මේක ලියන්න සිතුනේ ඊයේ සුපිරි වෙළඳසැලකදී අකාර්යක්‍ෂමතාවය පිළිබදව මුහුණපාන්නට වූ සිදුවීමක් නිසාමයි.එම සිදුවීමේදී නම් එතරම් ගණන් ගත යුතු දෙයක් සිදුනොවූවවත් ඊට පෙර මුහුණ පාන්නට සිදුවූ සිදුවීම් කිහිපයක්ද කියන්නට සිතුනේ ඔබටත් මේ ආයතන වලින් ඇතැම් විට මේ අත්දැකීමම ලබාදී ඇති බව සිතුනු නිසයි. මේ සියළු සිදුවීම් සිදුවූයේ නුවර හා ඊට යාබද නගරවලදී බවත් පැවසිය යුතුයි. සමහර විට ඔබගේ පළාතේ තිබෙන මෙම ආයතන වල ශාඛාවලින් ඔබට හොද සේවයක් ලබාදෙනවාවන්නට පුළුවන්. සමහරවිට මම මේ කියන දේවල වලටත් වඩා අන්ත සේවාවක් ලබාදෙනවා වෙන්නටත් පුළුවන්.
මුලින්ම කියන්නම් පෞද්ගලික බැංකුවක සිදුවීමක්. මේ බැංකුවේ නම නොකියුවත් එයට යොදාගන්නා සලකුණ "පුන්කලසක්" කියා කිවුවොත් ඔබ දන්නවා ඇති මේ මොන ආයතනය ගැනද කියන්නේ කියලා. මම මේ බැකුවේ ගිණුමක් ආරම්භ කලේ රැකියාවට ගිය මුල් අවධියේමයි. සෑම මසකම වැටුප් ලැබූ දිනයේ මෙම බැංකුවේ මුදල් තැන්පත් කිරීමද කලා. කෙසේවෙතත් විවාහයෙන් පසු ගෙවල් හදන්නට සහ වෙනත් කටයුතු වලට මුදල් වෙන් කල පසු ඉතිරිකිරීමට අපහසු නිසා වසර කිහිපයක් යනතුරු මේ බැංකුවේ පැත්ත පළාතකට නම් යන්න හැකිවුනේ නැහැ. කෙසේවෙතත් විවාහ මංගලෝත්සවයට මුදල් අවශ්‍ය වූ නිසා එක්දහස් ගණනක මුදලක් ඉතිරි කොට අනෙක් මුදල් ගැනීමෙන් පසු වසර තුන හතරකට පසු නැවත මුදල් තැන්පත් කිරීමට ගියේ දැන් අර එක්දහස් ගණන පොළී වී යම් මුදලකුත් එකතුවී ඇති යන සිතුවිල්ලද සමගයි. ඒත් වෙලා තියෙන්නේ එම ගිණුමේ ගණුදෙනු වසර දෙකක් තුල සිදුනොවූ නිසා ඔවුන් එවැනි ගිණූම් වලින් රු.30 ශත ගණනක් මාසිකව අයකරගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලාළු.
කෙසේවෙතත් කිසිදුවිටක ඔවුන් මාහට කිසිදු අවස්ථාවක ලිඛිතව එවැනි දෙයක් නොදැන්වූ අතර එම අවස්ථාවේ බැංකුවට යනතෙක් දැනගන්නට ලැබුනේද නැහැ. කොහොම වුනත් හොදවෙලාවට 2008 වසරේදී ඔවුන් එම ප්‍රතිපත්තියෙන් බැහැරුවූ නිසා ඉන්පසු මුදල් කපා ගැනීමක් සිදුකර තිබුනේ නැහැ. ඒක හොදට ගියා නැත්නම් මට අතිනුත් ගෙවන්න වේවි ගිණුමේ මුදල් ඉවරවුනායින් පසුව මාසිකව රු.30 ශත ගණන කැපීම වෙනුවෙන්.
මේ විදියට කාර්යක්‍ෂම යයි කියනා පෞද්ගලික ආයතනයක මෙසේ සිදුවූවත් ප්‍රසිද්ධම රාජ්‍ය බැංකුවක නම් වසර දෙකක්තුල ගණුදෙනු සිදුනොවූ නිසා ඔවුන් කර තිබුනේ ගිණූම අක්‍රීය කිරීම පමණයි. එයින් කිසිදු මුදලක් කපා ගැනීම සිදු නොකල අතර නැවත ගණුදෙනු සදහා ගිණුම සක්‍රීය කර ගැනීමද සිදුකර දුන්නා.
ඊලඟට කියන්න යන්නේ පෞද්ගලික දුරකථන සමාගමක "කාර්යක්‍ෂම, පාරිභෝගිකයන්ට හිතවත් සේවාව පිළිබඳවයි". මේ ආයතනය නමින් නොකියුවත් ඉඟියකින් හදුන්වාදෙන්නේ නම් මේ දිනවල ඔවුන්ගේ ආදර්ශ පාඨය "අපේ රටේ මිනිස්සු වෙනස්.....................අපේ රටේ දේ ගරුකරන.............". දැන් යම් වැටහීමක් වෙන්න ඇතිනේ මොන ආයතනය ගැනද කියන්නේ කියලා. මේක වුනේ ගිය වසරේ. මේ කොම්පැනියෙන් ගත්ත CDMA දුරකථනයේ බැට්රිය ආරෝපණය වෙන්නේ නැති නිසා අළුත් බැටරියක් ගැනීම සදහා දුරකථනයද රැගෙන ඔවුන්ගේ ආයතනයට පැමිණෙන ලෙස ඒ පිළිබදව ඔවුන්ගෙන් විමසූ විට දැන්වූවා. ඉතින් සෙනුසරාදා දිනයක දුරකථනයද රැගෙන ඔවුන්ගේ ආයතනයට ගියවිට එහි එදා පාරිභෝගිකයන් එතරම් නොසිටි අතර පාරිභෝගික සේවා සපයන එක් අයෙක් වෙත ගියවිට තවත් අයෙක් වෙත යන ලෙස දන්වන ලදි. ඔහුට අදාල කරුණ පිළිබදව කියූ විට ඔහු වෙත එන්නට කිව්වේ කව්දැයි පවසා නුරුස්නා සුළු ලෙස පැරණි බැට්රිය ගලවා දෙන ලෙස පවසන ලදි. එයද ගලවා දුන් පසු නව බැට්රියක් ලබා දුන්නා මිස එය සවිකරවත් නොදුනි.
මෙම කාර්යය එනම් බැට්රිය දුරකථනයෙන් ගැලවීම සහ සවිකිරීම මාහට නම් ගැටළු සහගත නොවූවත් යම් හෙයකින් මේ පිලිබදව නොදන්නා අයෙකු ඔහුගෙන් සේවය ලබා ගන්නට ගියේ නම් එම සේවාලාභියා මුහුණපාන තත්ත්වය කෙබදුද? මහලොකුවට අපේ රටේ ආයතනයක් යයි පම්පෝරිගසන මෙම ආයතනයේ ආදර්ශපාඨය නම් ඔවුන්ට ගැලපෙන එකක්ම යොදගෙන ඇති බව නම් කිව යුතුය.
මෙසේ පාරිභෝගිකයන්ට නිසි සේවාවක් සපයන ආයතනයක දුරකථනය තවදුරටත් භාවිතාකරමින් සිටින්නේ වෙන කිසිකරුණක් නිසා නොව එකල මෙම දුරකථනය ගැනීමට රු.12000/= ක පමණ මුදලක් වැයවූ නිසාය. නැත්නම් එදිනම මෙම සම්බන්ධතාවය විසන්ධි කොට වෙනත් ආයතනයක දුරකථනයක් ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරමි.
අවසානයට කියන්න යන කරුණ නම් සුපිරි වෙළඳ සැල් පිළිබදවයි. කලකට ඉහත ලංකාවේ මහත් ජනප්‍රසාදයක් දිනා සිටි සතොස ආයතනය විනාශකර දැමූ පසු සුපිරි වෙළඳ සැල්වලට වාසිදායක විය. එයින්ද "ගෙදර යන ගමන්" යන ආදර්ශ පාඨය ඇති ආයතනය ප්‍රමුඛ තැනක් වූ අතර මෑතක් වන තුරු එහි සේවයේ යම් ගුණාත්මකබවක් තිබුනි. එහෙත් දැන් නගරයක සුපිරි වෙළඳ සැල් කිහිපයක්ම විවෘත කර ඇති නිසා එම ආයතනයේ පෙර මෙන් හොද සේවයක් නොලැබෙන්නේ යයි සිතේ. මෙම වෙළඳ සැල්වල බිල ගෙවූ පසු ඉක්මනින්ම එය නිවැරදිදැයි කියා බැලිය යුතුය. නැත්නම් තමන් නොගත් භාණ්ඩවලටද මුදල් අය කර ඇති හෝ ලේබල් කර ඇති මුදලට වඩා වෙනස් මුදල් අයකර ගන්නා අවස්ථාද එමටය. එපඹනක් නොව ඒවායේ යොදවා සිටින ආරක්‍ෂක අංශ පාරිභෝගිකයන් දෙස බලන්නේ සොරු දෙස බලන ආකාරයෙන් බව බොහෝවිට දැක තිබේ. සමහරවිට ඇතැම් අය ඒවායේ භාණ්ඩ සොරකම් කරන නිසා එවැනි තත්ත්වයකට පෙළඹී ඇතිවන්නටත් පුළුවන්. කෙසේවෙතත් ඉහත කී ආයතනය පමණක් නොව දැන් පිහිටුවා ඇති බොහෝ සුපිරි වෙළඳ සැල් වල සේවය පෙර මෙන් හොද නැති බව මගේ අදහසයි.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
ඔය බැංකුව සම්බන්ධයෙන් නම් මටත් ගැටලු තියනවා සැහෙන්න , දුරකථන සමාගම් අතුරින් නම් "ලංකාවේ අපිට අහවල් එක තමයි " හැර අනික් සියලුම දුරකථන සේවා වල පාරිභෝගික සේවාව අන්තිමයි . සුපිරි වෙලඳ සැල් (ඔය කියන ජාලය ) මට නම් කවදාවත් කරදර දීල නැ . බිල් පත් අවුල් වතාවක් දෙකක් වෙලා තිබුනා අලුත් සේවිකාවන් අතින් ඒ වුනත් ගිහින් කථා කරපු ගමන් කලමණාකාර වරයා මැදිහත් වෙලා කරල දුන්නා ,
ReplyDeleteතව දෙයක් බැංකු ක්ශේත්‍රයේ නම් මම හිතන්නේ ප්‍රධානතම රාජ්‍ය බැංකුව (පහන් ටැඹ ) සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා . අපිට මුදලේ ආරක්ෂාව ගැන බයකුත් නැ , සේවාවත් නරකයි කියන්න බැ (අලුත් කැශියර් ල පුරුදු නොකරන කාලෙට ).
නියමයි. මෙන්න මේ විදියට නරක ආයතන ගැන දැනුවත් කිරීම හොදයි. හැබැයි නම් ගම් සහිතව දාන්න පැකිලෙන්න එපා. මොකද සිද්ධිය ඇත්ත නං බය වෙන්නෙ මොකටද? සේවකයන්ගෙ වැරදි නිසා අකාර්යක්ෂමතාවය ඇති පෞද්ගලික ආයතන/ව්‍යාපාර ඕන තරම් තියනව. ජනශක්ති ආයතනයෙන් බයික්එක ඉන්සුරන්ස් කරල ඇක්සිඩන්ට් එකකින් පස්සෙ සල්ලි ගන්න මාස ගනනක් පරක්කු වීම මගේ අත්දැකීමක්. ඒ ගැන පැමිණිලි කලාම එයා ඊට හපන්. ගිණුමක සල්ලි තියනවනං ගණුදෙණු නොකලට පොලී නොහෙවීම කොච්චර අසාධාරණද. මොකද ඒ සල්ලි වලින් එයාල ලාභ උපයන්නෙ නැද්ද? ගිණුමෙන් සල්ලි කැපීම ගැන කියන්න තියෙන්නෙ මංකොල්ලයක් කියල විතරයි. පුන්කලස කියන්නෙ සම්පත් බැංකුව නේද. ඒකයි හෙඩිමට දාන්න තිබුනෙ.
ReplyDeleteදිනේෂ් මටත් ඔය වගේ අත්දැකීම් බොහොමයක් තියෙනවා. එකක් කීල්ස් සුපර් එකෙන් එක් වතාවක් හයිලන්ඩ් බටර් එකක් ගත්තම එහි මිල සඳහන් වෙලා තිබුණේ රු. 100යි. නමුත් ඒය කවුන්ටරයේදී 110 ක් බව සඳහන් කළා. මම ඒ රු. 10 ගෙවීම තරයේ ප්‍රතික්ෂේප කල නිසා ඔවුන් සැබැ මිලටම දුන්නා. ඔවුන්ට එසේ මිළ වෙනස් කරන්න බැහැ නීතිය අනුව. අනික් සිද්ධිය ඒත් එම ආයතනයේම ක්‍රෙස්කැට් ශාකාව. මට අවශ්‍ය වුණා උපන් දින සාදයකට අවශ්‍ය දෙයක් ගන්න. එයට ගෙවීමට සරසෙන විට එය පරිගණක පද්ධතියේ සඳහන් වුණේ නැහැ. ඒ වගේ භාණ්ඩයේ මිළ සඳහන් වෙලා තිබනෙත් නැහැ. විවිධ පුද්ගලයින් පැමිණ මිළ පිළිබඳ සොයා බැලුවත් එය සොයා ගැනීමට නොහැකි වුණා. පසුව ඔවුන් කලේ ඒ හා සමාන වෙනත් භාණ්ඩයක මිල එයට ඇතුලත් කර විකීණිමට තැත් කලා. මා එය මිලදී ගැනීම ප්‍රතඅකෂේප කලා. එය සත්‍ය මිල නොවන්න පුළුවන්. දුරකථන සමාගම් ගැන කථා කර වැඩක් නැත. බොහෝ පෞද්ගලික ආයතන වල උපරිම අකාරයක්සමතාවයක් පවතී. මම ගණුදෙනු කරන බැංකු දෙකෙන් එකක් තමයි සම්පත් බැංකුව. තාම මටනම් කරදරයක් වෙලා නැහැ.
ReplyDeleteසුපිරි වෙළද සලක වගකිවයුතු ස්ථානයක සේවය කරන කෙනෙකු විදියට මම මේ අත්දැකීම ගොඩක් විඳලා තියනවා. මිල පිලිබඳ ගැටලුව ගැන නම් මට කියන්න තියෙන්නේ එය ඔවුන්ගේ අත්වැරැද්දක් බව. මිල එනම් භාණ්ඩයේ විකුණුම් මිල වෙනස් කල විට එය ශෙල්ෆ් එජ් ලේබල් නමින් අපි හඳුන්වන කුඩා මිල සටහන් මගින් පාරිභෝගික සැමට දැන්විය යුතු වෙනවා. මන්ද යත් එලෙස මිල වෙනස් කිරීමක් කල සැනින් එය කවුන්ටරයේ භාණ්ඩ මිල වෙනස් වීම සිදු කරන බැවින්. එසේ නොකළ විට ඔබට ඇත්තේ ඒ අදාළ ශෙල්ෆ් එජ් ලේබලය කැෂියර් වෙතට පෙන්වීම. බොහෝවිට ඒ මගින් ඔවුන් එය ඔවුන්ගේ වරදක් බව අවබෝධ කරගෙන ඔබට අදාළ මිලට හෝ නොමිලේ භාණ්ඩය ලබාගැනීමට අවස්ථාව සලසා දේවි. අඩුම තරමින් ඔවුන් සමාව අයද සිටීමක් වත් කරාවි.
Deleteදෙවන කාරණයේදී ඔබට හසුවී ඇත්තේ සාම්පලයක්. එහි සාම්පල් යන්න සටහන් නොවුනත් ඔබ කියන කරුණින් පෙනෙනුයේ එය ඔවුන්ගේ පරිගණක පද්ධතියේ නැති බවයි. ඒ වෙලාවට ඔබට ඒ අදාල භාණ්ඩය නොමිලේ රැගන යා හැකියි. ඔවුන්ට ඒ සඳහා වෙනත් භාණ්ඩයක් ආදේශ කිරිඑඑම කොහෙත්ම කල නොහැකි අතර එවන් අවස්ථාවක ඒ අදාල සුපිරි වෙළද සැලේ කළමනාකරු හමුවන්න.
මේ පියවර තුලින් ඔබට වඩාත් හොඳ සේවාවක් ලැබෙනවා මෙන්ම සුපිරි වෙළඳසල් වල සේවා තත්වය උසස් කරගැනීමට එය උපකාරයක්ද වේ.
best bank is commercial
ReplyDeleteමගේ ගිනුමටත් ඔය බැංකුව ඕකම කරා
ReplyDeleteබැංකු අතින් කොයි තරම් ලස්සන සුවිට් ගෑනු හිටියත් මටනම් ලංකා බැංකුව තරම් කිසි එකක් අල්ලන්නෙ නෑ..කරන්න ඕනි දේවල් කෙලින්ම කියනවනේ..
ReplyDeleteඒකට පයිවට් එවයි..වටේ යනව විතරයි...
මම මෙහෙ පුරුද්දට ලංකාවට ගිය වෙලාවේත් බැග් එකත් දා ගෙන supermarket එකට ගියා... ඉතුරු ටික කියන්න ඕනි නෑ නේ
ReplyDeleteමමත් ගනුදෙනු කරන්නේ ඔය බැංකුවත් එක්ක තමා.. මටනම් මේ වෙනකම් කිසිම ගැටලුවක් වෙලා නැහැ..
ReplyDeleteහුඟක් ආයතන වල ඔය වගේ එක එක ජාතියේ ගැටලු තියනවා..
පුද්ගලික අංශය හොදයි කියලා කිවුවට ඒකත් දැන් විනාශ වෙලාද
ReplyDeleteසමහර පුද්ගලික ආයතන "Customer is King" වෙනුවට "Customer is f**king King" විධියට සලකන්නේ.
ReplyDeleteඅනේ මන්ද සුපර් මාර්කට් වල කැෂියර් නංගිලා ඉන්නේ හීනෙන් බයවෙලා වගේ...
ලංකාවෙ බැංකු හොඳයි. මෙහෙ බැංකු වල තමන්ගෙ බැන්කුවෙ ඇර වෙන එකක ටෙලර් එකක් පාවිච්චි කලොත් රුපියල් වලින් 60ක් වගේ ගානක් (600 fills) කපනව. ගිණුමේ ශේශය ඩිනාර් 20 වඩා (රුපියල් වලින් හයදාහක්) අඩු උනොත් ඩිනාර් දේකක් කපනව. ක්‍රෙඩිට් කාර්ඩ් ලේට් පේමන්ට් චාර්ජ් එක ඩිනාර් 15ක්! එකම හොඳෙ ණය පොළිය අඩු එක විතරයි. සර්විස් අතින් උනත් අපේ රටෙ එව්ව තාම හොඳයි. හැබැයි සුපර් මාර්කට් සර්විස් නං ඒකෙ අනික් පැත්ත. මෙහෙ එව්වට කිට්ටු වෙන්න බෑ අපේ අය්යලට.
ReplyDeleteමා ජිවත් වෙන්නේ පිට රටක නිසා ලංකාවේ දේවල් විවේචනය කරන කොට පරිස්සම් වෙනවා. නමුත් නිවාඩුවට ලංකාවට ආවහම තමයි මේ කියන සුපර්මාකට් වල රඟේ තේරෙන්නේ. කැෂියර් එකේ ළමයි දෙන්නයි. බඩු ට්‍රොලියට දාන්න තව එකයි. ට්‍රොලිය තල්ලු කරන්න තව එකයි. ඒත් වැඩ නම් කියල වැඩක් නැහැ. පුදුම මන්දගාමී කමක්. අර කෙල්ලන්ට බඩුවක් ස්කෑන් කරන්න යන වෙලාව! ඊට පස්සේ වටපිට බලලා මල්ලට දාන්න තවත් වෙලාවක් යනවා. අර සිකුරිටි අය්යලා අප දිහා බලන්නේ හොර යක්කු කියලා (විශේෂයන් කැෂුවල් ඇඳලා ගියහම).
ReplyDeleteකතාව ඇත්ත. සමහර පොද්ගලික ආයතන වල සේවාව මුලින් තිබුනට වඩා ගොඩක් අඩුවෙලා. සමහර රාජ්‍ය ආයතන තියනවා හිතාගන්න බැරි තරම් ඉස්සරහට ගිය.
ReplyDeleteමේ කතා ටික දැනගත්ත එක හොඳයි..ගොඩක් වෙලාවට කස්ටමර්ලට සලකන්නෙ කිං කියලා නෙවේ නොදකිං කියලා..
ReplyDeleteඑහෙනම් පුද්ගලික අංශයයි රාජ්‍ය අංශයයි අතර තරඟකාරිත්වයක් ඇතිවෙනවයි කියන එක ඇත්ත....
ReplyDeleteරජයේ හෝ වේවා පෞද්ගලික වේවා පාරිභෝගික සේවය දුර්වල වෙන්නෙ ගොඩක්විට පුද්ගලික අවුල් නිසා කියලයි මට හිතෙන්නෙ. ගොඩක්විට පාරිභෝගිකයා සහ සේවකයා අතරෙ අනවබෝධයෙන්. විවිධ කාරණා නිසා වියවුල් වුණ කෙනෙක් අතින් පාරිභෝගික සේවයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ. සමහර විට ඒකට කලමණාකාරීත්වයෙ වගකීමක් තියෙන්නත් පුළුවන්.
ReplyDeleteපුද්ගලික අංශෙ වැඩ කරන කාලෙ අපේ ලොක්කෙක් හිටිය කස්ටමර්ලට පණ ඇරලා. දවසක් හාමුදුරු කෙනෙක් ආව ඩිජිටල් කැමරාවක් ගන්න. අපේ කොල්ලෙක් රු. 24000ක් විතර වටින ෆුජි ෆයින්පික්ස් (ඒ දවස්වල හිට් එක) කැමරාවක් ගැන විස්තර කලා. හාමුදුරුවන්ටත් සල්ලි ප්‍රශ්ණයක් නෑ. කොහොමහරි අන්තිමේදි වැඩි හොඳට ලොක්ක ගාවටත් යැව්වා. ලොක්ක පැය බාගයක් විතර හාමුදුරුවො එක්ක කතා කරල හාමුදුරුවන්ගෙ අවශ්‍යතාවය අනුව හොඳ එක මේක කියල රු. 1200ක කොඩැක් කේබී10 ඇනලොග් කැමරාවක් හාමුදුරුවන්ට වික්ක. මම දන්න තරමින් හාමුදුරුවො තවමත් ඒ ආයතනයෙ කස්ටමර් කෙනෙක්. අපි තාම ඒකට ලොක්කට හිනා වෙනව. ඒත් සමහර විට ආයතනයට සිද්ධ වෙන පාඩුව සෑහෙන්න ලොකු අනාගත ආයෝජනයක් වෙනව.
ඒ ලොක්ක කිව්වෙ කස්ටමර්ල කියන්නෙ දෙවියො වගේ කට්ටියක් කියල. ඒක වැරදි නෑ. නමුත් අන්තිමට ඒ කස්ටමර්ල නිසාම එයාට රස්සාව නැති වුණා. කස්ටමර්ල කියන්නෙත් මිනිස්සුනේ... ඒත් කොහොම වුණත් කස්ටමර් කියන්නෙ අපේ බඩවියත රැකල දෙන කෙනාය කියල තේරුම්ගත්තු කෙනෙක් අතින් කවදාකවත් කස්ටමර්ට අවැඩක් වෙන්නෙ නෑ...
දිනේෂ් කියපු ආයතනික ප්‍රතිපත්ති මත සිද්ධවෙන අසාධාරණකම් නම් චාටර්... විශේෂයෙන් මුදල් ගනුදෙනු කරන බැංකු වගේ ආයතන කස්ටමර්ට ඊට වඩා සලකන්න වෙනව. මොකද වෙන බැංකු නැතිව නෙවෙයිනේ.
මේවගේ දේවල් නිතර කතාකරන්න පුරුදු වෙන එකත් සේවාව හොද තත්වයේ පවත් වන්න උපකාරයක් වෙනව කියලයි මම හිතන්නෙ. හුගක් පාරිභෝගිකයො මේවගේ දේවල් වලදි පාඩුව දරාගෙන නිකන් ඉන්නව එකෙන් වෙන්නෙ ටිකෙන් ටික සේවයේ ගුනත්මක භාවය පහල යන එක. පාරිභෝගිකයො නිතරම ඉහල ගුනාත්මයක් සේවාවකින් බලාපොරොත්තු වෙනවනම් ඔවුනුත් පෙළබෙනව හොද දෙයක් දෙන්න
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමම විදේශයක ඉන්න හින්දා ලංකා බැංකුවයි තව ප්‍රසිද්ද විදේශ බැංකුවකුයි එක්ක ගනුදෙනු කරනවා. ඇත්තම කිවුවොත් ලංකා බැංකුවේ වැඩ විදේශ බැංකුවේ වැඩට වඩා බොහොම ඉහලයි. ඒ මොකද එකේ අයට හොඳ දැනුමක් තියෙනවා සියලුම දේ ගැන.. ලංකාවේ බොහොමයක් පුද්ගලික ආයතන ආණ්ඩුවේ ආයතන වගේම සේවාදායකයා සතේකට නොසලකා වැඩ කරන බව මම දැකපු දෙයක්..
ReplyDeleteමටත් මේ ළගදි එටිසෙලාට් එකෙන් වුනා නියම වැඩක්. මම ගාව තිබුනේ 1998 ගත්ත සිමි පතක්.කොහොම හරි ඕක පාවිච්චි කරන එක මම එක දිගට අවුරුද්දක් විතර නවත්තලා තිබුනා. ඊට පස්සේ සිම් එක දාලා බලද්දි වැඩ නෑ. ගිහින් ඇහුවම මාස 6කට වැඩිය පාවිච්චි නොකල නිසා ඒක ආපහු විකුණන්න මාකට් එකට දාලලු. මට ඒබව දැනුම් දුන් නැත්තෙ මොකද කියලා ඇහුවම එහෙම කරන්නෙ නෑළු. කොහොම හරි අංචිය ටිකක් සැරේට ඇද්ද නිසා මට ඒ නම්බර් එකම නිකුත් කලා.හොද වෙලාවට විකිණිලා තිබුන් නෑ. ඒ වුනාට ඉස්සර තිබුන රී ලෝඩ් දාපුවාම ආපු 30% බොනස් එක සහ වෙනත් පහසුකම් සියල්ලම අත්හිටවලා..
ReplyDeleteඊට පස්සේ උන්ගෙ පාරිබෝගික සේවා එකට කතා කරලා විස්තරේ කියලා මට මගේ පරණ පමසුකම් ටික නැවත ලබා දෙන්න කිව්වම එකියක් කියනවා ඊට වඩා දැන් ලාබළු ඔය විදියටම තියා ගන්නළු. කිව්වා හොදවයින් දෙකක්.ඔයා කවුද මට ගැළපෙන්නේ මො පැකේජ් එකද කියලා තීරණය තරන්න කියලා.
ඊට ටික දවසකට පස්සේ මම ඒක විසන්ධි කලා සථිරෙටම, ස්වේච්චාවෙන්ම .හැබැයි එහෙම තලේ ඇයි. වෙන සම්බන්ධතාවයක් ගත්තද කියලා අහන්න නම් ලියුමක් ආවා.ඒ මදිවට දෙපාරක් කෝලුත් කලා ගෙදරට..
හැබැයි රාජ්‍ය අංශයට සාපේක්ෂව පුද්ගලික අංශයයෙන් ලැබෙන සේවය ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නවා.. ඒවත් එක්ක බලද්දි මෙවැනි අමිහිරි සිද්ධි නොසැළකිය යුතු තරම් සුළු ප්‍රමාණයි.
උබ ඔය කියන්නේ ලංකාවේ එටිසලාට් ගැන වෙන්නඩ ඕනා.. ඔයා කතා කරන්ඩ ඕනා UAE එතිසලාට් එකට.. දවස් දෙකක් කතා කලොත් පිස්සන් කොටුවේ ..ආයේ බඩුම තමා..
ReplyDeleteදැන් තමයි මට මේ බ්ලොග් එක කියවන්න සෙට් උනේ... UAE වල Etisalat එක ගැන මට නම් තියෙන්නෙ පැහැදීමක්... මං හිටියෙ Fujairah වල, ඒකෙත් ඩොටේ... ඒ පැත්තෙ ඉස්සෙල්ලම internet connection එකක් ගත්තෙ මම... ගොඩක් ඉක්මනට වැඩේ කෙරුනා, ලංකාවෙ පොරක් තමයි connection එක දෙන්නත් ආවෙ... බිල් ගෙවන්න ගියහමත් එකේ හිටපු අය හොඳින් කතා කරල වැඩේ කරල දුන්නා... connection එක cancel කරන්නත් කිසි කරදරයක් උනේ නැහැ... :)
Deleteමටත් උනා ඔය වගේ සිදුවීමක් , මම මීට වසර 1 1/2 පෙර විදෙස් ගත වුනා, මම ලංකාවේ සිටින විට පාවිච්චි කලේ TIGO (මුලින්නම CELTEL ) කියන ජංගම දුරකතන සම්මබන්ද තාවයක්, ඉතින් මම නිවාඩුවට ලංකාවට ආවහම මට අවශ්ෂ්‍ය වුනා මගේ පරණ ජංගම දුර කතන අංකයම පාවිච්චි කරන්න, එත් ඒ වෙන කොට TIGO නෙවෙඉ දැන් තියෙන්නේ ETHISALAT කියල ආයතනක් , මම ගිහින් ඔව්න්න්ට මගේ අවශ්‍ය තාව පවසුවම ඔව්න් මට දුන්න පිළිතුර තමි, පරණ TIGO අංකය වෙනුවට අලුත් සිම් පතක් දෙන්න රිපියල් 2000 ඕන, නමුත් අලුත්ම සම්මබන්ද තාවයක් රුපියල් 150. ඉතින් මම තව තැනකට ගියා ඔව්න් මගෙන් ඉල්ලනවා රුපියල් 750. අන්තිමේදී මම කලේ අලුතෙන් වෙනම සිම් එකක් ගත්තා හැබැයි වෙනම දුරකථන ආයතනයකින් .
ReplyDeleteමම පිටරටක ඉන්නෙ,අපේ රටේවගේම එම රටෙත් බ්‍රෝඩ්බෑන් සේවානම් අන්තිමයි.
ReplyDeletedialog nam hoda service ekeakna thiyanewa. bankwaling matanam hoda NTB BANK
ReplyDeleteFUCKING BANK SAMPATH LOAN EKEAK GANNA AMARUWA THIYANE
ReplyDelete