Tuesday, March 15, 2011

Google Chrome වලින් ගන්න පුළුවන් ඔක්කොම වැඩ ගමු...

මමත් මෑතක් වෙනකම් වැඩියෙන්ම පාවිච්චිකලේ Mozilla Firefox. හැබැයි බ්ලොග් වැඩේට අතගැහුවට පස්සේ තව බ්ලොග් ලියන මිතුරෙක්ගෙන් ඇහුවහම කිව්වේ Google Chrome තමයි හොද කියල මේ වැඩේට. හැබැයි ඒකනම් ඇත්ත. යුනිකෝඩ් වලටත් හොදට Support කරනව වගේම Speed එකත් හොදයි.

ඒත් අපි Google Chrome වලින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නේ නැහැ කියල තමයි පේන්නේ. මට ඒක තේරුනේ අද.

Mozilla Firefox වලට දාගන්න පුළුවන් Addons කොච්චර තියෙනවද කියල ඔබ දන්නවනේ. ඒවගේම අද තමයි මට අහුවුනේ Google Chrome වලටත් සෑහෙන්න Addons නැත්නම් extensions තොගයක් තියෙනවා.
මෙන්න මේ අඩවියට ගියාම ඔබලාටත් එය පෙනේවි. https://chrome.google.com/extensions/?hl=en


(අද ඇත්තටම මේ බ්ලොග් සටහන නෙමෙයි දාන්න හිතාගෙන හිටියේ ඒක පෝස්ට් කරන්න ඔන්න මෙන්න තබා තිබියදි ඒකට එකතු කරන්න පුළුවන් තව ගොඩක් විස්තරයි,පින්තූරයි නිසා ඒක තව සංශෝදනය කරන්න නැවත පටන් ගත්තා. හෙට විතර ඒකේ පළමු කොටස දානවා. ඒ පෝස්ට් එක දීර්ඝ සහ ඔයගොල්ලන්ට ගොඩක් වෙලා කියවන් පුළුවන් එකක්.)

12 comments:

  1. එල එල ..... දිගටම ලියන්න .....

    ReplyDelete
  2. අපි නම් නරියා තමා පාවිච්චිය

    ReplyDelete
  3. @රත්ගමයා-මමත් මේකට අමතරව ඒක තමයි පාවිච්චිය‍.

    ReplyDelete
  4. extensions wagema chrome applicationsuth niyamayi
    :-)
    Keep writing! :D

    ReplyDelete
  5. ක්‍රෝම් තමා මමත්.. ක්‍රෝම් රොක්ස්..!

    ReplyDelete
  6. @චතුවා (ළමයා) - නියමයි!

    ReplyDelete
  7. ක්‍රෝම් පට්ටය........ වෙන එකකටත් වඩා ක්‍රෝම් හොඳය.............

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  8. @අළුත් කොල්ලා - නරක නැත එහෙත් සමහර වේලාවට වෙනත් ඒවාද අවශ්‍ය වන ‍අවස්ථාද ඇත...

    ReplyDelete