒවා ගැනත් ලිපියක් දාන්න.
ReplyDeleteඉතා කෙටියෙන් කියනවනම් "පිස්සු හැදෙනවා". සෑහෙන මහන්සියක් දරල තියන බව පේනවා. සමහර දූපත් පිටින්ම බලකොටු කරල.
ReplyDeleteමේවට අමතරව ඉන්දියාවේ bhangarh කියල බලකොටුවකුත් තියෙනවා. ඒක නම් ලෝක ප්‍රසිද්ධවෙලා තියෙන්නේ බොහොම අද්භූත බලකොටුවක් විදිහටයි.පුළුවන් නම් ඒ ගැනත් ලිපියක් දාන්න.
ReplyDelete@Bindi සහ උදාර - ස්තූතියි! ඔව් හොද හොද සිදුවීම් සැගවිලා ඇති. කියන කොටම උදාරත් ඒවගේ සිදුවීම් තියෙන බලකොටුවක් ගැන කියලා තියෙන්නේ. බොහොම සිත්ගන්නා සුළු දෙයක් තමයි උදාර කියලා තියෙන්නේ. දැන්මම ඒගැන සොයන්න පටන් ගත්තා. ඉක්මනින්ම ඒ ගැනත් ලියන්න ඕන.
ReplyDeleteචමිලා, ඔන්න අද තමයි ඔබගේ Dien Bien Phu සටන ගැන ලිපිය කියෙව්වේ. හොද ලිපියක්. ඉතිහාසය වෙනස් කරන්න වගේම සඟවන්න යන අයට මේ වගේ ලිපි විවිදාකාරයේ සංකූලතාවයන් ඇති කරාවි. ඉතිහාසය විකෘති කරන්න හෝ හංගන්න යනවාය කියන්නේ මටනම් හැගෙන විදියට රබර් බෝලයක් වතුර යට ඔබලා තියන්න ගන්න උත්සායක් කියලයි මටනම් හිතෙන්නේ...
@ශ්‍රීමාල්,ඇනෝ. Nirmala - ස්තුතියි! හැබැයි ඇනෝලා තමන්ගේ නමත් සටහන් කරානම් තමයි වටින්නේ...
ReplyDeleteබලකොටු ගැන පොඩි හැදින්වීමකුත් තිබුනනං සෑහෙන්න වටිනවා........., පුලුවන් නං දාන්න. ඔය උඩම තියන Rajgad ලෙස හැදින්වූ බලකොටුව මගධ රාජ්‍යයට අයත් රාජගිරි දුර්ගය යයි සිතමි .
ReplyDeleteමහාරාෂ්ඨ ප්‍රාන්තය ඉන්දියාවෙ පෝසත්ම ප්‍රාන්තයලු. මේ බලකොටු වලින් කියවෙන්නෙ ධනයෙන් ඉතිරිලා ගිය අතීතෙක කතාව තමයි නේද? එහෙම නැත්තං බලය ලබාගන්න තිබුණ නොනවතින අරගලයේ ප්‍රතිපල වෙන්න ඕන මේවා.
ReplyDeleteඅපේ මන් මෝහන් සීයගේ රටේ මෙච්චර එව්වා තියෙයි කියල දැන ගත්තෙත් අදමයි . නියමයි
ReplyDelete@හරේ - මහාරාෂ්ට ධනවත්ම ප්‍රාන්තය කිව්වේ වර්ථමානයේද , ඒකට නම් හේතුව වාණිජ අගනගරය වෙච්ච මුම්බායි සහ පූනේ නගර නිසා වෙන්න පුලුවන්
හරි අපූරු පින්තුර ටික..... ඉන්දියාවේ සංචාරක ස්ථාන ගැන අපූරු විස්තර මෙන්න මේ බ්ලොග් එකේ තියනවා....
ReplyDeletehttp://www.beontheroad.com/
දිනේෂ් අය්යේ, මේකට විස්තරත් ටිකක් හරි ඇතුලත් කළා නම් වටිනවා. බින්දී අක්කා කියනවා වගේ මේ බලකොටුවලට වෙනමම කතන්දර ඇති.
ReplyDeleteRajgad තියෙන්නෙත් මහාරාෂ්ට්‍රයේ. එහෙ බලකොටු ගොඩාක් තියෙන්න හේතුව ධනයම නෙවෙයි. මොකද එහෙ පොහොසත් කියන්න පුළුවන් වෙළෙඳ බලය තිබුනේ වෙරළබඩ ප්‍රදේශවල නේ. ඉන්දියාවේ ගොඩක් ප්‍රාන්තවල බලකොටු තියෙනවා. මහාරාශ්ට්‍රය කොහොමත් ඉන්දියාවේ 2 වැනියට ලොකුම ප්‍රාන්තය නිසා ගොඩක් බලකොටු තියෙනවා. එයිටත් වැඩිය මේ වගේ ගොඩාක් බලකොටු තියෙන්න හේතුව තමයි එහෙ යුධකාමී මරාඨ ජාතිකයන් හිටපු එක. ඔවුන් මෝගල්වරුන් එක්ක වගේම ඉංග්‍රීසින් එක්කත් යුධ වැදුනා.