Wednesday, March 2, 2011

"Never be a Gangster, but you can learn their movements" - Gangland

Gangsters කිව්ව සැනෙන් මේ කියන්නේ මාෆියා කල්ලි පිළිබදව යන්න ඔබ දන්නවා. ඇත්තෙන්ම අපේ රටේ ඇති  මාෆියා කණ්ඩායම් වලට වඩා වෙනත් රටවල මෙවැනි සංවිධාන ඉතා විධිමත්ව සහ බොහොම ප්‍රබලව පවතින බව කිව හැකියි.ඇමරිකානු මාෆියා පවුලක් ගැන නිර්මාණය වුන සිනමා නිර්මාණයක් ගැන අපි මීට පෙරත් කතා කලා. ඒ The Godfather චිත්‍රපටියේ ඡායාරූප රැගත් The Godfather Family Album තුලින්. එතැනදී අපි දැක්කේ නාට්‍යමය ලෙස මෙම සංවිධාන ව්‍යුවහය පිළිබදව. දැන් මේ කියන්නේ ඇත්ත පාතාල සංවිධානවල ක්‍රියාකාරීත්වය සහ ඒවායේ ස්වභාවයන් පිළිබදව තැනුන වාර්තාමය චිත්‍රපටියක් ගැන. මේකේ නම තමයි Gangland.

මේක Season 5 ක් පමන තියෙන රූපවාහිනී වැඩසටහනක් මමත් මේකේ බලල තියෙන්නේ ඇත්තටම Season 2 ක් පමණයි. මේක torrent හරහා අපිට අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන්. මම වෙනත් link එකක් ලැබුනොත් ඒ ගැන සදහන් කරන්නම්.

මේ වාර්තාමය විත්‍රපටිය ගැන තවදුරටත් කියනවනම්, එකේ තියෙන විදියට මෙම සංවිධානවලටම අවේනික වෙච්ච සලකුනු, ඇදුම්වල වර්ණයන්, විශේෂිත පච්චා සලකුණු කෙටීම් වගේම සංවිධානයන්හි තනතුරුවල hierarchy එකකුත් තියෙනබව සදහන් කරනවා. ඒ වගේම එම සංවිධාන වල සිට එයින් ඉවත් වූ හෝ දැනටත් ක්‍රියාකාරී සාමාජිකයන් ගෙන් ලබා ගත් සම්මුඛ සාකච්ඡා ආදියද මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෝටර් සයිකල් වලින් රටපුරා සංචාරය කරමින් විවිද සමාජ අක්‍රමිකතා කරමින් සිටින Bike Gang පිළිබදවත්, ඒවා ඇමරිකාවතුල පමණක් නොව වෙනත් රටවලද ව්‍යාප්තවී තිබෙන ආකාරයද මේකෙදී හොදින් පැහැදිලිකරනවා.

ඒ වගේම ලෝප්‍රකට  Hip Hop ගායකයකුවන Snoop Dogg පවා ගැටවර අවධියේ සම්බන්ධවී සිටියායැයි කියන Crip gangster කණ්ඩායම ගැනත් විස්තර තියෙනවා. 

ඔබත් යම් සමාජ විද්‍යාත්මක හැදෑරීමක් මෙම සමාජ විරෝධී කණ්ඩායම් පිළිබද කරන්නේනම් මෙම වාර්තාමය චිත්‍රපටිමාලාව ඉතා අගනේයයි සිතනවා.

4 comments:

  1. danuwath kalata thanks. math documentry walata hugak kamathi.

    ReplyDelete
  2. @Udara - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  3. ඇත්තටම සහෝ ලංකාවෙ Gangsters කියන්නෙ, හැන්ගි හැන්ගි ඉන්න ජාතියක්නෙ, ඒත් මම අනිත් රටවල දන්නෙ නෑ, රුසියාවෙනම්, අපි part time job එකක් කරපු night club එකක තනිකරම ඉන්නෙ Russian mafiaලා, කිසි බයක් නෑ මිලෙන් ඉතාම ඉහල වාහන වලින්, ඇවිත් 100$ය 1$කට වියදම් කරන්නෙ, ඇත්තටම දැනුවත් කලාට ස්තූතී,බලමු කොහොමහරි බලන්න

    ReplyDelete
  4. @සංහිද පාමුල - ඇත්තෙන්ම ඔබට ස්තූතිවන්ත වෙනවා තවත් අප නොදත් දෙයක් පිළිබද දැනුවත් කිරීම ගැන...

    ReplyDelete