ලේ හෙලවීම් රැසක් සිදුවූ මෙම කැරැල්ල සිදුවූයේ වාංමාශික ආණුඩුවක් වූ දෙවන ස්පාඥය ජනරජය හා හමුදා ජනරාල්වරයෙකු වූ Francisco Franco නායකත්වයෙන් මෙහෙයවුන දක්‍ෂිනාංශික ජාතිකවාදී කැරලිකරුවන් අතරේයි. මෙම සිවිල් යුද්දය එරට හමුදාවේ ඉහල නිළධාරීන් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණයකික් පසුව ඇරඹුන මෙම යුද්දයට ආසන්නම හේතුව Franco ඇතුළු හමුදාවේ ජනරාල්වරුන් කිහිපදෙනෙකුම තමන් එතෙක් දැරූ තනතුරුවලින් පහත දැමීමයි. මේ සමග ඇතිවූ නොහදනෝක්කඩු සමග ඇරඹුන යුද්දයට නායකත්වයදුන් Francisco Franco යනු හමුදාමය පසුබිමක් ඇති පවුලක 1892 දී උපත ලෑබ පසුව නාවික හමුදාසේවයට එක්ව පසුව ස්පාඥය යුද හමුදා සේවයට එක්වන ඔහු 1926 දී එනම් ඔහුට වයස 34 ක් ව තිබියදී ජනරාල් පදවියකින්ද පිදුම් ලැබූවකු වන අතර එවකට යුරෝපයේ සිටි ලාබාලම ජනරාල්වරයා ලෙස සැලකෙන්නේද ඔහුයි. ඔහු මෙතරම් ඉක්මනින් හමුදාසේවයේ ඉහලටම එන්නට හේතුව 1920-1926 අතර කාලයේ උතුරු මොරොක්කෝවේ ස්පාඥය සටන් වැදුන Rif War නැතහොත් the Second Moroccan War දී දෙවන අණදෙන නිළධාරියා ලෙස දැක්වූ දක්‍ෂතාවයයි.
ස්පාඥය රජපවුලේ හිතවතෙකු වූ ජනරාල් Franco එම රාජාණ්ඩුව 1932 දී බිච වැටීමෙන් පසුව බිහිවූ ආණ්ඩුව සමග එතරම් ඇයිහොදයියක් නැති දේශපාලනයෙන් තොර පුද්ගලයෙකු ලෙස තම රාජකාරිය කරගෙන ගිය අතර ඔහු හා ආණ්ඩුව අතර ප්‍රථම ගැටුම නිර්මාණය වුනේ එවකට ඔහු ප්‍රධානියා ලෙස සේවය කල, කැඩෙට් නිළධාරීන් පුහුණු කල හමුදා ඇකඩමිය, ආණ්ඩුවේ යුද අමාත්‍යවරයා විසින් වසා දැමූ පසුව වන අතර ඉන්පසුව කාර්යභාරයක් නොමැති ජනරාල්වරයෙකු බවට පත්වනවා පමණක් නොව ආණ්ඩුවේ විපරමටද ලක්වූ අයෙකු බවට පත්වූ පසුවයි.
කෙසේවෙතත් රටතුල රජකල ස්ථාවරත්වය, ඉහලපෙලේ හමුදා හා දේශපාලනඥන්ගේ ඝාතන සමග නොසන්සුන් තත්ත්වයකට පත්ව තිබූ ස්පාඥයේ එවකට සමාජ වටපිටාව තුල 1936 මහා මැතිවරණයෙන් පසුව සිදුවූ හමුදාවේ වෙනස්කම් හා කුමන්ත්‍රණ සමග දක්‍ෂිනාශිංක ජාතිකවාදීන් කරලියට පැමිණෙන අතර ස්පාඥයේ ජනසහයෝගීත්වය දෙපාර්ශවයකට බෙදී යන අතර ආගමික, දේශපාලනික හා හමුදාමය කොටස්ද දෙපාර්ශවයකට බෙදී ඇනකොටා ගන්නා තත්ත්වයට පත්වී එය වසර තුනක් පමණ කාලයක් බිහිසුනු ලෙස ගෙවීයයි.
මෙම සිවිල් යුද්දය ස්පාඥයේ රටවැසියන් අතර පවතින යුද්දයක් වූවත් එයට බාහිර සහයද නොමදව ලැබුනි. ජාතිකවාදී පාඨය සමග දේශපාලනය කෙරුන ජර්මනියේ සහ ඉතාලියේ සහය මෙම කැරලිකරුවන්ට ලැබුන අතර Francisco Franco ගේ දේශපාලන ප්‍රවිශ්ඨයද ෆැසිස්ට් ස්වරුපයක් ගත් නිසා ෆැසිස්ට්වාදයම සරණගිය ජර්මනිය හා ඉතාලියද මෙම නවතම මිතුරාට හොදට ගැලපුන අතර අසල්වැසි පෘතුගාලය, සෝවියට් දේශය හා මැක්සිකෝවේ සහය වාමාංශික පාලක ආණ්ඩුවට ලැබුනි. මෙම සහය මූල්‍යමය හා ආයුදවලින් පමණක් නොව හමුදාමය වශයෙන් යුද්දයට සහභාගීවීමෙන්ද ලබා දුන්හ.මේ තිබෙන්නේ එලෙස මෙම යුද්දයට සම්බන්ධවූ පාර්ශවයන් හා ඔවුන්ට යුද්දයෙන් සිදුවූ හානි පිළිබදව දළ සටහනක් හා යුද්දයේදී ගන්නා ලද සේයාරූ සමූහයකි.
නොබියම සතුරා ඉදිරියට පැමිණීම |
ගුවන් ප්‍රහාර වලින් වැලකීමට සාමන්‍ය වැසියන් ගන්නා උත්සාහය |
ගුවන් ප්‍රහාරයකින් පසුව උඩු ගුවනේ සිට ගන්නා ලද සේයාරුවක් |
ප්‍රතිවාදියෙකු අල්ලා ගැනීම |
ෆැසිස්ට් කැරලිකරුවන්ගේ ජයට වඩා ඇමරිකාවද අපේක්‍ෂාකලේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ පැවැත්මයි. මේ ඇමරිකාවෙන් එරට රජයට පරිත්‍යාග තරන ලද ගිලන් රථයකි |
කැරලිකරුවන්ට එරෙහිව කාන්තාවන් පුහුණු කරන අයුරු |
කදුකරයේ සිට හමුදාවෙත පහර දෙන දක්‍ෂිනාංශික කැරලිකරුවන් |
මේ පිපිරුම පරමාණු බෝම්බ සොයා ගැනීමට බොහෝ කලකට පෙර සිදුවූවකි |
වසර තුනක් ඇවිළුන මෙම යුද්දයෙන් ජාතිකවාදී දක්‍ෂිනාංශික කණ්ඩායම ජයගත් අතර Francisco Franco එරට නායකත්වයට පත්විය. ඔහුගේ පාලනය එතැන් සිට 1975 දී ඔහු මිය යන තාක් පැවතුන අතර එය ඒකාධිපති එකක් විය. උග්‍රවාමාංශික විරෝධියෙකු වූ ඔහු දෙවන ලෝක යුද්දයේදී ජර්මනියට සහය පලකල අතර තමන්ට බලයට පත්වීමට උපකාර කල ජර්මානුවන්ගේ සහයට ඔහුගේ හමුදාද සෝවියට් දේශයට පහරදීමේදී නැගෙනහිර යුද පෙරමුනේදී එක්විය. ඔහුගේ කාලය තුල ස්පාඥයේ සමූහ සිරකදවුරු පවා ස්ථාපිත කර තිබූ අතර විරුද්ධවාදීන් දැඩි ලෙස මර්ධනය කිරීම ඔහුගේ කාලයේ සුලභ විය.
දෙවන ලෝක යුද සමයේදී ඔහුව බලයෙන් පහකිරීමට ඇමරිකානු-ලතින් ඇමරිකානු එකමුතුවක් තිබුනද දෙවන ලෝක යුද්දය නිමාවෙන් පසුව ඇමරිකාව හා ඔහුගේ නායකත්වයෙන් යුතු රජය ගජ මිතුරන් වූ අතර එයට හේතුව වූයේ ඇමරිකාවේ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තියට Francoගේ උග්‍ර කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිද මනාලෙස ගැලපීමයි.
මේ ප්‍රධාන කතාවට අමතරව තවත් සිදුවීමක් ගැනද කිවයුතුය. 1936 දී ග්‍රීස්ම ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුනේ ජර්මනියේ බර්ලින් නුවරදී වූ අතර එවිට ජර්මනියේ සුපිරි පාලකයා වූයේ හිට්ලර්ය. සුදු වර්ණභේදවාදී ආර්ය ජනතාවක් පිළිබදව දැඩි මතධාරියෙකුවූ ඔහු සෑම විටකම මෙම තරඟයේදීද බලාපොරොත්තුවූයේ සුදු ජාතිකයන්ගේ ජයග්‍රහණ පිළිබදවයි.
එහෙත් ඇමරිකාව නියෝජනය කරමින් පැමිණ සිටි කළුජාතික තරඟකරුවෙකු වූ Jesse Owens ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන මතකය් ඉතිරිකරමින් දුර පැනීම, මීටර් 100, මීටර් 200 හා මීටර් 100 x 4 සහය දිවීම යන ඉසව් හතරෙන්ම රන් පදක්කම් දිනා එකම ඔලිම්පික් තරඟයකදී රන් පදක්කම් හතරක් දිනා ගත් ප්‍රථමයා වීමට සමත්වූ අතර දැඩි වර්ණභේදවාදියෙකු වූ හිට්ලර්ට මෙය ඉහිළුම් නොදෙන සිදුවීමක් විය. මේ නිසා තරඟය නරඹමින් සිටියත් පදක්කම් ප්‍රධානය කරන අවස්ථාවලදී එය මඟහැර යාම හිට්ලර්වෙතින් සිදුවී අතර තවත් කිවයුත්තක් වන්නේ වර්ණභේදවාදය එවකට කොතරම් සුදු ජාතිකයන් අතර ඔඩුදුවා පැවතුනේද යත් ඔවන්ස්ගේ තරඟ ජයට සුභපතා ඔහුගේම රටේ ජනපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට් පවා සුභ පැතුම් නොඑවීමයි. තවද මෙවන් ජයග්‍රායකයන් ධවල මන්දීරයට කැදවා භෝජන සංග්‍රහයක්ද ලබාදී සව්දිය පිරීම සම්ප්‍රධායක් වූවත් ඔවන්ස්ට උරුම තිබුනේ කළුහමක් නිසා එම භාග්‍යද අහිමිවිය. අඩුම තරමින් රුස්වෙල්ට් ගෙන් පසුව නායකත්වයට පත්වූ ටෲමන්වත් මේ වැරැද්ද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවූහ.
කෙසේවෙතත් ටෲමන්ගෙන් පසුව 1953 දී බලයට පැමින ඩිවයිට් අයිසන්හවර්, 1955 දී ඔවන්ස් යනු "ක්‍රීඩා තානාපතිවරයෙකු" ලෙස ගරුබුහුමනට ලක්කිරීම පැසසිය යුතු කරුණකි.
මේ ජර්මනියේ දර්ශනයක් නොව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර නාසි ශාඛාවේ දර්ශනයකි. නාසින්ට සුදුහම ඇත්තන්ගේ සහයට තවත් සාක්‍ෂියක් |
ගුවන් නෞකා ලෝකයෙන් තුරන්ව යාමට පෙරාතුව ජර්මනිය හා ඇමරිකාව අතර ගමනාන්තයකදී ඇමරිකාවේ එම්පයර් එස්ටේට් ගොඩනැගිල්ල අසලින් යන අවස්ථාවක් |
දැන් මෙම ලිපියද අවසන් කරනු ලබන අතර තවත් දෙවන ලෝක යුද්දයට පෙර සිදුවීම් රැසක් සමග තවත් ලිපියකින් හමුවෙමු...
මීට පෙර මෙම තේමාව යටතේ ලියන ලද ලිපි -
දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ගොඩක් ස්තූතියි දිනේශ් හැම ලිපියකම වගේම මෙ ඉලිපියෙත් මම නොදත් කරුනු බොහොමයක් තිබුනා. ඒවගේම වෙනදට වඩා වේගයෙන් ලිපි පල උනා . එනිසාම අපේ දැනුමත් වේගයෙන් වැඩුනා. නැවතත් ඔබට ස්තූතියි
ReplyDeleteමම හර්ෂ
ස්තුතියි! හැබැයි හර්ෂ මීට ටික කලකට පෙර සත් සමුදුරේ මීට වඩා සෑහෙන්න වේගයකින් ලිපි පලවුනා. ඒත් දැන් ලිපි සැකසීමට යොදාගන්නා මූලාශ්‍ර ගැඹුරින් පරිශීලනය කිරීමට කාලය ගත කරන නිසා හා ලිපි කොටස් වලට කඩනවාට වඩා හැකි තරම් එක ලිපියකට අන්තර්ගත කල හැකි කරුණු එක් කිරීමට උත්සහ දරන නිසා ටිකක් ප්‍රමාදවෙලා තමයි ලිපි පලවෙන්නේ...
Deleteගුවන් නෞකා කියන්නේ මොනවද ? ඒවා සාමාන්‍ය ගුවන් යානා නෙමේද ? පින්තූරෙ පේන්ඩ තියන එකනම් හරි අමුතුයි.
ReplyDeleteගුවන් නෞකා කියන්නේ 30 දශකය වනතෙක් ගුවන් ගමන් සදහා භාවිතා කල තවත් ගුවන් යානා විශේෂයක්. 1937 දී සිදුවවූ හින්ඩල්බර්ග් ඛේදවාචකයෙන් පසු මෙම යානාවලට ලැබී තිබූ ස්ථානය අහිමිවීමත් සමග ප්‍රධාන පෙලේ ප්‍රවාහණ කටයුතුවලින් ඉවත් කෙරුනත් යම් යම් ප්‍රචාරක කටයුතු ආදියේදී මේවා භාවිතා කරනවා දැක ගත හැකියි. පසුව මේ ගැනත් ලියන්නට ඉතිරි කරමින් මෙන්න මේ සබැදියෙන් වැඩි දුර යමක් දැන ගැනීමට හැකිවේවි...
Deleteමම අදයි දැන ගත්තේ මේ ස්පාඥයේ විප්ලවය, ගුවන් නෞකා නම් චිත්‍රපටි වල දැකලා තියනවා. ගොඩක් ස්තූතී අදත් අපිව මේ වගේ ලිපියකින් දැනුවත් කලාට
ReplyDeleteඔව් මේ වගේ අප්‍රකට සිදුවීම් රැසක් ප්‍රධාන සිදුවීම් වලට මුවාවෙලා තිබෙනවා. අපි ඒ වගේ දේවල් ගැන ඉදිරියේදිත් කතා කරමු. ස්තුතියි!
Deletehttp://en.wikipedia.org/wiki/Airship
Deleteනොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා. ඔබගේ මහන්සියට හා කාලයට ස්තුතියි !
ReplyDeleteස්තූතිය! ඊලඟ ලිපියෙදිත් හමුවෙතැයි බලාපොරොත්තුවෙනවා...
Deleteහිට්ලර් ගේ වර්ගවාදය එතරම් සැලකිලිමත් වීම අසාධාරණය මොකද ඒ වකවානුවේ සියලුම සුදු ජාතිකයින් විශේෂයෙන් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යන් කළු ජාතිකයන් ට සැලකුවේ ඉතාමත් පහත් ආකාරයටයි .
ReplyDeleteහිට්ලර් ජෙසී ඔවෙන්ස් ට සුබ පැතීම ගැන ඔහු කියා තිබෙන්නේ,
"Hitler had a certain time to come to the stadium and a certain time to leave". "It happened he had to leave before the victory ceremony after the 100 meters. But before he left I was on my way to a broadcast and passed near his box. He waved at me and I waved back. I think it was 'bad taste' to criticize the man of the hour in another country".
තවද ඔහුගේ ම රටේ නායකයා පිලිබදව ජෙසී ඔවෙන්ස් පවසා ඇත්තේ,
"Hitler didn't snub me – it was ෆ්ද්ර් (Franklin D. රූසේවෙල්ට්) who snubbed me. The president didn't even send me a telegram." On the other hand, Hitler sent Owens a commemorative inscribed cabinet photograph of himself.
තවද ජෙසී ඔවෙන්ස් ට ඔහුගේ ක්‍රීඩාව සදහා අනුග්‍රය කරලා තියෙන්නෙත් ජෙර්මනියේ Adolf dassler (Founder of ADIDDAS Company)
හිට්ලර් පමණක් නොවේ ඇමරිකාව, නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල් හා සෝවියට් දේශය පවා වර්ගවාදී අදහස් දැරුවා. ඒත් හිට්ලර් ඒ අතරින් විශේෂිත වන්නේ වර්ගවාදී අදහස් දැරීමෙන් පමණක් සෑහීමකට පත්නොවී අතිවිශාල ලෙස ජනකොටස් සමූල ඝාතනය කිරීමට නියෝග, උපදෙස් හා ඒවා ක්‍රියාත්මක කරවීම යන කරුණු සිදුකිරීම නිසයි. අනෙක් රටවල සිදුවීම් මේ හරහා සාධාරනීකරණය කල නොහැකිවූවත් හිට්ලර් විසින් සිදුකල විනාශය ඊට සාපේක්‍ෂව අතිවිශාලයි...
Deleteකමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණේ ලිපිය කියවලම ප්‍රතිචාරයක් දක්වන්න ඕනෙයි කියල හිතුව හින්දයි.
ReplyDeleteජෙසී ඔවෙන්ස් ගැන ඇරෙන්න අනිත් දේවල් ගැන නම් වැඩි යමක් මං දැනගෙන හිටියේ නැහැ. ඒ හින්ද වෙනද වගේම මේ ලිපියත් මට හුඟක් වටිනව.
ඔයාගේ මහන්සියට බොහොම ස්තූතියි දිනේශ්.....
අනිත් කොටසත් ඉක්මනටම දාන්න.
ස්තුතිය! මේ වගේ සිදුවීම් ගණනාවක් අප්‍රකටව පවතිනවා. ඉදිරියේදී තවත් එවැනි දේ ගැන පල කරනවා...
Deleteනොදන්න කරුණු බොහොමයක් දෑනගත්ත ලිපියට බොහොම ස්තුතියි.ඈමෙරිකානුවොනම් හෑමදාම හරහටයන ගමන් අනෙක් අයට කෙලින්යන්න කියනව.
ReplyDeleteස්තුතියි! ඇමරිකාව බොහෝ රටවලට බලපෑම් කරනවා. ඒකේ වචන දෙකක් නැහැ. හැබැයි එවැනි බලපෑම් සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ඒ ඒ රටවල සිදුවන වැරදි නිසයි. ඇමරිකාව රටින් පිට අයට විවිද බාදක පැනවූවත් තම රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය හා වෙනත් අයිතිවාසිකම් තහවුරු කිරීමට සාධනීය මෙහෙවරක් සිදුකර තිබෙන බව මධ්‍යස්ථ තැනක සිට අපිට පිළිගන්නට සිදුවෙනවා. ඒ එක්කම ඇමරිකාව වැරදි කල පලියට ලෝකයේ අනෙක් රටවලටත් අඩුවැඩි වශයෙන් එම වැරදි හො වෙනයම් වැරැද්දක් කිරීමට සාධාරණයක් හෝ අයිතිවාසිකමක් ලැබේ යයි නිර්ණය කිරීමේ හැකියාවක් නැහැ...
Delete