Sunday, September 16, 2012

ප්‍රයෝජනවත් කුඩා මෘදුකාංගයක් පිළිබදව කුඩා ලිපියක්

මේ ලිපිය නම් බොහොම කුඩා එකක්. හැබැයි එකෙන් පැවසෙන දෙය නම් ඔබට ඇතැම්විට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඉඩතියෙනවා. මෙම මෘදුකාංගය පරිවර්ථක මෘදුකාංගයක්. නියමාකාරයෙන්ම කියනවා නම් මෙයින් Flv ‍එහෙමත් නැත්නම් Flash Video files අපි කැමති ආකෘති කිහිපයකටම පරිවර්ථනය කර ගන්නට හැකියාව ලබා දෙනවා. MPEG 4, DivX, XVid, MP3, WMV, 3GP වගේ ‍Format කිහිපයකටම පරිවර්ථනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

දැන් ඔබට හිතෙන්න පුළුවන් අද අන්තර්ජාලයෙන් බාගත කරගන්න තිබෙන මෙම කාර්යය කර ගන්න පුළුවන් මෘදුකාංග තො‍ගය හැටියට මේක මහා දෙයක්ද කියලත්. හැබැයි මේකයි කාරණේ මෙහි ප්‍රමාණය 5 MB තරම් කුඩායි. ඒ‍වගේම නොමිලේ ලබා ගන්න පුළුවන් මෙම අඩවියෙන් http://www.flvtoavi.com/.

ඒවගේම අවසාන වශයෙන් කියන්න ඕන මෙයින් covert කරල දෙන video එකත් හොද quality එකකින් බලන්නත් පුළුවන් කම ලැබෙනවා.

7 comments:

  1. වටිනවා දිනේෂ්.....
    භාණ්ඩෙ පොඩි වුණත් කරල දෙන වැඩේ නම් පොඩි නැහැ වගෙයි....

    ReplyDelete
  2. පොඩි වුනත් යම් අවස්ථාවක මේක , ලොකු උදව්වක් කරන්න පුළුවන් නිසා , ඕන වුන ගමන් ඔබේ පිටුවටම ඇවිත් අරගෙන යන්නයි හිතාන ඉන්නේ ..
    ස්තුතියි ඔබට ..

    ReplyDelete
  3. මම නම් හුඟක් වෙලාවට ලොකු ෆයිල්ස් එහෙම ක‘න්වර්ට් කරන්න පාචිච්චි කරේ xilisoft video converter එක. ගොඩක් ෆෝමැට්වලට සපෝට් කරන නිසා ඒක ප්‍රයෝජනවත්. jet Audio වලත් flv ෆයිල් ක‘න්වර්ට් කිරීමේ පහසුකම තිබෙනව. මේකත් ට්‍රයි කරල බලමු, පොඩි ෆයිල් එකක් නිසා අරන් බලන්න ඕන. ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  4. සොෆ්ට්වෙයාර් කෑල්ල නම් හොඳයි වගේ. දැන් කොහොමත් පොඩි දේවල් වලට කැමති අයනේ ඉන්නේ.....

    ReplyDelete