Thursday, September 27, 2012

වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්‍. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්‍රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට අදහන ආගම හා බුදු දහම හා යම් ආකාරයකට ගැලපෙන අදහස් කිහිපයක් හෝ තිබෙන කිතු දහම ලෝකයට ගෙන දුන් වසර 2012 කට පෙර වැඩ විසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවයි. (වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි)

බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේ මෙලොව ජීවත්වන කාලයේ සමාජ වටපිටාව විවිද හැලහැප්පීම් වලට ලක්වෙමින් තිබූ බව අප දන්නා කරුණකි. බුදුන් වහන්සේ වැඩ වාසය කළ භාරතය කොටස් ගණනකට බෙදී සොලොස් මහා ජනපද ලෙස හැදින්වුන අතර ඒ අතරින් රාජ්‍ය කිහිපයක් හැරුන ‍‍කොට අනෙක් ඒවා කුඩා රාජ්‍ය බව සදහන්ය. එම රාජ්‍යයන්ගේ පැවතුනේ එකකට එකක් වෙනස් පාලන ක්‍රමයන් වන්නට ඇති අතර විවිද ආගම් අද මෙන්ම එදා, අදටත් වැඩියෙන් ඉන්දියාව තුල ති‍බුන බව නොරහසකි. ‍ජේසුස් වහන්සේ වාසය කළ පාලාත් ප්‍රධාන වශයෙන් රෝමන්වරු පාලනය කළ අතර පසු කලෙක එනම් ක්‍රි.ව. 306 - 337 අතර කාලයේ රෝමයේ අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් ආධිරාජ්‍යා විසින් රෝම අධිරාජ්‍යයේ එකම ආගම බවට කිතු දහම පත්කරන තුරු විවිදාකාර දෙවිවරුන් විවිද කරුණු අරඹයා අදහන්නට ඇත. ඒ අනුව බැළු කල උන්වහන්සේලා දෙදෙනාම වාසය කල රාජ්‍යයන් ආගමික අතින් ව්‍යාකූලත්වයක් තිබෙන්නට ඇති බව පෙනේ.

පුරාණ භාරතයේ මෙන්ම අද පවා කුළ ‍භේදය ඉතා දැඩිව ඉන්දියාව තුල ක්‍රියාත්මක බව පැවසෙන අතර එදා තත්ත්වය අදටත් වඩා වැඩි වූවා මිස අඩුවන්නට නම් ඉඩක් නොමැති බවද පිළිගන්නට සිදුවේ. බමුණන් විශ්වාස කළා මෙන්ම සමාජය පිළිගත් ආකාරයෙන්ද බමුණන් එකළ සිටි ශ්‍රේෂ්ඨතමයන් විය. එය හිට්ලර්ගේ ආර්ය සංකල්පය මෙන් යයි පැවසුවාට වරදක් නැත. ඔවුන් පහළම කුල පාගාගෙන සිටි අතර, පහළම කුල වල ජනයා මෙන්ම කාන්තාවන්ටද අත්ව තිබුනේ ඉතාම දුඛිත ඉරණමකි.
(ජාතිවාදය සහ සමාජ ස්තරායණ - http://www.buddhistculture.net/buddhist-social-philosophypart5.html)

ජේසුස් වහන්සේ වාසය කළ පළාතද කුල භේදය කෙසේවෙතත් ඇතිනැති පරතරය, වහල් වෙළදාම ආදිය පැවතුන අතර උන් වහන්සේගේ උපත ගැන සැලකීමේදීද එතුමා ගවලෙනක් තුළ උත්පත්කිය ලැබීම තුලින්ම එතුමා පවා පීඩිත පන්තියට අයත් අයෙකු ලෙස සැලකිය හැකිය. බුදුන් වහනසේගේ ජීවිතය ඊට වඩා වෙනස් එකක් විය. එතුමා එකළ භාරතයේ කුඩා රාජ්‍යයක රජෙකුගේ පුත් කුමරු විය. එතුමාගේ මව කුඩා කලදීම මිය ගියත් රාජ සම්පත් වලින් එතුමාට අඩුවක් නොවූ බව බුද්ධ චරිතය පිළිබදව කරුණු හැදෑරීමේදී පෙනීයන්නකි. තවද තරුණ ව‍යසේ සෑහෙන්න කලයක් යන තුරු එතුමා දුක පිළිබදව නොදැන සිටියහ. සතර පෙර නිමිත වලින් මහල්ලෙක්, ලෙඩෙක්, මළකදක් යනාදිය දැකිමෙන් එතුමාට සංසාරය ගැන කළකිරුන අතර ගිහි ජීවිතයේදී දුක් නොවිද සිටි නිසා සහ සසරින් එතරවීමට හැකියාවක් දුකෙන් පුළුවන්ද යන්න සොයා බැලීමට සය වසරක්ම අනන්ත දුක් විද අත්හදා බැලීමටද සිදුවිය.

ජේසුස් වහන්සේ කිතු දහම ලොවට හදුන්වාදුන්නද එතුමා වැඩ විසූ කෙටි කාලය  තුල රාජ්‍ය අනුග්‍රහය සහිත ගරු බුහුමන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න නොවූවත් එතුමාගේ ආගම පසුකළෙක භාරගත් අයට නම් ආගමේ නාමයෙන් සැප සම්පත්, ගරුබුහුමන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේය. 

උන්වහන්සේලා දෙදෙනාටම පොදුවූ කරුණක් නම් ආගම ප්‍රචාරයට විරුද්ධව සතුරන් සිටීමයි. තීර්තකයන්, විවිදාකර බමුණන්, කාන්තාවන් පමණක් නොව දෙව්දත් තෙරුන් වැනි බුදු දහම තුලම මහණදම් පිරූ අයගෙන්ද සතුරු උපද්‍රව ඇතිවිය. ජේසුස් වහන්සේටද විවිදාකර සතුරන් වූ අතර ඔවුන් බොහෝමයක් අන්‍යාගමික නායකයන් වූ අතර කිතු දහම ව්‍යාප්තව වනු දැකීම ඔවුන්ට නොරිසි විය. එසේම එතුමා පාවා දීමට මුල් වූ ජුදාස්ද එතුමාගේ අනුගාමිකයෙකු විය.

මෙම උතුම් ශාස්තෘන්වහන්සේලා දෙදෙනාගේම තවත් පොදු කාරණයක් වූයේ අන්‍යයන්නට මෛත්‍රී කිරීමට නැතහොත් ප්‍රේම කිරීමට දේශනා කිරීමයි. එකළ මානව හිමිකම්, උතුම් මනුශ්‍ය ගුණාංගයන් පිළිබදව බහුතරයකට වගේවගක් නොවීය.ප්‍රභූන් හැරුන කොට සාමාන්‍ය මිනිසුන් සහ සතුන් අතර වෙනසක් සමාජයට නොවීය. යමෙකු වරදකරුවෙකු ලෙස සැක කිරීමත් අතීතයේ අභාග්‍ය සම්පන්නවිය. මිනිසුන්ට ප්‍රසිද්ධියේ අමානුශික ආකාරයෙන් දැඩි දඩුවම් දුන් ඒ සමයේ බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ වැනි අය සැබැවින්ම වෙනස් මිනිසුන් වූහ. එකළ ප්‍රසිද්ධියේ මරණ දඩුවම නැරඹීමත් මිනිසුන්ට විනෝද ජනකවිය. වරදකරුවාට උපරිම වේදනාව දැනෙන අයුරින් දිය හැකි ලොකුම දඩුවම් ලබා දීම කාගේත් අභිලාශය විය.
අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම 

එවන් වූ සමාජයක මිනිසුන්ට මෛත්‍රී කළ, ප්‍රේම කළ මෙවන් මිනිසුන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස් වූ බව එකල මිනිසුන්ද විශ්වාස කළහ.ඔවුන්ව පූජනීයත්වයෙන් සැලකූහ.

කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙම ශාස්තෘවරුන් වාසය කළ කාලයේ තිබුනේ යහපත්  ආකල්පයක් නොවේ. ඉන්දියාවේ එකළ කාන්තාවක් උදෑසන දැකීමත් අසුභ ලෙස සැලකූ බව සදහන් වන අතර ඉහල ප්‍රභූන් හැරුන කොට අනෙක් කාන්තාවන්ට උරුමව තිබුනේ දුකයි. ඔවුන් කුඩා වියේ පියාගේ රුකවරණයේ වාසය කළ යුතු අතර තරුණ වියේදී තම සැමියාගේ අනසක යටතේ විසිය යුතු විය. යම් හෙයකින් තම සැමියා තමන්ට පෙර මියගියහොත් සිය පිරිමි දරුවන් යටතේ සිටිය යුතුවිය. එසේම ඇතැම් කාන්තාවන්ට සිය ස්වාමියා තමන්ට පෙර මිය ගිය විට ඔහු සමග දරසෑයේ දැවී අළු වෙන්නටත් සිදුවිය. මෙම "සතිපූජාව" ගරු ගාම්භීරත්වයෙන් සදහන්වුවද කාන්තාව කැමැත්තෙන් මෙයට ඉදිරිපත් වනවාට වඩා බලහත්කාරයෙන් දරසෑයට නංවා ඇය වේදනාවෙන් විලාප දෙමින් සිටියදී එයින් පැනයන්නට නොහැකි ලෙස ආදාහනය සිදුකරන "දිව්‍ය පුත්‍රයන්" දිගු උණබට වැනි දෑ යොදාගෙන තද කරගෙන සිටිමින් පණ පිටින් ආදාහන වී ගෞරවනීය තත්ත්වයකට බලහත්කාරකමින්ම පත් කරන ලදි.

ජේසුස් වහන්සේ විසූ රටේදිත් තත්ත්වය වෙනස් මුහුණුවරකින් සමාන බවක් ගත්තේය. වැරදීමකින් හෝ කාන්තාවක් වැරදි කළේ නම් ගල් ගසා මරා දැමීම අමානුශික අයුරින් සිදුවිය.
පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්

උන්වහන්සේලා මෙලොවින් සමුගත් පසුවද ලෝකය මුළුමනින්ම යහපත් ස්ථානයක් නොවූවත් අඩුම තරමින් විවිද ආගම් අදහමින් ඇතැම් විට සත්ත්ව බිලිපූජා ආදිය සිදුකරමින් සිදුකල අකුසල කර්මයන්වත් මෙම ආගම් දෙකේ ඉගැන්වෙන අන්‍යයන්ට මෛත්‍රිය හා ප්‍රේමය ත්‍යාග කිරීම මුල් කරගනිමින් අඩුවිය. මේ අයුරින් එදා පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උදා කළ නිසා සහ එම ආගම් ඇතිවූ රටවල කෙසේවෙතත් පසුකළෙක වෙනත් රටක හෝ ශක්තිමත්ව ස්ථාපිතවූ නිසා අළුත් ආගමකට හෝ අළුත් ශාස්තෘවරයෙකුට ලැබෙන ඉඩකඩ අවම විය. ඉන්පසුව එම ආගම් වල සෙවනේ විවිද හැකියාවන් ඇති යයි පවසමින් විවිද සමයන්හිදී විවිද පුද්ගලයන් ඉස්මතුවූවත් එම ආගමින් ලැබූ ආභෂය නිසා නිවැරදි දැක්මක් අවබෝදයක් ඇති මිනිසුන් කිහිපදෙනෙකු හෝ සිටි නිසා ව්‍යාජ ශාන්තුවරයන්ට, සෝවාන්, සංකෘදාගාමී හා කල්පගණන් පෙරුම් නොපුරා බුදු බව ලැබූවන්ට වැඩි දුරක් යාමට නොහැකිවිය.

62 comments:

  1. ඉතාම හොඳ ලිපියක් දිනේෂ්..

    ඇත්තෙන්ම ඔය ආගමික නායකයන් දෙපල මේ ලෝකෙට පහල නොවුනා නම් මේ ලෝකෙ අද තියන තත්ත්වය අපිට අනුමාන කරන්ඩත් බැරිතරම් කුරිරු වෙන්ඩ පුළුවන්.. අදටත් මිනිස් සිත් සතන් තුල සංයමයක් ඇති කිරීමට මේ ආගම් දෙකෙන්, ඔවුන්ගේ ඉගැන්වීම වලින් වෙන සේවය අනුපමේයයි. කණගාටුවට කරුණනම් එම අවිහිංසාවාදි ඉගැන්වීම පවා මිනිසුන් තම තමනට ඕනෑ පරිධි අර්ථකතනය කරගනිමින් අන්තවාදීව හැසිරෙන එක තමා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔබ කියන දේ පිළිගන්නවා. මේ ශාස්තෘවරුන් දෙපළ නොවූවා නම් ලෝකය මීටත් වඩා භයානක වෙන්නට තිබුනා. ඒත් ඒ ආගම් දෙකේම නියම අර්ථයෙන් ලෝකය යහපත් වූයේ නැහැ. ඉන්පසුව මෙම ආගම්වල භාරකරුවන් තමන්ට ඕනෑ ආකාරයට තමන්ගේ වාසියද සැලසෙන පරිදි කටයුතු කිරීම සිදුවුනා...

      Delete
    2. ඒත් බුදුදහම නිසා මිනී මරාගත්තේ නෑ,එහෙම නේද?

      Delete
  2. වෙනදා වගේම දිගු අර්ථවත් ලිපියක්...

    ReplyDelete
  3. මල්ලිට සායි බාබා අමතක උනාද???

    ReplyDelete
    Replies
    1. සායි බාබා මේ ලිපියේ සන්සන්දනය සදහා ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස. සායි බාබාගේ දහම ලෝක මට්ටමෙන් පිළිගන්නා එකක්ද? එසේම ඔහුව සරණ ගිය බොහෝ දෙනෙක් ප්‍රධාන ආගමට අමතරව නේද ඔහුගේ සරණ පැතුවේ. අනික් ඔහු විසින් ලෝකය වෙනස් කරන්න පුළුවන් තරමේ වැඩකොටසක් කරාද?

      Delete
    2. සායි බාබා කිසි සේත්ම ආගමික ශාස්තෲ කෙනෙක් ලෙස පිළිගන්ඩ බෑ.. මියයනකොට ගිණුම් වළ කෝටිගන්න තිබුන ශාස්තෲවරයෙක් ගැන ඔය ඇහුවමයි..

      Delete
    3. සායි බාබා? හිනා යනවා. එයා මිනිසුන්ට මුදල්, නොමිලේ වෙදකම් වගේ දේවල් කරලා ලොකු සේවයක් කළා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මිනිහ අනිත් පැත්තෙන් ලොකු වංචාවකුත් කළා. කටින් කිකිළි බිත්තර ප්‍රමාණයේ රත්තරන් ගුලි පිට කිරීම වගේ දේවල් පෙන්නලා සාමාන්‍ය අහිංසක මිනිසුන් මුලා කරලා තිබ්බේ. ඔන්න ඔහොමයි ප්‍රසිද්ධිය ලැබුවේ. අනික 'සායි බබා' කියල ගහල Youtube (යුට්‍යුබ්)එකේ search කලොත් එයාගේ කෙරුවාව දැන ගත හැකියි. මැරුණට පස්සේ එයා වාසය කළ කාමරය පරික්ෂ කිරීමේදී ලොකු ලොකු රන් ගුලි තිබු බව එම ප්‍රව්ර්තිවල සඳහන්ව තිබෙනවා. ඉතින් ඔහොම හොරෙක්ට 'ශාස්තෘ' කියන උතුම් ශ්‍රේෂ්ඨ නාමයට එක් කරනවා තබා ලගවත් තබන්න පුලුවන්ද?

      Delete
    4. සායි බාබා කියන්නේ පල් හොරෙක්නේ

      Delete
    5. මම මිනිසුන්ගේ භක්තිය පිළිබදව අභියෝග කිරීමට අකමැතිමුත් සායිබාබා සම්බන්ධයෙන් විවිද චෝදනා තිබෙනවා‍ ‍‍නේද?

      Delete
  4. අන්‍යයන්ට මෛත්‍රී කීරිම ප්‍රධාන ඉගැන්වීමක් උන මේ ආගම් දෙකේ.. ( බුදුදුහම දර්ශනයක් මිස ආගමක් නොවේය යන්න මගේ අදහසයි.) ... අද ඉතිරි වෙලා තියෙන්නේ අන්‍යයන්ට පීඩා කිරීමට යොදා ගැනීමක් වීම නම් දුකක් තමයි..

    පනස්ලත් පල්ලියත් දෙකම අද වෙන කොට නම් පීඩිතයා තවත් පීඩාවට පත් කරන්නාව තවත් ආයතනයක් විතරයි... කුල මද භේද මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බුදුදහමේ මධ්‍යස්ථාන වල පවා අද වෙනකොට ඇති වී තිබෙන කුලභේද සහ ඇති නැති භේද උදාහරණයි.

    නමුත් ලෝකයේ අද වෙනකුරු පවතින ආගම් වලින් ලෝක සමාජයේ යම් කිසි හොඳ බලපෑමක් කෙරුන ආගම් දෙක මේවා බව නම් පිළිගත හැකියි...

    ReplyDelete
    Replies
    1. ඔව් බුදුදහම පිළිබදව කියවෙද්දී එය ආගමකට වඩා දර්ශනයක් ලෙස අර්ථකථන ලබා දෙනවා.කොහොමවුනත් අද වන විට ඔබ පවසා ඇති අයුරින් ශාස්තෘවරුන් බලාපොරොත්තුවූ දෙය මෙම ආගම රැකගන්නා ස්ථානයන් බොහෝමයකින් සිදුවනවාදැයි සැකයක් තිබෙනවා පමණක් නොව එය නොරැකෙන බවත් පිලිගන්නට සිදුව තිබෙනවා...

      Delete
  5. හුඟ දෙනෙක් කරුණු කියල තිබෙන නිසා වැඩිපුර යමක් කිවයුතු නැහැ මම හිතන්නෙ. මොන ආගමෙන් උනත් කළ යුත්තෙ මූලිකවම මිනිස්සුන්ගෙ සිත් සනසා සුවපත් කිරීම, විනය ගරුකව සමාජයෙ හැසිරීමට හික්මවීම, මග පෙන්වීම. මරණින් මතු ජීවිතය සැපවත් කිරීම හෝ සසර ගමන කෙටිකරගැනීම දෙවනුව පුළුවන්. (ලෝකෙ බොහෝ අයට මරණින් මත ජීවිතයක් හෝ නැවත ඉපදීමක් ගැන විශ්වාසයක් නැහැ මම හිතන්නෙ)
    ක්‍රිස්තු ධර්මයෙත් බුද්ධ දේශනාවෙ ස‍ඳහන් යම් යම් කරුණු තිබීම ගැන නම් ටිකක් ආන්දෝලනාත්මක මත තිබෙනව නේද? මම කියවල නැති වුනත්, ක්‍රිස්තුස් වහන්සේගෙ ජීවිතයෙ යම් කාල පරිච්ඡේදයක් සඳහා බයිබලය නිහඬය - ඒ කාලය තුළ එතුමන් පෙරදිගට පැමිණුනා කියන මතයක් උඩ ලියපු කෘතියක සිංහල පරිවර්තනයක් තියෙනව දුටුව “යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ“ නමින්.

    ReplyDelete
    Replies
    1. ඉතිං එහෙනම් ඇයි බුද්ධාගම දේශනා නොකර වෙන එකක් දේශනා කලේ? එක එක්කෙනාට එක එක කතා කියන්ඩ පුවන්, නමුත් එවා මූලාශ්‍ර වලින් ඔප්පු වෙලා නැත්තන් නිකන් ජෝක් විතරයි!

      Delete
    2. ඔබ මුලින් කියා තිබෙන දේට මමත් එකඟයි. මොන ආගමෙනුත් සිදුවිය යුත්තේ ලෝකයට සාමය ගෙන ඒමයි. ඒ එක්කම මෙම ආගම් දෙකේම ඇතැම් කරුණු වල සමාන කමක් ඉසිලීම අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්, ඒවගේම බුදුන් වහන්සේ ජීවත් වූ කාලයට වඩා පසු කළෙක ජේසුස් වහන්සේ ජීව්ත්ව සිටි නිසා උන් වහන්සේ සිටි පළාත්වලටත් බුදු දහම තිබූ දේශයන්ගෙන් පැමි‍ණෙන වෙළෙන්දන්, දේශාටකයන් මගින් බුදු දහමේ කරුණු දැන ගන්නට ලැබී ලිපියේද පවසා ඇති පරිදි එදා සමාජයේ පොදු තත්ත්වයන්ට පටහැණි උතුම් ගුණාංග දැරූ නිසා උන් වහන්සේ එසේ දැනකියාගත් හොද ගතිපැවතුම් කිතු දහ‍‍මේ දේශනාවන්ට යොදාගත්තා වෙන්නටත් පුළුවන්. ඒත් අපේ බොහෝ අය උත්සහ දරන්නේ ලෝකයේ හාත්පසින්ම වෙනස් තැනක වෙනස් දෙයකටත් බුදු දහම, ලංකාවේ මිනිස්සු, ලංකාවේ සංසිද්ධි ආරෝපණය කිරීමටයි. ඔබත් දන්නවා ඇතිනේ පසුගිය කාලයේ මෙහිත් කතා කළ රාවණා සම්බන්ධ සිද්ධිනුත්. ඒ වගේම මෙතුවක් කාලයක් ඉන්දියාවේ ඉපදී ජීවත්ව අපවත් වූ බුදුන් වහන්සේගේ පූර්ණ අයිතියත් ලංකාවට සතු කරගන්න විවිද කතා කියන අයත් සිටින නිසා ජේසුස් වහන්සේත් බුදුන් වහන්සේගේ "යාළුවෙකු" කිරීමට සිතන මිනිසුන් සිටීම පුදුම වෙන්න දෙයක් නැහැ.

      හැබැයි මේ දේත් කියන්න ඕන ලංකාවේ බුදු දහම යම් ආකාරයක පිරීහීමට ලක්වීමට හා පිරහීමට පත් කිරීමට එදා යුරෝපීය ආක්‍රමණිකයන් කිතු දහම යොදාගත්තත් බුදුදහම,කිතුදහම, සිංහල ජාතිය යන ත්‍රිත්වය යම් සංහිදියාවකින් කටයුතු කිරීමත් විශේෂයෙන් පැවසිය යුතුයි. කිතුදහම දේශනා කිරීමේදී ලංකාවේ ප්‍රධාන බස වන සිංහල බස යොදා ගන්නවා. ඒවගේම සිංහල මිනිසුන් බුදු දහම වගේම කිතු දහම අදහනවා. ආගම හා ජාතිය අනෙක් ආගම් වගේ පටලවා නොගෙන එකම ජාතියක් ලෙස ගැට්‍ය අවම වන සේ කටයතු කිරීමට ඉන් ඉඩ ලැබීම ප්‍රශංසනීයයි. ඒවගේම ඕල්කට් තුමා වැනි පෙර කිතුනු භක්තිකයින් බුදු දහම වැලද ගන්නවාත් සමග නිතු දහමේ තිබූ ඇතැම් අංග ‍බුදු දහමට ගැලපෙන සේ බුදු දහමේ උන්නතියට යොදාගත් ආකාරයත් පැවසිය යුතුයි. බෞද්ධ කොඩිය, භක්තිගීත, ඉරිදා දහම්පාසල් වගේ දේවල් ඒ අතරින් ප්‍රධානයි. ඒත් අනෙක් ආගම් හා බෞද්ධාගම අතරේ ‍මේ වගේ මේ තරම් සංහිදියාවක් ඇතිවී තිබේදැයි සැක සහිතයි...

      Delete
    3. +1 දිනේෂ සහෝ... මේක තමා නියම උත්තරය !

      Delete
    4. "කිතුදහම දේශනා කිරීමේදී ලංකාවේ ප්‍රධාන බස වන සිංහල බස යොදා ගන්නවා" එහෙම කරන්න සිංහල ජාතියට මිනිස්සුන්ටවත් භාෂාවටත් බෞද්ධ දර්ශනයට තියෙන ආදරය නිසා නෙමෙයි තමන්ගේ ආගම ප්‍රචාරය කරගන්න ලේසිම ක්‍රමය නිසා බෞද්ධ දර්ශනය කිසිම නායකයෙක් තමාගේ දර්ශනය විකාශය කරන්න රටවල් ආක්‍රමණය කරලා තියෙන සංස්කෘතිය විනාශ කරලා මේ රටේ සේරම බෞද්ධ උරුමය මේ රටේ තියෙන බෞද්ධ පොත්පත් මේ රටේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා විනාශ කරලා. යම්කිසි කෙනෙක් බෞද්ධ දර්ශනයේ අයට වටා ගොඩනැගුන නම් ඒ අවබෝධයෙන් මිස කිසිම කෙනෙක් බලහත්කාරයෙන් නෙවෙයි එදා අපේ රටේ බෞද්ධ දර්ශනය විනාශ කරපු රටවල් අනුව අද ඒ දර්ශනය වටා එකතු වෙමින් සිටිනවා. පුද්ගලයෙක් විසින් පුද්ගලානුබද්ධව ධර්මතාවය අවබෝධ කරගත හැකිනම් ඒ බෞද්ධ දර්ශනයේ තුළ පමණි . එක මං බොහෝම වගකීමෙන් කියනවා සිත කය වචනය කියන තුන් සංවර කරගත් චතුරාර්ය සත්‍යය අවබෝධ ාත්මක අවබෝධාත්මක ශක්තියෙන් පුද්ගලානුබද්ධ අවබෝධ කරගෙන සතර සතිපට්ඨානය වඩමින් මේ විශ්වයේ තියෙන සදාතනික සත්‍යය අවබෝධ කරගන්න පුද්ගලානුබද්ධ පුද්ගලයන් බව අවබෝධ කරගත හැකිය ස්කන්ධ ධර්මයන්, අෂ්ටාංගික මාර්ගය හා පුනර්භවය , විශ්වයේ සැබෑ ජීවයේ සම්භවය ආරම්භය විකාශනය සහ විනාශය , හේතුඵල දහම ,කමටහන් ධර්ම තම සිතේ ස්වභාවය , තාරකා විද්‍යාව ජීව විද්‍යාව සමාජ විද්‍යාව ඕනෙම විද්‍යාත්මක පදනමක් ඕනෑම විද්‍යාත්මක දර්ශනයක් සමාජ දර්ශනය එතෙක් මෙතෙක් බිඳලිය නොහැකි එකම ධර්ම බෞද්ධ දර්ශනයයි. ඕන කෙනෙක් තරග කරන්න වාද කරන්න කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද කිසිම කෙනෙක් බලහත්කාරයෙන් බෞද්ධ දාර්ශනික උගන්නන්න පෙන්නල දෙන්න ඕනෑ නෑ සත්‍ය දකින්න කෙනා ප්‍රඥාවන්ත කෙනා නිවැරැදි දර්ශනය වටා එකතු වී සියලුම දෙනාට ප්‍රඥාවම අවබෝධ වේවා ප්‍රඥාවම අවබෝධ වේවා.

      Delete
  6. අපේ නබි තුමා, මුහම්ම්ද් තුමා (PBUH) ඔබට අමතක වුනේ ඇයි ??
    ඔබ දන්නවාද Islam is the fastest growing religion in the world!
    මේක හරිම ජරා ලිපියක්. කරුනු සම්පූර්ණ නැත.

    ReplyDelete
    Replies
    1. // Islam is the fastest growing religion in the world!//

      මේක මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවද? මේ ලිපියේ කියලා තියන ආගම් දෙකේම නැති "භිෂණය" මත පදනම වෙච්ච ආගමක් නිසා. ලෝකෙට යහපතක් කරනවා වෙනුවට භිෂණය පතුරවලා මිනිසුන් ඔය කියන ආගමට ඇද ගන්න නිසා. නබි තුමාගෙයි මුහම්මද් තුමාගෙයි මයිත්‍රිය කොහෙද දන්නේ නෑ තියෙන්නේ...

      Delete
    2. //වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි//

      Delete
    3. ඉස්ලාම් කියන්නේ ත්‍රස්තවාදයක් මිසක ආගමක් නොවේය කියන එක මගේ අදහස.

      නමුත් එක්තරා කාලයක මේ ආගම් තුනම ( යුදෙව් , මුස්ලිම් සහ ක්‍රිස්තියානි) සහජීවනයෙන් සිටි ස්පාඤ්ඤයේ ක්‍රිස්තියානිකයන් විසින් කලා වූ අති අමානුෂික ක්‍රියා නිසා ඇති උන බිහිසුණු තත්වයන් ගැනත් මගේ මතකයට එනවා... ලොකු විස්තරයක් කරන්න නම් මගේ දැනුම ප්‍රමාණවත් මදි..

      ස්පාඤ්ඤයේ the Great Mosque in Cordoba ගැන සොයා යද්දියි මට මේ විස්තර හමු වුනේ...
      මේ ගැන හොඳ documentry එකක් තියෙනවා මෙතන ....

      http://www.bbc.co.uk/programmes/b008vsgz

      දිනේශ් අයියට පුළුවන් නම් මේ ගැනත් හොයලා බලන්න..

      Delete
    4. ස්තුතියි! මේ ගැන සොයා බලා වැඩි විස්තර කියන්නම්....

      Delete
    5. 'වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි.'

      දිනේෂ් මහතා, හොදම පිළිතුර ඕක තමයි ඉස්ලාමිකයින්ට.
      ඉස්ලාමය කියන්නේ කුරිරු, භීෂණ, රුධිරයෙන් නැහැවේච්ච ආගමක් නෙමෙයි 'මිනීමරු ලබ්ධියක්'. බලු පැටව් වගේ වර්ගයා බෝ කරලා දැන් කියනවා කියලා. කලි යුගයේ මිනිසුන් ගැන අපේ පොත්පත්වල තියෙනවා නේ. ඒ යුගයේ මිනිසුන් ධර්ම-අධර්ම, හොද-නරක, වැරදි-නිවැරදි, සුදුසු-නුසුදුසු, අම්මා-තාත්තා, සහෝදර-සහෝදරි, මිනිස්-නොමිනිස්කම් නොදනිති. අද මුස්ලිම් ලෝකයේ තිරිසන් ක්‍රියාදාමයන් දිහා බලපුහම ඒ කියපු දේවල් ඔක්කොම මේ මුස්ලිමුන්ට තමයි ගැලපෙන්නේ. ඉස්ලාම් නාමයෙන්, අල්ලා නාමයෙන්, නබි නාමයෙන් උන්ගේ අම්ම-තාත්තා මැරුවත්, සහෝදරින් මැරුවත්, අන්යගමිකයින්ගේ බෙලි කැපුවත්, ස්ත්‍රී දුෂණය කලත් පින්. මේ තරම් තිරිසන් ආගමක්. උන්ට වඩා වනයේ තිරිසන් සත්තු හොදයි.

      Delete
    6. ඉස්ලාම් කියන්නේ "ආගමක්" කියලා මමත් පිළිගන්නේ නැහැ. හිරු කියලා තියනවා වගේ වඩාත් ගැලපෙන්නේ "ත්‍රස්තවාදය" කියන වචනය.

      Delete
  7. බුද්ධාගම බුදු රජානන් වහන්සේගේ කාළයෙම නොයෙක් රටවලට පිටත් කළ භික්ෂූන් නිසා පැතිරුන ආගමක්. බොහෝ විට බුදු රජානන් වහන්සේ වංශාධිපති කුලයක් බිහිවීමත් අනෙක් රටවල එම ධර්මය ඇදහීමට හේතූ වූවා විය හැකියි. පසු කාළයේ ඉන්දිය අධිරාජ‍යවාදය හමුවේ ඇෆගනිස්තානයේ සිට මැලේසියාව දක්වාත් ආසියාකරයේ පමණක් බුදු දහම ව්‍යාප්ත් වෙනවා. එය සෑම රටකම රජයේ අනුග්‍රහය ලැබීම නිසා ජනයාටත් එක වැළඳ ගැනීමට සිඳුවනවා. ක්‍රිස්තියානි ආගම ඊට බොහෝ වෙනස් යේසුස් වහන්සේ ඉතා දුප්පත් පවුලක ඉපදුන කෙනෙක්. ඔහු එවකට පැවති යුදේව් ආගමට අභ්යෝගයක් වන නිසා කුරිසියේ ගසා මරා දමනවා. අනුගාමිකයි කිහිප දේනා ආත්මාරක්ෂව සඳහා ග්‍රීසියට පැන යනවා. පසු කාළිනව යුරෝපීයයන් අධිරාජ‍යවාද්ය පිහිටුවීමේදි ගෙනයන දරදඳු පාලනය වසා ගැනීම සඳහා සාන්තුවරයන් බඳු පිරිස් යොදවා ක්‍රිස්තියානි ආගම ලොව පතුරනවා. ඉස්ලාම් ධර්මයත් එසේමයි. එහි ප්‍රශ්ණ කිරීමට හෝ නිදහසක් නෑ. මුනිවරුන් ඊට පසුත් බිහිවි තිබෙනවා එදා වරප්‍රසාදලාභීන්ට පමනක් ලැබුන දේ අද සාමාන්‍ය ජනයාට පවා ලැබෙන්නේ ඔවුන් නිසයි. විදුලි බලය සොයා ගත් අය, ප්‍රජාතන්ත්‍රවාදය දිනා දුන් අය. නව නිශ්පාදන බිහි කරන අය. කොටින්ම බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් පමනක් නොව මයිකල් ජැක්සන් පවා මුනිවරු. අප ඔවුන් අදහනවා. නමුත් ඔවුන් අපට එසේ කරන්න යැයි බල කරන්නේ නෑ. වෙනස එයයි.

    ReplyDelete
    Replies
    1. ඒත් මේ ව්‍යාප්තිය නතරවුනා වගේම ලෝකයේ බුදු දහම තිබූ බොහෝ ප්‍රදේශවලින් මුස්ලිම් ආක්‍රමණිකයන් නිසා තුරන්ව ගියා. ඉන්දියාවේ පවා ධර්මාශෝක රජුට පසුව ටික කළෙකින් ඉතාමත් ශෝචනීය තත්ත්වයකට පත්වූ බව පැවසෙන අතර ලංකාවේදී ඉන්දියාවටත් වඩා සැලකිල්ලක් බුදු දහමට ලැබුන නිසා හා ලංකාවේ සමාජය, දේශපාලනය, ජන ජීවිතය යනාදියට ඇතිවූ බුදු දහමේ බැදීම අද දක්වා පවතිනවා.

      ජේසුස් වහන්සේ ප්‍රචණ්ඩත්වයෙන් කිතු දහම පැතිරවීමට හෝ ප්‍රචණ්ඩත්වය දේශනා නොකළාට පසුකළෙක කිතු දහම භාරගත් අය හොදින් හෝ නරකින් කිතු දහම රැක ගැනීම හා ව්‍යාප්තිය සිදුකරනවා විතරක් නොවෙයි කිතු දහමට අභියෝගයක් විය හැකි විද්‍යාත්මක දේවල් සොයා ගැනිමත් මරණය කැදවා ගැනීමක් වුනා.

      විවිද සොයා ගත් අය හා කලාකරුවන් මුනිවරු සැබැවින්ම මුනිවරු ලෙස සැලකීමට හැකියවාක් නොමැති වගේම ඔවුන් බලකරන්නේ නැත කියන එකත් අර්ධ වශයෙන් පිළිගැනීමට නොහැකියි. මොකද ඔවුන් ලබාදෙන දෙය අපි ගන්නේ මුදල් ගෙවලා. අනික බ්ල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් කියන අය දෙන දේ ගන්නේ තෝරාගත් පිරිසක් වගේම එයින් සමස්ථ සමාජයට කරන බලපෑම අල්පයි. ඔවුන් තරඟාකරී ලෝකයක යම් අසාධාරණ ක්‍රමවේදයන් පවා යොදාගෙන නමක් දිනා ගත් රේස් අශ්වයන් බදුයි...

      Delete
    2. මාතලන්, 'මුනි' 'මුනිවර' වචනයේ හරි තේරුම දැනගෙන කතාකරපන්. නිකන් සින්දු බයිලවලින් ලෝකප්‍රසිද්ධ උනාට උන්ට ඔය වගේ උතුම් වචන ආරුඪ කරනවා තබා හිතන්නවත් බැහැ. තමුන්නන්න්සේ ඔය කියන මයිකල් ජැක්සන්ලා මොනතරම් හිතින් හා ගතින්, අධ්‍යාත්මිකව හා බාහිරව අපිරිසිදුව නොතිත් ආශාවන්ගෙන් පෙලී පෙලී හිටිය කියල දන්නේ නැතුව ඇති නේ. මයිකල් ජැක්සන් කියන හාදයා සමලිංගික කියලා, ළමා අපචාරයන්ට වරදකරුවෙක් කිඉයලා නොදන්නවා ඇති. ඔහොම අයට මේ උතුම් 'මුනිවරුන්' යන වචනය යොදන්නේ ඔල්මාදය නිසා වෙන්න ඇති.

      Delete
  8. බුදුන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ ආගම් නිර්මාණය කල බවක් පෙනෙන්නට නෑ. දෙදෙනාම මිනිස්සුන්ට විමුක්ති මාර්ගයන් පෙන්වා දෙන්න උත්සාහ කර ඇත.
    විශේෂයෙන්ම බුද්ධ දේශනා ලෙස දැනට පවතින කරුණු අනුව බුදුන්ගේ විමුක්ති මාර්ගය වන්නේ තමන් ලෙස ගැනෙන සියල්ලම අතහැරිය යුතු යන්නයි. එසේ තමන් ලෙස පවතින සියල්ල අත හරින විට ආගමකට අයත් වන්නේ කවුද?
    ආගම් නිර්මාණය කර ඇත්තේ අනුගාමිකයින් විසින් විය යුතුයි. එනිසාම මෙම ශාස්තෲවරුන්ගේ විමුක්ති ප්‍රතිපදා මාර්ගයන්ගෙන් මේ ආගම් වෙනස්වී ඇත.දැන් මේ ආගම් වල තියෙන්නේ සංස්කෘතික ලක්ෂණ පමණයි. එනිසාම තමයි මේ ආගම් වලට මුවාවී සමාජ විරෝධීන් අසීමිත රැකවරණයක් ලබන තත්වයක් එළඹිලා තියෙන්නෙ. කොහොම වුණත් බුදුන්ගේ හෝ ජේසුස්ගේ දේශනා අදටත් සමාජය යහපැවත්මක තියන්න සුවිසල් මෙහෙයක් ඉටු කරනව. ඇදහිලි වලින් හෝ සංස්කෘතිකාංග වලින් සමන්විත ආගම් වලින් වැඩක් නෑ. වැදගත් වෙන්නෙ ප්‍රායෝගික මාර්ගයි.

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේ සමබන්ධයෙන් කෙසේවෙතත් බුදුන් වහන්සේ බුදු දහම ලෝකයට හදුන්වාදීම තුල ක්‍රමාණුකූල බවක් තිබුනා. ජේසුස් වහන්සේ වටා සිටි අල්ප වූ අනුගාමිකයන් හා උන්වහන්සේගේ කාලයේ කිතු දහමට තිබූ තැනට වඩා වෙනස් තත්ත්වයක් බුදු දහ‍මට තිබුනා. අනික බුදුන් වහන්සේ දැනුවත්වමයි ඒ දේවල් සිදුවු‍නේ විමුක්ති මාර්ගය පෙන්වා දීම හෝ මිනිසුන් යහපත් කිරීමට එතුමා ආගම්වාදී ‍ලෙස නොවූවත් සවිඥානිකව බුදු දහම ව්‍යාප්තියට කටයුතු කළා‍.

      ඒ එක්කම ‍//මෙම ශාස්තෲවරුන්ගේ විමුක්ති ප්‍රතිපදා මාර්ගයන්ගෙන් මේ ආගම් වෙනස්වී ඇත.දැන් මේ ආගම් වල තියෙන්නේ සංස්කෘතික ලක්ෂණ පමණයි. එනිසාම තමයි මේ ආගම් වලට මුවාවී සමාජ විරෝධීන් අසීමිත රැකවරණයක් ලබන තත්වයක් එළඹිලා තියෙන්නෙ. // මමත් 100% ක් එකඟයි...

      Delete
  9. දිනේෂ් වැදගත් ලිපියක්.. හැබැයි ඔබ වර්තමානයේ පවතින තත්ව සැලකිල්ලට ගෙන ලෝකයේ පවතින ආගම් වලින් දෙකක් පමණක් ගෙන මෙවැනි සටහනක් තැබීම සුදුසු යැයි මා සිතන්නේ නෑ.. ඔබ හොඳින් අධ්‍යයනය කළා නම් වැටහේවී මේ සියළුම ආගම් වලින් පවසා ඇති දේ එකක් බව.. එය මිනිසුන් නිර්වචනය කරගෙන සකස් කරගත් වත්පිළිවෙත් පුදපූජා එකිනෙකට වෙනස් වුවත් ඒ ඒ ආගම් වල නිර්මාතෘවරුන් යැයි සැළකෙන පුද්ගලයින් අවබෝධ කරගෙන දේශනා කර ඇති සත්‍යයය එකක්..

    සරලච කිව්වොත් ඔය හැම ආගමකම අවසාන අදහස වෙන්නේ සොබාදහමට සරිලන ලෙස ජීවත් වීම නේද? ඒ දේ කියපු විදිය සහ ඒ කියපු දේ මිනිස්සු තේරුම් ගෙන ක්‍රියා කිරීමේ වෙනස් කම් විතරයි තියෙන්නේ... දැන් අලුතෙන් ශාස්තෘවරයෙකු පහළ වූවත් ඔහුට කීමට ඇති දේත් ඒකම තමයි නේද? මොකද මිනිසුන් සත්ත්ව වර්ගයා පසුගිය 2500 වසරට මහාලොකුවට වෙනස් වී නැහැනේ... ඔය දේ තේරුම් ගත්ත මිනිසුන් වර්තමානයේත් ඔය හැම ආගමක් අදහන අය අතර ඉන්නවා... ඒක තේරුම් ගන්න ආගම මොකක් වුනත් වෙනසක් නෑ..

    අපි අපේ ආගම තමයි හරි කියාගෙන ඉන්නව වගේ ඒ ඒ ආගම් වල අයගේ ඔලුවේ තියෙන්නෙ මේක තමයි හරි කියල... නිකමට අපිව ඒ අයගෙ තත්වෙට දාල හිතන්න එතකොට අපිත් එහෙම තමයි... එහෙම වෙන්න හේතුව මොකක් ද කියල හිතල බැලුවොත් ඔයාට තේරෙයි අපි හැමෝටම හරි කියල වැටහෙන එක සත්‍යයක් මත මේ හැම ආගමක්ම බිහිවෙලා තියෙනව කියල.. දැන් පවතින සමාජ ක්‍රියාකාරකම් වලින් ආගම් හෝ දර්ශන මැනල මේක හරි මේක වැරදි කියන තීරණේට එන්න කලින් රාමුවෙන් එළියට ඇවිත් බලන්න...

    ReplyDelete
    Replies
    1. //සරලච කිව්වොත් ඔය හැම ආගමකම අවසාන අදහස වෙන්නේ සොබාදහමට සරිලන ලෙස ජීවත් වීම නේද?//

      එකඟ නැත. මිට හාත්පසින්ම විරුද්ධ අදහස් දරන ආගම් තිබේ.

      Delete
    2. ස්තූතියි! ඒත් සෑම ආගමකම ඉගැන්වෙන්නේ ස්වභාවධර්මයට සරිලන සේ ජීවත්වීම, මෛත්‍රිය, සාමය කියන දෙය සාමාන්‍ය ආකාරයට ජීවත්වන ඔබට මට පමණක් දෙසන මතුපිටින් පෙනෙන දෙයක් පමණයි. එය හරියට කඩේක ෂෝ කේස් එකක විවිද කේක් ගෙඩි, එකම අයිසින් ‍මෝස්තරයකින් එකම ආකාරයකට හැඩ ගන්වා තිබීම වගේ දෙයක්. අපිට හිතෙන්නේ මේ කේක්‍ ගෙඩි මතුපිටින් එක සමාන නිසා රසයත් එකවගේ ඇතියි කියායි. අන්න ඒවගේ තමයි මතුපිටින් මේ ආගම් හැම එකකම එකම දෙයක් දේශනා කරනවා, උගන්වනවා කිව්වට ඇතුලාන්තයේ වෙනස් දේවල් රැසක් තිබෙනවා. ඔබට හැකිනම් මේ සබැදියේ විස්තර කර තිබෙන පොත කියවා බලන්න. එවිට යම් වෙනසක් දැනේවි...
      http://sathsamudura.blogspot.com/2012/03/blog-post.html

      Delete
    3. ඒ වගේම හැම ආගමක්ම මේ ලිපිය ලියන්නට උදාහරණ ලෙස යොද නොගත්තේ ලිපියේද පවසා ඇති පරිදි //වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි// නිසයි.

      Delete
    4. දිනේෂ්, සරල ප්‍රශ්නයක් අහන්නම්..ඔබ දැකල තියෙනව ද බොහෝම හොඳ අවංක ගතිගුණ තියෙන මුස්ලිම් ආගම අදහන මිනිස්සු? ඒ වගේම හින්දු ආගම අදහන මිනිස්සු..? ලෝකෙට සේවය කරල මිනිස් වර්ගයාට සේවය කරපු තව ඕනෙ තරම් මිනිස්සු ඉන්නව ඔවුන්ගේ ආගම බෞද්ධ හෝ ක්‍රිස්තියානී නොවන.. හැබැයි ඔවුන් තුළ අපි මේ කතා කරන ගුණ ධර්ම හැදියාවන් ඔක්කොම තියෙනව.. ඔවුන් ජීවිතේට බුද්ධාගම හෝ ක්‍රිස්තියානි ආගම් ඉගෙන ගෙන නැතුව ඇති..නමුත් ඔවුන් අදහන ආගම් වලත් මේ හොඳ යැයි සලකන දේ තියෙනවා.. ආගම කියන දේ ඔබ විශ්වාස කරන දේට ලඝු කරන එක හරි නෑ නේද? අපි මෙතන කතා කරන ඔක්කොමල්ල වගේ සිංහල බෞද්ධ අයනේ.. අපි කැමතියි අපේ දේ උස්සල තියන්න.. හැබැයි ඔබගේ මූලික අරමුණ ඒක වීම සාධාරණ නෑ මෙවැනි ලිපි ලියනකොට..

      ලිපියේද පවසා ඇති පරිදි //වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි//

      මේටික ඔබ දාල තියෙන්නේ ඔබ ඒ ආගම් මේ ඊයේ පෙරේදා (අපි දන්න ඉතිහාසයේ) වෙච්ච සිදුවීම් වලින් මැනල කියලයි මට හිතෙන්නේ..

      Delete
    5. ඉස්ලාමය පිලිබඳව දුර්මත රාශියක් මේ වන විට ඉවත්වෙමින් තියෙනවා.
      ඉස්ලාමය විනිවිද දකින්න නම් එය හදාරන්න. ඉස්ලාමයේ මූලික න්‍යාය (core ideology) හඳුනාගැනීමයි වැදගත්, පරිධියේ තියෙන "හොඳ" කොයි ආගමේත් තියෙනවා. ඉස්ලාමයේ ශාස්තෲ වරයාගේ ක්‍රියාකාරකම්, කුරානයේ ඇති දේ සහ හදිත් අධ්‍යයනය කර බලන්න. ශිෂ්ඨත්වය සමග ඉස්ලාමයට පෑහෙන්න පුලුවන් යැයි ඔබ ඉන්පසුත් සිතනු ඇතැයි මට නම් සැක සහිතයි.

      Delete
    6. ඉස්ලාම් ආගම පිළිබදව කිසිදු අවස්ථාවක මෙම ලිපියෙන් සාකච්ඡා ‍කර නොමැත...

      Delete
    7. බාධා කළාට සමා වෙන්න.

      //ඔබ දැකල තියෙනව ද බොහෝම හොඳ අවංක ගතිගුණ තියෙන මුස්ලිම් ආගම අදහන මිනිස්සු?//

      මමත් දැකල තියනවා. හැබැයි ඒ අවංක කම මුස්ලිම් ආගම ඇදහීමේ ප්‍රතිඵලයක් කියලා ඔබ හිතනවද?

      ඒ වගේම තිරිසන් ගති තියන බෞද්ධයිනුත් දැකල තියනවා. ඒ ගති බුද්ධාගම ඇදහීමේ ප්‍රතිඵලයකුත් නෙමෙයි.

      ඉස්ලාමය අදහන හොඳ මිනිසුන් ඉන්නවා කියන එකෙන් ඉස්ලාමයේ හොඳ ගැන කියන එක තාර්කික නැහැ නේද? ඒක සම්පූර්ණයෙන්ම ආගමෙන් ස්වායත්ත වෙන්න පුළුවන්. ආගමේ හොඳ නරක ගැන හොයා බලන්න ඕනනම් එහි ඉගැන්වෙන දේ ගැනයි හොයන්න ඕන.

      Delete
    8. මුන් මේ ඉස්ලාමය නොදැනයි ඔහොම කතා කරන්නේ. කුරානය හා තදනුබද්ධ ග්‍රන්ථ කියවල බැලුවොත් තියෙන්නේ මුස්ලිම් නොවන උන්ට 'ගහපියව්, මරපියව්, හිස ගසපිය, කොටපිය, අල්ලපිය,' වගේ නොමිනිස් බලු කතා. ඉතින් අද ලෝකයේ මුස්ලිමුන් ක්‍රියාවට නංවන්නේත් ඔය අඥාවන් මිස වෙන මොකද්ද? එකෙක් දෙන්නෙක් හොද ඉන්නවා ඇත්ත. ඒ උනාට කොරන්න කිසි දෙයක් නැහැ. හොදට කුරානය කියවල බලලා ඊටපස්සේ කොමෙන්ට් කරන්න. නිකන් නන්දොඩවන්නෙපා. මිනීමරු ඉස්ලාම් නැත්නම් අද බුදු දහම ලෝක දහමක්. ලෝකය මෙතරම් දුෂ්කර කටුක නොවනු ඇත. භිෂණය, රුධිර හැලීම් නොවනු ඇත. ලෝකයෙන් බුදු දහම තුරන් කලේ සහ කරන්නේ ඔය කුරානය අනුව ගිය මුස්ලිම් තිරිසන්නු නොවෙයි කියලා කියන්නවුන් එක් හෝ කුහකයෝ එහෙමත් නැත්නම් අන්ධ බධිරයෝ.

      Delete
    9. @සයුරී - ඔබ පවසා තිබෙන කරුණු සත්‍යයක්. මම මේ කරුණු මීට ටික කලකට පෙර ලියූ මුස්ලිම් අයගේ ව්‍යාපාර වර්ජනය කළ යුතුද? කියන ලිපියේදිත් ලියුවත් ඒ ගැන අවධානය, අවබෝදය ලබා ගන්නවා වෙනුවට අන්තවාදී ලෙස පිළිතුරු ලබා දීම තමයි බොහෝවිට සිදුවූවේ...

      Delete
    10. @Pathum Herath - ඇතැම් දෙනෙකු මේ ලිපිය හරිහැටි වටහා නොගෙන ඇතැයි සිතේ. මේ ලිපියෙන් කතාකළේ බෞද්ධ හා කිතුනු දහමේ ආසන්න වශයෙන් ඇති සමානකම් හා ඒවායේ ශාස්තෘවරුන් (පසුකලෙක සිටි අනුගාමිකයන් ක්‍රියා කළ ආකාරය නොවේ)ආගම ප්‍රචාරය කිරීමට භීෂණය යොදා නොගැනීම පිළිබදවයි. ඉතින් මෙම ලිපියේ කිසිදු ස්ථානය සටහන් නොකළ ඉස්ලාම් දහම අල්ලා ගෙන කතා කිරීම කරන්නේ මන්දැයි සිතේ. ඒ ඉස්ලාම් ආගම පමණක් නොව බොහෝ ආගම් තම ආගම ප්‍රචාරයට ආරම්භයේ පටන් ලේ සෙලවීම් කර ඇති හෙයිනි. ඉතින් ඒ අතරින් ඉස්ලාම් ආගම පමණක් අල්ලා ගෙන කතා කිරීම සම්බන්ධයෙන් මා පිළිතුරක් ලබා නොදෙන නමුත් ඔබ අසා ඇති අනෙක් කරුණු වලට පිළිතුරු දෙන්නම්.

      ඔව් මට මුස්ලිම් මිතුරන් සිටිනවා. ඒ වගේම මට හමුවූ අවංකම මිතුරා ලස සලකන අය පවා මුස්ලමි. ඒත් මට ඔහුගේ මුස්ලිම් බව ගැටළුවක් නොවන්නේ. ඔහු අන්තවාදයෙන්, ආගම්වාදයෙන් ක්‍රියා නොකරන අයෙකු නොවන නිසා සහ ඔහුගේ දෙමව්පියන් ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් නිසා ඔහුද උපතින් මුස්ලිම් වන බැවිනි. ඔහුට අමතරව කිසිදු ලාභ අපේක්‍ෂවකින් තොරව උදව් කළ මුස්ලිම් මිතුරන් කිහිප දෙනෙකුම සිටිති(එසේ කියන්නේ සමාජමය වශයෙන්, ආර්ථිකව, දැනඋගත් කමින් මට වඩා ඉහළින් සිටින ඒ අයට මගෙන් ලබා ගැනීමට කිසිදු දෙයක් නොමැති හා අපට යම් ගැට්‍ළු ඇතිවී තිබියද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව උදව් කළ හා ඔවුන්ගේ පෙර සිටම ක්‍රියා කර ඇති ආකාරය අනුවයි). ඉතින් මට මිනිසුන් මුස්ලිම්ද? දෙමලද? බර්ගර්ද? සිංහලද? මලයාලම්ද? සුදුද? කළුද? යනාදී වශයෙන් භේදයක් නොමැති බව දන්වන අතර ඔවුන් අදහන ආගම සම්බන්ධයෙන් නොව යම් ආගමක මූලාරම්භයේ පටන් මිනිස් සිත දුෂනය කරයි නම් එය ආගමක් නොව ත්‍රස්ථවාදයක් ලෙස සැලකීමට සිදුවන බව මේ ලිපියට කමෙන්ටු පළ කර ඇති කිහිප දෙනෙකු පවා පවසා සිටි බව කියන්නට සිදුවේ. ආගමක් පසුකලෙක භාර ගන්නා අය එම ආගම පවත්වාගැනීමට, ප්‍රචාරයට යොදා ගන්නා ක්‍රම පිළිබදව අවිහිසංව ඉගැන්වූ ශාස්තෘන්වරුන් වගකිව යුතු නැති බවද පැවසිය යුතුයි . (දෙවන කොටසක් තිබේ...)

      Delete
    11. මම කියන්නේ නෑ ඒ ආගම් හොඳයි කියල නමුත් විග්‍රහ කිරීමේදී ආගම් 2කට විතරක් සීමා වෙලා අනිත් ඒවා පහල හෙලීම සාධාරණ නෑ.. අපි හැමෝම වෛර කරන ඉස්ලාමය පැත්තක තියල හින්දු ආගම සලකල බලන්න.. බොහෝ වටින දේවල් තියෙනවා.. වේද ග්‍රන්ථ වල ලියවී ඇති දේවල් වල හරය බුදුහාමුදුරුවෝ පවා ඉගෙන ගෙන තමයි සත්‍යය අවබෝධ කර ගත්තේ.. වේද ග්‍රන්ථ වල කොච්චර දැනුම් සම්භාරයක් තියෙනවද කියල නිකමට හොයල බලන්න..

      අපි ඒ ටික අමතක කරල හින්දු ආගමෙන් බිඳී ආපූ බොරු ඇදහිලි විශ්වාස තියෙන මිනිස්සු කොටසක් මේ බිලිපූජා කරන නිසා ඒ ආගම පහත හෙලීම හරියට අපේ මේ ක්ෂණික බුදුවරුන්ගේ බණ අහල බුද්ධාගම පිස්සුවක් කියල හිතනව වගේ.. මේ ඊයේ පෙරෙදා ඒවගේ කෙනෙක් ගෙන් බණ අහපු බෞද්ධ නොවන කෙනෙක් මේ සටහන ලිව්වනම් බුද්ධාගම අත ඇරල ක්‍රිස්තියානි සහ මුස්ලිම් වගේ ආගම් දෙකක ශාස්තෘවරු ගැන මෙවැනි සටහනක් ලියන්න උනත් ඉඩ තියෙනවා...

      Delete
    12. මේක ලිව්වට පස්සේ මතක් වෙච්ච දෙයක්..ඔබේ මේ සටහනේ අරමුණ වුණේ ආගම් සංසන්දනය නොව ශාස්තෘවරුන් බිහි නොවූයේ මන්ද යන්න සලකා බැලීම නේ.. ඔබ බුදුහාමුදුරුවන්ට සහ ජේසුතුමන්ට පස්සේ ශාස්තෘවරු පහළ නොවුණා යැයි කීවත් ක්‍රිෂ්ණමූර්ති තුමාගැන අසා ඇතිනම්.. ඒත් මේ පසුගිය සියවස තුළ ඉපදුනු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයක්.. තවත් ශාස්තෘකෙනෙකුගේ බලාපොරොත්තුවෙන් සිටි මිනිසුන් විසින් ක්‍රිෂ්ණමූර්ති තුමාව එවැනි තත්වයට පත්කිරීම උදෙසා පිහිටුවාගත් පෙරදිග තරුවේ සංවිධානය ගැන ඔබ අසා ඇති.. ක්‍රිෂ්ණමූර්ති තුමා අමුතු දහමක් දේශනා කලේ නෑ.. නමුත් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත් සත්‍යය ඒ ආකාරයෙන් ම අවබෝධ කර ගත් කෙනෙකු විදියට එතුමාව සැලකෙනවා.. තවත් ආගමක් බිහි කරගෙන එහි ශාස්තෘවීම ප්‍රතික්ෂේප කරපු අපූරු පුද්ගලයෙක්.. බලංගොඩ ආනන්දමෛත්‍රිය හාමුදුරුවෝ, ඊ.ඩ්බ් අදිකාරම් මහත්මය ක්‍රිෂ්ණමූර්ති තුමාව බොහෝම ළඟින් ඇසුරු කරල තියෙනවා..

      මම කලින් කිව්ව වගේ අලුතෙන් ශාස්තෘ කෙන්ක් බිහිවීමේ අවශ්‍යතාවක් නෑ නේද..? ගොඩක් වෙලාවට යම් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් යම්කිසි දෙයක් අවබෝධ කරගත්තම ඔහුට තේරුම් ගන්න හැකියාව සහ නිහතමානිකම තියෙන්න ඕනේ තමන් මේ තේරුම් අරන් තියෙන්නෙත් මීට කලින් යම් කිසි කෙනෙක් දේශනා කර තියෙන දේම නේද කියන එක.. ඉතින් එහෙම මිනිසුන් කවදාවත් අලුත් ආගමක් දර්ශනයක් දේශනා කරන්න උත්සාහ කරන්නෙ නෑ.. ඔය උඩින් පල්ලෙන් තේරුම් අරන් බුදු වෙන අය ඇරුනම..

      Delete
    13. @Pathum Herath - ඔබ අසා ඇති බොහෝ කරුණු වලට පිළිතුරු මෙම ලිපිය නැවත පරිශීලනය කළේ නම් දැනගත හැකි වනු ඇත.http://sathsamudura.blogspot.com/2012/06/reject-hamba-brands.html

      නැවතවරක් පවසන්නේ උපතින් මිනිසුන් ලබන ආගම නිසා ඒ මිනිසුන් කෙරේ උරණ වීමටත්වත්, ඔවුන් හෝ ඔවුන්ගේ ආගම් පිළිකුල් කිරීමක් සිදුනොකරමි. අන්තවාදය හා මූලධර්මවාදය මොනම ආගම තුලදීවත් කිසිසේත් අනුමත නොකරමි. හොද මිනිසුන් කොයි ආගමේත්, ජාතියේත් සිටිති. නරක මිනිසුන් සම්බන්ධයෙන්ද එසේමය. සහජීවනයෙන් සාමයෙන්, අවංකවම වාසය කරන මිනිසුන්ට ස්වාභාවධර්මය කවදත් පිහිටවන බව අමතක නොකරන්න.

      එසේම ඊයේ පෙරේදා සිදුවූ සිද්ධියක් නිසා මෙවන් ලිපි ලිවීමට තරම් තත්ත්වකට මා නම් පත්ව නො‍මැත කා‍ලයක සිට ලියන්නට සිතා සිටි ලිපියක් මේ මොහොතේ පළ කරන ලද අතර එකිනෙකට යම් යාවීමක් තිබෙන ආගම් දෙකක් පිළිබදව යම් සුළු කරුණු ප්‍රමාණයක් හා ලෝකය වෙනස් කිරීමකට ලක්කළ හැකි සහ චිරාත්කාලයක් භීෂණයෙන් තොරව හෝ අඩුම මට්ටමකින් පවත්වාගෙන යන ආගම් දෙකක් පිළිබදව පමණක් කතා කළෙමි. (කමෙන්ටුව තව දුරටත් තිබේ..)

      Delete
    14. @@Pathum Herath - ලිපියේ මාතෘකාව බැළු‍වත් ගතවූ වසර දෙදහස තුල සත්‍ය වශයෙන්ම ප්‍රධාන ආගම් ලෙස සලකන ඒවා ගත්තත් ශාස්තෘන්වරුන් බිහිවෙලා නැහැනේ. බුදුන්වහන්සේ, ජේසුස් වහන්සේ හැරුන කොට ඉස්ලාම් ගත්තත් නබිනායකතුමා වගේම හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරු හැරුන කොට අළුතින් දෙවියෙක් බිහිවී ඇත්ද? නැහැ. එකම රටක ඇතිවූ ස්ථාපනය වූ ආගම් ලෙස හින්දු මෙන්ම එයින් යම් යම් ආභාෂයන් ලබා ඇති බෞද්ධාගමේ සමාන කම් තිබෙන්න පුළුවන්. නමුත් හින්දු ආගමේ පමණක් දෙවිවරු කොතෙක් සිටීද? විවිද කරුණු අරඹයා දෙවිවවරු සිටිති. ඔවුන්ගේ විශ්වාසය අනුව බුදුන් වහන්සේ පවා විශ්නු දෙවියන්ගේ දශ අවතාර වලින එකකි. එවන් සංකීර්ණ ආගමක් හා බුද්ධාගම සන්සන්දනය කිරීමට එම ආගම හැදෑරීමට පවා අ‍පගේ ජීවිත කා‍ලයෙන් වැඩි කොටසක් ගතවනු ඇත. මාහට මතක හැටියට ඔබ උසස් අධ්‍යාපනය පවා ලැබූවෙකි. ඔබම දන්නවා නේද කිසියම් සමීක්‍ෂනයකට හෝ සන්සන්දනාත්මක පර්යේෂනයකට යොදා ගන්නේ තෝරාගත් නියැදියකින් කොටසක් බව. එසේ නැතුව මහදැනමුත්තාගේ මල්ලට සියල්ල පුරවා ගත්තා මෙන් සියළු ආගම්, විශ්වාස සියල්ල එකට ගෙන සමීක්‍ෂනයක්, සන්සන්දනයක් කරන්නට යාම කළ හැකිද? ප්‍රායෝගිකද?

      බිලිපූජා හෝ හින්දු ආගම වෙනුවෙන් පවත්වන පුදපුජා නිසා එම ආගම මෙම ස්ථානයට යොදා ගැනීම සම්බන්ධයෙන් තීරණය වීමක් සිදුනොවූ බවද පවසමි.

      එසේම ඕනෑම කෙනෙකුට තමන්ගේ රුචිකත්වය හා දැනුම මත මෙම ආගම් දෙක වෙන් වෙන් වශයෙන් වෙනත් ආගම් හා සැසදීමේ හැකියාව පවති. එය වැලැක්වීමට හෝ එවන් දෙයක අඩංගු කරුණු මුළුමනින්ම බැහැර කිරීමේ හැකියාවක් නොමැත. ඔබ අවසාන වශයෙන් ලබාදී ඇති කමෙන්ටුව වඩා මධ්‍යස්ථ හා පිළිගත හැකි කරුණු වලින් යුතු බවද අවංකව පවසනු කැමැත්තෙමි. මා මාතෘකාවේ පවසා ඇති දෙය හා එය මනාව සැසදෙන බවද පවසමි.

      විවිද උතුම් ගුණාංග ඇති මිනිසුන් රැසක් මෙම ලිපියේ ශාස්තෘන්වහන්සේලාට පසුව බිහිවූහ. එයින් සමහර උතුමන් තිබෙන ආගමක් හෝ ආගම් කිහිපයක උසස් ගුණාංග කැපී පෙනෙන ලෙස දේශනා කරමින් හෝ තමන් සොයා ගත් නව ආගමක් ලෙස දේශනා කරන ලදි. සමහර උතුමන්ලාට (ක්‍රිෂ්ණමූර්තිතුමා වැනි)නව ආගමක් ලෙස නොව මිනිසුන් යහපත් මාර්ගයකට යොමු කිරීමේ අවශ්‍යතාව පමණක් තිබින. කෙසේවෙතත් මෙම යහපත් මිනිසුන් මෙලොවින් නික්මයෑමෙන් පසු එතුමන්ලාගේ ප්‍රයත්නයන්ද ටිකෙන් ටික තුරන් වන්නට විය. අන්න ඒ නිසා තමයි සත්‍ය වශයෙන්ම අපට පිළිගන්නට සිදුවන්නේ ලෝකයේ ප්‍රධානතම ආගම් සදහා පොදු සාධකයක් ලෙස වසර දෙදහසක් ගත්විට අළුතින් ශාස්තෘවරයෙකු බිහි නොවූ බව පවසන්නට වන බව.

      Delete
    15. දිනේෂ්, ඔබගේ ලිපියේ අරමුණ ගැන කිසි ගැටලුවක් නෑ.. එය පැහැදිලියි. ඔබ පවසා ඇති කරුණු සත්‍යයි නමුත් ඔබ ලිපිය ආරම්භයේදීම (වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි) යන්න යොදා ඔබ බුදුදහම සහ ක්‍රිස්තියානි ආගම හැර ලොව ඇති අනෙක් ආගම් සියල්ල එක ගොඩකට දමා තිබීම නිසා පමණයි මා ලියූ දේ ලිව්වේ.. මේ ලිපියේදී ඔබ ලබාගත් නියැදි දෙකම එකම විදියේ ප්‍රතිඵල ලබා දුන් ඒවා.. ඉතින් අවසන් නිගමනය කොහොමත් හොඳයි...

      කොහොම වුණත් මෙවැනි දේ ගැන සාකච්ඡා කිරීම සතුටක්..








      Delete
    16. පැතුම් හේරත්ට පිළිතුරක්..

      මේක තමා පළමු වතාව මං සත් සමුදුරට comment එකක් දාන. Mr.Dinesh Guruge, You are doing a Great Job.
      All The Best.
      මං පුංචි කතාවක් කියන්නම් යාළුවන්ට දැනගන්න.
      මං පිටරට ඉන්න කොට මුණගැහුන සුඩාන් ගෘහනිර්මාණ ශිල්පියෙක් එයාට පල්ලියේදී වෙච්ච සිද්දියක් ගැන.
      මගේ යාළුවා හොද මුස්ලිම් බැතිමතෙක්, දවසක් එයාලගේ Eid Festival එක සමරන්න යන්න කලින් පල්ලියට ගිහින් තියෙනවා. දෙවියන් වැදලා ඉවරවෙලා එලියට එනකොට තවත් මුස්ලිම් කෙනෙක් අහලතියෙනවා උබ හොද මුස්ලිම්ද කියලා. ඉතිං මගේ යාළුවා කියල "ඔව්" කියලා. එතකොට අහල තියෙනවා "එහෙමන් කියපන් උබ Eid උත්සවෙටද වඩා කැමති නැත්තම් Macca උත්සවෙටද කියලා? මගේ යාළුවා කියලා මං මුස්ලිම් මං දෙකටම කැමති කියලා..
      එකෙන් සැහීමකට පත්නොවී අනිත් කෙනා කරදර කරලා තියෙනවා කොහොමහරි කියපන් කියපන් කියලා, බැරිමතැන මගේ යාළුවා කිව්වලු හිතන්න කියලා මුස්ලිම් කියන්නේ ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් කියලා ඉතිං ඒ ලස්සන කෙල්ලගේ එක කකුලක් Eid වන්දනාව නම් අනික් කකුල Macca වන්දනවානම් මම නම් කැමති ඔය දෙකටම නෙවෙයි මැදට කිව්වලු, එකට තරහගිය අනිත් කෙනා බැන බැන යන්න ගියාලු, මගේ යාළුවා කියනවා මුස්ලිම් දහමේ තියෙනවලු ගැහැණු කෙනෙක් එක්ක පිරිමියෙකුට තනිවෙන්න එපා යක්ෂයා එතනට එනවා කියලා. එතකොට පිරිමියා අතින් නරකක් උනොත් එක යක්ෂයාගේ වැඩක් කියලා. මගේ යාළුවගේ තර්කය ඇයි එතනට දෙවියෝ එන්නේ නැත්තේ. දෙවියෝ ආවනම් කොච්චර සුන්දර වෙඉද කියලා. මගේ ජීවිතේ මට මුණගැහුන හොදම මුස්ලිම් බක්තිකයා එයා. මගේ යාලුවට අනුව දෙවියෝ ඉන්නේ මුස්ලිම් ආගමට අනුව අහසේ ස්ථර 7ක් උඩින් නෙවෙයි මිනිස්සුන්ගේ හදවත් වල. මුස්ලිම් ආගමේ තියෙන දැඩි මත බුද්ධිමත් මුස්ලිම් බැතිමතුන් පවා විවේචනය කරනවා. අපේ බෞද්ධ දර්ශණය තුල නැති විකාර දේවල් කොච්චරනම් අපේ පන්සල්වල කරනවද. කියන්න කණගාටුයි මං ඇස්දෙකෙන් දැකල තියෙනදෙවල්. කොහොමුනත් දිනේෂ් කතිකාවතක් ගොතන්න ගත්ත සාර්ථක උත්සහයක්. සුබපැතුම්.

      රන්දික අත්තනායක.

      Delete
  10. මටනම් හිතෙන්නේ බුදු දහමේ තිබෙන ඒහි පස්සිකෝ ගුණය තේරුම නොගැනීම, බුදු දහම අදහන්නට උත්සාහ කිරීම, අද කාලයට ඉතාම උචිත මෙන්ම අත්‍යවශ්‍ය, ධර්ම සංගායනාවක් නොපැවැත්වීම, නිසා තමයි බෞද්ධ දර්ශනය සැඟවී ගොස් තිබෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම සත්‍යයකි. දැන් බුදු දහම භාරව සිටින අයත් තමන්ගේ පෞද්ගලික දියුණුවට හා සුගතියට බුදු දහම යොදා ගැනීමට මිස මිනිසුන්ට සෙතක් ශාන්තියක් ගෙන දීමට අවංකවම මෙහෙයවනවා යැයි සිතීමට නොහැකි බව කණගාටුවෙන් වුවත් කියන්නට සිදුවේ...

      Delete
  11. වටිනා ලිපියක්..එහෙත් විවිධ ආගම් සහ ඒවායේ අන්තර්ගත දාර්ශණික සංකල්ප ගෙන බැලුවොත් ඒවා කිසිවක් එකිනෙකට සන්සන්දනය කල නොහැක. බුදුසමය ආගමක් නොවෙයි. එය විශ්ව සත්‍යය දාර්ශණික භාවයද ඉක්මවා ගිය සියුම් නුවණකින් යුක්තව විදහා පෑමක්..සියලු ආගම් වලින් කෙරෙන්නේ එකම දෙයයි කියන දේ මගේ නොපිලිගැනීමයි..විශ්වයේ පවතින්නේ එකම සත්‍යය නම් ඒ සත්‍යය කියාපාන්නේ විශ්ව නියාමයට අනුකූලව පැවැත්ම ගෙන ගියොත් ඒ තුල සැනසිල්ල උදාවන බවත් විශ්න නියාමට එරෙහිව ගියොත් පැවැත්ම බියකරු වන බවත්ය..බුදුසමය සසර පැවැත්මෙන් සත්ත්වයා එතෙර කෙරෙන ප්‍රතිපදාව උගන්වන අතර අන් ඉගැන්වීම් තුල අත්හැරීම නොව රැස් කිරීම සහ ලෞකික පැවැත්ම පවත්වන අයුරු කියාපායි..බුදුසමයෙහි නූතන විද්‍යාවටත් සිතාගන්නට නොහැකි විද්‍යාත්මක න්‍යායයන් (පරම අංශුව පවා) හෙළිදරව් කරන අතර අන් ඉගැන්වීම් මැවීම්වාදය පිළිගනියි..බුදුසමය හේතුඵල න්‍යායය තහවුරු කෙරෙන අතර අන් ඉගැන්වීම් සියල්ල මැවුම්කාර සර්වබලධාරියකු ගැන අවධාරණය කරයි. බුදුසමය විශ්ව යාන්ත්‍රණය සහ ඒ තුල ජීවිත පැවැත්ම ඇතිවන නැතිවන නැවත නැවත ශක්ති ස්කන්ධ ආදියට පරිවර්ථනය වෙමින් පඤ්ච නියාම ධර්මයක යන ආකාරය මැනවින් පෙන්වන අතර අන් ඉගැන්වීම් සර්වබලධාරී යමෙකුගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවන බව පෙන්වයි..මෙවන් දර්ශනවාද සන්සන්දනය කරන්නට යාම ගැටලු සහිතයි..
    එහෙත් ලිපිය ඉතාමත් කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් ඔබ කියන දේ ඇත්ත බුදු දහම ආගමකට වඩා දර්ශනයක්. ඒත් එහි ගැඹුර වටහා ගැනීමට හැකි හා ඉගැන්විය හැකි පිරිස ඉන්නේ කීයෙන් කීදෙනාද? ඒ නිසා ගැඹුරු හා අල්පයකට පමණක් වටහා ගත හැකි මෙහි අන්තර්ගතය ගැනත් සැලකිල්ල යොමුකරන අතරේ ඊටත් වඩා වල්මත් වූ මිනිස් දිවිය බුදු දහමේ සියුම් සරළ ක්‍රමවේදයන් තුලින් හැඩගැස්සවීම වඩාත් කාලෝචිත වනු ඇතැයි සිතනවා...

      Delete
  12. මල්ලිගේ අඩුපාඩු ගොඩක් තියෙනවා පෙන්නලදෙන්නම් නොමගයන්න පෙර
    මාතෘ කාවේම කියනවා වසර 2000 කට පසුව ආගමික ශාස්තෘ වරයකු බිහිවුනී නැහැ කියල . මනුස්සයාගේ ඇතිවීමේ පටන් අද වනතුරු ආගමික ගුරුවරු බිහිවුන ඉතිහාසය බලන්න
    ලෝකයේ අනිකුත් රටවල තියෙන විස්වාස බලන්න කොච්චර ආගම , ධර්ෂණ තියෙනවද අපේලග රට ඉන්දියාව තුල ම බුදුදහම හා කිතු දහමට අමතරව කොපමණ ආගම් තියෙනවද? මල්ලිට බුදුධහම හෝ කිතුදහම නිවරධි වගේම තවකෙනෙකුට සයි බබා නිවරධිවෙන්න පුළුවන් පසුකාලයේ බිහිවූ ආගම් ධර්ශන තියෙනවා ,
    අනුගාමිකයෝ තමා නැත්තේ . අමතක කරන්න එපා , RICHMOND නේද ගියේ , මුස්ලිම් කොල්ලෝ පන්තියේ හිටියෙනැද්ද ?
    මීටවඩා ලෝකයට විවුර්ත වන්න , මේක ලොකු මාතෘකාවක් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබට මෙම ලිපියේ අනිකුත් ආගම් යොදා නොගැනීමට හේතුව මම ලියා ඇති බව මඟහැරී ඇති හැඩයි
      (//වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි//)

      Delete
    2. එසේම ලෝකයේ පහලවූ ඇතැම් විවිද හාස්කම් යයි ඇස්බැන්දුම් පෙන්වමින් අනුගාමිකයන් ලංකර ගත්තත් තමන්ට කිසියම් විපතක් වූ විට තමන්ගේ හාස්කම් තමන්ට පිහිටට ගත නොහැකි නම් ඔවුන් ව්‍යාජ ශාස්තෘන්වරු මිස වෙන මොනවා කියන්නද? මේ ලිපියෙන් කතාකළේ සහශ්‍රක දෙකක් තිස්සේ ලෝකයේ හොදින් ස්ථාපිත වූ, ලෝක‍ය වෙනස් කිරීමට දායක වූ එහි ශාස්තෘන්වහන්සේලා තම ආගම පැතිරවීමට ලේ නොසල්වා සිටි ආගම් දෙක පිළිබදවයි. එසේ නැතුව ලෝකයේ තවත් ප්‍රධාන ආගම් යයි කියන ලෝකය පුරා භීෂනය බෙදන ආගම් පිළිබදව කතා කිරීමට මගේ මනාපයක් නොමැත(මේ එම ආගම අදහන මිනිසුන් සම්බන්ධයෙන් විරෝදයක් නොව එම ආගම් වල ඉගැන්වෙන දෙවියන්ට සමීප වීමට මිනීමරන්නට උගැන්වීම පිළිබදව කි‍‍බෙන පිළිකුලයි).

      ඒ අනුව මෙම උතුම් මිනිසුන් දෙදෙනාටත් පසුව ලෝකයේ ආගම් සහ ශාස්තෘතන්වරුන් බිහිවු බව සත්‍යයකි. එහෙත් ඔවුන් විවිද ලාභ ප්‍රයෝජන හා පටු අරමුණු නැති මිනිසුන් යයි ඔබට එකහෙළා කිවහැකිද? සෑම ශාස්තෘවරයෙකුම බුදු හිමියන්ට සහ ජේසුස් වහන්සේට සමකළ හැකිනම් පසුගිය කාලයේ අපේ රටේ බිහිවූ හිටිය ගමන් සංකෘදාගාමීගාමී වූ අය, ෂෝට්කට් වලින් බුද්ධත්වය ලැබූ අයටත් වැදුම් පිදුම් කිරීම වරදක් නොවනු ඇත.

      (මෙම කරුණු දැක්වූයේ ඔබ ලිපියේ අඩුපාඩු තිබේ යයි කී නිසා ඒ ගැන උරණව නොව ඔබට මෙම ලිපියේ ඇතැම් කරුණු ගිලිහීමෙන් මෙම ලිපියේ ඇතුලාන්තය වැටහී නොමැති බව හැගුන හෙයින් බවත් කරුණාවෙන් සලකන්න).

      Delete
  13. ඉතාම හොඳ ලිපියක් , හින්දු ආගමත් මෙතනට එකතු වුනා නම් හොඳයි කියල හිතෙනවා , ශ්‍රාස්තෘවරයෙක් නැති වුනත් අනික් සියලුම දහම් වලට වඩා පරන දහමක් (ජීවන ක්‍රමයක් ) ,අතාර්කික ඇදහිලි විශ්වාස අතරේ වුනත් හොඳ දර්ශනාත්මක පසුබිමක් තියනවා , මූලික හරය වශයෙන් ගත්තොත් බෞද්ධ දර්ශනයට ආසන්නයෙන්ම යන්නේ හින්දු දහම . මොකද ඔවුනුත් නැවත ඉපදීම විශ්වාස කරනවා ,වර්ථමානයේ බුදු දහම වශයෙන් අපි කරන ඇදහීම් වලටත් තදින්ම හින්දු ආභාෂය්න් බලපාල තියෙයි , කොහොම වුනත් ආතර් සී ක්ලාක් මහත්තයගේ මිහිකතගේ ගීතය පොතේ (සිංහල පරිවර්ථනය කියවපු නිසා ඒ නමයි මතක ) , කියනවා වගේ අනාගත ලෝකයාට ආගම් අවශ්‍ය වෙන එකක් නැ , මොකද ආගම් වල සහයකින් තොරව හරි වැරැද්ද තෝරගන්න මිනිස්සු බුද්ධිමත් අනෙක් ආතින් ආගම් නිසා ඇතිවේන බේදයන් ඉවත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හින්දු ආගම යොදා නොගත්තේ එම දහමේ සිටින දෙවිදේවතාවන් ප්‍රමාණාත්මකව වැඩිවීම මෙන්ම එහි ඇති සංකීර්ණත්වය නිසයි. කොහොමවුනත් හින්දු ආගමත් බුදු දහම හා සමීප බව පිළිගත යුතුයි. ඔබ අවසාන වශයෙන් පවසා ඇති කරුණ මටත් සිදුවේ යයි සිතේ. ලෝකයේ මිනිසුන්ගේ තවත් කාලයක් යනවිට අනිවාර්යයෙන්ම අදට වඩා බුද්ධිමත් බවෙන් පිරෙනු ඇත (කවදත් මෝඩ තකතිරුවෝ සිටිය බවත් අමතක නොකළ යුතුයි. හෙටත් එවැන්නන් සිටනු ඇත) එවිට ආගම් කෙසේවෙතත් අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන ලෙස මානුශීය ගුණාංගද රකිමින් ජීවත්විය යුතු බව ස්ව්‍යං ඥානයෙන් වටහා ගැනීමට හැකියාව ලැබීමත් සමග ආගම්වල අවශ්‍යතාවද අඩුවනු ඇත...

      Delete
  14. Here are Quran -

    1. I will cast terror into the hearts of those who disbelieved, so strike [them] upon the necks and strike from them every fingertip." (http://quran.com/8/12)
    2. And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful. http://quran.com/9/5)
    3. We will cast terror into the hearts of those who disbelieve for what they have associated with Allah of which He had not sent down [any] authority. And their refuge will be the Fire, and wretched is the residence of the wrongdoers. (http://quran.com/3/151)
    4. And kill them wherever you overtake them and expel them from wherever they have expelled you, and fitnah is worse than killing. And do not fight them at al-Masjid al- Haram until they fight you there. But if they fight you, then kill them. Such is the recompense of the disbelievers. (http://quran.com/2/191)

    ReplyDelete
  15. කාලීන මාතෘකාවක හොඳ සංවාදයක් ගොඩනැගෙන හැඩයි..!

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් පහුවෙලා හරි සංවාදයක් ගොඩනැගීම අළුත් අදහස් ගලා ඒමට හේතුවක් වේවි...

      Delete
  16. දිනේශ්, ඔබ මෙහි ("වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි") ලෙස යොදා ඇති වැකිය අනවශ්ය ලෙස අන් ආගම් අදහන මිනිසුන් සිත් රිදවීමකට ලක්කරයි.
    ලෝකයේ ප්‍රදානම ආගම් හතර වන්නේ, ක්‍රිස්තියානි, මුස්ලිම්, බෝද්ධ , හා හින්දු ආගම් වේ. ඉතින් ඔබ මෙහි වෙනත් ආගම් කියන ඒවට ප්‍රදාන වශයෙන් අයත් වන්නේ හින්දු හා මුස්ලිම් ආගම්ය. මෙවැනි ප්‍රකාශ කිරිම එම ආගම් අදහන ජන කොට්ටාශ සිත් රිදවීමකට ලක්කිරීමකි. කරුනාකර හැකිනම් එම ප්‍රකාශය ඉවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් සර්වාගමික සහජීවනය කියන මගඩියට අසු කෙනෙක්.

      ඇත්ත කියන්න බය වෙන්න ඔනෙ නෑ.

      Delete
  17. "වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි"

    ඔය කියන ආගම මුලු ලෝකයටම පිලිලයක් වෙලා ඉවරයි දැන්.

    ReplyDelete