Tuesday, February 8, 2011

Mastiff බළු තඩියා

මෙයා තමයි Mastiff'. බළු තඩියා කිව්වෙ නම් තරහට නෙමේ. මොකද මෙය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුනඛ ලෝකයේ දේහදාරියෙක්.
පේනවනේ මූනේ සැර. මෙයා ඇත්තෙන්ම බොහොම ක්‍රියාශීලී බළු වර්ගයක් තමයි. හැබැයි සැර වුනාට ස්වාමියට නම් ඉතා කීකරු වැදගත් විදියට හැසිරෙන හොද සතෙක් කියල තමයි හැමතැනම කියන්නේ. මෙයා හොද ඉතිහාසයක් තියෙන පරම්පරාවක එක්කෙනෙක්. කොච්චර පරණද කියනවනම් ක්‍රි.පූ. 3000 කට එහාදි ඇදපු මෙයගේ රූපත් තියෙනවළු ඊජිප්තුවේ. ඒ එක්කම සීසර්ගේ හමුදාවේ සේවයටත් මෙයා යොදවල තිබුන කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒවගේම ක්‍රි.පූ. 2000 වගේ කාලෙදී එංගලන්ත රටෙත් මෙයාල වාසය කල බවට තොරතුරු හමුවෙනවා. එංගලන්තෙදී මෙයාල ඒ කාලේ හදුන්වල තියෙන්නේ Old English mastiff කියලයි.

ඒවගේම රෝමයේ කොලෝසියම වගේ තැන් වල තිබුන සංදර්ශනවල මෙයා සුරුවිරුකම්පාලා තියෙන්නේ තවත් සුනඛයොන්ටම පමණක් එරෙහිව නෙවේ, ඒ වලස්සුන්ට, කොටින්ට, සිංහයන්ට, හරක් සමග මෙන්ම ග්ලැඩියේටර්ල එක්කත් හරි හරියට පොර බදල තියෙනවා. එහිදී විතරක් නෙවෙයි සුදු මහත්තුරුන්ගේ එංගලන්තෙදිත් ඔය බළු පොර වගේම වලස් පොර වගේ ඒවටත් සහභාගීවෙලා කප් ගහල තියෙනබව තමයි ආරංචිය.

ඊට අමතරව Mastiff' ගොවිබිම් සහ නිවාස වෘකයන් සහ වෙනත් වන සතුන්ගෙන් ආරක්‍ෂාවට යොදවා ගෙන තිබෙන අමතරව, වර්තමාන‍යේ නිවාස ආරක්‍ෂාවට හා සුරතලෙකු ලෙසත් ඇතිදැඩි කරනවා.

Mastiff' උස මහත කෙනෙක් කියල මුලින් කිව්ව වගේම උස හරියටම නොකිවුවොත් අඩුවක්නේ, උස පිරිමි සතාගේ අඟල් 30 ක් විතරත්, ගැහැණු සතාගේ උස අඟල් 27 ක් විතර වැඩෙන බව තමයි කියන්නේ.බර ගත්තොත් කිලෝ ග්‍රෑම් 70 ක් 84 ක් අතර ප්‍රමානයක් මෙයාගේ වෙන එකත් කියන්න ඕන.හිස විශාල වගේම පළල් එකක්. කන් දෙකත් කඩා හැලෙමින් තමයි තියෙන්නේ. ඒවගේම බෙල්ල සහ පාදත් හොද ශක්තිමත්බව මෙයාව දැක්ක ගමන්ම පේනවනේ.

මෙයාගේ විශාලකම වැඩි නිසාම සමහරවිට මෙයා කුඩා දරුවන් සිටින ‍ගෙවල් වල ඇති දැඩි කරන්න පුළුවන්ද කියල ගැටළුවක් පැන නගීවි. මෙන්න ඒකෙදි නම් කියන්නේ කුඩා දරුවත් සමගම කුඩා Mastiff පැටියෙකුත් සමගාමීව හැදෙනව නම් දෙන්න අතරේ යහළුකම ඇතිවෙනව වගේම දෙන්නට දෙන්න හිංසා කරගන්නෙ නැති බවයි. ලොකු Mastiff කෙනෙක් වුනත් පොඩි දරුවත් එක්ක තියන්න බැරි නැහැ. මොකද මෙයා ස්වාමියාට හොදින් ආදරය කරන ලැදි සතෙක් නිසා. නමුත් කුඩා දරුවන් මේ සතාට තදින් කතා කරනව හරි, ඔහුට යමකින් පහර දීමක් හරි කිරීමෙන් මෙයා කෝපයට පත් වුනොත් ටිකක් බැරෑරුම් තත්වයක් පැන නගීදෝ යන සැකය නිසා ටිකක් කල්පනාකාරීවෙන එක හොද බවයි මෙය ගැන හොදට දන්න කියන අය කියන්නේ.

කො‍හොමත් මෙය විශාල නිසා මෙයාව හදන්න කියන්නේ ටිකක් විශාල වත්තක හෝ පිටිසර බද පලාතක තමයි. මෙයට ටිකක් ව්‍යයාම එහෙමත් දෙන්න වෙනවා. Mastiff අපේ රටේ නම් ටිකක් අඩුයි. මිල එහෙමත් වැඩි ඇති.

Mastiff  ගැන එහෙනම් මෙතනින් නවත්වන්නම්. හැකියාවක් තිබුනොත් තව අපේ පැරණිම මිත්‍රයාගේ තවත් කෙනෙක් ගැන ඉදිරියේදිත් කතා කරන්නම්.

කලින් කතා කරපු දඩෝරියන් ගැන බලන්න මෙන්න මේ දැක්වෙන ඒ ගොල්ලන්ගේ නම් උඩම Click කරන්න
Pit Bull
Bloodhound

6 comments:

  1. මේ ප්‍රතිචාරය විශේෂයෙන්ම "ටජ්මහල්" ලිපිපෙල සම්බන්ධවයි.

    බොහොම ඉහලයි.ලස්සනට ලියලා තියෙනවා. මාතෘකාවේ ඇති සංවේදී ස්වභාවය නිසා සමබරතාවය ‍රැකගන්න අමාරුබව තේරෙනවා. ඒත් පසු වදනෙන් ඒවා වල සැර බාල වෙනවා. මේ වගේ ලිපි වලට මෙයිට වැඩිය ප්‍රසිද්ධියක් ලැබිය යුතුයි. පුළුවනි නං හැම ප්‍රතිචාරයමට කෙටියෙන් හරි පිලිතුරු සපයන්න. කියවන්නන් රඳවා ගැනීමෙ රහස ඒකයි.

    ReplyDelete
  2. @ Siribiris - ගොඩක් ස්තූතියි. මම ඇත්තෙන්ම ඔබ සමඟ එකඟ වෙනවා. මම ටිකක් කඩිමුඩියේ දීර්ඝ බ්ලොග් සටහන් කිහිපයක්ම ලියන්න වුන නිසා පිළිතුරු සැපයීමට ප්‍රමාද වුනා. කෙසේ නමුත් ඔබ සැම සපයන අදහස්, විවේචන, ප්‍රශංසා සහ Follow කිරීම තමයි බ්ලොග් එක තව තවත් සාර්ථක වෙන්නත්, මා ධෛර්යයමත් වෙන්නත් ප්‍රධාන සාධකයක් ලෙස මාත් සලකන්නේ. තවදුරටත් ඔබ සැමගේ ඕනෑම අදහසක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලාසිටින අතරම හැකිතරම් ලිපි වල සමබරතාවය, ගුණාත්මකබව රදවා ගැනීමටද අවධානය යොමුකරමි.

    ReplyDelete
  3. මේකත් කලින් Siribiris ට යොමුකරපු කමෙන්ටුවටම දිගුවක් ; ටජ්මහල ගැන ලියද්දී ඇත්තටම සෑහෙන්න දුරට මම කාගෙවත් හිත නොරිදෙන ලෙස ඉදිරිපත් කරන්න විශාල ප්‍රයත්නයත් යෙදුව. නමුත් අදාල මාතෘකාව වෙනත් අයෙකුලියපු දෙයත පරිවර්තනයක් නිසා, එයට හානියක් නොවීම සදහාත් එහි ඇති කරුණු එසේම ඉදිරිපත් කිරීමටද සිදුවුනා.ඇත්තටම ඒක ලෝකේ සියළු වර්ගයකම මිනිස්සුන්ටම අයිති වස්තුවක් නිසා ඉතිහාසගත කරුණු කෙසේ වෙතත් සෞන්ධර්යාත්මක වින්දනයක් එයින් ලබන්නට කියා මම ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  4. සැරයි කිව්වට හැම එකාම සැර නෑ. අපි ලගට ගෙනත් තිබුනා බුල් මස්ටිප් කෙනෙක්. නම xeena. සැර කියලා දෙයක් දන්නෙවත් නෑ එයා. මාස හයක පැට්ටෙක්. ඒත් අග නම් පොඩි නෑ.

    ReplyDelete
  5. ඔබ කියන එක හරි. මොකද මෙයා වගේම වෙනත් සුනඛයන්වුනත්ගේ සැර වැඩිවීම හෝ අඩුවීම කෙරේ ස්වාමියා මොවුන් කෙරේ දක්වන සැලකිල්ල, ඔවුන් පුහුණු කිරීමට යොදාගත් ක්‍රමවේදයන් සහ ඔවුන් කෙරේ දක්වන ආදරය ප්‍රධාන වශයෙන් බලපානවා.

    ReplyDelete
  6. @වීරප්පන්- මම පස්සේ තමයි දැන ගත්තේ ඔයා Vet faculty කියල. ඔයා ඉතින් මටත් වැඩිය හොදින් සත්තුන්ගේ දේවල් දන්නවනේ. මම ලියල තියෙන සත්තුගැන දේවල් වල වැරැද්දක් තියෙනවානම් කරුණාකරල පෙන්වන්න කියලත් කියනවා.

    ReplyDelete