-->

Tuesday, March 13, 2012

දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I

සත් සමුදුරෙන් කවදත් නොදැකපු අළුත් දේ ඔබට ලබාදෙන්නට ගන්නා වෑය‍මේ තවත් ප්‍රතිඵලයක් ලෙස විසිවන සියවසේ මහා සංසිද්ධිය වූ දෙවන ලෝක සංග්‍රාමය හා සම්බන්ධවන සිදුවීම් වල ඔබ නොදුටූ නොඇසූ කරුණු ගණනාවක් ලබාදෙන්නට අරඹන තවත් ලිපි පෙලක ආරම්භයයි මේ.  අපිට මෙහිදී දෙවන ලෝක යුද්දයට පෙර, යුද්දය අතරතුර හා යුද්දයට පසු විවිද දෙවල් පිළිබදව කතා කිරීමේ අවස්ථාව සමග දුර්ලභ සේයාරූ රැසක්ම දැකගැනීමේ අවස්ථාවද මෙහිදී ලැබෙනවා. එසේනම් මෙම ලිපියෙන් අපි යුද්දයට පෙරාතුව ලෝකයේ විවිද කලාප වල, නැතහොත් රටවල්වල සිදුවූ සිදුවීම් පිළිබදව කතාව අරඹමු.

1939 දී අක්‍ෂ බලවතුන් වූ ජර්මනිය, ඉතාලිය හා නැගෙනහිර ආසියාවේ ප්‍රබලයන් වූ ජපානය හා සෝවියට් දේශය,ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා තවත් රටවල් රැසක එකමුතුවක් වූ මිත්‍ර බලවතුන් අතර යුද්දය ඇරඹුනත් ඊට පෙරාතුව සිටම ‍පෘතුවි ගෝලයේ රටවල් රටවල් රැසකම තිබූ ආතතිය, අවපාතය, රැකියා විරහිත භාවය හා කලකිරීම වගේ කාරණා සමග මෙන්ම 1918 දී පළමු ලෝක යුද්දය ජර්මනියේ පරාජයත් සමග නිමාවීමත් සමග ජර්මනිය බෙලහීන කර දැමීමට 1919 ජුනි 28 වෙනිදා ප්‍රංශයේ වර්සේල්ස් නුවරදී අත්සන් තැබුන වර්සේල්ස් ගිවිසුමත් (Treaty of Versailles) සමග ජර්මනියේ ආත්ම අභිමානය බිදවැටීම පිළිබදව ජර්මන් ජාතිකයන් තුල ‍තිබූ නොසතුටත් පසුකාලිනව ඉතා දරුණු ලෙස පුපුරා ගිය අවස්ථාවක් ලෙසත් දෙවන ලෝක යුද්දය හැදින්වූවට එක් අතකින් වරදක් නැහැ.
වර්සෙල්ස් ගිවිසුමේ ඉංග්‍රීසි පිටපතේ මුල් කවරය

අපි සත් සමුදුර තුලින් පළමු ලෝක යුද්දය පිළිබදව වැඩියමක් කතාබහ කර නොමැති වූවත් මෙම වර්සේල්ස් ගිවිසුම පිළිබදව කෙටියෙන් කියන්නේ නම් එදා ජර්මනිය මධ්‍ය බලවතුන් ලෙස හැදින්වූ අතර මිත්‍ර පාර්ශවයේ ප්‍රභලයන් වූයේ ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, ඇමරිකාව හා ජපානයයි. ඔබට හිතෙන්න පුළුවන් යමක් වැරදිලාවත්ද කියලා. ඒ ඉතාලිය හා ජපානයත් මිත්‍ර බලවතුන්ගේ පාර්ශවයේ ලියා තිබෙනවා යයි කියා. නැහැ. පළමු ලෝක යුද්දයේදී ජපානය හා ඉතාලිය කියන රටවල් දෙක සිටියෙත් මිත්‍ර පාර්ශයවය සමගයි. එහෙත් දෙවන ලෝක යුද්දයේදී ඔවුන් ගත්තේ පළමු ලෝක යුද්දය අවස්ථාවේ පස මිතුරන් වූ ජර්මනියේ පාර්ශ්වයයි. ඒයට හේතුවූ කාරණා පිළිබදව කෙටියෙන් යමක් කියන්නට ‍පෙර වර්සේල්ස් ගිවිසුමෙන් තීන්දු වූ කරුණු පිළිබදව සාරාංශය විමසමු. එහිදී;

* ජර්මනිය මෙම යුද්දයේ සම්පූර්ණ වගකීම දැරිය යුතුයි.
* යුද්දයෙන් සිදුවූ සියළු අලාභයන් ජර්මනිය විසින් දැරිය යුතුවූ අතර එය පසුව විමසා බැලීමේදී පවුම්
   බිලියන 6.6 ක් තරම් අතිවිශාල අගයක් විය.
* ජර්මනියේ සන්නද්ධ හමුදාවන්ගේ පිරිස් බලය 100,000 කට වඩා අඩුවිය යුතුවිය.
* ජර්මනියට, ගුවන් හමුදාවක් තබාගැනීම, සබ්මැරීන තබා ගැනීම තහනම් වූ අතර විශාල නෞකාවන්
   හයක් පමණක් තබා ගැනීමට අවසර ලබා දෙනු ලැබීය.
* ජර්මනිය සතුවූ භූමිභාගයන් සෑහෙන ප්‍රමාණයක් මිත්‍රපාර්ශවයන් විසින් නතුකරගන්නා ලද අතර
   පෝලන්තය නමින් නව රාජ්‍යයක්ද බිහිකරනු ලැබීය.
* ජර්මනිය සතුව තිබූ යටත් විජිත සියල්ලද අහිමිකරන ලදි.

ඉතින් මෙලෙස වූ කාරණා ඇතුලත් ගිවිසුම 1920 ජනවාරි 10 වනදා සිට බලාත්මක කරනු ලැබූ අතර ජර්මනියට සිදුවූ පාඩුව, අපකීර්තිය හා අවමානය නිසා එය ඇදිවත පවා ගලවාගෙන යාමක් ලෙස ජර්මානුවන් පවා සිතු අතර මෙම කලකීරිම මහා පිපිරීමකට මුලපිරීමක් විය.
මේන මේ හතර දෙනා තමයි එදා ප්‍රබලයන් සිවුදෙනා - මහා බ්‍රිතාන්‍ය,
ප්‍රංශය, ඇමරිකාව හා ඉතාලියේ නායකයන් සිව්දෙනා
ජර්මනියේ පරාජය එදා 1920 දී කාටුන් ශිල්පියෙකු දුටු හැටි
පළමු ලෝක යුද්දය අවසානයේ ජර්මනියට තම භූමි ප්‍රදේශයන් අහිමි වූ ආකාරය
 පළමු ලෝක යුද්දයේදී මිතුරු පාර්ශවය ගත් ඉතාලිය හා ජපානය දෙවන ලෝක යුද්දයේදී ජර්මනිය සමග එක් වීමට හේතු ලෙස සරලව දක්වන්නේ නම් ඉතාලියට යුද්දයෙන් පසුව භූමිය හා රන් ලබාදෙන බවට මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය පොරොන්දුව සිටියත් ඒවා ප්‍රමාණවත් තරම් ලබා නොදුන් නිසා මෙවන් තත්ත්වයත් ඇතිවීමට එක් හේතුවක් ලෙස දක්වන අතර ජපානයද යුද්දයෙන් පසුව තමන් විසින්ම රටවල් අල්ලා ගනිමින් ජපානයේ නැගී‍එන හිරු ධජය යටතට භූමිය අත්පත් කරගැනීමට විමසා සිටියත් මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එය වලකාලමින් "පැත්තකට වී සිට අපි දෙන ඒවා පමණක් ගනින්" යන ආකල්පය හා ඉතාලියේ මුසලෝනි යටතේ ෆැසිස්ට්වාදී පාලනයක් ඇතිවීම හා ඔහු හිට්ලර්ගේ අදහස් සමග ගැලපීම මෙන්ම ජපානයේද ඒ ආකාරයේ අක්‍රමණාකාරී රැඩිකල් ආණ්ඩු බිහිවීම හා ඔවුන් පසුව මිත්‍ර පාර්ශවයෙන් හුදකලා වීම වැනි කාරණා සමග පෙර යුද්දයේ නිමාවෙන් ලබාගැනීමට නොහැකිවූ වැඩි යමක් දෙවන ලෝක යුද්දයෙන් ලබා ගැනීමට ජර්මනිය සමග එකතුවීමට හේතුවිය.
ජපන්-නාසි එකමුතුව
මේ ආකාරයෙන් ජර්මනියේ කලකිරීමත් සමග එදා පළමු‍ ලෝක යුද්දය අවස්ථාවේ ජර්මනිය වෙනුවෙන් සටන් වැදුන කෝප්‍රල්වරයෙකු වූ හිට්ලර් නම් ඔස්ට්‍රියානු සොල්දාදුවාට ජර්මනියේ පරාජය දරාගත නොහැකිවූ අතර යුද්දයෙන් පසුව ඉතාම පහල සිට ජර්මනියේ නායකත්වය දක්වා ජර්මානුවන් ජාතිකවාදයෙන් කුළුගන්වමින්,එරට ඉහලම තැනකට කාර්මික හා කෘෂිකාර්මික වශයෙන් නගාසිටුවමින්, යුදෙව්වන් යුද්දයට පෙරාතුව සිටම කුරිරු ලෙස මර්ධනය කරමින් ක්‍රියාකරන්නට විය.

හිට්ලර් විසින් ජර්මානු‍වන්ගේ ජාතිවාදය උළුප්පමින් බිහිකල ජර්මානු ජාතික සමාජවාදී ක්‍රියාදරයන්ගේ පක්‍ෂය හෙවත් නාසි පක්‍ෂය (National Socialist German Workers' Party a.k.a. Nationalsozialistische Deutsche Arbeiterpartei a.k.a. NSDAP a.k.a NAZI)  විසින් 1920 දශ‍කයේ මුලසිටම ජර්මනියේ බියර් ශාලා නමින් හදුන්වන බියර් පානය කරමින් දේශපාලන කතා ආදිය පවත්වන ස්ථානයන් හි සිට තම පාක්‍ෂිකයන් එක්රැස් කරගනිමින් දේශපාලන ව්‍යාපාරයන් දියත් කරනු ලබයි.

1923 නොවැම්බර් 9 වනදා මියුනිච් නුවර පිහිටි Bürgerbräukeller නම් විශාල බියර් ශාලාව කේන්‍ද්‍රගත කරගනිමින් හිට්ලර් විසින් දියත් කල අසාර්ථක කැරැල්ලෙන් පසුව සිරභාරයට පත්වූ ඔහු 1924 දෙසැම්බර් 20 වනදා නැවත නිදහස ලබාගැනීමට සමත්වෙනවා.
Bürgerbräukeller විශාල බියර් ශාලාවපැවැත්වුන නාසින්ගේ රැස්වීමක්
මේ සිරභාරයට ගත් හිට්ලර් සහ අනෙක් සඟයන්ගේ සේයාරුවකි.

කොහොමවුනත් මේ සිරගතවී සිටි කෙ‍ටි කාලයේදී හිට්ලර් විසින් තමන්ගේ ජීවිතය, ඔහුගේ දේශපාලන දර්ශනය, පළමු ලෝක යුද්දයේ ඔහුගේ අත්දැකීම් ඇතුලත් පොතක් ලිවීමේ කටයුතුද සිදුකරගෙන යනු ලබනවා. මගේ අරගය නැතහොත් මගේ යුද්දය හෙවත්  Mein Kempf ලෙස හැදින්වෙන එය එහෙන්මෙහෙන් කරුණු ඇතුලත් කොට කෙටුම්පත් කරන ලද්දක් බව ඇතැම් විචාරකයන් පැවසුවත් නාසින් තමන්ගේ බයිබලය සේ සලකන ලද්දෙත් මෙම පොතයි. මේ එම හිට්ලර් සිරභාරයෙන් මිදී 1925 දී පොතේ පළමු වෙළුම එලි දැක්වූ පසු ගන්නා ලද සේයාරුවක්. මෙය ගන්නා විට ඔහුට වයස අවුරුදු 35 ක් බව තමයි කියන්නේ.

ඒ එක්කම පෙරදිග ආසියාවෙත් නැගී එන බලයක් තිබුනා. ඇත්තෙන්ම කියනවා නම් 1868 සිට පළමු ලෝක යුද්දය අතරතුර කාලය ගත්විට ජපානය හොදින් නවීකරණය වෙලා තිබුනේ. ඒ වගේම අතිදැවැන්ත කාර්මික භාණ්ඩ නිපදවන සමාගම් පවා ජපානයේ ස්ථාපිතව තිබුනේ. එම යුද්දයෙන් ඔවුන් බලාපොරොත්තුවූ දේවල් නොලැබීම වගේම පෞඩ ඉතිහාසයක් හා රණකාමී ජාතියක් වන ජපානය තමන්ගේම වූ අධිරාජ්‍යයක් පිළිබදව අරමුණකින්ද පසුවූ නිසා පළමු ලෝක යුද්දය අහවරවීමත් සමග යුද ශක්තිය වර්ධනය කරගැනීමත් එවකට ලෝක බලවතුන් වූ මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ අකමැත්ත කෙසේවෙතත් යටත්විජිත අල්ලා ගෙන අමුද්‍රව්‍ය වලින් දුප්පත් ජපානයට අවශ්‍ය අමුද්‍රව්‍ය එම අල්ලා ගන්නා රටවලින් ලබාගැනීම මෙන්ම එම රටවල ජනාතාව තම කම්කරුවන් ලෙස බලහත්කාරයෙන් කුරිරු ලෙස යොදා ගැනීමත් සිදුකරනු ලැබීම අරමුණක් වූවා ‍වගේම ඔවුන් එය ඉතා දරුණු ලෙස කරගෙන යනුද ලැබුවා. 1894 -1895 අතර කාලවලදී එවකට කොරියාව පාලනය කල චීනුන් පරදවා කොරියාව අත්පත් කරගත් අතර 1904-1905 දී රුසියාවේ සාර් පාලනයට නතුව තිබූ මැන්චූරියාවේ Outer Manchria කොටස රුසියාව පරදවා අත්පත් කරගත් අතර රුසියාවට ඒ අවධියේ තිබූ මුදල් අහේනිය වගේ කාරණා සමග ජපානයේ මේ තර්ජනය මැඩපැවැත්වීමට ඔවුන් ‍අපොහොසත්වෙනවා.

ඉතින් පළමු ලෝක යුද්දයට පෙරතුවම අඩුපඩු ගසා නැගිටිමින් සිටි ජපානය නැමති බූවල්ලා 1931 දී චීනයේ උතුරු කොටස වූ චිනයට අයත්ව තිබූ මැන්චූරියා කොටසද ආක්‍රමණය කරනු  ලබන අතර
මෙය හදුන්වන ලබන්නේ Mukden Incident නැතහොත් Manchurian Incident ලෙසයි. ඒ ජපාන හමුදා Mukden නගරයට 1931 සැප්තැම්බර් 18 වනදා ඇතුළුවීම නිසයි.
Mukden නගරයට ජපාන සොල්දාදුවන් ඇතුළුවීම

මෙයින් පසුව ජපානය විසින් මැන්චූරියාව තුල තමන්‍ට පක්‍ෂ රූකඩ ආණ්ඩුවක් බිහිකරන අතර එය Manchukuo ලෙස හදුන්වනු ලබනවා.දෙවන ලෝක යුද්දයේ අවසානය දක්වා පවතින අතර මෙතැන් සිට ‍මැන්චූරියාවේ සිට චීනයට ප්‍රහාර එල්ල කරමින් චීනය ආක්‍රමණය කරන ජපානය 1937 දී චීනය අත්පත් කරගනීම අරඹන අතර Second Sino-Japanese War ආරම්භයද මෙයින් සනිටුහන් වෙනවා. ජපානය විසින් ප්‍රංශයේ පාලනය දුර්වල නිසා බිද වැටීම සිදුව තිබූ ආසියාවේ පැසිෆික් කලාප‍යේ පිහිටි ඉන්දු-චීන ප්‍රංශ යටත් විජිතද අත්පත්කරගන්නා අතර තමන්ට අයත්වූ යටත් විජිතවල මිනිසුන්ට කෲර වදහිංසා ලබාදීම, බලහත්කාරයෙන් වැ‍ඩට යෙදවීම සහ කාන්තාවන් ලිංගික වහළුන්ලෙස තම සොල්දාදුවන්ගේ මනදොල පිනවීම පිණිස යොදවා ගැනීම වගේම ඉතා දරුණු පරීක්‍ෂන මිනිසුන් යොදවා සිදුකිරීම කරනු ලබනවා. 

මේ තිබෙන්නේ ජපාන හමුදා චිනයේ අගනුවර වූ පීපින්ග් හෙවත් දැන් බීජිං ලෙස හැදින්වෙන නගරයට නැගී එන හිරු ධජයද පෙරටු කොට ගෙන 1937 දී ඇතුළු වූ අවස්ථාවයි.
නැගී ‍එන හිරු ජපාන යුද ධජයයි

මේ ජපාන සොල්දාදුවන් චීන මහා ප්‍රාකාරයටත් මුරකාවල් යොදා ඇති අයුරුයි.

ජපානයේ යුද අපරාධවල නිමක් නැහැ. මේ එයින් එක් අවස්ථාවක් වන අතර 1938 දී චීනයේ නැන්කින්ග් නගරය අත්පත් කරගන්නට යාමේදී එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව මෙම කාන්තාව තම පවුලේ දිවි තොරනොවී සිටින යමෙකුවේදැයි පරීක්‍ෂාකරන අවස්ථාවකුයි.

මෙය නම් සංවේදීම සේයාරුවක් අල්ලා ගනු ලැබූ චීන සොල්දාදුවන්ට ‍බයිනේත්තුවලින් ඇන මරාදමන විට වටේ සිට අනෙක් අය බලාසිටින බව පෙනෙනු ඇති.
ජපානය කොතරම් කෙරුම්කාරයන් වූවත් විශවායු ප්‍රහාරයකට ලක්වේයයි බියෙන් සිටියා. එයට සුදානමක් ලෙස ගැස් මුහුණු පැලද පුහුණුවන්නේ ජපානයේ හිමිවරුන් පිරිසකි.

මේ වගේ සේයාරූ ගණනකාවක් තව තිබෙනවා. ඒ එක්කම ඒවාට ලියන්නටත් තව බොහෝදේ තිබෙනවා. ඒවාත් සමග දෙවන කොටසින් හමුවෙමු.


මීට පෙරත් දෙවන ලෝක යුද්දය පිළිබදව ලියවුන සුවිශේෂ ලිපි -
හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII?
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler 
දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම්

මූලාශ්‍ර -
http://en.wikipedia.org/wiki/Japanese_invasion_of_Manchuria

http://www.thenagain.info/webchron/china/JapanManchuria.html
http://www.schoolhistory.co.uk/year9links/versailles.shtml
http://www.scaruffi.com/politics/japanese.html

29 comments:

  1. මින් පෙර නුදුටු පින්තූර මෙන්ම නොකියවූ විස්තරද ඇතුලත් හොඳ ලිපියක්..බොහොම ස්තුතියි...

    හිට්ලර් ජනප්‍රිය වුනේ පොත නිසාද?

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ඒකම නෙවෙයි. තව හේතු ගණනාවක් තිබුනා. ඊලඟ ලිපියේදී ඒ ගැනත් කතාකරමු...

      Delete
  2. වටිනව දිනේෂ්..... ඊළඟ එකත් ඉක්මනට දාමු.

    ReplyDelete
  3. හිට්ලර් කෘෘර ජන සංහාරකයෙක් .ඒකෙ කතා දෙකක් නැහැ.නමුත් ඔහු ජර්මන් ජාතිය පැත්තෙන් බැලූ කල හොඳ නායකයෙක්.හිට්ලර් නාසි පක්ෂයට සම්බන්ධ වන විට එය සාමාජිකයන් සුලු පිරිසක් සිටි ප්‍රාෙද්ශීය කුඩා පක්ෂයක් පමණයි.නමුත් ඔහුගේ චතුර කථිකත්වය මඟින් සුලු කාලයක් ඇතුලත ජර්මනියේ ප්‍රධානතම දේශපාලන ප්‍රවාහය බවට පත්කිරීමට ඔහුට හැකිවෙනවා.
    අනෙක් අතට හිට්ලර් බලය අල්ලාගත් පසු මුලින්ම කර ඇත්තේ ජර්මනිය හැම අතින්ම ස්වයං පෝෂිත කිරීමයි.කලකට පෙර මා කියවූ ලිපියක තිබුන පරිදි ජර්මනියේ විරැකියාව 0% ක් බවටත් ආර්ථික වර්ධන වේගය 400% ක් බවටත් පත්කිරීමට හිට්ලර් වැය කොට තිබුනේ වසර හතරක පමණ සුලු කාලයකුයි.
    නිකමට හිතන්න එදා බැරිවෙලාවත් හිට්ලර් සාර්ථක වෙලා ඔහුගේ මනදොල පරිදි එක් ලෝක රාජ්‍යයක් බිහිකිරීමට හැකියාව ලැබුනා නම් අද ඔහු ගැන පිරිස් කුමන ආකාරයකින් කතාකරාවිද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියනා කාරණා සත්‍යයක්. හිට්ලර් තමයි WWI වලින් පසුව බිම වැටී සිටි ජර්මනිය නගා සිටවූයේ. ඔහු විසින්ම කරගත් විවිද අතපසුවීම් සිදුනොකර ගත්තා නම් අද අපිට අසන්නට ලැබෙන ඉතිහාසය මීටත් වඩා වෙනස් එකක් වේවි...

      Delete
  4. පලමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්දය ගැන හොද වාර්ථා චිත්‍රපට කීපයක් මෙතන ඇති
    http://topdocumentaryfilms.com/world-war-2-in-colour/
    http://topdocumentaryfilms.com/the-first-world-war/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මේවත් ඉදිරියේදී සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි...

      Delete
  5. ටික කළකින් “සත්සමුදුරට“ ගොඩවදින්නට බැරි උනා ..අද මේ පහුගිය ලිපිටික ඔක්කොම කියන්නයි හදන්නේ ..මේ දැන්ම එක් රැස්කරමින් බෙදා දෙන්නට ඔබ වන වෙහෙසට මම අතිශ්‍යය ස්තුතිය පුද කරනවා ..දැන් සත්සමුදුර තවත් එක සිංහල විකිපීඩිඩියාවක් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මම හිතන්නේ ඔබ දැන් විදේශගතව සිටින නිසා වැඩකටයුතු බහුල ඇති. ඔබ ලබාදෙන ධෛර්යයට නැවත වරක් ස්තුතිකරන අතර සත් සමුදරට ලිපි ලියනවාට අමතරව මම සිංහලෙන් අපේ දේ ගැන ලියවෙන විශ්වකෝෂයකටත් ලිපි සපයනවා...

      Delete
  6. කාලෙකට පස්සෙ නැවතත් තොරතුරු ගොඩක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බුද්ධි මෙම ලිපියේදී අනිවාර්යයෙන්ම හමුවන බව මම දැන සිටියා. ඉදිරිලිපි වලදිත් හමුවෙමු...

      Delete
  7. ගොඩක් ස්තූතියි. බොහෝම වටින ලිපියක්.

    එතකොට පෝලන්ත කියන රට බිහි වුනේ පළමු ලෝක යුද්දෙන් පස්සෙද ? ඒකත් ජර්මනියෙම කෑල්ලක්ද ? ඒ වුනාට ඒ ගොල්ලන්ට වෙනම බාසවක් එහෙම තියනවා නේද ? මමනම් පෝලන්ත ජාතිකයන්ගෙයි ජර්මන් ජාතිකයන්ගෙයි ගොඩක් වෙනස් කම් දකිනවා. ජර්මන් මිනිස්සු අදටත් හරිම අහන්කාර ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මුලින්ම පෝලන්තය, පෝලන්ත රාජධානිය නමින්. ඒ 1025 දී. මෙම රාජ්‍යය 1569 දී ලිතුවේනියාව සමග එක්වී පෝලන්ත-ලිතුවේනියා පොදු රාජ්‍යය නමින් රාජ්‍යයක් බිහිකරන අතර මෙය 1795 දී විසුරුවා හැරිය පසු පෝලන්තය කොටස් තුනකට බෙදී යනවා. ඒ ප්‍රසියා රාජධානියය, රුසියානු අධිරාජ්‍යට හා ඔස්ට්‍රියාවට අයත්වීමෙන්. මෙම බෙදීගිය රාජ්‍යතමයි 1918 දී නැවත පෝලන්තය ලෙස එක්සත් වී නැවතත් 1939 දී ජර්මනිය හා සෝවියට් දේශය අතර බෙදී යන්නේ. නැවතත් පෝලන්තය දෙවන ලෝක යුද්දයෙන් පසුව එක්සත්වීම සිදුවෙනවා...

      Delete
  8. මම ලෝක යුද්ධ කතා කියවන්න,බලන්න ගොඩක් ආසයි,සත් සමුදුරේ මේ සම්බන්ද ලිය උනු ලිපි සේරම කියවලා තියනවා.ගොඩක් ස්තූතී මේ වගේ ලිපි ඉදිරිපත් කරනවට

    ReplyDelete
  9. හැමදාම වගේ අදත් සුපිරි ලිපියක්, මේ වගේ ලිපි ගොඩක් වටිනවා.


    Visit : www.thunsitha.tk

    ReplyDelete
  10. වටිනා හොඳ ලිපියක්. ජපානය විසින් චීනයට මෙලෙස ප්‍රහාර එල්ල කල බව මේ ලිපිය කියවනකන් දැනන් හිටියේ නෑ. ඉක්කමනටම 2 වන කොටසත් දාන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  11. --11 වසර ඉතිහාසය පෙල පොතේ ඉතාලිය මධ්‍ය පිලේ සිටින බව දක්වයි. විකිපීඩියා අඩවියේ දක්වන්නේ ඉතාලිය මිත්‍ර පිලේ සිටි බවයි--
    හෑ......... එතකොට මේ පොත් ලියන එවුන්ට පිස්සුද?

    ‍් එල ලිපියක් ඊලග එකත් ලගදිම දාන්න....

    ReplyDelete
  12. ස්තූතියි! දෙවන ලෝක යුද්දයේදී ඉතාලිය මධ්‍ය පිලේ සිටියත් පළමු ලෝක යුද්දය අවස්ථාවේ ඉතාලිය සිටියේ මිත්‍ර පාර්ශවයේ...

    ReplyDelete
  13. මමත් කැමතිම විදිහේ ලිපියක් . යන්තමින් කියෙව්වේ . දෙවනුවට කියවා අදහසක් ලියන්නම්

    ReplyDelete
  14. i have sent u some emails few days ago. i think they havent reach to you. please send me a mail to this address then i can forward some nice photos and artiles for ur page. thanks. Suresh

    sureshdesathiya@gmail.com

    ReplyDelete
    Replies
    1. සුරේෂ් මහත්මයාණනි, මට අවසන් වරට ලැබී ඇත්තේ ඔබ විසින් එවන ලද Picasso's Madonas ලිපියයි. ඉන්පසුව ලිපි නොලැබී ඇති අතර හැකිනම් කරුණාකර මෙම ලිපි හා සේයාරු එවන මෙන් ඉල්ලමි...

      Delete
  15. නියමයි දිනේෂ් . .

    පහුගිය කාලේ වැඩ වැඩි කම නිසා සත්සමුදුරට එන්න බැරි උනා . .

    මේ ලිපි පස්සේ වෙලාවක කියවන්න ඕන කිය කිය හිත හිත හිටියේ . .

    බොහෝම ස්තූතියි . .

    ReplyDelete
  16. Dinesh sahodaraya obage blog eka nisa wishwaya gena godak thorathuru gena dena ganna lebuna a gena obata mulu hadawathinma isthuthi, ethatama oba hoda ithihara guruwarawek, mata internet haraha Lebuna watinama denumak lebuney obage blog eken obage blog eka man hemadama bala hoda denumak laba gannawa. godak isthuthi sahodaraya.............. sahan fernando

    ReplyDelete