මම මේ වගේ බ්ලොග් සටහනක් නම් සත් සමුදරට එක් කරන්න එතරම් කැමැත්තක් නැහැ. ඒත් මේ මාතෘකාව ගැන කාලයක් තිස්සේ හිතේ තියෙන කලකිරීම නැතිකරගන්න මේක දැම්මොත් හොදයි කියල හිතුවා. හැබැයි මේකෙන් කාගෙවත් හිත් රිදවන්නවත්, මඩක් ගහන්නවත් හිතල ලියන එකක් නොවෙන බව අවධාරනයෙන් කියන්න ඕන.
අපේ රටේ ඉහත කිවුව තුන් කොට්ඨාශය පිරිමි වගේම ගැහැණුත් රාශියක් බිහිවෙලත් තියෙනවා, වර්තමානයෙත් බිහිවෙනවා. ඒක ගැන ඇත්තෙන්ම සෑහෙන්න ආඩම්බරයක් හිතටත් දැනෙනවා ඒ අපි හැමෝම ලංකාවේ පුරවැසියෝ නිසා සහ ඔවුන් අපේ පුංචි රට ලෝකයට ගෙන යන්න සිදුකරන දායකත්වය නිසා. මොකද මොන ප්‍රශ්න තිබුනත් අපේ රට තරම් වටින රටක් අපිට නැති නිසා. ඒ වගේම තමයි මාළුවට වතුර නැතුව ජීවත් වෙන්න බැහැ වගේම කොතරම් නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ බිහිවුනත්, ඔවුන් අතිශයින් දක්‍ෂවුනත්, රසිකයෝ හෝ ප්‍රේක්‍ෂක ජනතාව ඔවුන්වටා නැත්නම් වැඩිකාලයක් ඔවුන්ගේ ක්‍ෂෙත්‍රය තුල, ඔවුන්ට ස්ථාවරවීමට නොහැකිවන බවත් අවිවාදයෙන්ම පිළිගතයුතු කරුණක්. හැබැයි අපේ රටේ ජනතාවත් නොමසුරුව ඔවුන් වටා රොක්වී සිටින බවත් හොදින්ම අපි දන්නවා. ඒත් බහුතරයක් දෙනා එසේ ජනතාව සමග සිටිනවාද? ඔවුන් රසිකයන් හෝ ප්‍රේක්‍ෂකයන්ගේ පිහිටෙන් ලබන රන්මසු හෝ දහසින් බැදි පියලි, තමන් ඔසවා තබන ජන සහෘදයන් යම් ව්‍යවසනයකට ලක්වූ විට අල්ප මාත්‍රයකින් හෝ ලබා දෙනවාද?
මේ දවස් වල ඇත්තෙන්ම අපේ රටේ අධික වැස්ස නිසා ගංවතුර, නාය යාම් සහ ඒ සමග සමගාමීව පැමිණෙන නොයෙකුත් උපද්‍රව නිසා කී දාහක් අවතැන්වෙලාද, ගෙවල් දොරවල් අහිමිවෙලාද, මිය ගිහිල්ලද? ඒ සහෝදර ජනතාව වෙනුවෙන්, අපේ රටේ නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ කීයෙන් කී දෙනාද තමන්ගේ පෞද්ගලික ධනයෙන් දායක වෙලා තියෙන්නේ? මේ අවස්ථාවේ විතරක් නොවේ, මීට පෙර මෙවැනි අභාග්‍යසම්පන්න කාලවලදීත්, කීයෙන් කී දෙනාද තමන්ගේ පෞද්ගලික ධනය අල්ප මාත්‍රව හෝ ඒ සදහා ලබා දුන්නේ? ඔවුන් වැඩිදෙනෙක් සෑම විටම කරේ කොළඔ හෝ තදාසන්න නගරයක කැට හොල්ලපු එක විතරයි නේද?එකටවත් මේ ක්‍රීඩකයෝ කියන කොට්ඨාශය නම් සම්බන්ධවූ වගක් අහන්න ලැබුනෙත් කලාතුරකින්.
අපේ රටේ සිද්ධවෙච්ච බිහිසුනුම ව්‍යවසනය වෙච්ච සුනාමි වෙලාවෙදීත් කලාකරුවෝ මෙහෙම කැට හොල්ලල, ජනතාවගෙන්ම සල්ලි එකතු කරන එක ගැන, අපේ රටේ මෑත කාලෙදී බිහිවුන බොහොම නිවුන සම්භාව්‍ය ගීත ගයන, අද ලොකු තනතුරක් දරන ගායකයෙක්ගෙන් ඇහුවාම “ඔබ කැට වලට එකතු කර ගන්නෙත් මේ රටේ මිනිස්සුගෙම සල්ලි නේද? කියල, එවිට ඔහු කීවේ “ඊට වඩා මොනව අපි කරන්නද කියල?” මම කියන්නේ නැහැ ඔවුන් තමන්ගේ දක්‍ෂකමින් බොහොම කැපවෙලා ඒ අය ගොඩනගා ගත්ත ප්‍රතිරූපයෙන් හම්බකරන හැම සතයක්ම පෙරලා නැවත අපේ රටේ මිනිස්සුන් දෙන්න කියල. හැබැයි ඔවුන් අද ඉන්න තත්වයට ඔසවා තබන්නෙ උර දූන්නෙත් අපේ රටේ මිනිස්සු කියන එක අමතක කරන්න හොද නැති නිසා, සුළුවෙන් හෝ කැට හොල්ලනවට වඩා යමක් කරන්න පුළුවන් නේද?
ඒ වගේම තමයි අපේ ක්‍රීඩකයොත් සුනාමි අනතුරට පස්සේ විශාල Publicity ක් එක්ක මොන මොනවද ව්‍යෘපෘතිවගයක් පටන්ගත්ත නේද? මොනවද කියල දැන්නම් මතකයකුත් නැහැ. කොහොමවුනත් ඒවා නියම විදියට අවසන්කරල, අදාල පාර්ශව වෙත ඒවා භාරදුන්නාද?
H.R.ජෝතිපාල, විජය කුමාරතුංග වගේ ගායකයෝ සහ නළුවෝ අදටත් මිනිස්සුනගේ මතකයේ නොනැසී පවතින්නේ ඔවුන්ගේ ගායන හෝ රංගන කෞෂල්‍යය නිසාම නොවේ. ඔවුන් තුල තිබුන මනුස්සකම නිසයි. ඒක නිසා තමයි තවමත් ඔවුන් ගැන ලියවෙද්දි, කියවෙද්දි රටේ හිටිය පොඩිම මිනිහ එක්කත් ඔවුන් තුල තිබුන බැදීම ගැනත් ඕනෑ තරම් උදාහරන එලියට එන්නේ. මෑතක එහෙම හිටිය හොද මනුස්සයෙක් තමයි ගුණදාස කපුගේ. ඇත්තෙන්ම ඒවගේ ඉදිරියට එන කලාකරුවන්ට උදව් උපකාර කරපු, ඕනම මනුස්‍සයෙකුට ලගට ගිහිල්ල කතා කරන්න පුළුවන් කෙනෙක් අකාලයේ මියැදුන එක ගැන නම් සෑහෙන ශෝකයක් හිතට දැනෙනවා. ඒවගේම තමයි අපේ රටේ අවර ගණයේ ගායකයෙක් කියල හංවඩු ගහපු ජිප්සීස් නායක සුනිල් පෙරේරත් තමන් උපයන ධනයෙන් කොටසක් සමාජ සේවයේ යොදවන බව ඔහු රහසක් විදියට තමයි තියාගෙන ඉන්නෙ. ඒක එලිවුනෙත් ඔහු සහභාගීවෙච්ච රූපවාහිනී වැඩ සටහනකදී. නමුත් අපේ රටේ වැඩි දෙනෙක් ඔහුගේ ගීත වලට හෝ ඔහුට දොස් කියනව මිසක් ඔහුකරන සද්කාර්යය ගැන හොයල බලල ප්‍රශංසා කරනවද?
ඒවගේම තමයි විදේශ නළු නිළියෝ බොහෝ දෙනෙක් තමන් උපයන ධනය හෝ තමන්ගේ නිපුනත්වය නොමිලේ ලබාදීල බොහෝ සමාජ සේවා කටයුතු වලට දායක වන එක ප්‍රසිද්ධ කාරණයක්. ඒත් අපේ රටේ වැඩි දෙනෙක් ඔවුන්ගේ චරිතය හෝ කල්කිරියාව ගැන සමච්චල් කරනව මිසක් අර පුද්ගලයකරන පැසසිය යුතු කරුණ ගැන කතා කරනවද?
Australia Cricket team එකේ හිටපු නායක Steve War තරඟ වලට ලංකාවට ආවහම තමන්ගේ බෑග් එක උස්සන දුප්පත් මනුස්සයට ගේකුත් හදල දීල, පස්සේ ලංකාවට එන හැම අවස්ථාවෙම ඒ ගෙදරට ගිහිල්ල අර මනුස්සයගේ තොරතුරු විමසපු එක ඔය අය සමහරු දන්නවත් ඇති. ඒවගේම ඔහු ඉන්දියවේ කල්කටාවේ අනාථ දරුව්න් රැසකගේ කැපකරු පියා ලෙසත් දායක වෙලා තියෙනවා. අපේ මිනිස්සු ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කාරයොන්ට වෛර කරනව මිසක් පිටියෙන් පිටදී ඔවුන් කරන හොද දේවල් ගැන කතා කරනවද? ඔවුන් ක්‍රිකට් පිටියෙදි නම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරනව තමයි. හැබැයි පිටතදී නම් බොහොම මිත්‍රශීලි බව තමයි කියන්නේ. ඔවුන්ගේ ආක්‍රමණශීලී බව ඔවුන්ගේ ලේ තුලම තියෙනව ඇති. මොකද ඕස්ට්‍රේලියාවේ මුලින්ම පදිංචිකරල තියෙනබව කියන්නේ එංගලන්තේ හිටපු හිරකාරයොයි, පිටුවහල් කරපු අයයි කියලනේ.
අවසානයේදී කියන්නේ මම මේ කාටවත් මඩක් හෝ හිත් රිදවීමක් කරා නෙවේ. අපේ රටේ දැනුත් මිනිස්සුන්ට උදව්කරන, මුල මතක තියෙන මුලින් කියපු නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ සිටිනවා. නමුත් එසේ නොකරන පිරිසකුත් සිටින බව නම් කණගාටුවෙන්වුනත් කියන්න සිද්දවෙනවා.
ඔය ගැන කතා කරලා වැඩක් නෑ බන්...කොච්චර කිව්වත් ඔච්චරයි...
ReplyDeletehttp://sun-ge-lookaya.blogspot.com/2011/01/blog-post_30.html
කතාව ඇත්ත මචන් අපේ රටේ උන් විතරයි ඔය විදිහට වැඩ කරන්නේ . ඇමරිකාවෙ ඉන්දියාවෙ සිනමා තරු සමාජ සත්කාර වල්ට දායක වෙන විදිහ දැක්කාම අපේ උන් ගැන චික් කියල හිතෙනව , අපේ උන් දන්නේ රෙදි හොරකම් කරන්නයි , එක එක දේශපාලකයනිට කඩෙ යන්නයි විතරයි
ReplyDeleteමචන්ස්... ඇමරිකාවෙ ඉන්දියාවෙ ඉන්න නලුවන්ගෙ වත්කම් සමහර විට අපේ දළ ජාතික නිෂ්පාදිතයට වඩා වැඩීයි. ෂා රුක් ඛාන් වගේ නලුවෙක් එක රැයකට පෙනී සිටීමකට ගන්නවා ඉන්දියානු රුපියල් කෝටි හතරක්. ඒත් හොලිවුඩ් නලුවන් එක්ක ගත්තම ෂා රුක් ලා හිඟන්නෝ...
ReplyDeleteඇයි ඔය විදියට බලන්නේ... මේ රටේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගත්තු මිනිස්සු රටට ණයකාරයෝ නොවෙයිද? බදු ගෙවන්නන්ගෙ මුදලෙන් කී කෝටියක් ඒ වැඩේට යනවද?
ගායකයෙකුගෙන් නලුවෙකුගෙන් සමාජය බලාපොරොත්තු වෙන සාටෝප ජීවිතය සඳහා වත් වියදම් කරන්න සල්ලි නැති අපේ ගායකයෝ/නලුවෝ 'අපි වෙන මොනව කරන්නද?' කියල කිවුවං මොකෝ?
ක්‍රිකට් ක්‍රීඩකයන් නම් දුප්පත්තු නොවෙයි... ඒත් අපි මොකටද බං කාගෙවත් පරිත්‍යාගශීලකම අඩු වීම ගැන දුක් වෙන්නේ... මං නං දෙන දේ දීල නිකං ඉන්නව මිසක් ඕව නං මට වැඩක්නෑ.
සම්පත් කිව්ව විදියට අපේ රටේ කලාකාරයෝ කියන කොටසින් වැඩි කොටසක් මහ ධනපති නෙවෙයි. සාටෝප ජීවිතේට ඔවුන් උපයන දේ වැය කරනව වෙන්න පුඵවන්. ඒත් ඒ ඔක්කොම නෙවෙයි. වැඩිපුර උපයා ඇති අයත් ඉන්නව. ඒත් මේ මිනිස්සු විපත් අවස්ථාවලදි ජනතාවට පිහිට වෙන්න නාවට අපරාදෙ කියන්න බෑ මැතිවරණයක් එද්දි කාට හරි හෝල් සේල් කඩේ යන්න එකතු වෙනව. ඒත් මුදල් වරප්‍රසාද වෙනුවෙන්. ඊට අමතරව පුඵවන්නම් මැතිවරණ අපේක්ෂකත්වය හරි ලබා ගන්න බලනව. මිනිස්සු ලබා දුන් ජනප්‍රියත්වය මොවුන් විකුණන්නෙ හැමදාම මිනිස්සු දුකට හෙලන දේශපාලකයො වෙනුවෙන්. එහෙම නොවන කලාකාරයො අතලොස්සක් හරි ඉන්න එක රටේ වාසනාව.
ReplyDeleteක්‍රීඩකයො ගැන වුණත් එහෙම තමයි. අපේ රටේ දේශපාලකයොයි ක්‍රිකට් ක්‍රීඩකයොයි තමයි වැඩියෙන්ම උපයනව ඇත්තෙ. ඒත් ඔවුන් ඒ තරමටම කුණු ලෝභයෝ කොටසක්. සුනාමිය වෙලාවෙ වුණත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයො අනුන්ගෙ රටක් වෙච්ච අපේ රටට ඇවිත් කරපු දේවල් තමන්ගෙ රටේ මිනිසුන් වෙනුවෙන් මේ රටේ ක්‍රීඩකයොනම් කලේ නෑ. කරන්නෙත් නෑ.
ඒත් ඊට වඩා සමාජ වගකීමක් තියෙන්නෙ උගත්තු කියන කොටසට තමයි. ඔවුන් තමයි මේ හැම ක්‍රමවේදයකම ව්‍යුහයකම පදනම බවට පත්වෙලා තියෙන්නෙ. ඒත් මිනිස්සුන්ගෙ මුදලින් උගත්කම ලබාගත් උගතුන් නම් කවදාවත් මේ රටේ මිනිස්සු වෙනුවෙන් සේවය කරල නෑ. එහෙම වුණානම් අද මේ රට මේ තත්වෙ තියෙන්නෙත් නෑ. ඔවුන් සේවය කරන්නෙ පාලකයන්‍ට මිස මනුෂ්‍යත්වයට නෙවෙයි.
මචං මම ඔයගොල්ල කියනදේට සෑහෙන දුරකට එකඟයි. ක්‍රීඩකයෝ කෙසේ වෙතත් අනිත් දෙකොට්ඨාශය ගත කරන සාටෝප ජීවිතයට උපයන මුදල මුළුමනින්ම වැය කරනව ඇති. ඒ වගේම ඔවුන් වැඩි දෙනෙක් මත් පැන් වලටත් සෑහෙන්න ලොල් නිසා ඒකටත් සල්ලි වියදම් වෙනවත් ඇති. ඒකනෙ සමහර අය හොදට උපයලත්, තවමත් තමන්ගේ කියල ගෙයක් වත් හදා ගෙන නැත්තේ. අනිත් එක තමයි ඇමරිකාවේ, ඉන්දියාවේ කලාකාරයෝ සහ ක්‍රීඩකයෝ අතිවිශාල මුදල් සම්භාරයක අයිතිකාරයෝ තමයි. හැබැයි අපේ රටේ වගේ නෙමේ ඒ උපයන දේට වීශාල ලෙස බදු ගෙවන්නත් සිද්දවෙනවා. අනික තමයි මට මතකයි එක පාරක සචින් තෙන්දුල්කාර්ට ඔහුගේ මිතුරෙකුවන ෆෝමියුලා ධාවන ශූර මයිකල් ශූමාකර් ගෙන් ෆෙරාරි කාර් එකක් තෑගගක් විදියට ලැබුනා. දැන් වැඩේ තියෙන්නේ කාරක නිකං ලැබුනට රේගුවේදි බදු සෑහෙන්නෙ ගෙවන්න ඕන. මට මතක හැටියට ඉන්දියානු රුපියල් කෝටියක් හෝ ඊටත් වඩා ගොඩක් ලොකු මුදලක්. මොකද ඒ රටවල පුද්ගලයගේ තරාතිරම මොකක්වුනත් නීතිය නීතියමයි. කොහොම හරි මේක ටිකක් වැඩි මුදලක් නිසා සචින්ටත් පොඩි ගැටළුවක් වෙච්ච බව ඒ දිනවල පුවත්පත් වල තිබුනා. කෙසේ වෙතත් ඉන්දියාවේ ක්‍රිකට් වෙනුවෙන් සචින් කළ අතිමහත් සේවය සලකා ඔහුට සහනයක් දුන් බවකුත් මතකයේ තියෙනවා. දැන් ප්‍රශ‍්නේ මේකයි අපේ රටේ ඔය කිවුව අය උපයන මුදල ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්, ඒත් ඔවුන් ප්‍රසිද්ධිය ලබා ගත්තට පස්සේ වෙන කවුරුවත් වෙනුවෙන් පෙනී සිටල තමන්ට වෙනත් ලාභ ප්‍රයෝජන ලබා ගන්නව නේද? එකත් කමක් නැහැ කියමු. ඊට අමතරව ඔවුන් එසේ ලබා ගන්නා බලය සාමාන්‍ය මනුස්සයව පීඩාවට පත්කරන්න උපයෝගී කරගන්නව නේද?
ReplyDeleteකොහොම කිව්වත්, දීපාල් මහත්මය, අපේ රටේ, ඔය ඔබතුමා කියපු අයට අමතරම දේශපාලක තුමන්ලාටත් (ඉහත කාන්ඩවල සියලුම දෙනා නොව බහුතරයක්) ඔවුන්ට මේ ගමන එන්න මූලිකම අධාරකය වුන ප්‍රේක්ශකයව, චන්ද දායකයව කිසිම වටිනා කමක් නැති හුදෙක්ම වදයක් බවට පත්වෙනව ඔවුන් ඉහල තලයට ගිහාම, ඒ ඉහල තලයට ගියාම අපි ඔවුන්ගෙ අතපල්ලෙන් වැටුනු විදිහට තමයි කතාකරන්නෙ, නැවත් ඔවුනට අපිව මතක් වෙන්නෙ ඔවුන්ගේ සුභ සිද්ධිය තකා අපෙන් චන්දයක් ඔනි උනාම පමණයි.මමනම් අවන්කවම ටෙලි නාට්‍ය, දේශපාලනය වගෙ වැඩසටහන් වලින් ගොඩක් වෙලාවට ඈත් වෙලා ඉන්නෙ, මෙහෙම කියද්දි කෙනෙක් කියයි ඔවුන්ගෙ හැකියාව නිසයි ඔවුන් දියුනුවෙන්නෙ කියල, එතකොට කියන්න තියෙන්නෙ, කොච්චර නිර්මාණ ශීලී පොතක් වුනත් කියවන්න පාඨකයො නැත්නම්, ඒ පොත මුද්‍රනය වෙන්නෙ එක සංස්කරනයයි කියල තමයි ඔබ කිව් කතාව හරි. ස්තූතී
ReplyDelete@සංහිද පාමුල - ඔව්.. ඇත්තටම ඒක තමයි අපේ රටේ සිද්ද වෙන්නේ සහ තව තවත් වර්ධනයවීමක් වෙන්නේ. ඉස්සර හිටිය කලාකාරයෝ සහ මේ කිවුව සහ නොකිව් අංශ වල සිටි අයත් දේශපාලනය කරා තමයි. ඔවුන් ඒ දෙක වෙන වෙනම කලමණාකරනය කර ගත්තා. ඒත් වර්තමානයේ වෙලා තියෙන්නේ ඔවුන් තමන්ගේ පෞරශය නංවාගන්න ඉවහල්වෙච්ච ක්‍ෂෙත්‍රයත් ඒ සදහා කඩේ යැවීමයි...
ReplyDeleteඅපේ රටේ කලාකරුවෝ කොටිපතියං වුනොත් හරි
ReplyDelete