Saturday, February 26, 2011

Rambo සිංදු කියයි!!

Rambo කියන‍්නේ කව්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුලින්ම ලියපු සිනමාව ගන සටහන් වලිනුත් එකක් වුනේ මෙයා ගැනයි. Sylvester Stallon ගේ ලංකාවේ නම් මම හිතන්නේ එතරම් ජනප්‍රියවෙච්ච හෝ දැකගන්න නැති චිත්‍රපටි දෙකක් ගැන තමයි අද නම් කියන්නේ. මේ මුලින්ම කියන එකේ නම් Sylvester සිංදුත් කියනවා. ඒ වගේම ඒක විහිළු ච්‍ත්‍රපටියක් කිව්වත් වරදකුත් නැහැ. මේකේ නම තමයි Rhinestone. Taxi රියදුරෙකු වෙලා ඉදලා country music star කෙනෙක් වෙන එකේ බොහොම විනෝදාත්මක කතාවක් තමයි තියෙන්නේ. Stallon වගේම ප්‍රධාන නිළිය ලෙස රඟපාන Dolly Parton ට, මේ කියන country music පිළිබද තිබෙන නිපුනතාවයත් නිසාම චිත්‍රපටිය තවත් ප්‍රේක්‍ෂකයා ඇදබැද තබා ගන්නවා කිව්වත් වරදක් නැහැ.

දෙවන චිත්‍රපටියත් අපේ රටේ නම් ජනප්‍රිය වුනාද දන්නෑ ඒකත් විනෝදාත්මක එකක්.එකේ නම තමයි Stop! Or my mom will shoot.පොලිස් නිලධාරියෙක්‍ගේ චරිතය රඟපාන Stallon සහ ඔහු බැලීමට පැමිනෙන ඔහුගේ මව නිසා සිදුවන විනෝදජනක දේවලින් පිරුන මෙම සිනමා සිත්තමත් බොහොම රසවත්.

මෙම චිත්‍රපටි දෙකම VHS යුගයේ එසේත් නැත්නම් 80 දශකයේ නිපැයුන නිර්මාණ. සාමාන්‍යයෙන් Sylvester Stallon අපිට දැකගන්න හම්බවෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටිවලින් වුනත් ඔහුට විහිළු නළුවෙකුවුනත් වෙන්න බැරි නැහැ කියන්න මෙම චිත්‍රපටි දෙක හොද උදාහරන කියල කියන්න පුළුවන්.  මේවා torrent හරහා නම් සොයාගන්න අපහසුවෙන එකක් නැහැ. 

2 comments:

  1. පලමු එකනම් බලල නෑ සහෝ, ඒත් දෙවෙනි එකනම් බලල තියෙනව, ඒක ඇත්තටම ලස්සනයි,බලමු try එකක් දාල පලමු එකත් බලන්න, ඒත් අවංකවම බැලුවොත් හිතෙනව නේද සහෝ Sylvester Stallonගේ පෞර්ශත්වය ගැලපෙන්නෙ, ක්‍රියාදාම චිත්‍රපට වලට කියල. ස්තූතී

    ReplyDelete
  2. සංහිද පාමුල - ඔව් මම ඒකට එකඟයි. මොකද Stop! Or my mom will shoot චිත්‍රපටියේ සමහර දර්ශනවලදී Stallonගේ පෞර්ශත්වය සහ ජවසම්පන්නභාවය හොදින් ඉස්මතුවෙන වෙලාවෙදි ඒක පැහැදිලිවම කියන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපට වලට තමයි වැඩිපුර හොද කියලා.

    ReplyDelete