Thursday, March 29, 2012

පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V

පෙර ලිපියටම මේ ලිපියත් සම්බන්ධවන බැවින් කෙලින්ම අපි අද ලිපියට පිවිසෙමු.මෙන්න මීට කලින් ලියූ ලිපි 4-
 දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III

යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV


ඒ ඒ කාල වකවානුවලදී විවිද මර්ධන ක්‍රියාපිළිවෙත් හරහා යුදෙව්වන් ලෝකයෙන් තුරන් කරන්නට විවිද පාලකයන් උත්සහ දැරූවද ඒ සියළු දුෂ්කරතා විද දරාගෙන තමන් නියෝජනය කල ක්‍ෂෙත්‍රයේ හිනි පෙත්තටම යාමට සමත්වූ යුදෙව්වන් රැසක් පළමු ලෝක යුද්දයට පෙරතුව හා ඉන්පසුවත් ලෝකයේ සිටි බව පැවසිය හැකියි. සුප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, මනෝවිද්‍යාවේ පියා‍ ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් විසිවන සියවසේ මුල දේශපාලන ක්‍රියාකාරීනියක වූ රෝසා ලක්සම්බර්ග් වැනි අයසේම තවත් විවිද ක්‍ෂෙත්‍රයන්ගේ කැපී පෙනෙන කාර්යයක් ඉටුකල වෘත්තිකයන් රැසක්ම යුදෙව්වන්.

ජර්මනියේ විවිද කාර්යයන්හිදී පවා විශාල මෙහෙවරක් යුදෙව්වන් විසින් ඉටුකලත්, පළමු ලෝක යුද්දයේ පරාජය බොහෝ ජර්මානුවන්ට දරාගත නොහැකි දෙයක් වූ අතර යුදෙව්වන් හතුරන් ලෙස සැලකීමට ‍අඩිතාලම වැටෙමින් තිබූ අවධියකි ඒ. එයින් හිට්ලර් කැපී පෙනෙනම පුද්ගලයෙක් දැඩි යුදෙව් විරෝදයක් තරුණ අවධියේ සිටම දරාගෙන සිටි ඔහු පළමු ලෝක යුද්දයට යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් දුන් දායකත්වය හිතාමතාම අමතක කල ඔහු  ජර්මනිය යුද්දයෙන් පැරදීමට නම් යුදෙව්වන් දායක වූ බවට ඔහු නිරතුරු ප්‍රකාශ කලා. යුදෙව්වන් රටේ සාරය උරාගන්නා දුෂ්ඨයන් බවට සපථ කරමින් සිටි ඔහු ඒ වන විට ස්ථාපිතව තිබූ කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් යනු එකට අත්වැල්බැදගෙන සිටින්නන් බවටද විවිද අවස්ථාවල ප්‍රචාරය කරනු ලැබුවා. 1930 වන විට යුරෝපය පුරා යුදෙව්වන් මිලියන 10 ක් පමණ විසිරී සිටි අතර හිට්ලර්ට මෙම යුදෙව්වන් ඉමහත් හිසරදයක්ව පැවතුනා.

ආර්ය ජර්මානු වර්ගයක් පිළිබදව නිරතුරුවම ප්‍රකාශ සිදුකල හිට්ලර් ඒ පිළිබදව කුඩා අවධියේ සිටම පාසල් දරුවන් පවා දැනුවත් කල යුතු බව පැවසූ අතර යුදෙව්වන් පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට මොල ශෝදනයකටද ලක්කලේය. 

යුදෙව්වන්, කොමියුනිස්ට් ක්‍රියාකාරිකයින්, සමාජවාදීන්, අහිකුන්ථිකයන් හෙවත් රොමානියන්වරුන් හා හිට්ලර් විසින් පිළිකුල් කල ජර්මානු නොවන විවිද ජාතින්ට අභාග්‍ය සම්පන්න පෙරනිමිති උදාකරමින් හිට්ලර් 1933 දී ජර්මනියේ චාන්ස්ලර් ධූරයට පත්වූ අතර 1934 දී ඔහු ජනාධිපති ධූරයටද පත්වීමෙන් පසු මෙම තනතුරු ද්විත්යම දරන සුපිරි නායකයෙකු බවට පත්විය. 1933 දී බලයට පත්වීමත් සමග ඔහුගේ ආණ්ඩුව පළමු සමූහ සිරකදවුර ලෙස Dachau සමූහ සිරකදවුර ජර්මනියේ ස්ථාපිත කරන අතර ප්‍රථමයෙන් මෙහි දේශපාලන සිරකරුවන් රැදවීම ඔවුන්ගේ අභිප්‍රාය විය. 

1920 දශකයදී ජර්මනියේ කළු ජාතිකයන් 250,000 පමණ වාසය කල අතර නාසින් ඔවුන්කෙරේද දැක්වූයේ දැඩි ආකල්පයකි. ඔවුන්ද ආර්ය ජර්මන් ජාතිය කිළුටු කරන්නන් සේ සැලකූ අතර උපමානව වර්ගයක් ලෙස සලකා ඔවුන් හා සබදතා පැවැත්වීම අධෛර්යමත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් පවා අරඹා සිටියේය.

තවද අරාබින්, ආසියාතිකයන්ද ජර්මානු ජාතියේ හතුරන් ලෙස සැලකූ අතර ඒ සෑම සතුරෙකුටම වඩා යුදෙව්වන් නරකම බව සෑම අවස්ථාවකම ඒත්තු ගැන්වීටම උත්සහ දැරූහ.

යුදෙව්වන් හා ජර්මානුජාතියට පිළිලයක් ලෙස අහිකුන්ථිකයන් හෙවත් රොමානියන්වරුන් කෙරේ දැඩි වෛරයක් තිබූ හිට්ලර් ප්‍රමුඛ නාසින් අහිකුන්ථිකයන් හා යුදෙව්වන් අතර සමානකම් ඇති බවට කිසිදු විද්‍යාත්මකබවක් නොගත් මිණුම් දඩු හරහා සනාථ කිරීමට උත්සහ දැරුවා පමණක් නොව තම වාර්ගික ශුද්ධකරණයට පහසුවන ආකාරයේ සිද්ධාන්තයන් පවා ගොඩනැගීය. දෙවන ලෝක යුද්දය ආසන්න කාලය වන විට ජර්මනියේ අහිකුන්ථිකයන් 30,000 ක් පමණ සිටි අතර නැගෙනහිර යුරෝපයේ රුමේනියාව හා සෝවියට්දේශය ප්‍රධාන කොටගෙන මෙම ප්‍රජාවේ මිනිසුන් 1,000,000 පමණ ජීවත් වූහ. හිට්ලර්ගේ මනෝවිකාර අනුගමනය කල ජර්මන් විද්‍යාඥයෝ මෙම මිනිසුන්ගේ විවිද අවයව කිරා මැනබැළුහ. ඒ අතරින් හිස්කබල ප්‍රධාන වූ අතර යුදෙව් හිස්කබලට සමාන බවට නාසින් නිගමනය කලහ. 
යුදෙව්වන් සේම වටිනාකමක් රහිත ජීවිත ඇති උපමානවයන් සේ අහිකුන්ථිකයන්ටද විවිද අඩම්තේට්ටම් සිදුකරන ලදි.

එ‍සේම හිට්ලර්ගේ සිහින අධිරාජ්‍යයේ ප්‍රධානම ජනවර්ගය වූ ආර්යන්ගේ මූලාරම්භය ඉන්දියාවේ හිමාල පෙදෙසින් ඇතිවූ බවට වූ විශ්වාසය තහවුරු කරගැනීමට මෙවන් විද්‍යාඥයන් හිමාලයේ ටිබෙට් නේපාල වැනි රටවලටද පිටත්කර ඔවුන්ගේ මුහුණු හා හිස්කබල මැනීම හා මුහුණුමත විශේෂිත බදාම තවරා Life Mask තැනීම හා ඒවා ජර්මනියේ පර්යේෂනාගාරවල දී ජර්මන් හිස්කබල හා මෙම හිමාල වැසියන්ගේ හිස්කබල් අතර සන්සන්දනාත්මක පර්යේෂනද සිදුකරන ලදි. 


ටිබෙටයට ගිය ජර්මන් මානව පර්යේෂන කණ්ඩායම

Beger busy taking cranial measurements

(During the trip to Tibet’s highlands, Beger began making facial casts of local people, including his personal servant, a Nepalese Sherpa named Passang. During the first casting, paste got into one of Passang’s nostrils and he panicked, tearing at the mask. Schäfer threatened the employment of the porters who had seen the incident, if they told anyone. However, most of the Tibetans had a much more friendly and light-hearted attitude, and a solid amount of photographic and film footage remains of smiling and laughing Tibetans undergoing facial and skull feature measurements.)
මිනිසුන්‍ පිළිබදව පමණක් නොව ටිබෙටයේ පරිසරය, දේශගුණය, සතුන්, සංස්කෘතිය යනාදී විවිද කරුණු රාශියක් පිළිබදව හිට්ලර්ගේ නියෝග මත හිම්ලර් විසින් යැවුන පර්යේෂකයන් හා SS නිළධාරින් විසින් 1938 මැයි සිට 1939 අගෝස්තු දක්වා එක්රැස් කරනු ලැබූ අතර ඔවුන් අවසානයේ ජර්මනියට රැගෙන ගිය දේවල් වල සංක්‍ෂිප්තය මෙසේවිය. කළු සුදු සේයාරූ 20,000ක්, වර්ණ සේයාරූ 2,000 ක්, මුහුණු 17 ක Life Masks සහ පුද්ගලයන් 376 දෙනෙකුගේ කපාල මිමි, ටිබෙටයේ වසන බල්ලන් තිදෙනෙකු, දුර්ලභ බිලාලයන් විශේෂයක්, වෘක්කයන්, badgers සත්වයන්, නරින්, ක්‍ෂිරපායන්ගේ හා පක්‍ෂින්ගේ සම්, ධාන්‍ය හා බෝග කිහිපයක බීජ, ටිබෙටයේ පෞරානික ග්‍රන්ථ කිහිපයකම සම්පූර්ණ පිටපත් යනාදියයි.

ආර්ය ජාතිය ශක්තිමත්, පෞඩ ජාතියක් හා නිරෝගී ජාතියක්ම වන බවට උදම් ඇනූ හිට්ලර් ප්‍රමුඛ මේ මිනීමරු පාලකයන් ශරීරාබාද සහිත මිනිසුන් දෙවියන් විසින් පවා ප්‍රතික්‍ෂේප කරන බවට ප්‍රචාරණයක් ගෙන ගියෝය. එවැනි ශරීරාබාද ඇති අය තවදු‍රටත් ළමයින් බිහිකිරීම වලකාලනු වස් වන්ධ්‍යාකරන සැත්කම්පවා ඔවුන්ට සිදුකරනු ලැබීය. 1934 දී පමණක් මෙවැනි සැත්කම් 300,000 ත් පමණ සිදුකල අතර පරම්පරාවේ පැටිකිරිය දැක්වෙන කාඩ්පත් සකස්කර පරම්පරාවේ කවරෙකුට හෝ ශාරීරික ආබාද ඇත්දැයි පරීක්‍ෂා කරන ලදි. යුදෙව් නොවන හා ජර්මානු කාන්තාවන්ට හැකිතරම් දරුවන් හැදීම දිරිමත් කල නාසින් ඔවුන් ආර්ය සොල්දාදුවන්, ශ්‍රමිකයන් බිහිවීමට ප්‍රභල සාධකයක් බවට ඒත්තු ගැන්වූහ. 

තවද මානසික රෝගින් පවා ආර්ය ජාතියේ පැවැත්මට බාධාවක් ලෙස සැලකූ අතර රෝහල් ගතව සිටි මෙවන් රෝගීන් මරා දැමීමේ ව්‍යාපෘතියක්ද යුද්දයට පෙරාතුවම ආරම්භකලා. මෙම වැඩපිළිවෙල "T-4,"/ "euthanasia" යන නාමයන්ගෙන්  හදුන්වනු ලැබූ අතර විශ වායු හෝ විශ එන්නත් භාවිතයෙන් ඝාතනය කල අතර ශාරීරික දුබලතාවයන්ගෙන පෙලෙමින් ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් ලක්‍ෂ ගණනකටද සදාකාලික සුවය ලබාදෙන්නට මෙම වැඩපිළිවෙලම යොදා ගත්තා.
පෝලන්ත ජාතීන් කෙරේද හිට්ලර් දැක්වූයේ වෛර‍යකි. ඔවුන්ද උපමානව වර්ගයක් ලෙස සැලකූ අතර ඔවුන්ගේ භූමිය අත්පත් කරගත යුතු බවට ඔවුන්ගේ අදහස විය. මේ අනුව මිලියන ගණන් පෝලන්ත ජාතිකයන් මරාදැමුන අතර සමහර පෝලන්ත බිලින්දන්ට "ජර්මානු" හැඩරුව ඇති බවට විශ්වාසයක් නාසින් අතර විය. මේ අනුව 50,000ක් පමණ වූ පෝලන්ත බිලින්දන් පැහැරගෙන ගොස් ජර්මානු දෙමව්පියන්ට ඔවුන්ව ඇති දැඩි කිරීමට ලබා දී එම දරුවන් "ජර්මානුකරණයකට" ලක් කලේය.

හිට්ලර් ඇතුළු නාසින් පිළිකෙව් කල තවත් කරුණක් වූයේ සමලිංගිකත්වයයි. නාසින්ගේ මතය අනුව සමලිංගිකයන් දරුවන් බිහි නොකරන නිසා ආර්ය ජාතිය ඉදිරියට රැගෙන යාමට ඔවුන්ගෙන් ලැබෙන දාකත්වයක් නොවන අතර සමලිංගික පිරිමින් යනු නියම පිරිමි නොවන බවට ඔවුන් ඇදහූහ. තවද සමාජ රෝග ව්‍යාපත්තියටද සමලිංගිකයන් වගකිව යුතු බවට නිගමනය කල අතර සමලිංගික සංගම් හා ඔවුන්ටම වෙන්වූ තැබෑරුම් ආදියද වසා දමනු ලැබීය.

1933 සිටම යුදෙව්වන් මර්ධනය පදනම් කරගත් නීතිරිති එකක්පිට එකක් රැගෙන එන්නට වූ අතර මුලින්ම 1933 දී යුදෙව්වන්ට තවදුරටත් ජර්මනිය තුල නීතිඥවරුන ලෙස, විනිසුරුවන් ලෙස හෝ සිවිල් ‍සේවාවන්වල යෙදීම තහනම් කලේය. යුදෙව් දරුවන්ට, අන්‍ය ජාතික දරුවන් හා සෙල්ලම් කිරීමද තහනම් කෙරුනි.

1933 දී සිදුවූ කැපීපෙනෙනම තවත් සිදුවීමක් නම් ජර්මානු භාෂාව හා සංස්කෘතියේ පාරිශුද්ධභාවය රැකගැනීමවස් ජර්මානු නොවන පොතපත පුළුස්සා දැමීමයි. මෙය 1933 මැයි 10 වනදා රාත්‍රියේ සිදුකරනු ලැබූ අතර වටිනා හා ‍ඓතිහාසිකමය වශයෙන් වැදගත් ලේඛණ ‍රැසක් ලෝකයට අහිමිවීමද මෙදින සිදුවුනි.


1935 දී යුදෙව් ලේඛකයන්ට, සංගිතඥයන්ට හා කලාකරුවන්ට නිර්මාණ බිහි කිරීම තහනම් කරනු ලැබූ අතර ප්‍රසිද්ධ ස්ථාන වල යුදෙව්වන්ට අසුන්ගත හැකිවූයේ "යුදෙව්වන්ට පමණයි" යනුවෙන් සලකුණු කල ස්ථානවල පමණක් විය.

තවද 1935 සැප්තැම්බර් 15 වන දිනදී ස්ථාපිත කල සුවිශේෂම නීතිය නියුරම්බර්ග් නීති මාලාවයි. සුපිරිසිදු ජර්මානු ආර්ය රුධිරය, ආර්ය නොවන මිනිසුන්ගෙන් ‍කිළිටි වීම වලකා ලීමටත් යුදෙව්වන‍්ට ගැලවී යාමට මගක් ලෙස ආර්ය ප්‍රජාව හා සහසම්බන්ධතා ඇතිවීමෙන් වලකා ලීමත් අරමුණු කොට නිකුත්කල මෙම නීති සරලව මෙසේය.
1 යුදෙව්වන් හා ජර්මානු හෝ ජර්මන් සම්භව්‍ය රුධිරය ඇති ජනතාව අතර විවාහයන් තහනම් වූ අතර එම වැරැද්ද කරන්නන් පිටුවහල් කිරීමට යටත්වේ.
2 යුදෙව්වන් හා ජර්මානු හෝ ජර්මන් සම්භව්‍ය රුධිරය ඇති ජනතාව අතර ලිංගික සබදතා තහනම් කෙරේ.
3 යුදෙව්වන්ට, වයස අවුරුදු 45 ට අඩු ජර්මන් කාන්තාවන් සේවයට ගැනීම තහනම් කෙරේ.
4 යුදෙව්වන්ට තම දේශය ලෙස ජර්මන් අධිරාජ්‍ය දැක්විය නොහැකි අතරම ජාතික ධජය හා ‍‍ජාතික වර්ණයන්ද භාවිතා කල නොහැක. ඔවුන්ට තම වර්ගයට ආවේණික වර්ණ භාවිතා කල හැක.(යුදෙව්වන්ට තමන් යුදෙව්වෙකු බව හැඟවෙන සලකුණු වර්ණයන් පැලදීම අනිවාර්ය කොට තිබුනි ඩේවිඩ්ගේ තරුව ඒ අතරින් ප්‍රධාන වේ).
5 මෙම නීති කඩකරන අය බරපතල වැඩ සහිතව සිරගත කොට දඩුවම් කරනු ලැබේ.

සාමාන්‍යයෙන් පනවන නීති ඊලඟ වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කෙරුනත් මෙම නියුරම්බර්ග් නීති ඊ‍ට පසුදින සිටම ක්‍රියාත්මක කරන ලදි.

1936 දී තවත් නීතියක් ගෙන ආ අතර එයින් යුදෙව්වන් සතුවූ බයිසිකල් හා ටයිප්රයිටර් යනාදිය භාරදිය යුතුවූ අතර යුදෙව්වන් කරන ලද කාර්යයන්ගෙන් ඉවත්විය යුතුවිය. විවිද තාඩනපීඩනයන්ගෙන් බේරීම සදහා කිතුදහම වැලද ගෙන සිටි යුදෙව්වන්ද හදුනාගෙන ඔවුන්ද යුදෙව්වන් ලෙසම නම්කරන ලදි.
(යුදෙව්වන් යනු ජර්මනියට පක්‍ෂපාතී නොවන ජනවර්ගයක් ලෙස එරට පුවත්පත් වල පවා නිරතුරුවම ප්‍රකාශ කල අතර ඔවුන් කිතුනු රුධිරය පවා කිලිටි කිරීමට හවුල් වූ බවට පැවසූහ).



1938 දී යුදෙව් වෛද්‍යවරුන්ට හා වින්නඹුමාතාවන්ට සේවයෙන් ඉවත්වන්නට බල කලෙය. යුදෙව්වන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු සිදුකල නොහැකිවිය. චිත්‍රපටියක් නැරඹීමට සිනමා ශාලාවකට යෑම, නාට්‍යයන් නැරඹීමට රඟහලකට යෑම, ඔපෙරාවක් වෙනයම් විනෝදජනක කටයුත්තක් නැරඹීමට සම්බන්ධවීම හෝ පිහිණුම් තටාක භාවිතයද යුදෙව්වන්ට තහනම් කරනු ලැබිය. තවද යුදෙව් දරුවන් ජර්මානු පාසල් වලින් අස්කර දමනු ලැබීය.

1938 වසරේ නොවැම්බර් 9 වනදා ජර්මනිය, ඔස්ට්‍රියාව හා ජර්මනිය අත්පත්කරගෙන සිටි Sudetenland හි වාසය කල යුදෙව්වටන්ට අමිහිරිම දිනයක් විය. එදින හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති වූ Joseph Goebbels ගේ මෙහෙයවීම යටතේ වීදුරු බිදුන රාත්‍රිය (Night of Broken Glass) හෙවත් Kristallnachtලෙස හැදින්වූ රාත්‍රියේදී යුදෙව් දේපලවලට ප්‍රහාර එල්ල කිරීම ජර්මානු හමුදාවේ උපඒකක වලින් සහ ජර්මානු සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. එහෙත් මෙහි වගකීම දැරිය යුතුවූයේද ආපදාවට ලක්වූ යුදෙව්වන්මය. ඔවුන්ට මෙම ප්‍රහාරවලදි අනෙක් දේපල වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දිගෙවීමට සිදුවූ අතර යුදෙව්වන්ගේ භෞතික දේපල පමණක් නොව ජීවිතවලටද හානි සිදුවී තිබුනි. යුදෙව්වන් 96 දෙනෙකු මියගොස් සිටි අතර සිය ගණනක් තුවාල ලබා සිටියේය. තවද ඔවුන්ගේ සම්මුති ශාලා 1000 ක් පමණ සහ යුදෙව් ව්‍යාපාර 7500 ක් පමණ විනාශ කොට තිබුනි. අවසානයේ වරදකරුවූයේද ඔවුන්ම වූ අතර 30,000 ක් පමණ දෙනා සමූහ සිරකදවුරු වෙත යැවුන අතර එකරැයින් යුදෙව්වන් 18,000 ක් ජර්මනියෙන් පිටුවහල් කෙරුනි.

1939 දී යුදෙව්වන්ට තමන් සතු සියළු වටිනාකියන දේවල් පොලීසිය වෙත ලබාදීමට බලකෙරුනි. තවද කිසිදු හේතුවක් නැතිව හිටිහැටියේ ‍ඔවුන් ජීවත්වූ නිවාස වලින් එලවා දැමුනි. එයට හේතුවක් නොදැක්වූවා පමණක් නොව කිසිදු පෙර දැනුම්දීමක්ද සිදු නොකලේය. තවද යුදෙව්වන්ට ශීත ඍතුවේදී රාත්‍රී 8 න් පසුව පිටතට යාම තහනම් කල අතර ග්‍රීස්ම ඍතුවේදී රාත්‍රී 9 න් පසුව එම නීතිය ක්‍රියාත්මක කෙරුනි.

යුදෙව්වන්ට කැමතිනම් තමන්ගේ සියළු දේ අත්හැර ජර්මනියෙන් නික්මීමේ හැකියාවද තිබුනි. එහෙත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල අධික වූ අතර පිටවීමක් මිස නැවත පැමිණීමට නම් අවසර නොවීය. යුදෙව්වන්ගේ ගමන් බලපත්‍රයේ හා අනිකුත් ලේඛණ වල පැහැදිලිවම හදුනා ගැනීම සදහා "J" අක්‍ෂරය පැහැදිලිව විශාලව සටහන් කර තිබුනි. යුදෙව් පිරිමින්ගේ  නමට “Israel” එක්කර තිබූ අතර කාන්තාවන්ගේ නම “Sarah” යන්න එක්කිරීමෙන් යුදෙව්වන්ට තම අනන්‍යතාවය සැඟවීමට තිබූ අවස්ථාවන් අවහිර කිරීම නාසින්ගේ අරමුණු විය.

තවද මීට පෙර සත් සමුදුරේ සටහන් කල "අල්ලාහු අක්බර්" කෘතියට අනුව ජර්මානුවන්ට කියවීමට අපහසු යුදෙව් නම් වෙනුවට විවිද පරිභව අදහසක් දෙන නාමයන් ඒ අවස්ථාවලදී යුදෙව්වන්ට භාවිතා කිරීමට බල කර ඇත. තම පරම්පරාවේ යටගියාව හා තම පෙලපත් නාමය නිශ්චිතව සොයා ගැනීමට නොහැකිවූ යුදෙව්වන් යුද්දයෙන් පසුවද ජර්මන් සොල්දාදුවන් තමන්ට භාවිතා කිරීමට බල කරන ලද නාමයන් භාවිතා කරන බව පැවසෙන අතර තවමත් සමහර යුදෙව්වන් එවැනි නාමයන් නොදැනුවත්කම නිසා භාවිතා කරන බව පැවසේ.

එහෙත් බොහෝ යුදෙව්වන් තමන්ට රටින් පිටවීමට ලැබුන මහගු අවස්ථාව මඟහැරගන්නා ලදි. ඔවුන් සිතුවේ තමන්ට සිදුකරන මෙම අඩම්තේට්ටම් ඉතා ඉක්මනින් නවතිනු ඇති බවත් ජර්මනිය යනු තමන් උපන් රට බවත්ය. එහෙත් දිනෙන් දින සිදුවූයේ මෙම තත්ත්වය උග්‍රවීම මිස අඩුවීමක් නොවේ. නාසින් ප්‍රසිද්ධියේම අහිංසක යුදෙව් වැසියන් තලාපෙලා අවමානය කිරීමට පසුබට නොවූයේය. මහමගදී යුදෙව්වන් එක්රැස් කර එකිනෙකාට රැවුල් ඇද ගැනීමට හෝ නැටීමට සලස්වා ජර්මානුවන් විනෝදවිය. යුදෙව්වන්ට වීධි අතුගෑමටද බලකෙරුනි. බොහෝ අවස්ථාවල කණගාටුදායක තත්ත්වය වූයේ පෙර යුදෙව්වන් හා ඉතා හොද මිතුරන් හෝ හිතවතුන් වූ  යුදෙව් නොවන ජනතාව ක්‍රමයෙන් තමන් හොදින් දන්නා හදුනන යුදෙව්වන් කෙරේ පවා නපුරුවීමයි. පෙර හොද මිතුරුමිතුරියන් වූ කුඩා දරුවන් පවා පසුව යුදෙව් වෛරයකට තල්ලුවී යෑම සිදුවිය.
“I was so upset! I can’t tell you. I went over to my girlfriend’s, who we sat together in the school
years and the mother opened the door and she said, ‘I heard you were a bloody pig, a Jewish pig. Don’t come here again!’ and threw the door in my face. I stood there like an ox! I couldn’t understand what had happened! My best girlfriend’s mother, she looked after me as if I was her child—from one day to the other she changed.

යුදෙව්වන් පිළිබදව තව බොහෝ දේ කතා කිරීමට තිබෙන අතර මෙම ලිපි පෙල මේ මොහොතේ ලියවෙන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව යන ‍තේමාව යටතේ නිසා යුද්දය ආරම්භ වූ පසුව සිදුවූ දේවල් එම අවස්ථාවේදී නැවතත් කතා කරන බලාපොරොත්තුවෙන් මෙම ලිපිය දැන් අවසන් කරමි.


23 comments:

  1. කලින් ලිපියත් තාම කියවන්න බැරි වුණා.
    මෙන්න ඒ අස්සෙ තවත් එකක්......
    නියමයි දිනේෂ් මේවයේ වටිනාකම නම් කියල නිම කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිපිය ඉක්මනින් පලකරන්නට හැකිවුනේ සත්‍ය ව‍ශයෙන්ම මෙම ලිපිය මුලින් පසුගිය ලිපියට අන්තර්ගතකොට පලකරන්නට සිතා සිටියත් ලිපියේ දිග වැඩිකම තාක්‍ෂනික වශයෙන් හා කියවීමට යම් බාදාවන් ඇතිකරලීමට හේතුවන නිසා කොටසක් ඉවත්කොට මේ ලිපිය ලෙස පල කලා. ඒ එක්කම කියන්න ඕන ඉස්සරහට ‍බොහෝවිට සත්සමුදුරේ ටිකක් දිග වැඩි ලිපිම විතරක් පලවෙන්නටත් ඉඩ තියෙනවා...

      Delete
  2. ගොඩක් වටින ලිපියක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඊලඟ ලිපිත් බලන්න එන්න..

      Delete
  3. ලිපිය නම් හොඳයි.. නොදැන සිටි කරුණු ගොඩක් දැනගත්තා..

    මට 'පිරිසිඳු ආර්ය ජර්මන් රුධිරය' කියන එක පැහැදිලි නෑනෙ.. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    මේ ලිපිය කියවද්දි මතක් වුනේ ශු. බයිබලයේ නික්මයාම පොතේ තියෙන ඊශ්‍රායෙල්වරුන්ගේ කතන්දරේ.. අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඊජිප්තුවේදී ඔවුන්ට වෙන්නෙත් මේ දේමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ජර්මානුවන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මුතුන්මිත්තන් සිටියේ අත්ලාන්ටිස් නම් සාගරයේ ගිළුන මහද්වීපයේ බවත් එම මහද්වීපය ගිලෙන විට එයින් පැනගත් පූජකයන් පිරිසක් ටිබෙටයේ ජීවත්වූ බවත්. ඒ එක්කම විවිදාකාරයේ සුපිරි බලයන් තිබූ ආර්ය ප්‍රජාව සාමාන්‍ය මිනිසුන්ට වඩා සුපිරි දේවල් කල හැකි පිරිසක් වූවත් පසුකලෙක අන්‍ය ජාතීන් හා එක්වීමෙන් දුර්වල වූ බවට තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා නැවත සුපිරි ජාතියක් ගොඩනැගීමේ අරමුනින් තමයි දෙවන ලෝක යුද්දයට පෙර සිටම හිට්ලර් ප්‍රමුඛ ම‍නෝකාරවලින් පෙලුන නාසින් යුදෙව්වන් ඇතුළු ජර්මානුවන් නොවන්නන් මරා දැමීමට පවා පෙළඹුනේ.

      මේ පිළිබදව මීට වඩා විස්තර ඉදිරි ලිපියකදී ලියන්නම්...

      Delete
  4. දිනේෂ් සැහෙන වෙලාවක් සහ මහන්සියක් ගතකරනවනේ ද මේ ලිපි පෙලට . හරිම අපුරුයි . ටිබෙට් මුහුණු අච්චු කතාව අදමයි ඇහුවේ . මේ ලිපි පෙළ කියවද්දී මට මතක් වෙන්නෙම PIANIST චිත්‍රපටය . පියානිස්ට්ගේ පවුලත් හිතනවා බ්‍රිතාන්‍යයි ප්‍රන්සයයි යුද්ධෙට ඇඳුන නිසා මේ කරදර ඉක්මනින් අවර වෙයිද කියල . එත් ටික ටික ගෙටෝවට සිමා වෙන හැටි වද කඳවුරුවලට යන හැටි හරිම සංවේගජනකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිපි පෙලට ටිකක් මහන්සිවෙනවා තමයි. මේ මාතෘකා පිළිබදව කතාකරන්නට බොහෝ දේ ඇතත් පොදුවේ දන්නා කරුණු වලට අමතරව සැඟවී තිබෙන තොරතුරු වැඩි බව තමයි මගේ හැගීම. ටිබෙටයේ ජර්මානුවන් කල පර්යේෂණ පිළිබදව ඔවුන්ම තැනූ මෙම චිත්‍රපටියේ තිබෙනවා. එය යුටියුබ් වලින් නැරඹිය හැකියි මෙන්න සබැදිය
      http://www.youtube.com/watch?v=Vmh4GLddGG8

      තවම PIANIST බලන්න බැරිවුනා ඉදිරියේදී අනිවාර්යයෙන්ම බලන්න ඕන. මේ ලිපියේදී ගෙටෝ ගැනත් කතාකරන්න සිතා සිටියත් එය දෙවන ලෝක යුද්දය ඇරමූ පසුව ඇති කරන ලද යාන්ත්‍රණයක් නිසා එ අවස්ථාව ලියන විට ඒ ගැන කතා කරනවා...

      Delete
  5. මොනව කියන්නද? මේවා කියවන්න මෙහෙයම එන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැමදාම එන්න කියන්නේ...

      Delete
  6. අන්තවාදයේ නපුරු ප්‍රතිඵල... ඒත් අවසානයේදී සිදුවූයේ කුමක්ද ?

    අද හිට්ලර් කොහෙද ? යුදෙව්වන් කොහෙද ?

    නැවතත් ස්තූතියි දිනේශ් මේ දැනුම් ආකරයට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! //අද හිට්ලර් කොහෙද ? යුදෙව්වන් කොහෙද ?// මේ ප්‍රශ්න දෙකටම උත්තර සැපයීම අපහසු කාරණයක්. හිට්ලර්ට වුන දේවල් තර්ක කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. යුදෙව්වන්ට නම් මොනවා වුනාද කියලා කියන්න තේරෙන්නේ නැහැ. ගොදුර, දඩයක්කාරයා වෙලා කියලා තමයි කියන්න වෙන්නේ...

      Delete
  7. ඉදිරි ලිපි එනකන් ආසාවෙන් ඉන්නේ,,යුදෙව්වන්ට සිදු වෙලා තියන දේ බලද්දී නම් අදහාගන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් මේ කතාව තීවුර වේගෙන එන්නේ නොදන්නා දේවල් ගොඩක් එළියට ඒවි...

      Delete
  8. යුදෙව්වෝ ගැන දැනගන්න මම උනන්දු උනාට මම යුදෙව්වන්ට කැමති නැහැ...
    ඇමෙරිකාව කරනවා වගේ ඔවුන්ව නිවැරදිව පාවිච්චි කරනවානම් වටිනවා...

    හිට්ලර් කරපු දේවල් දැන් කාලයේ සමාජ මත අනුව වැරදි දේවල් විදිහට පෙනුනට, ඒ කාලයේ සමාජයේ මිනිස්සු වැරදි විදිහට නොදකින්න ඇති.
    ඒ වගේම මේ කියන කාලයේ ඔය යුරෝපියන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ නේද...

    අපේ රට අල්ලාගෙන මංකොල්ල කාපු උන් පවා ඔයිට වඩා ලොකු වෙනසක් කලේ නැහැනේ...

    ReplyDelete
    Replies
    1. යුදෙව්වෝ ගැන විතරක් නෙමෙයි සෑම රටකම පවා සිදු‍වන්නේ අතීතය අමතක කිරීමයි...

      Delete
  9. උදෙව්වන්ව පියවරෙන් පියවර මර්ධනය කරපු ආකාරය පැහැදිලව විස්තර කරලා තියනවා. හිට්ලර්, ටිබටය ගැන හිතපු ආකාරයන නම් විශ්වාස කරන්නත් බෑ. පුදුමයි! මේ විස්තරවලට ගොඩක් ස්තුතියි දිනේෂ්.

    ReplyDelete
  10. යුදෙව්වෝ වඳ කරපු එක ගැන මටනම් ඇත්තටම තියෙන්නේ සතුටක්. මොකද මම යුදෙව්වෝ එක්ක වැඩ කරලා තියනවා. උන් නම් මහම ජරා ජාතියක්.

    ReplyDelete
  11. පට්ට මචන්. මම මේ ලිපි කියවන්න ගත්තට පස්සේ you tube එකේ world war 2 video ඔක්කොම බැලුව. ඇඩෙනවා.

    ReplyDelete
  12. ස්තුතියි..,
    ගොඩක් මහන්සි වෙලා සුපුරුදු විදිහටම .....
    මට මතක විදිහට මනෝ විද්‍යාවේ පියා "විල්හෙල්ම් වුන්ඩ් , මනෝ විශ්ලේෂණ වාදයේ පියා ෆොයිඩ් "
    මම විශ්වාස කරනවා "ඔබගේ අනාගත මෙවැනිම සාර සංග්‍රහයක" , මෙයට අදාල වටිනා තොරතුරු ලබාදේවි කියල ...
    එසේම , සමාජ විද්‍යාඥයන් පවසනවා Killer Langwage එකක් කියල ඉංගීසි භාෂාව ,
    මම දන්නා කරුණු වලට අනුව යුදෙව් සංස්කෘතිය ත් " කිලර් කල්චර් එකක්.
    ඔබ කිව්වා වගේ ගොදුර දඩයක්කාරයා උනාට පස්සේ මතුපිටින් නොපෙනෙන , මුළු මහත් ලෝකයම වෙලාගත් killar system එකක් වෙලා . ...
    විකි

    ReplyDelete
  13. ලංකාවේ හම්බයන්ටයි දෙමළුන්ටයි කරන්න ඕනේ මෙන්න මේ දේ තමයි.

    ReplyDelete
  14. ඔබ 2012 පමණ ලියු යුදෙව්වමන් ගැන ලියු ලිපි දෙක මන් කියෙව්වා එය ඉතා වැදගත් උනා ස්තුතියි.මට දෙවන ලෝක යුද්දයේදි යුදෙව්වන් පිළිබදව තොරතුරු ට්කක් ආවශ්‍යයි මට සම්බන්ධ කර ගන්න පුලුවන් කොහොමද?

    ReplyDelete
  15. Telephone Number Eka Laba Denna..

    ReplyDelete