තවදුරටත් පවසන්නේ නම් ටජ්මහලේ ගෝලාර්ධ ශීර්ෂයේ කොත විශාලනය කර බැළුවිට එහි අඩ සද වැනි කොටස ඉස්ලාමීය ලාංඡනයක් වන අඩ සද පිහිටන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පිහිටාතිබීමත් එය සමග ඇති අනෙකුත් දේවල් හින්දු ආගමට සම්බන්ධ වස්තූන් බවටත් පවසයි.
සත්‍ය වශයෙන්ම සාජෙහාන් රජු මෙම විශ්මිත සොහොන් ගැබ ගොඩනැගුවාද? එසේනම් මුම්ටාස් බිසවගේ දේහය කවදා මෙහි උත්සවාකාරයෙන් තැන්පත් කරාද? එයට කිසිදු නිශ්චිත පිළිතුරක් මේ වනතෙක් ලැබී නොමැත. එවැනි වැදගත් දත්තයක් හරිහැටි නොදැනීමද ටජ්මහල පිළිබද වැරදි පුරාවෘතයන් ගොඩනැගීම සදහා ඉවහල්වී ඇතිබවටද චෝදනා එල්ල වේ. අඩුම තරමෙන් මුම්ටාමස් බිසවගේ මරණය සිදු වූ වසර නොදන්නා අතර, එය ක්‍රි.ව. 1629, 1630, 1631 හෝ 1632 දී සිදුවූ බවට අනුමාන කෙරේ. එසේනම් මුම්ටාපස් බිසවගේ දේහය මෙහි තැන්පත් කිරීම කරන ලද බවට නිශ්චිත කාල වකවානුවක්ද අනුමාන වශයෙන් මිස හරිහැටි කීමට නොහැකි බව පැවසේ. මක්නිසාද යත් රජගේ අන්තංපුරයේ කාන්තාවන් 5000 ක් පමණ සිට ඇති අතර ඔවුන්ගේ මරණය සිදුවූ දිනයන් පිළිබද වාර්තා තබා ගැනීම අපහසුබවද පැවසේ.
සාජෙහාන් රජු |
එසේම මෙවන් අන්තංපුරයක් තිබූ රජු සහ මුම්ටාස් බිසව අතර පැවතුනායයි පැවසෙන අධික ආදරය පිළිබද කථාව පසු කාලීනව මවන ලද ප්‍රබන්ධයක්බවත්, එය පිළිබදව කිසිදු පිළිගත හැකි ලිඛිත සාක්ෂියක්ද නොමැති බව පැවසෙන අතරම, එය පසු කාලීනව ප්‍රබන්ධගත කරන ලද්දේ සාජෙහාන් රජුට මෙම ටජ්මහලේ හිමිකාරීත්වය ව්‍යාජ ලෙස ලබා දීමට බවද ප්‍රකාශ කරයි. එසේම සාජහොන් රජු මුම්ටාස් බිසවගේ මරණයට පෙර හා පසු අවස්ථා කිහිපයකදීම තවත් කාන්තාවන් රැසක් විවාහ කරගෙන ඇත. එයින්ද මෙම කියන ආදරය පිළිබද කුතුහලයක් මතුවේ.
සාජෙහාන් රජු පිළිබද ගැඹුරින් හැදෑරීමේදී ඔහු හා සම්බන්ධ ඉහත කරුණුවලට අමතරව තව බොහෝ විශමාචාර ක්‍රියා රැසක් පිළිබදව කරුණු අනාවරණය වේ. තවද ඔහු බලලෝභී මසුරු තැනැත්තෙකුබවද කියවේ. එසේනම් ඔහුවැන්නෙකුගෙන් හිටිහැටියේ ආදරයෙන් මුසපත් වී ටජ්මහල වැනි සුවිශාල නිර්මාණයක් ගොඩනැංවීමට මුලපුරාවි යයි සිතිය හැකිද?
එසේම මුම්ටාස් යනු උපතින්ම සාමාන්‍ය පවුලක කාන්තාවක බවත්, එනිසා ඇයට මෙතරම් රාජකීය අවමංගලය උතසවයක් සිදුකිරීමේ හේතුවක් රාජවංශිකයන්ට ඇතිවීමද සැකසහිත බවද කියවේ.
මුම්ටායස් බිසව මිය ගොස් ඇත්තේ අග්‍රාවට සැතපුම් 600 ක් පමණ දුරින් වූ බුර්හන්පූර් (Burhanpur) හිදීය. ඇයගේ සොහොන එහි කිසිදු උපද්‍රවයකින් තොරව තවම එහි පවතී. මෙසේ ගත්කල ඇයගේ නම අනිසි ලෙස භාවිතාකර හිස් සොහොන් ගැබක් ටජ්මහල තුල ගොඩනැගීම තුලින් , මෙම ගොඩනැගිල්ලේ හින්දු සම්භවය අතුගා දැමීමට කටයුතුකර ඇතැයි මෙම ඉතිහාසඥයා චෝදනා කරයි.
(මුම්ටාස් බිසව මියගිය ස්ථානය)
|
තවද මුම්‍ටාස් බිසව ජීවතුන් අතර සිටියදී ඇය වෙනුවෙන් කිසිදු මාලිගාවක් හෝ ප්‍රාසාධයක්, සාජෙහාන් රජු ඉදිකරදී ඇති බවට සාක්‍ෂි නොමැත. එසේනම් ඇය මිය ගිය පසු, ඇය වෙනුවෙන් එවැනි දෙයක් ඔහු සිදු කරයිද? එයත් තව ගැටළුවකි.
ටජ්මහල තැනීමට කොපමණ මුදලක් වැයවුනිද යන්න සාජේහාන් රජුගේ රජවාසල නිල ලියකිවිලිවල කිසිදු විටක සදහන් නොවීමෙන්ද, ටජ්මහල ගොඩනැගුවේ සාජේහාන් රජු නොවන බවට තවත් සාක්ෂි යක් වන බවද මෙම ඉතිහාසඥාගේ මතයයි.
සාජේහාන් රජුට ටජ්මහල තැනීමට ගතවූ කාලයයි පැවසෙන වසර 22 දී, එය සදහා කම්කරුවන් 20,000 කගේ සේවය ලබා ගන්නට ඇතැයි පවසන්නේනම්, ඔවුනට විස්තර ඇතුලත් ලේඛණ, දෛනික වියදම් වාර්තා, අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමට අදාල ලේඛණ සහ ඒවා ලබා ගත් බවට ලියකියවිලි සහ ගොඩනැගිල්ලේ සැලැස්ම පිළිබද සටහන් කිසිවකගේ කොල කැබැල්ලක් හෝ නිල ලියකියවිලි තුල අඩංගු නොවේ.
(පසුකාලීනව සකස් කරන බද ටජ්මහලේ මූලික සැලසුම් පිටපතක් - Blueprint)
|
එසේනම් රජවාසල ඉච්ඡාබස් දොඩන්නන්, අදක්‍ෂ හා අපරික්‍ෂාකාරී ඉතිහාසඥයන්, නිද්‍රාජනක පුරාවිද්‍යාඥයන්, පුබන්ධ ගොතන්නන්, පැරණි කවියන්, සාවද්‍ය තොරතුරු සපයන සංචාරකයන් යන අය එකතුව නූතන ලෝකය දන්නා පරිදි ටජ්මහලේ ව්‍යාජ කර්තෘත්වය සාජේහාන් රජුට ලබාදීමට කටයුතුකර ඇති බව P. N. Oak මහතාගේ මතයයි.
(යමුනා ගං තෙර සිට ටජ්මහල දිස්වන අයුරු)
|
හින්දු දේවාල ගංඟා ඉවුරු හෝ මුහුදු වෙරලක ඉදිකිරීම සාමාන්‍ය චාරිත්‍රයයි. එය සැලකිල්ලට ගත්කල සත්‍ය වශයෙන්ම ශිව දෙවියන්ගේ දෙවොලකට සුදුසුම ස්ථානයක් වන යමුනා නදී තෙර ටජ්මහල ඉදිකර ඇත.
(ඉහලින් ටජ්මහල පෙනෙන අයුරු) |
මොහොමඩ් නබිනායකතුමා ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කල ආකාරයට “යමෙකුගේ සොහොන අප්‍රකට ස්ථානයක් වියයුතුය. අඩුම තරමේ එය සොහොන් ගලක් පිහිටුවා හෝ අනන්‍යයන්ට ප්‍රදර්ශනය නොකල යුතුය” යන්න වදාරා ඇත. එහෙත් එම නීතිය අතිශය බරපතල ලෙස උල්ලංඝනය කරමින් මෙම ටජ්මහලේ බිම්මහලේ සහ පළමු මහලේ සොහොන් ගැබ දෙකක්, එහි පෙර තිබූ ශිව ලිංග දෙක වලදමා ඒ මත ඉදිකර ඇති බව පෙන්වා දෙන අතර, හින්දු චාරිත්‍රානුකූලව ශිව ලිංග එකක් මත එකක් මහල් දෙකක පිහිටුවා තිබෙනු, Ujjain හි පිහිටා ඇති Mahankaleshwar දෙවොල සහ Somnath Pattan හි පිහිටා ඇති Ahilyabai විසින් ගොඩ නගන ලද Somnath දෙවොල උදාහරණ ලෙස ගෙනහැර දක්වයි.
(සාජහාන් රජුගේ (වමපස) හා මුම්ටාස් බිසවගේ යයි සැලකෙන සොහොන් ගැබ)
|
(කෙසේ වෙතත් මෙම ඉස්ලාම් දහම පිළිබදව දක්වා ඇති කරුණ සිංහල බසට පරිවර්ථනය කරන ලද මුල් කෘතියේ දැක්වුන කරුණක් වන අතර, ඉස්ලාම් ධර්මය පිළිබදව මාහට දැනුමක් නොමැති බවද ප්‍රකාශ කරන අතරම, එනිසා එම කරුණු සාවද්‍යයැයි මෙය කියවන මුස්ලිම් මිතුරෙකු දුටුවහොත්, එය නිවැරදි කරන ලෙසද ඉල්ලමි).
එසේම ටජ්මහලේ සතර දිශාවල පිහිටා ඇති එකිනෙකට සමාන පිවිසුම් ආරුක්කු හින්දු සම්ප්‍රධායේ ගොඩනැගිලිවලට ආවේනික බව ප්‍රකාශ කරන අතරම එය Chaturmukhi ලෙස හදුන්වයි.එමෙන්ම මහල් හතකින් යුතු මන්දීරයක් වන මෙහි මහල් පහක්ම සීල් තබා සාජෙහාන් රජු විසින් වසා ඇති බව පැවසෙන අතර බ්ම්මහල යමුනා ගංඟාවේ මට්ටමටත් වඩා පහළින් ඇති බව පැවසෙන අතර එය වෙනත් ස්ථානයන් හිදීද හමුවන හින්දු සම්ප්‍රධායේ ගොඩනැලිවලද දක්නට ලැබෙන ලක්‍ෂනයක් සේ සලකයි.
(මෙම සේයාරුව 1911 දී මහතා විසින් රචිත “History of Fine Art in India and Ceylon"නම් කෘතියෙන් ලබා ගන්නා ලද අතර මෙහි දැක්වෙන ලෙද මහල් දෙකක් පිටතට නොපෙනෙන බිම්මහලේ ඇති බව කියයි)
|
එසේම මෙහි මහල් හතේ උසටම ගැඹුර ඇති මන්දීරය තුල පිහිටි අඨාශ්‍රක හැඩති ලිදද හින්දු සම්ප්‍රධායේ පූජනීය ස්ථානවල දැකිය හැකි ලක්‍ෂනයකි.
(මෙහි දැක්වෙන ලෙස ලිදට විවෘත වන කවුළු ඒ ඒ කාමර වලට ඇති නිසා ග්‍රීස්ම ඍතුවේදීද ජල වාශ්ප මුසුවූ සිසිල් සුලං ලැබුන බව පැවසේ)
|
ටජ් මහලේ ඇති ගෝලාකාර ශීර්ෂය දෝංකාර දෙන ගෝලාර්ධයකි. එසේම ටජ්මහල් ආශ්රි්තව සංගීත ශාලාවක්ද ඇත (එය මුස්ලිම් දේවස්ථානයක් ලෙස ඔවුන් හැදින්වයි). එහෙත් සොහොන් ගැබකට අවශ්යකවන්නේ සාමකාමී නිශ්ෂබ්ද වටපිටාවකි. මෙසේ දෝංකාර දෙන ශීර්ෂයක් මෙවැනි ස්ථානයකට සුදුසු නොවන අතර, එවැන්නක් අවශ්යව වන්නේ හින්දු පූජනීය ස්ථානයකටයි. මක්නිසාද යත් එම ස්ථානයන්හි පුදපූජා පැවැත්වෙන විට වැයෙන බෙර හා සීනූ නාදයන් තවදුරටත් නැවත නැවත වර්ධනයවී ඇසිය යුතු නිසාය.
එසේම මෙම ගෝලාකාර ශීර්ෂයේ මුදුන නෙළුම් මලක හැඩය ගන්නා අතර ඉස්ලාමීය ගොඩනැගිලිවල මුදුන මෙයට වඩා වෙනස් ආකාරයක් ගන්නා බව එවන් ගොඩනැගිලි හා ටජ්මහල සංසන්දනයෙන් පෙන්නුම් කෙරේ.
(සංගීත ශාලාව - Music House)
|
බොහෝ දෙනෙක් අතර පැතිර ඇති වැරදි මතයක් නම් යමෙකුගේ සොහොන් ගැබක් සදහා ස්මාරකයක් ලෙසට අළුතින්ම ටජ්මහල ගොඩනැංවූ බවයි. එහෙත් මුස්ලිම් ආක්‍රමණ සිදුවූ සෑම රටකම සිදුවී ඇත්තේ, ඒ වන විටත් ගොඩනංවා තිබූ ගොඩනැගිලි ඒ සදහා යොදාගැනීමයි.
ටජ්මහල මහල් හතකින් යුතු මන්දීරයකි. ඒ බව සාජෙහාන් රජුගේ පුත් කුමරා වූ Aurangzeb (ක්‍රි.ව.1658 -1707) විසින්ද සනාථ කර සාජෙහාන් රජුට එවන ලද ලිපියක සදහන්වේ.
ඉතිරිය තෙවන කොටසින් දැකගමු - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_27.html
මරක්කලයෝ කොහෙටත් කලේ එකම දේ. තව අවුරැදු ගානක් යනකොට අපේ රටටත් ඔය සෙතේම වෙයිද දන්නේ නෑ
ReplyDeleteඉතා හොඳ ලිපියකි
ReplyDeleteකවුරු හැදුවත් මට නම් කියන්න තියෙන්නෙ අනර්ඝ නිර්මාණයක්, පිහිටීම නම් ඇත්තටම හොදයි, හවස ඉර බැහැගෙන යනකොට තමා නියම ලස්සන පේන්නෙ. ටජ්මහල් තුල සිට යමුනා ගම් තෙර පෙනෙන ආකාරයනම් සිත් ඇදගන්නාසුළුයි. මමත් කියවලා තියෙනව හදල තිබුනු ගොඩනැගිල්ලක් ප්‍රති සංස්කරණය කරල හදපු කතාවක්. අපිත් එක්ක බලන්න යන අයත් නොයෙක් මත කීව. දැන් නම් වැඩි දෙයක් මතක නෑ. කොහොමටත් වටපිට තියෙන ගොඩනැගිලි සමග බලද්දි ඕනිම කෙනෙක්ට තේරෙන දෙයක් තමා හින්දු බලපෑමක් මේ ගොඩනැගිලි වල තිබුන කියන එක.
ReplyDeleteithama watina lipiyak.thank meka hoyala demmata
ReplyDeleteඔන්න ඔක්කොටම තැන්කියු කිව්වා. ඉදිරියේදීත් සපෝට් එකක් දෙන්න.
ReplyDeleteඉතා වටිනා ලිපියක් සහෝ.. අනර්ඝයි.... :)
ReplyDelete@..ChAnDiKa.. - ස්තූතියි! නැවත එන්න...
ReplyDeleteinteresting post. thax!
ReplyDelete@Gihan - Thanks!
ReplyDeleteසහෝදරයා හොද ලිපියක් . පළමුවෙන්ම හෙළයට කියන්න කැමති යි මර්ක්කලයෝ ඕගොල්ලන්ට කරපු දෙයක් නැහැ සහෝදරයා .ඔක්කොන්ටම් මුල ඊර්ෂ්‍යාව .කාරනාවට එමූ . මුලින්ම කියන්න තියෙන්නේ සාජහන් රජූ නමින් මුස්ලිම් වුනාට ඉස්ලාමයට අබ ඇටයක් තරම් වත් සම්බන්ද නැති පුද්ගලයෙක් .ඔහු අන්තහ්පුර ,සූදු කෙලි වාගේ දේවල්වලට ඇබ්බැහි වෙලා හිටපු අයෙක්.ඒ විතරක් නෙමෙයි
ReplyDeleteඔහු සමග හිටපු සේවකයෝ සියලු දෙනාම වගෙ දෙමළ අය .ටාජ් මහලය ඉස්ලාමයේ සම්පූර්ණ තහනම් ගොඩනැගිල්ලක් .
එල පොස්ට් දෙක... වටිනා ලිපියක්. තුනත් කියවල එන්නම්...
ReplyDeleteමරු ලිපියක් තුන් වෙනි ලිපියත් බලමු
ReplyDelete