Friday, March 11, 2011

බ්ලොග් එකේ Tutorial එකක් විදියට දාන්න හිතාගෙන ඉන්න HTML කේතයක් ‍කොහොමද දාන්නේ???

මෙන්න අද දවසේ සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහන වෙනුවෙන් පල කෙරෙන තෙවන බ්ලොග් සටහන.

බ්ලොග් එකට දාගන්න පුළුවන්  Gadget  එකක් හරි Optimize කරන්න හරි තියෙන HTML code එකක් බ්ලොග් සටහනකට ඇතුළු කරගන්න ගියාට ඒක එක පාරටම Paste කරල හරි type කරල හරි කරගන්න බැහැ නේද?

මටනම් මීට කලින් දාපු බ්ලොග් එක ඉක්මනට Load කර ගන්න උපක්‍රමයක් සටහනේදී ආවා පස්සේ මට ක්‍රමයක් හම්බවුනා. මුලින්ම මම HTML Parse කියන html code එක අපේ වැඩේට ඕනවිදියට convert කරගන්න Tool එකක් සොයාගත්තා. මෙන්න ඒ link එක - HTML Parse

ඊට පස්සේ අදාල කේතය ඒකට paste කරල convert කර ගත්තා. මෙන්න මුල් කේතය සහ convert කර ගත්තට පස්සේ ලැබුන කේතය;

මුල් කේතය :


Convert කර ගත්තට පස්සේ ලැබුන කේතය :
මේ convert කර ගත්තට පස්සේ ලැබුන කේතය අපේ බ්ලොග් ලියන Compose Mode එකටම Paste කර ගන්න එක තමයි ඊලගට තියෙන්නේ. කරලම බලන්නකෝ...
 මෙන්න මීට කලින් අද දවසේ දමාපු බ්ලොග් සටහන් දෙක - 
 බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්..."
 බ්ලොග් එක ඇතුලට ‍Document එකක් ඔබ්බමු...

4 comments:

  1. http://panhidaa.blogspot.com/2010/08/html-code-text_277.html Makth Balnna Oya math Livva oya vga post akk esara

    ReplyDelete
  2. @Nadun - ඔයයි, මමයි දෙන්නම ලියල තියෙන්නේ එකම දෙයක් ගැන දෙවිදියකට වගේ. කොහොමවුනත් මම ඔයා මීට කලින් ‍ඒක ලියල තිබුන බව දැක්ක නම් මම මේ සටහන දමන්නේ නැහැ. මේ සටහනෙන් ඔබට යම් අසාධාරනයක් වූ බව හැගේ නම් ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

    ReplyDelete
  3. @Akila's Blog - ස්තූතියි! නැවත එන්න ...

    ReplyDelete