මුලින්ම බලමු මාතෘකාවෙත් කියවෙන විදියට රොකට් ගැන. අදනම් බොහෝදෙනෙක්ට හිතෙන්නේ රොකට් සොයාගන්න ඇත්තේ ඇමරිකානුවන්, ඔවුන්ට පස්සේ සෝවියට් දේශය වන්නට ඇතැයි කියායි. ඒත් ඇත්ත තත්වය නම් රොකට් තාක්‍ෂනය මුලින් සොයාගත්තේ ජර්මානුවන්. ඔවුන් පූර්ව දෙවන ලෝක යුද සමයේදී පටන් කරගෙන ආ අත්හදාබැලීම් අනුව දෙවන ලෝක යුද්දයේදී මුල්වරට 1942 ජූනි 13 වෙනිදා තමයි මුල් වරට ගුවන් ගත කරල තියෙන්නේ. මෙම නිර්මාණයේ ප්‍රධාන විද්‍යාඥයා තමයි ජර්මන් ජාතික Wernher von Braun. ඒ අනුව ඔහු තමයි රොකට් තාක්‍ෂනයේ පියාලෙස සලකන්නේ. ඉතින් මේ කියන රොකට් හදුන්වලා තියෙන්නේ The V-2 Rocket නමින්. ඒවගේම පැවසිය යුතුයි මෙම ව්‍යාපෘතිය භාරව සිටි ප්‍රධානියා තමයි Major-General Dr Walter Robert Dornberger.
මේවා ඒ කාලයේ පියාඹන බෝම්බ ලෙසත් නම් කරල තියෙනවා. ඒවගේම මේවායෙන් වැඩියෙන්ම බැටකාල තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයයි. ඒ ලන්ඩන් හා පසුව Antwerp කියන නගර තමයි වැඩියෙන්ම මෙම පියාඹන බෝම්බයේ අත්දැකීම විදල තියෙන්නේ.
මුල් වරට හිරුනොබසින අධිරාජ්‍යය කියල ඒ කාලේ හදුන්වපු සුදු මහත්තුරුන්ගේ රටට ජර්මන්කාරයෝ V2 රොකට්ටුවක් එල්ල කරල තියෙන්නේ 1944 සැප්තැම්බර් 08 වෙනිදායි. මේ පියාඹන බෝම්බ 5000 කටත් වඩා ජර්මනිය තනා ඇති අතර 3000 කට වඩා ඔවුන් විසින් එල්ල කරන ලද බව පැවසේ. මේ බෝම්බ නිසා මියගිය හමුදා හෝ සිවිල් මිනිසුන් 7250 ක් පමණ වෙතැයි සලකනු ලබයි. එසේම මෙය තැනීම සදහා කම්කරු ශ්‍රමය ලෙස යොදාගෙන ඇත්තේ ජර්මනිය විසින් අත්අඩංගුවට ගෙන සමූහ සිර කදවුරුවල ගාල් කර සිටි මිනිසුන් වන අතර මේ යුද උපකරණයක් නිපදවීමේදී සිදුවූ පිපිරීම් හා අත්හදාබැලීම් නිසා මියගිය එම සිරකරුවන් ගණන 12,000 ක් පමණ වෙතැයි පවසනවා.
ඒවගේම කිව යුතුයි මෙම රොකට් ගුවන් ගත කිරීම සදහා වූ Launch sites නැතහොත් ගුවන් ගතකිරීමේ ප්‍රධාන ස්ථාන පිහිටල තිබිල තියෙන්නේ ප්‍රංශයේ Le Blockhaus සහ La Coupole කියන නගර වලයි. එසේම නෙදර්ලන්තයේද මෙම රොකට් ගුවන් ගත කරන මධ්‍යස්ථාන පැවති බව පැවසෙනවා.
දැන් බලමු මේ V2 රොකට්ටුවේ වගතුග ටිකක්. මේ V2 ලෙස කෙටි වෙලා තියෙන්නේ ජර්මන් බසින් Vergeltungswaffe 2 (reprisal weapon 2) කියන නමයි. මෙහි තාක්‍ෂනික නාමය Aggregat-4 (A4) ලෙස හැදින්වෙන අතර බැලස්ටික් මිසයිල පවුලට අයත් එකක් ලෙස මෙම අවිය හැදින්වෙනවා. ඒවගේම මෙය තමයි ලෝකයේ ප්‍රථම දිගදුර සංග්‍රාමික බැලස්ටික් මිසයිලය හා නිලවශයෙන් පිළිගත හැකි ප්‍රථම නියමුවෙකු රහිතව කක්‍ෂගතවී අදාල ඉලක්කය කරා ගමන් ගත හැකි යානය. එසේම ප්‍රථමවරට අභ්‍යවකාශය ආසන්නයටම ගිය රොකට්ටුව ලෙසත් සලකා තිබෙනවා.
(The rocket was the world's first long-range combat-ballistic missile and first known non-human-piloted artifact to achieve sub-orbital spaceflight) .
මේ V-2 Rocket එන්ජිමයි
මෙම රොකට්ටුවේ ඉන්ධන ලෙස භාවිතා කරල තියෙන්නේ ඇල‍්කොහොල් (75% ethanol)හා ද්‍රව ඔක්සිජන්. මෙයට අඩි 46.1 දක්වා උසකට නැගිය හැකි අතර උසුලාගෙන යා හැකි බර ලෙස රාත්තල් 2,200 ක් ලෙසත් වේගය පැයට සැතපුම් 3,500 ක් ලෙසත් ගණන්බලා ඇති අතරම ගමන් කල හැකි දුර 320 km නැතහොත් සැතපුම් 200 පමණ වෙතැයි පැවසේ.
දෙවන ලෝක යුද්දයේ අවසානයේ නිමිති දකිත්ම Wernher von Braun සහ ඔහුගේ සොහොයුරා ඇතුළු හත් දෙනෙක් ඇමරිකානු හමුදාව වෙත යටත්වීමට තීරණය කරනු ලබන්නේ හේතු දෙකක් නිසයි. ඒ වෛරයෙන් යුතුව ජර්මනිය යටත් කරගැනීමට පැමිනෙන සෝවියට් හමුදාවට හසුවේ යන බියෙන් හා එසේ ඔවුන්ට හසුවුවහොත් මෙම වටිනා අවිය විශිෂ්ඨ තාක්‍ෂනික ඥානය ඔවුන් සතුවීම වැලකීම සදහා ජර්මන් ආරක්‍ෂක අංශ විසින්ම වෙඩිතබා මරාදමනු ඇතැයි බියෙන්. ඒ අනුව ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයා වන Wernher von Braun හා නියමුවේ ප්‍රධානියා වන Walter Dornberger ඇමරිකානු හස්තයට නතුවන අතරම මේ සමගම මෙම ජර්මන් V2 Rocket ව්‍යාපෘතියේ සේවය කල ප්‍රධාන නිර්මාණකරුවන් 126 දෙනෙක් ඇමරිකානු චංචල දේපල බවට පත්වනවා.
Wernher von Braun ඇමරිකාවේදී |
Operation Paperclipලෙස හැදින්වූ නාසි ජර්මනියේ රොකට් ව්‍යාපෘතිය හා සම්බන්ධ විද්‍යාඥයින් පිරිස මෙන්ම අත්පත් කරගන්නා මේ හා සම්බන්ධ නිශ්චල දේපල වන රොකට් එන්ජින්, එහි බද කොටස් මෙන්ම එයට අදාල වන කොටස් පුරවන ලද rail cars 300 ක් නිව් මැක්සිකෝවේ දුම්රිය අංගනයක් වෙත ගෙන යනු ලබනවා. ඉන්පසු මෙම අමතර කොටස් මෙන්ම රැගෙන ආ විද්‍යාඥයන්ගේ සහයෙන් ඇමරිකාව අභ්‍යවකාශය ජය ගැනීමේ මුල් පියවර වන රොකට් යානා නිපදවීම ආරම්භකරන අතර එම ව්‍යාපෘතියේ නිපදවන රොකට් අතරින් 68% ක් සාර්ථකත්වයට පත්වූ බවද පවසනවා.
US test launch of a Bumper V-2 |
අභ්‍යවකාශයේදී ගන්නා ලද ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන්නේ මෙයයි The first photo from space was taken from a V-2 launched by US scientists on October 24, 1946. |
ඇමරිකාවේ ප්‍රතිවාදියා වන සෝවියට් දේශය තම වෑයමින් රොකට් තාක්‍ෂනයට අත්පොත් තැබූ බව ඔබ සිතනවාද? නැත. ඔවුන්ද ජර්මනියේ රොකට් නිපදවීමේ කාර්යයේ නියැළුන කාර්යමණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් මෙන්ම V2 Rockets සෑහෙන සංඛ්‍යාවක්ද අත්පත් කරගෙන තම රටට ගෙන ගොස් රොකට් නිපදවීමේ ව්‍යාපෘතියක් 1946 දී ආරම්භකරනු ලබනවා.
එතැන් සිට ඇරඹෙන්නේ මෙම ලෝක බලවතුන් දෙපලගේ අභ්‍යවකාශ තරගය නොහොත් Space Race ජවනිකාවයි.
කරුණු මෙසේ සිදුවන අතර තව කරුණක් කිව යුතුය. යම් හෙයකින් ජර්මනිය මුල්ම V2 rocket ප්‍රහාර එල්ල කරන ලද කාලවකවානුවට මාස 6 කට පෙර එම ප්‍රහාර දියත් කලේ නම් මහා බ්‍රිතාන්‍යයට යටත්වීම හැර වෙන කිසිවක් සිදුකිරීමට නොවන බව ඇතැමි ඉතිහාසඥයන් පවසන බවයි.
දැන් ඔබට අමතර කරුණක් මතක් කර දිය යුතුව ඇත. ඔබට යම් හෙයකින් සිතුනාද මේ අපි කතා කරේ V2 rocket පිළිබදව V1 rocket යයි හැදින්වෙන රොකට් වර්ගයක් තිබුනාද කියන ගැවළුව.ඔව් එවැනි රොකට් විශේෂයක්ද 1942 දී මුලින්ම ගුවන් ගත කර ඇති අතර එය අප දන්නා රොකට්ටුවකට වඩා ගුවන් යානයක හැඩය ගන්නා ලද්දකි.
මෙයද ජර්මනිය විසින් ප්‍රංශයේ සිට දකුණු එංගලන්තය වෙත ප්‍රහාර දියත් කිරීමට යොදගන්නා ලද අතර මෙයද නියමුවෙක් රහිත වුවක් වුවද පාලනයෙන් තොරව ඉලක්කය කරා ගත් පියාඹන බෝම්බයක් විය. එනම් මෙය යම් ඉලක්කයක් දෙසට එල්ල කරනු ලබන අතර විභ්‍රමණ මාලිමාවකින් (gyrocompasses) මෙහි මට්ටම පවත්වාගන්නා අතර ඉන්ධන නිමවන තාක්කල් ගමන්කරනු ලැබූවකි. කෙසේවෙතත් මෙය V2 rocket වලට වඩා කාර්යක්‍ෂමතාවයෙන් මෙන්ම විශ්වාසනීයත්වයෙන් අඩු අවියක් ලෙස සලකන ලදි.
(V2 රොකට් පිළිබදව විවිද මූලාශ්‍රවල ඇත්තේ වෙනස් වෙනස් කරුණු නිසා වැඩි දුරටත් කරුණු ලබා ගෙන ඇත්තේ http://en.wikipedia.org/wiki/V-2 අඩවියෙනි.)
තව යුද්ද කාලේ සොයාගත්ත උපාංග රැසක් ගැන විස්තර තියෙනවා. ඒවා සිව්වන කොටසේදී බලමු...
නියමයි අයියා...
ReplyDeleteනැවත පැමිනීම සතුටක් , අදයි 1 ක ආපසු දැක්කෙ .
ReplyDeleteමෙවැනි ලිපි පල ලබා දීමට ස්තුතියි
@Prasanna & sameera - ස්තූතියි!
ReplyDeleteහුගක් වටින , වැදගත් ලිපියක් , තොරතුරු සොයා ගැනීමට වූ වෙහෙස ගැනත් “සිංහල“ භාෂාව නිවරදිව භාවිත කිරීමත් වෙනුවෙන් ඔගේ ගෞරවය පුදකරමි ,
ReplyDeleteහැකියාවක් වෙතොත් එන්න මගේ බ්ලාග් සටහන වෙතත්
http://nursingschool.tk
රොකට් තාක්ෂණය ජර්මනියට ගිහින් තියෙන්නෙ ටිබේටයේ සගවා තිබුණ සංස්කෘත පොත් වලින්. විමානක ශාස්ත්‍ර කියලා සංස්කෘත පොතක් තියෙනවා රොකට් හා ගුවන් යානා තාක්ෂණය ගැන ලියැවුණ.
ReplyDeleteලංකාව කේන්ද්‍ර කරගත්තා වූ අසුර අධිරාජ්‍යෙය් රජවරු තමයි මුලින්ම රොකට් තාක්ෂණය හා මියිසයිල අවි භාවිතා කරලා තියෙන්නෙ. විශ්වාස කරන්න අමාරු නම් අන්තර්ඣාලයේ සොයලා බලන්න.
http://seuslsla.blogspot.com/2011/05/ancient-nuclear-warfare-made-by-sri.html
මං හිතන්නෙ හුඟ කාලෙකින් තමයි මේ තරම් විස්තරාත්මක කරුණු අඩංගු ලිපි මාලාවක් සත් සමුදුරේ පල වෙන්නෙ. ඒක ලොකු සතුටක්. ඉස්සර නම් මේ වගේ ලිපි රැසක්ම සත් සමුදුරේ වරින් වර පල වුණා මතකයි. කොහොම වුණත් ඉදිරියටත් හැකි අයුරින් මෙවැනි ලිපි පල කරන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි.
ReplyDelete@Mahesh Nishantha - ස්තූතියි! ලිපිය සැකසීමට යම් වෙහෙසක් යොදවන්න සිදුවුනා තමයි. ඒවගේම හැකිතාක් දුරට මව්බස නොමරා භාවිතා කිරීමටත් ප්‍රයත්නයක් දරනවා. මම ඔබගේ බ්ලොග් අඩවියටත් අනිවාර්යයෙන්ම එනවා...
ReplyDelete@Dazu - මටනම් එහෙම විශ්වාස කරන්න අපහසුතාවයක් නැහැ. මොකද විසිවන සියවසේ හෝ ඊට ආසන්න කාලයේ සොයාගත් සමහර මිනිසාට දැනුන සොයාගැනීම් ඊට බොහෝකාලයකට පෙර භාවිතාවුන බවට විශ්මය ජනක සාක්‍ෂිලෝකය පුරා තිබෙනවා...
ReplyDelete@උදාර - ස්තූතියි මිතුර, ඇත්ත පෙරදී නම් විස්තරාත්මකව ලිපි රැසක්ම සත් සමුදුරේ පල කරන්න හැකියාව ලැබූබව සතුටෙන් කියන්න පුළුවන්. මෑත කාලයේ එවැනි තොරතුරු සමුදායකින් යුතු ලිපියකට යෑමට නොහැකිව තිබුනේ බොහෝ කාරණා රැසක වගකීම දැරීමට සිදුවීම නිසයි. ඒකොහොම වුනත් ඉඩ ලැබෙන සෑම විටකම දිග ලිපියක් ලිවීමට වගබලාගන්නා අතරම ඉදිරි දින කිහිපය තුල එවැනි ලිපි පෙලක් ඉදිරිපත් කිරීමට සිතා සිටිනවා...
ReplyDeleteබලාගෙන යද්දි මේ ඇල්කොහොල් පාවිච්චි කරල පාවෙන්න පුළුවන් කියන කතාව වැරදි නෑ නේද? ;-)
ReplyDelete@hare :-) - ඔව් ඔව් ඒ විතරක්ද රොකට් නිසා ඇල්කොහොල්වලට තව නිදහසට කාරණයකුත් ලැබුනානේ. මොකද ඇල්කොහොල් හිතන තරම්ම නරක නැහැ කියලා...
ReplyDeleteසිංහලෙන් මේ වගේ විස්තර පිළිවෙලකට යන එකම සයිට් එක මේක වෙන්නැති.
ReplyDeleteමේ උඔ තීම් මාරු කරන්නෙ මොකෝ මෙච්චර. මං දැනුවත්ත මේ 3 වෙනි එකද මන්දා
@බුද්ධි - ස්තූතියි! මචං මේ තුන්වන නෙමෙයි. මම හිතන විදියට 10 වන හෝ ඊටත් එහා ගිය තේම් එක විය යුතුයි. මම පළමු සහ දෙවන තේම් දෙකම මාරු කලේ ඒවා අදුරු ඒවා නිසා කියවීමේදී අපහසුබව කිහිපදෙනෙක්ම පැවසූ නිසයි. තෙවන තේම් එක නම් මාරු කලේ එහි කහ-තැඹිලි පැහැය මට අපහසුතාවයක් ඇතිවූ නිසයි. ඉන්පසු වෙනස්කරන ලද තේම් සියල්ලම මාරු කරන්නට සිදුවුනේ පසුගිය දිනවල බ්ලොගයට බ්ලොග්ර් කොම්පැනයි විසින් සිදුකරන ලද අපහසුතාවයේදී එයට ඒවා වෙනස් කිරීමෙන් හෝ පිළියමක් වේද යන්න අත්හදාබැලීමටයි. කෙසේවෙතත් මෙම තේමය බහුතරයකගේ ඉල්ලීමක් නොවුනහොත් කාලයකට නැවත මාරු නොකරන බවද කිවයුතුයි...
ReplyDeleteඡර්මනියෙන් ගෙනියපු රෙකට් තාක්ෂණය.....! අනේ මන්ද?
ReplyDeleteඔව් ජර්මනියෙන් තමයි. අදටත් ප්‍රංශයේ තිබෙනවා ජර්මනිය මිසයිල අහස්ගත කරන්නට යොදා ගත් ස්ථානය...
Delete