-->

Friday, March 16, 2012

කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II

දෙවන ලෝක යුද්දයේදී ජර්මනිය යුද්දයට පෙරාතුව සැරසුන ආකාරයන් ගැන තව කතාකරන්නට බොහෝ දේ තිබියදී එය මදක් පමා කොට ජර්මනියට සහය දුන් තවත් රටවල සිදුවූ දේවල් ගැන කතාකල යුතුයයි සිතුනි. ඒ නිසා පළමු ලෝක යුද්දයේදී මිතුරු පාර්ශවයේ සිටියත් ‍ඉන්පසුව ප්‍රතිවිරුද්ධ පාර්ශවය ගත් අනෙත් රට ලෙස සැලකෙන ඉතාලියේ මේ‍ වෙනසට ආසන්න හේතු පිළිබදවත් ඊලගට කතා කල යුතු යයි සිතුනා.

පළමු ලෝක යුද්දය අවසානයේ තමන් බලාපොරොත්තුවූ දේවල් ඒ සැටියෙන්ම නොලැබීම මෙන්ම යුරෝපා දේශපාලනයේ එකතැන පල්වීම වැනි කාරණ මෙන්ම ඒ අවධියේ රටවල හමාගිය ජාතිකවාදය නම් සංකල්පය ඔස්සේ එයට උඩගෙඩි දුන් පාලකයන්ට පහසුවෙන්ම ජනතාවගේ ආකාර්ශනය දිනා ගැනීමට හැකිවූනා. ඒ අනුව ඉතාලියේ බලකේන්‍ද්‍රස්ථානයේ මුල්තැනට ක්‍රමයෙන් පත්වීමට බෙනිටෝ මුසලෝනි හෙවත් දෙවන ලෝක යුද්දයේදී හිට්ලර්ගේ ගජමිතුරාට හැකිවූ අතර පළමු ලෝක යුද්දයේදී හිට්ලර්සේම මුසලෝනිද ඉතාලි හමුදාව වෙනුවෙන් යුද්දයට බට සෙබලෙකු වූහ. කෙසේවෙතත් මෙම යුද පෙරමුනේදී එල්ල වූ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් ‍නිසා බරපතල තුවාල ලබන මුසලෝනි යුද්දයේදී නිර්භීතව ක්‍රියාකල ආකාරයටද ගරුකිරීමක් ලෙස ‍කෝප්‍රල්වරයෙකු ලෙස උසස්වීම ලබන්නේ "for merit in war" සම්මානයද සහිතවයි.

මෙසේ සම්මානය පාත්‍රවූවත් ඉන් වසර කිහිපයකට පෙරාතුව එනම් 1902 දී ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වන්නේ හමුදාව සේවයට බැදීමට ඔහුගේ තරමක් අකමැත්තක් තිබූ නිසයි. එහිදී සමාජවාදී දර්ශනය පිළිබදවද යම් හැදැරීමක් කරන මුසලෝනි සමාජවාදයට එකල ප්‍රියකරන්නෙකු වූ අතර එම රටේදීද වැඩවර්ජන ආදිය සංවිධාන කරමින් හූරාකෑමට විරුද්ධව සටන්කිරීමටද පෙළඹෙනවා. මේ නිසා 1903 ස්විට්සර්ලන්තයේදී සිරභාරයට පත්වන මුසලෝනිට එල්ලවන චෝදනාව සහසිකත්වයෙන් යුතුව වැඩවර්ජනය සංවිධානය කිරිමට මුල්තැන ගැනීමයි. මේ අනුව සති දෙකක් සිරභාරයේ තබන ඔහුව ඉන් අනතුරුව ඉතාලියට පිටුවහල් කරනු ලැබුවත් නැවතත් ඔහු ස්විට්සර්ලන්තයට පැමිනෙන අතර 1904 දී නැවතවරක් සිරභාරයට පත්වන්නේ ව්‍යාජ ලිපිලේඛණ මගින් ස්විට්සර්ලන්තයට පැමිණි බවට චෝදනා නගමිනුයි.

ඉන්පසුව ඉතාලියට පිටුවහල්වීමට ලක්වන මුසලෝනි 1905 දී වසර දෙකක් ස්වේච්ඡාවෙන්ම හමුදා සේවයේ නිරත වන අතර ඉන් ඉවත්වූ පසුව ගුරුවරයෙකු ලෙස සේවය කරනු ලබනවා. මේ කාලයේදීද සමාජවාදී දේශපාලන කටයුතු වෙනුවෙන් වරින්වර රටින් බැහැරවන මුසලෝනි ජර්මානු සාහිත්‍ය පිළිබදව ලිපි ලිවීමද කරන අතර එක් නවකතාවක්ද රචනා කරනු බවනවා. එපමණක් නොවේ සමාජවාදී පක්‍ෂයේ පුවත්පත වන Avanti! පුවත්පතේ කතුවරයා වන්නේද ඔහුයි. මෙම පුවත්පත පසුව 20,000 සිට 100,000 ක තරම් පිටපත් අලෙවිවන පුවත්පතක් බවට පත්කිරීමට මුසලෝනිට හැකිවේ

පළමු ලෝක යුද්දය රටවල් වලට පමණක් නොව එම රටවල තිබූ දේශපාලන ව්‍යාපාරද උඩුයටිකුරු කරදැමීමට හේතුවූවා. ජර්මනිය, රුසියාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, ඔස්ට්‍රියාව යනාදී රටවල් වල දේශපාලන ව්‍යාපාරවලද ‍පිල් බෙදීම්වලට මෙම යුද්දයේ බලපෑම හේතුවූ අතර එකම් පක්‍ෂයේ කොටසක් යුද්දයට සහ‍යෝගය දැක්වීය යුතුයයි පවස්ද්දී අනෙක් පාර්ශවට යුද්දය හෙලා දකිමින් කටයුතු කලා. මේ තත්ත්වය ඉතාලි සමාජවාදී පක්‍ෂයටද බලපෑමක් ඇති කල අතර යුද්දයට පක්‍ෂ සහ විපක්‍ෂ කොටස් දෙකක් සිටි අතර මේ දෙපාර්ශවයේ මතවාදී වශයෙන් කොතරම් ගැටුම් ඔඩුදුවා ඇත්දැයි කියතොත් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවා ඇතිවීමට මෙය හේතුවක්ව තිබූ බව පැවසෙනවා. මෙම පිල්බෙදීමේදී මුසලෝනි ගත්තේ යුද්දයට පක්‍ෂ විය යුතුයයි පැවසූ කණ්ඩායමේ පැත්ත වූ අතර මේ නිසා සමාජවාදී පක්‍ෂයේ නෙරපා දැමිමට ඔහු ලක්වෙනවා.

මෙතෙක් පංතිභේදය ජාතියේ අවනතියට හේතුවේ යයි යන මතයේ සිටි මුසලෝනි ඉන්පසුව ජාතියේ අවනතියට පංතිභේදයට වඩා බලපෑම් ඇති කරන්නේ මානව ප්‍රජාවන්ගේ වෙනස්කම්,  මානව වර්ගයන්, සම්ප්‍රධායන්, විවිද භාෂාවන් බවට විශ්වාස කරන ඔහු පංතිය මගින් කරන්නේ ජාතිය රැකගැනීම බවට වෙනස්ම වූ සංකල්පයකට පත්ව සාම්ප්‍රධායික සමාජවාදය පිළිකෙව් කරන තත්ත්වයකට පත්වන අතර ඔහු විසින් නව දේශපාලන දර්ශනයක් ඇති දේශපාලන ව්‍යාපාරයක් 1914 දී ආරම්භකරන අතර මෙය හදුන්වනු ලබන්නේ the Fasci Rivoluzionari d'Azione Internazionalista නැතහොත් Fascisti (Fascists) ලෙසයි.
ආරම්භක අවස්ථාවේ මෙම ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය උදාසීන හා ආකාර්යක්‍ෂම එකක් වූ අතර පොලිසියෙන් වූ බාදා මෙන්ම රජයේ හා තම පැරණි දේශපාලන මිතුරන් වූ සාම්ප්‍රධායික සමාජවාදී ව්‍යාපාරයන්ගේ පහරකෑම් වලට නිරතුරු ලක්වූ මෙම කණ්ඩායමට විශාල ප්‍රමාණයේ රැස්වීමක් පවා සංවිධානය කරගැනීම අසීරු කටයුත්තක් වූවා.

යුද්දයේ උච්චතම අවස්ථාවන්ට එලඹෙත්ම අභ්‍යන්තර ගැටුම් වලට වඩා තම රට යුද්දය වෙනුවෙන් දෙන දායකත්ව‍ය වෙනු‍වෙන් නිහඩ ප්‍රතිපත්තියක් කරයෑමට සමාජවාදී පක්‍ෂය පියවර ගැනීමත් සමග ෆැසිස්ට්වාදීන් සමග සංහිදියාවකට එලඹෙන තත්ත්වයක් ගැටුම් අවම වන අතර යුද්දයේදී නව මසක හමුදා සේවයේ තුවාල ලබා අවසන් වන මුස‍ලෝනි යථා තත්ත්වයට පත්වීමත් සමග දේශපාලන කටයුතු නැවත ආරම්භ කිරීම සිදුවේ.

මුසලෝනි හා ෆැසිස්ට්වාදින් සාම්ප්‍රධායික හා විප්ලවවාදි යන මතයන් දෙකම එකවර හැසිරවීමට සමත්වන අතර මෙම දේශපාලන ක්‍රියාකරකම්වලට මුසලෝනිට ඉමහත් සහයක් වන්නේ මු‍සලෝනිගේ කිට්ටුම හිතවතෙතු වන Dino Grandi නම් නිතිඥවරයායි. 1914 දී මුසලෝනි සමග මිතුරුවන ‍මෙම නිතිඥයා පසුව 1919 දී පැරණි යුද භටයන්ගෙන් සැදුම්ලත් කළු කමීසකාරයන් හෙවත් Blackshirts නැතහොත් squadristi කල්ලිය බිහිකිරීමටද දායකවේ. 1921 දී මුසිලෝනිද සමග ඉතාලි පහල මන්ත්‍රීමණ්ඩලය වන the Chamber of Deputies සදහා තේරීපත්වන ඔහු එම රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්වේ.


මෙම කළු කමීසකාරයන්ගේ කල්ලිය පිහිටුවීමේ අරමුණ වූයේ ඉතාලියේ සමස්ථ වීදි වලට බලය තහවුරු කරගැනීම වූ අතර නිරතුරුවම ඔවුන් සමාජවාදීන්, කොමියුනිස්ට්කාරයන් සමග සටන් වැදුන අතර රජයේ නීතිද උල්ලංඝනය කිරීම සිදුකලේය. කෙසේවෙතත් කළු කමීසකාරයන්ගේ මෙම ක්‍රියාකලාපයන් රජයේ පාලනයටද බලපෑමක් එල්ලකලත් රජය එය මැඩපැවැත්වීමට දායකවූයේ අල්ප වශයෙනි. එයට හේතුව නම් ‍මොවුන් සමාජවාදී කණ්ඩායම් සමග බද්ධ වෛරයෙන් කටයුතු  කිරීම රජයද වක්‍රමාර්ගිකව අනුමත කල අතර ඒ 1917 රුසියානු විප්ලවය නිසා රජයද සමාජවාදී රැල්ල ඉතාලියද ගොදුරු කර ගනී යන බියෙන් පසුවු නිසාය. මෙම දක්‍ෂිනාංශික කළු කමීසකරයන්ගේ කණ්ඩායම ඇතැම් අවස්ථාවල වාමාංශික පාලනය පැවති ප්‍රාදේශීය පාලනතන්ත්‍රයන් බිදි දැමීමට වැඩවර්ජන පවා සංවිධානය කලහ.

හරිහැටි රැස්වීමකටවත් සෙනඟ එකතුකර ගැනීමට  නොහැකිව සිටි ෆැසිස්ට් පක්‍ෂය වසර දෙකක් තුල ශීඝ්‍රයෙන් වර්ධනවී ශක්තිමත් වන අතර 1921  දී එය නම් කරනු ලබන්නේ the National Fascist Party ලෙසයි. තවද 1921 දී පළමුවරට මුසලෝනි the Chamber of Deputies සදහාද තේරී පත්වේ. කෙසේවෙතත් 1919 ‍නොවැම්බරයේ මහ මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වූ තිබුනි.

1921 මහා මැතිවරණයෙන් පසුව 1922 පෙබරවාරියේදී ඉතාලි අග්‍රාමාත්‍යධුරයට පත්වන්නේ වෘතිමය වශයෙන් ජනමාධ්‍යකරුවෙකු හා පසුව ලිබරල් පාක්‍ෂකයෙකු වූ Luigi Facta වන අතර ඔහු ඊ‍ට පෙර ඉතාලි මුදල් ලෙසද කටයුතු කර අත්දැකීම් සහිත දේශපාලනඥයෙකුවිය.

පළමු ලෝක යුද්දයෙන් පසුව ඉතාලි දේශපාලනය වෙනස් මඟක් ගෙන තිබූ අතර එයට ප්‍රධාන හේතුව මුසලෝනි විසින් නායකත්වය දුන් ෆැසිස්ට් පක්‍ෂය රැඩිකල් සාහසිකත්වයකින් යුතුව ක්‍රියාකරමින් තිබූ අතර ඉතාලි දේශපාලනය යනු එම අවධියේ කුණාටු බහුල සමයක් විය.  ඒ නිසා මෙම අතිධාවනකාරී දේශපාලන ක්‍රමයකට ගැලපෙන බවක් Luigi Facta තුලින් දිස්නොවූ අතර ඔහුට කාර්යක්‍ෂම ලෙස ෆැසිස්ට් ව්‍යාපාරය සමග ගණුදෙනු කල නොහැකි බව හේතුකොට ගෙන ඉතාලි රාජාණ්ඩුවේ රජු වූ Victor Emmanuel III විසින් නෙරපා දැමුන අතර එම රික්තකය පිරවීමට සුදුස්සෙකු එම අවස්ථාවේ නොමැතිවූ හෙයින් නැවතත් Luigi Factaම අගමැතිලෙස පත්කරනා ලදි.

Luigi Facta, මුසලෝනිට එරෙහිවිමක් එලිපිට නොකල අතර ඔහුව ඉවත්කල අවස්ථාවන්හිදී පවා මුසලෝනිට එරෙහිව නැගීසිටීමක් සිදුනොවීය. මො‍හුගේ මෙම උදාසීන ප්‍රතිපත්තිය නිසාම, මුසලෝනිට බලාපොරොත්තු වූවාටත් වඩා ශක්තිමත් වීමට හැකියාවක් ලැබුන බවට චෝදනාවක්ද තිබෙන අතර 1922 වසරේ ඔක්තෝබරයේදී නැවතත් තම පදවියට ආයුබෝවන් කීමට Luigi Facta ට සිදුවූ අතර 1924 දී ඔහුව සෙනෙට් සභිකයෙකු ලෙස පත් කිරීමට ඉතාලි රජු ක්‍රියා කලේය.

මුසලෝනිගේ අරමුණ ඉතාලියේ බලය අත්පත්කරගැනීම විය. ඔහු එය අරමුණු කරගනිමින් විවිද කටයුතු සිදුකල අතර කළු කමිසකාරයන් සමග මුසලෝනි රෝමය වෙත මහා පාගමනක් සංවිධානය කර  Luigi ට අගමැතිධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින්, පාගමන 1922 ඔක්තෝබර් 27 වනදා ආරම්භකල අතර ඒ වන විටත් ඉතාලියේ ඇතැම් ප්‍රදේශවල නිල නොවන පාලනයක් ගෙන ගියේ ‍ෆැසිස්ට්වාදී කළුකමීසකාරයන් වන අතර රටපුරා යුද නීතිය ඇති කොට පාලනය යථා තත්ත්වයට පත් කරන මෙන් Facta ඉල්ලා සිටියත්, සිවිල් යුද්දයක් ඇතිවනු ඇතැයි බියවූ එමානුවෙල් රජු යුද නීතිය ප්‍රකාශයට පත්කර කළු කමීසකාරයන් මර්ධනය වෙනුවට Luigi Facta ව ඔක්තෝබර් 28 වනදා අගැමැතිධූරයෙන් ඉවත් කරන බලය මුසලෝනි වෙත පවරන ලදි‍. මේ සදහා රජු පෙළඹීමට, මුසලෝනිට හමුදාවේ, ඉතාලි ව්‍යාපාරික පැලැන්තියේ හා දක්‍ෂිනාංශිකයන්ගේ සහය ලැබීමද හේතුවක් විය.

කළු කමීසකාරයන් සමග මුසලෝනි

රෝමයට පා ගමනින්

මේ සමග දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කිට්ටුමවන්ත සහකරුවා හිට්ලර් බලයට පත්වීමටත් පෙරාතුවම ඉතාලියේ සුක්කානම තම අතට ගන්නවා පමණක් නොව ඉතාලිය නැවත ශක්තිමත් කරලීම පිණිස වසරක කාලයකටවත් නීත්‍යානුකූල ලෙසම ඒකාධිපතිවාදය ලබාදෙන ලෙස ඉල්ලයි. ක්‍රමයෙන් හිංසාකාරී වටපිටාවන් වර්ධනය වෙමින් ඉදිරියට යන ඉතාලිය 1924 ජූනි මාසයෙන් පසුව ඒකාධිපති රාජ්‍යයක් ලෙස ස්ථාපිතවේ.
 1923 පෙබරවාරි 01 වනදා කළු කමීසකාරයන් the Volunteer Militia for National Security (Milizia Volontaria per la Sicurezza Nazionale, or MVSN) ලෙස ස්ථාපිත වන අතර එය ඉතාලිය දෙවන ලෝක යුද්දයෙන් ඉවත්වූ 1943 දක්වා පවතින අතර ඉන්පසුව ඉතාලියේ උතුරු ප්‍රදේශ වල පාලනය ලබාගන්නා ජර්මනිය යටතේ එය නැවතත් the Republican National Guard (Guardia Nazionale Repubblicana, or GNR) ලෙස ජර්මනිය වෙනුවෙන් සේවය කලහ.

මුසලෝනි බලයට පත්වූ පසු රටතුල පමණක් නොව රටින් පිටතටද සිය බලය ව්‍යාපත් කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භකරන අතර 1923 දී ඔහු ඉතාලි හමුදා ග්‍රීසියට අයත් කෝෆු ප්‍රදේශ ආක්‍රමණය යොදවන අතර පළමු ලෝක යුද්දයට පසු එවන් ව්‍යවසනයක් නැවත ඇති නොවනු පිණිස කටයුතු කිරීමට පත්කරන ලැබූ ජාතීන්ගේ සංගමයටද මෙවන් ආක්‍රමණ වැලැක්වීමේ හැකියාවක් නොමැති ආයතනයක් බවට පත්වන අතර මෙම ග්‍රීක අක්‍රමණයට තුඩුදුන් හේතුව වන ඉතාලි ජනරාල්වරයෙකු හා ඔහුගේ සහායකයන් තිදෙනෙකු ග්‍රීක භූමියකදි වෙඩිතබා මරාදැමීම වන අතර මේ වෙනුවෙන් ග්‍රීසිය විසින් ඉතාලියට වන්දි ගෙවීමෙන් පසුව ඉතාලි හමුදාව කෝෆු වෙතින් ඉවත්වීම සිදුවේ. මෙම සිදුවීම් පෙල  Corfu incident ලෙස හදුන්වයි.

මුලින් සමාජවාදියෙකු හා පසුව ෆැසිස්ට් ව්‍යාපාරය ඔස්සේ ප්‍රචණ්ඩ මුහුනුවරක් ගත් මුසලෝනිගේ දේශපාලනය බලයට පත්වූ පසුව හමුදා පාලකයෙකුගේ තත්ත්වයට පත්විය. ඉන්පසුව ඔහුව නිරතුරු දැකගන්නට ලැබුනේ හමුදා නිල ඇදුමකිනි. 1928 දී අනෙකුත් දේශපාලන පක්‍ෂ තහනම් කරනු ලබන අතර සිසිලියේ ක්‍රියාත්මකව පැවතී මාෆියා සංවිධාන මුලිනුපුටා දැමීමේ කාර්යයද මුසලෝනි අරඹයි.

හිට්ලර් මෙන්ම තරුණ පරපුරද තම මතවාදයෙන් මොල ශෝදනයට ලක්වූ පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් කළු කමීසකරුවන්ගේ තරුණ කණ්ඩායමක්ද ගොඩනංවයි.
Benito Mussolini and Fascist Blackshirt youth in 1935.
 එපමණක් නොව අධිරාජ්‍යයක් ගොඩනැවීමේ පිස්සුවද ඔළුවට ගහන මුසලෝනී නව රෝම අධිරාජ්‍ය බිහිකිරීමේ චේතනාවෙන් හා ඉතාලි යටත් විජිතයක් වූ Italian Somaliland හා ඉතියෝපියාව අතර දේශසීමා අරබුදයක උච්චතම අවස්ථාව ලෙස 1935 ඔක්තෝබර් මාසයේදී ඉතියෝපියාව සමග යුද වැදෙන අතර මාස හතක් වැනි කෙටි කාලයකදී එනම් 1936 මැයි මස‍දී මෙම යුද්දය නිමා වෙන අතර එයින් ඉතාලිය ජය ලබයි. මෙම යුද්දය Second Italo–Abyssinian War ලෙස හදුන්වයි.

හිට්ලර් 1933 බලයට පත්වූ අතර එම අවධියේ මුසලෝනි සහ හිට්ලර් අතර එතරම් සබදකමක් නොවූ අතර හිට්ලර්ගේ මෙහෙයවීමෙන් තම මිතුරෙකු වූ ඔස්ට්‍රියාවේ ෆැසිස්ට් ආඥාදායකයා  Engelbert Dollfuss 1934 දී ඝාතනය කිරීමෙන් පසුව තරමක් හොද හිත පළුදු වී තිබූ බවද පැවසේ. 
අඹ යහළුවන් වීමට පෙර
(Adolf Hitler of Germany and Benito Mussolini of Italy greet each other as they
meet at the airfield in Venice, Italy, on June 14, 1934. Mussolini and his fascists put on a show for Hitler, but on the details of their subsequent conversations there was little news.)
එසේම මුල් අවධියේ මුසලෝනි, හිට්ල‍ර්ගේ ඇදහූ ජීව විද්‍යාත්මක වර්ගවාදය පිළිබදව කැමැත්තක් නොදැක්වූ බව පැවසෙන අතර නාසින් විසින් ව්‍යාපත්කල අදහසක් වූ ඉතාලියානුවන් යනු දෙමුහුන් වර්ගයක් යන මතය පිළිබදවද සංවේදිව අවධානය යොමුකල බව පැවසේ.එසේම 1934 වැනි කාලයේදී ජර්මානුන් සුපිරි ජාතියක් නැතහොත් විශේෂිතවූ ජාතියක් යන හිට්ලර්ගේ වර්ගවාදී අදහස් පිළිබදව මුසලෝනි තුල කැමැත්තක් නොතිබූ බවද පැවසිය යුතුයි.

But which race? Does there exist a German race? Has it ever existed? Will it ever exist? Reality, myth, or hoax of the theorists? Ah well, we respond, a Germanic race does not exist. Various movements. Curiosity. Stupor. We repeat. Does not exist. We don't say so. Scientists say so. Hitler says so.
—Benito Mussolini, 1934

Race! It is a feeling, not a reality: ninety-five percent, at least, is a feeling. Nothing will ever make me believe that biologically pure races can be shown to exist today. Amusingly enough, not one of those who have proclaimed the "nobility" of the Teutonic race was himself a Teuton. Gobineau was a Frenchman, Chamberlain, an Englishman; Woltmann, a Jew; Lapouge, another Frenchman.
—Benito Mussolini, 1933

1920 තරම් ඈත කාලයේදි එනම් ෆැසිස්ට් ව්‍යාපාරය ආරම්භයේදී වර්ගවාදී අදහස් හා 1934 වැනි කාලය වන විට එම පක්‍ෂයේ වර්ගවාදී අදහස් වල යම් වෙනසක් තිබෙන්නට විය. ඉතාලියේ වාසය කල යුදෙව් ජනතාව පිළිබදව හිට්ලර් වැනි මිනීමරු භිතියක් මුසලෝනි තුල නොවුනාසේම ෆැසිස්ට් පක්‍ෂය තුලද යුදෙව්  ක්‍රියාකාරිකයන් රැසක්ම විය. එසේම මුසලෝනිගේ අදහසවූයේ රෝමය පැවති කාලයේ පටන්ම ඉතාලියේ වාසය කල මොවුන්ට පාඩුවේ ඉන්නට හැරීම මුසලෝනිගේ අදහසවිය. එහෙත් 1934 දී හිට්ලර් බලයට පත්වන විට මුසලෝනි යනු පරිණත දේශපාලන දැනීමක් හා හිට්ලර්ට වඩා මුහුකුරා ගිය අයෙක්වූවත් 1938 වන විට හිට්ලර් යුරෝපයේ සතුකරගෙන තිබූ බලය හා හිට්ලර්ගේ නාසි පක්‍ෂය විසින් 1935 දී ප්‍රකාශයට පත් කල නියුරම්බර්ග නීති මගින් ආර්ය ජනතාවක් පිළිබදව සංකල්පය හා ගැලපෙන්නට හා ජර්මානු හොද හිත තබා ගැනීමට මුසලෝනිටද ඒ හා සමාන වර්ගවාදී පිළිවෙතකට යාමට සිදුව තිබුනි. ඒ අනුව නියුරම්බර්ග් නීතිමාලවේ ඉතාලි මොඩලය ලෙස Manifesto of Race නීති මාලව රැගෙන එන ලදි.
From left to right, Chamberlain, Daladier, Hitler, Mussolini and
Italian Foreign Minister Count Ciano as they prepare to sign the Munich Agreement.
 කෙසේවෙතත් ප්‍රධාන වශයෙන් ජර්මානුවන්ට ඇවසිව තිබූ වාර්ගික ශුද්ධත්වයක් ඉතාලියානුවන්ට අවශ්‍ය නොවීම හා එතෙක් පැවති ප්‍රතිපත්තිවලට ඉදුරාම වෙනස් ප්‍රතිපත්ති සම්පාදනය ඉතාලි ජාතිකයන් බහුතරයකට අණ්ඩරදෙමලයක්විය. මෙය කොතරම් ඉතාලි සමාජය කම්පනයට ලක්කලාද කියතොත් එවකට පාප් තුමා වූ Pope Pius XII විසින් මුසලෝනි වෙත එවන ලද ලිපියකින් කියා සිටියේ මෙම නීති අත්හිටුවන ලෙසයි. එහෙත් ඒ අවස්ථාවේ ජර්මනිය විසින් අත්පත්කරගෙන තිබූ යුරෝපීය මහද්වීපයේ ප්‍රබලත්වය අනුව අකමැත්තෙන්වුවත් උපක්‍රමයක් ලෙස මෙම නීති ක්‍රියාත්මක කරනවා හැරෙන්නට වෙනයමක් මුසලෝනිට නොවූයේය. මේ බව පසුව මුසලෝනි විසින් පවා සනාථ කරනු ලැබුවේය.(In December 1943, Mussolini made a confession to Bruno Spampanato that seems to indicate that he regretted the Manifesto of Race, as Mussolini put it:)

 හිට්ලර් 1939 අප්‍රේල් මාසයේදී චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කල අතර ඉතාලියද තමන්ගේ පෙර නම්බුව රැකගැනීමට ඇල්බේනියාව අක්‍රමණය කර එම යුද්දය දින පහකින් ජයගැනීමට සමත්වූ අතර එරට පාලනය කල Zog රජුට රටින් පිටවීමට බලකරන ලදි. එම වසරේ මැයි මාසයේදී ජර්මනිය හා ඉතාලිය අතර The Pact of Steel නැතහොත් the Pact of Friendship and Alliance between Germany and Italy ගිවිසුම විදේශ අමාත්‍යවරුන් විසින් අත්සන් තැබේ. මෙය අරමුණු දෙකකින් යුතුවූ අතර මුල් අරමුණ රටවල් දෙක අතර අන්‍යෙන්‍ය අවබෝදය පත්වාගෙන යාමත් දෙවැන්න යුදමය හා ආර්ථික වශයෙන් රටවල් දෙක අතර එකඟතාවයන් පවත්වාගෙන යාමත්ය. කෙසේවෙතත් මෙම දෙරට අතර සංහිදියාවෙන් පසුව ඇතිවූ ලේ වැකුන සිදුවීම් නිසා මෙම ගිවිසුමෙහි නියම නම "the Pact of Blood" ‍ලෙස අවඥාවෙන් ඇතැමුන් පවසයි.

කෙසේවෙතත් ජර්මනිය සමග මේ ඇයිහොදයිට එතරම් කැමැත්තක් ඉතාලියේ එමානුවෙල් රජු තුල නොවූ බව පැවසෙන අතර ඔහු කැමතිවූයේ තම රටේ පැරණි මිතුරෙකු වූ ප්‍රංශය සමග විශේෂ ගණුදෙනුයි.

1939 සැප්තැම්බර් 01 දා ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරනු ලබන අතර මෙවන් තත්ත්වයක් ඉතාලිය බලාපොරොත්තු නොවූ අතර එවකට ඉතාලි විදේශ අමාත්‍ය Gian Galeazzo Ciano විසින් පවසා සිටියේ මේ නිසා මිත්‍රජාතීන් සමග යුදවැදීමේ තත්ත්වයක් පවා උදාවිය හැකිබවයි.  මේ අදහස් තඹ සතේකට ගණන් නොගත් හිට්ලර් කියා සිටියේ මේ ආක්‍රමණය නිසා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර යුරෝපීය රටවල් යුද්දයට නොපෙලඹී ආපස්සට යනු ඇති බවත් ඉතාලිය විසින් යුගෝස්ලෝවියාව අක්‍රමණය කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බවයි. කෙසේවෙතත් මෙම අවස්ථාව ඉතාලියට ලබාදුන්නත් එවකට ඉතාලිය මහා පරිමාණ යුද්දයකට සරිලන සේ අවිආයුද නිශ්පාදනයක් නොකර සිටි නිසාත් රෝම අධිරාජ්‍ය ගොඩනැංවීම යනු දීර්ඝකාලීනව සිදුකල යුතු එකක් ලෙස මුසලෝනි සිතා සිටීම හා ඉතාලියේ එමානුවෙල් රජු මධ්‍යස්ථව ක්‍රියාකලයුතු බව අවධාරණය කිරීමත් නිසා මෙම ආක්‍රමණය වැලකී ගියත් ජර්මනියේ හිතුවක්කාරී පෝලන්ත අක්‍රමණයත් සමග 1939 සැප්තැම්බර් 1 දා දෙවන ලෝක යුද්දය නිල වශයෙන් ඇරඹුන දිනය සේ සැලකේ.  ජර්මනියේ මේ ක්‍රියාවන්නට එදිරිව මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යුද ප්‍රකාශ කරන අතර ඉතාලිය තවමත් දෙවන ලෝක යුද්දයට සම්බන්ධ වී නොමැත.

මහා බ්‍රිතාන්‍යයේ අදහස වූයේ ඉතාලිය පළමු ලෝක යුද්දය අවස්ථාවේදී මෙන් තමන් සමග එක්විය යුතු බව වුවත් ප්‍රංශයට නම් අවශ්‍ය වූයේ ඉතාලියට එරෙහිව පහර දීමයි. එය බොහෝවිට යටත්විජිත සම්බන්ධයෙන් දෙරට අතර තිබූ ගැටළුකාරී තත්ත්වයන් වීමටත් ඉඩ ඇති අතර ඒ බව සනාථ වන්නේ ප්‍රංශය, ඉතාලියේ යටත් විජිතයක් වූ ලිබියාවට පහර දීමට කැමැත්තෙන් පසුවීමයි. කෙසේවෙතත් මෙම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකචිඡා කිහිපයක් සිදුකෙරුනත් ප්‍රංශයේ යටි අරමුණු නිසා ඒවා දුර්වල තත්ත්වයකට පත්විය.

ජර්මිනියේ යුද හැකියාවන් හා ජයග්‍රහණ සමග මෙම යුද්දය ජර්මනියේ ජයත් සමග නිමවේ යයි සිතූ ඉතාලිය ජරමනිය හා එක්ව මිත්‍ර පාර්ශවවලට එරෙහිව යුද වැදීමට එක්වන අතර 1940 ජූනි 10 වනදා මහා බ්‍රිතාන්‍යට හා ප්‍රංශයට යුද ප්‍රකාශකරමින් ඉතාලියද දෙවන ලෝක යුද්දයට සේන්දුවේ.

දැන් එසේනම් දෙවන ලෝක යුද්දයට පෙර තේමාව යටතේ ඉතාලියේ කාර්යභාරය පිළිබදව පැවසීම තාවකාලිකව නිමා කරන අතර ඒ ඒ අවස්ථාවලිදී ඉතාලිය ක්‍රියා කල ආකාරය පිළිබදව ඉදිරියේදිත් කතා කරමු...

පළමු ලිපිය - දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
on: අරිනවා, උඩ, උඩු, කෙරෙහි, දි, පිට, මතුපිට, විට, හි

18 comments:

  1. වැදගත් ඉතිහාස කතාවකි....

    ReplyDelete
  2. නොදත් කරුණු බොහෝ දැනගතිමි. ස්තූතියි දිනේශ්.

    මෙන්න මෙත පොඩි අවුලක් තියනවා කියලා හිතුනා. ආයෙ ටිකක් බලන්න.

    // මෙම පුවත්පත පසුව 200,000 සිට 100,000 ක තරම් පිටපත් අලෙවිවන පුවත්පතක් බවට පත්කිරීමට මුසලෝනිට හැකිවේ //

    මේක හරිනම් මුසලෝනි පත්තරේ බංකොලොත් කරලා මගෙ හිතේ.

    ReplyDelete
  3. කළු කමිස කාරයන් ගැන අහල තිබුනත් විස්තර දැනගෙන හිටියේ නැ. ගොඩක් ස්තුතියි.

    www.thunsitha.tk

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඊලග කොටසෙදිත් හමුවෙමු...

      Delete
  4. හම්මෝ..හරිම අමාරුවෙන් කියෙව්වා...
    කියවන අපිට මෙච්චර අමාරු නම් ලියන ඔයාට කොච්චර අමාරු ඇතිද?

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ලියන්න පැය කිහිපයක්ම ගියා තමයි...

      Delete
  5. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේව නම් පට්ට වටිනව.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මම හිතන්නේ මෙවැනි ලිපි ටිකක් නිරස වුනත් ඉතිහාසයේ නොදන්නා බොහෝ දේ නිරාකරණය කර ගැනීමට සෑහෙන්න උදව්වක් මෙවන් ලිපි වලින් ලැබේවි...

      Delete
    2. ඇත්තටම මට නම් නීරස නෑ. මම හරිම කැමතියි මේ වගේ දේවල් කියවන්න..ඔයාගෙ මේ වගේ ලිපි හැම එකක්ම මම කියෙව්ව.බොහොම රසවත්..

      Delete
  6. වැදගත් කරුණු ටිකක් දැනගත්තා. ස්තුතියි. ඒ වගේම සෙන්න කියනවා වගේ මුසලෝනි පත්තරේ බංකොලොත් කරලා නැතිනම් ගාණ වෙනස් වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  7. වැදගත් ලිපියක් . ඉතාලිය සහ ඉතියෝපියා සටන ගැන කියවන්න හිතන් හිටියට අතපසු වී ගියා . අඩිස් අබාබා මියුසියම් එකේ තියෙනවා ඉතාලි තුවක්කුවක් . ඒ ඇරවැඩියමක් විස්තර නැහැ . මගේ මිතුරිය කි පරිදි ලක්ෂ ගානක් ඉතියෝපියානුවන් එකතැන මරා දාල තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එවන් වැඩි දෙයක් නොදන්නා යුද්ද ගැනත් ඉදිරිකාලයේ කතාකරන්න බලාපොරොත්තුවෙනවා...

      Delete
  8. දෙවන ලෝක සOග්‍රාමය පිළිබදව නොදත් බොහෝදේ දෑනගත්ත,මම හිතන්නෙ තුන්වන ලෝක මහා සOග්‍රාමය මෑදපෙරදිගින් ඈරබෙයි වගේ.

    ReplyDelete
  9. @Senna සහ ක්සැන්ඩර් | Xander - ස්තූතියි! ලොකු වැරැද්දක් තමයි වෙලා තිබුනේ 20,000 වෙනුවට 200,000 ටයිප් වෙලා. ඒ වැරැද්ද නිවැරදි කලා...

    ReplyDelete
  10. අදටත් ගොඩක් ඉතියෝපියානු,සෙනගල්,ඇල්බේනියානු මිනිස්සු ඉතාලි ජාතිකයන්ට කතා කරන්නේ ඥාති සහෝදරයා කියලා, සමහරවිට ඒ මිනිස්සුන්ට කරපු දේවල් වලට යම්කිසි තරහවකටද කියලත් මට හිතෙනවා... දෙවන ලෝක යුද්ධය ගැන ලොකු දෙයක් අදත් දැන ගත්තා,කලු කමිසකරයෝ ගැන නම් යම් පමනකට අහලා තියනවා

    ReplyDelete
  11. නොදත් කරුණු බොහෝ දැනගතිමි. ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  12. උපරිමයි . . .

    මට නම් පොඩ්ඩක් වත් නීරස නෑ . .

    හරිම ඉන්ටෙරෙස්ටින්ග් . . .

    මම නියුරෙම්බර්ග් අවසන් ජවනිකාව පොත කියෙව්වෙත් මේ වගේ ලොකු උනන්දුවකින් . .
    බොහොම ස්තූතියි දිනේෂ් . .

    ReplyDelete